සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

http://www.myschool.lk/ලිපි

සමාන වචන 1

  • සමාන වචන

    1. පාර - මාවත, මාර්ගය, මග
    2. අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා
    3. එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න
    4. ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය
    5. ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්
    6. ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව
    7. ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා
    8. පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව
    9. එක්ක - සමග, කැටුව, සහ,හා
    10. උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන
    11. කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා
    12. වාහනය- රථය, රිය, යානය
    13. නගින්න - ගොඩවෙන්න, නැගගන්න
    14. දුව - දියණිය, දෝණිය, දුහිතෘ
    15. දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය
    16. ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව
    17.  ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ
    18. හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම
    19. ප්‍රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම
    20. හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය
    21. පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා
    22. පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ
    23. කුඹුර - කෙත,වෙල
    24. වතුර - ජලය, දිය,පැන්, උදක, අඹ
    25. වනාන්තරය - වනය, කැලය, කැලෑව, අරණ
    26. අලියා - හස්තියා, වරුණ, ඇතා,ගජ, නා
    27. කන්ද - පර්වතය, පව්ව, ගිර
    28. යාළුවා - මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි
    29. ඥානවන්ත - නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,
    30. අලුත් - නවීන, නොපැරණි
    31. කෙළවර - අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම
    32. විශාල - ලොකු,මහ, මහත්, විසල්
    33. ඇදිරිය - කළුවර, අන්දකාරය, අදුර
    34. පියාඹන්න - ඉගිලෙන්න, පියාසලන්න
    35. ප්‍රමාද - පරක්කුව, පමා,ලස
    36. කුසලතා - ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා
    37. දෙනෙත් - දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන
    38. පොළව - බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය
    39. ප්‍රසිද්ධ - පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල
    40. රජතුමා - භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල
    41. කතාව - අන්දරය, කතන්දරය, කථාව
    42. හද - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර
    43. අහස - ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග
    44. සතුරා - හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු,
    45. තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඩුර
    46. කනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
    47. ඉර - සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු
    48. කෑම - ආහාර, බොජුන්, භෝජන, ගොදුරු
    49. කෑලි - කැබලි, කොටස්, අංශු, අංග
    50. කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්  
    51. වත්ත - උද්‍යානය, උයන
    52. ඔලුව - හිස, සිරස, ශිර්ශය
    53. ඇස් - නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්
    54. කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර
    55. ඇග - ශරීරය, සිරුර. ගත,කය
    56. සාරු - යුෂ, ඉස්ම, ශ්‍රාවය
    57. ලස්සන - ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු
    58. පාට - වර්ණය, පෑ,වන්, පැහැය
    59. නරියා - හිවලා, කැනහිලා, ගෘගාලයා
    60. ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය
    61. මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න
    62. රත්තරන් - රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක
    63. දුක - ශෝකය, කනගාටුව, දොම්නස, සොව
    64. කොඩි - ධජ,දද, පතාක
    65. කන - සවන, වදත්මහ, කර්ණය
    66. සරු - සාරවත්, සශ්‍රීක
    67. කට - මුඛය, මුව,මිය
    68. ප්‍රීති ඝෝෂා - ඔල්වරසන්, ජයඝෝෂා
    69. උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල
    70. අවුරුද්ද - වසර, ශතකය, වර්ෂය
    71. ගෝලාකාර - රවුම්, වටකුරු
    72. පොත - ග්‍රන්ථය, පුස්තකය
    73. සුදු - ධවල, ශ්වේත, සේ
    74. සාගරය - මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර
    75. සමූහය - කැන,රැස, රාශිය
    76. ආකාරය - අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය
    77. උත්සාහය - වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය
    78. පතුල - අඩිය, පත්ල
    79. අවශ්‍ය - වුවමනා, අවැසි
    80. පියගැටපෙළ - පඩිපෙල, සෝපානය
    81. පිච්චෙන - පිළිස්සෙන, දැවෙන
    82. කැකුළු - පොහොට්ටු, මොට්ටු

අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 


ලියු දිනය : 2014-11-18
Facebook MyLikes කැමති ගණන 6
සමාන වචන 2

  1. උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
  2. පිරිසිදු - නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු
  3. මුහුණ - වත,මූණ, වුවන, වක්ත්‍රය
  4. දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
  5. අශ්වයා - තුරගා, හය,අසු
  6. ඇත්ත - සැබෑ, සත්‍ය, නිබොරු
  7. ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
  8. බහුල - බොහෝ, වැඩි, සුබල
  9. ‍ඖෂධ - බෙහෙත්, ඔසු
  10. විහිළු - කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම්
  11. කැදැල්ල - කූඩුව(කුරුළු කූඩුව)
  12. රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ
  13. නුවර - නගරය, පුරය, සිදාදිය
  14. පිපාසය - තිබහ, පවස
  15. පර්වතය - ගල, කන්ද
  16. වදුරා - වානරයා, සාමුව, ගොනගුල්
  17. වළාකුළු - වලා,මේඝ, ජලධර
  18. කල්‍යාණ - යහපත්, හොද, කළණ
  19. ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල
  20. අත - හස්තය, බාහුව
  21. පොල් - නෙරළු
  22. වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
  23. පැටවුන් - පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන්
  24. ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා
  25. හිටවමු - ඉන්දමු, සිටුවමු, පැළකරමු, ‍රෝපණය කරමු
  26. බෙල්ල - ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
  27. මාලය - දම,හර, දාමය
  28. හදවත - හෘදය, හද
  29. බිරිද - අබුව, භාර්යාව, බිරින්දෑ, පිය, ප්‍රියම්බිකාව
  30. නෙළුම් - කමල්, පියුම්. තඹුරු, සියපත්, ශතපත්‍ර
  31. එළිය - ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස්
  32. සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි
  33.  දත් - දන්ත, දසන්
  34. තාරකා - තරු, දද
  35. අද්දර - අයිනෙ
  36. සිදුර - හිල,ගුල, කුහරය, ජිද්‍රය, විවරය
  37. වර්ග - ජාතිය
  38. පුංචි - කුඩා,චූටි, සිගිති, පොඩි
  39. දහවල් - දිවා, දවල්
  40. ඉදහිට - කලාතුරකින්
  41. අතීත - පැරණි, පුරාණ, පෙර
  42. ඉහළ පෙදෙස - ඉහත්තාව, උඩපෙදෙස
  43. දුර  - ඈත,එහා, එපිට, ඔබ
  44. රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
  45. උසස් - වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග
  46. මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන්
  47. යහන - ඇද, සයනය
  48. කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
  49. මාළු - මත්ස්‍ය, මින්,මීන,මස්ටක
  50. රතු - ලෝහිත, රක්ත
  51. මාළිගය - මන්දිරය, මැදුර, ප්‍රාසාදය, වාසල, පහය
  52. ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය
  53. තරහ - කෝපය, කේන්තිය. උරණ
  54. දෙසට - දිශාවට, පැත්තට
  55. ගෙම්බා - මැඩියා
  56. පින් - කුසල්, පුණ්‍ය
  57. පන්සල - විහාරය
  58. පිළිතුර - ප්‍රතිවචනය, පිළිවදන්, උත්තර
  59. කොලපාට - හරිතවර්ණය
  60. කවුදෝ - කව්රුදෝ, කිසිවෙක්, කවරෙක්
  61. කොල්ලා - කොළුවා, ළමයා
  62. ගොනා - හරකා, ගවයා, වස්සා, වෘෂභයා
  63. තමාගේ - සිය, ස්වකීය
  64.  ලොව - ලෝකය, ලෝ,දිය. ජගත්
  65. නිතර - නිබද. නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ
  66. අහංකාර - උඩගු, ආඩම්බර, එඩි
  67. අකමැත්ත - විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය
  68. උණුසුම් - උෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ,ගිම්
  69. ගැහැනිය - ස්ත්‍රිය, කාන්තාව, ළද,ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම. කත, මහිලාව, වනිතාව, බවලතා
  70. සතිය - සුමානය
  71. මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන,
  72. සමූහය - ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින්
  73. වැද්දා - වනචාරියා. සබර, වනසර
  74. අවිශ්වාසය - සැකය, කුකස
  75. විනාශය - නාස්තිය, වැනසීම. සුන්වීම
  76. යුද්ධය - සටන, සංග්‍රාමය, යුද
  77. ගස්වැල් - තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා, ශාක
  78. දෙව්ලොව - දිව්‍යලෝකය, සුරපුර, සුරලොව, ස්වර්ගය. දෙව්ලොව, දෙව්ලෝ, සග
  79. හසුන - ලිපිය, ලියුම, හස්න, සංදේශය
  80. මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
  81. මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා
  82. ආගම - ධර්මය, දහම, සමය
  83. මහත - ස්ථුල, තර
  84. සුළග - පවන, නළ. මාරුතය
  85. අත්තිවාරම - අඩිතාලම, පදනම
  86. මොනරා - මයුර. නිල්ගෙල, පිල්බර, සිකි
  87. වැටුප - චේතනය, පඩිය
  88. මිශ්‍ර - කලවම්, මුසු
  89. ආරෝග්‍යශාලාව - ‍‍රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය
  90. පිරිමැස්ම - සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම
  91. නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල
  92. විශ්වාසයක් - අදහසක්, මතයක්
  93. ඇසුවේය - විමසුවේය, විචාළේය
  94. ස්ථිර - නිත්‍ය, තිර
  95. බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු
  96. උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
  97. පුදුමාකාර - විශ්මිත, අසිරිමත්, අද්භූත, අපූර්ව, විශ්මයජනක
  98. බස්නාහිර - බටහිර, අපරදිග, අවරදිග, ප්‍රතිවීන
  99. නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
  100. දූපත - දිවයින, දූව, ද්වීපය
  101. වෙහෙර - සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය
  102. පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
  103. සංඥාව - සලකුණ, ඉගිය
  104. නායකයා - නියමුවා, ප්‍රධානියා, මූලිකයා
  105. ඉදිරියේ - අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ
  106. ගීතය - සින්දුව, ගීය
  107. ඉදිබුවා - ඉබ්බා
  108. තරුණ - තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර
  109. සහෝදරයා - සොහොයුරා, සොයුරා, බෑයා
  110. ප්‍රශ්නය - පැනය, ගැටළුව

අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 
ලියු දිනය : 2014-11-20
Facebook MyLikes කැමති ගණන 5

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය