ගුත්තිල ජාතකය හා විචාර

292 ගුත්තිල ජාතකය
ගුත්තිල ජාතකය තවද සංසාර නෞකාවූ සර්වඥයන් වහන් සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත
ස්ථවිරියන් වහන් සේ අරභයා මේ ජාතකය දක් වන ලදී.
ඒකෙසේද යත්
එක් දවසක් සංඝයා වහන්සේ දේවදත්ත ස්ථිවිරයන්ට කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේගෙන්
තොපි ත‍්‍රිපිටකයක් දරණ ලද සර්වඥයන් වහන්සේ නිසා චතුර්ධ්‍යානයෙන් ලබන ලද එසේවූ බොහෝ
උපකාරීව තොපට ආචාරී පදවියේ සිටි තොපි සමව සිතා විපරිතව කුමට ඉªදැයි කි යා කී සේ කී . ඒ අසා
දේවදත්ත ස්ථිවිරයන් වහන්සේ කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේමට කුමන ලාභ සත්කාර
කලෝ ද මම ත‍්‍ර ි පි ටකය දැරිමි. මම ධ්‍යානය උපදවා ගතිමි. සර්වඥයන් වහන් සේ මට කුමක් කලෝ දැයි කී හ.
මේ කථාව ධර්ම සභා මණ් ඩපයෙහි රැස් වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තැනට සර්වඥයන්
වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්ට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා
එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථිවිරයෝ ගුරුන්ට අපඛ්‍යාතකලෝ වේදැයි වදාරා ඒ
කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේකී.
ඒකෙසේද යත්
යටගිය දවස බරණැස්නුරව බ‍්‍රහ්මදත්ත නම් රජකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන්
වහන්සේ ගාන්ධර්ව නම් විද්වත් කුලයක ඉපිද වැඩිවිය පැමිණ ගාන්ධර්ව නම් ශිල්පය නිමවා ඉගෙන ගෙන
ගු ත්තිල නම් ගාන්ධර්වයෙක්යන නමින් දඹදිව ප‍්‍රසිද්ද වූහ. අඳ දෙමාපියන් රක් නාහ. එසමයෙහි බරණැස්
නුවර සිට වෙළෙදුන් උදේනි රටට ආවාහු එක් දවසක් ඉස්සෝදා නාහා කාබී සැපසේ උන්නාහු . අපට ගී
කියන්නට වීනා ගයනා දන්නා විද්වතකු ගෙනවයිකී හ. යහපතැයි කියා එසම ගාන්ධර්වයන් ට නායක වූ
මූසිල නම් ගාන්ධර්වයෙක් එතනට අවුත්එකීයන වෙළªන්ට නටා ගී කි ය. ඒ අසා ව්‍යාපාරයෝ සතුටු
වන්නා නොවුහ. එවිට මූසිලයෝත් මධ්‍යම කොට විනා ගාන්ට වන. එවිටත් මඳකුත් සතුටුනොවුය. උත්තම
කොට විනා ගාන්ට වන. එවිටත් කිසිකෙණෙක් සතුටුනොවුහ. මූසිල නම් ගාන්ධර්ව සිතන්නේ එසේවී
නම් විශේෂයෙන්නොදන්නා කෙණෙකුන්වනැයිසිතා එසේනම් මමත් මුන් හැම නොදන්නා මිනිසුන්ට
නපුරු කොට ගායනා කෙරෙමියි ගායනා කරන් නටවන. එවේලේත් කිසි කෙණෙකුන් සතුටු නොවු ය. එවිට
මූසිල නම් ගාන්ධර්වයො කියන්නේ ඇයි තෙපි හැම මා මෙසේ ගායනා කරද්දී බැන නොනැගි ඉන්නේ . කිසි
විශේෂයක් නොදන්නා හෙයින්ද නැත්නම් මට වඩා ගාන්ධර්ව කරන්නා ගාන්ධර්වයෙකු දුටුවිරු ඇද්දැයි
විචාළේ ය. එබස් අසා මනුෂ්‍යයෝ කියන්නහු එම්බල මූසිල නම් ගාන්ධර්වය ගුත්තිල නම් ගාන්ධර්වයාගේ
විණා නාදය ඇසුවා වූ අපට තොපගේ විණා නාදය උනු පත් තක ගාන් නක් මෙන් අපට සිතේ යයි කීහ. එබස්
ඇසූ මූසිල ගාන්ධර්ව කියන්නේ එසේ වීනම් තොපි හැම බරණැස් නුවරට යන කලමාත් කැන්දාගෙන යවයි
කීහ. යහපතැයිකී එකී යන ව්‍යාපාරයෝත් තමන් බරණැස් නුවරට යන ගමනේ එකියන මූසිල නම්
ගාන්ධර්වයාත් කැඳවාගෙණ ගොස් බරණැස් ගුත්තිල ගාන්ධර්වයාගේ ගෙය පෑහ. තම තමන්ගේ වාසස්තානයට
ගියාහ. එකි යන මූසිල නම් ගාන්ධර්වයා ගෙට වන. ඒ වෙලාවට බෝ ධිසත්වයෝ ගෙයි නැත් තාහ. එවිට
මූසිල නම් ගාන්ධර්ව බෝධිසත්වයන්ගේ ඉද්දොර තිබූ ජාතී විණාව ගාන්ට වන. අන්ධ වූ බෝධිසත්වයන්ගේ
දෙමාපියෝ කියන්නාහු අපගේ දරුවන්ගේ වීණාවක් මීයෝ එක්ව පියා කපන සැටියයිකීහ. ගාන්ධර්ව
බෝධිසත්වයන්ගේ දෙමාපියන් වැඳලා නුඹ වහන්සේගේ පුතනුවන් කොහිදැයි විචාලේය. එවිට
බෝධිසත්වයන්ගේ දෙමාපියන් කියන්නාහූ දැන් දරුවෝ එති. මෙතන ඉªවයිකියා උන් අවස්ථාවට
බෝධිසත්වයෝ එතනට ආහ. එවිට මූසිල නම් ගාන්ධර්ව බෝධිසත්වයන් වැඳ තමාට ශිල්ප උගන්වන්නට
කීහ. එවිට බෝධිසත්වයෝ සාමුද්‍රිකා ලක්ෂණ දන්නා හෙයින් මේ අසත්පුරුෂයා යයි කියා දැන තොපට මා
දෙන ශිල්ප නැත. පලායවයි කීහ. එකීයන මූසිලයාත් බෝධිසත්වයන් නොකැමැති බෝධිසත්වයන්ගේ සිත්
ගෙන නුඹ වහන්සේගේ පුතනුවන්වහන්සේට කියා මට ශිල්ප දෙන්ට කිව මැනවයි කියා යාඤ්ඤා කළේය.
බෝධිසත්වයන්ගේ දෙමාපියෝත්බෝධිසත්වයන්ට කියන්නාහු. මොහුට විණාශිල්ප උගන්වන්ටයි කීහ.
බෝධිසත්වයෝත් දෙමාපියන් කීවා අපත්වන්ට බැරිහෙයින් යහපතැයිකියා අචාරීභාග නොතිබාම ශිල්ප
නිමාවට විණාව ඉගැන්වූහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන් දකින්ට යනවිටෙක අතවැස්සනුත් ඇරගෙණ
යන්නාහ. රජ්ජුරුවෝ මු කවුරු දැයි විචාරන්නා දේවයන්වහන්ස මාගේඅන්තේවාසිකයෙක්යයි කීසේක.
රජ්ජුරුවෝත් ඌ හා සමාන කල් යාමෙන් විශ්වාසවූ හ. බෝධිසත්වයෝත් දරුව තොපට වඩා මම විණාව
නිමවා දනිමි කී හ. එක් දවසක් මූසිල ගාන්ධර්වයා සිතන්නේ මම ඔබ්බේ නුවරකට ගොස් ජීවත් වන්නා බලා
ඇමටම ප‍්‍රධානවූ බරණැස් නුවර ඉඳිමියි ආචාරීන් වයෝවෘද්ධවයහ. එසේ හෙයින් මෙතනම ඉඳිමියි සිතා
බෝධිසත්වයන්ට කියන්නේ ආචාරීන්වහන්ස රජ්ජුරුවන් වහන්සේට සේවය කරන්නා කැමැත්තෙමි එසේ
හෙයින් මට පඩියක් සලස්වන්නා කැමැත්තෙමි කීහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන්ට ගොසින් කියමි කියා
රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නාහූ, දේවයන්වහන්ස මාගේඅන්තේවාසිකයා නුඹ වහන්සේට සේවය
කරන්නා කැමැත්තේය. ඌට පඩියක් සලස්වන්නට උවමැනවැයි කිහ. රජ්ජුරුවෝත්  එසේ විනම් තොපගේ
පඩිනියාව භාගයක් සලස්වාලමි කීහ. එපවත් ගොස් ශිෂ්‍යන්ට කීහ. ශි ෂ්‍යයෝ කියන්නාහූ ඇයි මාත් ශස්ත‍්‍ර ඒක සරියේදනිත්වුව මට පඩි අඩුවනට කාරණ කවරේදැයි කීහ. එපවත් බෝධිසත්වයෝ ගොස් රජ්ජුරුවන්ට කීහ.
රජ්ජුරුවෝත් තොප සරියට විණා පෑනම් එතරම් නියාවට පඩිත් වෙයි කී හ. බෝධිසත්වයෝ එපවත් ශිෂ්‍යයන්ට
කීහ. ශිෂ්‍යයෝ යහපතැයි විණා නියාවට පාමි කීහ. රජ්ජුරුවෝ බෝධිසත්වයෝත් ශිෂ්‍යයාත් ලඟට ගෙන්වා
ශිෂ්‍යයාට කියන්නාහූ එඹල තොප විසින් ගුත්තිල නම් ගාන්ධර්වයන් හා කැටිව වාදකරන්ට පිළිවන්දැයි
විචාළාහ. එවිට මූසිල කියන්නේ ශාස්ත‍්‍ර මාත් විශේෂකොට දැනුත් උව අදට සත් වෙනි දා ඌ හා මා හා
වාද කරම්හයි කීහ. රජ්ජුරුවෝත් ගුත්තිල ගාන්ධර්වයා හා ශිෂ්‍යයා හා දෙන්නා අදට සත්වෙනිදා වාදකෙරෙති
නුවර සැලකළහ. බෝධිසත්වයෝ ත සිතන්නාහූ මේ කාරණය එසේ හෙයින් මොහු ගේ විණාව  සහයට යෙදෙයි
මා වයොවෘද්ධ හෙයින් සහයට නොයෙදෙයි . එසේ හෙයින් මා සරි වුවත් පැරැද්දාහාම සරිය පැරැද්දත්
පැරදිනි යාමයයි සිතා එසේ හෙයින් මූව පරදිනා බලාත් ප‍්‍රාණය නසා ගන්ට යහපතැයි සිතා වලට වඳිමි සිතා
ලජ්ජාවෙන් නික්මෙන්නාහ, මරණ භයින් ගෙට එන්නාහ. මේ නියායෙන් සත්දවසක් අවිýන්නව යාමෙන්
ඒමෙන් ම තනනලද මාවත් ව ගි යේ ය.
මේ නියායෙන්බෝධිසත්වයන්  සත්වන දවස්වනාන්තරයට ප‍්‍රාණය නසාගන්ට ගිය කල්හි ශක‍්‍රයන්ගේ
පාංඩු කම්බල ශෛලාසනය උනු විය. ශක‍්‍රයෝ මාගේ සම්පත් උදුරාගන්නේ කවුරුදැයි සිතා දිවසින් බැළුගමනේ
බෝධිසත්වයන්ගේ වික්‍ෂෙ පය දැක එතනට අවුත් ඇයි ආචාරීනි මෙතන අවුත් සි ටියාවනැයි විචාළාහ. එවිට
බෝධිසත්වයෝ තොපි කවුරුදැයි විචාරා මම දෙදෙව්ලොවට අධිපති වූ ශක‍්‍රයෝයයි කී හ. එවිට බෝධිසත්වයෝ
කියන්නාහූ සත් සත් කඩක් ඇති විනාවාද නමැත්තාවූ විද්‍යාව සෙට මා හා මාගේ ශි ෂ්‍යයා හා දෙන්නා
රජ්ජුරුවන්ට පාම්හ. කෝසිය ගෝත‍්‍රයෙතහි උපන්නාවූ ශක‍්‍රදේවේන්ද්‍රය මට පිටිවහල් වෙවයිකීහ. එවිට
ශක‍්‍රයෝ කියන්නාහූ යහපත ආචාරීනි තොපට මම පිටිවහල් වෙමි තොප හා උන් හා සරියේ විණාවව පාන්න,
එකල් හි මා සභි ඥා කළවේලෙහි සත් තත කඩාපි යව, තොප විසින් විණා දණ්ඩ අතගසන්ට වන් වේලාව
පළමුවෙනියාවට නාද වඩිනේ ය. උගේ තත් සතෙහි නාද අඩු වෙයි . ඒ අවස්ථාවට තොප විසින් මේ පසඇටතුණ
ආකාශයට දමන් නාම නවසියයක් දිව්‍ය ස් ත‍්‍ර ී න් නටන්නාහ, මමත් එතනට එන් නෙම් වේදැයි කි යා ගියාහ.
මනුෂ්‍යයෝත් සෙට දවස් ගුත්තිල ගාන්ධර්වයා හා මූසි ල නම් අතවැස්සා හා දෙන්නාගේ සෙට තර්කවන් නේ යයි
කියා මැසිපිට මැසි බැඳ රථ පිට රථ තබාගෙණ හිවිගැවසී සි ටගත් හ. බෝධිසත්වයෝත්තමන්ගේ ජාති විණාව
ඇරගෙණ අවුත් තමන්ට පැනවූ අස්න පිට උන්නාහ. මූසිලනම් අතවැසිත් තමාට පැනවූ අස් නපි ට උන්නේ  ය.
බොහෝ මනුෂ්‍යයෝත් බලාසිටියාහ, රජ්ජු රාජාසනයෙහි උන්නාහ. ශක‍්‍රදේවේන්ද්‍රයෝත් ආකාශයෙහි
අදෘශ්‍යමානව සිටියාහ. ශක‍්‍රයන් ආ නියාව බෝධිසත්රුවෝත් වයෝ පමණක් දන්නාහ. එවිට බෝධිසත්වයන් හා
අතවැසි විණාව  සමව පෑහ. බොහෝ දෙනා විණාව  පෑ නියාව යහපතැයි බොහෝ දෙනා සතුටූ වුහ. එවිට
ශක‍්‍රයන්ගේ සංඥාවත් බෝධිසත්වයෝත් පළමු වන තන කඩාපුවාහ. එවිට ඒ තත් සිදුරෙන් පළමු නාද නියාවට
මහත් ව නාදපවතින්ට වන, ඒ දැක මූසිල ගාන්ධර්වයාත් තත් කැඞීය. ඒ හඬ ආදී නියාවට අඩු විය. මේ
නියායෙන් බෝධිසත්වයෝදෙවන තතය තුන්වන තතය සතරවෙනිතතය, පස්වෙනිතතය සවන තත
සත්වන තතයයි මේ නියායෙන් තත්සතම කඩා වීනා දඬෙ විනාගන්ට වන්නාහ. බරණැස්නුවර එකනින්
නාදව ඇසෙන්ට වන, මූසිලයාත් මේ නියාවට තත් සතම කඩා නාදකරන්ටවන් වේලාවට උන පත්තක
අතගාන කලක් මෙන් නිශ්ශබ්දවිය. ඒ වෙලාවට බෝධිසත්වයෝ ශක‍්‍රයන් දුන්පස ඇට තුනින් එකක්
ආකාශයට දැමූහ. තුන්සියක් දිව්‍ය ස්ත‍්‍රීන් නටන්ට වන්නාහ. දෙවැනිපසඇට දැමූහ, එවිට තුන්සියයක් දිව්‍ය
ස්ත‍්‍රීන් නටන්ට වන්නාහ. තුන්වෙනිපස ඇට දැමූ කල්හි තුන්සියයක් දිව්‍ය ස්ත‍්‍රීන් නටන්ට වන්නාහ,
බෝධිසත්වයෝ මියුරුවූ ගිතිකා කිය කියා විනා නාද කරන්නාහ, ඒදුටු රජ්ජුරුවන්හා නුවරවාසී බොහෝ
සතු ටු වූ හ. රජ්ජුරුවෝත් මූසිලයා කෙරේකි පී අමාත්‍යයගේ මුනන් බැළුහ. අමාත්‍යයෝ රජ්ජුරුවන්ගේ අභි ප‍්‍ර ාය
දත් තාහූ විසි න් ආචාරීන් කැටිව ගුරු ද්‍රෝහකරණ ලදැයි තමන්  ් ත් තමන්ගේ අත තිබූ කැට මුගුරු බාලා මරාතලා
පයඅල්වා ඉවත දැමූහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් කෙරෙහි සතුටුවූහ. එකපැතිර වස්නා මහාවර්ෂාවක්
මෙන් බොහෝ සත් රුවන් ආදීවූ ප‍්‍ර ාසාද දුන් නාහ. නුවරවාසී බොහෝ සම්පත් දුන් නාහ. ශක‍්‍රයෝත් මා විසි න්
තොපගේ ගෙට වෛජයන් ත රථය එවමි. තොපි ඒ රථයට නැගී මාකරා එවයි කි යා දිව්‍යලෝකයට ගියහ.
දිව්‍යස්ත‍්‍රීන්ඇයි දේවයන්වහන්ස යම්තම් වේලක් පමාවූයේ දැයිවිචාරා ගුත්තිල ගාන්ධර්වයන්ගේ වීණා
නාදය අසන්ට ගියෙමි කී කල්හි එවිට දිව්‍යස් ත‍්‍ර ින් අපි ත් විණා නාදය අසන්නා කැමැත් තෙම්හයි කියන්නා
ශක‍්‍රයන් විසින් මාතලි නම් දිව්‍යපු ත‍්‍රයා අත වෛජයන්ත නම් රථය යවුහ. බෝධිසත්වයෝත් ඒ රථයට නැගී
ශක‍්‍රයන් ලඟට අවුත් සිටියාහ. ශක‍්‍රයෝ ආචාරීනි විණා ගායනා කරවයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ
විජ්ජුත්තු නම් මිලයක් ඇතිව මිසක් විණාව නොපානාහ. එසේ වී නම් මා විණා පෑකල දෙන්නේ කී න්දැයි කී හ.
ශක‍්‍ර යෝ විණා පෑ කල බොහෝ සම්පත් දෙම්මෑයි කියන්නා සම්පත්තීන් මට කාර්ය නැත, මම නුඹ
වහන්සේගේ දෙතිස්දිව්‍යස්ත‍්‍රින්ගේ පින්අසන්නා පමණකැයි කීහ. එවිට දිව්‍යස්ත‍්‍රින් විණානාදකරන්නා
ආචාරීනි අප කළ පින් කියම්හයිකී හ. එවිට බෝධිසත්වයෝත් යහපතැයිකියා දිව්‍ය ගාන්ධර්වයන්මෙන්
ගායනා කොට පෑ පළමු වන දිව්‍ය ස් ත‍්‍ර ිය අතින්විචාරන් නාවූ තොපිඔසධිතාරකාවන්මෙන් විශි ෂ් ට වූරුවින්
දස දිග බබුළුවා දහස්ගණන් දිව්‍යස්ත‍්‍රීන් විසින් පිරවරණ ලදුව සිටිනීය, එසේ හෙයින් තොපදැක මට
සතෙතාෂ කරවයි මනුෂ්‍යාත්භාවයෙහිදී කෙසේ වූ පින්කොට මේ දිව්‍යභවනයෙහි උපන්දැයිඒමට කියවයි
කී හ. ඔයි ත් කියන්නී ගාන්ධර්වයානෙනි මනුෂ්‍යාත් මභාවයෙහි සිටි මා විසින් කාශ්‍යප සම්මා සම්බුදුරජානන්
වහන්සේගේ ශාසනයෙහි රහත් නමකට පිළි සඟලක් දිනි මි. ඒ විපාකයෙන් මේ නියා අනාභාවයක් ඇති ව
උපනිමි කීහ. බෝධිසත්වයෝ සෙස්සන් අනිනුත් විචාළාහ. සෙස්සෝත් තමන්කළ කුසල් කීහ.
ඒකෙසේද යත්
එකෙක් කියන්නී මල්කළඹක් පුදා දිව්‍යලෝකයෙහි උපනිමි කීහ. එකෙක් එක දාගැබකට සුවඳ පසඟුල්දී ඒ
පින් කරමින් දිව්‍යලෝකයෙහි උපනිමි කීහ. එකක් සුවඳබඩුවක් දන්දී උපනිමි කීහ. එකක් මිහිරි ඵලාඵල දන්දී
දිව්‍ය ලෝ කයෙහි උපනිමි කී හ. එකක් මිහිරි ඵලාඵලයක් ම දන්දී උපනිමි කීහ. එකක් මිහිරිස භි ක්ෂූ න් වහන් ස් ට
දන්දී උපනිමි කීහ. එකක්කාශ්‍යප බුදුන්ගේ දාගොබකට සිය අතින් පසඟුල්දී උපනිමි කිව. එකක්මන්
මු ලායෙන් ආ භික්ෂූන් වහන්සේ ට දන් දී බණ අසා දිව්‍යලෝකයෙහි උපනි මි කී හ. එකක් නැවින් යන
වහන්දෑකෙණෙකුන්ට පැන්පිළි ගන්වා උපනිමි කීව. එකක් නැදිමයිලන් ආක්‍රොස බිනියදී බැන නොනැගී
මෛත‍්‍ර ී කොට උපනි මි කිව, එකක් තමාලත් බත් කොටස බෙදා දන්දී උපනිමි කිව, එකක් අනුන්ට වාල්ව
ඉපිද තමා ලද දෙය දන්දී උපනිමි කිව, මේ නියායෙන් දෙති ස් දිව්‍යස්ත‍්‍ර ීන්තමන් කළ පින් බෝධිසත්වයන් ට
කීහ. බෝධිසත්වයෝත් තමන් ගේ ජීවිතය ලද් දාවූ ඵලලදිමි කියා සතුටුව මනුෂ්‍ය ලෝකයට අවුත් එපවත්
බොහෝ දෙනාහට කියා බොහෝ දෙනා පින්කමෙහි ඇසුරුවා වදාරා මේ ගුත්තිල ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි මූසිල ගාන්ධාර්වයා නම් දේවදත්ත ස්ථිවිරය, බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්දස්ත‍්‍ර ිවිරය.
ශක‍්‍ර යෝනම් අනු රුද් ධ ස් ථිවිරය. ගු ත් තිල ගාන්ධර්ව උපන් නෙම් බු දුවූ මමමයයි වදාළ සේක .
ගුත්තිල කාව්‍ය
ජාතක කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. ජාතක පොතේ 235 වැනි කථාව වූ ගුත්තිල ජාතකය මෙයට පාදක වී තිබේ.
මේ කාලයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙසින් දැකිය හැකි වුව ද ගුත්තිල කාව්‍යය ප්‍රබන්ධ වීම උදෙසා තවත් කරුණු බල පා ඇති බැව් පෙනේ. කතුවරයා මෙයට තැබු විශේෂ නාමයක් ගැන ප්‍රකාශ නො වන බැවින් ජාතක කථා නාමය අනුව මේ කෘතිය ගුත්තිල කාව්‍යය හෙවත් ගුත්තිලය නමින් ප්‍රකට ව තිබේ.
ගුත්තිල කාව්‍යයේ කතුවරයා කවුරු ද යන්න කිසිදු තැනකින් අනාවරණය වන්නේ නැත. එහෙත් මේ කතුවරයා වෑත්තෑවේ හිමි බව ජනප්‍රවාදයේ එන මහත් ප්‍රකට කරුණකි. මෙහි මුල් පද්‍යය සිය පින් යනුවෙන් අනිෂ්ට ගණයකින් ආරම්භ කිරීමේ ප්‍රවෘත්තිය ද එසේ ම ප්‍රචලිත කරුණකි.
මේ කාරණා ගැන අදට ශතවර්ෂයකටත් වැඩි කාලයකට පෙරාතුව ගුත්තිල කාව්‍යයට සංස්කරණයක් කළ අන්ද්‍රිස් බටුවන්තුඩාවේ පඬිතුමා සඳහන් කොට ඇත්තේ මෙපරිද්දෙනි. ... මේ පද්‍ය රචනාව දැක ශාස්ත්‍ර දුන් මහතෙරුන් වහන්සේ සිය පින් සිරින් සරු යන මේ ප්‍රාරම්භ කාව්‍යයෙහි පළමු කොට වායු ගණය තැබූ බැවින් සපවනො දේශභ්‍රමං ප්‍රාන්තහඞ යනාදි ලක්ෂණ කල්පනා කොට වෑවැත්තේ මේ වැත්තේ නැව් නගිද්දැයි කීවා ලු...
මෙහි කියැවෙන මහ තෙරුන් වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් බවත් වෑත්තෑවේ හිමියන් උන්වහන්සේගේ ගෝල නමක වූ බවත් මේ ජනශ්‍රැති කථාවේ ම පැවසෙන්නකි. තව ද ගුරු හිමියන් ගෝල හිමියන්ට පල නො කියා පලා බෙදූ බවත් එහෙයින් ගුරු හිමියන්ගේ පන්සලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නො වන වග හැඟවීම පිණිස ගුත්තිල කාව්‍යය කළ බවත් මේ තොරතුරේ වැඩි දුරටත් පැවසේ.
මේ අනුව මෙහි අරමුණක් ද පැවැති බැව් පෙනේ. මේ කෘතිය කළේ සලාවත ජයපාල මැති නම් ප්‍රභූවරයාගේ ආරාධනයෙන් ය යන්න මෙහි පැහැදිලි ව ප්‍රකාශ වේ. ජයපාල මැති ගැන සඳහන් කරමින් සියල් සිරිලක අගමැති යනුවෙන් සඳහන් වීමෙන් එතුමා සය වැනි පරාක්‍රමබාහු රජුගේ අග්‍රාමාත්‍යවරයා ව සිටි බව ද හෙළි වේ.
හය වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මෙය ලියැවුණු බව පැවසෙතත් ඒ කිනම් වර්ෂය ද යන්න අනාවරණය වන්නේ නැත.
ගුත්තිල කාව්‍යය ඛණ්ඩ කාව්‍ය ගණයට ගැනෙන නිර්මාණයකි. මහා කාව්‍යයක් රචනා කිරීමේ අභිලාෂයක් කතුවරයා වෙත පැවැති බවක් නො පෙනේ. මෙහි ප්‍රධාන චරිත දෙක වනුයේ ගුත්තිල නම් වූ වීණා වාදනයෙහි ප්‍රවීණ ගුරුවරයා සහ ඔහුගෙන් වීණා ශිල්පය උගත් මූසිල නම් ශිෂ්‍යයා ය. ගුරු ගෝල පුවතක් සහිත එදවස අධ්‍යාපනය ක්ෂේත්‍රයට අදාළ කාරණයක් ලෙසින් ද වීණා ශිල්පය වැනි සෞන්දර්ය කලා විෂයයට අදාළ සිද්ධියක් ලෙසින් ද මේ ප්‍රස්තුත කථාවෙහි විශේෂත්වයක් දකින්නට පිළිවන.
නගර වර්ණනය වැනි තොරතුරු හැරුණු විට ගුත්තිල මූසිල යන ගුරු ගෝල දෙපොළ පිළිබඳ තතු, වීණා වාදන තරගය, මූසිල ගේ පරාජය සහ ගුත්තිලගේ ජයග්‍රහණය යන මූලික කරුණු මේ නිර්මාණයෙන් මැනැවින් විග්‍රහ වේ. මෙහි දී ජාතක කථා ප්‍රවෘත්තිය ඔස්සේ ම ගමන් කිරීමට වෑයම් නො කරන කතුවරයා ස්වකීය නිර්මාණාත්මක සක්‍යතාව ද ප්‍රකට කරනු පෙනේ.
ගුරු ගෝල අර්බුදය පිළිබඳ විචක්ෂණශීලී ව සිතන්නට පාඨකයාට ඉඩ සලසමින් කෘතිය නිර්මාණය කර ඇති බවක් හැඟී යන්නේ එයින් සාහිත්‍යමය ගුණය ඉස්මතු කරලමිනි.
අනිෂ්ට ගණයකින් මේ නිර්මාණය ආරම්භ කොට ඇත්තේ කතුවරයාගේ කාව්‍යමය දැනුමේ මඳකමකින් නො ව කිසියම් වෙනත් යටි අර්ථයක් ඇති ව යැයි සිතිය හැකි ය. කෘතිය පුරා ම අනෙකුත් කාව්‍ය රීතීවලට අනුකූල ව රචනා කර ඇති ආකාරයෙන් ද භාෂා භාවිතය සහ ඉදිරිපත් කිරීමේ නිර්මාණශීලී භාවය ඇතුළු කාරණාවලින් ද කතුවරයා සතුවූ දැන උගත්කම මෙන් ම භාෂා සාහිත්‍යයෙහි ලා වූ ප්‍රවීණත්වය ද ප්‍රදර්ශනය වේ.
මේ කතුවරයාණන්ට සිය අදහස් ප්‍රකාශ කිරීම උදෙසා වන වදන් මාලාව නිරායාසයෙන් ම ගලා ආ විලාසයක් මේ කාව්‍යය පුරා ම දකින්නට ඇත.
ගද්‍ය පාඨයක් රචනා කරනවාටත් වඩා වැඩි සැහැල්ලුවකින් යවහන් දොස් රහිත එළිවැට නිසි පරිදි යෙදවූ පද්‍ය මේ රචකයාණන් අතින් ලියැවී තිබේ. එසේ ම බොහෝ විට සිය ප්‍රකාශය තහවුරු කිරීම පිණිස උපමා උපයෝගී කොට ගෙන ඇත්තේ ද ශූර ආකාරයෙනි.
දියෙහි යන දණ්ඩට - පිහිටක් වුවත් පෙර සිට
දුදනන් හට පිහිට - නො වව් කිව් බස සැබෑ කළෙ මට
කොපමණ ගුණ කළත් - දුදනෝ නො වෙති යහපත්
කිරි දියෙහි දෙවියන් - අඟුරු සුදු වන කලෙක් නම් නැත්
දුරු කර හිරි ඔතප් - පෙන්විය දුදන ගුණ ගජ
මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප්
මෙවැනි වූ උපමා යෙදුම් ඇතුළු ප්‍රකාශන සහ අවස්ථා නිරූපණාදියෙහි දී මේ කිවිවරයා සංස්කෘතාදි කාව්‍යයන්හි පිහිට පතන ආකාරයක් දකින්නට නොමැත. ශ්‍රාවක පාඨකයාට නො වැටහෙන අස්වාභාවික දෑ කාව්‍ය සම්මතයෙහි තිබූ පමණින් ම ස්ව නිර්මාණයට ඇතුළත් කොට ගෙන නොමැත. මේ අනුව චරිත නිරූපණයෙන් ද භාෂා භාවිතයෙන් ද කාරණාදිය අතින් ද ජනතාවගේ අවබෝධයට මෙතරම් සමීප වන වෙනත් කෘතියක් නොමැති තරම් ය. එසේ ඇතොත් ඒ බුදුගුණ අලංකාරය පමණි.
ගුත්තිල කාව්‍ය කතුවරයා වියත් වහරත් ජන වහරත් කාව්‍ය නිර්මාණය උදෙසා උචිතානුචිත ලෙස භාවිතයෙහි යොදාගෙන ඇති ආකාරය මේ කෘතිය පුරා දැකිය හැකි ය. එසේ ම උගත් පක්ෂයට මෙන් ම සාමාන්‍ය ජනතාවට ද තම තම නැණ පමණින් සිත් සේ රස විඳිය හැකි අයුරින් භාෂා විලාසය මෙන් ම කාරණා ද පෙළගස්වා තිබේ.
ප්‍රස්තුතයට අදාළ නො වන සිද්ධි සහ වර්ණනාවලින් ද පමණ ඉක්මවන දීර්ඝ විස්තරවලින් ද නිර්මාණයට හානියක් කර නො ගැනීමට කතුවරයා බෙහෙවින් වග බලා ගෙන තිබේ. එහෙත් දෙව්ලෝ ගමන වැනි තැන්වල දී සාම්ප්‍රදායික ගති ලක්ෂණ ඉස්මතු වන බවක් පෙනෙන්නට ඇත.
පද්‍යයෙන් දහම් පුවතක් පළ කිරීමේ අදහසින් කෙරුණු රචනයක් වුව ද ගුත්තිල කාව්‍යය නිර්මාණය වී ඇත්තේ සපුරා උපදේශ ශෛලියෙන් නො වේ. රසිකයාට යමක් සිතන්නටත් යළි යළි ආවර්ජනය කරන්නට පොලඹවන ආකාරයෙනි.
ගුත්තිල සහ මූසිල චරිත නිර්මාණය වී ඇත්තේ එකී විශේෂිත ලක්ෂණ සහිත ව ය. තව ද ශිල්පීය දක්ෂතාවෙහි උච්ච භාවය මෙන් ම අධ්‍යාත්මික ගුණාංගයන්හි උසස් භාවය ද සාර්ථක පුද්ගලයකු වීම සඳහා අවශ්‍ය වග මේ රචනයෙන් ධ්වනිත කෙරේ.
ගුත්තිල කාව්‍යය ඉතා පහසුවෙන් කියවා වින්දනය කළ හැකි කෘතියකටත් වඩා නැවත නැවත කියවා ඇත. නන් අයුරින් රස විඳිය හැකි කෘතියකැයි කිව හැකි ය. එබැවින් මෙය පැරණි නො වී නවතාවෙන් බබළන නිර්මාණයකි. සංස්කෘතාදි වූ අනෙකුත් කෘතිවලට හා සම්ප්‍රදායවලට වහල් නො වී ස්ව ප්‍රතිභාව පළට කරන ස්වාධීන නිර්මාණ ශිල්පියකු මේ කෘතිය වෙතින් විද්‍යමාන වේ. විචාරශීලීත්වයට ඉඩකඩ සලසමින් කෙරෙන චරිත නිරූපණාදියෙන් මෙහි උසස් සාහිත්‍යමය ගුණාංග ඉස්මතු වේ.
කෝට්ටේ සමයේ ලියැවුණු කෘති අතුරෙහි පමණක් නො ව සමස්ත සිංහල පද්‍ය ග්‍රන්ත අතුරෙහි ම ඉමහත් ජනපි‍්‍රය නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍යය පෝෂණය කළ උසස් රසවත් රචනයක් ලෙසින් ද නව නිර්මාණාභිලාෂ කරා මඟ පෙන්නූ ප්‍රබන්ධයක් ලෙසින් ද ගුත්තිල කාව්‍යය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙහි එන විශේෂිත කෘතියකි.
ආචාර්ය
පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය සිංහල පද්‍ය සාහිත්‍යයේ උගත් නූගත්, ඇති නැති, ග‍්‍රාමවාසී නගරවාසී, ලොකු කුඩා සියලූ දනන් එක සේ ඇලූම් කරන කෘතියක් වේ නම් එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එදා මෙදා තුර බිහි වූ ලාංකේය මානව සංහතියේ නිතර දෙවේලේ තුඩ`ග රැුව් දුන් යම් පද්‍යයක් වූවාද එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලයේ කවියක් යැයි කීමද අතිශයෝක්තියක් නොවේ. ‘‘...මුල පටන් අග තෙක් වූ සමාන වෙසෙස් කන්කලූව ඇති පද්‍ය තුනක් දක්නට ලැබේ පළමුවැන්න ගුත්තිලයයි; ... කෝමල වර්ණයන්ගෙන් මධුරතම ශබ්දයන්ගෙන් සංඝටනායෙන් උපන් ශ‍්‍රැති අනුප‍්‍රාසය ගුත්තීලයෙහි පද මාලාව අතරින් රසයන්ටද වර්ණයන්ටද අනුව නගින බසින ගීත ප‍්‍රවාහයක් වැන්න...’’ පි.බී සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයට අනුව ගුත්තිල කාව්‍යය කෝට්ටේ යුගයේ (ක‍්‍රි.ව 1450-1460* වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ‘‘(ක‍්‍රි. 1450-1460* ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ තෙරිඳුන් බව ඉතා ප‍්‍රසිද්ධය... රාහුල හිමියන් ළ`ග උගත් ශිෂ්‍යයෙකු අදහන හෙයින්, ගුත්තිලය ලිය වී ඇති කාලය පැරකුම්බා රාජ්‍යයේ පශ්චිම අවස්ථාව කොට සලකනු මැනවි.’’ උගත් නූගත් සියලූ ජනයාගේ සම්භාවනාවට පාත‍්‍ර මෙම කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂතා අපරිමිතය. ඒ අනුව ලක්වැසි ජනයා සදාදරයෙන් ගුත්තිලය තම හද ම`ඩලට තුරුළු කර ගත්තේ කුමන සාධක පදනම් කර ගෙනද යන්න විමසීම අප මෙහිදී දරන ප‍්‍රයත්නයයි. ගුත්තිල කාව්‍යයේ ඇති විශේෂතාව මෙයයි. එදා මෙදා තුර පද්‍ය සාහිත්‍ය අඹරෙහි දිදුලන ලද කොතෙකුත් තාරකාවන් දක්නට ලැබුණේය. එහිදී බොහෝ කාව්‍ය කෘති විදග්ධ ප‍්‍රිය බුද්ධිමතුන් සඳහා වෙන්වූ, පණ්ඩිත ප‍්‍රිය බස්වහරකින් සමලංකෘත බුද්ධිමතුන්ගේ හදවත් පමණක් ස්පර්ශ කරන කෘති වූවේය. එහෙත් සෑම හදවතකටම ඉතා ශාන්ත ස්වරයෙන් ආමන්ත‍්‍රණය කළ සියලූ ජනයාගේ හදවත් ඉතා රුචිකත්වයෙන් ආදරයෙන් සමීප කර ගත් කාව්‍ය කෘතිය වූයේ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයයි. ඒ අනුව ගුත්තිල කාව්‍ය ජනප‍්‍රියතම වූ ප‍්‍රධානතම හේතු කාරණා කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. 1- වෑත්තෑවේ හිමියන් සතු කවීත්වය. 2- වස්තු විෂය වශයෙන් තෝරාගත් ජාතක කතාවට ගැති නොවීම. 3- සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. යනුවෙනි. මෙම සාධක ඔස්සේ කරුණු අධ්‍යයනය කිරිමේදී වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය ලංකා සමාජයේ බෙහෙවින් ජනාදරයට පත් වූවේ මන්දැයි සුඛාවබෝධ කර ගත හැකිය. 1- වෑත්තෑවේ හිමියන් සතු කවීත්වය. උන්වන්සේ සතු ප‍්‍රතිභාපූර්ණ කවීත්වය ගුත්තිල කාව්‍යය ජනප‍්‍රිය සිංහල කාව්‍යයක් වීමට බලපෑ ප‍්‍රධානතම ධාරණාවක් විය. උන්වහන්සේ විසින් ඒ සඳහා විවිධෝපක‍්‍රම භාවිත කරන ලදී. ඒ උපක‍්‍රම හේතු භූත කර ගෙන ගුත්තිල කාව්‍යය මිනිස් සිත් සතන් තුළ නොමැකෙන නාමයක් බවට පත් වූවේය. වෑත්තෑවේ හිමියන් ගුත්තිලය තුළ දැක් වූ කවීත්වයේ සාමාර්ථ්‍යය අවබෝධයේ පහසුව පිණිස මෙලෙස විභේදනයට ලක් කළ හැකිය. v බුදු ගුණ වැයීමේ ක‍්‍රමය v තොරා ගත් කෙටි විරිත‍්‍ර (දිගු විරිතින් හා ගේයතා ලක්‍ෂණයෙන් හෙබි කාව්‍යයන්ද ඇත.* v සකු මගධ මිශ‍්‍ර බසින් මිදී සැමට වටහා ගත හැකි සරල බස් වහරක් තිබීම. v සානුකම්පිත දෘෂ්ටිය. v වර්ණනා ශක්තිය. වෑත්තෑවේ හිමියන් තම කෘතියේදී සියබස්ලකරෙහි කාව්‍ය රීතියට ගරු කරමින් පෙදෙන් බුදු සිරිතැ බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් ඈ අනතුරු ලකුණු දක්වම්’’ ක‍්‍රමවේදය අනුගමනය කර ඇත. එහෙත් මෙහිමියන් තම කෘතිය තුළ තෙරුවන් නමස්කාර කරන්නේ අන් කිසිඳු පද්‍ය කරුවෙකු අනුගමනය නොකළ ආකරයටය. සම්භාව්‍ය පද්‍යකරුවෝ තම කෘතියේ මූලාරම්භයේ සිදු කරන මෙම වර්ණනාව සකු මගධ බසින් සපිරි වර්ණනා චාතුර්යයෙන් අග තැන්ව විදග්ධ ප‍්‍රිය බස්වහරකින් සිදු කරති. එසේ වුවත් වෑත්තෑවේ හිමියන් තෙරුනුවන් නමදින්නේ සුදට ගැමි බස් වහරින් හා භකත්‍යාදර සිතුවිල්ලෙනි. ‘‘අවංක භකත්‍යාදරයෙන් වැඳ වැටෙන දැරියක මෙන් වෑත්තෑවේ හිමියෝ සිතින් මවා ගත් බුදු රුවට වැඳෙන සුගම පද්‍යයකින් තමන්ගේ ශ්‍රේෂ්ඨ කාව්‍ය ආරම්භ කළහ.’’ ‘‘සියපින් සිරින් ස රු දෙතිස් ලකුණින් විසිතු රු කෙලෙසුන් කෙරෙන් දු රු වඳිම් මුනි උතුමන් තිලෝගු රු’’ අනෙකුත් පද්‍යකරුවෝ මරකත මාණික්‍යයෙන්, දිව්‍ය පුෂ්පයෙන්, සුවඳ විලවුන්වලින් බුදුරජාණන් වහන්සේගේ දෙපා නමස්කාර කරති. එහෙත් කතු හිමියන් බුදුන් වහන්සේගේ දෙපා නමදින්නේ කැලේ පිපෙන මල්වලිනි. ‘‘පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වන පස මලින් පුද කළැයි පවසනු කිනම් වර දද’’ එහි ව්‍යංගාර්ථවත්වී ඇත්තේ සකු මගධ බස්වලට ගැති නොවී ගැමි වහරින් හෙළ බසින් පද්‍යකරණයෙහි යෙදීමෙහි වැරුද්ද කුමක්ද වගයි. කවියා කෘතිය ආරම්භයේදීම දක්වන ලද සාමර්ථ්‍යය ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය කාව්‍යයක් වීමට හේතු වූවේය. එසේම මෙහිමියන් කෘතිය සඳහා තෝරගත් විරිත් භාවිතයද මිනිස් සිත් සතන් තුළ ගුත්තිලය විරාජමාන වීමට ගාමක සාධකයක් විය. ගුත්තිල කාව්‍යය පුරාවටම බොහොමයක් රචිත කවි කෙටි විරිතනට අනුව රචනා වූ ඒ වාය. කෙටි විරිත උගත් නූගත් භේදයකින් තොරව අභිරුචියෙන් මෙම කෘතිය කියවීමට බලපෑ ප‍්‍රධාන සාධකයකි. ‘‘සදවා සුදු වැලි පිවිතරු බඳවා රන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු’’ ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය වීමට බලපෑ ප‍්‍රධානතම සාධකයක් වන්නේ මෙම කෙටි විරිතයි. මෙම කෙටි විරිත හා බැඳි සරල බස් වහර නිසාවෙන් එදා මෙදා තුර ලක්දිව ජනයාගේ තුඩ`ග රැුව් දෙන කවි අතර ගුත්තිලයේ කවි නිසැකයෙන්ම අඩංගු වන්නේය. තම කෘතිය අවසානයේ දැක්වූ දිගු විරිත් සහිත සුගායනීය ලෙස ගායනය කළ හැකි ගේයතා ලක්‍ෂණයන්ගෙන් හෙබි විරිත් ආකෘතියද පාඨක සිත් තුළ ගුත්තිලය ජනප‍්‍රිය වීමට ප‍්‍රබල ධාරණාවක් විය. ඒ සඳහා මෙම කාව්‍යය කදිම උපැහරණයකි. ‘‘රූ රැුසේ අ`දිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා රන් රැුසේ එක්වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා කම් සැපේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙත`ගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ල`දුන් දුන් ර`ග සොබා’’ ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය වීමට බලපෑ අනෙක් සාධකය වූයේ සැමට වටහා ගත හැකි සරල බස් වහරයි. සතර දිසාවේ වෙසෙන තරා තිරමකින් තොර ලක්වැසියා එක සේ මෙම කෘතියට ආදරය කරන්නේ එම නිසාවෙනි. සම්භාව්‍ය පද්‍යකරුවන් තම නිර්මාණ සඳහා සකු මගධ බස්හි සෙවෙන යහමින් පතා විදග්ධ ප‍්‍රිය බස්වහරින් ජනයා අමතන විට වෑත්තෑවේ හිමියන් විසින් සරල හෙළ ගැමි වදනින් පාඨක සිත් සතන් වෙත ආමන්ත‍්‍රණය කරන ලදී. සම්භාව්‍ය පද්‍යයක අදහස වටහා ගැනීමට මිනිසාට වාර කිහිපයක් කියවන්නට සිදු විය. එහෙත් ගුත්තිලයේ කවි එක වරක් කිය වූ සැනින් අරුතත් සමග මිනිසාට කට පාඩම් වූවේ එහි ඇති සරල බස් වහර හේතුවෙනි. කතුවරයා තම කෘතිය ආරම්භයේදීම දක්වන ‘‘පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වන පස මලින් පුද කළැයි පවසනු කිනම් වර දද’’ කාව්‍ය මගින් ව්‍යංගාර්ථවත්වී ඇත්තේ සකු මගධ බස්වලට ගැති නොවී ගැමි වහරින් හෙළ බසින් පද්‍යකරණයෙහි යෙදීමෙහි වැරුද්ද කුමක්ද වගයි. සරල ගැමි වහරින් මිනිස් සිතට ආමන්ත‍්‍රණයෙහි ඇති දක්‍ෂතාව විදහාපාන තවත් උපැහරණයක් ලෙස මෙය දැක්වීමට පුළුවන. ‘‘අඳ මව් පිය දෙදෙ න ඔහු වයන බව නොම දැ න කතී වෙණ මීය න සු සූ යැයි අත ගැසූ සැකයෙ න’’ එසේම එදින වයිර සිත සිහි නොකළෝයායන පැදිවල වයිරයන පදය එම ආකාරයෙන් යොදා ඇත්තේ ව්‍යාකරණ දෝෂයකින් නොව සරල බස් වහරක් යොදා ගත යුතු හෙයිනි. වෑත්තෑවේ හිමියන්ගේ කවීත්වයේ දිසිවන අනෙක් විශ්ෂ්ටත්වය නම් කෘතිය පුරාවට චරිත කෙරහි දක්වන සානුකම්පිත දෘෂ්ටියයි. සිංහල සාහිත්‍යය ආරම්භයේ පටන් අද දක්වා ලිය වූ සියලූ නිර්මාණ අධ්‍යයනයේදී මෙතරම් සානුකම්පිත දෘෂ්ටියක් දැක්වීමට කිසිඳු නිර්මාණ කරුවෙක් සොයා ගත නොහැකියැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වෑත්තෑවේ හිමියන් දෙව්දත් තෙරුන් කෙරෙහි දක්වන සානුකම්පිත දෘෂ්ටියෙන් ඒ බව මොනවට විද්‍යමාන වෙයි. ‘‘ඉඳ ඉඳ එක වෙහෙ ර විඳ විඳ දහම් මනහ ර සිඳ බිඳ මොක් සස ර අනේ දෙව්දත් නොදුටි මොක් පුර’’ එසේම වෑත්තෑවේ හිමියන් මූසිලයන් කෙරෙහි හෙළන්නනේද ජාතක කතාකරුවා මෙන් දරුණු දෘෂ්ටියක් නොවේ. ශාස්ත‍්‍ර ලෝභී, අවංක, නිරහංකාර චරිතයක් ලෙස සානුකම්පිතව බැලීමට කතු හිමියන් සමතෙක් වී ඇත. ‘‘ ඉඳිමියි නොවී ණය දක්වා සිල්ප වීණය සමග උප වීණය රුගෙන දැඩි කොට සදා වීණය’’ ‘‘මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග එමි’’ ‘‘අඳ මව් පියන් හට නිතර අත් පා මෙහෙ කොට’’ වෑත්තෑවේ හිමියන්ගේ වර්ණනා ශක්තියද ගුත්තිලය සිංහල කවි මගෙහි බෙහෙවින් ප‍්‍රචලිත වීමට බලපෑවේය. ඒ සඳහා යොදාගත් උපක‍්‍රම මෙලෙස එකිනෙක දැක්විය හැකිය. රිද්මය හා ලයමානය පද්‍ය තුළ ගැබ් වීම. ‘‘සරා සලෙලූ දන සතො සේ සුරා පාන කරන ලෙ සේ පුරා අවුළු නොයෙක ර සේ සරා අවන්හල් සහ සේ ’’ චිත්තරූප මවන බස් වහර ‘‘රැුගත් සුරා පිරූ විතින් සුරත් තඹරු පෙති සෙ නෙතන් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින් ’’ ‘‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා’’ උපමා භාවිතය ‘‘කෙළෙමින් තැන තැන ලන්දු දෙන මෙන් කන අම බින්දු’’ ‘‘සැරයට ලං නොවන ළිහිණියකු අත් පසුරෙන ගනිමියි තැත් කෙරෙන එකෙකු මෙන් ගායනා කරමින’’ අතිශයෝක්ති බස්වහර ‘‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා’’ ‘‘මින් රළවුත් ගං වෙරළට රැුස් වූ’’ ‘‘අසන රිසින් නයි කැල ඔසළෝයා එදින වයිර සිත සිහි නොකළෝයා’’ වෑත්තෑවේ හිමියන්ගේ කවීත්වය ඔස්සේ දිග හැරුණු යථෝක්ත කාරණා ගුත්තිල කාව්‍ය ජනප‍්‍රිය සිංහල කාවයයක් විමට බල පෑ බවට සාක්‍ෂි සපයයි. 02-වස්තු විෂය වශයෙන් තෝරාගත් ජාතක කතාවට ගැති නොවීම පෙදෙන් බුදු සිරිතනමැති සියබස්ලකර නියමය අනුව ගිය සම්භාව්‍ය පද්‍ය රචකයන් තම නිර්මාණ සඳහා ඈදා ගත්තේ ජාතක පොතෙහි එන ජාතක කතා වස්තූන්ය. උදාහරණ වශයෙන් කව්සිළුමිණ - කුස ජාතකය සස\වත - සස ජාතකය මුවදෙව්දාවත - මඛාදේව ජාතකය යනුවෙන් දැක්විය හැකිය. මෙලෙස නිර්මිත සෑම නිර්මාණයක් තුළම දක්නට ලැබුණේ ජාතක කතාව එලෙසින්ම කවියට නැගීමක්ය. එහෙත් ‘‘කව්සිළුමිණ කවියා හා ගුත්තිල කවියා තමන් තෝරාගත් ජාතක කථාවෙන් කාව්‍ය නිර්මාණ බවට පත් කිරීමේදී ජාතක පොතට වහල් නොවී තිබීම ඔවුනගේ අදීනත්වය හා ප‍්‍රතිභාපූර්ණ කවීත්වය පිළිබිඹු කරන විශ්ෂ්ඨ ලක්‍ෂණයක් සේ හැඳින්විය හැකිය.’’ ගුරු ගෝල ගැටුමක් ලෙස දිස්වන ගුත්තිල ජාතකය තම නිර්මාණයට යොදාගෙන ඇත්තේ ජාතක කතාව අනුව නොයමින් බව විචාරාක්‍ෂියෙන් ඒ දෙස බැලීමේදී ප‍්‍රත්‍යක්‍ෂ වේ. සෑම ජාතක කතාවකම දුෂ්ටබාවයේ දේවදත්ත සංකේතයත් ධාර්මිෂ්ඨ බවෙහි බෝසතුන්ගේ සංකේතයද ගැබ් වී ඇත. ගුත්තිල ජාතකය තුළද මූසිල දුෂ්ට, පාපිෂ්ඨ, අධම චරිතයක් ලෙසද ගුත්තිල සද්ගුණවත්, ධාර්ම්ෂ්ඨ චරිතයක් ලෙසද නිරූපණය කර ඇත. එහෙත් වෑත්තෑවේ හිමියන් මූසිල එවැනි ලක්‍ෂණ නොමැති ශාස්ත‍්‍ර ලෝභී, නිහතමානී, අවංක, චරිතයක් ලෙස නිරූපණය කරයි. ‘‘එසේ වුවහොත් හිමි ඔහුට මම අතවැසි වෙමි මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග යෙමි’’ එවැනි නිරහංකාර තරුණයෙක් ජාතක පොතෙහි නිරූපණය කර නොමැති බව ජාතක පොතෙහි එන මෙම පාඨයෙන් පළට වෙයි. ‘‘එබස් ඇසු මූසිල ගාන්ධර්ව කියන්නේ එසේ වී නම් තොප හැම බරණැස් නුවරට යන කල මයිද් කැන්දාගෙන යවයි කීය’’ එසේම ජාතක කතාවේ මෙන් නොව මූසිල ගුරුවරයා මහළු බැවින් ගුරුවරයාගේ අවසර මත රජුට සේවය කිරීමට සිතයි. ‘‘සේවය කළ රජු ට ගුරුද පත්විය මහළු වයසට’’ ’‘හිමි මෙතොප අවසර දුන්හොත් රජුට මෙ නුවර සේවය කර නිතර මෙහිම ඉඳිමැයි කීය දවසැර’’ වෑත්තෑවේ හිමියන් මෙලෙස උපේක්‍ෂා සහගතව චරිත කෙරෙහි සානුකම්පිත දෘෂ්ටි දැක්වුද ජාතක කතා කරුවා එසේ නොසිතයි. ‘‘එක් දවසක් මූසිල ගාන්ධර්වයා සිතන්නේ මම ඔබ්බෙහි නුවරකට ගොස් කුමට ජීවත් වෙම්ද?... එසේ හෙයින් මම පඩියක් සලස් වන්නා කැමැත්තේමැයි කීය’’ මෙහි සඳහන් අන්දමට පළමුව වැටුප් ඉල්ලන්නේ මූසිලය. එහෙත් කාව්‍යයේ වැටුපක් ගෙවන ලෙස ඉල්ලන්නේ ගුත්තිලය. ‘‘අප අත වැ ඔබට සේවය කරයි හැම විට රිසියෙන හිමි ඔබට වැටුප් දුන මැනවි දිවි රුකුමට’’ එසේම ජාතක කතාවේ මෙන් නොව කාව්‍යයේ මෙම දෙදෙනා වාදයකට පොළඹ වන්නේ බ‍්‍රහ්මදත්ත රජුය. ‘‘නොබා අපවාදය කෙරෙමියි කියයි වාදය සොඳේ තොප පෑ දෙය ඉගැන් වූ විලස වෙණ වාදය’’ ජාතක කතාවේ මෙන් නොව ගුත්තිල කාව්‍යයේදී බෝසත් කෙනෙකු තබා සමාන්‍ය මිනිසෙක් ළ`ගවත් තිබිය නොහැකි දුබල ගති ගුත්තිල ඇදුරුගේ වදන් මගින් පිළිඹිබු කොට ඇත. ‘‘දියෙහි යන දණ්ඩට’’ ‘‘කොපමණ ගුණ කළත්’’ ජාතක කතාවේ මෙන් නොව ගුත්තිල මූසිල හා දැනුමින් සමාන බව පිළීගනී. ‘‘මවෙණ අසමානය ඉන් කළෙමි පෙර මානය දැන් මට සමානය ඉතින් විඳ කිම්ද අවමානය’’ යථෝක්ත උපැහරණ අධ්‍යයනයේදී වෑත්තෑවේ හිමියන් තමා වස්තු විෂය කර ගත් ජාතක කතාවට ගැති නොවී ස්වාධීනව කාව්‍යකරණයෙහි යෙදුණු බවයි. එබැවින් ගුත්තිල කාව්‍යය ජනප‍්‍රිය කාව්‍යයක් වීමට යටථා්ක්ත සාධකද බෙහෙවින් බලපා ඇත. 03- සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. මෙහි ඇති සමාජ දර්ශනය ගුත්තිලය ආදරයෙන් තම හද ම`ඩලේ තුරු කර ගැනීමට තවත් හේතු සාධකයක් වූවේය. එම ගැඹුරු සමාජ දර්ශනය මෙලෙස කොටස් කිහිපයකට විභේදනය කළ හැකිය. 01. වැරදිකරුවා සැමදා වැරදි කරුවෙක් නොවන බව. 02. ගුරු සිසු සබඳතාව කෙසේ පැවතිය යුතුද වග. 03. සත්‍යයට, දක්‍ෂතාවයට බලය හමුවේ නිසි තැන නොලැබීම. 04. දේශපාලනය හමුවේ (බලය* සාමන්‍ය ජනයාට සටන් කිරීමේදී අවසන සිරබත් කෑමට සිදුවන බව. 05. කතුවරයා විඳි අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම. සමාජය වැරදිකරුවන් දෙස බලන්නේ ද්වේශ සහගත සිතුවිල්ලෙනි. ඔවුන් සැමදා වැරදිකරුවන් මිනිස් සිතුවිල්ලයි. එහෙත් වැරදිකරුවා වැරදිකරුවෙක් වන්නේ වැරුද්ද කරන තුරු පමණ.ි එසේම ඔහු දිවි ඇති තුරා වැරදිකරුවෙක් නොවේ. ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙළිමට හැකි වන්නේ අත්ලොස්සකට පමණි. එම සමාජ දර්ශනය ගුත්තිල කාව්‍ය මගින් විශද කර ඇත්තේ මෙලෙසිනි. ‘‘ඉඳ ඉඳ එක වෙහෙ ර විඳ විඳ දහම් මනහ ර සිඳ බිඳ මොක් සස ර අනේ දෙව්දත් නොදුටි මොක් පුර’’ එසේම මූසිල දෙසද එවැනි සානුකම්පිත දෘෂ්ටියකින් බලා ඇත. මෙම ගුත්තිල කාව්‍ය පුරාවට දිසිවන මධ්‍යස්ථ, මිනිසුන් යහ මගට ගැනීමේ සමාජ දර්හනය ගුත්තිලය ජනප‍්‍රිය සිංහල කාව්‍යයක් වීමට ගාමක සාධකයක් බවට පත්විය. එසේම සව_කාලයටම අදාළ ගුරු සිසු සබඳතාව පිළිබඳ සමාජ දර්ශනයක්ද මෙහි ඇතුළත්ය. එහිදී ශිෂ්‍යයා යනු ශාස්ත‍්‍ර ලෝභී, නිහතමානී පුද්ගලකෙු විය යුතු බව ස්ඵුට කරන්නේ මෙලෙසිනි. ‘‘ඉඳිමියි නොවී ණය’’ ‘‘නොමිහිරිද මේ වෙණ’’ ...කියව නොසතුටු වන්න කාරණ’’ ’‘එසේ වුවහොත් හිමි’’ ’‘අඳ මව්පියන් හට’’ එසේම ගුරුවරයා යනු ශිෂ්‍යයාගේ ප‍්‍රාරප‍්‍රාප්ත අභිවෘර්ධිගත ඥාන සම්භාරය දෙස බලා තුටුවිය යුත්තෙක් මිස, ශිෂ්‍යයාට අකුල් හෙළිය යුත්තෙක් නොවිය යුතු බව මෙම කාව්‍යයෙන් ඒත්තු ගන්වා ඇත. ‘‘ගින්නෙන් නැගුණු දුම් දවත හොත් වැද මහ දුම් එම ගිනි කඳ එ දුම් කුමැයි නොදවාද කර විහි දුම්’’ යනුවෙන් තම ශිෂ්‍යයාට පරිභව නොකොට ඔහුගේ දස්කම් විස්කම් හමුවේ තුටු විය යුතු බව ඒත්තු ගන්වා ඇත. දේශපාලනය, බලය, ගිනි අවුලන බවත් එම බලය හමුවේ දක්‍ෂයාට පරාජය හිමිවන සමාජ දර්ශනය කතුවරයා මෙමගින් ඒත්තු ගන්වා ඇත. ඔවුන් වාදයකට පොළඹ වන්නේ රජුය. ‘‘නොබා අපවාදය කෙරෙමියි කියයි වාදය සොඳේ තොප පෑ දෙය ඉගැන් වූ විලස වෙණ වාදය’’ දැනුමින් අඪ්‍ය වුවද අවසන ධනය බලය හමුවේ දක්‍ෂයා පීඩිත අසරණයෙකු වන සමාජ දර්ශනය කතුවරයා මූසිල අවසන යමපුරයට නෙරපීමෙන් දැනුවත් කර ඇත. සත්‍ය වෙනුවෙනන් පෙනි සිටීම, නිවැරදි ඉල්ලීම් ඉල්ලීම තුළ අවසානයේ සිරබත් කෑමට සිදු වන බව කතුවරයා සමාජයේ අදාළ යථාර්ථය තම නිර්මාණට ඈදා ගනිමින් කවියා තම නිර්මාණය අවසන් කරයි. ගුත්තිල කාව්‍ය සමාජය තුළ බෙහෙවින් ජනප‍්‍රිය වූවේ යථෝක්ත කාරණාවන්ගෙන් කාව්‍ය සමලංකෘත වූ හෙයිනි. සමාලෝචනය ලක්වැසියන්ගේ සිත් සතන් තුළ බෙහෙවින් ජනාදරයට පාත‍්‍ර කෘතියක් වේ නම් එය ගුත්තීල කාව්‍යයයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වෑත්තෑවේ හිමියන් දැක්වූ එම කුසලතාව මිනිස් චිත්ත සන්තානයෙහි නොමැකෙන නාමයක් බවට පත් වූවේ මන්ද යන කාරණය උක්ත නිබන්ධය ඔස්සේ අධ්‍යයනය කෙරුණි. එදා මෙදා තුර බිහි වූ කාව්‍ය කෘති අම්බරයෙහි නොයෙක් දිලෙන තරු තිබුණද ඉරබටු තරුව සෙයින් සදාකල් නොමියෙන නාමයක් වීමට ගුත්තිලයට හැකිවූවේ 1. කවීත්වය 2. ජාතක කතාවට ගැති නොවීම 3. මිනිසා විඳින සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම. යන කාරණා නිසාවෙන් වෙන් බව කරුණු ගවේෂණයේදී ප‍්‍රත්‍යක්‍ෂ විය. යථෝක්ත ධාරණාවන් ත‍්‍රය ඔස්සේ පැතිරුණු බුදු ගුණ වැයීමේ ක‍්‍රමය, තොරා ගත් කෙටි විරිත‍්‍ර (දිගු විරිතින් හා ගේයතා ලක්‍ෂණයෙන් හෙබි කාව්‍යයන්ද ඇත.*, සකු මගධ මිශ‍්‍ර බසින් මිදී සැමට වටහා ගත හැකි සරල බස් වහරක් තිබීම, සානුකම්පිත දෘෂ්ටිය, වර්ණනා ශක්තිය. ජාතක කතාකරුවා මෙන් අන්තවාදී දෘෂ්ටියෙන් මිදීම, ජාතක කතාව වෙනස් කිරීම, වැරදිකරුවා සැමදා වැරදි කරුවෙක් නොවන බව, ගුරු සිසු සබඳතාව කෙසේ පැවතිය යුතුද වග, සත්‍යයට, දක්‍ෂතාවයට බලය හමුවේ නිසි තැන නොලැබීම, දේශපාලනය හමුවේ (බලය* සාමන්‍ය ජනයාට සටන් කිරීමේදී අවසන සිරබත් කෑමට සිදුවන බව, කතුවරයා විඳි අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම යන අප ප‍්‍රධාන කාරණාවන් ලක්වැසියා තුළ ගුත්තිලය ජනප‍්‍රිය වීමට බලපෑබව විද්‍යමාන විය. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ අලංකාර දර්හන සහිත ගුත්තිල කාව්‍ය වර්ණනා. ඩබ්ලූව්. එෆ්. ගුණවර්ධන, සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, 1962. ගුත්තිල විනිස. සුචරිත ගම්ලත්, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1995. සියබස්ලකර. (සංස්.*. වී.ඞී.එස්. ගුණවර්ධන, සමයවර්ධන පොත්හල, කොළඹ, 2005. ද්විතීයික මූලාශ‍්‍රයෝ ප‍්‍රඥාරාම හිම, යක්කඩුවේ. ගුත්තිල කාව්‍ය විචාරය 1 - 2 , විද්‍යාලංකාර මුද්‍රණාලය, 1958. වික‍්‍රමසිංහල, මාර්ටින්. ගුත්තිල ගීතය, මවුන්ට් මුද්‍රණාලය, 1957. වික‍්‍රමසිංහල, මාර්ටින් . සිංහල සාහිත්‍යයේ නැ`ගීම, සරස ප‍්‍රකාශකයෝ, 2008. සන්නස්ගල, පුංචි බණ්ඩාර. සිංහල සාහිත්‍ය වංශය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2009. තෘතීයික මූලාශ‍්‍රය ගුත්තිලයෙන් පිළිඹිබු වන වෑත්තෑවේ හිමියන්ගේ වර්ණනා ශක්තිය, දොඩම්ගොඩ ධම්මසිරි හිමි, ශාන්ති, කෙරමිණියේ ජිනානන්ද හිමි, ශාන්ති ප‍්‍රකාශකයෝ, 1966. සිංහල පද්‍ය සම්ප‍්‍රදාය සීගිරි ගීයෙන් ආරම්භ වී අද වන විට පුළුල් පරාසයක් ඔස්සේ විහිදී පැතිරී පවතින බව විද්‍යමානිත කරුණු ඔස්සේ පසක් වෙයි. එසේ ආරම්භ වූ පද්‍ය සම්ප‍්‍රදාය විවිධ ප‍්‍රවණතා අනුව වෙනස් වෙමින් අළුත් වෙමින් විශාල පද්‍ය කෘති සම්භාරයක් සිංහල සංස්කෘතිය වෙත දායාද කර ඇත. එම පද්‍ය කෘති විවිධ හේතු කාරණා පදනම් කරගෙන කෝටිප‍්‍රාප්ත විය. බොහෝ පද්‍ය රචකයන් විසින් තම නාමය විදග්ධ සමාජය හමුවේ ස්ථාවර කර ගැනීම පිණිස සංස්කෘත පාලි භාෂා මිශ‍්‍රණය වූ පද යොදා ගනිමින් පණ්ඩිත ප‍්‍රිය කෘති රචනා කරන ලදී. එහෙත් සියලූ කෞෂල්‍යන්ගෙන් සකාරණව උගත් නූගත් භේදයකින් තොරව එකසේ ජනාදරයට පාත‍්‍ර වූ පද්‍ය කෘතිය ලක්දිව එළිය දකින්නේ කෝට්ටේ යුගයේදීය. සිංහල පද්‍ය සම්ප‍්‍රදායේ රන් අකුරෙන් ලියවුණු එම නාමය ගුත්තිල කාව්‍යයයි. එය වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලදී. ඒ අනුව ගුත්තිල කාව්‍ය එතරම් මිනිසා තුළ ජනාදරයට පාත‍්‍ර වීමට බල පෑ හේතු සාධක කවරේද යන්න අධ්‍යයනය කල යුත්තකි. මෙම නිබන්ධය ඔස්සේ ගුත්තිල කාව්‍ය ලක්වැසියා තුළ මෙතරම් ජනප‍්‍රියත්වයට පත්වීම පිිළිබඳව විචාරාක්‍ෂිය යොමු කරනු ලබයි.

Posted by disanayaka damith at 10:35 PM 

Comments

  1. හොඳ වැඩක් කරල තියෙනවා.භාෂාව වෙනුවෙන්.දැනුම ගොඩක් ලැබෙනවා.

    ReplyDelete
  2. හොඳ වැඩක් කරල තියෙනවා.භාෂාව වෙනුවෙන්.දැනුම ගොඩක් ලැබෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය