බැද්දේගම නවකතාව හැඳින්වීම

බැද්දේ ගම 

නවකතාව නම් සාහිත්‍ය පරිවර්තන සාහිත්‍ය සුවිශේෂී ස්ථානයක් හිමි වේ. 1904 වර්ෂයේ එංගලන්තයේ සිට ලංකාවට පැමිණි සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් පරිපාලන නිලධාරියකු වශයෙන් යාපන කච්චේරියේ වැඩ අරඹන ඔහු පසු ව  අතිරේක රේගු  නිලධාරීයෙකු ලෙසත්, අතිරේක පොලිස් මහේස්ත්‍රාත් ලෙසත්, උතුරු පළාතේ අතිරේක සහකාර ඒජන්ත ලෙසත්, මහනුවර දිස්ත්‍රික්කයේ සිවිල් නිලධාරියෙකු ලෙසත්, 1908 දී හම්බන්තොට දිස්ත්‍රික් සහකාර දිසාපති ලෙස රාජකාරි කටයුතු කළේය. පසුව එංගලන්තයට ගොස් ඇඩ්ලින් වර්ජනියා වුල්ෆ් සමග විවාහ විය. එතුමා මෙරට රැදී සිටි කාලයේදී විශේෂයෙන්  යාපන ප්‍රදේශයේ දී දෙමළ ජනතාව පිලිබඳවත්, මහනුවර සේවා කාලය තුළ දී සිංහල සමාජය පිළිබඳ කරුණු දැනගත් හෙතෙම  හම්බන්තොට දිස්ත්‍රික්කයේදී  ලාංකිකයන් පිළිබඳ ජීවන  අත්දැකීම් ගොන්නත් ලබා ගනී. එම සියලු අත්දැකීම් පාදක කරගනිමින් village in the jungle කෘතිය  1913  වර්ෂයේ දී මුද්‍රණය කරයි. මෙම කෘතිය බැද්දේගම නමින් ඒ. පී. ගුණරත්න  විසින් 1949 දී සිංහල පරිවර්තනය කරන ලදී .
මුල් කෘතිය විලේජ් ඉන් ද ජන්ගල් 1913 
කතුවරයා ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් 
පරිවර්තකයා ඒ. පී. ගුණරත්න 
පරිවර්තනය බැද්දේගම   
වෙනත් නිර්මාණ 
Showing 1960 
growing 1961 
Beginning again 1963 
Dawinhil all the way 1967 
The journey not the arrival  matters 1969

බැද්දේගම නවකතාව විදේශීය කතුවරයකු විසින් 1913 වැනි වර්ෂයක ලාංකික ජන ජීවිතය අළලා  රචනා කරන ලද කෘතියක් වීම මෙහි ඇති සුවිශේෂී වැදගත්කමයි. එසේම 1949 වැනි කාලයක සිංහලට නගන ලද සාර්ථක පරිවර්තනයක් වීම හා ලෙස්ටර් ජේම්ස් පීරිස් (1980 ) අති සාර්ථක සිනමාපටයක් බවට පත් කිරීම මෙහි ඇති වැදගත්කමයි. බැද්දේගම නවකතාවෙන් නිරූපිත වන්නේ ලංකාවේ කැලෑබද ගමක මිනිසුන්ගේ ජනජීවිතය පිළිබඳව යථාර්ථයකි. එහිදී  නවකතාවට වස්තු විෂය වන්නේ එම ගමේ පරිහානිය හා විනාශය වන දුක් මුසු කතා පුවතකි.

බැද්දේගම නවකතාවේ හමුවන චරිත 
සිළිඳු          
පුංචි මැණිකා    
බබුන් 
ආරච්චිල    
ප්‍රනාන්දු          කර්ලිනාහාමි 
ඩිංගිහාමි 
නැන්චොහාමි 
පුංචිරාළ 
පළමු පරිච්ඡේදය 
• බැද්දේ ගම පිළිබඳ හැඳින්වීම 
• ගම් වැස් සන් හා ඔවුන්ගේ  වෘත්තීය පිළිබඳ හැඳින්වීම 
• වනය පිළිබඳ හැඳින්වීම 
• සිලිඳු , ඩිංගි හාමි , කර්ලිනා හාමි ,පුංචි මැණිකා, හින්නිහාමි හඳුන්වා දීම 

දෙවැනි පරිච්ඡේදය 

• දරුවන් ගේ ළමා කාලය විස්තර කිරීම 
• කර්ලිනා හාමිට  වැව ළඟදි  උසුළු විසුළුවට හසු වීම 
• බබෙහාමි ආරච්චිලගේ ක්‍රියා කලාපය හඳුන්වාදීම 
• සිලිඳු ආරච්චිල හමුවීම හා කතා බහ 
• බබේ හාමි ආරච්චිගේ පලි ගැනීම 

තුන් වන පරිච්ඡේදය
• සිලිඳුගේ ජීවිතයේ කටුකත්වය ඇඟ බද්ද හා අලස කම 
• බබුන් අප්පු ගේ වතගොත 
• පුංචි මැණිකා හා බබුන් හමුවීම 

හතර වන පරිච්ඡේදය 
• ගම් වැසියන්ගේ විවාහ ක්‍රමය පිළිබඳ හැඳින්වීම 
• බබුන් අප්පු තම විවාහ ජීවිතය පිළිබඳ තොරතුරු බබේ හාමි හා නැංචො හාමි ඉදිරියේ ප්‍රකාශ කිරීම හා එයට විරුද්ධ වීම 
• බබුන් අප්පු ගෙදරින් පිට ව සිලිඳුගේ පැලට  ගොස් පුංචි මැණිකා විවාහ කර ගැනීම 

පස් වන පරිච්ඡේදය 

• බබුන් නව නිවසට පැමිනීම හා පුංචි මැණිකාගේ ගතිගුණ  වෙනස් වීම 
• හින්නිහාමි ට පුංචිරාළගේ විවාහ යෝජනාවක් ගෙන ඒම හා එයට සිලිඳු  විරුද්ධ වීම , වෙද රාළ ගේ කෝපය 
• සිලිඳු සිහි විකල් තත්ත්වයට පත් වීම
• කර්ලිනාහාමි වෙදරාල හමුවීම 
• සිලිඳු  සුව කරගැනීමේ සුව කර ගැනීමේ අදහසින් බෙරගම දෙවියන් යැදීමට පිටත් වීම  ගේ කතා 
• කර්ලිනා හාමිගෙ කතා
• මහ දේවාලයේ පුද පූජා 
• පුංචිරාළ වෙද රාළ, කර්ලිනාහාමි හාමි හා හින්නිහාමි හමුවී කතා බහ 
• සිලිඳු සන්‍යාසියා ළඟට රැගෙන යාම හා මැතිරීම
• වන්දනා ගමන අවසන දී පුංචිරාළ හින්නිහාමි ට සරණ පාවා දීම 

හයවන පරිච්ඡේදය 
• සිලිඳු  සුවපත් වීම 
• හින්නිහාමි හමු වීමට පුංචිරාළගේ ගෙදරට සිළිඳු පැමිණීම 
• පුංචිරාළ බිය ගැන්වූ හින්නිහාමි සිලිඳුත් සමග නැවත පැල්පතට පැමිණීම 
• වැසි දිය සමඟ අස්වැන්න සරු වීම 
• පුංචි මැණිකාගේ දියණිය සමග සිළිඳු සතුටු වීම 
• හින්නිහාමි ට දරුවෙකු ලැබීම 
• මුව පැටියකු සිලිඳු නිවසට රැගෙන ඒම හා හදා වඩා ගැනීම 
• උණ හා අතීසාර රෝගය ගමේ පැතිර යාම හා දරුවන් දෙදෙනා මිය යාම 
• හින්නිහාමි යක්ෂණියක් යයි පුංචිරාළ ගල ගම පුරා ප්‍රසිද්ධ කරලීම 
• ආරච්චිල ගේ පුතා මිය යාමත් සමග මරණයට හේතුව හින්නිහාමි හා මුවා බව තීරණය කර මුවා මරණයට පත් කිරීම 
• පසු දා උදේ සිළිඳුට හින්නිහාමි හමුවීම , හින්නිහාමි ගේ මරණය සිදු වීම 

හත් වන පරිච්ඡේදය 
• බබේ හාමි ආරච්චිලගේ  අල්ලපු ඉඩමට කඹුරුපිටියේ ප්‍රනාන්දු මුදලාලි නිවසක් සාදා ගෙන පැමිණීම 
• ප්‍රනාන්දු මුදලාලිගේ සිත පුංචි පුංචි මැණිකා කෙරෙහි ඇදී යාම 
• බබුන්ගේ නිවසට ප්‍රනාන්දු පැමිනීම හා දෙදෙනා අතර කථා බහ 
• ප්‍රනාන්දු තම සේවක කොලුවකු  මාර්ගයෙන් පුංචි මැණිකා පරික්ෂා කිරීමට ගොස් කොළුවා පහරකෑම 
• බබුන්  හේනට ගිය අතර ප්‍රනාන්දු පුංචි මැණිකා හමුවීම 
• පුංචි මැනිකා යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කිරීම 
• ප්‍රනාන්දු බබේ හාමි ආරච්චිගේ සමග රාත්‍රී කෑමෙන් පසු ව හමු වීම 
• ආරච්චි රාළ බබුන් තම නිවසට කැඳවීම, උපායශීලී ව බබුන් හා  පුංචිමැණිකා අතර ගැටුමක් ඇති කර ලීමට උල්පන්දම් දීම 
• බබුන් හා සිලිඳු,  ප්‍රනාන්දු හා  ආරච්චිගේ ගොතන ලද උපාය දැන හේන් ගොවිතැන් කිරීම 
• බබෙහාමි හේන් ලැයිසොන් ලබා නොදීම 
• බබුන් කඔුරුපිටියේ උප ඒජන්ත හමුවීමට යාම 
• කාසිම් මුදලාලි හමුවේ පෙත්සමක් ලියා තැපැල් කර නිවසට පැමිණීම
• බබුන් බොරු ගෙවල් බිඳුමකට කෝරාළ  මහත්තයාගේ මාර්ගයෙන් සිරගත කිරීම 
• නඩු විභාගයට ගොස් සිලිඳු  හා පුංචි මැණිකා තම පැල්පතට පැමිණීම
• සිලිඳු  තුවක්කුව රැගෙන ගම්මුලාදෑනියාගේ ගෙදරට යෑම,
• ආරච්චිල සිලිඳු  සමග හේනට යාම 
• ආරච්චිලට වෙඩි තැබීම 
• ප්‍රනාන්දු මුදලාලි සොයා සොයාගිය සිලිඳු ඔහුට ද වෙඩි තැබීම 

අට වෙනි පරිච්ඡේදය 
• සිලිඳු සිතුවිලි ගතව සිට කඹුරුපිටියේ රටේ මහත්තයාගේ නිවසට පැමිණීම 
• තමා කළ මරණ පිළිබඳ පාපොච්චාරණය කර කටේ මහත්තයාගේ මාර්ගයෙන් මහේස්ත්‍රාත් ඒ තැන වෙත යාම 
• මහේස්ත්‍රාත් තැන ඉදිරියේ තමාට සිදුවූ සිදුවූ අසාධාරණකම් තමා කල කී දේ පිළිබඳ පාපොච්චාරණය කිරීම 
• පසුව පොලිස් කූඩුවට යොමු කිරීම 
• සිලිඳු  පසුදා තම ගමට ගෙන ඒම  පුංචිමැණිකා හමුවීම 
• ආරච්චිලාගේගේ හා ප්‍රනාන්දු මුදලාලි ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම හා සාක්ෂි සටහන් කර ගැනීම 
• පොලිස් සිරභාරයට ගැනීම 
• පිස්කල් තැන මාර්ගයෙන් තංගල්ල උසාවිය ට යොමු කිරීම 
• සිලිඳු  බන්ධනාගාර ගත කිරීම  
• බබුන් හමුවීම 
• උසාවි තීරණයෙන් එල්ලා මැරීමට නියම වීම 
• දින කීපයකට පසු මරණීය දණ්ඩනය වෙනස් කර විසි අවුරුද්දක් බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීම 

නව වෙනි පරිච්ඡේදය 
• බිය හා සාංකාවෙන් පුංචි මැනිකා පෙළීම
• කරලිනා හාමිගේ වතගොත
• ගම්වැස් සෝ ගම අතහැර යාම හා ගමේ විනාශය 
• පුංචිමැණිකා බබුන්ගේ පැමිණීම  ගැන විපරම් කිරීම  
• පුංචි මැනිකා තංගල්ලට පැමිණ සිරගත කළ  බබුන් පිළිබඳ විපරම් කිරීම 

දහ වෙනි පරිච්ඡේදය 
• ගමේ විනාශය 
• පුංචි මැනිකා තනිවීම 
• පුංචි මැණිකාගේ මරණය 

විමසීම් nspriyadarshana72@gmail.com

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය