Posts

Showing posts from July, 2015

පද්‍යාවලිය

Image
අන්තර්ජාලය අැසුෙරන් කවිය වු කලි මානව ශිෂ්ටාචාරය සතු උත්තම කලාමාධ්‍යයකි. එය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කිරිමට පුරාතන යුගවලදී පටන්ම පෙර - අපර දෙදිග සාහිත්‍යය විචාරකයෝ වෑයම් කළහ. මෙම පරිච්ඡේදයේ අරමුණ වන්නේ කවිය පිළිබඳව සහ සාහිත්‍යය විචාරයේදි කවියේ අලංකාර වශයෙන් ගැනෙන අංග අතර ඇති උපමාව සහ රූපකය පිළිබඳව හැදින්වීමක් කිරිමයි. කවිය සහ කාව්‍යාලංකාර වශයෙන් ගැනෙන ඉහත දැක්වු උපමාව සහ රූපකය පිළිබඳව හැඳින්වීමට පෙර කවිය යනු කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත්ය. මතු දැක්වෙන්නේ කවිය පිළිබඳව ඉදිරිපත්ව ඇති විචාරක මත කිපයකි. කවිය යනු [ සංස්කරණය කරන්න ] ·          ' කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි. ' එස්. ටී. කොලරිජ් ·          ' ආකෘතික පරිසමාප්ත භාවයට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිත වන්නේය. ' ටී. එස්. එලියට් ·          ' පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වු කලි කවියයි. ' විලියම් ගැස්ට්ලි ·          ' රසය ආත්මය කොටගත් වාක්‍යය කවියයි. ' විශ්ව නාථ ·          ' රමණිය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයයි. ' ජගන්නාථ ·