Posts

Showing posts from 2016

ගුත්තිල කාව්‍යය

ගුත්තිල කාව්‍යය ගුත්තිල කාව්‍යය සිංහල පද්‍ය සාහිත්‍යයේ උගත් නූගත් , ඇති නැති , ග‍්‍රාමවාසී නගරවාසී , ලොකු කුඩා සියලූ දනන් එක සේ ඇලූම් කරන කෘතියක් වේ නම් එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එදා මෙදා තුර බිහි වූ ලාංකේය මානව සංහතියේ නිතර දෙවේලේ තුඩ ` ග රැුව් දුන් යම් පද්‍යයක් වූවාද එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලයේ කවියක් යැයි කීමද අතිශයෝක්තියක් නොවේ. ‘‘... මුල පටන් අග තෙක් වූ සමාන වෙසෙස් කන්කලූව ඇති පද්‍ය තුනක් දක්නට ලැබේ පළමුවැන්න ගුත්තිලයයි ; ... කෝමල වර්ණයන්ගෙන් මධුරතම ශබ්දයන්ගෙන් සංඝටනායෙන් උපන් ශ‍්‍රැති අනුප‍්‍රාසය ගුත්තීලයෙහි පද මාලාව අතරින් රසයන්ටද වර්ණයන්ටද අනුව නගින බසින ගීත ප‍්‍රවාහයක් වැන්න... ’’ පි.බී සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයට අනුව ගුත්තිල කාව්‍යය කෝට්ටේ යුගයේ (ක‍්‍රි.ව 1450-1460* වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ‘‘( ක‍්‍රි. 1450-1460* ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ තෙරිඳුන් බව ඉතා ප‍්‍රසිද්ධය... රාහුල හිමියන් ළ ` ග උගත් ශිෂ්‍යයෙකු අදහන හෙයින් , ගුත්තිලය ලිය වී ඇති කාලය පැරකුම්බා රාජ්‍යයේ පශ්චිම අවස්ථාව කොට සලකනු මැනවි. ’’ උග

සංඝරාජ සාධුචරියාව

http://sipyaya.blogspot.com/2013/12/blog-post_598.html ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් අංශයක් වශයෙන් ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය පෙන්වාදිය හැකිය. ප‍්‍රශස්ති කාව්‍යයේ ආරම්භය රාජසභාවල ගායනා කළ ස්තුති ගීතිකාවන්ගෙන් සිදුව ඇතිබව පැහැදිලි වේ. එසේ වුවත් ක‍්‍රි.පූ. යුගවල සිට පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති මුලබීජ සොයාගත හැකිය. පෙරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති ලක්‍ෂණ හමුවන ප‍්‍රධානතම අවස්ථාව වන්නේ භාරතීය වේද සාහිත්‍යයි. එහි අන්තර්ගත ගීතයන්හි දෙවියන් ප‍්‍රශංසා කිීරීම සඳහා අතිශයෝක්ති වර්ණනා දක්නට ලැබේ. ථේරගාථා , ථේරීගාථා හා උදානපාළි නම් වූ පාලි ත‍්‍රිපිටකයේද වර්ණනාත්මක ස්වරූපයේ ගායනා ඇතුළත්ව ඇත. බුද්ධ චරිතය හා බෝසත් චරිතය ආශ‍්‍රයෙන් පසුකාලීනව රචනා වූ සාහිත්‍ය කෘතිවන බුත්සරණ , කව්සිළුමිණ , මුවදෙව්දාවත ආදි කෘතීන්හිද කිසියම් ආකාරයක ප‍්‍රශස්ති මූලබීජ දක්නට ලැබේ. එසේම දකුණු ඉන්දීය කලම්බකම් නම් ද්‍රවිඩ සාහිත්‍ය තුළද විරින්ඳු නමින් හඳුන්වන වර්ණනා සාහිත්‍යයක් තිබී ඇත. මහනුවර යුගයේදී මෙරට විරිඳු කාව්‍ය බිහිවීම කෙරෙහි මෙම සාහිත්‍ය මහ ` ගු පිටුවහලක්ව තිබේ. ප‍්‍