Posts

Showing posts from May, 2020

සැළලිහිණි සංදේශ කවියාගේ කවිත්වය

සැළලිහිණි සංදේශ කවියාගේ කවීත්වය / ප්‍රතිභානය  ප්‍රතිභානය යනුවෙන් සංස්කෘත කාව්‍ය විචාරකයෝ හඳුන්වා ඇත්තේ අපූර්ව වස්තු නිර්මාණය සූර ප්‍රඥාව යි . රස ආවේශ  කරන ලද සෞන්දර්ය කාව්‍යය නිර්මාණය හුරු කමයි . සැළලිහිණි  සන්දේශ කතුවරයා ද සාම්ප්‍රදායික කාව්‍ය ආකෘතිය මත පිහිටා කාව්‍ය රචනා කළ ද, තම අත්දැකීම් හා ස්වභාව සෞන්දර්යේ චමත්කාරය අපූර්වත්වයෙන් යුතු ව පද්ය බන්ධනයට මුසු කොට ගත් ඒ අවස්ථා සුලබ ග්‍රන්ථයකි.එවැනි අවස්ථා  කවිත්වයෙන්  පරිපූර්ණ නිර්මාණයන් වේ . පද්‍ය පන්ති 108 කින් සැදුම්ලත් සංදේශ සාහිත්‍යයේ කෙටි සඳෙස වෙන මෙහි අපූරු කාව්‍ය සංකල්පනා වන් රැසෙකි. කාව්‍ය අලංකාර උචිත අවස්ථාවන්ට යොදා ගෙන තිබීම මෙහි ඇති සුවිශේෂී ගුණයයි. ජයවර්ධනපුර වැනුමේ පහත සඳහන් පද්‍යයට අවධානය යොමු කරන රහල් හිමියන් එ හි ශ්‍රී විභූතිය කෙටියෙන් රසවත් ව ඉදිරිපත් කරයි. පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා  මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා  ජය වද්දන කැරුමෙන් සුදු ඇඳුම් තම තමා  ජයවද්දන පුරවර දනු මිතුරු තුමා  ජයවර්ධන පුරය කෙබඳු නගරයක් දැයි විස්තර කරන කවියා එම නගරයේ ජීවත් වන ජනතා ව තුනුරුවන් කෙරෙහි භක්තිමත් පෙමින් යුක්ත වේ. දිව්‍ය පුරය මු

බැද්දේගම නවකතාව හැඳින්වීම

බැද්දේ ගම  නවකතාව නම් සාහිත්‍ය පරිවර්තන සාහිත්‍ය සුවිශේෂී ස්ථානයක් හිමි වේ. 1904 වර්ෂයේ එංගලන්තයේ සිට ලංකාවට පැමිණි සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් පරිපාලන නිලධාරියකු වශයෙන් යාපන කච්චේරියේ වැඩ අරඹන ඔහු පසු ව  අතිරේක රේගු  නිලධාරීයෙකු ලෙසත්, අතිරේක පොලිස් මහේස්ත්‍රාත් ලෙසත්, උතුරු පළාතේ අතිරේක සහකාර ඒජන්ත ලෙසත්, මහනුවර දිස්ත්‍රික්කයේ සිවිල් නිලධාරියෙකු ලෙසත්, 1908 දී හම්බන්තොට දිස්ත්‍රික් සහකාර දිසාපති ලෙස රාජකාරි කටයුතු කළේය. පසුව එංගලන්තයට ගොස් ඇඩ්ලින් වර්ජනියා වුල්ෆ් සමග විවාහ විය. එතුමා මෙරට රැදී සිටි කාලයේදී විශේෂයෙන්  යාපන ප්‍රදේශයේ දී දෙමළ ජනතාව පිලිබඳවත්, මහනුවර සේවා කාලය තුළ දී සිංහල සමාජය පිළිබඳ කරුණු දැනගත් හෙතෙම  හම්බන්තොට දිස්ත්‍රික්කයේදී  ලාංකිකයන් පිළිබඳ ජීවන  අත්දැකීම් ගොන්නත් ලබා ගනී. එම සියලු අත්දැකීම් පාදක කරගනිමින් village in the jungle කෘතිය  1913  වර්ෂයේ දී මුද්‍රණය කරයි. මෙම කෘතිය බැද්දේගම නමින් ඒ. පී. ගුණරත්න  විසින් 1949 දී සිංහල පරිවර්තනය කරන ලදී . මුල් කෘතිය විලේජ් ඉන් ද ජන්ගල් 1913  කතුවරයා ලෙනාඩ් සිඩ්නි වුල්ෆ්  පරිවර්තකයා ඒ. පී. ගුණරත්න  පරිවර්