රූඩී පද අන්තර්ජාල උපුටා ගැනීම්


http://www.myschool.lk/ලිපි


රූඩී පද

රූඩී පද
  
මිටින් අත්හළ කුරුල්ලෙකු මෙන් - නිදහසේ ප්‍රීතියෙන් සිටීම

අපාගත වුණා වාගේ - දුක් විදිමින්

කර ලගට ඉරීම - වැඩපල ඉතා අධික වීම

එලොව පොල් පෙනීම - බලාපොරොත්තු නොවූ කරදරයකට පත්වීම

තරු පෙණුනා - බියක් ඇති වුණා

අකුල් හෙළනවා - බාධා පමුණවනවා

ඉනා කරවා ගත්තා - තමා කෙරෙහි දැඩි බැදීමක් ඇති කරවා ගත්තා

ආ පයින්ම ගියා - පැමිණි වහාම ආපසු යාම

අතේ හිරි ඇරවා ගන්නවා - හොදටම පහර දෙනවා

පෙරුම්පුරාගෙන - සැලැස්මක් ඇතිව

දැලට අහුවෙලා - ප්‍රයෝගකාරී වචනවලට රැවටී

ඉමක් කොනක් නොපෙනෙන - ඉතා විශාල

මහ සුළගක් හමා නිමා වූවාක් මෙන් - ඝෝෂාවකට පසු දැඩි නිහඩතාවය

අඹ යාළුවා - හොදම මිතුරා

රැය වෙනදාට වඩා දිගු බවක් දැනීම - නින්ද නොයාම

හැල හොල්මනක් නැහැ - බොහෝ නිශ්ශබ්දයි

අණ්ඩර දෙමළ - ආන්ද්‍ර ප්‍රදේශයේ දෙමළ

සුදුහුණු ගාලා - වැරදි වහලා

නා කපන වැස්ස - තද වර්ෂාව

අට පහ නොදත් - නූගත්, දැනුම නොමැති

අත කොළුවක් කර ගන්නවා - යම් කාරියක් කරවා ගැනීමට කොනෙකු යොදවනවා

ගොනාට අන්දවාගෙන - මෝඩයෙකු සේ සලකා ගෙන

උඩින් පල්ලෙන් - නොසැලකිලිමත් ලෙස

අවසන් නින්ද - සදහටම නෙත් පියා ගැනීම

උගුරට දෙකට බීලා - ඉතා ඉක්මනින් පානය කර

අන්දුන් කුන්දුන් වෙනවා - කලබල වෙනවා

අතක් කපාගෙන යනවා - වටිනා දෙයක් ගෙන යනවා

දිව ගිලෙනවා - පිපාසය බලවත්

කුඩම්මාගේ සැලකිල්ල - අඩු සැලකිල්ල

උල්පන්දම් දීම - නරක දෙයකට උදව් දීම

කෙන්ද කන්ද කිරීම - වාසිය පිණිස පොඩි දෙයක් ලොකු දෙයක් ලෙස පෙන්වීම

හණමිටි කාරයා - පරණ අදහස් දරණ තැනැත්තා

වවුල් පිළිවෙත - ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති

අත උඩ - බොහෝ ලෙහෙසියෙන්

අතිපණ්ඩිතයා - තමා දන්නා බව හගවන මෝඩයා

ඇගට නොදැනී - ඉතා සියුම් ලෙස

ඉහේ මලක් පිපිම - සතුටක් ඇතිවීම

ඇග බේරගන්නවා - වගකීමෙන් බේරීම

ඇගේ මාළු නටනවා - තරහෙන් පුපුරනවා

ඇගිලි ගනිමින් ඉන්නවා - වේලාව පැමිණෙන තෙක් ඉන්නවා

හිමිදිරි උදේ - පාන්දරින්ම

කරල පැහීම - ලොකු වාසියක් වීම

කඩි රැලක් සේ - ඉතා කඩිසරව ක්‍රියා කිරීම

අනූනවයෙන් බේරුණා - විශාල කරදරයකින් යන්තම් බේරීම

හිත මොළොක් විය - කරුණාවන්ත විය

අස්සක් මුල්ලක් නෑර - සෑම තැනම

ඇට්ට කුණා වෙනවා - වැඩකට ගත නොහැකි තත්වයකට පත් වෙනවා

අහසේ තරු ගණිනවා - සිදුකළ නොහැකි දෙයක් සිදු කිරීම

අනුන්ගේ පානින් එළිය බලනවා - අනුන්ගේ මාර්ගයෙන් තමාගේ කාර්ය ඉටුකර ගැනීම

දිය රෙද්දෙන් බෙල්ල කපනවා - කපටි ලෙස අනුන් විනාශ කරනවා

ගල් පැලෙන බොරු - ඉතා විශාල බොරු

කරබාගෙන සිටීම - සිදුවන දෙය පිළිබද නොසලකා නිශ්ශබ්දව සිටීම

ඉබි පිහාටු සෙවීම - නොමැති දෙයක් සෙවීම

එළිපත්ත උඩ සිටින බළලා - තීරණයක් නොමැතිව කවර හෝ පැත්තකට පැනීමට බලා සිටින තැනැත්තා

කරදිය පෑගුණු අය - කපටි මිනිස්සු

කෝපි කාලේ - ඉතා පැරණි

නාහෙන් අඩනවා - මැසිවිලි කියනවා

එකොළොස්වන පැයේදී - අවසානයට නුදුරු පැයේදී

උණුසුම් ලෙස පිළිගන්නවා - ඉතා සුහදව පිළිගන්නවා

ඇඹලයා - යමකට ඉතා ආශා කරන්නා

පොරකටු ගෙවිලා - වයසට යාම නිසා යමක් කර ගැනීමට අපහසු බව

මුදුන් පෙත්තටම - මුදුනටම

කළු කඩේ - හොර වෙළද සැල

උඩ බලාගෙන කෙළ ගැසීම - තමා තමාට අගෞරව කර ගැනීම

දස අතේ කල්පනා කරනවා - තදින්ම සිතා බලනවා

එක හැළියේ බත් කෑ අය - එකට වාසය කළ අය

කණ කොකා අඩනවා - විපතක ලකුණු පෙන්වනවා

කටේ මසුරන් දමන්න වටිනවා - කිව යුතුදේ නොබියව පැවසීම නිසා කෙරෙන ඇගයීම

ඉහේ උකුණන්  බිමට පැන්නා - ඉතාදැඩි ලැජ්ජාවක් ඇති වීම

ගොළුබෙලි ගමනින් - සෙමින සෙමින්

ගිනිබත් වීම - ගින්නෙන් පිළිස්සීම

කැකිරි පලනවා - මහ හඩින් සිනා වෙනවා

කනට මී පැණි දමනවා - මිහිරි වචන කියනවා

පණ කඩාගෙන දුවනවා - ඉතා වේගයෙන් දුවනවා

පාරට බහින්න වෙනවා - අසරණ වෙනවා

මූණේ දැලි ගානවා - නින්දා අපහාස කරනවා

දෙවියන් සිහි වීම - හදිසියෙන් ඇතිවන මහත් බිය

දිරච්ච ලණුවක් දීලා - වැරදි උපදෙස් දීලා

පැදුරටත් නොකියා ගිහින් - තම සමීපතම මිතුරන්ටත් නොකියා පිටත්ව යාම

මාර යුද්ධයෙන් ජය ගත්තා - ඉතා අපහසසුවෙන් වැඩක් සිදු කළා

බත් පතේ වැලි දමනවා - ලභ ප්‍රයෝජන වලක්වනවා

යටි මඩි ගහනවා - හොරෙන් සගවා ගන්නවා

රන් අකුරෙන් ලියැවේ - අමරණීය ලෙස පවතී

මොර සූරණ වැස්ස - ඉතා තදින් වහිනවා

පදයක් හදනවා - බොරු චෝදනාවක් කරනවා




අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 
ලියු දිනය : 2015-05-03
Facebook MyLikes කැමති ගණන 7

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය