රචනා අන්තර්ජාල උපුටා ගැනීම්

http://www.myschool.lk/ලිපි

සාමාන්‍ය පෙළ රචනා

අ.පො.ස (සා.පෙ.) – 2009 - රචනා
                                    අහරින් ස්වයංපෝෂිත වූ රටක් කරා පිය නගමු.
“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා
ඉටමින් මහ වැව් තණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා”
            ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් රචිත “ජාතික තොටිල්ල” පද්‍ය පන්තියේදී, අපගේ මුතුන්මිත්තන් ගොවිතැන් කරන ලද අයුරු දක්වා ඇත්තේ උක්ත පරිද්දෙනි. ස්වයංපෝෂී වූ රටක් ගොඩනැගීමට නම් අපගේ රට අපගේ අහරින් සුපෝෂණය කර ගත යුතු වන්නේ ය.
            ලංකා භූමිය ජනාවාස වූ දා පටන් ගොවිතැන මුල් කරගත් ජනතාවක් බිහි වූ බව පෙනෙන්නේ, ඔවුන්ගේ ජනාවාස පවා ගංගා නිම්න ආශ්‍රිතව පිහිටුවා ගැනීමෙනි. දේශගුණයත් , සශ්‍රීක පසත්, ශක්තිමත්,ධෛර්යමත් මෙන්ම කාර්යක්ෂමවත් මානව සම්පතක් යන සියලු සාධක නොඅඩුව ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ගොවිතැන මුල් කරගත් ජනාවාසය ව්‍යාප්ත ව ගියේ ය. කෘෂි බිම් සඳහා ප්‍රධාන අවැසි සාධකයක්  වූයේ වැසි ජලයයි. ඒ සඳහා අපේ ඇත්තෝ සමුදුර කරා දසදෙසටම විහිදී ඇදී යන්නා ගංගා ජලය, අමුණු සාදා රැස් කර ගත්තා සේම, වියළි කලාපීය බිම් පෙදෙස්වල වැව් සකස් කර,, සපුරා වසරට ම ප්‍රමාණවත් වන සේ ජලය රැස් කර ගත් හ. මෙනිසා පොළොන්නරු යුගය වන විට රට සහලින් ස්වයංපෝෂිත කර ගත් අතර, විවිධ කැරලිකෝලාහල ඇති වූ සමයන්හි පවා මෙරට ආහාර හිගයක් ඇති වූ බවට නම් ඉතිහාසයෙන් තොරතුරු සොයා ගත නොහැක. මෙපරිද්දෙන් අපට අහරින් ස්වයංපෝෂිත ‍ප්‍රෞඪ ඉතිහාසයක පූර්වාදර්ශ ඇති බව සුපැහැදිලි ය.
            අද අපට ඇති අභියෝගය නම් අනාගත ශ්‍රී ලංකාව ලොව ස්වාධිනත්වයෙන් අගතැන්පත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමයි. නිදහස් නිවහල් ජාතියක් ගොඩනැගීමට දරන්නා වූ මේ ජාතික ප්‍රයත්නය තුළ අපට අවධානය යොමු කළ යුතු ප්‍රධාන ඉසව්වක් ඇත. එනම්, මෙරට අහරින් ස්වයංපෝෂණය කිරීමයි. අපට ආවේණික වූ දේශීය ආහාර එමට ය. ලොව අන් කිසිදු රටකට නොදෙවැනි වූ රස වෑහෙන ආහාර පද්ධතියක් ලක්වැසියන් අතර ඇත. රසයට නොදෙවැනි ගුණයක් දේශීය ආහාරවල අන්තර්ගත වීම අනෙක් වැදගත් කරුණයි. ඒ අනුව, බතට නොදෙවැනි කොස් ද, කුරක්කන්, තල, මෙනේරි වැනි ධාන්‍ය වර්ග ද, දැයට පෝෂණය ලබා දීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරයි. ලොව ඇති ශක්තිජනක ආහාර අතර අපගේ ආහාර සඳහා ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොළක් ද නිර්මාණය වී තිබීම සතුටට කරුණකි. විදේශිකයින්ට අත පාමින්, අහර ඉල්ලා ගෙන කෑමේ පරගැති සංස්කෘතිය බිඳ දැමීමට නම් මෙරට අහරින් ස්වයංපෝෂණය වීමේ වැඩපිළිවෙළට දිරි දිය යුතු වේ.
            මේ සඳහා විශේෂයෙන් රාජ්‍ය අංශයෙන් මෙන් ම, පෞද්ගලික අංශයෙන් ද දැන්දැන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී ඇත්තේ, දේශීය ආහාර පරිභෝජන රටාව වැඩි කර ගැනීමේ මුඛ්‍ය අභිලාෂයෙනි. ඒ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දියත් කර ඇති දේශීය ආහාර ජනප්‍රිය කරවීමේ සහ රටේ ජනතාව ඊට හුරු කරවීමේ විශේෂ වැඩසටහන් රාශියක් ගමින්ගමටත්, නගරයෙන්නගරයටත් ව්‍යාප්ත කරමින් සිටී. එවැනි ආහාර නිෂ්පාදකයින් දිරිමත් කිරීමට, දිවිනැගුම දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් සිදු කරමින් සිටීම පැසසිය යුත්තකි.
            මෙරට ක්‍රියාත්මක වූ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරයෙන් පවා අපේක්ෂා කළේ ජලය නොමැති කලාපවලට ජලය ලබා දෙමින් කෘෂිකර්මය ව්‍යාප්ත කරමින් දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමයි. නූතනයේදී පවා, විවිධ ශාක ප්‍රභේද ගන්නොරුව කෘෂිකාර්මික පුහුණු ආයතනය හරහා හඳුන්වා දෙමින්, ශාකවලට වැළදෙන විවිධ ලෙඩරෝගවලට පිළියම් හඳුන්වා දෙමින් වගාවන් දිරිමත් කිරීම සඳහා නේකවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කොට තිබේ.
            පාසල් ශිෂ්‍යයන් වශයෙන් අපට ද අහරින් ස්වයංපෝෂණය වීමේ ජාතික වැඩපිළිවෙළට දායකත්වය දැක්විය හැකි ආකාර බොහෝ ය. පාසලෙන් ලැබෙන කෘෂිවිද්‍යා දැනුම භාවිත කොට අපගේ ගෙවත්ත එළවළු හා පළතුරු ශාකවලින් සශ්‍රීක කර ගැනීමට හැකියාව ඇත. එසේම, විද්‍යාව හා තාක්ෂණවේදය, සෞඛ්‍ය අධ්‍යාපනය වැනි පාසල් විෂයන් හරහා අපට ලැබෙන දැනුම සමග දේශීය ආහාරවල ඇති පෝෂණ ගුණය පිළිබඳ තොරතුරු නිවෙස් කරාත්, සමාජය කරාත් ගෙන ගොස් අපට එකී භූමිකාවන් තුළ උක්ත දැනුම රෝපණය කළ හැකි අතර, අපේ වටපිටාවේ වෙසෙන්නන් ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට, ක්ෂණික ආහාර, විදේශිය පැකැට්ටු  ආහාර සංස්කෘතියට තිත තැබීමේ සංග්‍රාමයක් කරා දරුවන් වන අපට කළ හැකි යැයි මට සිතේ.
            "නිදහස නම් මහ මුහුදකි" මෙය ඉගැන්වූයේ මහින්ද හිමියන් විසිනි. නිදහස නම් කාහටවත් කිසිදු ආකාරයකින් යටත් නොවී ණය ගැති නොවී වාසය කිරීමයි. පර අහරට ගිජු නොවී, අපේකම තුළින් අපේ දේ හුවා ගත්, ජාතියක් බිහි කර ගතහොත්, අපේ අහරේ රසය අපට හොඳින් දැනෙනු ඇත.එය අහරින් ස්වයංපෝෂිත වූ නිදහස් රටක්  ලැබෙන නියම මග බව නිරතුරු සිහිකට යුතු වේ.
ශාස්ත්‍රපති උදාර ධනංජය පල්ලියගුරු
අ.පො.ස (සා.පෙ.) – 2009 - රචනා

    රචනා

      නිර්මාණාත්මක රචනා
                                                  කඳුකර අසිරිය
                        "කඳුකරයේ සීතලේ- මීදුම් සළු පාවෙලා........"
            දෙසවන් පිනා යන ගීයක් මගේ මුවගට නැගේ. ඒ අන් වෙනකක් නිසා නොව කඳුකරයේ අසිරිය විඳ ගැනීමට මා ඇතුළු මගේ යහළු කැල මේ වනවිටත් නික්මී ඇති බැවිනි.  නමුනුකුල නම් වූ ඒ අසිරිමත් සුන්දර කඳුවැටියට අප මේ යන්නේ නැවුම් සතුටු බලාපොරොත්තු ගොන්නක් සිතෙහි පුරවා ගෙන ය. ඉරිමා උදෑසනින් ම කඳු පාමුල වෙත අපි සියල්ලෝ ම අවතීර්ණ වූවෙමු.
            කොළොම් තොට නගරයේ කොන්ක්‍රීට් වනාන්තරයේ දැනුණු උණුසුම් වායු නමුනුකුලට හමා නැත. හාත්පසින් ම ඇදී එන්නේ සිත නලවන, හද පිනවන, ගත සැනසෙන මඳ නල ය. නමුනුකුලට ආගන්තුක වූ අපට එය නුපුරුදු අත්දැකීමකි. එනිසා ලහිලහියේ අපි සැවොම රැගෙන ආ වැහි කබා පැළඳ ගත්තෙමු. ඒත් දැඩි ව දැනුණු සීතල වැහි කබායට යටපත් වූයේ නැත. ඒ සමග අවටින් පැමිණි මීදුම් සළු අපව පොරවා ගත්තේ හිටිහැටියේ ය.ඒ වේලාවේ වලාකුළු අතරට ගියා සේ අපට දැනිණි. හරිම අපූරු අත්දැකීමක් ලබමින් සැවොම ප්‍රීමත්ව කෑ ගැසූවෙමු. නොබො වේලාවකින් මීදුම ක්‍රමයෙන් අපගෙන් ඈත් වූ අතර, සෙමින්-සෙමින් කන්ද   තරණය කිරීමට අපි ආරම්භ කළෙමු.
            සිසිල් සුළඟ අප පිටුපසින් හමා එමින් අපිට තවත් ඉදිරියට යන ලෙස ඉඟි කරයි. ඒ අතර, සුළඟ විසින් රැගෙන ආ වනමල් සුවඳ අපව තවත් ප්‍රබෝධමත් කරවීමට සමත් විය. අපට ඒ ද අමුතු අත්දැකීමකි. වනමල්වල මධු සොයා සැරිසරන බිඟු රළ අප පසු කරමින් කඩිනම් ගමනින් වන රොදට ඇතුළු වනු සුලබව දැකිය හැකි දසුනකි. එපමණ නොවේ. දේදුන්නෙන් වර්ණ ඉල්ලා ගෙන විසිතුරු ඇඳුමින් හැඩවුණු සමනලුන් මෙන් ම සලබයෝ ද අතොරක් නැති ව අප වට කර ගනිමින් රැඟුම් පාන්නට වූහ. සමහරෙකු ඒ දැක සිය කැමරාවලට සටහන් කර ගත්තේ, එය කිසිදා නොදැකිය හැකි තරමේ විචිත්‍රවත් දර්ශනයක් වූ නිසාවෙනි. තවත් පසෙකින්, නිරතුරුව හඬ නගනා කුරුල්ලන්ගේ මිහිරි ගී නාද අපගේ දෙසවන් කුල්මත් කරවී ය.
            මෙලෙස නමුනුකුල කන්දේ අසිරිය විඳ ගනිමින් ඉදිරියට ඇදුණූ අපට ටිකෙන් ටික වැඩිවෙමින් ඇසෙන මහත් ඝෝෂාවක් ඇසෙන්නට විය. එය නගරයෙන් ඇදෙන රිය ඝෝෂාවන් හෝ නලා ශබ්දයන් මෙන් දෙසවනට අමිහිරි නොවී ය. මේ වනයෙන් ඇසුණු ඝෝෂාව අසන්නට අසන්නට ඒ කෙරෙහි සිතත් ගතත් ඇදී යයි. නොබෝ වේලාවකින් ඒ දිය ඇල්ලක ජල කඳෙන් නැගෙන හඬ බව අපට අවබෝධ විය. අප සියල්ලන්ගේ ම පියවර දැන් වේගවත් විය. හැමෝටම දිය ඇල්ල දැක ගැනීමට තිබුණේ පුදුමාකාර නොඉවසිල්ලකි. දැන් දියඇල්ල වෙතට පැමිණ හමාර ය. ඉතා උස් වූ ගල් පර්වතයකින් ඇද හැලෙනා මහා දිය දහරාව තවත් ගලකින් පිළිගෙන එතැනින් නැවතත් ප්‍රපාතයකට ඇද හලයි. මේ නිසා ඇති වී තිබෙන සුන්දරත්වය කියා නිම කළ නොහැකි ය. දිය ඇල්ල අසලට ගිය විට දැනුණේ එකම ජල ඝෝෂාවකි. අපිට කථා කිරීමටවත් දිය ඇලි කොමළිය ඉඩ දුන්නේ නැත. ඇයගේ තේජවන්තභාවය ඉතා චමත්කාරජනකබවක් ඇති කළ නමුදු මහත් බියකරු ගතියක් ද අපගේ සිත තුළ ඇති කළේ ය.
            තවත් හෝරා කිහිපයකින් පසු නමුනුකුල කඳු මුදුනේ පිහිටි ගල් තලාවකට අපි එළඹුණෙමු. දැන් සරතැස නිවා ගැනීමට කාලය උදා විය. දෙදෙනෙක් එක් වී අප ගෙන ගිය කූඩාරම් තැනුවෝ ය. ඒ අතර තවත් දෙදෙනක් කෑම පිසීමට සැරසුණ හ. මම අවට සිරි නැරඹීමට පටන් ගත්තෙමි. නමුනුකුල කඳු මුදුනට සිරිලක දසතම පෙනෙන්නට විය. මහා ගංගාවෝ පුංචි ඇළ පාරක් මෙන් දිස් වූහ. වන උයන්, තණ පිටි, වෙල් යායවල් මෙන් ම, ගිනි පෙට්ටි වැනි වූ නිවෙස් ද කඳු මුදුනට පෙනේ. නමුනුකුල වටේටම පිහිටි කඳු වැටි හා ඒ වසා ගත් මීදුම් වලාවන් පමණක් නොව, හොරැහින් ඉඟි කරන හිරු රැස් ද ආදී මේ සැම එක් වී මවාපාන දර්ශනීය සිතුවම සියැසින් බලා ගත යුතුම යැයි මට හැඟේ.
            නැවත ආපස්සට පියමං කිරීමට කාලය එළඹ ඇත. වන රොද මැද රැයක් ගත කිරීමට ඊළඟ වාරයේ සැවොම කතිකා කර ගත්තෙමු. එතෙක් දුක්මුසු මුහුණුන් කඳුවැටියෙන් සමු ගත්තද සොබා දහමේ අපූරු සුන්දර බව නැවත නැවත මතක් කර ගෙන සතුටු විය හැකි බව නම් ඇත්තකි.

ලියු දිනය : 2015-09-14
Facebook MyLikes කැමති ගණන 3

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය