Posts

Showing posts from June, 2016

ගුත්තිල ජාතකය හා විචාර

292 ගුත්තිල ජාතකය ගුත්තිල ජාතකය තවද සංසාර නෞකාවූ සර්වඥයන් වහන් සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරියන් වහන් සේ අරභයා මේ ජාතකය දක් වන ලදී. ඒකෙසේද යත් එක් දවසක් සංඝයා වහන්සේ දේවදත්ත ස්ථිවිරයන්ට කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේගෙන් තොපි ත‍්‍රිපිටකයක් දරණ ලද සර්වඥයන් වහන්සේ නිසා චතුර්ධ්‍යානයෙන් ලබන ලද එසේවූ බොහෝ උපකාරීව තොපට ආචාරී පදවියේ සිටි තොපි සමව සිතා විපරිතව කුමට ඉ ª දැයි කි යා කී සේ කී . ඒ අසා දේවදත්ත ස්ථිවිරයන් වහන්සේ කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේමට කුමන ලාභ සත්කාර කලෝ ද මම ත‍්‍ර ි පි ටකය දැරිමි. මම ධ්‍යානය උපදවා ගතිමි. සර්වඥයන් වහන් සේ මට කුමක් කලෝ දැයි කී හ. මේ කථාව ධර්ම සභා මණ් ඩපයෙහි රැස් වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්ට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථිවිරයෝ ගුරුන්ට අපඛ්‍යාතකලෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේකී. ඒකෙසේද යත් යටගිය දවස බරණැස්නුරව බ‍්‍රහ්ම