Posts

Showing posts from July, 2018

කොළඹ කවිය

කොළඹ කවිය පිළිබඳ විමසීමක් සංවේදී රසික ජනතාවගේ ප්‍රියතම සාහිත්‍යාංගයක්‌ බවට පත් ව ඇති කොළඹ යුගයේ කවිය තනි පුද්ගලයෙකුගේ හෝ ගුරු කුලයක හෝ සංවිධානයක හෝ කාර්ය සාඵල්‍යයක්‌ නොවේ. සමස්‌තය තුළින් පෙනෙන්නේ එය සාමූහික නිර්මාණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක්‌ වගයි. සිංහල සාහිත්‍ය වංශ කථාවේ යුග නියාමය අනුව සංසන්දනය කර බලන විට කොළඹ කවි යුගයට අයත් වන්නේ සංඛ්‍යාත්මක ව අල්ප වර්ෂ ප්‍රමාණයකි. මේ වන විට අවුරුදු එකසිය පනහකට වඩා වැඩි නොවන එම කාල පරිච්ඡේදය සිංහල කාව්‍යයේ විවිධ ප්‍රවණතාවලට යොමු වෙමින් ප්‍රගතිය කරා ගමන් කරන සැටි දැකිය හැකි වන්නේය. සිංහල කවියේ සංවර්ධනය සඳහා ක්‍රම වේදයක්‌ සකස්‌ කර ගැනීමේ දී භාරතීය කාව්‍ය සිද්ධාන්තවලින් ආභාසය ලබා ගත් බව ඓතිහාසික සංසිද්ධියකි. සිංහල භාෂාවෙන් සම්පාදිත අලංකාර ග්‍රන්ථ හා ඡන්දස්‌ ග්‍රන්ථ මීට සාධක වශයෙන් ඉදිරිපත් කළ හැකිය. එහිදී පෙනෙන වැදගත් ලක්‌ෂණයක්‌ නම් භාරතීය කාව්‍යාලංකාර සිද්ධාන්තවලින් තෝරාගත් කොටසක්‌ පමණක්‌ මෙම ග්‍රන්ථවලින් උගන්වා ඇති බවයි. සමහර ඡන්දොaලංකාර මත බැහැර කිරීම වියතුන්ගේ අවධානය යොමු කරවන්නකි. දේශීය වූ ස්‌වාධීන කාව්‍ය සම්ප්‍රදායක්‌ හැඩ ගැසී ඇති සැටියෙන් පැහැදිලි

කොළඹ කවිය කෙබඳුද

https://m.facebook.com/SinhalaSanjaya/posts/882968945183704

රාහුල හිමි රස කතා

Menu  Search මුතුහර සාර සංග්‍රහය Advertisements  Report this ad තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා GALLERY සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය. දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය. මා වැනි බිලින්දා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය.