සංඝරාජ සාධුචරියාව



ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය
සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් අංශයක් වශයෙන් ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය පෙන්වාදිය හැකිය. ප‍්‍රශස්ති කාව්‍යයේ ආරම්භය රාජසභාවල ගායනා කළ ස්තුති ගීතිකාවන්ගෙන් සිදුව ඇතිබව පැහැදිලි වේ. එසේ වුවත් ක‍්‍රි.පූ. යුගවල සිට පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති මුලබීජ සොයාගත හැකිය. පෙරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති ලක්‍ෂණ හමුවන ප‍්‍රධානතම අවස්ථාව වන්නේ භාරතීය වේද සාහිත්‍යයි. එහි අන්තර්ගත ගීතයන්හි දෙවියන් ප‍්‍රශංසා කිීරීම සඳහා අතිශයෝක්ති වර්ණනා දක්නට ලැබේ. ථේරගාථා, ථේරීගාථා හා උදානපාළි නම් වූ පාලි ත‍්‍රිපිටකයේද වර්ණනාත්මක ස්වරූපයේ ගායනා ඇතුළත්ව ඇත. බුද්ධ චරිතය හා බෝසත් චරිතය ආශ‍්‍රයෙන් පසුකාලීනව රචනා වූ සාහිත්‍ය කෘතිවන බුත්සරණ, කව්සිළුමිණ, මුවදෙව්දාවත ආදි කෘතීන්හිද කිසියම් ආකාරයක ප‍්‍රශස්ති මූලබීජ දක්නට ලැබේ. එසේම දකුණු ඉන්දීය කලම්බකම් නම් ද්‍රවිඩ සාහිත්‍ය තුළද විරින්ඳු නමින් හඳුන්වන වර්ණනා සාහිත්‍යයක් තිබී ඇත. මහනුවර යුගයේදී මෙරට විරිඳු කාව්‍ය බිහිවීම කෙරෙහි මෙම සාහිත්‍ය මහ`ගු පිටුවහලක්ව තිබේ. ප‍්‍රශස්ති මූලබීජ සෙවීමේදී ග‍්‍රීක හා රෝම යන අපරදිග සාහිත්‍යයටද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම වීරකාව්‍ය ලක්‍ෂණ සහිත වර්ණනා බිහිවීමට එය හේතු විය. සංස්කෘත ශතක කාව්‍ය හා සන්දේශ කාව්‍යද ප‍්‍රශස්ති බිහිවීම කෙරෙහි සුවිශේෂ බලපෑමක් සිදු කර ඇත. ඒ ඒ රටවල විවිධ නාමයන්ගෙන් හැඳින් වූ වර්ණනා ඇතුළත් මෙම සාහිත්‍ය මෙරට ආරම්භ වන්නේ ප‍්‍රශස්ති යන නාමයෙනි. හයවන පැරකුම්බා රජු වර්ණනා කරමින් රචනා වූ පැරකුම්බා සිරිත මෙම සාහිත්‍යයේ පළමු කෘතිය වශයෙන් සඳහන් වේ. ඉන්පසු කෝට්ටේ, සීතාවක හා මහනුවර යුගවලදී මේ සඳහා විශාල කෘති ප‍්‍රමාණයක් එකතුවී තිබේ. ප‍්‍රශංසා කිරීම, වර්ණනා කිරීම, ගුණගායනා කිරීම ආදි අර්ථයන් ප‍්‍රශස්ති යන්නෙහි ගැබ්ව ඇත. තනි පුද්ගලයෙකු මූලික කර ගනිමින් ඔහුගේ හාත්පස තොරතුරු වර්ණනයට ලක්කිරීම ප‍්‍රශස්ති කාව්‍යයන් තුළ සිදු වේ. විශේෂයෙන්ම ප‍්‍රශස්ති සඳහා මූලික කරගනු ලබන්නේ රජවරුන් ඇමතිවරුන් වැනි සමාජයේ ප‍්‍රභූ පුද්ගලයන්ය. මෙරට රචනාවී ඇති ප‍්‍රශස්ති කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ යම් යම් දේ ලබා ගැනිමේ අපේක්‍ෂාවෙන් රජවරුන් පිලිබඳ අතිශයෝක්ති වර්ණනා සිදුකර ඇති බවයි. අතීතයේ සිටම මෙරට රාජ සභාවන්හි වන්දිභට්ටයන් නමින් පිරිසක් සිටි අතර ඔවුන්ගේ කාර්ය වූයේ රජු සතුටු කිරීම සඳහා ගායනා ඉදිරිපත් කිරීමයි. උදෑසන අවදිවන රජු පිනවීමේ අටියෙන් ඉදිරිපත් කරන මෙම ගායනයන්හි ඇතුළත් වන්නේ රජුගේ වංශ පරම්පරාව, ලබාගන්නාලද යුද ජයග‍්‍රහණ, රූපශ‍්‍රීය, බාහිර අභ්‍යන්තර ගුණයන් ආදියයි. මෙම`ගින් සතුටු වන රජු මිලමුදල්, ධනධාන්‍ය, නම්බුනාම ආදි සන්තෝෂම් වන්දිභට්ටයන් උදෙසා ලබාදෙයි. රජු පිනවීමේ අරමුණෙන් ඉදිරිපත් කෙරෙන මෙම ගායනාවන්හි බහුලව අන්තර්ගත වන්නේ සංස්කෘත වචන මිශ‍්‍ර කඨෝර භාෂාවකි. අර්ථ රසයට වඩා ප‍්‍රමුඛස්ථානය මෙහිදී ලබා දෙන්නේ ශබ්ද රසයටයි. සංස්කාත වචන සහිත කඨෝර භාෂාව තුළින් මතුකරන ශබ්දධ්වනි තුළින් කර්ණ රසායනය ඇති වේ. මෙසේ රජවරුන් වර්ණනා කරමින් රාජසභාවලදි ගායනා කරන ගීත ඇතුළත් කෘතියක් පළමු වරට රචනා වන්නේ කෝට්ටේ යුගයේදීය. එම කෘතිය වන්නේ පැරකම්බා සිරිතයි. මෙම සාහිත්‍යයට එකතුවන දෙවන කෘතිය වන්නේ සීතාවක යුගයේදී අලගියවන්න මුකවටි ප`ඩිතුමන් විසින් රචනා කළ කොන්ස්තන්තීනු හටනයි. ඉන්පසු මහනුවර යුගයේදී රාජසිංහ වර්ණනා, රාජසිංහ භවනය, ශ‍්‍රී නාමය, පවන ආදි වශයෙන් විශාල කෘති ප‍්‍රමාණයක් මේ සඳහා එකතුව තිබේ. මහනුවර යුගය වනතෙක් ප‍්‍රශස්ති රචනා වූයේ රජවරුන්, ඇමතිවරුන් ආදි ගිහි ප‍්‍රභූවරුන් වර්ණනා කිරීම සඳහා පමණි. එහෙත් මහනුවර යුගයේදී භික්‍ෂූන් වහන්සේලා වර්ණනා කිරීම සඳහාද ප‍්‍රශස්ති රචනා වී තිබේ. එනම් වැලිවිට සරණංකර සංඝරාජ මහානාහිමියන් වර්ණනා කරමින් රචිත ස`ගරජවත හා මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන් වර්ණනා කරමින් රචිත මොරතොටවත යන කෘති දෙකයි. මෙම කෘති දෙකෙහිම කතුවරයා වන්නේ මුංකොටුවේ අබේසිංහ හෙවත් මුංකොටුවේරාළය. මොරතොටවත පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්යන මාතෘකාව මෙම පර්යේෂණය සඳහා තෝරාගනු ලැබුයේද භික්‍ෂූන් උදෙසා ප‍්‍රශස්ති රචනා වීමේ නව ප‍්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ අපේක්‍ෂාවෙනි. මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන් රට, ජාතිය, ආගම හා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ මහාතෙරනමකි. සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ආරම්භ කළ ශාසන පුනරුදයේ ඉදිරිගමන තහවුරු කරන ලද්දේ ධම්මක්ඛන්‍ධ හිමියන් විසිනි. එවන් ශාසනික හා ජාතික මෙහෙවරක් ඉටු කළ ධම්මක්ඛන්‍ධ නාහිමියන් පිළිබඳ විස්තර ඇතුළත් කෘතියක් වශයෙන් මොරතොටවත පද්‍ය කාව්‍ය පෙන්වාදිය හැකිය. ධම්මක්ඛන්‍ධ නාහිමියන් ළ`ගින් ඇසුරු කළ අයෙකු වන මුංකොටුවේරාළ මෙහි කතුවරයා වේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ පෞද්ගලික තොරතුරු පවා මොහු දැන සිටි බවක් තත්කෘතිය තුළින් හෙළි වේ. මොරතොටව කෘතිය ධම්මක්ඛන්‍ධ හිමියන් පිළිබඳ තොරතුරු ඇතුළත් චරිතකතා කාව්‍යයක් යැයි ඇතමෙක් පවසති. තත්කෘතිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කළ මෙම පර්යේෂණය තුළින් ඉදිරිපත් කෙරෙන නිගමනය වන්නේ මොරතොටවත චරිතකතා කාව්‍යයක් නොව ප‍්‍රශස්ති කාව්‍යයක් බවයි. තෙරුවන් නමස්කාරයකින් කෘතිය ආරම්භ කිරීම, කතානායකයාගේ පරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම, කතානායකයාගේ කීර්තිඝෝෂය වර්ණනා කිරීම, විවිධ විරිත් භාවිතය, අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීම ආදි ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ මෙහි අනතර්ගතවීම තුළින් පැහැදිලි වන්නේ මෙය චරිතකතා කාව්‍යයකට වඩා ප‍්‍රශස්ති කාවයකට ළංවන බවයි. තත්කෘතිය අධ්‍යයනය කිරීම තුළින් ධම්මක්ඛන්‍ධ හිමියන් කුඩාකාලයේ සිට මහානායක ධුරයට පත්වීමෙන් පසුවද ක‍්‍රියාකර ඇති ආකරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. කුඩාකාලයේ සිටම ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් සිටි මුන් වහන්සේ උපසම්පදාව ලබන අවස්ථාව වනවිට ත‍්‍රිපිටකය පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කළහ. ඒ නිසාම පැවිදිවන අවස්ථාවේ තැබූ නිග්‍රෝධ යන නම වෙනුවට ධම්මක්ඛන්‍ධ යනුවෙන් නම වෙනස්කර ඇත. එසේම කාම්බෝජ දේශයෙන් පැමිණි තානාධිපතිවරුන් සම`ග පාලි භාෂාවෙන් කතා කළහැකි අයෙකු තත්කාලයේ සිටියේනම් ඒ මුන්වහන්සේ පමණි. ශාසනයේ දියුණුව වෙනුවෙන් රාජාධි රාජසිංහ රජු සම`ග එක්ව කතිකාවතක්ද පිහිට වූ බව තත්කෘතිය තුළින් තොරතුරු හෙළි වේ. භික්‍ෂු විනය ඇතුළත් කතිකාවතක් පිහිටුවීම සඳහා බලපානු ලැබූ හේතු සාධකයන්ද මොරතොටවත තුළින් සනාථ කරගත හැකිය. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිදුකළ යම් යම් ක‍්‍රියාවන් මේ සඳහා හේතු වූ බව නිදසුන් සහිතව මුංකොටුවේරාළ මෙහිදී ඉදිරිපත් කරයි. මොරතොටවත කෘතිය රචනාවන කාලයේ භික්‍ෂූන් වහන්සේලා හා අන්තර් සමාජ සබඳතා කෙසේ පැවතියේද යන්නත් තත්කෘතිය තුළින් තොරතුරු සොයාගත හැකිය. ධම්මක්ඛන්‍ධ හිමියන් වැනි ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා අල්ප වශයෙන් හෝ මෙකල සිටි අතර මහජනතාවගේ යහපත වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළහ. වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම, ධර්මදේශනා පැවැත්වීම, කඨින චීවර පුජා උසස් අයුරින් සිදුකිරීම වැනි ශාසන මාමක කාර්යයන් පිළිබඳ තොරතුරු රාශියක් මෙතුළින් අනාවරණය වේ. මහනුවර යුගයේ රජකළ නරේනද්‍රසිංහ රජු ද්‍රවිඩ පාලකයෙකු වූ අතර ධම්මක්ඛන්‍ධ හිමියන්ගෙන් ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පසු ඔහු බෞද්ධ රජෙකු බවට පත්ව බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබේ. එපමණක් නොව බෞද්ධ ග‍්‍රන්‍ථ පවා රචනා කළ බවට තොරතුරු සඳහන් වේ. මෙසේ කරුණු විමසා බලන කල්හි පෙනී යන්නේ මොරතොටවත පද්‍ය කාව්‍යය ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ජීවත තොරතුරු ඇතුළත් කෘතියක් පමණක් නොවන බවයි. මහනුවර යුගයේ සමාජ, දේශපාලන, අධ්‍යාපන හා ශාසනික තොරතුරු රැුසක් හමුවන ඓතිහාසික මූලාශ‍්‍රයක් වශයෙන්ද මෙය හඳුන්වාදිය හැකිය. මොරතොටවත කෘතිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කළ මෙම පර්යේෂණයේදී තත්කෘතියේ කතුවරයා සම්බන්‍ධවද විශේෂ අවධානයක් යොමුකර ඇත. මුංකොටුවේරාළ යනු රාජසිංහ රජුගේ කවි මඩුවේ සිටි සුප‍්‍රසිද්ධ කවියෙකි. ඔහු පිළිබඳව ගෙතුණු ජනශ‍්‍රැති කිහිපයක්ද මහනුවර ප‍්‍රදේශය අවට ජනතාවගේ මතකයේ අද දක්වාම පවතී. ඒ එක් ජනශ‍්‍රැතියකින් කියැවෙන්නේ මොහු ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගෝලයෙකු වශයෙන් කලක් පැවිදිව සිට සිවුරු අත්හැර මුංකොටුව නම් ග‍්‍රාමයෙන් භින්න විවාහයක් කරගත් බවයි. අබේසිංහ වන මොහු මුංකොටුවේරාළ නමින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම භින්න විවාහය නිසාවෙනි. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ඉතා සමීපතම මිත‍්‍රයෙකු වශයෙක් සිටි මුංකොටුවේරාළ මොරතොටවත නම් මෙම ප‍්‍රශස්ති කව රචනා කර ඇත්තේ ධම්මක්ඛන්‍ධ හිමියන්ට තිබූ ගෞරවය නිසාවෙන් යැයි අනුමාන කළ හැකිය. ධම්මක්ඛන්‍ධ හිමියන්ව ඉතා ළ`ගින් ඇසුරු කළ මුංකොටුවේරාළ විසින් රචනා කර ඇති මෙම කෘතියේ ඇතුළත් තොරතුරු සත්‍ය ඒවා වේ. මෙම පර්යේෂණය කිරීමේදී මූලාශ‍්‍රය වශයෙන් භාවිත කරන ලද්දේ මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයි. තත් කෘතියේ ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මොරතොට දිනපොත, මොරතොට හිමියන්ගේ පිංපොත, `ගරජවත, එදාහෙළදිව, සංඝරාජ සාධු චරියාව වැනි මූලාශ‍්‍ර භාවිත කෙරිණි. මහනුවර යුගයේ සමාජ, දේශපාලන, අධ්‍යාපන සහ ආගමික තොරතුරු පිළිබඳ යමෙකු තොරතුරු විමර්ශනය කරන්නේ නම් ඒ සඳහා ප‍්‍රාමාණික මූලාශ‍්‍රයක් වශයෙන්ද මොරතොටවත ප‍්‍රශස්ති කව ගිණිය හැකිය. මෙවැනි වැගත් තොරතුරු රාශියක් ඇතුළත් කෘතියක් වන මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍ය සම්බන්‍ධයෙන් කිසිඳු අධ්‍යයනයක් මේ දක්වා සිදුව නොතිබීම සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නව මාවත් විවර වීමට බලපෑ ප‍්‍රබල අභියෝගයක් වශයෙන් දක්වාලිය හැකිය. මෙම පර්යේෂණය තුළින් භික්‍ෂූන් විශයෙහි ප‍්‍රශස්තිි බිහිවීම නම් වූ නව ප‍්‍රවණතාව නම් සාහිත්‍යාංගය ඉස්මතු කිරීමේ හැකියාව ලැබුණේයැයි විශ්වාස කරන්නෙමු.


සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා ්කාලය
ද්වීතීය අධ්‍යාය 02. සංඝරාජ සාධුචරියාව හා තච්ýහ්න 02. 1. සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා ්කාලය සිංහල සාහිත්‍ය වංශකථාව යම් යම් කාලසීමාවල පිරිහෙමින්ද තවත් විටෙක එක් එක් සාහිත්‍යාංග එකතු වෙමින් සුපෝෂණය වෙමින්ද පැවති බව ඒ පිළිබ`දව අවධානය යොමු කිරීමේදී මොනවට පළට වන කාරණයකි. සාහිත්‍ය යුග අනුපිළිවෙළෙහි අවසාන සිංහල රාජධානිය වන්නේ මහනුවර යුගයයි. එහිදී සිංහල සාහිත්‍යයේ කිසියම් පසුබෑමක් පෙන්නුම් කළද සාහිත්‍යය යුගයක් වශයෙන් සාකච්ඡුා කළ හැකි ගද්‍යය හා පද්‍යය කෘති බොහෝමයක් තත් යුගයේදී රචනා විය. ශ‍්‍රී වර්ධන පුරය, සෙංකඩගල පුරය, මහනුවර යනාදි විවිධ නම්වලින් තත් රාජධානිය ව්‍යවහාර කොට ඇත. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මහනුවර රාජධානිය කොටස් දෙකක් යටතේ පිළිගනී. එය පූර්ව භාගය හා පශ්චිම භාගය වශයෙනි. ඒ අතර සෙන්කඩගල කාලය හෙවත් මහනුවර පූර්ව භාගය ක‍්‍රි.ව. 1480 සිට ක‍්‍රි.ව. 1706 දක්වා පැවතිණි. මෙම යුගයෙහි ප‍්‍රධාන රජවරුන් සහිත සාමන්ත රජවරුන් කිහිප දෙනෙක් පාලන තන්ත‍්‍රය මෙහෙයවා ඇත. ඒ අනුව, සේනාසම්මත වික‍්‍රමබාහු          ජයවීර   ක‍්‍රි. ව. 1480 - 1592 වීරවික‍්‍රම ඇතුළු දේශාධිපතීහු 1වන විමලධර්මසූර්ය       ක‍්‍රි. ව. 1592 - 1604 සේනාරත්න       ක‍්‍රි. ව. 1604 - 1634 2වන රාජසිංහ           ක‍්‍රි. ව. 1634 - 1684 2වන විමලධර්මසූරිය ක‍්‍රි. ව. 1684 - 1704 යන රජවරුන් මෙසමයෙහි රාජ්‍ය පාලනයෙහි නිරතව ඇත. දෙවන යුගය එනම් මහනුවර කාලය හෙවත් සෙන්කඩගල පශ්චිම භාගය ක‍්‍රි.ව. 1706 සිට ක‍්‍රි.ව. 1815 දක්වා කාලසීමාවට අයත් වේ. මෙම යුගයේ රජවරුන් පස් දෙනෙකු පමණ රාජ්‍ය පාලනයෙහි නියුතුව සිට ඇත. එනම්, ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ     ක‍්‍රි. ව. 1706 - 1739 ශ‍්‍රී විජයරාජසිංහ        ක‍්‍රි. ව. 1739 - 1747 කීර්ති ශ‍්‍රී රාජසිංහ       ක‍්‍රි. ව. 1747 - 1780 ශ‍්‍රී රාජාධිරාජසිංහ            ක‍්‍රි. ව. 1780 - 1798 ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ       ක‍්‍රි. ව. 1798 - 1815 වශයෙනි. මේ අනුව බලන කල්හි ක‍්‍රි.ව. 1480 - 1815 දක්වා වූ වසර තුන්සිය තිස් පහක කාලය මහනුවර යුගය වශයෙන් පිළිගැණේ. එහෙත් එකම යුගය මෙලෙස විභේදනය කිරීම එතරම් සාධාරණ වූවක් නොවන බව පෙනේ. ‘‘...එකම රාජධානිය කාල පරච්ෙඡ්ද දෙකක දී ප‍්‍රකට වූ නම් දෙකක් පමණක් පදනම් කර ගනිමින් දෙ යුගයකට බෙදීම අනුචිතය. මහනුවර පූර්ව භාගයයි ගැනුණු සෙන්කඩගල යුගයේ ආරම්භය කි‍්‍ර. ව. 1480 යි සැලකීම ද ඓතිහාසික යුග බෙදීමක දී ගැටලූවකට හේතු වේ ’’ යනුවෙන් මහනුවර සමයේ කාල නිර්ණය පිළිබ`ද සන්දිග්ධතා මතු කරන බව විභාවී විජයශී‍්‍රවර්ධනයෝ පෙන්වා දෙති. එහෙත් මෙලෙස එකම යුගය කොටස් දෙකකට බෙදීම හේතුකොටගෙන තත් යුගයේ රචිත කෘති නිශ්චිතවම මහනුවර යුගයෙහි පූර්ව භාගයට හෝ පශ්චිම භාගයට යැයි අන්තර්ගත කිරීමට විචාරකයින්ට අපහසු වේ. එහෙත් ‘‘සාහිත්‍ය ප‍්‍රවණතා අනුව කෙරෙන යුග බෙදීමක දී නම් සරණංකර හිමිපාණන්ගේ භාෂා සාහිත්‍ය පුනරුත්ථාපන ව්‍යාපාරයට පෙර අවධිය, මහනුවර (සෙන්කඩගල* සමයේ පූර්ව භාගය හෙවත් වර්ධන අවධිය ලෙසත් උක්ත ව්‍යාපාරය ඇරැුඹූ තැන් පටන් ඉදිරි කාල පරිච්ෙඡ්දය මහනුවර (සෙන්කඩගල* සමයේ පශ්චිම භාගය හෙවත් පරිණත අවධිය ලෙසත් සැලකිය හැක.’’ මහනුවර යුගයේ ආරම්භක පාලකයා වන පළමු විමලධර්මසූරිය රජතුමා ක‍්‍රි. ව. 1592දී රාජ්‍යත්වයට පත්විය. ඉන්පසු ක‍්‍රි. ව. 1739 පමණ කාලය දක්වා සිංහල රජවරුන් යටතේ පාලනය වී පසුව නායක්කාර වංශික රජවරුන් යටතට පත්විය. ක‍්‍රි. ව. 1815දී ඉංග‍්‍රීසීන්ගේ පාලනයට යටත්වීම දක්වා නායක්කාර වංශික රජවරුන් පාලනය ගෙන ගිය අතර වරින්වර පෘතුගීසි හා ලන්දේසීන් සම`ග ආරවුල් ඇතිවීම හේතුවෙන් මහනුවර යුගය ආගමික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම සාහිත්‍ය අතින්ද විශාල පරිහානියකට පත්ව තිබුණි. මේ සඳහා විශාල වශයෙන්ම බලපාන ලද්දේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීන්සීන් ස්වකීය ආධිපත්‍යය මෙරට පැතිරවීමට උත්සුක වූ අතර සිහලූන් ඔවුන්ට එරෙහිව නිතරම සටන් වැදුණු නිසාවෙනි. ඔවුන්ට විරුද්ධව කළ සටන් ඇතැම් සිංහලයන් විසින්ම පාවාදීම හේතුකොටගෙන සාර්ථක පාලනයක් ගෙන යාමට තත් යුගයේ රජවරුනට හැකියාවක් නොලැබුණු අතර මහනුවර යුගයේ පාලනය අසාර්ථකවීම සඳහා ඇතැම් රජවරුන්ගේ දුර්වලකම්ද යම් පමණකට බලපා තිබේ. මෙම හේතු සාධක නිසාවෙන් මහනුවර අවදිය ශාස්ත‍්‍රාලෝකය පිරිහීගිය අඳුරු කාල පරිච්ෙඡ්දයක් වශයෙන් සලකනු ලැබේ. මේ ස`දහා දේශපාලන වියවුල් සහගත බව බෙහෙවින්ම බලපෑවේය. කෙසේවතුදු තත් යුගයෙහි සිටි වියතුන් මහනුවර සමයේ සාහිත්‍යය සම්පූර්ණයෙන්ම පරිහානියට යාමට ඉඩ තැබුවේ නැත. ඔවුන් සාහිත්‍යාලෝකය පතුරනු වස් අත්‍යන්ත වෙහෙසක් ගෙන ඇත. ඒ අනුව මහනුවර සමයේ සාහිත්‍යය කොට්ටේ මෙන් සම්පූර්ණයෙන්ම පද්‍යයද නොවූ අතර කුරුණෑගල මෙන් සම්පූර්ණයෙන්ම ගද්‍යයද නොවීය. තත් යුගයේ සාහිත්‍යය ගද්‍ය මෙන්ම පද්‍යයද මිශ‍්‍රිත වූවකි. මෙම යුගයෙහි සම්භාව්‍ය නාමයෙන් සලකන ලද පද්‍ය ග‍්‍රන්ථ කිසිවක් බිහි වූයේ නැත. එහෙත් අන් සෑම යුගයකටම වඩා විවිධ විරිත්වලින් සමන්විත පද්‍ය කෘති රාශියක් සම්පාදනය විය. මෙසමයෙහි සිංහල ග‍්‍රන්ථ කෙරෙහි ද්‍රවිඩ ආභාසය තදින්ම ලැබී තිබෙන බව තත් යුගයෙහි සාහිත්‍ය ග‍්‍රන්ථ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කරුණකි. ‘‘ද්‍රවිඩ කථා’’ ආදිය වෙනමම සංග‍්‍රහ කොට තිබීමෙන් උක්ත කාරණය සනාථ වීමට හේතු සාධක වේ. පොළොන්නරු, දඹදෙණි යුගයන්හි සංස්කෘත සාහිත්‍යයෙහි ආභාසය යම් සේ බලපාන ලද්දේද එයට නොදෙවෙනි සේ මහනුවර යුගයේදී ද්‍රවිඩ ආභාසය ලැබී තිබේ. එහෙත් මහනුවර යුගයෙහිදී පාලි, සංස්කෘත භාෂාවල බලපෑම තත් යුගයෙහි රචිත ග‍්‍රන්ථ කෙරෙහි බලනොපෑ බව කිව හැකි නොවේ. මන්ද යත් එම යුගයේ නිර්මාණය වූ ග‍්‍රන්ථවල සංස්කෘත තත්සම මිශ‍්‍ර භාෂා ශෛලියක් දක්නට ලැබීමයි. සතුරු උවදුරු නිසා 16වන ශතවර්ෂයෙහි සිට ශාස්ත‍්‍රීය කටයුතු පිරිහෙමින් පැවතිණි. එය න`ගාසිටුවීම සඳහා ඉමහත් වෙහෙසක් ගත් යතිවරයෙකි, සරණංකර සංඝරාජ මාහිමියන්. ස්වකීය උත්සහය මත සිංහල සාහිත්‍ය උදාව ඇති කිරීමට සරණංකර හිමියෝ සාමාර්ථ වෙති. උන්වහන්සේ කළ මෙහෙය පිළිබඳ විස්තරයක් මහනුවර යුගයේ සිංහල සාහිත්‍යය නම් ලිපියෙහි ඞී.ඊ. හෙට්ටිආරච්චි සූරීහු මෙසේ ඉදිරිපත් කරති. ‘‘...සරණංකර හිමිපාණෝ දිවා ? දෙකෙහි බලවත් පරිශ‍්‍රම දරා ධර්ම ශාස්ත‍්‍රාලෝකය යළිත් පතුරුවන්නට පටන් ගත්හ... මහත් දුෂ්කරතාවන්ට මුහුණපාමින් භාෂා ශාස්ත‍්‍රාදිය හැදෑරූ සරණංකර හිමිපාණෝ ....... ග‍්‍රන්‍ථ කීපයක් කළහ. උඩපාත දෙරටෙහිම ධර්ම ශාස්ත‍්‍රයන් නැවතත් න`ගා සිටුවීම සඳහා කාර්යක්‍ෂම පිරිසක් අත්‍යාවශ්‍ය බව උන්වහන්සේගේ ¥රදර්ශී වූ තීක්‍ෂණ බුද්ධියට ඉඳුරාම වැටහී ගියේය. මෙසේ උදාර අදහස් ඇත්තා වූ උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කරලීම උන්වහන්සේගෙන් ඉටු වූ විශිෂ්ටතම සේවයයි. පසුව ඇති වූ ජාතික හා සාහිත්‍යෝන්නතියට අසහාය හේතුව වූයේද එයයි. ’’ හෙට්ටිආරච්චිගේ උක්ත ප‍්‍රකාශය තුළින් මහනුවර යුගයේ සාහිත්‍යය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මවාගත හැකිය. පිරිහී පැවති කටයුතු නැවත න`ගාසිටුවීම සඳහා සරණංකර සංඝරාජ මාහිමිපාණෝ මහත් වෙහෙසක් දැරූහ. උන්වහන්සේ එතෙක් යටත්ව පැවති ශාස්ත‍්‍රීය කටයුතු නැවත ඇති කරනු වස් ඉමහත් වෙහෙසක් දැරූහ. ඒ ස`දහා උන්වහන්සේ අභිනවයෙන් ග‍්‍රන්ථ සම්පාදනය කළහ. එතෙක් යටපත්ව පැවති ශාසත‍්‍රීය කටයුතුවලට නව පණක් එක් කරමින් උන්වහන්සේ විසින් අභිනවයෙන් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ ප‍්‍රමාණය නවයකි. එනම්, 1ග            මුනිගුණාලංකාරය 2ග     අභිසම්බෝධි අලංකාරය 3ග        සාරාර්ථ සංග‍්‍රහය 4ග     රත්නත‍්‍රය ප‍්‍රණාම ගාථා සන්නය 5ග            භේසජ්ජ මඤ්ජුසා සන්නය 6ග     සාරාර්ථ දීපනී නම් සතර බණවර සන්නය 7ග         මධුරාර්ථ ප‍්‍රකාසිනී නම් මහා බෝධිවංශ සන්නය 8ග රූපමාලාව 9ග      පාළි සන්දේශය යනුවෙනි. උන්වහන්සේ විසින් ඉපැරණි පොත් සංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද ක‍්‍රියාත්මක කර තිබූ නිසා ග‍්‍රන්ථ රාශියක් බිහිවන්නට විය. වැලිදු, සරණංකර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සිල්වත් සමාගම නිශ‍්‍රිත කරගෙන ආගමික මෙන්ම සාහිත්‍යයික පුනරුදයක් ඇතිකිරීමට උන්වහන්සේට හැකියාව ලැබිණි. උන්වහන්සේගේ එම ප‍්‍රයත්නය සාර්ථකවීම නිසා ශාස්ත‍්‍රීය කටයුතු සීග‍්‍රයෙන් වර්ධනය විය. එතෙක් පැවති සාහිත්‍යප‍්‍රදීපය මහනුවර යුගය වන විට සම්පූර්ණයෙන්ම පාහේ නිවී යමින් පැවති බව ‘‘මේ කාලයට අයත් ගද්‍ය-පද්‍ය කෘතීන් අතරින් ප්‍රෞඪ ග‍්‍රන්ථයකැයි කිව හැකි එකදු කෘතියක් නැත’’ යන ඞී.ඊ. හෙට්ටිආරච්චි මහතාගේ ප‍්‍රකාශයෙන් උක්ත කාරණය මැනවින් සනාථ වේ. එය ප‍්‍රත්‍යොජ්වලනය කිරීමට මෙකල බිහි වූ යුග පුරුෂයාණන් කෙනෙක් වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන්ට හැකි විය. උන්වහන්සේ ස්වකීය අප‍්‍රතිහත ධෛර්යය මත නිවී යන සාහිත්‍යප‍්‍රදීපය ප‍්‍රත්‍යෝජ්වලනය කළහ. පැරණි පොත-පත සංස්කරණය කරමින්, සමකාලීන උගතුන් සම්මුඛ වී නිරහංකාරව ඔවුන් උගත් දේ ඉගෙන ගනිමින්, නව ග‍්‍රන්ථ සම්පාදනය කරමින් මෙම සාහිත්‍ය සේවනය උන්වහන්සේ විසින් කරන ලදි. තත් සාහිත්‍ය සේවය අගයමින් හා සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතාපදානය ඉදිරිපත් කරමින් කරන ලද කෘතියක් ලෙස ‘‘සංඝරාජ සාධුචරියාව’’ `දුන්වාදිය හැකිය. මහනුවර සමයෙහි ඇති වූ සාහිත්‍යයේ නව ප‍්‍රවණතාවකි, චරිත කතා රචනා කිරීම. එහෙත් පද්‍යයෙන් චරිත කතා රචනා කිරීම හා යම් යම් චරිත වර්ණනයට භාජනය කිරීම මහනුවර යුගයට පෙර ආරම්භ වී ඇත. එය ගද්‍යයෙන් රචනා කිරීම ආරම්භ වනුයේ මෙම යුගයේදීය. ප‍්‍රශස්ති හා සන්දේශ කාව්‍යවලින් චරිත වර්ණනයට බ`දුන් කිරීම මහනුවර සමයටත් පෙර ආරම්භ වූවකි. එහෙත් සම්පූර්ණ වශයෙන්ම ගද්‍යයෙන් චරිත කතාවක් රචනා කිරීම ආරම්භ වනුයේ මහනුවර යුගයේදීය. ඒ ස`දහා හො`දම උදාහරණය වනුයේ මහනුවර සමයෙහි රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව. සංඝරාජ සාධුචරියාව රචනා කිරීමේ ගෞරවය ආයිත්තාලියද්දේ මුහන්දිරම් නමැත්තාට හිමි වේ. ‘‘ආයිත්තාලියද්දේ මුහන්දිරම් කීර්තිශ‍්‍රීරාජසිංහ රජුගේ ඇමතිවරයෙකි. මේ තෙම අවසානවරට සියම් ¥ත මෙහෙවරෙහි යෙදුණු රදලවරුන් පස්දෙනා අතරද කෙනෙකි. වෙඩික්කාර ලේකමේ දුම්බර වසම කරවූයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් යන ධූරනාමයෙන් එතුමා හ`දුන්වනු ලැබීය’’ . මොහු සරණංකර සංඝරාජ හිමියන්ගේ සමකාලීනයෙකි. එබැවින් සරණංකර සංඝරාජ හිමියන් පිළිබ`ද සියලූ තොරතුරු දැන සිටි ප`ඩිවරයෙකු වශයෙන් උක්ත කතුවරයා හැදින්විය හැකිය. සරණංකර හිමියන්ද කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාට අවවාද දෙමින් රාජ්‍ය පාලනය උදෙසා සුවිසල් මෙහෙවරක් කළ යතිවරයෙකි. ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද අමාත්‍ය පදවියක් දරමින් තත් රාජ සභාවේම කටයුතු කළේය. මේ නිසා ඔවුන් දෙපළ අතර අන්‍යෝන්‍ය වශයෙන් සුහදතාවක් ගොඩ නැ`ගී තිබෙන්නට ඇත. එබැවින් සංඝරාජ සාධුචරියාව ම`ගින් සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතය යථාපරිද්දෙන් ඉදිරිපත් කෙරෙන කැඩපතක් ලෙස සැලකිය හැකිය. සංඝරාජ සාධුචරියාව කර්තෘ වශයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් යන නාමය චිරප‍්‍රසිද්ධියට පත්ව ඇත. හේවා පන්නක්කාරයන් පාලනය කළ නිලධාරියා මෙම නාමයෙන් හ`දුන්වා ඇති බව කරුණාරත්න දිසානායක පෙන්වා දෙයි. . ආයිත්තාලියද්දේ යනු ඔහුගේ නාමයයි. එහෙත් ආහිත්තාලියද්දේ යනු ඔහුගේ සම්පූර්ණ නාමය නොවේ. මුහන්දිරම් යනු ඔහුගේ පදවි නාමයයි. ඔහුගේ සම්පූර්ණ නාමය පිළිබ`දව කිසිදු තැනක ස`දහනක් දක්නට නොලැබේ. මහනුවර සමය වන විට රට අභ්‍යන්තරයේ හා බාහිර වශයෙන් සිදු වූ යුද්ධ හා ඒ අනුව රාජ්‍යත්වයේ අස්ථාවරත්වය සිදු විය. එබැවින් මෙම යුගයේදී උගතුන් බිහි නොවූ අතර, බුද්ධිමතුන්ට තෝතැන්නක් ලෙසද මහනුවර සමය හැ`දින්විය නොහැකිය. වියත් වහර මෙසමයෙහි අපභ‍්‍රෂ්ට වෙමින් පැවති බව ස`දගෝමි කෝපරහේවා පෙන්වා දෙයි. සරණංකර සංඝරාජ හිමියන් ආරම්භ කළ සිල්වත් සමාගම හේතුවෙන් සාහිත්‍ය සේවයක් සිදු වූ අතර පෞද්ගලිකව සම්පූර්ණ කාලයම සාහිත්‍ය වෙනුවෙන් කැප කළ ශාස්ත‍්‍රඥයෙක් මෙම යුගයෙන් සොයාගත නොහැකිය. මේ අනුව ආයිත්තාලයද්දේ මුහන්දිරම්ද සම්පූර්ණ වශයෙන් සාහිත්‍යයේ සුපෝෂණය වෙනුවෙන් ස්වකීය සම්පූර්ණ කාලයම කැප කළ ලේඛකයෙකු වශයෙන් කිසිසේත් හ`දුන්වාදිය නොහැකිය. ප‍්‍රස්තුත යුගයෙහි රාජ්‍ය අස්ථාවරත්වය නිසා රාජ සභාවේ සේවය කළ අමාත්‍යවරයෙකු වශයෙන් සුවිසල් මෙහෙයක් ඉටු කිරීමට ඔහුට සිදු වූ බැවින් සාහිත්‍ය වෙනුවෙන් විසල් මෙහෙයක් කිරීමට නොහැකි වන්නටද ඇත. ස්වකීය සාහිත්‍ය සේවය එක කෘතියකට පමණක් සීමා වූයේ එබැවින් විය යුතුය. එබැවින් ඔහු විසින් රචනා කරන ලද එකම කෘතිය වශයෙන් පිළිගැනෙනුයේ සංඝරාජ සාධුචරියාවයි. සංඝරාජ සාධුචරියාව ඉතා දීර්ඝ කෘතියක් නොවූවද එහි අගය සීමා කළ නොහැකිය. තත්කාලීන දේශපාලනික, සංස්කෘතික හා ආගමික තොරතුරු ගවේෂණයෙහිදී සංඝරාජ සාධුචරියාවෙහි අගය මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැකිය. සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සෑම වැදගත් සිද්ධියක්ම මෙම කෘතියට ඇතුළත් කිරීමට අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම් වගබලා ගෙන ඇත. ඒ අනුව කුලතුංග මුදලි පරම්පරාගතව තුන්පනේ රටේදී ජන්ම ලාභය ලැබ දහසය වන වියේදී ප‍්‍රවෘජ්‍යා භූමියට පත්ව පනස් පස්වන වියේදී උපසම්පදාව ලැබ බොහෝ වූ ආගමික හා සාහිත්‍යයික කටයුතුවල නිමග්නව සංඝරාජ ධූරයද දරා අසූවන වියෙහිදී, එනම් ක‍්‍රි. ව. 1778 ඇසළ පුර පසළොස්වක දින අපවත් වූ සරණංකර සංඝරාජ හිමියන්ගේ විශිෂ්ට වූ චරිතය මෙම කෘතියට වස්තු විෂය සපයා ඇත. 02. 2. සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතය මහනුවර යුගයෙහි ග‍්‍රන්ථ වර්ගීකරණ අතර චරිතාපදාන ගණයෙහිලා ගිනිය හැකි ග‍්‍රන්ථයක් වශයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් විරචිත සංඝරාජ සාධුචරියාව සැලකීම යුක්තියුක්ත වේ. සරණංකර ස`ගරජ චරිතය වෙසෙසින් අගය කිරීමේ මුඛ්‍ය අභිලාසයෙන් මෙම කෘතිය රචනා වේ. මෙහි අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කිරීමේදී සමකාලීනයෙහි භාෂා සාහිත්‍ය පිළිබ`ද මතු නොව, ඓතිහාසික වශයෙන් ආගමික තොරතුරු රාශියක්ද මහනුවර යුගයේ රාජ්‍ය තත්ත්වය පිළිබ`ද අවබෝධයක්ද ලබාගත හැකිය. සරණංකර සංඝරාජ සාධුචරිතය වටා ගෙතුණු මෙම කෘතිය සරණංකර සංඝරාජ චරිතය මෙන්ම තත් යුගය අධ්‍යයනය කිරීමෙහිලා ප‍්‍රධාන මූලාශ‍්‍රයකි. මෙහි අන්තර්ගතය විවිධ අංශ ඔස්සේ සාරාංශ කර දැක්විය හැකිය.          සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතය හා ඒ හා සම්බන්ධ ඓතිහාසික ප‍්‍රවෘත්ති     අභාවයට ගිය උපසම්පදාව නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම      මහනුවර සමයේ රාජ්‍ය පාලනය  සමකාලීන භික්‍ෂු සාසනයේ පැවති වත්පිළිවෙත්         ගණින්නාන්සේලා පිළිබ`ද තොරතුරු  සමකාලීන අධ්‍යාපනික තත්ත්වය    ලක්දිව හා පැවති විදේශ සම්බන්ධතා          සංඝරාජ තනතුරු පිදීම හා සම්බන්ධ පිළිවෙත      විහාර කර්මාන්ත කරවීම හා ප‍්‍රතිසංස්කරණය             තත්කාලීන භික්‍ෂු ආදාහන කෘත්‍යය සිදුකළ යුතු අයුරු සරණංකර හිමියන්ගේ උත්පත්තියෙහි පටන් වැදගත් යැයි සැලකුණු සෑම සන්ධිස්ථානයක්ම සංඝරාජ සාධුචරියාව තුළ සටහන්ව ඇත. සංඝරාජ හිමියන්ගේ චරිතය අළලා කරන ලද කෘතියක් බැවින් සරණංකර හිමියන්ගේ උත්පත්තියේ සිට අපවත් වීම හා උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට සෑයක් ඉදිකිරීම දක්වා ඓතිහාසික තොරතුරු මේ තුළින් අනාවරණය කරගත හැකි වේ. සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්ගතය සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතයට පමණක් සීමා නොවූ පෘථූල වූ විෂය ක්‍ෂේත‍්‍රයක් ආවරණය වන පරිදි රචිත කෘතියක් බව පැහැදිලි කරුණකි. සියම් දේශය සම`ග පැවති සබ`දතාව පිළිබ`ද තොරතුරු ගවේෂණය කිරීම එතරම් අපහසු නොවේ. එහෙත් ලක්දිව අභාවයට ගිය උපසම්පදාව ප‍්‍රතිෂ්ඨාපනය කරනු වස් ගත් මෙහෙය හා තෙවතාවේදීම සියම් දේශයට ගිය පර්ෂදය පිළිබ`ද නිරවුල් අවබෝධයක් ලබාගත හැක්කේ සංඝරාජ සාධුචරියාවෙනි. එහිදී එම ගමනට සහභාගිවූවන්ගේ නම් හා මරණයට පත් වූවන්ගේ නම් පවා ප‍්‍රස්තුත කෘතිය ම`ගින් දැනගත හැකිය. පෘතුග‍්‍රීසි, ලංදේසි හා ඉංග‍්‍රීසි බලපෑම් හුදෙක් රාජ්‍ය තන්ත‍්‍රයට පමණක් නොව, බුදුදහමටද ඉමහත් ව්‍යසනයක් කිරීමට සමත් විය. විදේශිකයන්ගේ එක් අභිප‍්‍රායක් වූයේ කතෝලික දහම ප‍්‍රචලිත කිරීමයි. මේ හේතුවෙන් බුදුදහමට සිදු වූ සුවිශාලම හානිය නම් උපසම්පදා විනය කර්මය අභාවයට යාමයි. මහනුවර සමය වන විට විනය කර්මයක් කිරීමට ප‍්‍රාමාණික වන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සොයා ගැනීමට අපහසු විය. මේ හේතුවෙන් විදේශයෙන් උපසම්පදා භික්‍ෂූන් වඩම්මවා මෙරට නැවත උපසම්පදා විනය කර්මය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය විය. ඒ ස`දහා තොරාගන්නා ලද්දේ සියම් දේශයයි. එය රක්ඛංග දේශය යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ හ`දුන්වා ඇත. මේ අනුව රක්ඛංග දේශය යනු සියම් දේශයට කියන ලද අපර නාමයක් බව සංඝරාජ සාධුචරියාවෙන් අනාවරණය කරගත හැකිය. උපසම්පදා විනය කර්මය ලක්දිව තුළ ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ස`දහා ප‍්‍රබල ප‍්‍රයත්නයක් දැරීමට සරණංකර හිමියන්ට සිදු විය. මේ ස`දහා රාජ්‍ය පාලකයන්ගේද නොම`ද සහාය උන්වහන්සේට ලැබිණි. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි සියම් දේශයට තෙවතාවක් ¥ත පිරිස් යවන ලදි. තෙවන වතාවේදී තත් කාර්ය සාඵල්‍යය සිදු වූයෙන් සියම් දේශයෙන් උපාලි මහා තෙරුන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කරවන ලදි. උන්වහන්සේලා හමුවෙහි සරණංකර හිමියන් ඇතුළු පිරිස උපසම්පදාව ලැබූහ. මෙම ඓතිහාසික ප‍්‍රවෘත්තිය මතු පරපුරගේ දැනගැනීමට සංඝරාජ සාධුචරියාවට ඇතුළත් කර ඇත. සංඝරාජ සාධුචරියාවෙහි විශාල ප‍්‍රමාණයක් වැය වී ඇත්තේ තත් කාරණය අන්තර්ගත කිරීමටය. විමලධර්මසූරිය රාජ්‍යෝදයෙන් පසුව මහනුවර රාජධානිය ආරම්භ වේ. එහෙත් සංඝරාජ සාධුචරියාවේදී රජවරුන් අතර වැඩි ඉඩහසරක් වෙන් වී ඇත්තේ කීර්ති ශ‍්‍රී රාජසිංහ හා ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ යන රජවරුන් උදෙසාය. මෙම රජවරුන් රක්ඛංග රටින් උපසම්පදාව ගෙන ඒම ස`දහා කැප වී ඇත. එබැවින් ප‍්‍රස්තුත කෘතියෙහිදී ඔවුන්ට සුවිශේෂී තැනක් හිමි වී ඇත. කෙසේ වුවද සංඝරාජ සාධුචරියාව රාජ්‍ය පාලනය පිළිබ`ද තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. රජවරුන් ශාසනය සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කොට ඇත. ‘‘...විහාර දෙකේ නායක සාමණේර උන්නාන්සේලා සහ සෑම උන්නාන්සේලාත් පිළිවෙත් පුරණ සමාගමත් නුවරට සම්භ වූ පමණ හැම උන්නාන්සේලාත් ම`ගුල් ම`ඩුවට එකතු කරවා වදාරමින් ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ මහාරාජෝත්තමයාණෝ සිංහාසනේ අතින් වැඩ සිට ගෙන, පිළිවෙත් පුරණ සමාගමට කරුණාව ඇති නමුත් ඒ බව නොදන්වා ම, පිළිවෙත් පුරණ බවට විරුද්ධ ව හානි කරන ලෙසට දුශ්ශීල ව වසන අලජ්ජි සාමණේර සමූහයා විසින් උපදවා කියන දේවල් සැබෑ බොරු පරීක්‍ෂා කරන පිණිසත්...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙහි ස`දහන් පරිදි ශාසනික විලෝපනකාරී සිදුවීම්වලදී රාජ්‍ය පාලකයා ඍජුවම සම්බන්ධ වී ඇත. එමතුද නොව, රජුට සහාය වීම ස`දහා අමාත්‍යවරුන් මෙන්ම ඒ ඒ දිසා පාලකයෝද සිටියහ. ඔවුන් පිළිබ`ද විස්තරද මෙම කෘතිය තුළින් දත හැකි වේ. මෙම යුගය වන විට භික්‍ෂු ප‍්‍රතිපදාවන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබිණි. පිණ්ඩපාතයේ වඩින භික්‍ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය දීමට තරම්වත් තත්කාලීන ජනයා දැනගෙන නොසිටියහ. මේ නිසා සරණංකර හිමියන්ට විතැන් වූ ශාසනික ප‍්‍රතිපත්ති නැවත ඇතිකිරීම ස`දහා ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වීය. උන්වහන්සේ ගණින්නාන්සේලාගෙන් ශාසනය මුදාගෙන නැසී තිබෙන ශාසන පිළිවෙත් ඇති කිරීමට ක‍්‍රියා කළහ. ‘‘පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාම කිරීම ම යුතු වන්නේ ය. එතෙකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය.’’ මේ අනුව විනාශ වී ගිය අධ්‍යාපනය පමණක්ම නොව ශාසනික වත්පිළිවෙත් ඇති කිරීමටද සරණංකර හිමියෝ කැප වූහ. මහනුවර යුගයෙහි ශාසනික තත්ත්වය පිළිබ`දව නිරවුල් අවබෝධයක් සංඝරාජ සාධුචරියාවෙන් හැර එතරම් සාධාරණ ලෙස වෙනත් කෘතියකින් ලැබිය නොහැකිය. මෙසමයෙහි ශාසනික කටයුතු සම්බන්ධයෙන් ගණින්නාන්සේලා නමැති භික්‍ෂු ප‍්‍රතිරූපකයෝ සකි‍්‍රයව සිටියහ. ඔවුන්ට අමතරව සිල්වත් තැන නමින් ප‍්‍රසිද්ධ වූ පිරිසක්ද වූහ. ගණින්නාන්සේලා සම්පූර්ණයෙන්ම පාහේ ගිහි ජීවිතයක් ගතකරමින් සිටියහ. එහෙත් සිල්වත් තැන නමින් ප‍්‍රසිද්ධ වූ පිරිස ගණින්නාන්සේලාට වඩා වෙනස් වූ ප‍්‍රතිපත්ති අනුගමනය කළ පිරිසකි. ඔවුන්ද සම්පූර්ණයෙන් භික්‍ෂු ප‍්‍රතිපත්ති අනුගමනය කළ පිරිසක් නොවන බව සංඝරාජ සාධුචරියාව තුළින් සනාථ වේ. මහනුවර යුගයෙහි අධ්‍යාපනික තත්ත්වය අතිශයින් පරිහානි ස්වභාවයට පත්ව තිබුණි. ‘‘ආගම - භාෂාව - සාහිත්‍යය පමණක් නොව උගතුන් වියතුන් බිහිකළ පිරිවෙන් ද පරිහානියට පත් විය. පාලි - සංස්කෘත පොත පත භාවිතයෙන් ඈත් විය’’ . කෙසේ වූවද මෙකල පැවති අධ්‍යාපනික තත්ත්වය කාණ්ඩත‍්‍රයක් යටතේ සාකච්ඡුා කළ හැකිය. එන්ම්, x    ප‍්‍රාථමික අධ්‍යාපනය x       ද්විතීයක අධ්‍යාපනය x              තෘතීයක අධ්‍යාපනය යනුවෙනි. එය අනුක‍්‍රමයෙන් සැකසුණු අධ්‍යාපනයක් බව සංඝරාජ සාධුචරියාව ඉදිරිපත් කරන අදහස්වලින් අවබෝධ කරගත හැකිය. ‘‘...අකුරු නො කී ළදරු වයස් ඇති අයට හෝඩිය පටන් ද, සිල්වාරම් අකුරු දන්නා අයට ඇණවුම් සකස්කඩ පටන් ද, සමහර අයට ශකත පොත් පටන් ද, කීම් ලීම් උගන්වමින් හෙරණසිඛ දිනචරියාව, සතර සංවර සීලේ, වෙල් සිලෝ ගන්නා සූතිස් යෝධයින්, සේඛියාව ඇතුළු වූ ධූතාංග පිළිවෙත් ද...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙහි ස`දහන් පරිදි මහනුවර යුගයෙහි අධ්‍යාපනික තත්ත්වය යම් සංවිධිත ක‍්‍රමයකට අනුව සකස් වූවක් බව නම් සිතිය හැකිය. මහනුවර සමයෙහිදී පෘතුගීසි, ලංදේසී හා ඉංග‍්‍රීසීන්ගෙන් සිදු වූ ආක‍්‍රමණයන්ට මුහුණ දීමට ලක්දිව පාලකයන්ට හා රටවැසියාට සිදු විය. මේ නිසා ඔවුන් සම`ග විදේශ සම්බන්ධතා පැවැත්වීමට මෙරට පාලකයන්ට සිදු විය. එසේම ලාඩ රට සම`ගද මිත‍්‍ර සම්බන්ධතාවක් පැවතී ඇත. එරටින් රජමාලිගයට බමුණෙකු පැමිණීමෙන් උක්ත කාරණය සනාථ වේ. එමතුද නොව, උපසම්පදාව නැවත ලක්දිව පිහිටුවීම ස`දහා සරණංකර හිමියෝ ඉමහත් ප‍්‍රයත්නයක් දැරූහ. මේ ස`දහා තුන්වරන්ම රක්ඛංග දේශයට ¥තයන් යැවීමට සිදු විය. අවසාන වතාවේදී උපාලි මහතෙරුන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කළහ. මෙරට ¥ත පිරිස සියම් දේශයට හිස් අතින් නොගියහ. ‘‘... බොහෝ ප`ඩුරු පරිවාර ජන සහිත සන්දේශ පත‍්‍ර සියාම් දේශයට යවා...’’ යන උපුටනයට අනුව මෙරට ¥ත පිරිස සම`ග ප`ඩුරුද යවා ඇත. සියම් දේශය තුළ නිර්මල බුදුදහම පැවතීම මෙන්ම ලක්දිව හා සියම් දේශය සම`ග පැවති මිතුරු සබ`දතාව නිසා මෙලෙස ප`ඩුරු යවා ඇත. මේ අනුව මහනුවර යුගයේදී විදේශයන් සම`ග පැවති සම්බන්ධතා පිළිබ`ද තොරතුරුද සංඝරාජ සාධුචරියා තුළින් අනාවරණය කරගත හැකිය. සංඝරාජ තනතුරේ අවසාන පුරුක වනුයේ සරණංකර හිමියන්ය. සංඝරාජ තනතුර පිදීමේදී සුවිශේෂී ක‍්‍රම පටිපාටියක් අනුගමනය කොට ඇති බවට සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ‘‘...ලංකාවේ ශාසනාභිවෘද්ධියෙහි නියුක්ත වූ කීර්ති ශ‍්‍රී රාජසංහ නරේන්ද්‍රෝත්තමයාණෝ සංඝරාජ තනතුරට යොග්‍ය වටහාපත් දෙකකුත් ගෙන්වා ගෙන මල්වත්තේ පෝයගේ ස`ග මැදට වැඩ සංඝරාජ තනතුරට ලැබෙන වටහාපත ගෙන වදාරමින්, සියලූ මේ ශාසනාභිවෘද්ධියට මූලාධාර වශයෙන් ගුරූපදේශයට පැමිණ වැඩ සිටින සරණංකරාභිධාන මහාස්ථවිර සාමීන් වැඩ ඉන්නා තැනට පැමිණ විහාර දෙකට ම සංඝරාජ තනතුර ලැබුණා ය කියා යෙදී වටහාපත ඒ සාමිදරුවන් අතට ලැබී නමස්කාර කොට වදාරමින්...’’ යනුවෙන් දැක්වෙන පරිදි අස්ගිරි - මල්වතු උභය විහාරයන්හි භික්‍ෂු සංඝයා ඉදිරියෙහිදී රජතුමා විසින් මෙම තනතුර ප‍්‍රදානය කරන බව වටහාගත හැකිය. එය වූ කලී හුදෙක් සරණංකර හිමියන්ගේ ශාසනාභිවෘද්ධියට මූලාධාර වූ සේවය අගයමින් කරන ලද ප‍්‍රදානයකි. වටාපත ලබාදීමෙන් මෙම තනතුර සංකේතාත්මකව ප‍්‍රදානය කෙරේ. විහාර කර්මාන්ත කරවීම හා ප‍්‍රතිසංස්කරණය සම්බන්ධවද කරුණු රාශියක් මෙම කෘතිය තුළ අඩංගු වේ. ‘‘තව ද, සංඝරාජෝත්තම සාමිදරුවන්ගෙන් ඇන්නෝරු විහාරේ ලබන ලද එම ඇන්නෝරුවේ අත්ථදස්සි උන්නාන්සේ විසිනුදු එම විහාර මළුවේ දාගොබ් වහන්සේ ළ`ග ගලතල පිට දෙමහල් විහාරයක් තනවා උඩු මාලේ ධාතු වඩා යට මාලෙ වැඩ ඉන්නා, වැඩ සිටිනා පිළිම බ`දවා කර්මාන්ත නිමවා නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපනය කරවා ඊට නුදුරු තැන ගලතල පිට ම පෝය ගෙට බද්ධ සීමාවක් කරවා...’’ යන්නෙන් තත් කාරණය සනාථ වේ. සරණංකර හිමියන් මෙන්ම උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිල්වත් සමාගමේ පිරිසද බුද්ධ ශාසනයේ දියුණුවට කැප වී ඇත. මෙහි ස`දහන් ඇන්නෝරුවේ අත්ථදස්සි හිමියෝ ඒ හා සම්බන්ධ කෙනෙකි. සරණංකර හිමියන්ගේ ශාසනික කටයුතුවලට සම්බන්ධ අනෙකුත් භික්‍ෂූන් වහන්සේලාද මෙලෙස විහාර කර්මාන්තයන් සංවර්ධනය කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කර ඇති බව සංඝරාජ සාධුචරියාව තුළින් අවබෝධ කරගත හැකිය. සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහන කෘත්‍යය රාජ්‍ය ගෞරව සහිතව සිදු විය. එය රජතුමෙකුගේ ආදාහනයට සමාන විය. සරණංකර හිමියන් සංඝරාජයන් වහන්සේ වූ බැවින් උන්වහන්සේගේ ආදාහනය වෙනුවෙන් රාජ්‍ය ගෞරවය හිමි වන්නට ඇත. වෙනත් භික්‍ෂූන් වහන්සේලාගේ ආදාහනය සම්බන්ධවද සංඝරාජ කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එහෙත් එය සරණංකර හිමියන්ගේ ආදාහන කෘත්‍යය මෙන් සවිස්තරව දක්වා නැත. කෙසේ වුවද ග‍්‍රන්ථාන්තරයෙන් ඉදිරිපත් කෙරෙන තොරතුරුවලට අනුව සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහන කෘත්‍යය රාජ්‍ය ගෞරව සහිතව ඉතා උසස් ලෙස සිදු වූ බවට තොරතුරු දැනගත හැකිය. ආගමික භූ දර්ශනයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදු වූ කාල වපසරියක් ලෙස මහනුවර සමය හැ`දින්වීම සාවද්‍ය නොවේ. මේ අනුව ‘‘සාධු චරියාවට අනුව සරණංකර ස`ගරජ සමයේ ඇති වූ ආගමික භූ දර්ශනයේ භෞතික වෙනස්කම් උදෙසා පාදක වූ ධාරාවන් දෙකක් හ`දුනාගත හැකිය. එනම්, ෂග          උපසම්පදාව පිහිටුවීම ෂෂග          අස්ගිරි - පෝයමළු උභය මහාවිහාර ස`ග පරපුර හා ඒ හා බැ`දුණු සංඝනායක පරපුරක විකාශය’’ යථෝක්ත කාරණාද්වයෙන් ප‍්‍රථමාංකය වන උපසම්පදාව පිහිටුවීම සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතයේ වැදගත් තැනක් හිමි කර ගනී. දෙවනුවට දක්වන ලද අස්ගිරි - පෝයමළු උභය විහාරයන්හි ස`ග පරපුරක විකාශනය සෙවීමේදී සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්ගතය වෙසෙසින් වැදගත් වේ. නූතනයේ පවා භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට උන්වහන්සේගේ පරම්පරා කතාව ඉදිරිපත් කෙරේ. වර්තමාන භික්‍ෂූන් වහන්සේගේ පරම්පරා කතාව සරණංකර සංඝරාජ හිමියන් දක්වා අතීතයක් කරා දිව යයි. එහිදී උන්වහන්සේලාගේ පරම්පරා කතාවේදී සංඝරාජ සාධුචරියාව අතිශයෝපකාරී වේ. මේ අනුව සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතය මහනුවර යුගයෙහි දේශපාලනික, සංස්කෘතික මෙන්ම ආගමික යන විවිධ අංශයන් කෙරෙහි විහිදී යන බව උක්ත කරුණු අනුව පැහැදිලි වේ. 02. 3. අරමුණ හා වැදගත්කම සංඝරාජ සාධුචරියාව චරිතාපදානයක් වශයෙන්ද සැලකිය හැකි වේ. එමතුද නොව, තත් කෘතිය රචනා වනුයේ මහනුවර යුගයේ පහළ වූ ශ්‍රේෂ්ට යතිවරයෙකු පිළිබ`ද ප‍්‍රශස්ති කීමටය. ඒ අනුව මෙය ප‍්‍රශස්ති ගණයෙහිලාද පිළිගැනීමට පුළුවන. ඒ අනුව ප‍්‍රශස්තියක් වශයෙන් වුවද ඓතිහාසික තොරතුරු ගෙනහැර දක්වන ඉතිහාස ග‍්‍රන්ථයක් වශයෙන්ද සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම අසීමිතය. ඒ කෙසේවතුදු සංඝරාජ සාධුචරියාව රචනා කිරීමෙහි අරමුණු රාශියක් වූ බව ග‍්‍රන්ථාන්තරයෙන් තොරතුරු විද්‍යමාන වේ. ‘‘කෝට්ටේ සමයෙන් පසු වර්ෂ 200ක් තරම් කාලයක් තිස්සේ අනුක‍්‍රමයෙන් පිරිහී ගිය භාෂා ශාස්ත‍්‍රයත්, බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත් පිළිබ`ද තොරතුරු සංඝරාජ සාධුචරියාවෙන් අනාවරණය වන අතර ශාසනික පිළිවෙත් හා ධර්ම ශාස්ත‍්‍රයන් දුකසේ ඉගෙන අධ්‍යාපන මධ්‍යස්ථාන තැන තැන පිහිටුවමින් ශිෂ්‍ය පිරිසක් තනමින් බුද්ධ ශාසනයත් භාෂා සාහිත්‍යයත් යථා ස්ථානයට පත් කිරීමට සරණංකර සංඝරාජයන් වහන්සේ විසින් සිදුකරන ලද උදාර සේවය පිළිබ`ද විස්තරයක් මේ කෘතියෙන් හෙළිදරව් වේ.’’ උක්ත තොරතුරු අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීම ස`දහා කතුවරයාට අරමුණු රාශියක් පදනම් වූ බව පිළිබිඹු වන කාරණයකි. කෝට්ටේ යුගයේ සිට ක‍්‍රමයෙන් රාජ්‍ය සීතාවක හා මහනුවර යුගවලට සංක‍්‍රමණය වීමේදී රට අභ්‍යන්තර හා බාහිර වශයෙන් ඇති වූ අවුල්-වියවුල් හා යුද්ධ නිසා සිදු වූ සාහිත්‍ය මෙහෙවරද අනුක‍්‍රමයෙන් ගිලිහෙමින් පැවතිණි. එය සම්පූර්ණ වශයෙන් සිදු වූ යුගයක් ලෙස මහනුවර මුල් අවධිය පෙන්වාදිය හැකිය. උගතුන් සොයා ගොස් ඔවුන් උගත් දේ ඉගෙනීමටද සරණංකර හිමියන්ට ඉමහත් වෙහෙසක් දැරීමට සිදු විය. සමහර අවස්ථාවන්වල උන්වහන්සේ සිරගතව සිටි පුද්ගලයන් පවා සොයා ගොස් ඉගෙන ගත් බව ප‍්‍රකට කාරණයකි. විශේෂයෙන්ම ලෙව්කේරාල නැමැත්තාගෙන් බාලාවතාරය ඉගෙන ගත්තේ ඔහු සිරගතව සිටි අවධියේය. භාෂා සාහිත්‍ය පමණක් නොව, ශාසනික චාරිත‍්‍ර-වාරිත‍්‍රද පිරිහෙමින් පැවතිණි. උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා මෙම යුගයේ වැඩ නොසිටීමෙන්ම තත් කාරණය මැනවින් සනාථ වේ. ආගමික වතාවත් පිළිබ`ද අවබෝධයක් තිබූ පිරිසද නොසිටි බැවින් සරණංකර හිමියන්ට ඒ සියල්ල අමුතුවෙන්ම ආරම්භ කිරීමට සිදු විය. මේ අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීම ස`දහා කතුවරයාට හේතු වූ අරමුණු රාශියක් ඔහු විසින් ග‍්‍රන්ථාරම්භයෙහිම දක්වා තිබේ. ‘‘...ප‍්‍රථම උපසම්පදා මංගලයයෙහි ලබන ලද උපසම්පදා ඇති ශීලාචාර අල්පේච්ඡුසන්තුෂ්ටාදී ලෞකික ගුණාන්තර සමුත්පන්න රත්නාකර නිර්විශේෂ ලංකා ශාසනාම්බරෝද්ගත පූර්ණ චන්ද්‍ර මණ්ඩලායමාන පරම බෝධිසත්වාවතාර ගුණ විශේෂ මහිම ඇති සංඝරාජ ධුරන්ධර ... ස්වාමිපාදයන්ගේ උත්පත්තිය සහිත ප‍්‍රවෘජ්ජාභාවාදි කථන ප‍්‍රකාරයෙන් ශිෂ්‍යගණාභිවෘද්ධි වර්ධනයෙන් ශාසනාභිවෘද්ධියෙහි නියුක්ත ක‍්‍රම ප‍්‍රකාශ කිරීම් වශයෙන් සාධු ජන මනෝනන්දනීය වූ සංඝරාජෝත්තම සාධුචරියාව නම් කථා ප‍්‍රබන්ධයක්...’’ යථොක්ත උපුටනයට අනුව ආයිත්තාලියද්දේ මුහන්දිරම් ප‍්‍රස්තුත කෘතිය රචනා කරනු ලබන්නේ අරමුණු රාශියක් පෙරදැරි කරගෙන බව පැහැදිලි වන කාරණයකි. ශාසනික වත්පිළිවෙත් නොදන්න ගණින්නාන්සේලා පිරිසක් ශාසන භාරධාරීව කටයුතු කරන විට ඔවුන්ගෙන් ශාසනයට සිදු වූ විනාශය අනල්පය. ලෞකික ගුණයන්ගෙන් විනිර්මුක්ත ඔවූහූ ගුණයන්ගෙන් සමූපේත භික්‍ෂූන්ට සුවසේ ශාසනික කටයුතු කිරීමට ඉඩ නොදුන්හ. ඒ ස`දහා නොයෙකුත් කෙණෙහිලිකම් කරන්නට ඇත. එහෙත් මේ සියල්ලටම මුහුණ දී ජය ගැනීමට සරණංකර හිමියන්ට හැකි විය. උන්වහන්සේ සතුව පැවති අපරිමිත ගුණස්කන්ධය මතු පරපුරට දැනගනු වස් සංඝරාජ සාධුචරියාව රචනා විය. මේ අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීමේ මුඛ්‍ය අභිලාසය බවට පත්වනුයේ ගුණයන්ගෙන් විභූෂිත සංඝරාජ චරිතය සටහන් කොට තැබීමයි. විනාශ මුඛයට පත්ව තිබූ උපසම්පදාව නැවත ප‍්‍රතිෂ්ඨාපනය කරමින් ප‍්‍රථමයෙන්ම උපසම්පදා මංගල්‍යයක් පවත්වනු ලබන්නේ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. සරණංකර සංඝරාජ හිමියන් විසින් කරන ලද උත්කෘෂ්ටම සේවාව වනුයේද උපසම්පදා විනය කර්මය නැවත ඇතිකරලීමයි. මේ ස`දහා අප කතුතුමාද කැප වී ඇත. මෙම කාරණය මතු පරපුරට දැනගනු වස් ග‍්‍රන්ථාරූඪ කොට තැබීම තත්කාලීන ජනයාගේ වගකීමක් ලෙස ඔහු සලකන්නට ඇත. මහනුවර සමයෙහි උපසම්පදාව නැවත ඇති කරනුයේ කෙසේද යන්න මතු පරපුරට දැනගනීමට සැලැස්වීම මෙම කෘතියෙහි තවත් අරමුණක් වන්නට ඇත. කාලයේ වැලිතලාවෙන් වැසී යන සුප‍්‍රකට මෙන් අප‍්‍රකට තොරතුරුද ප‍්‍රත්‍යාවලෝකනය උදෙසා රචනා කොට තැබීම ඉතා වැදගත් කාර්යයක් ලෙස සැලකිය හැකිය. වංශකතා ම`ගින්ද සිදු වූයේ අතීත සිදුවීම් මැකී යාමට නොදී මතු පරපුරක් වෙත ගෙන යමින් අතීතය හා වර්තමානය අතර පාලමක් ඉදිකිරීමයි. සංඝරාජ සාධුචරියාව ම`ගින්ද ලැබෙන එක් සුවිශේෂී ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර යුගයේ තොරතුරු ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. ‘‘ඉතිහාසය අතින්ද මේ ග‍්‍රන්ථය ඉතා වැදගත්. නුවර අවධියේ අප‍්‍රකට තොරතුරු රාශියක් මෙයින් පෑදී එන්නේය. උපොසථාරාමය, වටපුලූව වැනි වචන මෙහි උබෝසතාරාමය, වටබුලූව යනුවෙන් යොදා තිබේ’’ . මෙම කෘතිය ම`ගින් තත්කාලීන තොරතුරු සටහන්ව තිබීම මෙන්ම ඒවා භාවිත කළ අයුරුද දැක්වේ. උබෝසථාරාමය, වටපුලූව වැනි වචන තත් යුගයේ ව්‍යවහාර වූයේ කෙසේද යන්න මෙම කෘතිය තුළින් මැනවින් අධ්‍යයනය කළ හැකිය. සමහර විට මෙවැනි වදන් සමකාලීන යුගයෙහි භාවිත වූ අයුරු විය හැකිය. මේ අනුව වාග්විද්‍යාව ආදි විෂය ක්‍ෂේත‍්‍රයන් හදාරන්නන්ටද උක්ත කෘතිය ඉමහත් පිටුබලයක් වේ. මහනුවර සමය වනවිට සංඝ ශාසනය සම්පූර්ණයෙන්ම පාහේ පිරිහෙමින් පැවතිණි. එකල විනය කර්මයක් ස`දහා උපසම්පදා භික්‍ෂුවක් සොයා ගැනීමට තරම් අපහසු විය. ජනතාවගේ ආගමික කටයුතු කිරීම උදෙසා පමණක් පිරිසක් සිටි අතර ඔවුන් විවිධ රැුකී රක්‍ෂා කරමින් දිවි ගෙවූහ. ඔවුන් ‘‘ගණින්නාන්සේලා’’ යන අන්වර්ථ නාමයෙන් හැ`දින්විණි. ‘‘...නැකැත්, වෙදකම්, ගොවිතැන්, වෙළ`දාම් ආදි වූ අකර්තව්‍යයෙහි යෙදී රන් රිදී ආදිය පිළිගනිමින් මිථ්‍යාජීවයෙන් ජීවත් ව දන් උයවන්ට මාගමුන් කැන්දා ගෙන දුශ්ශීල ව වසන අලජ්ජී වූ ශාසනාවචර කුලදරුවන්ගේ බාහුලික භාවය දැක...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ ඔවුන්ගේ ස්වභාවය විස්තර කෙරේ. සැබවින්ම ඔවූහූ භික්‍ෂූ නියෝජිතයෝ පමණක් වූහ. තිරණාගම රතනසාර හිමියන් පෙන්වා දෙන පරිදි මහනුවර යුගයේ ශාසනයට බෙහෙවින්ම හානි සිදුවී ඇත්තේ මොවුන්ගෙනි . මොවුන් වාසය කළ වාසස්ථාන ගණේගෙදර, විහාරේගෙදර, විහාරේ වලව්ව යන නම්වලින් හ`දුන්වා ඇත . ගිහි ජීවිතය මෙන්ම පැවිදි දිවියද එක සේ ගත කළ මොවුන් නිසා ශාසනයේ විනාශ ස්වභාවයක් ඉදිරිපත් වනවා මෙන්ම යම්තාක් දුරට හෝ බුද්ධ ශාසනය පවත්වාගෙන යාමටද මොවුන්ගෙන් පිටු බලයක් ලැබුණු බව සැලකිය යුතු කරුණකි. ඒ ඒ අවධීන්හි දේශපාලනික හා ආගමික හා සාහිත්‍යයික වශයෙන් තොරතුරු උකහා ගැනීමේදී මහාවංශය ආදි වූ වංශකතාවලින් සිදු වන සේවය අනල්පය. මහනුවර යුගයේ තොරතුරු විමර්ශනයේදී මහාවංශය තරම්ම වැදගත් වන කෘතියක් ලෙස සංඝරාජ සාධුචරියාව පෙන්වාදිය හැකිය. ‘‘නුවර අවධියේ ශාසනය ගැනත්, විහාර පංසල් ගැනත්, වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා ගැනත්, උන්වහන්සේලාගෙන් සිදු වූ සේවාවන් ගැනත් මේ ග‍්‍රන්ථයෙන් දතහැකි දේ අනල්පය. මහාවංශය හැරුණු විට මෙතරම් ඓතිහාසික තොරතුරු දතහැකි වෙන ග‍්‍රන්ථයක් නැතැයි කියතොත් එය අතිශයෝක්තියක් නොවේ’’ යනුවෙන් හේන්පිටගෙදර පියනන්ද හිමියන් විසින් ප‍්‍රස්තුත කෘතියෙහි වැදගත්කම දක්වා ඇත. වංශකතා තත් යුගයේ තොරතුරු සංග‍්‍රහ කොට පසුකාලීනවද රචනා වේ. එහිදී ඇතැම් තොරතුරු ශ‍්‍රැති මාත‍්‍රයෙන් පමණක් රචනා කිරීමට කතුවරයාට සිදු වේ. එහිදී ඇතැම් විට අතිශයෝක්තියෙන්ද වර්ණනා කරනු ලැබේ. එහෙත් චරිතාපදානයක් බොහෝ විට රචනා කරනු ලබන්නේ සමකාලීනවය. ඒ පිළිබ`දව මනාව දන්නා වූ පුද්ගලයෙකු විසින් එය රචනා කරනු ලබයි. බොහෝ විට චරිතාපදානයක් මගින් යථාපරිදි චරිත කථාව ඉදිරිපත් කෙරේ. සංඝරාජ සාධුචරියාවද එබ`දු වූ තත්ත්වාකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරන ලද කෘතියක් බව තත් කාරණය විමසීමේදී පිළිබිඹු වන කාරණයකි. සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම් දෙකක් පුඤ්චිබණ්ඩාර සන්නස්ගලයෝ පෙන්වා දෙති. 1ග       ප‍්‍රතිපත්තිකාමී භික්‍ෂූ පරිසක් ඇතිකර නැති වී තිබුණු උපසම්පදාව පිහිටුවා යටවී පැවති ශාස්ත‍්‍රය මතුකොට මහ උගතුන් පෙළක් ඇති කරවා විවිධ විෂයීය පොත්පත් රැුසක් බිහිකරලූ පුවත් සංක්‍ෂේපයෙන් වුවද මෙහි අඩංගු වී තිබීම එක් අගයකි. 2ග            අනික නම් අද මෙරට වැඩ සිටින මහා සංඝයා වහන්සේගේ ගුරු පරපුර පහසුවෙන් සොයා දත හැකිවීමයි. සරණංකර සංඝරාජ හිමියන් පහළ වූ සමයේ මෙරට ජනයා ආගමික වත්පිළිවෙත්වලින් ඈත් වී සිටියහ. ඔවුන්ට රටේ පැවති අවුල්-වියවුල් තත්ත්වය නිසා හා ඔවුන් ආගමික ප‍්‍රතිපදාවන්ට යොමු කිරීම උදෙසා නිවැරදි මාර්ගෝපදේශකත්වයක් නොතිබුණු නිසා එලෙස ජීවත් වූ බව සිතිය හැකිය. මේ හේතුව නිසා විනාශ වී ගිය ශාසනික ප‍්‍රතිපදාවන් පුනරුත්ථාපනය උදෙසා ඉමහත් වෙහෙසක් දැරීමට සංඝරාජ හිමියන්ට සිදු විය. ප‍්‍රථමයෙන්ම උන්වහන්සේට ප‍්‍රතිපත්ති මාර්ගය අනුගමනය කොට ඒ ස`දහා අන් අය යොමු කිරීමට සිදු විය. මේ නිසා සරණංකර සංඝරාජ හිමියන් විසින් පාත‍්‍රයෙන් වැළ`දීම මෙන්ම පිණ්ඩපාතය යෑම ආදි ආගමික චර්යාවන් ආරම්භ කරන ලදි. එහෙත් එසේ පිණ්ඩපාතය යන විට පාත‍්‍රයට දානය බෙදීමට තරම්වත් තත් යුගයේ ජනයා දැනගෙන නොසිටි බව සංඝරාජ සාධුචරියාවෙන් මැනවින් නිරූපණය වේ. මෙය වූ කලී මහනුවර යුගයේ ශාසනික පිළිවෙත් අන්ත පරිහානියට පත්ව තිබූ බවට දැක්විය හැකි හො`දම නිදර්ශනයක් වේ. සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම පිළිබ`ද අවධානය යොමු කිරීමේදී ප‍්‍රස්තුත කෘතිය අංශ පහක් ඔස්සේ සාකච්ඡුාවට බ`දුන් කළ හැකිය. එනම්; 1ග          ආගමික තත්ත්වය 2ග     දේශපාලන තත්ත්වය 3ග            අධ්‍යාපනික තත්ත්වය 4ග            වෙනත් කාලීන තොරතුරු 5ග     භාෂාව සෙසු යුගයන්ට සාපේක්‍ෂව මහනුවර සමයේ ආගමික අංශය කෙරෙහි අවධානය යොමු කිරීමේදී මහනුවර යුගයේ ආගමික තත්ත්වය අතිශය පරිහානි තත්ත්වයට පත්ව තිබුණු බව ඉතා ප‍්‍රකට කරුණකි. මහනුවර අවධිය වන විට බුද්ධ ශාසනය පිරිහීමට බලපෑ හේතු රාශියක් කොටගම වාචිස්සර හිමියෝ දක්වති. x             රාජ්‍යාරක්‍ෂාව නැතිවීම x ක‍්‍රිස්තියානි බලපෑම x                දේශපාලන විප්ලවය x      සමාජ විප්ලවය හා ඉන්දු ද්‍රවිඩාභාසය x       ආර්ථික ක‍්‍රමය කුල භේදය x       ඥාති ශිෂ්‍ය ක‍්‍රමය x                රක්ඛඞිග රටින් ගෙනා උපසම්පදාව ගිහි-පැවිදි වශයෙන් උභය අංශයක් නොවූ පමණටම ශාසනය පිරිහී තිබිණි. මෙකල පැවිදි උදවියද ගිහියන් මෙන්ම නොයෙක් රැුකීරක්‍ෂා කරමින් ගිහියන් මෙන්ම ජීවත් වූහ. ඔවුහූ ආගමික කෘත්‍යයන්හිදී පමණක් පැවිදි පිරිස වශයෙන් පෙනී සිටි අතර අන් සෑම විටම ශ‍්‍රමණ සාරුප්‍යයට නොසරුප් ලෙස හැසිරුණාහ. මෙලෙස සිටි භික්‍ෂු පිරිස ඔවුන් ජීවත් වූ ස්වරූපය අනුව කොටස් දෙකකට බෙදිය හැකි බව ලක්දිව පිළිබ`ද අදහස් ඉදිරිපත් කරන රොබට් නොක්ස් පෙන්වා දෙයි. ෂග            තෙරුන් වහන්සේලා ෂෂග ගණින් වහන්සේලා එහෙත් සරණංකර හිමියන් පහළ වූ සමයේ තෙරුන් වහන්සේලා නමක් සොයා ගැනීම අතිශය දුර්ලභ කාරණයක් විය. මෙසමයේ සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවූහු විටෙක ප‍්‍රවෘජ්‍යා ස්වරූපයෙන්ද තවත් විටෙක ගහි ස්වරූපයෙන්ද පෙනී සිටියහ. ඔවුන්ගේ ස්වභාවය කෙබ`දුද යන්න ආයිත්තාලියද්දේ මුහන්දිරම්ගේ වදම්වලින් මෙසේ නිරූපණය කරයි. ‘‘.... වත් පිළිවෙත් සරු ව පිණ්ඩපාත කිරීම එකලට නො පවතින නිසා පාත‍්‍රයෙන් පමණ වළ`දමින් ලීම් කීම් බණ දහම් පුහුණු වීමෙන් ගුණ නුවණ වැඞී ගොස්, නැකැත්, වෙදකම්, ගොවිතැන්, වෙළ`දාම් ආදී වූ අකර්තව්‍යයෙහි යෙදී රන් රිදී ආදිය පිළිගනිමින් මිථ්‍යාජීවයෙන් ජීවත් ව දන් උයවන්ට මාගමුන් කැන්දා ගෙන දුශ්ශීල ව වසන අලජ්ජි වූ ශාසනාවචර කුල දරුවන්ගේ බාහුලිකභාවය දැක....’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙන් පෙන්වා දෙයි. ඔවුන්ගේ ස්වරූපය මුංකොටුවේ රාල විසින් රචිත ස`ගරජවතෙහි දැක්වෙන්නේ මෙපරිද්දෙනි. ‘‘සැදැහැත්තන් පුදන නොයෙක් පූජා ලබමින නෑයන්ට බෙදමින නිමල සස්නේ කසට තවරන’’ මෙවන් ආගමික පරිසරයක බිහි වූ සරණංකර හිමියන්ට ශාසනික වත්පිළිවෙත් ප‍්‍රතිෂ්ඨාපනය කරනු වස් ඉමහත් උත්සහයක් ගැනීමට සිදු විය. විශේෂයෙන්ම ගණින් වහන්සේලාගෙන් ශාසනයට සිදු වූ බෞද්ධ චාරිත‍්‍ර-වාරිත‍්‍රයන්ට පරිබාහිර සාවද්‍ය ක‍්‍රියාදාමයන් නැවත්වීම ඉතා අපහසු කරුණක් බවට පත් විය. ඔවුන් ඒ වන විට ඔවුන්ගේ සාවද්‍ය ප‍්‍රතිපදාවන් නිරවද්‍ය ප‍්‍රතිපදා ලෙස සමාජගත කොට තිබුණි. ‘‘තොවිල් පවිල් යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදී අභිචාර විධි එකල සමාජයේ බහුලව ව්‍යාප්ත වී තිබිණි. මිනිසුන්ට සුළු රෝගයක් වැළ`දුණු විට පවා එහි හේතුව යක්‍ෂ-භූත-පේ‍්‍රත-පිසාච-කුම්භාණ්ඩ වැනි අමනුෂ්‍ය කොටස් දිෂ්ටි හෙළීම යැයි සිතා සාමාන්‍ය වැසියා පමණක් නොව රජ පවුල්වලට අයත් වූවෝ පවා නිතර තැති ගත්හ. ඒ නිසා යක්දෙස්සෝ වැඩි වැඩියෙන් පහළ වූහ. භික්‍ෂූන් වහන්සේලා යකැදුරන්ගේ කාර්යය තමන් අතට ගැනීම නිසා බුද්ධ ධර්මයට විශාල පහරක් වැදුණි’’ . සරණංකර හිමියන්ට ආගමික ප‍්‍රතිපදාවන් අනුගමනය කිරීමට සිදු වූයේ මෙවැනි ආගමික පරිසරයකදීය. සරණංකර සමයේ පි`ඩුසි`ගා යාම පවා එකල ජනයාට අමුතු දෙයක් බවට පත් විය. එකල ජීවත් වූ ගණින් වහන්සේලා තමන්ගේ පැවැත්ම මිස නිවැරදි මාර්ගය පෙන්වා දීමට උත්සාහ නොකළහ. මේ නිසා පි`ඩුසි`ගා යාම වැනි මූලික භික්‍ෂු ප‍්‍රතිපදාවන් කෙරෙහි පවා තත් යුගයේ ජනයා අනවබෝධයෙන් සිටි බව සංඝරාජ සාධුචරියාවෙන් පැහැදිලි වන කාරණයකි. ‘‘.......ඒ රජමහා විහාරෙට අයිති ගම්දෙගොඩෙහි පස් පියවර වෙන තුරු ගෙපිළිවෙළින් පි`ඩු සි`ගා ගොසිනු`දු, එලෙස පි`ඩු සි`ගීමක් එකලට නැති නිසා මනුෂ්‍යයෝ කිසි ම ආහාරයක් දෙන සේ නො දැන....’’ යන උද්ධෘතයෙන් උක්ත කාරණය මැනවින් සනාථ වේ. මූලික භික්‍ෂු ප‍්‍රතිපදාවන් පවා අභාවයට යාමට ප‍්‍රධාන හේතුව බවට පත් වූයේ එකල ජීවත් වූ ගණින් වහන්සේලා ශාසනය ගැන නොසිතූ නිසා විය හැක. මෙම යුගයේ ඤාති සංග‍්‍රහය ඉතා ඉහළින් පැවති බවට සංඝරාජ සාධුචරියාව නිදසුන් සපයයි. විශේෂයෙන්ම ශාසනික භාරකාරත්වය දරමින් සිටි ගණින් වහන්සේලා ස්වකීය ඤාතීන් පැවිදි කොට තමන් සතු විහාර දේපළ ඔවුන්ට භාර කොට ඇත. ‘‘තවද සංඝරාජෝත්තම සාමිදරුවන්ගේ මුණුබුරා වන වැලිවිට සරණංකර කුඩා උන්නාන්සේ ද ළදරු කල පටන් ඒ සාමිදරුවන් වෙත සිට ලීම්-කීම්, ඡුන්දස්, නිඝණ්ඩු ශබ්ද ශාස්ත‍්‍ර ඉගෙන දළදා මාලිගාවේ තේවා කිරීමටත් පැමිණ ඒ ස්වාමි දරුවන්ගෙන් ලැබුණු පොත් පත් ධාතු කර`ඩු වැඩමවා ගෙන ගොස්...ශිෂ්‍ය ගණයාත් ඇතිව සො`දින් කල් යවනවාය....’’ යන නිදර්ශනයෙන් තත් කාරණය පළට වේ. එමතුද නොව, දළදා වහන්සේ සම්බන්ධව තේවාව පවා මොවුන් විසින් සිදු කිරීම වැදගත් කාරණයකි. දළදා තේවාව භාර වන්නේ අස්ගිර-මල්වතු උභය විහාරයන්හි වැඩවසන ප‍්‍රධාන තෙරුන් වහන්සේලාටය. එහෙත් එම උත්තරීතර කාර්යයෙහි පවා ගණින් වහන්සේලා නියුතුව සිටි බව සංඝරාජ සාධුචරියාව තුළින් අනාවරණය වේ. එසේම ස්වකීය දේපළ ඤාතීන්ට භාරකිරීම සරණංකර හිමියන්ට පවා සමතික‍්‍රමණය කිරීමට අසමත් වූ බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. මහනුවර අවධියෙහි දේශපාලනික තොරතුරු පිළිබිඹු කරන කැඩපතක් ලෙස සංඝරාජ සාධුචරියාව හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. ප‍්‍රස්තුත ග‍්‍රන්ථයේ කර්තෘ රාජ්‍ය හා සම්බන්ධව කටයුතු කරමින් අමාත්‍ය පදවියක්ද දැරූවෙකි. එබැවින් එම යුගයේ දේශපාලනික ස්වභාවය පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වේ. ‘‘තත් යුගයේ රාජ්‍ය පාලකයන් හා ඔවුන්ගේ සේවා, රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ගණුදෙනු කිරීමෙහිලා කළ ක‍්‍රමෝපායන්, රාජ්‍ය නිලතල දැරූ අය, නඩු විනිශ්චයන් හා දුන් ද`ඩුවම්, රාජ්‍ය නායකයන් ආගම විෂයෙහි දැක් වූ දායකත්වය ආදි දේශපාලනික වශයෙන් එම යුගයේ ස්වරූපය වටහා ගැනීමට උපස්ථම්භක වන බොහෝ කරුණු මෙම ග‍්‍රන්ථයෙන් ප‍්‍රකට වේ’’ . ආයිත්තාලියද්දේ මුහන්දිරම් අමාත්‍ය පදවියක් දරමින් කටයුතු කරනුයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදීය. එහෙත් සංඝරාජ සාධුචරියාවෙන් ශ‍්‍රී විමලධර්මසූරිය, කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ හා ශ‍්‍රී විජයරාජසිංහ යන රජවරුන් සිව්දෙනා හා ඔවුන් කළ සේවාවන් පිළිබ`දව කරුණු දක්වයි. මේ අතුරින් ශී‍්‍ර විමලධර්මසූරිය රජු දළදා වහන්සේ වෙනුවෙන් මාලිගාවක් ඉදිකොට තදනන්තරව දළදා වහන්සේ මහනුවරට වැඩම කරවා එහි තැන්පත් කළේය. මහනුවර යුගයේ උපසම්පදා විනය කර්මය අභාවයට ගොස් තිබුණි. එය නැවත පිහිටුවීමේ කාර්යයේදී ශ‍්‍රී විමලධර්මසූරිය රජු වැදගත් වේ. ඔහුගේ කාලයේ ගැටඹේ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා විනය කර්මය කළ බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ‘‘එසමයෙහි රාජ ශ‍්‍රී පද ප‍්‍රාප්ත ව රක්ඛංග දේශයෙන් මහා ස්ථවීරවරාදීන් ගෙන්වා ශ‍්‍රී ශුද්ධ ශක රාජ වර්ෂයෙන් එක්වා දහස් සසිය දසනව වැන්නෙහි දී ගැටඹේ තොටෙහි උදකුක්ඛේප සීමාවේ දී තෙතිස් නමක් උපසම්පදා කරවා කුලදරුවන් එක්සිය විසි දෙනෙකු සාමණේර කරවීමෙන් බොහෝ ශාසනාභිවෘද්ධිය කළ ශ‍්‍රී විමලධර්ම මහා රාජෝත්තමයාණන්ගේ කාලයෙහි.... ’’ යන උපුටනයට අනුව ශකරාජ වර්ෂයෙන් එක්දහස් හයසිය දහනම වැන්නේහිදී රක්ඛංග දේශයෙන් වැඩමවා ගත් ස්ථවිරවාදීන්ගේ ප‍්‍රධානත්වයෙන් ගැටඹේ උදකුක්ඛේප සීමාවේදී තෙතිස් නමක් උපසම්පදා කළ බව සනාථ වේ. මෙහි පෙන්වා දෙන පරිදි ස්ථවිරවාදීන්ගේ උපසම්පදා විනය කර්මය කළ බව සුපැහැදිලි කරුණකි. එහෙත් කොටගම වාචිස්සර හිමියෝ මෙයට හාත්පසින්ම වෙනස් වූ අදහසක් ඉදිරිපත් කරති . උපසම්පදාව පිහිටුවීම පිළිබ`දව දරන ලද ද්විතීය ප‍්‍රයත්නය පිළිබ`දව වැදගත් වනුයේ විජය රාජසිංහ රජතුමාය. එහෙත් ඔහු විසින් උපසපන් භික්‍ෂූන් වැඩමවාගෙන ඒම ස`දහා පිටත් කර හරින ලද ප‍්‍රථම නැව මුහුදු බත් විය. ආරගොඩ, ගණේගොඩ, ලි`දපිටියේ, වටවන, හල්පේ යන සිල්වත් පස්නම සිවුරු හැර එම ගමනට එකතු වූහ. දොරණාගම මුහන්දිරම් රාළ, මාතොට රාළ යන අමාත්‍යවරුන් දෙදෙනාද මෙම ගමනට එකතු වූ අතර ඔවුහු දෙදෙන හා පැටවකු සම`ග වූ උපාසකරාලත් පමණක් එම ගමනින් දිවි රැුකගත්හ. දෙවන ¥ත ගමනටද දායක වී ඇත්තේ විජය රාජසිංහ රජුමය. මෙම ගමනට වැල්ලාවේ, ගලටොඹුවේ, දැලිවෙල, බෝතලේ, එගොඩපළ යන සිල්වත් තැන් ගිහි පිළි හන්දවා පළමු ගමනින් දිවිරැුකගෙන පැමිණි දොරණාගම මුහන්දිරම් රාළත් සම`ග පිටත් වූහ. මෙම ගමනට මීදෙණියේ මුහන්දිරම් රාළත්, විල්බාගෙදර රාළත් එකතු වී ඇත. මොවූහු ප`ඩුරු මෙන්ම අසුන්පත්්්්්්්ද රැුගෙන ගියහ. එහෙත් මෙම ගමනේදීද දිවි රැුකගෙන ලක්දිවට ගොඩ බටුයේ විල්බාගෙදර මුහන්දිරම් රාළ පමණි. තෙවනුව බුද්ධවර්ෂ දෙදහස් දෙසිය අනූවේදී රාජ්‍යත්වයට පත් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා ශාසනික වශයෙන් අතිශය වැදගත් වේ. මෙම රජුගේ සමයේදී යෙදුණු ¥ත මෙහෙවරට සංඝරාජ සාධුචරියාවේ කර්තෘ වූ ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද සම්බන්ධ වී ඇත. ඔහු ඇතුළුව රජයේ නිළධාරීන් පස් දෙනෙකු ප`ඩුරු පිරිවර ජනයාද සහිතව එම ගමනට යොමු වූහ. ලක්දිව නැවත් උපසම්පදාව පිහිටුවීම ස්ථාවරව සිදුව ඇත්තේ තෙවැනි ¥ත මෙහෙවරෙන් පසුවය. මහනුවර සමයේ අධ්‍යාපනික තත්ත්වය ඉතා පහළ මට්ටමක පැවතිණි. උක්ත කාරණය සනාථ කරනු වස් මහෝපකාරී වන කෘතියක් වශයෙන් සංඝරාජ සාධුචරියාව සැලකිය හැකි වේ. පාලි භාෂාව හා එහි ව්‍යාකරණය පිළිබ`ද ඉගෙනීමට ආවශ්‍යයික කෘතියක් වන බාලාවතාර සම්පූර්ණ කෘතියම දත් විදග්ධයෙකු නොවීම තුළින් උක්ත කාරණය සනාථ වේ. එබැවින් ශාස්ත‍්‍රඥානයෙන් යුක්ත පිරිස් සොයාගෙන ඔවුන් වෙත යෑමට උන්වහන්සේට සිදු විය. ඇතැම් විට ඔවුන්ට පුදසත්කාර කිරීමට පවා සරණංකර හිමියන්ට සිදු වී ඇත. උන්වහන්සේ බාලාවතාරයේ නාම කාණ්ඩය එකල සිරගතව සිටි ලෙව්කේ රාළ නමැත්තෙකුගෙන් හොර රහසේම උගත් අතර, සමාස කාණ්ඩයේ පටන් සෙසු කොටස පල්කුඹුරේ අත්ථදස්සි නම් සාමණේර කෙනෙකුගෙන උගත් බව සංඝරාජ සාධුචරියාවෙන් ඔප්පු වේ. එකල පංසල මූලික කර ගත් අධ්‍යාපන පටිපාටියක් තිබුණි. එහිදී නේවාසිකව ඡුාත‍්‍රගණයා විසින් අධ්‍යාපනය ලද බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ඔවුන් දිවාරාත‍්‍රී නොබලා සම්භාව්‍ය ග‍්‍රන්ථ අධ්‍යයනයෙහි නිරත වී ඇත. ‘‘`දන්වලට වැලි අතුර ? දාවල් උගන්නා අයට වැල්ලේ බොහෝ ලියවනවා ය. සතර සංවර ශීලය, හෙරණසිඛ, දිනචරියාව, සෙඛියාව, සිල් වොලො ගන්නා සූතිස් යෝධයන් හා ශිලානිශංස, කාමයෙහි ආදීනව, ධම්පියා සන්නේ, තේල කටාහ ගාථා සන්නේ කියනවා ය. ශතක පොත් කියා නිමවුණා ම, උගන්ට පුළුපුළුවන් අයට නිඝණ්ඩුව, ධාතුපාඨය, බාලාවතාරය, පද සාධනය කියවමින්, ව්‍යාකරණය වැල්ලේ ලියවමින්...’’ යථෝක්ත ප‍්‍රකාශයට අනුව මහනුවර සමයේ අධ්‍යාපනය සාම්ප‍්‍රදායික එකක් වූ බව පෙනේ. එහිදී එකිනෙකාගේ අධ්‍යාපන මට්ටම්වලට අනුව එය සකස් විය. එහෙත් එහිදී අධ්‍යයනය ස`දහා ගිහි-පැවිදි භේදයක් බලපා නැත. ‘‘....අකුරු නොකී ළදරු වයස් ඇති අයට හෝඩිය පටන් ද, සිල්වාරම් අකුරු දන්නා අයට ඇණවුම් සකස්කඩ පටන් ද, සමහර අයට ශතක පොත් පටන්ද ලීම් කීම් උගන්වමින්,...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ අධ්‍යාපනය ලබා දීමෙහිදී ඔවුන්ගේ අධ්‍යාපන සීමා අවධාරණය කොට ඇත. මේ අනුව පිළිබිඹු වන කාරණයක් නම් ප‍්‍රාථමික අංශය - හෝඩියේ සිට ඇණවුම් සකස්කඩ පොත් ද්විතීය අංශය - ශතක පොත් තෘතීය අංශය - ව්‍යාකරණ, ධාතුපාඨ හා නිඝණ්ඩු පොත් නියමව තිබී බවයි. අධ්‍යාපනය වූ කලී සියල්ලන්ටම වැදගත් වූවකි. ඒ ස`දහා ස්ත‍්‍රී-පුරුෂ භේදයක් අවශ්‍ය නොවේ. එහෙත් මහනුවර යුගයේ කාන්තාවන්ගේ අධ්‍යාපනික තත්ත්වය පිළිබ`ද කිසිදු ස`දහනක් ප‍්‍රස්තුත කෘතියෙන් හෙළිදරව් නොවේ. එලෙස මහනුවර යුගයේ කාන්තාවන්ගේ අධ්‍යාපනික තත්ත්වය පිළිබ`ද එහි සටහන් නොවීම අභාග්‍යයකි. තත් යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාව එතරම් වැදගත් නොවූ බව එයින් පළට වන කරුණකි. සමහර විට රට අභ්‍යන්තරයෙහි පැවති තත්ත්වය නිසා ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ නොගත්තේ යැයිද ඒ ස`දහා ඔවුන්ට සුදුසු පසුබිමක් නොතිබුණේ යැයිද සිතිය හැකිය. ‘‘ලිවීම සහ කියවීම තවම ලක්දිව වනිතාවන්ගේ අතට පත් වී නැත. එහෙයින් යම්තමින්වත් ලියන්ට කියවන්ට දන්නා වනිතාවෝ විවාහයෙන් පසුව තම දැනුම දියුණු තියුණු කර ගැන්මට උත්සාහ කරතී’’ යනුවෙන් චාර්ල්ස් ප‍්‍රීඞ්හෑම් විසින් ලංකාව පිළිබ`දව ඉදිරිපත් කරන ප‍්‍රකාශයෙන් තත් කාරණය මනාව සනාථ වේ. වෙනත් කාලීන තොරතුරු ගවේෂණයෙහිදීද සංඝරාජ සාධුචරියාව ඉතා වැදගත් මූලාශ‍්‍රයත් බවට පත් වේ. විශේෂයෙන් මහනුවර යුගයේ භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට අදාහන කෘත්‍යය සිදු කරනුයේ කෙසේදැයි සංඝරාජ සාධුචරියාවේ මැනවින් සංගෘහිතය. සංඝරාජ සාධුචරියාවේ එන පරිදි භික්‍ෂූ දේහය සුව`ද පැනින් නැහැවීම කරනු ලැබේ. හැ`දීම් පෙරවීම් කෘත්‍යය කරනු ලබන්නේ තදනන්තරවය. මහනුවර අවධියෙහි අවමංගලෝත්සවයද මහත් උත්කර්ෂයෙන් සිදු කළ බවට සංඝරාජ සාධුචරියාව හො`දම නිදර්ශනයකි. ‘‘...ඒ මෘත දේහය සුගන්ධයෙන් ස්නානය කරවා පට්ට චීවරාදීන් ජීවමාන කාලයෙහි මෙන් සකස් කොට හැ`දීම් පෙරවීම් සො`දින් කරවා ? දාවල් නො කඩවා මිනීබෙර ගැස්වීම ද සලස්වා කොට්ට කුලිච්චම් ඇතිරිලි අතුරන ලද පේලාවට වඩා ඊපිට පට්ට වස්ත‍්‍රයකින් හා පට්ට චීවරයකින් ද වසා....’’ යනුවෙන් ප‍්‍රස්තුත කෘතියෙහි පෙන්වා දෙන පරිදි එය මහත් උත්කර්ෂයෙන් සිදුකොට ඇත. රාජරාජ මහාමාත්‍යයාදීන්ගේ සහභාගිත්වයෙන් තත් කාර්යය සිදුවිය. එමතුද නොව, භෂ්මාවශේෂ තැන්පත් කොට සෑයක් බැ`දීමේ සත් කාර්යයද සිදු කළ බවට ප‍්‍රස්තුත ග‍්‍රන්ථය හො`දම උදාහරණයයි. ‘‘ මේ පොතේ ස`දහන් ආදාහන තොරතුරු ඉතාමත් වැදගත් වන්නේ නුවර අවධියේ රදළ කෙනෙතු මළ විට අනුගමනය කරන චාරිත‍්‍ර වාරිත‍්‍ර දැනගැනීමට මෙයින් මාර්ගය සැලසෙන නිසයි’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම පෙන්වා දෙන හේන්පිටගෙදර පියනන්ද හිමියෝ පවසති. අවමංගල වැනි උත්සවයන්වලදී භාවිත වන භාණ්ඩ පිළබ`ද දැනගැනීමටද සංඝරාජ සාධුචරියාව අතිශයෝපකාරී වේ. අත් කුවක්කු, කොඩි තුවක්කු, කඩු තුවක්කු වැනි අවිආයුධයන්ද තම්බෝරු පුරම්, පේත්තු කොම්බු, හොරණෑ බෙර, දවුල් ආදී වාද්‍ය භාණ්ඩද සරණංකර සංඝරාජයන් වහන්සේගේ අවමංගලෝත්සවය ස`දහා භාවිතයට ගෙන ඇත. සරණංකර හිමියන්ගේ අවමංගල්‍යය රාජ්‍ය බුහුමන් සහිතව සිදු වූවකි. එමතුද නොව විහාර කර්මාන්තයද උසස් අයුරින් මේ යුගයෙහිදී සිදු වූ බවට සංඝරාජ සාධුචරියාව සාක්ෂ්‍ය දරයි. සරණංකර හිමියන්ගේ ප‍්‍රමුඛත්වයෙන් තත්කාලීන භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත ශ‍්‍රීපාද ලාංඡුනය රැුකගනු වස් තත්කාලීන භික්‍ෂූන් ක‍්‍රියා කොට ඇති බව අපට පැහැදිලි වේ. ‘‘...අභිනව බැ`දවූ බුද්ධරූපයෙහි කර්මාන්තයන් නිමවමින් දොරඋළුවහු සහිත ගල්බිත්තියත් බ`දවා දාගොබක් හා බෝධීන් වහන්සේ නමක් නමකුදු පිහිටුවා අතිදුර්ග හෙල් බිමෙහි මහත් ගල්පඩිදු බ`දවා ....ශ‍්‍රීපාදය උදෙසා එහි තේවාව පවත්වා ශ‍්‍රීපාද ලාංඡුනයට තාම‍්‍රමය ස්වර්ණලිම්ප පාදලාංඡුනයකුදු කරවා තබමින් ඊ උඩින් ඊයම් තහඩු වැසූ මණ්ඩපයකුදු කොට...’’ මහනුවර යුගයෙහි භාෂා ශෛලිය අන්‍ය යුගයන්හි භාෂා ශෛලියට වඩා වෙනස් වූ මාර්ගයක් ගෙන ඇත. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වනුයේ තත් යුගයෙහි පැවති ගද්‍ය භාෂා ශෛලියයි. මහනුවර යුගයෙහි ගද්‍ය භාෂා ශෛලියට හො`දම නිදර්ශනයක් ලෙස සංඝරාජ සාධුචරියාව දැක්වීම යුක්තියුක්ත වේ. එහි පැනෙන භාෂා ශෛලිය ප‍්‍රස්තර තුනක් ඔස්සේ සාකච්ඡුාවට බ`දුන් කළ හැකි වේ. 1ග            මහනුවර යුගයේ පොදු භාෂා විලාසය; එනම් කතා ව්‍යවහාරයට ආසන්න වූ දීර්ඝ වාක්‍ය ව්‍යවහාරය 2ග  මහනුවර යුගයේ පසු භාගයේ බණපොත්වල දක්නට ලැබෙන මිශ‍්‍ර ශෛලිය 3ග    ග‍්‍රන්ථාවසාන භාගයේ දක්නට ලැබෙන වෘත්ත ගන්ධි ශෛලිය වශයෙනි. කතා ව්‍යවහාරයට ආසන්න වූ දීර්ඝ වාක්‍ය සහිත භාෂා විලාසය මෙකල පොදු භාෂා ශෛලියක් බවට පත්ව තිබුණි. මෙකල දක්නට ලැබෙන බොහෝ කෘතීන්හි මෙම ලක්‍ෂණය විද්‍යමාන වේ. එය සංඝරාජ සාධුචරියාවටද එලෙසම අනන්‍ය වී ඇත. සිංහල භාෂාව වූ කලී ලේඛන භාෂාව හා කථන භාෂාව වශයෙන් භාෂා ද්විරූපීතාවක් පළට කෙරෙන භාෂාවකි. එහෙත් මෙම ලක්‍ෂණය මහනුවර යුගයෙහිදී සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත. ‘‘මහාරාජෝත්තමයාණන්ගේ කාලේ දී සිල්වත් සමාගමත් ගිහි පුංචාවොත් අතිරේක සත්සියයක් සිවුරු පොරවමින් සාමණේර සමාගම ලංකාවේ වැඩි වුණා ය. දෙවැනි වරෙහි ගිය ගමනේ වෙච්ච මුළාසි කාරණාත් සම`ග නොයෙක් ලෙසින් ශාසන වර්ධනයට නිසි වචන සංඝරාජෝත්තම හාමුදුරුවො ඒම හා රාජෝත්තමයාණන්ටත් සැල කර සිට නැවත තුන් වැනි වාරෙත්...’’ යන උද්ධෘතයෙන් තත් කාරණය සනාථ වේ. සෑම වාක්‍යයක්ම ස්තී‍්‍රලිංග පදයක් උක්ත වූ පරිදි මෙන් ස්ත‍්‍රීලිංග වාක්‍යාවසානයක් සේ දැක්වීම මෙම යුගයෙහි දක්නට ලැබෙන පොදු භාෂා ශෛලියකි. එහිදී පුරුෂලිංග පදයක් උක්ත වුවද ගෞරවාර්ථ පදයක් උක්ත වුවද තත් ලක්‍ෂණය එලෙසම විද්‍යමාන වේ. එසේම බහුවචන පදයක් උක්ත වූ කල්හිද ආඛ්‍යාතය ස්ත‍්‍රීලිංග ඒකවචන ආඛ්‍යාතයක් උක්ත වූ කල්හි මෙන් යොදා තිබේ. මේ ස`දහා සම්පූර්ණ සංඝරාජ සාධුචරියාවම නිදර්ශන වශයෙන් දැක්විය හැකි වේ. සංඝරාජ සාධුචරියාවෙහි බෙහෙවින්ම දක්නට ලැබෙනුයේ සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලියකි. මෙයද මහනුවර යුගයෙහි ප‍්‍රබලව පැවති භාෂා ලක්‍ෂණයකි. ‘‘ශ‍්‍රීඝන චරණාරවින්ද ස්පර්ශයෙන් පවිත‍්‍ර වූ සමන්තකූට පර්වතාදි සොළොස්මස්ථානාදීන් සශ‍්‍රීක වූ ශ‍්‍රී ලංකාද්වීපයෙහි සෙංඛණ්ඩශෛලාභිධාන ශ‍්‍රීවර්ධනපුර ප‍්‍රවරයෙහි ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ...’’ යන උද්ධෘතයෙන් තත් කාරණය මනාව සනාථ වේ. මෙවැනි පාඨයන් යොදාගැනීම ම`ගින් කතුවරයා ස්වකීය භාෂා පටුත්වය විදහාපෑමට ප‍්‍රයත්න දැරූ බව සනාථය. සංඝරාජ හිමියන්ගේ සාහිත්‍ය ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනයේ මෙවැනි භාෂා ශෛලියක් කතුවරයා යොදාගැනීමට පෙළඹෙන්නට ඇත. වෘත්ත ගන්ධි ශෛලිය ආරම්භ වනුයේ කුරුණෑගල යුගයෙහිදීය. එය ප‍්‍රකටව පෙනෙනුයේ තත් යුගයෙහි රචිත දළදා සිරිතෙනි. දළදා සිරිතට පාදක වූ වෘත්ත ගන්ධි ශෛලියෙහි යම් බලපෑමක් සංඝරාජ සාධුචරියාවටද ලැබී ඇත. මෙය සංඝරාජ සාධුචරියාවට මතු නොව, එය මහනුවර යුගයෙහි පැවති භාෂා ශෛලියක් ලෙස දැක්විය හැකිය. සංඝරාජ සාධුචරියාවෙහි අවසාන භාගයෙහි එන ‘‘...නරවරා කරදරා ගෙන හැරා සුරවරා විලසිනා ඒ දළදා මණ්ඩපය මතු මහල්තල සො`දින් වඩිමිනා සිටිමිනා පුරපුරා ලකතුරා ඇවිදිනා සිටිමිනා නෙතුපුරා බල බලා සිතු පුරා පුද පුදා ව`දිමිනා යන ලෙසින්...’’ යනාදි වශයෙන් තත් භාෂා ශෛලිය උපයුක්ත කොට ගෙන තිබේ. මෙයින් පැහැදිලි වන කාරණයත් නම් ආයිත්තාලියද්දේ මුහන්දිරම් භාෂා ශාස්ත‍්‍රය පිළිබ`දව යම් අවබෝධයකින් සිටි බවයි. එසේම පූර්වයෙන් රචිත කෘතීන්ද කියවා අවබෝධයක් ලබා තිබේ. වර්තමානයේ පවා භික්‍ෂූන් වහන්සේලාගේ සේවය අගයමින් චරිත කතා ලිවීමේ සම්ප‍්‍රදායක් දක්නට ලැබේ. වර්තමානයේ යුගයේ භික්‍ෂූන් වහන්සේලාගේ චරිත කතා ලිවීමේදී බෙහෙවින් අනුගමනය කරන්නේ සංඝරාජ සාධුචරියාව බව පියනන්ද හිමියෝ දක්වති. මේ අනුව බලන කල්හි සංඝරාජ සාධුචරියාව සමකාලීන තොරතුරු ගවේෂණය කිරීමෙහිලා ප‍්‍රබල සාධකයක් බව පැහැදිලි ලක්‍ෂණයකි. ‘‘අටළොස්වන සියවසේ ශාසනික හා ශාස්ත‍්‍රීය ඉතිහාසය සොයන්නවුන්ට සංඝරාජ සාධුචරියාව තරම් අගනා ලියවිල්ලක් මහනුවර සාහිත්‍යයේ මේ තාක් හමු වී නැති බව මතක තබා ගත යුත්තකි’’ යනුවෙන් පුඤ්චිබණ්ඩාර සන්නස්ගලගේ අදහසට අනුව තත් කාරණය මනාව සනාථ වේ. සංඝරාජ සාධුචරියාව මහනුවර යුගයේදීම තත්කාලීන තොරතුරු සංග‍්‍රහ කොට රචනා කළ බැවින් මෙලෙස දක්වන්නට ඇත. උක්ත උපුටනයට අනුව සංඝරාජ සාධුචරියාව සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන කෘතියක් මතුනොව, ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරන ඉතිහාස ග‍්‍රන්ථයක් වශයෙන්ද වැදගත් වේ. ‘‘මහනුවර යුගයේ සාහිත්‍ය ග‍්‍රන්ථ අතරින් 18 වන සියවසේ ශාසනික හා ශාස්ත‍්‍රීය ඉතිහාසය හැදෑරීමට ද, එකල පොදු වහර දැන ගැනීමට ද මෙම කෘතියෙන් ලැබෙන පිටුවහල විශාල ය. ’’ යන උද්ධෘතයට අනුව ප‍්‍රස්තුත කෘතියෙහි වැදගත්කම මනාව අනාවරණය වේ. යථොක්ත කරණු දෙස අවධානය යොමු කිරීමේදී ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව චරිතකතාවක් වශයෙන් හ`දුනාගැනීම යුක්තියුක්තය. එය හුදෙක් චරිතකතාවක් වශයෙන් පමණක් ලඝු කොට සැලකිය හැකි කෘතියක් නොවන වග පිළිගත යුතු වේ. මහනුවර යුගයෙහි දේශපාලනික, සංස්කෘතික, ආගමික හා අධ්‍යාපනික යන සෑම අංශයක්ම සංඝරාජ සාධුචරියාව තුළින් පිළිබිඹු වන බව අවබෝධ කරගත හැකිය.

Posted by kawshalya sanadaruwan dissanayake at 11:13:00 PM

සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය
සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද සාකච්ඡුාවට බ`දුන් කිරීමට මත්තෙන් ‘‘අන්තර්භාෂා සම්පර්කය’’ යනු කුමක්දැයි පැහැදිලි කරගත යුතු වෙයි. අන්තර්භාෂා සම්පර්කයයනු භාෂාවන් අතර ගැටීමයි. එනම් ලොව කිසිදු භාෂාවක් ස්වයංව නිෂ්පාදනය වී අන්‍ය භාෂාවන් සම`ග සම්මිශ‍්‍රණය නොවී පැවතිය නොහැකි වීමයි. සෑම භාෂාවක් අන්‍ය භාෂා සම`ග ගැටීම නිසා එබ`දු භාෂාවල එන සංකල්ප මෙන්ම වචනද ස්වකීය භාෂාව තුළට ඇතුළත් කොටගෙන ඇත. භාෂාවක් අන්‍ය භාෂාවක් කෙරෙහි බලපවත් වන්නේ කෙසේද යන්න කෙරෙහි භාෂා විචාරකය්ගේ අවධානයට යොමු වී ඇත. ‘‘කිසියම් භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපවත්වන්නේ කෙසේද? යනු සිතා බලමු. භාෂා විචාරකයන් කියන පරිදි වෙළ`දාම-දේශපාලන සම්බන්ධය, ආගම් ප‍්‍රචාරය කිරීම, අන්‍ය ජාතියක් තවත් ජාතියක් පාලනය කිරීම, එක රටක වැසියන් තවත් රටකට ගොස් වාසය කිරීම යනාදි කරුණු නිසා භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපවත්වයි’’. මේ අනුව භාෂාවක් තවත් භාෂාවක් කෙරෙහි බලපැවැත්වීම උදෙසා විවිධ කරුණු හේතු වන බව පෙනේ. අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද අධ්‍යයනය කිරීමෙහිදී තත්කාලීන සමාජයෙහි අධ්‍යාපනික තත්ත්වය හා තත්කාලීන භාෂාවෙහි පවත්නා ස්වභාවය අවබෝධ කරගැනීම අතිශයෝපචිත වේ. එසේම ප‍්‍රස්තූත භාෂාව නියෝජනය කරන භාෂා පවුල පිළිබ`දව අවබෝධයෙන් සිටීමද වැදගත්ය. සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සම්පර්කය පිළිබ`ද කෙරෙන කතිකාවතේදී මහනුවර යුගයෙහි භාවිත භාෂා ශෛලිය පිළිබ`දව අවධානය යොමු කිරීම වැදගත් වේ. සම්භාව්‍ය සාහිත්‍යයෙහි බි`දවැටීම සනිටුහන් කරන මහනුවර සමය අන්කිසි කාලයක නොවූ පරිදි විදේශීය ආධිපත්‍යයටද නතු විය. මුහුදුබඩ ප‍්‍රදේශ පෘතුග‍්‍රීසි, ලන්දේසී හා ඉංග‍්‍රීසි ආදි ජාතීන් බලය තහවුරු කරගෙන තිබූ බැවින් ඔවුන්ගේ භාෂාවන්ගේ බලපෑම ක‍්‍රම ක‍්‍රමයෙන් රට අභ්‍යන්තරයට පිවිසෙන්නට ඇත. අවසානයේ රාජ්‍ය බලයද ඔවුන් හිමි කරගත් බැවින් ඔවුන්ගේ භාෂාවල බලපෑම සිංහල භාෂාව තුළ ඒකාන්තයෙන්ම දැකිය හැකිය. ඉංග‍්‍රීසීන් මෙරට පාලනය කරන අවධියෙහි මෙරට ජනයා ඔවුන්ගේ භාෂාව ඉගෙනීමට ඉමහත් ප‍්‍රයත්නයක් දැරූහ. ඉංග‍්‍රීසි භාෂාව උගත් පිරිසට රජයේ විවිධ තනතුරු හා ප‍්‍රතිලාභ ලැබිණි. මේවා පිළිබ`ද මෙහි විසූ ජනයාට ලෝභයක් උපන්නේය. එබැවින් ඔවූහූ ඉංග‍්‍රීසි භාෂාව උගැන්මට බෙහෙවින් උත්සුක වූහ. මේ හේතුවෙන් ඔවුන්ගේ භාෂාවේ වචන පමණක් නොව සමහර වචන ලිවීම ස`දහා වෙනම අක්‍ෂරද සිංහල වර්ණමාලාව තුළට ඇතුළත් කරගනු ලැබිණි. ඒ ස`දහා හො`දම නිදර්ශනය වනුයේ ඉංග‍්‍රීසි භාෂාවෙහි එන ‘‘ත්‍’’ අක්‍ෂරය රචනය ස`දහා සිංහල භාෂාව තුළ අලූතෙන් ‘‘’’ නමැති අක්‍ෂරය නිර්මාණය කරගැනීමයි. ඉංග‍්‍රීසීන්ගේ මෙන්ම ඔවුන්ට පෙර මෙරටට සංක‍්‍රමණය වූ පෘතුග‍්‍රීසි හා ලන්දේසීන්ගේද ප‍්‍රාධාන පරමාර්ථයක් වූයේ ලක්දිව තුළ ඔවුන්ගේ ධර්මය වූ ක‍්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීමයි. මේ නිසා ක‍්‍රිස්තියානි දහමේ එන ඇතැම් සංකල්පයන්ද මෙරට ජනයාට සමීප කිරීමට අවශ්‍ය විය. ඒ ස`දහා ඔවූහු සිංහල භාෂාවෙන් ග‍්‍රන්ථ සම්පාදනය කළහ. මෙය මහනුවර සමයෙහි මෙරට විසූ ජාකෝමේ ගොන්සාල්වේස් ප`ඩිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. ඔවුන්ගේ සංකල්ප මෙරට ජනයාට සමීප කිරීමෙහිදී ඔවුන්ගේ භාෂාවේ බලපෑම නිරායාසයෙන්ම ලැබුණි. මහනුවර සාහිත්‍යයෙහි විශේෂ ලක්‍ෂණයක් ලෙස ක‍්‍රිස්තියානි සාහිත්‍යයක් ඇරඹීම දැක්විය හැකිය. භාෂාවක් තුළ වචන අන්තර්ගත වීමේදී ක‍්‍රම ත‍්‍රිකයක් බලපාන බව සිදත් ස`ගරා කතුවරයා දක්වයි. එනම්, නිපන් හෙවත් නිෂ්පන්න තසම හෙවත් තත්සම තබව හෙවත් තද්භව වශයෙනි. සිදත් ස`ගරාව තුළ එය මෙසේ දැක්වෙයි. ‘‘වෙන වෙන දෙක නිපන් - තසම තබවැයි එ තෙබේ කිසි අන් බසින් නුමුසු - හෙළදඅවැ පළ නිපන් නම්’’ ‘‘මගද සකු ඈ බණ - සම වූ බස තසම නම් බි`දුණේ තබව නම් වී - විමසා දනු එහි පියෝ’’ (ධාතුප‍්‍රකෘතිය, ශබ්දප‍්‍රකෘතිය යන දෙක වෙන් වෙන් වශයෙන් නිෂ්පන්නප‍්‍රකෘතිය, තත්සමප‍්‍රකෘතිය, තද්භවප‍්‍රකෘතය යි කියා තුන් තුන් ප‍්‍රභේද ඇත්තේ වේ. අන්කිසිභාෂායෙකින් මිශ‍්‍ර නො වූ සිංහලද්වීපවාසීන් කෙරෙහි ම ප‍්‍රසිද්ධ වූ වචනය නිෂ්පන්න නම් වේ. මගධ, සංස්කෘත ආදි අන්‍යභාෂාවන්ගේ වචන හා සමාන වූ වචනය තත්සම නම් වේ. එබ`දු අන්‍යභාෂා වචනයෙකින් බි`දුණේ හෙවත් ම`දත් වෙනස් ව ව්‍යවහාර වූයේ තද්භව නම් වේ. මෙසේ ප‍්‍රකෘතීන් දෙදෙනාගේ වෙන් වෙන් වශයෙන් වූ තුන් ප‍්‍රභේදයෙන් සවැදෑරුම් ප‍්‍රකෘතිහුගේ යෙදුම් පරීක්‍ෂාකොට බලා අවබෝධ කරව* මේ අනුව සෑම භාෂාවකම වචන නිෂ්පන්න, තත්සම හා තද්භව වශයෙන් ප‍්‍රභේදගත කළ හැකිය. නිෂ්පන්න යනු වෙනත් භාෂාවන් සම`ග නුමුසු එම භාෂාවෙහිම උපන් වදන් වේ. තත්සම යනු වෙනත් භාෂාවන්ගේ වචන ස්වකීය භාෂාව තුළද ඒ අයුරින්ම අන්තර්ගත වීමයි. මෙහිදී සිදත් ස`ගරා කතුවරයා දක්වන්නේ පාලි හා සංස්කෘත භාෂාවන්ගේ එන වදන් එලෙසින්ම සිංහල භාෂාව තුළද දැකිය හැකි බවට උදාහරණ පමණයි. උදාහරණයක් වශයෙන් කරධාතුව සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා තුනෙහිම පවතින බවයි. එහෙත් පාලි, සංස්කෘත භාෂාවල එන වචන පමණක්ම නොව, ඉංග‍්‍රීසි, දෙමළ වැනි භාෂාවන්ගේ වචනද සිංහල භාෂාව තුළ තත්සම වී තිබෙනු දක්නට ලැබේ. තබවයන්නෙන් දක්වන්නේ වෙනත් භාෂාවන්ගේ වචන සිංහල භාෂාවට ගැළපෙන පරිදි බි`දගැනීමයි. තද්භවයන පදයෙන් එයින් බි`දගත් යන අරුත ලැබේ. මේ අනුව භාෂාවක් නිර්මාණය වීමේදී ඒ භාෂාව තුළ අන්තර්ගත වචන ප‍්‍රභේද ත‍්‍රිත්වයකින් සමන්විත බව හෙළ වියරණකරුවන්ගේ මතයයි. එහෙත් භාෂාවෙහි එන වචන අතුරින් ඒකාන්ත වශයෙන්ම මේ මේ වචනය නිෂ්පන්න හෝ තත්සම හෝ තද්භව හෝ වන්නේ යැයි නිගමනය කිරීම භාෂාව පිළිබ`ද ප‍්‍රවීනයන් පවා අපහසුවට පත් කරන්නකි. සිංහල භාෂාව සම්බන්ධයෙන්ද තත් කාරණය එසේමය. එසේම සමහර වචන කාලානුරූපව පරිණාමය වන ඒවාද ඇත. උදාහරණයක් වශයෙන් පොළොන්නරු යුගයෙහි දෙමළ බලපෑම හේතුවෙන් එම යුගයෙහිදී සිංහල භාෂාවට අන්තර්ගෘහිත වූ දමිළ වචන බහුලය. එහෙත් සිංහලය කෙරෙහි දෙමළ භාෂාවෙහි බලපෑම කාලාන්තරයක් තිස්සේ සිදු වූවකි. එය සිංහල භාෂාවේ ආරම්භයේ පටන්ම සිදු වූ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. මේ නිසා සිංහල භාෂාව ද්‍රාවිඪ භාෂා ගණයට හෙවත් අනාර්ය භාෂා ගණයට අයත් බවට ඇතැම්හු තර්ක කරති. නමුදු එබ`දු මත ඉදිරිපත් කළ උගත්‍ග ගුණවර්ධන ආදීන්ට ස්වකීය මතය සනාථ කරගැනීමට නොහැකි වීය. කෙසේ වුවද පොළොන්නරු යුගයේ පමණක් නොව, සිංහල භාෂාවෙහි ආරම්භයේ සිට අද්‍යතනය දක්වාමත් දෙමළ භාෂාවෙහි බලපෑම සිංහල භාෂාවට ලැබෙන බව පැහැදිලි කාරණයකි. මහනුවර යුගයෙහිදීද උක්ත භාෂාවේ බලපෑම එලෙසින්ම සිංහල භාෂාවට ලැබුණි. තත් කාරණය සංඝරාජ සාධුචරියාවටද පොදු වූ බව හිස්ඇල්ලේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. ‘‘... නුවර කාලයට අයත් සෑම ග‍්‍රන්ථයකම වාගේ තනි ද්‍රවිඩ වචන යෙදී තිබෙන අයුරු දැක්ක හැකිය. රාජාවලිය, සඞිඝරාජ සාධුචරිතය ආදි ගද්‍ය කාව්‍යවලින් හා කව්මුතුහර, කව්මිණි කොෙ`ඩාල, කව්මිණි මල්දම ආදි පද්‍ය ග‍්‍රන්ථවලින්ද ඒ බව පැහැදිලි වෙයි’’. යථොක්ත උපුටනයට අනුව සංඝරාජ සාධුචරියාවටද ද්‍රවිඩ වචන අන්තර්ගත වී ඇත බව ස්ඵුට වේ. වර්තමානයෙහි පවා පණිවිඩයන වචනය භාවිත වේ. මෙය දෙමළ පණිවිෙඩෙයන්නෙන් සිංහලයට ආ තත්සම වචනයකි. එහි අරුත අර්ථය හෙවත් සේවාව (ීැරඩසජැ* යන්නයි. එහෙත් සිංහලයට ඒමේදී අර්ථය වෙනසකට බ`දුන් වී ඇත. සිංහලයේ ඒ ස`දහා දී ඇති අර්ථය වන්නේ සන්දේශය, පණිවිඩය (ඵැිි්ටැ* යන්නයි. පාඩම්යන පදය දෙමළ ධාතුවකි. එය සිංහලය තුළ පාඩම් කරනවායනුවෙන් භාවිත කරනු ලැබේ. තවද භාෂා සංස්පර්ශය තුළින් හෙවත් ඍණීකරණය ම`ගින්ද භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ඇතුළත් වේ. මෙය දෙයාකාරයකින් සිදු වන බව වාග්වේදීහු පෙන්වා දෙති. එනම්, සම්භාවනා පරමාර්ථය ඌණපූර්ණ පරමාර්ථය වශයෙනි. තමා ව්‍යවහාර කරන භාෂාවට වඩා උසස් යැයි සැලකෙන භාෂා සම්ප‍්‍රදායවල භාෂා ලක්‍ෂණ ණයට ගැනීම හා කතාබහේදී ඒවා අනුකරණය කිරීම සම්භාවනා පරමාර්ථයයි’. සමාජ ස්ථර වශයෙන් ඉහළට යෑමටද ජනයා මේ තුළන් බලාපොරොත්තු වේ. උදාහරණයක් වශයෙන් මවහෙවත් අම්මා හැ`දින්වීම ස`දහා මමීයන වචනය භාවිත කිරීම දැක්විය හැකිය. ඌණපූර්ණ පරමාර්ථයයනු සංස්කෘතික සංස්පර්ශය නිසා ස්වකීය සමාජය තුළ නැති යම් යම් සංස්කෘතිකාංග හා එහි දැනුම සමාජයට සංක‍්‍රමණය වීමේදී ස්වභාෂාවේ අඩු-පාඩු පිරිමසාගැනීම ස`දහා සිදුවන භාෂාමය ඍණීකරණයයි. උදාහරණයක් වශයෙන් ක්‍්රයන පදය කාර් එකහෝ කාරයවශයෙන් සිංහල භාෂාව තුළ භාවිත වීම දැක්විය හැකිය. සංඝරාජ සාධුචරියාවට බෙහෙවින්ම බලපාන ලද භාෂාව නම් සංස්කෘත භාෂාවයි. සංස්කෘත වචන තත්සම හා තද්භව යන ආකාරද්වයටම මෙම කෘතිය තුළ අන්තර්ගත වී ඇත. ග‍්‍රන්ථාරම්භ කරන්නේද සංස්කෘත තත්සම ෙඡ්දයකිනි. ‘‘ස්වස්ති ශ‍්‍රී සාර විරාජිත ලංකාතල රාජ්‍ය ධුරන්ධර අසද්‍රිශාඥා තෝජෝබල පරාක‍්‍රම සමන්විත රත්නත‍්‍රය සරණ පරායණ ශ‍්‍රද්ධා බුද්ධි ගුණෝපලක්‍ෂිත විශුද්ධාතිප‍්‍රවරතර ජිනශාසනාභිවෘද්ධිකාමී වූ කීර්ති ශ‍්‍රී රාජසිංහාභිධාන නරේන්ද්‍රෝත්තමයාණන් වහන්සේ විසින් ශ‍්‍රී සන්නස් අන`ගි ප`ඩුරු පරිවාර ජන සහිත අමාප්ත්‍යවරුන් ශ්‍යාමින්ද දේශාධිපති ධාර්මික මහාරාජෝත්තමයාණන්ට යවා ප‍්‍රවර උපාලි මහාස්ථවිර ප‍්‍රමුඛ අතිරේක දශ වර්ග මහාසංඝයා ගෙන්වීමෙන් කරන ලද උපසම්පදා මංගල්‍යාදි සකල ශාසනාභිවෘද්ධියෙහි මූලාධාර භාවයෙන් ගුරූපදේශයට පැමිණ....’’ සංස්කෘත වදන් මෙන්ම පාලි වචනද සංඝරාජ සාධුචරියාව තුළ දැකිය හැකිය. විනය ග‍්‍රන්ථවල එන වචන කතුවරයා එලෙසින්ම මෙම කෘතිය තුළට අන්තර්ගත කොට ඇත. පාලි භාෂාවෙහි වචන ගැනීමේදීද තත්සම හා තද්භව යන සිදත් ස`ගරා නතුවරයා පෙන්වා දුන් ක‍්‍රම දෙකම අපකතු අනුුගමනය කළ බවට ශඞිකා නැත. පටිග්ගහණයන පෙළ වචනයෙහි අර්ථය වනුයේ පිළිගැනීම, භාරගැනීම යන අර්ථයි. පටිපූර්ව ගහ ධාතුවෙන් නිපන් වර්තමාන කෘදන්ත පදයකි. මෙහි එන සංඝකර්මයන පදය විනයකර්ම යන අර්ථයෙන් යොදා ඇත. උපසම්පදා විනයකර්මය ස`දහා මෙය භාවිත කොට ඇත. මෙය පාලි තත්සම වචනයකි. පිණ්ඩපාතයනු භික්‍ෂූන් වහන්සෙලා විසින් ගන්නා ලද ආහාරය ස`දහා යොදන නාමයයි. භික්‍ෂූන් වහන්සේ නමකගේ ශාසනික ප‍්‍රතිපදාවේදී පිණ්ඩපාත කිරීම අනිවාර්ය අංගයකි. මෙයද පාලි තත්සම වදනයකි. අනින්දිතාංග කප්පිය වෝහාරයෙන් කුලාචාර සතිපට්ඨාන ශ‍්‍රැතිගෝචර භාෂා යෝජනය හා තච්ýල්ප ලක්‍ෂණ අද්‍යතන යුගයෙහි තරම් මුද්‍රණ කටයුතු සුලභ නොවූ පෞරාණික යුගයෙහි ග‍්‍රන්ථකරණය ඉතා අපහසුවෙන් සිදු වූවකි. වර්තමානයේ මෙන් නොව, තත් යුගයෙහි එක් එක් කරුණු පදනම් කරගනිමින් ග‍්‍රන්ථ රාශියක් සම්පාදනය නොවීය. පුරාණ සම්භාව්‍ය හෙළ සාහිත්‍යක්‍ෂේත‍්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කාරණයක් නම් බොහෝවිට එබ`දු ග‍්‍රන්ථ රචනා කොට ඇත්තේ කියවා රස වි`දීමට නොව, අසා රසා වි`දීමටය. එනම් කරණරසායනය පිණිසය. කියවීමට ශක්‍යතාව ඇති පුද්ගලයකු මනෝනන්දනීය ලෙස කෘතිය කියවන අතර සෙසු පිරිස ඔහු වටා රොක් වී ශ‍්‍රවණය කරති. මේ නිසා පුරාතන යුගයෙහි ශ‍්‍රාවක පිරිස් බෙහෙවින් නිර්මාණය වූහ. පුරාතන සාහිත්‍ය ශ‍්‍රවන මාධූර්යයයෙන් නිර්මාණය කිරීමට කතුවරුන් යත්න දැරුවේද මේ හේතුව නිසාය. ඇසීමට හෙවත් ශ‍්‍රැතියට බුදුදහම තුළ ලැබෙනුයේද සුවිශේෂී ස්ථානයකි. බොහෝ ඇසූ පිරූ පුද්ගලයා බහුශ‍්‍රැතයෙකුලෙස සමාජයේ බුහුමනට පාත‍්‍ර විය. එකල උගත්කම මැනීමේ ප‍්‍රධාන ලක්‍ෂණය වූයේද මෙම බහුශ‍්‍රැතික භාවයයි. තත් කාරණය පිළිබ`ද සුඛාවබෝධය උදෙසා සම්භාව්‍ය ග‍්‍රන්ථ කොරෙහි අපගේ අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත්් වේ. ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායක් දැකිය හැකි ගද්‍ය ග‍්‍රන්ථයක් ලෙස බුත්සරණ හ`දුන්වාදිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදි බුදුගුණ වර්ණනා කරමින් රචිත මෙම කෘතිය විදග්ධප‍්‍රිය සංස්කෘත තත්සම වාග්බාහුල්‍යයෙන් රචනා වූවකි. තත් ග‍්‍රන්ථය විචාරාක්‍ෂියෙන් විමසීමෙන් උක්ත කාරණය සනාථ කරගත හැකිය. ‘‘ ඉක්බිති ලෝකාචාර්ය වූ අනාචාර්ය වූ ධර්මචක‍්‍රවර්තී වූ ධම_ධ්වජ වූ ත‍්‍රිභුවනචූඩාමාණික්‍ය වූ දශබලධාරී වූ චතුවෛ_ශාරද්‍ය විශාරද්‍ය වූ අසමසම වූ අප‍්‍රතිපුද්ගල වූ ආශ්චර්යනිධාන වූ සමන්තභද්‍ර වූ අකුතෝභය වූ ලෝකාලෝක දිවාකර වූ මුළුලොවට පිහිට වූ ලෝකස්වාදී වූ නෙත්‍රෝත්සවයට නිධාන වූ ස්වාදි දරුවාණන් වහන්සේ කල්හිම් බලා මේ පෙළහර පානට සුදුසු යැයි නිශ්චය කොට කිසි චකිත කමක් නැතිව, කිසි ශඞිකාවක් නැතිවැ....’’ සකු තත්සම වාග්බාහුල්‍යය නිසා ශ‍්‍රවණ මාධූර්යය ජනිත වේ. එබැවින් පාඨකයාගේ අවධානය ඒ ස`දහා යොමු වේ. කලා කෘතියක ශබ්ද හා අර්ථ යන රසද්වයම අන්තර්ගත විය යුතුය. එහිදී ප‍්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු වනුයේ ශබ්ද රසයටය. අර්ථ රසය කෙරෙහි අවධානය යොමු කෙරෙනුයේ තදනන්තරවය. එකම අර්ථය ඇති වචන රාශියක් යොදාගෙන ඇත්තේ මෙලෙස අර්ථ රසයට ප‍්‍රමුඛත්වයක් දීමෙහිදීය. ග‍්‍රන්ථකරණය සුලභ නොවූ පෞරාණික යුගයෙහි මෙම ශිල්ප ලක්‍ෂණය භාවිත කොට ඇත. එබැවින් බුත්සරණ ශබ්ද න`ගා කියවීමෙන් අදද පාඨකයා හා ශ‍්‍රාවකයා යන දෙපාර්ශ්වයම ජීවිත පරිඥානයක් මෙන්ම රසවින්දනයන්ද ලබයි. මෙම ක‍්‍රමවේදය මහනුවර යුගයෙහි රචිත සංඝරාජ සාධුචරියාවටද අවශෝෂණය කිරීමට කතුවරයා උත්සහගෙන ඇත. ඔහු කෘතිය ආරම්භ කරනුයේද සංස්කෘත තත්සම ෙඡ්දයකිිනි. ‘‘ස්වස්ති ශ‍්‍රී සාර විරාජිත ලංකාතල රාජ්‍ය ධුරන්ධර අසද්‍රිශාඥා තෝජෝබල පරාක‍්‍රම සමන්විත රත්නත‍්‍රය සරණ පරායණ ශ‍්‍රද්ධා බුද්ධි ගුණෝපලක්‍ෂිත විශුද්ධාතිප‍්‍රවරතර ජිනශාසනාභිවෘද්ධිකාමී වූ කීර්ති ශ‍්‍රී රාජසිංහාභිධාන නරේන්ද්‍රෝත්තමයාණන් වහන්සේ විසින් ශ‍්‍රී සන්නස් අන`ගි ප`ඩුරු පරිවාර ජන සහිත අමාප්ත්‍යවරුන් ශ්‍යාමින්ද දේශාධිපති ධාර්මික මහාරාජෝත්තමයාණන්ට යවා ප‍්‍රවර උපාලි මහාස්ථවිර ප‍්‍රමුඛ අතිරේක දශ වර්ග මහාසංඝයා ගෙන්වීමෙන් කරන ලද උපසම්පදා මංගල්‍යාදි සකල ශාසනාභිවෘද්ධියෙහි මූලාධාර භාවයෙන් ගුරූපදේශයට පැමිණ....’’ සංඝරාජ සාධුචරියා කතුවරයා මෙලෙස සංස්කෘත ගෞඞී රීතිය ස්වකීය කෘතිය උදෙසා ඉවහල් කරගැනීමෙන් සම්භාව්‍ය භාෂා සම්ප‍්‍රදායයට අනුගත වීමට ඔහු දැරූ ප‍්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය. මහනුවර යුගය සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලියට වඩා බෙහෙවින් ප‍්‍රචලිත වූ භාෂා සම්ප‍්‍රදාය වූයේ ගැමිවහරයි. එසේම දෙමළ භාෂාවෙහි දැඩි ඇසුරක්ද මෙම යුගයෙහි ග‍්‍රන්ථාශ‍්‍රයෙන් විද්‍යමාන වන ලක්‍ෂණයකි. උක්ත සම්ප‍්‍රදායද්වයෙන්ම බැහැර වී සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලිය අනුගමනය කිරීමෙන් ඔහු සම්භාව්‍ය යුගයට පිවිසීමට ගත් උත්සහයක් ලෙස සිතිය හැකිය. ස්වකීය ආධ්‍යාශය වඩාත් නිරවුල්ව සහ පැහැදිලිව පාඨක හා ශ‍්‍රාවක පර්ෂදයන් උදෙසා සන්නිවේදනය කිරීමට පාලි ගාථා හෝ සංස්කෘත ශ්ලෝක ඇතුළත් කිරීම එක් ශිල්ප ලක්‍ෂණයක් ලෙස හ`දුන්වාදිය හැකිය. මෙම ක‍්‍රමවේදය සම්භාව්‍ය ග‍්‍රන්ථයන්හි ප‍්‍රකටව විද්‍යමානය. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ, උම්මග්ග ජාතකය ආදි බොහෝ ගද්‍ය කෘතීන්හි මෙම සුවිශේෂී ලක්‍ෂණය අන්තර්ගතව ඇත. මේ නිසා ශ‍්‍රාවක පර්ෂදයට ග‍්‍රන්ථය පිළිබ`ද ඇති අවධානය තීව‍්‍ර වේ. ශ‍්‍රාවක මනස ඒකාකාරී ස්වරූපයෙන් මිෙ`ද්. ගද්‍ය මෙන් නොව පද්‍ය තාලානූරූපව ගැයීම නිසා ආහ්ලාදයක්ද ලබයි. පාලි ගාථා, සංසකෘත ශ්ලෝක හෝ සිංහල පද්‍ය ග‍්‍රන්ථයන්ට ඇතුළත් කිරීමෙන් කතුවරුන් උත්සහ කළේද ශ‍්‍රාවක අවධානය තීව‍්‍ර කිරීම බව පැහැදිලිය. එසේම ඒ තුළින් තමන් කීමට යන අදහස මූලාශ‍්‍රගත තොරතුරුවලින් සනාථ වීමක්ද සිදු වේ. අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද තත් සම්ප‍්‍රදායට අනුගත වීමට ප‍්‍රයත්න දැරූ බවට ස්්වකීය කෘතිය තුළ සංස්කෘත ශ්ලෝකයක් සහ පාලි ගාථා යොදා තිබීම නිදර්ශන වශයෙන් පෙන්වාදිය හැකිය. ‘‘ නිච්චං සීල විභූසණෝ ගුණධනෝ සන්තින්ද්‍රියප්පිච්ඡුකෝ සල්ලේඛෝ පටිපත්තිසාර විමලෝ සිස්සාලි පංකේරුහෝ ලංකාසාසන අම්බරීන්දුසදිසෝ සද්ධම්මසංජාතකෝ කාරුඤ්ඤෝ සරණංකරෝ යතිවරෝ වාදීභසීහෝ නිභෝ’’ ‘‘ යතිගණ මනරම්මේ සුන්දරේ කානනස්මිං සුකත නියමකන්දව්හේ විහාරේ වසන්තෝ සතපි අපර පත්චත්තියේ ගාථාසුපේත සු මුනිගුණඅලංකාරාදිකේ නූතනේන’’ උක්ත පද්‍යයන් ධී ශක්තියෙන් සපරිපූර්ණ යැයි කිසිවිටෙකත් සැලකිය නොහැකිය. එහෙත් ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදාය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් උක්ත ලක්‍ෂණය බෙහෙවින් වැදගත් වේ. පාලි ගාථාවන් වූ බැවින් තාලානුරූපව ගායනා කිරීමටද හැකියාව ලැබේ. ගායනය යනු ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රාදයට අයත් සුවිශේෂී වූ ශිල්ප ලක්‍ෂණයකි. එකම ක‍්‍රමවේදයකට ග‍්‍රන්ථය කියවීමෙන් වෙහෙසට පත් පාඨකයා මෙන්ම ග‍්‍රන්ථය පිළිබ`දව අවධානයෙන් සිටි ශ‍්‍රාවකයාද මෙහිදී විශ‍්‍රාමයට පත් වේ. එබැවින් ග‍්‍රන්ථය පිළිබ`දව අවධානය තවදුරටත් තීව‍්‍රව රැුගෙන යාමට පාඨක හා ශ‍්‍රාවක යන පර්ෂද්වයටම හැකි වේ. සංඝරාජ සාධුචරියාව තුළ බෙහෙවින් දක්නට ලැබෙන තවත් ලක්‍ෂණයක් නම් දීර්ඝ වාක්‍ය භාවිතයයි. මෙයද ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායට අයත් තවත් ලක්‍ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය. ඉතා දීර්ඝ වැකකි බෙහෙවින්ම දක්නට ලැබෙනුයේ සංස්කෘත සාහිත්‍ය තුළය. සංස්කෘත ගද්‍ය කෘතිවල මෙම ලක්‍ෂණය අනූනය. සංස්කෘත සාහිත්‍යයට පමණක් නොව පුරාණ සම්භාව්‍ය සිංහල ග‍්‍රන්ථ තුළද මෙම ලක්‍ෂණය සුලබව දැකිය හැකිය. කෙටි වැකි පමණක් ග‍්‍රන්ථයට ඇතුළත් කිරීමෙන් එය ශ‍්‍රාවක මෙන්ම පාඨක පර්ෂදයද විඩාවට පත් වේ. විශ‍්‍රාමයට කරුණක් නොවේ. මේ නිසා ප‍්‍රස්තූත කෘතියෙහි දීර්ඝ වැකි දක්නට ලැබීම තත් කෘතියෙහි ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායට අනුගත වූවක් ලෙස සැලකිය හැකිය. ‘‘මහෝත්සාහයෙන් මාතාපිතෲන් අනුදන්වාගෙන ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නම් මහා රාජෝත්තමයාගේ කාලයෙහි සූරියගොඩ මහාස්ථවීර සාමීන් ළ`ග නිවන් ස`දහා සාමණේර ප‍්‍රවෘජ්ජාවෙන් පැවිදිව සරණංකර සාමණේර නාමයෙන් ප‍්‍රසිද්ධ ව වත්පිළිවෙත් සරු ව පිණ්ඩපාත කිරීම එකලට නො පවතින නිසා පාත‍්‍රයෙවන් පමණ වළ`දමින්....’’ දීර්ඝ වාක්‍ය භාවිතය සංඝරාජ සාධුචරියාවට හෝ මහනුවර යුගයට පමණක් සීමා වූ භාෂා ශෛලියක් නොවීය. සිංහල සාහිත්‍ය තුළ දක්නට ලැබෙන බොහෝ සම්භාව්‍ය කෘතීන්හි මෙම සම්ප‍්‍රදාය භාවිතයට ගෙන ඇත. ශ‍්‍රාවක ජනයාගේ රසාස්වාදය තීව‍්‍ර කරන භාෂා ශෛලියක් ලෙස මෙම භාෂා ශෛලිය හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. උම්මග්ග ජාතකය, ජාතක පොත් වහන්සේ ආදි කෘතීන්හි කතුවරුන්ට මෙම භාෂා ශෛලිය බෙහෙවින් අභිමත විය. තත් කාරණය ස්ඵුට කරනු වස් ජාතක පොතෙහි එන පහත උපුටනය ගෙනහැර දැක්විය හැකිය. ‘‘භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහ විහාරයෙහි දිව්‍ය බ‍්‍රහ්ම ආර්යඊර්යපථ සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපි`ඩු මහ සිටාණන්ගේ යහළු වූ පන්සියයක් තීත්‍ථ_ක ශ‍්‍රාවකයන් අරඹයා මේ අපණ්ණක ජාතක ධම_දේශනාව කොට වදාළ සේක.’’ එහෙත් සම්පූර්ණ කෘතියම දීර්ඝ වැකිවලින් පමණක්ම රචනා කර තිබේ නම් එම කෘතිය පාඨකයාගේ හා ශ‍්‍රාවකයාගේ රසාපකර්ෂයට හේතු වේ. එබැවින් දීර්ඝ වාක්‍ය අතර කෙටි වැකි යොදා තිබීම අත්‍යන්තයෙන් වැදගත් ලක්‍ෂණයකි. දිගු වැකි අතර කෙටි වැකි යොදාගැනීම නිසා පාඨකයාට කෘතිය පිළිබ`ද නීරස බවක් ඇති නොකරයි. මෙම භාෂා සම්ප‍්‍රදාය කෙරෙහි කතුවරයා අවබෝධයකින් සිටි බව පෙනේ. ඔහු ස්වකීය කෘතියම දිගුවැකිවලින් පමණක් නිර්මාණය කිරීමට උත්සහ නොගත්තේය. එසේ කෙටි වැකි පමණක් භාවිතයෙන්ද කෘතිය පිළිබ`ද නීරස බවක් ඇති කරයි. මේ නිසා කෙටිවැකි පමණක්ම ස්වකීය කෘතියට යොදාගෙන නොමැත. ඔහු දිගුවැකි අතර කෙටිවැකි යොදා ගත්තේය. එය ශ‍්‍රැතිගෝචර භාෂා සම්ප‍්‍රදායෙහි විදග්ධ ලක්‍ෂණයකි. ‘‘පළමු කෙට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටු වීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය. ඒ පොත් තිබෙන්නේ පාළි භාෂාවෙන් ය. ඒ පාළි භාෂාව දැනගන්ට පාළි ව්‍යාකරණය දැන ගැනීමෙන් ම ඕනෑ ය.’’ මෙලෙස දිගුවැකි අතර කෙටි වැකි යොදාගැනීම නිසා පාඨකයාට ග‍්‍රන්ථය එකදිගට කියවන විට විඩාවක් නොදැනේ. ඔහු විශ‍්‍රාමයට පත් වේ. කෙටිවැකි භාවිත කිරීම අර්ථයෙහි සුඛාවබෝධය පිණිසද උපයුක්ත වේ. සංඝරාජ සාධුචරියා කතුවරයා දැන හෝ නොදැන කෙටිවැකි භාවිත කිරීම නිසා ග‍්‍රන්ථය කෙරෙහි පාඨකයා ආශක්ත වීමට හේතු වී ඇත. අලංකාර භාවිතයද කෘතියක අගය තීව‍්‍ර වීමට හේතුවන එක් කාරණයකි. කිසියම් පුද්ගලයෙකු හෝ යම්කිසි ස්ථානයක් හෝ පිළිබ`ද කතිකාවතකට යොමු කිරීමේදී ඒ ස්ථානය හෝ පුද්ගලයා වර්ණනයට පාත‍්‍ර කිරීම හෙළ සාහිත්‍ය වංශය තුළ දැකිය හැකි ලක්‍ෂණයකි. මෙහිදී බොහෝ ග‍්‍රන්ථවල වෙසෙසින් දැකිය හැකි වනුයේ උපමා, රූපක ආදි අලංකාරයන්ය. ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලිය ආරම්භ කරනුයේ ‘‘මහපොළෙවෙ සේ තුන්ලොවට පිහිට ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු ගුණ ඇති, ආකාශය සේ අනන්ත ගුණ ඇති, මහ මෙර සේ සාර ගුණ ඇති, ඉරු ම`ඩල සේ තේජස් ඇති, `ද ම`ඩල සේ සෞම්‍ය ගුණ ඇති, කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති, අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.....’’ ආදි උපමාවලියක් ඇසුරෙනි. අලංකාර යොදාගැනීම තුළින් දුර්වබෝධ තැන් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මේ නිසා ඕනෑම අපහසු කාරණයක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ග‍්‍රන්ථයක අලංකාර භාවිතය නිසා ග‍්‍රන්ථය වාර්තාවක් වීමේ සම්භාවිතාවෙන් ¥රස්ථ වේ. කියවීමට හෝ ශ‍්‍රවණයට දැඩි නැඹුරුවක් ඇති වේ. මෙම ලක්‍ෂණය සංඝරාජ සාධුචරියාව තුළද දැකිය හැකි වේ. එහෙත් පුරාණ සම්භාව්‍ය ග‍්‍රන්ථයන්හි දැක්වෙන පරිදි අලංකාර භාවිතයක් ප‍්‍රස්තූත කෘතිය තුළ දැකිය නොහැකිය. සංඝරාජ සාධුචරියාවට උපමාදි අලංකාරද යොදාගත හැකි වනුයේ ම`ද වශයෙනි. උක්ත කෘතිය චරිතකතාවක් වන බැවිනි. සංඝරාජ සාධුචරියා කතුවරයා මෙම ලක්‍ෂණය ග‍්‍රන්ථාරම්භයේ යොදාගන්නා අතර ග‍්‍රන්ථය මැද හෝ අවසානයෙහි මෙබ`දු ලක්‍ෂණයක් දැකිය නොහැකිය. ඔහුගේ වර්ණනා විෂයට සෙන්කඩගල පුරවරය හසුවනුයේ මෙපරිද්දෙනි. ‘‘ශ‍්‍රීඝන චරණාරවින්ද ස්පර්ශයෙන් පවිත‍්‍ර වූ සමන්තකූට පර්වතාදි සොළොස්මස්ථානාදීන් සශ‍්‍රීක වූ ශ‍්‍රී ලංකාද්වීපයෙහි සෙංඛණ්ඩශෛලාභිධාන ශ‍්‍රී වර්ධනපුර ප‍්‍රවරයෙහි....’’ සංඝරාජ සාධුචරියා ග‍්‍රන්ථාවසානයෙහි භාෂාත්මක වශයෙන් තවත් වැදගත් කාරණයක් දක්නට ලැබේ. එනම් දළදා සිරිත ආදි කෘතීන්හි දක්නට ලැබෙන ‘‘වෘත්තගන්ධී’’ ශෛලිය අන්තර්ගතව තිබීමයි. වෘත්තගන්ධීයන්නෙන් වෘත්තයක සුව`ද වහනය වන යන අරුත ලැබේ. පද්‍යයක මෙන් සම්පූර්ණයෙන්ම වෘත්ත භාවිත කිරීමක් ගද්‍යයෙහිදී සිදු නොවේ. එසේම එසේ කළ නොහැක්කේද වේ. වෘත්තගන්ධී ලක්‍ෂණය කෙබ`දුද යන්න සංස්කෘත ආලංකාරිකයෝ මෙසේ පෙන්වා දුන්හ. ‘‘භවත්‍යුත්කලිකාප‍්‍රායං - සමාසාඪ්‍යං දෘඪාක්‍ෂරම් වෘත්තෛකදේශසම්බාන්ධාද් - වෘත්තගන්ධි පුන: ස්මෘතම්’’ (සමාස පදයන් බහුල කොට ඇති දැඩි අකුරු යුත් ප‍්‍රබන්ධය උත්කලිකප‍්‍රායනම් වේ. වෘත්තයන් පිළිබ`ද ඒකදේශක සම්බන්ධය ඇති හෙයින් වෘත්තගන්ධියයි නැවත සලකන ලදි.* වෘත්තගන්ධී ශෛලියේ සමාරම්භය සිංහල සාහිත්‍යයෙහි මුල් යුගයේ රචිත සිඛවළ`ද හා සිඛවළ`ද විනිස වැනි කෘතීන්හි පවා විද්‍යමාන වේ. එහෙත් තත්කාලීන ග‍්‍රන්ථයන්හි මෙම සම්ප‍්‍රදාය අල්ප වශයෙන් භාවිතයට ගෙන අත. නමුදු දැනට පිළිගත් මතයට අනුව සිංහල සාහිත්‍යාවලියෙහි වෘත්තගන්ධි ලක්‍ෂණ පිහිටුවා රචනා කරන ලද ප‍්‍රථම කෘතිය වන්නේ කුරුණැගල යුගයෙහි දෙව්රද දම්පස`ගිනා විසින් රචනා කරන ලද දළදා සිරිතයි. දළදා වහන්සේට පූජෝපහාර කරන අයුරු පිළිබ`දව හා දළදා ඉතිහාසය ගෙනහැර දක්වන උක්ත කෘතිය පිරිසි`ද හෙවත් පරිච්ෙඡ්ද සයකින් සමන්විත වේ. එහිදී උක්ත ශෛලිය භාවිතයට ගෙන ඇති අයුරු පිළිබ`දව අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ‘‘...එපින්වතුන් දක්වතුදු පස්බැලූම් බලා, විපුල්වත් උපුල්වත් එ කුල්මත් කිඹුල්වත් කිඹුල්වත් නමින් යුත් සපිරිසිරි එ පුරවර ඔකාවස් පරපුරෙනා රිවිකුලිනා රූසිරිනා වොර`දනා සුදෝනා එ නරනා රදු නිසා අමායා එ මායා රදු ස`ද මිණිකුස පිළිසි`ද කැරැු....’’ තවද මෙම සම්ප‍්‍රදාය සංස්කෘත තත්සමපද බාහුල්‍යයෙන් යුක්තව යොදාගැනීමට කතුවරුන් උත්සහ ගෙන ඇති බව නොරහසකි. එය කර්ණ රසායණය තීව‍්‍ර වීමට හේතුවන ප‍්‍රධාන සාධකයක් වූ බැවිනි . දළදා සිරිතෙන් ප‍්‍රධාන වශයෙන් ආරම්භ කරන මෙම භාෂා සම්ප‍්‍රදාය අතිශයින්ම කර්ණ රසායනය තීව‍්‍ර කිරීමට සමත් වු බැවින් පසුකාලීන දඹදෙණිඅස්න, කුවේණිඅස්න, සිහබාඅස්න ආදි අස්න ග‍්‍රන්ථයන් විෂයෙහි යොදාගෙන තිබේ. සංස්කෘත තත්සමපද බාහුල්‍යයෙන් යොදාගත් මෙම භාෂා ශෛලිය ඇතැම් විටෙක ශුද්ධ සිංහලයෙන් යොදාගැනීමට ඇතැම් කතුවරුන් උත්සහ ගෙන ඇත . සංඝරාජ සාධුචරියා කතුවරයාද උක්ත භාෂා සම්ප‍්‍රදායෙහි ආභාසය ලබාගෙන ඇති බව මොනවට ස්ඵුට වන කාරණයකි. දළදා සිරිත ආදි කෘතිවල එන වෘත්තගන්ධි ශෛලිය කතුවරයාට යොදාගැනීමට හැකි වූයේ ඔහු එබ`දු කෘතීන් පරිශිලනය කොට තිබූ හෙයිනි. ස්වකීය චින්තන ශක්තිය මෙහෙයවා මෙවැනි භාෂා සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමට තරම් ප‍්‍රතිභාවක් ඔහුට නොතිබුණි. එහෙත් උක්ත භාෂා සම්ප‍්‍රදාය අනුකරණය කිරීමට තරම් වූ ශක්‍යතාවකින් ඔහු හෙබියේය. සංඝරාජ සාධුචරියාවෙහි අවසාන භාගයෙහි ඔහු මෙම භාෂා ශෛලිය යොදාගත් බවට උදාහරණ ඇත. ‘‘... අනගි මණි රුවන් බැ`දි බුදුරුවන් මුව තඹර දිසි රනහසුන් බ`දු විමල දළදා වඩන ලද අනගි රන්රුවන් කර`ඩු හැර නේ සුරන් නිරතුරෙන් නෙක ලෙසින් වැ`ද පිදුම් ලද උතුම් ඒ දළදා හිමි ස`දුන් නරවරා කරදරා ගෙන හැර සුරවරා විලසිනා ඒ දළදා මණ්ඩපය මතු මහල්තල සො`දින් වඩිමිනා සිටිමිනා පුර පුරා ලකතුරා ඇවිදිනා සිටිමිනා නෙතු පුරා බල බලා සිතු පුරා පුද පුදා ව`දිමිනා යන ලෙසින්....’’ යථෝක්ත කරුණු අවධානය යොමු කිරීමේදී මහනුවර යුගයෙහි රචිත සංඝරාජ සාධුචරියාව වූකලී ශ‍්‍රාතිගෝචරත්වයට නැඹුරු වන අයුරින් රචනා කරන්නට එහි කර්තෘ ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් ප‍්‍රයත්න දරා ඇති බවයි. ඒ ස`දහා ඔහු පුරාණ සම්භාව්‍ය සාහිත්‍යයන්හි එන ශිල්ප ලක්‍ෂණ අධ්‍යයනය කොට ඒවා ස්වකීය කෘතිය තුළට අන්තර්ගත කොට ඇත. ගැමිවහර, කටවහර හා සංඝරාජ සාධුචරියාව මහනුවර සමය වනාහි ගැමිවහර, කටවහර සාහිත්‍යකරණය උදෙසා යොදාගත් යුගයක් ලෙස විද්වත් පිළිගැනීමයි. අනුරාධපුර යුගයේ සිට පැවත ආ සම්භාව්‍ය සාහිත්‍ය යුගය කොට්ටේ යුගයේදී අවසන් වේ. කෝට්ටේ යුගයේදී ලක්දිවට සංක‍්‍රමණය වූ පෘතුග‍්‍රීසීන් හා ඊට පසුව පැමිණි ලංදේසි මෙන්ම ඉංග‍්‍රීසි ජාතීහුද මෙලක වෙළ`ද හා දේශපාලනික බලය තහවුරු කරගත්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර සමයේ මුල්කාලය වන විට මෙලක පැවති ආගම හා සාහිත්‍ය විනාශ මුඛයට පත්ව තිබුණි. එය ප‍්‍රත්‍යෝත්පාදනය කළාහු සරණංකර සංඝරාජ මාහිමියෝය. උන්වහන්සේ හා මහනුවර යුගයේ සිටි අනෙක් විද්වත්හු ක‍්‍රම ක‍්‍රමයෙන් සාහිත්‍යකරණය උදෙසා පිවිසියහ. නිශ්චිතාකාර මාර්ගෝපදේශකයන් නොසිටි බැවින් ඔවූහු ස්වයංව අධ්‍යාපනය ලැබූහ. එහෙත් පැසුණු බුද්ධියකින් පරිපෝෂිත නොවූ ඔවුන් ග‍්‍රන්ථකරණය උදෙසා ඉවහල් කරගන්නා ලද්දේ ගැමිවහර හා කටවහරයි. සම්භාව්‍ය යුගයන්හි සාහිත්‍යකරණය උදෙසා ගැමිවහර, කටවහර භාවිතයට නොගත්තේ යැයි තර්ක කොට නිගමනය කිරීමට නොහැකිය. මුල්කාලීන කෘතිවල පවා තත් ලක්‍ෂණය දක්නට ලැබෙන බැවිනි. සාකච්ඡුා හා සංවාද අවස්ථාවන්හිදී උක්ත ලක්‍ෂණයන් භාවිත කිරීම සාමාන්‍ය ස්වභාවයයි. එය දෙපක්‍ෂයටම මෙන්ම ශ‍්‍රාවකයන්ටද අවබෝධ කරගැනීමට සුපහසු බැවිනි. ‘‘ව්‍යවහාර සිංහලය ලිවීමට ගත හැකිද?’’ යන්න පිළිබ`දව ම.ව. සුගතපාලද සිල්වා ඉදිරිපත් කරන අදහස ගැමිවහර හා කටවහර සිංහල ලේඛනයට වැද්දගැනීම සම්බන්ධව කරුණු රාශියක් හෙළිදරව් කරයි. ඔහු පවසන පරිදි කථා කරන භාෂාව කියා දෙයක් නොමැත. එසේම ලියන භාෂාව කියා එකක්ද නැත. එහෙත් ලියන කියන භාෂා ප‍්‍රභේදයන් අතරත වෙනසක් ඇත්තේ වියරණ අනුවය. වියරණ වෙනස තුනී කිරීමෙන් ලියන කියන භාෂා ප‍්‍රභේදයන් අතර වෙනස තුනී කළ හැකි වෙයි. උක්ත ප‍්‍රභේද විෂයෙහි තවදුරටත් අදහස් දක්වන ඔහු කථාව්‍යවහාරය සහ සහ ලේඛන ව්‍යවහාරය අතර පරතරය ඇති කිරීමට උපස්ථම්භක වන කරුණු කිහිපයක්ද ඉදිරිපත් කරයි. පසළොස්වන ශතවර්ෂයේ මුල් භාගයේදී ගද්‍ය යුගය අවසන් වීම පෘතුග‍්‍රීසීන් ප‍්‍රථම කොට ඇති පරදේශීන්ගේ පැමිණීම නිසා හටගත් අභ්‍යන්තර ආරවුල් නිසා සාහිත්‍ය කටයුතු ඇනහිටීම සාහිත්‍ය පුනරුත්ථාපනයේදී හායන යුගයේ බස ගණනකට නොගෙන ස්වර්ණ යුගය කරා නැඹුරු වීම පාලන තන්ත‍්‍රයේදී හා උසස් අධ්‍යාපනයේදී සිංහලයට සැලකිය යුතු තැනක් නොලැබ යාම නිසා සිංහල උගතුන්ට ආත්මාරක්‍ෂාව ස`දහා විශේෂ ක‍්‍රියා කලාපයක් අවශ්‍ය වීම පාඨක, ලේඛක සංඛ්‍යාව අල්පවීම නිසා සාහිත්‍යය පොදු ජනතාවට නොව උගතුන්ට පමණක් සීමා වීම එහෙත් කව්රු කෙසේ කීවත් පාලි, සංස්කෘත භාෂා මෙන් නොව සිංහල භාෂාව තුළ ප‍්‍රබලවම භාෂාවේ ද්විප‍්‍රභේදයක් විද්‍යමානිතය. එනම්, ලේඛන භාෂාව කථන භාෂව වශයෙනි. මහනුවර යුගයෙන් පසුව යළිත් ගද්‍යපද්‍ය කෘති බහුල වීමත් මුද්‍රණ කටයුතු පහසු වීමත් නිසා නැවත හෙළ ගත්කරුවෝ ව්‍යාකරණානුකූල භාෂාවට යොමු වූහ. ඒ අනුව පෞරාණික සම්භාව්‍ය ග‍්‍රන්ථ යළි මුද්‍රණද්වාරයෙන් පිටවීම හේතුකොටගෙන තත් කෘතීන්හි අන්තර්ගත භාෂා ව්‍යුහය අනුගමනය කිරීමට නූතන සාහිත්‍යකරුවා උත්සුක විය. එහිදී ඇති වූ විශේෂතාවක් වනුයේ ව්‍යාකරණානුකූල භාෂාවකට ගත්කරුවන් යොමු වීමයි. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ‘‘ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය’’ නමැති කෘතියට ප‍්‍රස්තාවනාවක් සපයන පී. බී. මීගස්කුඹුර සූරීන් පෙන්වා දෙන්නේ ‘‘ගැමි-වහර සිංහලජනයාගේ ආරයි. සිංහල ආර යනු පොළොන්නරු බස් ආර නොවේ. එය අද දක්වා ම වෙනස් වෙමින් පවතින ජීවමාන ආරකි’’ යනුවෙනි. මේ අනුව සලකා බලන කල්හි අමාවතුර, බුත්සරණ, ජාතක පොත ආදි සම්භාව්‍ය සාහිත්‍ය කෘති උදෙසා තත් කෘතීන්හි රචකයන් විසින් භාවිත කොට ඇත්තේ පණ්ඩිතප‍්‍රිය ෙඡ්කප‍්‍රයෝග සහිත විදග්ධ භාෂා ශෛලියකි. එහෙත් දඹදෙණි යුගයෙහිදී ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද ‘‘සද්්ධර්මරත්නාවලිය’’ වූකලී ගැමිවහර භාවිත කරමින් රචනා කරන ලද ගද්‍ය කෘතියක් වග පිළිගත් මතයයි. එහෙත් එහිද නූගත් සාමාන්‍ය ජනයාට අවබෝධ කොටගත් නොහැකි තැන් සුලබය. එය මීට ශතවර්ෂ ගණනාවකට පෙර රචනා වූ කෘතියක් වූ බැවින් තත්කාලීන භාෂාවේ තිබූ විවිධතා නිසා විය යුතුය. පැසුණු බුද්ධියකින් යුක්ත නොවූ ජනයාට එබ`දු කෘති කියවා අවබෝධයක් ලැබිම අපහසු කාරණයකි. එහෙත් එතරම් උගත්තමක් නොමැති ජනයාට පවා ගැමි සාහිත්‍යය කියවීම තුළින් අවබෝධයක් මෙන්ම රසාස්වාදයක්ද ලැබිය හැකිය. කුමාරතුංග මුනිදාසයන් පෙන්වා දෙන පරිදි ගැමියන්ගේ ව්‍යවහාරය දැක්විය යුතු තැනදී ගැමි වහර යොදාගැනීම වරදක් නොවේ. මහනුවර යුගය වැනි ජනයා සාහිත්‍යයෙන් ¥රස්ථ වූ අවධියක තත් යුගයෙහි රචිත කෘතීන් ස`දහා ගැමිවහර භාවිත කරගැනීම වරදක් නොවන වග මේ තුළින් අවධාරණය වන ලක්‍ෂණයකි. භාෂාව හා සාහිත්‍ය පිළිබ`දව තිබූ අවබෝධය ක්‍ෂය වී යාමත් සම`ගම ජනයා තමාට හුරුපුරුදු භාෂාවට යොමු වීම සාමාන්‍ය ලක්‍ෂණයකි. මහනුවර යුගයෙහි ලේඛකයන්ට අවශ්‍ය වූයේ සම්භාව්‍ය කෘති රචනා කිරීමට ගොස් ස්වකීය භාෂා පටුත්වය විදහපෑම නොවේ. එහෙත් ඇතැම් තන්හි පුරාණ සම්භාව්‍ය කෘතීන්හි එන ශෛලිය අනුකරණය කිරීමට ගත් ප‍්‍රයත්නයන්ද මෙම යුගයෙහි රචිත කෘතීන්හි අන්තර්ගත නොවේ යැයි පැවසීම යුක්තියුක්ත නොවේ. කෙසේ වුවද මොවුන්ගේ මූලික අභිප‍්‍රාය වූයේ ස්වකීය අදහස අන්‍යයන්ට සන්නිවේදනය කිරිම පමණි. ගැමිවහර, කටවහර තත්යුගයෙහි රචිත කෘති ස`දහා පාදක කරගැනීමට එයද එත් හේතුවකි. කෝට්ටේ යුගයෙන් පසුව මෙම භාෂා ලක්‍ෂණය තත් යුගයෙන් පසුව රචිත කෘතීන්හි විද්‍යමාන වන බව කේ. එන්. ඕ. ධර්මදාස සූරීහු දක්වති. ‘‘.....ඉන් පසුව 16, 17 සහ 18වැනි සියවස්හි සමාජයේ එදිනෙදා කටයුතු ස`දහා අවශ්‍ය ලියමන් සිදු වූයේ කථා ව්‍යවහාරය පදනම් වුණු ලේඛන ස්වරූපයකිනි. මෙම අවධියේ පූජනීය ස්ථාන හා පුද්ගලයන් ස`දහා ප‍්‍රදානය කෙරුණු සන්නස්, පෘතුග‍්‍රීසි හා ලන්දේසි ආණ්ඩු යටතේ ලියවුණු රාජ්‍ය ලියවිලි, පෞද්ගලික ලියුම් සහ සංඝරාජ සාධුචරියාව වැනි ඇතැම් ගද්‍ය ග‍්‍රන්ථවල ද මේ භාෂා ස්වරූපය දක්නා ලැබේ’’ . මේ අනුව අපට ස්ඵුට වන කාරණයක් නම් අපගේ ප‍්‍රස්තූත කෘතිය වන සංඝරාජ සාධුචරියාව ගැමිවහර, කටවහර උපයෝගි කරගත් කථාව්‍යවහාරගත ශෛලියකින් සමන්විත බවයි. ඔහු පෙන්වා දෙන පරිදි කථාව්‍යවහාරයද කාණ්ඩද්වයකට විභේදනය කළ හැකිය. එනම්, විධිමත් කථා ව්‍යවහාරය අවිධමත් කථා ව්‍යවහාරය යනුවෙනි. විධිමත් කථා ව්‍යවහාර බෙහෙවින් භාවිත කරනුයේ විද්වත් දේශනා හා සාකච්ඡුා සංවාද ස`දහාය. මෙහි සුලක්‍ෂණයක් වනුයේ භාවිත කරන වාක්කෝෂය උපයුක්ත කරගැනීමයි. එහෙත් අවිධිමත් කථා ව්‍යවහාරය යොදාගනුයේ දෛනික ජීවිතයේ ක‍්‍රියා පටිපාටිය උදෙසාය. මෙය හුදෙක් සමාජීය උපභාෂාවන් ලෙන් සමන්විත විම විශේෂත්වයකි. මෙය භාෂාව පිළිබ`දව ඉදිරිපත් කොට ඇති අප-ලක්‍ෂණයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අනුව බලන කල්හි ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව තුළට ගැමිවහර හා කටවහර වැනි භාෂා ප‍්‍රයෝග බහුලව යොදාගැනීම සාවද්‍ය කාරණයක් නොවේ. එසේම මේ යුගයෙහි විසූ ලේඛකයන් විවරණයන් පිළිබ`දව පෘථූල අවබෝධයකින් නොසිටීමද තත් කාරණය සනාථ කරන්නකි. සරණංකර හිමියන් පාළි භාෂාව උගත යුතු බව සිතන අයුරු ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ හෘදයග‍්‍රාහී අයුරුණි. ‘‘පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය. ඒ පොත් තිබෙන්නේ පාළි භාෂාවෙන් ය. ඒ පාළි භාෂාව දැනගන්ට පාළි ව්‍යාකරණය දැන ගැනීමෙන් ම ඕනෑ ය. ඒ පාළි ව්‍යාකරණ දන්නා ගුරුවරයෝ කොතනක ඇද්දෝ හෝ විමසන සේක්,’’ මේ අනුව කතුවරයා ඕනෑම පාඨකයෙකුට අවබෝධ කරගත හැකිවන පරිදි සංඝරාජ හිමියන් ඉගෙනගැනීම උදෙසා යත්න දැරූ අයුරු දක්වයි. කෙටි වැකි භාවිත කිරීමෙන් අර්ථ සංදිග්ධතා නොවන පරිදි උක්ත කාරණය කතුවරයා දක්වා ඇත. උක්ත කාරණය දෙස අපගේ අවධානය යොමු කිරීමේදී සිංහල භාෂාව තුළ විද්‍යමාන වන භාෂා ද්විරූපතාව අවධාරණයෙන් දැක්විය යුතු වේ. ඕනෑම භාෂාවක් තුළ මෙම අංගද්වය ඇතුළත් වුවත් සිංහල භාෂාව තුළ මෙම කාරණය මැනවින් දක්නට ලැබේ. භාෂා ද්විරූපතාව යනු ලේඛන ව්‍යවහාරය හා භාෂණ ව්‍යවහාරයයි. මෙයට ‘‘ඉහළ භාෂා ව්‍යවහාරය’’ සහ ‘‘පහළ භාෂා ව්‍යවහාරය’’ වශයෙන්ද විද්වත්හු දක්වති. හෙළබස තුළ මෙම අංගද්වය පැහැදිලිවම දක්නට ලැබේ. ලේඛන භාෂා ව්‍යවහාරය වියරණය පදනම් කරගෙන නිර්මාණය කරගත් භාෂා ශෛලියකි. භාෂණ ව්‍යවහාරයේදී විවරණය පිළිබ`ද තැකීමක් නැත. එහිදී නිරවුල්ව අදහස් ඉදිරිපත් කිරීම පමණක්ම වැදගත් වේ. මෙම භාෂා ද්විප‍්‍රභේදය පිළිබ`දව තිඹිරිවැව සුමනසාර හිමියෝ මෙසේ ස්වකීය අදහස ඉදිරිපත් කරති. ‘‘ග‍්‍රන්ථ කරණයේ යෙදුණු උගතුන් කථාව්‍යවහාර භාෂාව අශිෂ්ට ග‍්‍රාම්‍ය භාෂාවක් වශයෙන් සැලකූ අතර ලේඛන භාෂාව ශිෂ්ට ව්‍යාකරණානුකූල භාෂාවක් හැටියට සලකා තිබේ. නොයෙක් භාෂාවල ලේඛනය හා භාෂණය අතර තරමක වෙනසක් දක්නට ලැබෙතත්, සිංහලේ තරම් ඒ වෙනස එතරම් විශාල නොවේ.’’ සංඝරාජ සාධුචරියාව තුළ මෙම අංගද්වයම ඇතුළත්ව තිබෙනු දක්නට ලැබේ. සංඝරාජ සාධුචරියාවෙහි කතුවරයා ලේඛන ව්‍යවහාරය අනුගමනය කර තිබුණද එය දැකිය හැක්කේ ඉතාම අල්ප වශයෙනි. ‘‘ පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාහ කිරීම ම යුතු වන්නේ ය. එතකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත.’’ යන උද්ධෘතය උක්ත කාරණය ස්ඵුට කරනු වස් දැක්විය හැකි නිදර්ශනයකි. ඔහු ව්‍යාකරණානුකූල භාෂාවට යොමු වූයේ දැඩි ආයාසයකින් බව ග‍්‍රන්ථාන්තර්ගයෙන් මනාව ස්ඵුට වේ. මහනුවර යුගයෙහි ප‍්‍රචලිත වූ භාෂා සම්ප‍්‍රදාය වූයේ භාෂණ ව්‍යවහාරයට අනුරූප වශයෙන් භාෂාව නිර්මාණය කරගැනීමයි. එහිදී රචකයන් විසින් වියරණය ගැන සැලකිල්ලක් දක්වා නැත. මෙම යුගයට අයත් ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාවටද තච්ýන්න නොසලකා හැරීමට නොහැකි වේ . කාලානුරූපව ගැමිවහර භාවිත කරමින් සංඝරාජ සාධුචරියාව රචනා කරනු ලබන්නේ ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි වන පරිද්දෙනි. තත් කාරණය ස්ඵුට කරනු වස් ප‍්‍රස්තූත කෘතියෙහි එන පහත පාඨයම ප‍්‍රාමාණිකය. ‘‘...‘මෙතැනින් නික්ම මෙපිට එන්ට උපාසකවරු එපාය කියා නැවතූ අත ගල්පඩි පාරෙන් නො ගොස් වෙනින් පාරකින් පි`ඩු සි`ගා වඩින ගමට ගොසින් නොපෙනී මිනිසුන්ට පිටතින් හිට ගෙන උන්ගේ දොරවල හිට තිබෙන බත් දෙන ලෙසට ඔවුන්ට කිය කියා ඇවිදත්, එසේ දීමක් පළමු පුරුදු බවක් නැති නැතිවුන් නො දෙන නිසා...’’ මෙවැනි තැන් සංඝරාජ සාධුචරියාව තුළ සුලබව දැකිය හැකිය. අතරින් පතර ව්‍යාකරණානුකූල ලේඛන ව්‍යවහාරය පදනම් කරගනිමින් කෘතිය රචනා කිරීමට කතුවරයා ආයාසයක් ගෙන ඇත. එහෙත් නැවතත් ඔහු භාෂණ ව්‍යවහාරයට යොමු වන්නේ අනායාසයෙන්ය. සමහර වචන ඔහු කථන අයුරින්ම හෙවත් උච්චාරණ ස්වරූපයෙන්ම යොදාගෙන ඇත. සංඝරාජ සාධුචරියාව       ලේඛන ව්‍යහාරය ස්වමීපයේ සමීපයේ තීන්දු වුණායින් පසු තීන්දු කළ පසු නො යිවසා නො ඉවසා සාමණේර උන්නාන්සේලා  සාමණේර හිමිවරු වැළ`දීමක් වත් නැතු ව වැළ`දීමක්වත් නැතිව උණ වරදක් වූ වරදක්/වරදක් වූ ඇහූ තැන        ඇසූ විට බොහෝ සොයින් ම  බොහෝ සෙයින්ම/බෙහෙවින්ම සම්භවුණා            හමු වූ කොයි යම්            කිසියම්/ ඕනෑම ආරාමයෙහි තබ්බවා ආරාමයෙහි තබා සොරු ගියායින් පසු       සොරුන් ගිය පසු මුළාසි වුණා      මරණයට පත් විය යථෝක්ත නිදර්ශනයන්ට අනුව ලිඛිත භාෂාවෙහි යෙදෙන වචන සංඝරාජ සාධුචරියාව තුළ කතුවරයා යොදාගනෙ ඇත්තේ කෙසේද යන වග පැහැදිලි වේ. ඔහු සමහර වදන් ඔහුට ආවේණික අයුරින් යොදාගැනීමට පසුබට වී නැත. එසේම ඇතැම් වචන තත් යුගයෙහිදී භාවිත වූ අයුරින්මද යොදා ඇත. කතුවරයා භාෂා ශාස්ත‍්‍රය පිළිබ`ද පෘථූල අවබෝධයකින් තොරව මෙම කෘතිය රචනා කිරීමට පටන්් ගත් බව මේ තුළින් ස්ඵුට වේ. ආයත්තාලියද්දේ මුහන්දිරම් විදග්ධ කතුවරයකු නොවන බවද මේ තුළින් අපට සනාථ කරගත හැකිය. ‘‘සිංහලය ජනබසකි. එය ජනබසක් ලෙස විකාශ වූ බව සිඛවල`ද විනිස, අමාවතුර යන පොත්වලින් පවා හෙළිවෙයි. දොළොස් වන සියවසේ සිට එය සකුව අනුගමනය කිරීම ආගන්තුක පෙරළියක් මිස පරිණාමයන් නොවී ය. දහ හතර වන සියවසේ දී සිංහලය ඒ පෙරළියෙන් මිදෙන්නට වෑයම් කළේය. සිංහලය සකුවෙන් මිදීමට කළ වෑයම මහනුවර කාලය තෙක් නොනැවතිණ. දැන් සිංහලය දියුණුවන්නේ ජනබසක් ලෙසිනි.’’ මේ අනුව අනුරාධපුර යුගයේ සිට සිංහලය ජන බසක් බව ගම්‍යමාන වේ. එය සාහිත්‍යකරණය උදෙසා ඍජුවම භාවිත කරන ලද්දේ මහනුවර යුගයේදීය. සම්භාව්‍ය සාහත්‍යයේ බි`දවැටීමත් සම`ගම තත් ලක්‍ෂණය සාහිත්‍යකරණය උදෙසා ඇතුළත් වූයේ නිරායාසයෙනි. නමුදු අද්‍යතන සාහිත්‍යයෙහි මහනුවර සමයටත් වඩා ගැමිවහර හා කටවහර භාවිත කරන බව නූතන නවකතා හා කෙටිකතා යන සාහිත්‍යංග කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අවබෝධ කරගත හැකිය. විකල්පරූප භාවිතය හා භාෂා සංස්කරණ ලක්‍ෂණ

Posted by kawshalya sanadaruwan dissanayake at 11:16:00 PM

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය