පද්‍යාවලිය

අන්තර්ජාලය අැසුෙරන්

කවිය වු කලි මානව ශිෂ්ටාචාරය සතු උත්තම කලාමාධ්‍යයකි. එය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කිරිමට පුරාතන යුගවලදී පටන්ම පෙර - අපර දෙදිග සාහිත්‍යය විචාරකයෝ වෑයම් කළහ. මෙම පරිච්ඡේදයේ අරමුණ වන්නේ කවිය පිළිබඳව සහ සාහිත්‍යය විචාරයේදි කවියේ අලංකාර වශයෙන් ගැනෙන අංග අතර ඇති උපමාව සහ රූපකය පිළිබඳව හැදින්වීමක් කිරිමයි. කවිය සහ කාව්‍යාලංකාර වශයෙන් ගැනෙන ඉහත දැක්වු උපමාව සහ රූපකය පිළිබඳව හැඳින්වීමට පෙර කවිය යනු කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත්ය. මතු දැක්වෙන්නේ කවිය පිළිබඳව ඉදිරිපත්ව ඇති විචාරක මත කිපයකි.
·         'කවිය යනු හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීමයි. '
එස්. ටී. කොලරිජ්
·         'ආකෘතික පරිසමාප්ත භාවයට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මිත වන්නේය.'
ටී. එස්. එලියට්
·         'පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වු කලි කවියයි.'
විලියම් ගැස්ට්ලි
·         'රසය ආත්මය කොටගත් වාක්‍යය කවියයි. '
විශ්ව නාථ
·         'රමණිය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයයි.'
ජගන්නාථ
·         'එක්තැන් වු ශබ්දය හා අර්ථය කාව්‍යය වේ.'

රුද්‍රට

කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවීහු
කොළඹ යුගයේ මධ්‍යතන කවීහු
පියදාස සිරිසේන
සාගර පලන්සූරිය(කේයස් )
ආනන්ද රාජකරුණා
විමලරත්න කුමාරගම
මුනිදාස කුමාරතුංග
උඳුගොඩ නවරත්න
රැපියෙල් තෙන්නකෝන්( රැයිෆියෙල් තෙන්නකෝන් )
පී.බී. අල්විස් පෙරේරා
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
මීමන ප්‍රේමතිලක
ජ.පෙ. වික්‍රමතිලක රාලහාමි
කපිල සෙනෙවිරත්න
බැන්ටිස් රණවීර
උපනන්ද බටුගෙදර
බී.එච්. අමරසේන
ගාල්ලේ ජෝන් රාජදාස
ජී.එච්. පෙරේරා
එච්.එම්. කුඩලිගම
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
පී.කේ.ඩී. සෙනෙවිරත්න
වී.ඩී. ද ලැනරෝල්
විමල් ජේ. අබේසිරි
විමලේන්ද්‍ර වතුරේගම
ඉන්ද්‍රානි කුමාරනායක
ඉහත දැක්වු කවීන් තම නිර්මාණ සඳහා යොදාගත් තේමාවන් අනුවරචනා විලාසය අනුවඉදිරිපත් කර ඇති ආකාරය අනුව වත්මනෙහි කොළඹ යුගයේ කවීන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.
·                     කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් (ජ්‍යෙෂ්ඨ කවීන්/ වැඩිහිටි කවි පරපුර )
·                     කොළඹ යුගයේ දෙවන පරපුර(තරුණ කවි පරපුර)
·                     කොළඹ යුගයේ "හෙළ හවුල"
·                     කොළඹ යුගයේ නූතන පරපුර

කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්
මේ අතරින් එස් මහින්ද හිමි හා පියදාස සිරිසේන මහතා තම නිර්මාණ සඳහා තේමාව කොට ගත්තේ තම දේශයට,ජාතියට ඇතිකරගත යුතු දැඩි ආදරයභක්තිය පිළිබඳවයි. ජාතික හැගීම් පුබුදුවාලමින් ජාතිය අවදිකරලීම ඔවුන්ගේ මුලික අභිප්‍රාය වූ බව එම පද්‍ය අධ්‍යයනය කිරීමෙන් අපට මැනවින් පසක් වේ. කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවියෙකු වු ආනන්ද රාජකරුණා කවියා වඩාත් නැඹුරු වූයේ ළමුන් උදෙසා පද්‍ය රචනා කිරිමටයි.කොළඹ යුගයේ පළමු පරපුරේ ජ්‍යෙෂඨ කවියකු වු ජී.එච්. පෙරේරා මහතා වඩාත්ම ප්‍රිය කළේ සමාජයේ ඇති දුර්වල තැන් හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කිරීමටයි.
·                     එස්. මහින්ද හිමි
·                     පියදාස සිරිසේන
·                     ජී.එච්. පෙරේරා
·                     ආනන්ද රාජකරුණා


කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් - තරුණ කවි පරපුර
කොළඹ යුගයේ දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුරට අයත් මොවුහු සියලු දෙනාම පාහේ ගමෙන් නගරයට සංක්‍රමනය වුවන් බැවින් ඔවුහු නගරයේ ඝෝෂාකාරී පරිසරයට වඩා තමා උපන් මෙන්ම දුව පැන කෙළිදොළෙන් හැදී වැඩුණු ගම වඩාත් ප්‍රිය කළහ.ස්වභාව සෞන්දර්යට වඩාත් ඇළුම් කළහ. මේ අතර ගැමි සමාජයේ ජීවත්වන ප්‍රබල පුද්ගල චරිත හා විවිධ සංසිද්ධීන් තම පද්‍යයන් වෙනුවෙන් අනුභූතිය කර ගැනීමට විමලරත්න කුමාරගම හා පී.බී.අල්විස් පෙරේරා කවීහූ වෙහෙස ගත්හ. කොළඹ යුගයේ දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුරට අයත් මීමන ප්‍රේමතිලකඑච්.එම් කුඩලිගමසාගර පලන්සුරිය ආදි කවින් බටහිර කවීන්ගේ ආභාසය තම නිර්මාණ සඳහා අනුගමනය කළ හෙයින් ඔවුන්ව "රොමැන්ටික් කවීන්" ලෙස නම් කර ඇත.
·                     පී.බී.අල්විස් පෙරේරා
·                     එච්.ඇම්.කුඩලිගම
·                     මීමන ප්‍රේමතිලක
·                     සාගර පලන්සූරිය
·                     විමලරත්න කුමාරගම
·                     ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
·                     කපිල ඊ . සෙනෙවිරත්න
·                     බී.එච්. අමරසේන
·                     උඳුගොඩ නවරත්න


කොළඹ යුගයේ "හෙළ හවුල"
කොළඹ යුගයේ දෙවන පරපුරෙන් පසු ආරම්භ වන හෙළ හවුලේ නිර්මාතෘ හෙවත් ආරම්භකයා වන්නේකුමාරතුංග මුනිදාස මහතාය. දෙසබස,රැස හෙවත් රටජාතියආගම යන සංකල්පය සුරැකෙන සේ කවි නිර්මාණ කිරීම ඔවුන්ගේ මුලික අභිප්‍රාය විය. මෙම කවීන්ගේ නිර්මාණ තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ "පණ්ඩිතමානී භාෂා" විලාසයයි. මෙහිලා උදව් කොට ගන්නා දුෂ්කර භාෂාත්මක වදන් අවබෝධ කරගැනීමට අපහසු වීමෙන් පාඨකයාට රස විඳීමට ඇති අවස්ථාවද දුරස් වේ. මේ නිසාම හෙළ හවුලේ නිර්මාණ මේ වන විට ද අභාවයට ගොස් ඇති බව දඅභාවයට යමින් පවතින බව ද කිව හැක. මෙම කවීහු තම නිර්මාණ වලදී 'කාරය යොදාගෙන තිබීමද සරල බවින් තොරව නිර්මාණය කර තිබීමද සුවිශේෂී ලක්ෂණය වේ.
·                     කුමාරතුංග මුනිදාස (මුනිදාස කුමාරතුංග )
·                     රැයිපියෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකො‍්න්)
·                     අරිසෙන් අහුබුදු
·                     හියුබත් දිසානායක
·                     වෙල්ලාල ජයමහ


කොළඹ යුගයේ නිදහස් කවිහූ
නිදහස් කවීන්නිසඳස් කවීන් ලෙසින්ද හැඳින්වේ. ඡන්දස් වලින් තොරව එනම් එළිසමය හෙවත් එළිවැට නොසලකා විවිධ ආකෘතින් යොදා ගනිමින් නිදහස් ලිවීම මෙම කවීන්ගේ සුවිශේෂී ලක්ෂණයකි. නිදහස් කවින්ගේ පුරෝගාමියා ලෙස හඳුන්වනුයේ ජී.බී.සේනානායක මහතාය. ජී.බී.සේනානායකයන් විසින් නිදහසේ රචිත නිර්මාණයන් නිදහස් කවි හෙවත් නිසඳස් කවි ලෙසින් නම් කර ඇත්තේ සිරී ගුණසිංහයන් විසිනි. නිදහස් කවීන් අතර ද ප්‍රාරම්භක අවධියේ නිදහස් කවීන් ලෙසින් ජී.බී.සේනානායකසිරි ගුණසිංහ ගුණදාස අමරසේකර මහගමසේකර යන කවීහූ අයත් වෙති. නුතන කවීන් අතර ද සඳස් පද්‍යයන්ට වඩා නිසඳස් පද්‍ය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මෙහිදී සමාජ අසාධාරණයන් දෛනිකව තමා අත්විඳින විවිධ අත්දැකීම් හමුවේ ලබන භාවයන් නිදහස් කවියකින් මතුකොට සිතිවිලි සමනය කර ගැනීමට ඇතමුන් පෙළඹී ඇත.
·                     ජී.බී. සේනානායක
·                     සිරී ගුණසිංහ
·                     ගුණදාස අමරසේකර
·                     මහගමසේකර
·                     මඩවල එස් රත්නායක
·                     විමල් දිසානායක
·                     මොනිකා රුවන්පතිරණ
·                     පරාක්‍රම කොඩිතුවක්කු
කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවියෝ
පියදාස සිරිසේන මහතා

පියදාස සිරිසේන මහතා 1875 අගොස්තු 31 වන දින දකුණු පළාතේඉඳුරුව ප්‍රදේශයේ අතුරුවැල්ල ගම් පියසෙහි දී උපත ලැබීය. එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණ වූයේ රටජාතියආගම මුල්කොට ගනිමින් එහි ශ්‍රී විභූතිය මතුකර දැක්වීමයි. ගමෙන් අගනුවරට පැමිණ ධර්මපාලතුමන් වෙතින් බෟතීස්මය ලබා ගෙන කවිය අවිය කොට ගත් එතුමා ජාතික නිදහස් අරගලය මෙහෙයවූවේය.
"
සිතුමිණ" සඟරාවේ ආරම්භකයා වූ පියදාස සිරිසේන මහතා නවකථාකරුවෙකිප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි;පුවත්පත් කලාවේදියෙකිජාතික ආගමික පුනර්ජීවනය උදෙසා ඉමහත් මෙහෙවරක් ඉටු කළ අයෙකි. එතුමා කවි ඔවදන් හා වෙනත් විෂයන් වෙනුවෙන් ග්‍රන්ථ තිස් හයක් පමණ රචනා කරන ලදී.
පියදාස සිරිසේන කවියා විරචිත කවි කීපයකි .......
   
ගොඩ මඩ කුඹුරු ගොවිතැන් වැනසුව         සත්තේ
   
ගොඩ තොට වැව් අමුණු වල් බිහි කර         ගත්තේ
   
දඩ මුඩ මිසක් රට දියුණක් නැති               විත්තේ
   
හඬමුද මෙනුඹ මැරුණට මැති සබ              මුත්තේ

   
මුදල් ටිකක් දුන් පළියට                ඉලව්වේ
   
සිංහල බවත් නොසිනා ඉඳ             වලව්වේ
   
සියලු ගුණ දහම ඉවතට               එළෙව්වේ
   
මෙකල වුණේ දොස් ඒ             පලහිලව්වේ
ආනන්ද රාජකරුණා කිවිඳු

ආනන්ද රාජකරුණා මහතා 1885 පෙබරවාරී මස 07 වන දින දකුණු පළාතේඅම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී උපත ලැබීය. ලංකා ස්වරාජ්‍ය පක්ෂයේ උප සභාපති ධූරයද සිංහල මහා සභාවේ උප සභාපති ධූරයද දැරූ එතුමා සිංහලපාලි හා ඉංග්‍රීසි භාෂා මැනවින් ප්‍රගුණ කළ ගුරුවරයෙකිපඩිවරයෙකිසාහිත්‍යධරයෙකිහිටිවන කවියෙකි. එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණු‍ වූයේ ජාතික හැගුමෙන් ළමා මනස පුබුදු කරලීමත්වහල් බවින් ශ්‍රී ලංකා මාතාව නිදහස් කරලීමත් සහ ජනතා ප්‍රශ්න මතුකරලීමින් රටට නිදහස ලබාදීමත්ය.
ආනන්ද රාජකරුණා මහතා "ශ්‍රී රූප දේව" ගෞරව නාමයෙන් හා රන් පදක්කම් වලින් පිදුම් ලැබූවෙකි. මෙතුමාට සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ආරම්භයේ සිටම සභාපති ධූරයද හිමි විය. සරල සුගම බස් වහරක් අනුගමනය කරමින් විවිධ විරිත් අනුව කවි ලියන්නෙක් වූ එතුමා ළමා මනස පුබුදාලන ළදරු ගී අසීමිත සංඛ්‍යාවක් නිර්මාණය කරන ලදී. බටහිර සංකර ගති දෝෂ දර්ෂණයට ලක් කරමින් කවි ලියූ ආනන්ද රාජකරුණා මහතා අධිරාජ්‍ය විරෝධී සටනේ පුරෝගාමියෙකි. එතුමා ජීවිතයේ අගභාගයේදී "ආනන්ද ධම්ම" නමින් පැවිදි බිමට පිවිස 1957අගෝස්තු 27 වන දින දැයෙන් සමුගත්හ.
ආනන්ද රාජකරුණා කිවිඳු විරචිත කවි කීපයකි .......
   
හෙට සවස මෙහේ ඒවී මිසිස්              වැන්දබෝනා
   
කොට ගවුම ඇඳන් දැන් යයි ෂොපින්         ජොහානා
   
කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලූකැට් මයි         පියානා
   
දොඩන හැටි බලව් අච්චාරු බාසෙන්           අ‍ඳෝනා

   
රෝස මලේ නටුවෙ කටු
   
වන බඹරෝ ඔහොම හිටූ
   
නටුව නොවේ මල සිඹිමී
   
මම ළමයෝ පැණි උරමී ...

   
උඩත් යටත් ගිණි මැද පිටි               පොඩිත්තයි
   
මැදක් නොවෙයි වාටිය ගැන             කැමැත්තයි
   
පෙරත් සිටම සිංහලයගෙ                   අමුත්තයි
   
මටත් එකක් නෙදෙතොත් තද              අයුක්තයි ‍

   
මුනිවර සරණලස සුරඳන ගිරි        සිරසයි
   
පෙළහර පුද පවත්වන සුර බඹ       පිරිසයි
   
සමුදුර අවට සිට එකකින් කරන    ගොසයි
   
තරුබර අහස ඹබ සිංහලයෙක්ද       අසයි


මුනිදාස කුමාරතුංග කිවිඳු

මුනිදාස කුමාරතුංග මහතා 1887 ජූලි 25 වන දින දකුණු පළාතේදික්වැල්ල ප්‍රදේශයේදී උපත ලැබීය. ළමා සාහිත්‍යයේ නිර්මාතෘවරයා වන මුනිදාස කුමාරතුංග මහතා "හෙළ හවුල" පිහිටුවාලීමේ පුරෝගාමියා මෙන්ම ලක්මිණි පහන පුවත්පතේ කතුවරයා වේ.
එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණු‍ වූයේ හෙළයහෙළ බසහෙළ රැස පිළිබඳව ජනයාගේ සිත කවියෙන් අවදි කරලීම සහ දේශානුරාගයෙන් ළමා සිත් අවදිකරලීමත්ය. එතුමාගේ ජනප්‍රිය නිර්මාණ වන්නේ හත්පණමඟුල් කෑම,හීන්සැරයකුමර ගීකුමාරෝදයඅකුරු සැහැල්ලපිය සමරකුමාර පද්‍ය.
මුනිදාස කුමාරතුංග මහතා ගුරුභවතෙකිපාඨශාලා පරීක්ෂකවරයෙකිගුරු අභ්‍යාස විද්‍යාලයීය කථිකාචාර්යවරයෙකිග්‍රන්ථ කතුවරයෙකිභාෂා විශාරදයෙකිදක්ෂ කවියෙකි. එතුමා 1944 මාර්තු මස 02 වන දින දැයෙන් සමුගත්තේය.
මුනිදාස කුමාරතුංග කිවිඳු විරචිත කවි කීපයකි .......
   
අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොවැ නො නගී
   
හිඟා කැම බැරිවුණු තැන ලගී ගයා මර ගී
   
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොනැගී
   
මග දද දන ගණ උපදින කලැ පර දෑ අත ගී

   
හෙළ බතට
   
හෙළ වතට
   
පිට රටට
   
යව කුමට

   
ලේනෝ ඔබ පා නිදහස
   
ටිං ටිං ගාමින් මේ ලෙස
   
බුදිමින් හොඳ හො‍ඳ ඵල රස
   
සිටිනු දකින මට වෙයි තොස

   
වලග කුමට ගසේ ගසා
   
කලබල කරනු ද මෙ ලෙසා
   
ඵල කන්නට රිසි විලසා
   
බලය ඔබට දෙමි මෙ දෙසා

   
ජම්බු ගෙඩිය ගෙන දෑතින
   
වටපිට නොබලා මෙලෙසින
   
කන්න කිසිත් බියක් නොගෙන
   
මගෙන් ඔබට දොසක් නොවන


එස් මහින්ද හිමි

එස් මහින්ද හිමි 1901 දී ටිබෙටයේ සීකිම් නගරයේ උපත ලැබූවද වසර දාහතරවන වියේදී "ඥානාතිලෝක " හිමි සමඟ ශ්‍රී ලංකාවට පැමිණ පොල්ගස්දුව ආරණ්‍යයේ පදිංචි වී දොඩම්දූව ශෛල බිම්බාරාමයේදී රත්ගම ශ්‍රී චූල සුමන හිමි වෙතින් පැවිදි බව ලබා ගත්හ. මහින්ද හිමි සිංහල සංස්කෘත ඉංග්‍රීසි ,ඉතිහාසය ආදී විෂයයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගත්හ. උන්වහන්සේ කොම්පඤ්ඤවීදියේ සුගතාවාසයේ නායක හිමි ධූරය දැරූ අතර ආනන්ද විද්‍යාලයේ ගුරු භවතෙකිජාති හිතෛෂිළමා සිත් වලට අවිහිංසාවාදය යන සංකල්පය ප්‍රබලව කවියෙන් මතු කළ කවියෙකි. උන්වහන්සේගේ කවි නිර්මාණයන්හී අරමුණ වූයේ පරාදීන ජාතියක් වහල්බවෙන් මුදාලමින් ඔවුන් තුළ ජාත්‍යාලය ,දේශානුරාගය දේශාභිමානය ඔද ගැන්වීමත් ළමා සිත්තුළ අවිහිංසාවාදී උතුම් සංකල්ප ජනිත කරලීමත්ය. මහින්ද හිමි1951 මාර්තු 16 වන දින දැයෙන් සමුගත්හ.
එතුමාගේ සුවිශේෂී නිර්මාණ ග්‍රන්ථ වන්නේ දරු නැළවිල්ලකවි මුතුකවි මිණළමා කවි කළඹනිදහස් මන්ත්‍රය,නිදහස් මතනිදහසේ දැහැනපරාක්‍රමබාහු කුමාර කාලයරත්නමාලී කාව්‍යයදහ අට වන්නමසද්ධර්ම මාර්ගය
එස් මහින්ද හිමි විරචිත කවි කීපයකි .......
   
ගිය ගිය තැනදි ජාතික හෙණ හඩම තලව්
   
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙලව්
   
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
   
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

   
හත් වේලකින් එක බතුලක් නෙදැක බැහැ
   
විත් වැඳ වැටෙන මිනිහා දෙස නෙලා ඇහැ
   
උත්සව පවත්වන ජඩයින් තෙපේ දැහැ
   
රත් යහුලකින් ඇද දැමුවත් දොසක් නැහැ

   
ඉන්න තැනක් සොයමින් මෙන මන පිනවා
   
අන්න තවත් සමනලයෙක් පියඹනවා
   
එන්න කිය කියා ඌ මට අමතනවා
   
යන්නද හොඳයි එහෙනම් මා නවතිනවා

   
මුනි සිරිපා සිඹිමින්නේ
   
සමනොළ ගිරි පෙදෙසින්නේ
   
මඳ සුළඟයි මේ එන්නේ
   
මගේ පුතා නැළවෙන්නේ
මේ කොලඹ යුගයේ මුල් පලපුර වන අතර http://atehkbaratsinhala.blogspot.com/2014/02/1_26.html

 

විමලරත්න කුමාරගම(Wimalarathna Kumaragama)

. POSTED IN ලේඛකයන්
ජීවන තොරතුරු
කොළඹ යුගයේ විසු සුප්‍රසිද්ධ කවියෙකු වු විමලරත්න කුමාරගම මහතා 1919 ජනවාරි මස 18 වන දා පාතදුම්බර නාරම්පනාවේ උපත ලැබීය. මුලික අධ්‍යාපනය නිම කල මෙතුමා මුලින්ම සේවය කලේ 1942 වසරේ අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙසය.1942 වසරේදී ආදායම් පාලක තනතුරට උසස් වු මෙතුමා කලවාන, බිම්තැන්න, කොළොන්න, වන්නි හත්පත්තුව හා සංගිලි පාලම වැනි ප්‍රදේශ වල සේවය කළේය. වෘත්තියට අමතරව කලාවටද සම්බන්ධ වු මෙතුමා  පාඨක හදවත් තුළ ඉක්මණින් ලැඟුම් ගත්තේය.
මෙතුමාගේ රචනාවල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ වන්නිකරයේ ගැමි ජනතාවගේ දුක්බර ජීවිතය පිළිබඳව අත්දැකීම් තම නිර්මාණවලට උපයෝගි කර ගැනීමය. අයියනායකහා  ‘‍හේරත් හාමිමෙයට හොඳම නිදසුන්ය. මෙතුමාගේ නිර්මාණ පාඨක සහෘදයන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා පමනක් නොව විචාරකයන්ගේ ප්‍රශංසාවටද ලක් විය.   මෙතුමා පුවත් පත් හා සඟරා වලටද පද්‍ය රචනා කළේය. කුමාරගම මහතා කෙටි කලක් අගනුවර තරුණ කවි සමාජයේ සංස්කාරකවරයකු ලෙසද කටයුතු කලේය.පාඨක හදවත් තුල සඳා නොමැකෙන අමරනීය කාව්‍ය රාශියක් බිහිකළ විමලරත්න කුමාරගම මහතා   1962.12.30 දින අප අතරින් වියෝ විය.                                 
    නිර්මාණ
කුමාරගම මහතා විසින් රචිත පද්‍ය ග්‍රන්ථ
·         සංවේග වේදනා (1946)
·         නිල් සිහිනය (1941)
·         ඔරුව (1942)
·         සපුමලී (1946)
·         සුරතල්ලු (1961)
ඵතුමාගේ වඩාත් ජනප්‍රිය වු පද්‍ය රචනා 
·         අයියනායක
·         හේරත්හාමි
·         යන්තම් බේරුනා
·         පුසිගේ මරණය 
·         ආරචිචිරාල
·         වලස් දඩයම
·         කිරා
·         සිරගෙය
http://www.rupavahini.lk/vinividawiki/writers-in-sri-lanka/46-wimalarathna-kumaragama.html
·      

පී.බී.අල්විස් පෙරේරා

පී.බී.අල්විස් පෙරේරා
ක්‍රි.. 1917 මාර්තු මස තුන්වෙනි දින 
කොල්ලුපිටියේ පල්ලියවත්ත නමැති බිම් 
පියසෙහි මෙතුමා මෙලොව එළිය දුටුවේය. 
පී.බී.ජෙමිස් පෙරේරා මහතා සහ බෙන්තර 
ආරච්චිගේ පොඩිහාමිනේ මහත්මිය අල්විස් 
පෙරේරාගේ දෙමාපියෝ වූහ. පී.බී.අල්විස් 
පෙරේරා කොළඹ කවියෙහි ද්විතීය යුගය 
ජනප්‍රිය කීරීමෙහිලා මුල්තැනක් ගත් කවීන් 
කිහිපදෙනා අතර ප්‍රමුඛයෙකි.
සිංහල කවියෙහි වස්තු විෂය පුළුල් කිරීමට දායක වූ අල්විස් 
පෙරේරා තමා ජීවත් වූ යුගයේ සමාජයීය හා ආර්ථික බලවේග 
මනුෂ්‍ය සමාජයේ හා ජීවිතයේ පැවැත්මට බලපෑම් කළ ආකාරය 
සිය කවියට වඩාත් ප්‍රබල ලෙස ඉවහල් කර ගත්තේය. එමෙන්ම 
මෙතුමා ලිහිල් බසින් කවි තැනීම ප්‍රිය කළ නූතන කවීන් අතර 
ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, පැරණි ඇදුරන්ගේ පද්‍ය රීතිවලට 
වහල් නොවී නිදහස්ව තම සිතිවිලි හෙළි කරන මේ කවියා 
අගනුවර තරුණ කවි සමාජයේ සභාපති වරයා වශයෙන්ද 
කටයුතු කළේය. වසර ගණනාවක් තිස්සේ දේදුන්න කවි 
සඟරාව පවත්වාගෙන ආයේය. 

කොල්ලුපිටියේ උපත ලැබුවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ 
නම් ග්‍රාමයේ ජීවත් වූ අල්විස් පෙරේරා, 1966 අගෝස්තු මස 
21
වනදා මෙලොවින් සමුගත්තේ පරම්පරා ගණනාවකට සිය 
නම අමතක කළ නොහැකි මටිටමකට ගොඩ නැගීමෙන් 
අනතුරුවය.

මාර්ටින් වික්‍රමසිංහයන් "නව පද්‍ය සිංහලය" කෘතියෙහි
අල්විස් පෙරේරාගේ කවිත්වය ගැන මෙසේ සඳහන් කරයි. 

"
තමන් ඇසූ, සිතූ දේ සංවේග දනවන බසින් වර්ණනා 
කිරීමෙන් අනික් තරුණ කවියෙක් අල්විස් පෙරේරාට ළං 
නොවෙයි. " 

"
සිතින් මවනු ලබන ලෝකය විසිතුරු ලෙස වර්ණනා 
කරන්ට පැරණි සිංහල කවීන් පවා නොලත් ශක්තියක් 
අල්විස් පෙරේරාට ඇත. " 
අල්විස් පෙරේරාගේ කාව්‍ය නිර්මාණ

1.
උක්දඬු ගින්න
2.
මගේ රට
3.
සංවාදය
4.
අපේ හටන
5.
ළමයින්ගේ සුරපුර
6.
ජන්ම භූමි
7.
මිය ගිය කිරිල්ලී
8.
ලුලුම්බා
9.
කේයස්
10.
අනුර සීනය
11.
සුදු මැණිකේ
12.
කවුද ඇවිල්ලා
13.
නාගස යටදි
14.
අලුත් කඳුල 
15.
පබළු මිණි
16.
රන් තලිය
17.
උප්පලවන්නා
18.
බුදු මැදුර
19.
සොබා දුහම 
20.
ගොවි පෙරමුණ
21.
වේදනාව
22.
දෙව්ලොව ගිය කම්මැලියා
23.
ඉරුණු කොඩිය
24.
අන්ධ කවියා
25.
කරදාසි පහන්
26.
සුවඳ විලවුන් 
27.
විමලරත්න කුමාරගම
28.
වන මාලා
29.
නොගයන ගීතය
30.
මිණිපාන
31.
ජපන් රටේදි ලියවුණු කවි
32.
ළිඳු ලඟ
33.
පුතා නිදි
34.
නැටුම
hithagiyakavi.blogspot.com/p/blog-page_22.html


   

කේයස්’ -සාගර පලන්සූරිය

අමල් යශෝමන් ජයසිංහ
----------------------------------

මා මළ විටදි පී.බී. දෙන අසල එම
වැලපී කියන කවි ඇසුමට රිසිමි මම

පී.බී. අල්විස් කවියාගේ මුහුණ බලා එසේ කවි දෙපදයක් කී ඒ ප්‍රවීණ කවියා තමන් මැරුණු සේ යහනේ වැතිර ගත්තේ ය. එවිට එකදිගට කවි දහයක් පමණ කී පී.බී. කවියා මෙකවිය ද කීයේය.

රළු ගල් පවා පිපිරෙන්නට පහර දිදී
වැජඹුණු අපේ රන්වන් කුළුගෙඩිය නිදී
ඒ ගල් යළිදු පැළවීගෙන ඉහළ ඇදී
අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී..

හඟුරන්කෙත ආදායම් පාලක නිලධාරි (ඩී.ආර්.) තනතුර එදා හෙබවූයේ විමලරත්න කුමාරගේ කවියාය. දිනෙක ඔහු හමුවන්නට පී.බී. කවියා ගියේ අපේ කතානායක කවියා ද සමඟ ය. එදා රාත්‍රියේ ඒ නිල නිවස්නයේ මේ අපූරු සිදුවීම සිදුවුණි.
ඔහු පිළිබඳ බොහෝ දේ කියැවේ. අධිරාජ්‍යවාදීනට එරෙහිව කොළඹ යුගයේ කවීන් කළ මෙහෙවර හා සසඳන විටදී ඔහු පිළිබඳ ව හැඳින්වෙනුයේ මුල්පෙළෙනි. කවීන් අතර අද්විතීය ස්ථානයක් ඔහුට හිමි වී තිබිණි. ඔහු අව්‍යාජ ය. සරල ය. ප්‍රතිපත්තිගරුක ය. ජාතිකවාදී හැඟුමින් ද පිරිපුන් වූ හේ අවංක ජනතා පුත්‍රයෙකි. පුවත්පත්කලාවේදියෙකි. බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට බඳුන් වූ කේයස්නම් අන්වර්ථ නාමයකින් සුදෝසුදුකාව්‍යය ලියූ හෙතෙම සාගර පලන්සූරිය නම් ප්‍රතිභාපූර්ණ කවියා ය. කොළඹ යුගයේ දී සාගරයන් අතිශය ජනාදරයට පාත්‍ර වූයේ ද සුදෝසුදුනිසා ය.
http://www.silumina.lk/punkalasa/20120311/sagara-palansooriya.jpgසබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ ඔහු උපත ලද්දේ එනම් 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා ය. පසුකලෙක සාගර පලන්සූරිය වුවද ගබ්බෙල අප්පුහාමි රෙජිස්ට්‍රාර්තුමාගේ මහ පොතේ ලියැවී ඇත්තේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යනුවෙනි. කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම අනේක දුක් ගැහැට පිරීගිය එකක් ම විය. 
විප්ලවවාදී ගති පැවතුම් කුඩා වියේදී ද දක්නට ලැබෙන්නේ මෙවන් ප්‍රබල සිදුවීමකිනි. ඩිංගිරි මහත්තයා කුලීන දරුවෙකි. අකුරට ගිය මුල්ම සිංහල පාසල වූයේ මාදම්පාගම ය. එහි කුලහීන දරුවනට බංකුවල වාඩිවීම තහනම් විය. වාඩිවිය යුත්තේ බිම ය. එය නොරිස්සූ කුඩා ඩිංගිරි තම සගයන් ද සමඟ බංකුව අතැර ඔවුන් හා බිම වාඩිවූයේ ය. මෙහිදී ප්‍රදේශය බාර දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි විදුහල්පතිතුමා ය.
වයසින් වැඩෙත් ම සමාජ සාධාරණත්වය උදෙසා හේ සිය ජීවිතයම කැප කළේ ය. අන්ත දිළිඳු බව දෝතින් ගෙන උපන්න ද ඔහු සිත පිරී තිබුණේ උද්යෝගිමත් සිතිවිල්ලෙනි. වරෙක වෙල්එළියේ ගල්තලාවක හිඳ තම කවි සිත අවදි කරවූයේ ය. ඔහු කුඩා වියේ දී ඔවුනට තිබුණු එකම ඉඩම් කැබැල්ලත් උකසකට සින්න වී ගියේ ය. සිය දරු පවුල නඩත්තු කළ පියා ලෙඩ ඇඳට වැටුණේ ය. ජීවත් වන්නට සිදුවූයේ වතුයායක කෙළවරක පිහිටි බිම් කැබැල්ලක පැලක් තනාගෙන ය.
ඔහුට මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා ඥාති සබඳතාවක් තිබිණි. පැවිදි වීමට තීරණය කළ අපේ කතානායකයා මවුපිය විරෝධතා මධ්‍යයේ ම පැවිදි වූයේ ය. ඉන්පසු ඉගෙනුමට ද දක්ෂයකු වූ කළල්ඇල්ලේ පේමානන්ද නම් වූහ. තුරුණු වියට ආසන්න වෙද්දී උගත මනා බණ දහම් සහ චතුර කථිකත්වය ද රසමුසු කවීත්වය ද මනාව පිහිටා තිබිණි. ඇත්ඔය, පැණනිස්ස හිමියන්ගේ මඟපෙන්වීමෙන් අපේ පුංචි හාමුදුරුවෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී සාහිත්‍ය, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ද මනා පරිචයක් ලද්දේහ. කෙටි කලකින් තම සොහොයුරා සිවුරු හළ බව දත් සොහොයුරු පියදාස පලන්සූරිය තම සොයුරා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හමුවට කැඳවා ගියේ ය. 
උපැවිද්දෙන් නැවතත් පැවිද්දට පැමිණුනි. ඉන්පසු කළල්ඇල්ලේ ආනන්ද සාගර නම් වූහ. මේ වනවිට කවියෙහි දක්ෂයකු ව පසුවෙමින් විවිධ පුවත්පත් සඟරාවනට ද සමාජ ලිපි, කවි පබැඳුම් ලිවීය. ටිබෙට් ජාතික මහින්ද හිමි හා කුළුපගව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිවිසියහ. එතැනින් මව්බිමට පැමිණ ගුරු වෘත්තියෙහි නියැළුණි. මේ අවධියේ දී ලියා එළිදැක්වූ සුදෝසුදුකාව්‍යයේ පළමු මුද්‍රණය උණු කැවුම් මෙන් විකිණී මහත් සේ ජනාදරය දිනාගන්නට සමත් වූහ.
පසුකලෙක අපේ හිමියන් ආනන්ද, නාලන්ද, කුරුණෑගල මලියදේව, මොරටුව වේල්ස් කුමාර විදුහල්වල ගුරුවරයකු ව කටයුතු කළහ. මේ අතරේදී ලේඛනයෙහි ප්‍රතිභාව පෙන්නුම් කරමින් සාරවත් ලිපි, කවි ආදිය පුවත් සඟරාදියෙහි පළකෙරිණි. පෑගෙන තැලෙන පොඩි මිනිහාගේ පීඩිත බව එහිමි නොඉවසූයේ, කිසිවකුගේ ආරාධනාවකින් තොරව ම වමේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ය. ඒ හොරණ ආසනයෙනි. මහජන එක්සත් පෙරමුණෙනි. පිලිප්, ඇන්.ඇම් සමීපතමයෝ ය. කම්කරු පන්තිය වෙනුවෙන් සටනේ වැදී චතුර කථිකත්වයෙන්, කවියෙන් ජනයින් ආකර්ෂණීය කළේය. 
ඒ සටන් හමාර කොට ආපසු ගියේ ද පා ගමනිනි, බසයකනි, නැතහොත් දුම්රියකිනි. සිවුරේම සිටිමින් දේශපාලනයට පිවිසිය ද යළි නොඑන්නට ම සිවුරෙන් වෙන්වූයේ 1947 දීය. ප්‍රතිවිරුද්ධ එම්.ඩී.එච්.ජයවර්ධන ඇමැතිවරයා පරදවමින් හේ 1956 මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 10,000කින් හොරණ අසුන ජයගත්තේය. නොයෙක් කරදර හිරිහැර මධ්‍යයේ ඔහුටත්, පවුලේ අයටත්, ආධාරකරුවන්ටත් ආහාර පාන, රැකවරණය ලැබදුන්නේ හිටපු අගමැති වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන එම පවුලේ අය ය.
හේ පුවත්පත්, සඟරාදියට ලිවීම අත්නොහළේ ය. ජනතාවට කළ්‍යාණ මන්ත්‍රීවරයකු වුවද ඔහු ජීවත් වූයේ මන්ත්‍රී වැටුපෙන් නොව ස්වශක්තියෙනි. පැවිදි බිමෙන් ගිහි දිවියට පැමිණිය ද හෙතෙම කටපුරා කීයේ තවමත් මට අගෙයි මගෙ හාමුදුරුවරුයනුවෙනි

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා

එය සුදෝසුදු හි කාගේත් මුවගෙහි රැඳි ජනප්‍රිය කවියකි. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති, පද්‍යාවලි ඪ හා ඪඪ, දම්පද සුගතවාණී, ගද්‍යාවලී ඪ, ඪඪ, ගොවි පෙරමුණ, ගද්‍ය පද්‍ය පරිවර්තන කෘතින් රැසක් ද සාගරයන් රටට පිිළිගැන්වීය. ඉන් බොහෝ කෘති අදටත් පාඨක සිත් දිනා ඇත. ඇතැම් නිර්මාණවල සැඟවී ඇත්තේ ඔහුගේ ම බාල අවධිය බව ද කියැවේ. සාගර 1948 දී විවාපත් වූයේ ය. ජීවන සහකාරිය වූයේ ගල්කිස්සේ, ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා ය. ඈ හැමවිටම ඔහුගේ සෙවණැල්ල වූවා ය. ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණ. සාගරයන් හැමවිටම තම පුතුන් තිදෙනාට සිංහලකමටත් බුදුදහමටත් නැඹුරුව ජීවත්වන්නැයි ඔවදන් දුණි.
අපේ තාත්තා අපට හරිම ආදරෙයි. විශේෂයෙන් අපේ සෞඛ්‍යය, කෑම බීම සොයා බැලුවා. අපි ආර්ථික අතින් මහා ශක්තියක් තිබූ අය නොවයි. තාත්තාගෙ ළඟ ම මිතුරන් වුණේ විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරේරා යන කවීන් දෙපළයි. ඒ අය අපේ ගෙදර නිතර එනවා යනවා. ඇවිත් කවි කියනවා.ඒ ලක්විජය සාගර පලන්සූරිය (සාමාන්‍යාධිකාරි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය) දෙවන පුතු තම පියාණන් ගැන කී අයුරුයි. මා දුටු අපරදිගකෘතිය රචනා වූයේ සාගරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවමින් සිටියදීය. පරිපාලනයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දැමීමට හේ හඬ නැඟීය. එහෙත් දෙමළ බස කොන්කළ යුතු යැයි ද අපේක්ෂා නොකළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. 1960 දී ය. ඒ සමඟම ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය. එය මහා බරකින් නිදහස් වූවා සේ විය. අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ය.
වයසින් අවුරුදු 13 සිට කවියට, ලේඛනයට ඇල්ම දැක්වූ හේ පසුකලෙක පඩිරුවනක් බඳු වූයේ ය. පැවිදි අවධියේ සිට ම ඇසුරේ පසුවූ පැවිදි උතුමන් වූයේ බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිබත්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර, වල්පොල රාහුල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිවරු ය. ස්වකීය චතුර කථිකත්වයෙන් හා ආකර්ෂණීය කවිත්වයෙන් ජනසිත් ඇද බැඳ තබාගත්තේ ය. වඩාත් පරසිදු වූයේ ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන කරළියෙහි ය.

මම දොර නොබින්දෙමි ආවෙමි විවර දොරෙන්
ජය හෝ පරාජය ආ යුතු පරිදි වරෙන්
නිදහස් වන්ට මා උසුලන මිහිරි බරෙන්
උපකාරයක් නොපතමි කිසිකෙනකු කෙරෙන්

ඒ ඔහුගේ හැටි ය. ඔහු අදීන ය. ස්වෝත්සාහී බව දිවිය පුරාම රැඳී තිබිණ. සෝමවීර චන්ද්‍රසිරි, ආනන්ද රාජකරුණා, තිහාරියේ පීටර් පෙරේරා, පියදාස සිරිසේන, ඩී.ඩබ්ලිව්.වික්‍රමාරච්චි, පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන ආදීන්ගේ සමීපතමයකු විය. හෙළදිව, මාවත හා ලංකාදීප පුවත්පත ද ඇරඹි අවධියේ දී එහි කතුවරයකු ද වූයේය. නව මුහුණුවරකින් සාරවත් ලිපි, සමාජ විවේචන, අදහස් කියාපෑම, කතුවැකි සම්පාදනය ද සිදුවූයේ ඔහු අතිනි.
උපැවිදි වීමත් සමඟ ඔහු ලියූ කවකි මේ.

මට හුරුපුරුදු තැන මාහට නැතිව ගියේ
සමහර මතක නොමැකී සටහනක තියේ
මානෙල් නොපිපුණත් හිරු නැති අඳුරු රැයේ
කොඳමල් පිපේ නම් එය මට මදිද පියේ

කලබලයෙන් මෙන් දිනක් ගෙට ගොඩ වූ අපේ සාගර සිය බිරිය දෙස බලා දෑතින් යමක් සංඥා කොට පෙන්වූයේය. ඔයා නාට්ටියක් කරනවද?’ කිසිත් නොදත් බිරිය විමසුවා ය. ඔහු තරහින් මෙන් මුහුණ හකුලුවා ගත්තේ ය. අසල තිබූ කඩදාසියක ඔහු යමක් ලියා පෙන්වීය. ඇය වහා එය කියැවූවා ය. ඒ වනවිට ඔහු දෑසින් කඳුළු කඩාහැලෙමින් තිබිණ. ඔහු ඒ ලියුවේ තමන්ට කටහඬ නැති ව ගිය බවකි. 
උගුරේ ආබාධයක් ඇති බවකි. දිගින් දිගටම ප්‍රතිකාර කැරිණි. ඉන්දියාවට ද ගොස් ප්‍රතිකාර කරවූවද එතරම් සුවයක් නොලදිණි. පෙර මෙන් කටහඬ උස් ව නොතිබුණි. මගේ තාත්තා මැරෙන කොට 53යි. මටත් දැන් 53යි. ලබන අවුරුද්දෙ මං ඔයාලා ළඟ නැහැ. ඒකට කමක් නෑ. පුතාලා අම්මත් එක්ක හොඳට අවුරුදු කන්නදිනෙක සිය බිරිය හා දරුවන් තුරුළට ගෙන සාගරයන් බිඳුණු හඩින් එසේ කීවේය.
ඔහු රෝගාතුර වූයේ හදිසියෙන් ම ය. වහා රෝහල් ගත කැරිණි. එදා ප්‍රිය බිරියගේ සුරත අල්වාගත් හේ මෙසේ කීයේ ය.
මං අද මැරෙනවා - මං මුකුත් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. ඒත් මං ඉතුරු කරපු අකුරු තුනක් තියෙනවා. ඒ අකුරු තුන දරුවන්ට ඇති. අපෙ දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ඒ අකුරු තුන ඇති.
හාමුදුරුවන්ට එන්න කියන්න මං අද මැරෙනවාඔහු බිරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුවම හිමිවරු වඩමවා පිරිත් නූල් බැඳිනි. පිරිකර ද පූජා කෙරිණි. ඒ පිරිත් අවසන අපේ සාගරයන් දෑත් එක්කොට උස්හඬකින් සාදු ... සාදු... යනුවෙන් කීයේය. හාමුදුරුවනේ.. මේ ආත්මයේදී ඔය කහපාට දකින්න මට ලැබෙන්නෙ නැහැ... අද මං මැරෙනවා..ඒ හඬ දුබලය.
ඕ දෑස් විහිදා තම හිමි දෙස බලා හුන්නාය. ඔහු දෑස් නිවී..නිවී ගියා සේ ය. ... ඕ එසැනින් සිහිසුන්ව සිය සැමියාගේ මුහුණ මතට ඇද වැටුණාය.
නිදහස් මතධාරී බුද්ධිමතකු මෙන්ම තමා සතු සියල්ල සමාජයට ප්‍රදානය කොට කිසිවක් බලාපොරොත්තු නුවූ ජනසිත් හි ලැගුම් ගත් ඒ සොඳුරුතම මිනිසා 1961 – ජූනි මස 21 දා පස්වරු 5.55ට සිය ජීවිතයෙන් සදහට ම සමුගෙන යන්නට ම ගියේ ය.
ඔහුගේ වියෝවෙන් කම්පිත වූ දහස් සංඛ්‍යාත පිරිස් අතර සිරිල් ඒ. සීලවිමලයන් මෙසේ ලියුවේ ය.

අපේ සාගර පලන්සූරිය
   
අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා 
   
අපේ ඇසුරින් ඉවත ඇදුනා
අපේ ඇස් ඉදිරියේ සොහොනින් 
   
නැඟුණු දුම්රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි ඔහු 
   
සොහොන මැද අළු බවට හැරුණා

අමල් යශෝමන් ජයසිංහ

වතගොත




මුල් නම පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් ප්‍රතිභාපූර්ණ කවියෙකි (පාර්ලිමේන්තු මන්ත්‍රී)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී
http://rasawindhana.blogspot.com/2014/03/blog-post_1.html 

සාගර පලන්සූරිය මහතා (Sagara Palansuriya)

. 
http://www.rupavahini.lk/vinividawiki/artists/lyricists-in-sri-lanka/98
-sagara-palansuriya.html POSTED IN 
ජීවන තොරතුරු
සාගර පලන්සූරිය මහතා ප්‍රවීන ලේඛකයකු මෙන්ම කවියකුද වන සාගර පලන්සූරිය මහතා 1910 රත්නපුරයට නුදුරු කළල් ඇල්ල නමැති ගමෙහි උපත ලැබුවේය. එතුමා කළල් ඇල්ලේ ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවේය.
වෘත්තීමය ගුරුවරයකු ලෙස තම සේවය ආරම්භ කළ පලන්සූරිය මහතා විද්‍යෝදය පිරිවෙන, කොළඹ ආනන්ද හා නාලන්ද යන බෞද්ධ විද්‍යාලවල මෙන්ම මොරටුවේ වේල්ස් කුමාර විදුහලේද කලක් සේවය කළේය. එසේම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස යාපනය ප්‍රදේශයේ ද මෙතුමා සේවය කළේය.
මුල් කාලයේදී පලන්සූරිය මහතා කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර පසු කාලයේදී ඒ නම සංක්‍ෂිප්ත කිරීමෙන් තනාගත් කේයස්යන නම භාවිතා කළේය. ශාසනික හා සමාජීය සේවාවන් කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ ඒ මහතා ලේඛන කලාවෙහිද නිරන්තරයෙන්ම නියැළුනේය. තුරුණු වියේ සිටම පුවත්පත් සඟරා ආදියට කවි හා ලිපි සැපයීමෙන් තම රචනා ශක්තිය මුවහත් කරගත් කේයස්කිවිඳු පසු කලෙක සුදෝ සුදුකාව්‍යය රචනා කිරීම හේතුවෙන් මහත් ජනප්‍රියත්වයට පත් වූයේය. මෙම සුදෝ සුදුකාව්‍යය ටෙනිසන් නමැති ඉංග්‍රීසි කවියාගේ ඊනොක් ආර්ඩන් (ENOC ARDEN ) නම් කාව්‍යය ආශ්‍රයෙන් රචනා කරන ලද්දකැයි සැළකේ.
මෙතුමා අග්‍රගන්‍ය කාව්‍ය රචකයකු පමණක් නොව දක්ෂ දේශපාලඥයකු ලෙසද ප්‍රකටය. හොරණ ආසනය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස මෙතුමා කටයුතු කළේය. එසේම තම ජීවිතයේ අවසාන භාගයේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංවිධායක ධූරයද දැරීය. හෙළ කවි බිම මහාර්ඝ කාව්‍ය පුෂ්පයන්ගෙන් අලංකරණය කිරීමට දායක වූ කළල් ඇල්ලේ ආනන්ද සාගර පලන්සූරිය නම් වූ මේ ශ්‍රේෂ්ඨ කාව්‍යධරයා 1961 ජූනි 22 දින අප අතරින් සදහටම සමුගත්තේය.
සාගර පලන්සූරිය මහතාගේ පද්‍ය කෘති
මල්හාමි
විසිවුණ තරු
අපේ ඇත්තන්ගේ විත්ති
කාලකණ්නියා
කැළණි විත්ති
කන්දේ ගෙදර
පිළිරුව

http://www.edulanka.info/2014/05/blog-post_27.html

සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්



‍කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවි‍යෙකු වූ සාගර පලන්සූරිය ‍‍දේශපාලනය, පැවිදි දිවිය‍ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍ ‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සු‍දෝ සුදු කවි පන්තිය ‍මොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බ‍‍ව ‍‍කිව හැක.

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා

සු‍දෝසුදු කවි පන්ති‍යෙහි එන ‍මෙම කවිය මතක‍යේ නැති ‍‍කෙ‍නෙකු ‍නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද ‍මොහු විසින් රචනා කරනු ලැබීය. 

‍කේයස් ‍ගේ කවි - කටු‍රොද ගම

බඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේ
කටුරොද ගම්මානයට මඳුනල එ න්නේ
පුර පසළොස්වකට පුන්සඳු පාය න්නේ
මැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ 
වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට 
මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ට
මිහිරි සිහින බැලුමට කිරි දරුව න්ට
පුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ට

කටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලු
මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලු
පැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු 
කැපුමට සුළඟ රස ගී පවසනවා ලු 

රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවී
ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවී
ජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවී
අදුත් කියයි රස සංගීතවත් කවී 

නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණ
සිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
අම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියන
කිව්වම ඈ විතාළා මොකදැයි කරුණ

මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එලියක් කියා මොකවත් හෙම තියෙනව ද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොක ද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා 

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක 
මට දැනෙනවා එය අල්ලන හැම විටෙ ක
පාට කියා ඇත්නම් ගතියක් මල ක
අම්මේ අත නොගෑවෙන එක තමයි දු ක

ලස්සණ කියන දේ නැහැයට වත් කණ ට
මගේ දිවට හරි මගෙ අතපය වල ට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට


‍කේයස් පිලිබද විස්තර
මුල් නම  පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම්  කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත  1908 මාර්තු මස 11 දා
වෘත්තීන්  ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත්  පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය  1948 නොවැම්බර් මස 26 දා
පුතුන්  තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය  ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත  1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 

‍කේයස් පිලිබද ලිපි

සිළුමිණ - http://www.silumina.lk/punkalasa/20120311/_art.asp?fn=ar12031111
දැනුම - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15304%3A2010-06-14-05-54-40&catid=94%3Abiography&Itemid=117&lang=si

‍කේයස් පිලිබද ‍පොත් -  http://docs.google.com/viewer?url=http%3A%2F%2Fwww.pothpath.com%2Fwp-content%2Fuploads%2Fbooks%2FK.S  (SAGARA PALANSOORIYA)  01.pdf
දක්ෂ කවියකු වූ සාගර පලන්සූරිය මහතා
පී.ඩී.එෆ් (PDF)
මුද්‍රණය
ඊ-තැපැල

2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
දක්ෂ කවියකු වූ සාගර පලන්සූරිය මහතා
ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු        සලාමට දැනෙනවා යයි මගෙ අත දිගට        ගලානාඩන් අම්මේ නාඩන් මා විහිළු       කළාඑන්නද ගොසින් බොරු කී කොල්ලනට       තලා (සුදෝ සුදු )1913 දී රත්නපුර දිස්ති‍්‍රක්කයේ කළල්ඇල්ල නම් වූ රමණීය ගම්මානයේ සාගර පලන්සූූරිය නමින් උපත ලද ඔහු පසු කලෙක මෙරට බිහි වූ දක්ෂ සාහිත්‍යදරයෙකු විය. කොළඹ යුගයේ දෙවැනි පරපුරට අයත් කවියකු වූ සාගර පලන්සූරිය මහතා කුඩා කල සිටම ගොඩමඩ දෙකින් සරුසාර ගමට මහත් සේ ආදරය කළේය. ගමට තිබූ ආදරයම එතුමාගේ කවි හැකියාව ඔප් නැංවීමට වඩාත් බලපෑවේය. එසේම කළල්ඇල්ල ගමේ විසූූ නිර්ව්‍යාජ අහිංසක ගැමියන්ගෙන් හා තම දෙමව්පියන්ගෙන් කුඩා කල තමා ඇසූ ජනකතා, ජනකවි හා බණකතා ආදියෙන් ද තම කවි ලොව එළිය කර ගැනීමට සාගර පලන්සූරිය මහතාට හැකි විය. තම ළමා වියෙහිදී බඩවැටි, ඕවිටි ,වෙල් එළි, ලඳු, කඳුගැට , දිය ඇලි ආදිය ආශ‍්‍රයේ ගැවසෙමින් , කළු ගගේ ශාඛාවක් වූ කුඩා නදියේ කිමිදෙමින් සුන්දර ළමා වියක් ගත කළ ඔහු මූූලික අධ්‍යාපනය ලැබුවේ කළල්ඇල්ල රජයේ පාසලෙනි. පාසල් ගුරුවරුද සාගර සිසුවා දක්ෂ කවි ගී ගායකයකු බව දැන සිටියේය.පාසල් දිවියෙන් සමුගත් ඔහු පැවිදි දිවියට සැපැත් වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි නමිනි. පසු කෙලක එතුමන් අතින් බිහිවූ බොහෝ නිර්මාණවලට එම නමේ මුලකුරු යොදා කේ. ඒ. එස්. ලෙස එක්කිරීමට කටයුතු කළ අතර එතුමාගේ රසිකයන් අතර එය ජනපි‍්‍රය වූයේ කේයස්නමිනි.
පැවිදි දිවියෙන් ටික කලකට පසු කොළඹට පැමිණි ආනන්ද සාගර හිමි නැවත උපැවිදි වීය. එනමුත් තම අධ්‍යාපන කටයුතු වලින් බැහැර නොවූ එතුමා පිරිවෙන් හා රාතී‍්‍ර ඉංගී‍්‍රසි පංතිවලට සහභාගි විය. කෙසේ හෝ ඉතා හොඳින් ඉංගී‍්‍රසි උගත් පලන්සූරිය මහතා ඉංගී‍්‍රසි ගුරු පුහුණු විදුහලට ඇතුළු විය. කේයස් නමින් දිගින්් දිගටම තම නිර්මාණ කළ එතුමා ඒ අතර තුරම කොළඹ විද්‍යෝදය පිරිවෙන , ආනන්ද විදුහල නාලන්ද විදුහල, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ආදියෙහි ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස ද සේවය කළේය.මෙම කාලවකවානුවේදීම දිනමිණ, සිළුමිණ , සිංහල ජාතිය, සිංහල බෞද්ධයා ආදී පුවත්පත් වලට කවි ලියූ පලන්සූරිය මහතාට මීමන පෙ‍්‍ර්මතිලක , යූ. ඒ. එස්. පෙරේරා , එස්, මහින්ද හිමි බඹරකොටුවේ සුධර්ම හිමි ආදී ප‍්‍රවීණ කවීන්ගේ ආභාසය ලැබීමටද හැකි විය.ඉංගී‍්‍රසි විචිත‍්‍රවාදී කවීන්ගේ ආභාසය ද ලැබූ කේයස් තම නිර්මාණ වලට ද එම ආභාසය යොදා ගත්තේය. ඒ අනුව ස්වාභාවික පරිසරය, ස්වාභාවික වස්තූන් ආදිය පිළිබඳ තම නිර්මාණ කිරීමට කේයස් පෙළඹුණේය.කේයස්ගේ ප‍්‍රථම කවි පොත වූයේ සුදෝ සුදු යි ඉංගී‍්‍රසි කවියකු වූ ඇල්ෆ‍්‍රඩ් ටෙනිසන් මහතා නිර්මාණය කරන ලද ඊනොන් ආඩ්න් නම් කවි කතාවේ ආභාසය ලබමින් නිර්මාණය කරන ලද්දකි. බටහිර ආභාසය ලබා කවි ලියූ එකල විසූ කවියෝ එම ආභාසය ඒ අයුරින්ම ඉදිරිපත් කළහ. නමුත් කේයස් ලියූ නිර්මාණ ඊට වඩා වෙනස්විය. බටහිරි කතාවක් මුල් කර දේශීයත්වය ලබාදී තම නිර්මාණ කිරීමට ඔහු වග බලා ගත්තේය.කටුරොද ගමේ වෙල්වල මානෙල්         ඕලුමැණිකෙගෙ මුහුණ බැලුමට පොරකන වාලූ ලෙස සිය ගමේදී දුටු සිද්ධීන් යොදා තම නිර්මාණ අලංකාර කළේය.කිරිහාමිකන්දෙ ගෙදර “ , “ කාලකන්නියා”, “සොහොන් බිම” , පාළුගම” ,”ගංගාවේ ගීතය”, එතුමා අතින් නිමවූ නිර්මාණයන්ගෙන් කිහිපයකි.කඳු බෑවුමක දම් බෝවිටි පඳුරු       තලාපහළට ගලා වන මල් පෙති ඉවත      හෙලාකළ දෝ දියෙන් පොඟවා රන් පුලින    තලාසංගීතවත් වී යමි ඉදිරියට        ගලාඒ ගංගාවේ ගීතය නම් වූ රසවත් කවි පෙළෙහි එක් කවියකි. මෙම කවියක් රසවිදින රසිකයාට ගංගාවක් අලංකාර ඉවුරක් අසලත් මිහිරි නාදයක් නංවමින් ඉදිරියට ගලායන අයුරු චිත්ත රූපයට නංවයි. දක්ෂ කවියකු වූ කේයස් ගේ සෑම නිර්මාණයකම මෙම ගුණය අඩංගුවේ.ස්වභාව සෞන්දර්යය, ලිහිල් භාෂාවක් උපයෝගී කරගෙන එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ද නිර්වාජව එළිදක්වන කවියා ඊට පැරණි කාව්‍ය ලක්ෂණත් ඉන් එහාට බටහිර ආභාසයත් එක්කර තම නිර්මාණ දියුණු කළේය. මෙම සජීවි ගුණයෙන් පරිපුර්ණ වූ අපූරු කවි බස සිංහල කවි කලාව නව මගකට යොමු කළේය.අපූරු කවිත්වයක් හිමි මේ අපූරු කවියා වරක් පාර්ලිමේන්තුවටද පිවිසියේය. ඒ හොරණ ආසනය නියෝජනය කරමිනි. තවද පලන්සූරිය මහතා ආසියානු ලේඛක සම්මේලනය සඳහා ශීී‍්‍ර ලංකා ලේඛක සංගමයේ ප‍්‍රධානත්වය දරමින් නවදිල්ලි නුව රට සැපත් වූයේ අපේ රටේ කවි රසය ලොවටම පෙන්වීම සඳහාය.පාර්ලිමේන්තුවේ දී ද සිංහල භාෂාව , සාහිත්‍ය , බුද්ධ ධර්මය ආදිය පිළිබඳ හඬක් නැඟූ ඒ මහතා ඊට ප‍්‍රථම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා පරීක්ෂණ අංශයේද සේවය කළේය.සිංහල භාෂාවට විශේෂයෙන්ම කවියට මහඟුසේවයක් කළ සාගර පලන්සූරිය මහතා 1961 දී පරලෝසැපත් විය.
ශෂිකා ලක්මාලි පෙරේරා

එස්‌. මහින්ද හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පූජ්‍ය එස්. මහින්ද හිමි

උපත
පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින්
1901
ගංටොක්, සිකිම්
මරණය
1951 මාර්තු 16 දින
ලංකාවේ, පානදුරේ, මහ බෙල්ලන
නිවහන
අනෙකුත් නම්
සිකිම් මහින්ද හිමි,
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
වාර්ගිකත්වය
අධ්‍යාපනය
විද්‍යෝදය පිරිවෙන, මරදාන
ප්‍රසිද්ධ වන්නේ
සැලකිය යුතු කෘති(න්)
නිදහසේ දැහැන,
නිදහසේ මන්ත්‍රය,
ලංකා මාතා,
ජාතික තොටිල්ල,
අද ලක් මාතාවගේ පුතු,
නිදහස,
විදේශිකයෙකුගෙන් ලක් මවට නමස්කාරයක්,
සිංහල ජාතිය
ආගම
එස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවටසංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.
තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.

පටුන

·         4 ආශ්‍රිත

මුල් දිවිය[සංස්කරණය කරන්න]

1901 දී පමණ සිකිම් හී උපත ලද එස්. මහින්ද හිමි නම් ලැබුයේ පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් ලෙසිනි.[1] එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වනගංටොක් හිදීය. උන්වහන්සේට සහෝදරයෝ තුන් දෙනෙක් වූහ; පළමුවැන්නා පසුව කල්කටා විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු වූ අතර, දෙවැන්නා රජුගේ අග්‍රාමාත්‍යවරයා වෙමින්, තෙවැන්නා බෞද්ධ භික්ෂු ජීවිතයට ඇකුළුවිය. [2] එතුමාගේ කුඩා කල මිතුරා ටැෂි නැම්ජිල් පසුව සිකිම් හී රජු විය. එස්. මහින්ද හිමි එතුමාගේ එම නම ශ්‍රී ලංකාව තුල ආරූඨ නාමයක් ලෙසින් භාවිතා කල අතර එය නිසා එම නම එතුමාගේ නියම නම බවට විශ්වාසයක් ඇති විය.[1]
රුපියල් හයක වාර්ෂික දීමනාවක් හා සමගම, ලංකාවේ බුදුදහම උගෙනීමට ශිෂ්‍යත්වයක් සර්කි ලද අතර 1912 දී හෝ 1914 දී මෙහි ලඟා විය. එකල මෙම රට,බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. ඒ වන විට බෞද්ධ භික්ෂුවක් වූ සිකිම් පුන්නජි නම්වූ උන්වහන්සේගේ වැඩිමහළු සොහොයුරු උන්වහන්සේ සමග මෙහි වැඩම කළහ.[2]

බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය[සංස්කරණය කරන්න]

දකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2]රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]
උන්වහන්සේ පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. 1930 ජූනි 16 දිනදී උන්වහන්සේ, ශ්‍යාමෝපාලී නිකාවෙහි යළි පැවිදිබව ලැබූ අතර එම වසරෙහි අග භාගයේදී උපසම්පදාව ලැබූහ. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, නාලන්දා විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]

සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය[සංස්කරණය කරන්න]

ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]
ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]
·         නිදහසේ දැහැන
·         නිදහසේ මන්ත්‍රය
·         ජාතික තොටිල්ල
·         අද ලක් මවගේ පුත්තු
·         විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
·         සිංහල ජාතිය
·         ලංකා මාතා
·         නිදහස

මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. [2]අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මැයි 16 වන දා අපවත් වී වදාළහ. [6]
https://si.wikipedia.org/wiki/එස්‌._මහින්ද_හිමි

1.     ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි අනුස්මරණ ...


https://lankacnews.com/sinhala/miraculous/91978/
o     
o     
aMar 18, 2013 - ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් ...

ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට දෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය.
1901 දී පමණ වර්තමාන ඉන්දියාවේ උතුරු බෙන්ගාලයේ ඩාර්ජිලින් නගරය ආසන්නයේ භූටියා භස්ති නම් ග්‍රාමයේ වංශවත් පවුලක උප්පත්තිය ලබන මේ කුඩා සිකිම් ළදරුවා නමින් පෙම්පා තෙන්දුප් විය. තම පරපුරෙන් සෙර්කි චෙරින් යන නාමයද මේ නමට එකතු වූයේය.  ලෝක සිතියමේ නේපාලය හා භූතානය අතර මැද තිබ්බත දේශ සීමාවට දකුණෙන් පිහිටි ඉන්දියාවට අයත් භූමිභාගය හෙවත් සිකීම් ප්‍රාන්තය අතීතයේ සිකීම් රාජ්‍යයයි. 1975 ට පෙර එය ස්වාධීන රාජ්‍යයක් විය. වර්තමානයේ එය ඉන්දියාවේ විසි දෙවන ප්‍රාන්තය වී ඇත.සිකීම්හි උතුරු කොටස සදාකාලිකව හිමෙන් වැසී ගිය කඳු පන්තියකින් සමන්විත වන අතර ලොව උසම කඳු සිඛර කීපයක් එයට ඇතුලත් වේ. ඒ අතරින් වැදගත්ම කඳු සිඛරය වන්නේ කංචන් ජුංගාය. මන නදන සොබා සොඳුරු දසුන් මවන මේ කඳු සිඛරය ලොව උසම කඳු අතරින් තෙවන ස්ථානය හිමි කර ගනී.
සිකීම් භුමිය ජනාවාස වී ඇත්තේ ඊශාන දිග ඉන්දියාව හරහා පැමිණි මොංගොලයිඩ් ජන වර්ගයක් වන ලිප්චාවරුන් ගෙනි. ඔවුහු දහතුන් වන සියවස වන විට ගෝත්‍රික සමාජයක් ලෙසට මේ භූමියේ පදිංචිව සිටියහ. ලිප්චාවරු දඩයම් කරුවන් සේම ආහාර රැස් කරන්නන් සේ සිය ජීවිකාව පවත්වාගෙන ගියහ. 15 හා 16 වන් සියවස් වලදී තිබ්බත සම්භවයක් සහිත ජන කණ්ඩායමක් මේ භූමියට සංක්‍රමණය විය.ඔවුහු භූටියා වරු ලෙසට හැඳින්වුණි.ලිප්චාවරු හා භුටියා වරු අතර ඇති වූ සංහිඳියාව තුල සිකීම් දේශය ගොඩ නැන් වී තිබේ.
මහින්ද හිමියන්ගේ පියා සිකීම් හි භුටියා භස්ති විහාරයේ ප්‍රධාන පූජාචාරී තුමන්ය.ඔහු නමින් නිම්පෙන්ජෝ සෙර්කි චෙරින් විය. ඔහුට පිරිමි දරුවන් සිවු දෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු විය. මෙයින් වැඩි මලා දවා සංදුප්ය.ඔහු කල්කටා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ එහිම කථිකාචාර්ය වරයෙකු විය. විසිවන සියවස ආරම්භයේ දී සිකීම් රජුගේ අනුග්‍රහයෙන් ගැන්ටොක් අගනුවර සමීපයෙහි භුටියා ලිප්චා නම් පාසලක් පිහිටුවන ලදී. එහි ප්‍රධානාචාර්යවරයා බවට පත් කරන ලද්දේ දවා සංදුප්ය. 1907 වසරේ දී මේ දරුවන්ගේ පියා මිය ගියේය. පවුලේ වගකීම වැඩිමලා වෙත පැවරුණි. සිකීම් රජු ගේ පුත් සිද්කෙඔන්ග් තුල්කු හා එස්.කේ. තාෂිනම්ග්‍යාල් යන කුමාර වරුද දවාසංදුප් ගේ දරුවන් සියලු දෙනද මේ පාසලේ දී එකට ඉගෙනුම ලදහ. ඒ අතර පෙම්චෝද්‍රර පූර්පා තෙන්දුප් හා පෙම්පා තෙන්දුප් විය.
බෞද්ධ පූජාචාරී පරම්පරාවකින් පැවත එන තාන්ත්‍රිකාචාර්ය වරයෙකු වූ දවා සංදුප් ගේ වගකීම වූයේ සිය රට වෙනුවෙන් සහ රජ පවුලේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමයි. එසේම රට නවීන ලෝකය සමග ගලපා ගැනීම ද කළ යුතුව තිබුණි. මෙම  අරමුණෙන් යුතුව ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ පූර්පා තෙන්දුප් ශාසනික අධ්‍යාපනය සඳහා ලංකාවට යැවීමට තීරණය විය. මේ වන විට ලෝක ධර්ම දූත සේවයේ නිරතව සිටි ජර්මන් ජාත්ක ඤණාතිලෝක හිමියන් සහ දවා සංදුප් අතර හිත මිත්‍ර කමක් ගොඩ නැගී තිබුණි. කල්කටා විශ්ව විද්‍යාලයේ දී ලංකාව ගැන ලැබුණු අවබොධයත් කල්කටාහි මහා බෝධි සමාගම සමග තිබූ සබඳතාවයත් නිසා ලංකාවේ දහම් අධ්‍යාපනය ගැන මනා වැටහීමක් දවා සංදුප් වෙත තිබුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1914 වසරේ දී පූර්පා තෙන්දුප් ලංකාවට පිටත් කර එවීමට කටයුතු කරන ලද්දේ ශාසනික අරමුණක් සඳහාය. පූර්පා තෙන්දුප් 1914 වසරේ දී සිකිම් පුඤ්ඤසාර නමින් පැවිදි විය. ඉන් අනතුරුව සිය බාල සොහොයුරු පෙම්පා තෙන්දුප් ද ලිප්චා ජාතික තෙම්පා රින්ෂින් ද එලෙසම ලංකාව බලා පිටත් කර හරින ලදී. මේ දරුවන් තිදෙනාටම සිකීම් රාජ්‍යයෙන් ශිෂ්‍යත්වයන්ද පිරිනමන ලදී.
සිකිම් මහින්ද හිමියන් 1914 වර්ෂයේ දී පූජ්‍ය කලි කුමාර් නම් භික්ෂූන් වහන්සේ සමග ලංකාවට පැමිණියද භාරකරු වශයෙන් සිටි ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විම නිසා පැවිදි පිංකම එම වර්ෂයේදී සිදු නොවුණි. අනතුරුව 1914 සිට 1918 වන් තෙක්ම එම අවස්ථාව නොලැබුණි. අනතුරුව ටිබෙට් ළමයා මහණ කරවන ලද්දේ රජ්ගම ගල්කන්දෙගොඩ දේවප්‍රතිරාජ පිරිවෙනේදීය. ඒ ඒවකට ඉංග්‍රීසි උගත් පඩිවරෙයකු ලෙසට ප්‍රසිද්ධ ව සිටි රජ්ගම ධර්මාධාර හිමියන් සහ රජ්ගම චූලසුමන නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි. සිකිම් මහින්ද නමින් පැවිදි වුණද උන්වහන්සේට ටිබෙට් ජාතික  ඒස්. මහින්ද නාමය ලැබීමද සිහිපත් කල යුතු සිදුවිමකි. 1920 දී සිය සහෝදරයා වන සිකිම් පුඤ්ඤසාර  හිමි ආපසු සිකිම් දේශයට ගිය අතර මහින්ද සාමෙණ්ර හිමියන් අලුත්ගම ශ්‍රී සීලඛන්ධ නාහිමියන් යටතේ දොඩන්දූවේ සරස්වතී මණ්ඩපයට ඇතුලත් කෙරුණි.
මහින්ද හිමියන් සමග සිටි නේවාසික සාමණෙරයන් වූයේ දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. සරස්වතී මණ්ඩපයේ සාමණේර ස්වාමීන් වහණ්සේලාට වරින් වර ධර්ම දේශනා කිරීමට අවස්ථාව හිමි වෙයි. මහින්ද හිමියන්ට එම වාරය පැමිණි දිනයේ කලුලෑල්ලේ උන්වහන්සේ ගේ නමට විශේෂණයක් එකතු විය. ඒ ටිබෙට් ජාතික එස්. මහින්ද නාමයයි. එය සටහන් කරන ලද්දේ මහින්ද හිමියන් ගේ මිත්‍ර දොඩන්දූවේ ධර්මාරාම හිමියන්ය. පසු කලෙක මේ මිත්‍රත්වය නිසා මිත්‍ර සංදේශය නමින් සංදේශ කාව්‍යයක් ද රචනා කොට ප.බ.ජි. හේවාවසම් මහතා දූතයා කොට දොඩන්දූවේ කුමාර විහාරයේ වැඩ උන් ධරමාරාම හිමියන් වෙත යවා ඇත. අද ඒ සංදේශ කාව්‍යය පමණක් නොව දෙඩන්දූ සංදේශය හා විල් ලිහිණි සංදේශයද අප්‍රකටය. මේ තොරතුරු අපට මතක් කරන ලද්දේ ධරමාරාම හිමියන් ගේ ශිෂ්‍ය වස්කඩුවේ තිලක නා හිමියන් විසිනි.
1924 වර්ශයේ දී අලුත්ගම සීලඛන්ධ නා හිමියන් අපවත් වූ පසු මහින්ද හිමියන් බලවත් අසීරුතාවයට පත්විය. රජ්ගම චූලසුමන හා රජ්ගම ධර්මාධාර නාහිමිවරුන් යටතේ පැවිදි බව ලැවූවද උන් වහන්සේලාද අපවත් වී සිටියෙන් උපසම්පදාව ලබා ගැනීමේ ගැටලුවක් මතු විය. මේ නිසා 1927 වර්ෂය වන විට මහින්ද හිමියන් කොළඹ ට පැමිණ පූජ්‍ය වෑකඩ ධීරානන්ද හිමියන් හමු වීකොම්පඤ්ඤ වීදියේ සෞගතවාසයේ නතරවීම උන් වහන්සේගේ පමණක් නොව ජාතියේ ද භාග්‍යයක්ම විය. 1921 වර්ෂයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කල මහින්ද හිමියන් එවකටකොළඹ මරදානේ 520 ස්ථානයේ රැඳී සිටි පී.කේ.ඩබ්. සිරිවර්ධන මහතා දැන හැඳින ගෙන කතුවරයෙකු ලෙසට ග්‍රන්ථ පළකරන්නට ආරම්භ කරන ලදී. මහා පරාක්‍රමබාහු කුමාර කාලය රාහුල කුමාරයා වැනි ගද්‍ය රචනාද නිදහසේ මන්ත්‍රය නිදහසේ දැහැන වැනි පද්‍ය රචනාද කරන්නට පන්නරය ලැබුණේ එවකට මේ රටේ ජාතික නිදහස් සටන ඇරඹී තිබූ බැවිනි. ශ්‍රීමතී අභය ගුණවර්ධන සාගර පලන්සූරිය වැනි කිවි කිවිඳියන් පමණක් නොව පියදාස සිරිසේන වැනි මහා පුරුෂයින්ද මේ ජාතික සටනට සෘජුව දායකත්වය සපයන්නට විය.
1927සිට 1937 දක්වා කාලය මහින්ද හිමියන් ගේ ස්වර්ණමය අවදියයි. උන් වහන්සේ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය වරයෙකු ලෙසට පත් වීමක් ලබන්නේ එවකට එහි විදුහල්පතිව සිටි පී.ද එස්. කුලරත්න මහතාගේ ඇරයුමිනි. එම යුගයේ දී උන්වහන්සේ විසින් මුද්‍රණ ද්වාරයෙන් පළ කරන ලද ලංකා මාතා නිදා සිටි සිංහලයින්ට ගසන ලද කෙවිටි පහරක් විය. උඩරට යටහලගල පෙදෙසේ වන්නම් ගැන කරන ලද පර්යේෂණයකින් පසුව උන්වහන්සේ ආනන්ද විදුහලේ ළමුන් උදෙසා දහඅට වන්නම් නම් කෘතිය පළ කරන ලදී. එයට එම විදුහලේ ආචාර්ය වරයෙකුව සිටි පී.ඊ. ප්‍රනාන්දු මහතා දක්වන ලද සහයෝගය නිසා එවකට ආනන්ද විදුහලේ ළමුන් අතර විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති විය.
1937 වර්සයේ දී සිය ගුරුදේව කිරිගල්පොත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් ගේ ඉල්ලීම පරිදි මහින්ද හිමියන් පානදුර අලුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාමයේ විහාරධිකාරී ලෙසට පැමිණීම පිණිස ආනන්ද විදුහලේ ආචාර්ය පදවියෙන් ඉවත් විය. 1937 සිට 1951 දක්වා කාලය උන්වහන්සේ ගේ සමාජ ජීවිතය ඔප් නැන්වුණු අවදියක් විය. පාසල් පෙළ පොත් පළ කිරීමෙන් උන්වහන්සේ අධ්‍යපනඥයෙකු බවට ද පත් විය. අනතුරුව මහ බෙල්ලන විහාරස්ථානය මූලික කර ගෙන නව ලංකා නම් දහම් පාසලක් ආරම්භ කිරීමම පැහැදිලි ලෙසටම විප්ලවයක් විය. මේ විප්ලවය සමාජ ප්‍රතිශෝධනයෙහි මෙන්ම සුචරිත වර්ධනයෙහිද යොමු කරලීමට කල උත්සාහය නිසා උන්වහන්සේට එකල විවිධ විහාරස්ථාන වලින් ධර්මදේශනා සහා ඇරයුම් ලැබුණි. එකල දේශපාලන පොරපිටිය ද මහත් සේ උණුසුම් යුගයකි. ජෝන් කොතලාවල මහතාද උන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ බව සඳහන්ය. මේ නිසා දේශපාලඥයින් ගේ චන්ද ව්‍යාපාර සරු කිරීම උදෙසාද ඇතැම් අවස්ථාවලදී මහින්ද හිමියන් ගේ ධර්මදේශනා අසන්නට ලැබුණු බව උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ තෙල්වත්ත දළදාවිහාරයේ විහාරාධිපතිව වැඩ සිටි තල්වත්තේ  ඉන්ද්‍ර ජෝති නාහිමියන් පවසයි.
1951 වසරේ මාර්තු මස 16 වනදින කලුතර දී පැවති ආදාහන උත්සවයක් නිමා කොට යලි සිය විහාරයට පැමිනි මහින්ද හිමියන්  එදිනම රාත්‍රි අටහමාරට පමණ අපවත් වී වදාලේ ජාති මාමකයින් සෝ සයුරේ ගිල්වමිනි.1961 වසරේ උන්වහන්සේ වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවති ගුණානුස්මරණ උත්සවයෙන් පසුව වාර්ෂිකව මේ මහා යතිවරයානන් සිහිපත් නොකර මාර්තු මාසය ගෙවී නොගිය බව කිව යුතුය. ඒ තරමටම උන්වහන්සේ ජාතියේ සම්මානයට පාත්‍රව සිටියහ. උන්වහන්සේ අපවත්ව වසර හැට දෙකක් ගතව තිබියදීත් වර්තමානයේද උන්වහන්සේ කළ සේවය අගය කිරීමට කෘතගුණ වාදී ජනතාව සූදානම් බව පෙන්වන්නට  තිබෙන හොඳම උදාහරණය නම් මහ බෙල්ලන සුධර්මාරාමයේ දී අභිනවයෙන් ඉඳිකරනු ලැබූ කෞතුකාගාරයයි. මෙම සද්කාර්යයට දායකත්වය සපයන ලද්දේ මැදපෙරදිග සිංහලයින් ගේ හෙළ බිම සංවිධානයයි.
මෙතෙක් කලක් අප්‍රකටව තිබූ තොරතුරු ගවේශණයේ දී පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන් ගත්  උත්සාහය නිසා  සිකිම් ලේඛනාගාරය සතුව තිබූ මහින්ද හිමියන් ගේ පරම්පරාව පිළිබඳ අගනා තොරතුරු රැසක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ගත හැකි විය.මෙම සද් කාර්යය කර ගැනීමට මග පෙන්වන ලද්දේ ජනාධිපති  උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ය.  එහෙයින් මහබෙල්ලන සුධර්මාරාමායේ දී විවෘත වන එස්.මහින්ද හිමි කෞතුකාගාරය හා පුස්තකාලය මෙරට ජාතික ව්‍යාපාරයේ ගමන් මගේ පැතිකඩක් පෙන්වන සිහවටනයක් බවට පත් වන බවද කිව යුතුය.
මතුගම සෙනෙවිරුවන්
- See more at: https://lankacnews.com/sinhala/miraculous/91978/#sthash.6XTrU6wd.dpuf
හේරත් හාමි (රසාස්වාදය) - විමලරත්න කුමාරගම

 සමාජය විසින් අසම්මත පහත් යැයි සැලකෙන රැකියා දවසක නියලෙන පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු උත්තරීතර මිනිස් ගුණ ඇදහීම මෙම පැදි පෙළට පාදක වී ඇත. ඔහු කරත රැකියාව සමාජ සම්මතයට අනුව පහත් බව අභිබවා ඔහුතුල සැගවුනු උසස් මානව ගුණ කවියා මෙයින් ස්මතුකර දක්වන්නේ සමාජ සම්මතය මගින් උසස් යැයි කියන එහෙත් පහත් මිනිසුන්ට සිවුම් උපහාසාත්මක විලාසයෙනි. මෙනි දුබලතා ඇති සමාජය උපහාසයට ලක් කිරීමට පමන් කතුවරයාගේ පරමාර්ථය නොවුනද හේරත් හාමිගේ ජීවන වෘතියත් ඔහුගේ ගුණයහපත් බවත් සමාජයේ බොහෝ අය සමග සැසදීමෙන් ඒ බව පැහැදිලි වේ. පැදි පෙළ අරම්බයේ කවියා මෙසේ දක්වයි.

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි

මා වැනියකු වුවද මම වැදගත් වී                          මි

මිනී කපන මුත් ඒ හේරත් හා                             මි

ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

යන්නෙන් කවියා උක්ත අදහස වඩා තිවුර කරයි. කවියා මිනිසෙකි හේරත්හාමිද මිනිසෙකි ඔවුන් දෙදෙනාම මිනිසුන් වුවත් සමාජයේ වැදගත් පුද්ගලයා විදියට වැජඹෙන්නේ කවියාය. හේරත්හාමි සමාජය ඉදිරියේ පහත් මිනිසෙකි. සමාජය එසේ වුවත් ජිවනන යථාර්ථය යථාර්ථවාදිව දකින කවියා හේරත්හාමිගේ උසස් ගුණ හදුනා ගනි.හේරත් හාමි රැකියාව ලෙස මිණි කැපුවද තමාට වඩා විසි තිස් ගුනයකින්දැහැමි මිනිසෙකු ලෙස සැලකෙන්නේ එම නිසාය.

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ

මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                       වේ

මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ

ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇතමෙකු අප්ප්‍රසිද්දියේ ජිවත් වුවද උසස් මානව දහම් ඔවුන්ගේ ජිවිත සමග බැඳි පවති. හේරත් හාමි සුළු මාස්පඩි කරුවෙකි. කම්කරු පඩිය පරදා ඉහල වැටුප් ඉල්ලා හඩ නොනගන ඔහු තුල ජීවත් වන්නේ මිනිසත් කම හරිහම්බ කරන දුර්වල මිනිසෙකි .
ජිවිත කාලය පුරාම ප්‍රාණය නිරුද්ධවු (පණනැති) මළ කදන් සමග ජිවත් වුවත් ඔහුගේ රූපය සිත්ගන්නාසුළුය. හැඩි දැඩි දේහ විලාසය කඩවසම් රූපකාය ඉලන්දාරිවිය ඔහුගේ දිවියේ අගය වැඩි කරයි.

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                         රිය

වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය

කිසිවෙක් තවම නැත පැවසුමට බා                     රිය

මට පුදුමයකි ඔහු මේ කරන කා                        රිය

පුහුදුන් මානවයාට පුහුදුන් ගතිලක්ෂණ සියල්ලම සපුරා නසාලිය නොහැකිය. එහෙත් ඔහුට එය අවම කර ගැනිමේ හැකියාව ඇත. අනුන්ගේම නොව තමන්ගේම මලමූත්‍රා ඇදීමට කෙනෙකු හැකිලෙන්නේ එම පුහුදුන් ගතිලක්ෂණ නිසාය .
තව කෙනෙකුට කල නොහැකි එම රජකාරිය ගෞරවයෙන් කිරිමෙන් පෘතුල සමාජයේ සුවිශේෂී මිනිසෙකු ලෙස ඔහු ගෞරවයට පාත්‍රවිය යුතුය.

උදා :- මට මහ පුදුමයකි ඔහු මේ කරන කාර්ය

සමාජයේ බොහෝ මිනිසුන් මෙන් එය විෂ්මය දනවන කාර්යක්සේ දකි. මලමුත්‍රා ඇදිම, මිනී කැපීම රැකියාව වුවත් ඔහු මිනිසෙකු හැටියට ශ්‍රෙෂ්ඨයෙකි.

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී

හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                      දී

හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                  දී

අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී


ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු                   ලේ

වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක           ළේ

දැනගන්නට කිසිදු වරදක් නොමැත මො                 ළේ

කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ                  ලේ


ගොවි,කම්කරු,රදළ කුලේ කිසිවෙකු විසින් මෙම කාර්ය සිදු නොවුනි . ඔවුන් සතුන් මැරුවත් ඔහු පන ඇති සකතකු නොමැරුවේය. ඔහු එයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ රැකියාව පහත් යැයි සම්මත වුවද උසස් ලෙස පහත් වැඩ කරන මිනිසුන්ට වඩා ඔහු උසස් මානව ගතිවලින් හෙබි බවයි. කෙනෙකුට පිලිකුල් වුවත් බියජනක වුවත් ඔහුගේ අමිහිරියාව ඔහුගේ පෞද්ගලික ජිවිතය හා සම්බන්ධ නොකර ගනි. ඔහු අසාමානිය කෙනෙකු මෙන් පෙනුනත් ඔහු සාමාන්‍ය මිනිසෙකි.

අවනත සිනා රැලි වත නිතරම පතු                    රයි

හැම වදනක් ම අවිහිංසකව පතු                       රයි

හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි

ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි


හේරත්හාමිගේ එකම නෑයා නැගණියි.ඔහු ජිවත්ව සිටියදීම ඇයටද මරණය හිමිවේ. උනුන් අතර අධි සංවේගි සහෝදර ප්‍රේමයක් පැවතුණි. ජිවත්ව සිටියදි උනුන්කඳුළු සැලුවේ එම නිසාය. එහෙත් නැගණිය මරණයට පත්වුවිට කදුලු නොසලාවි ඒ තරමටඔහුට මරණය පිලිබද අවබෝධයක් තබී ඇත.

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                    නේ

මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ            නේ

නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි                 නේ

උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ               නේ

 

කවර පැලැන්තියක කෙනෙකු වුවද මැරුණු පසු ඔහුට තවත් මළකුණක් පමණි. ඔහුට තම නැගනියගේ මළකදද එසේමය . ගැමි සබ්භියත්වයක එක්කුස උපන් නැගනිගේ මළකඳ කැපු හෙයින් සමාජය විසින් නානාවිධ අක්‍රෝධ පරිභව කළද ලොව ඇති මිහිරි මංශයන්ගෙන්(ලේ,මස්) ඔහුට ඵලක් නැත.

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්

ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි               සින්

බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ            සින්

ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්


මුලු දිවිය පුරා මලමූත්‍රා සමග දිවි ගෙවුවද ඔහුගේ ඇතුළත පිරිසිදුය. කුණු කයට සැප දෙමින් ජීවත්වන මිනිසුන් හේරත්හාමිගේ ජීවන පටිපදාව ඉදිරියේ උපහාසයට ලක් වේ. රිහිරි මස වඩන්නට වෙර දරණ මිනිසුන් ඇසුරු කළද ඔහු ඒ පිටුපස හබා ගිිය මිනිසකු නොවේ. දිරිය ජීවත් කරවීමට වෙර දැරු මිනිසෙකි. වෘතියට කුමක් වුවත් ඔහු ආගමක නැඹුරුතාවක්ද ඇති පුද්ගලයෙකි.බුදුන් කෙරෙහි මෙන්ම දෙවියන් කෙරෙහිද දැඩිි බක්තියක් ඇත්තේ එ් බැවිණි.

නූපන් නිසා දනවත් මහරු පා                           යක

පන්සල වෙතට යයි හැම විටම පෝ                    යක

අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                     යක

ඊටත් වඩා සලකයි අයියනා                             යක


කවියා තම අනුභූතීය නිර්මාණාත්මකව දිග හැරීමට දැරු ප්‍රයත්ඤය සාර්ථකය.වෙසින්ම හේරත් හාමි ගැන අනුකම්පාව කරුණාව රසයයට බදුන්කරමින් පාඨකයා කැරුණා රසයේ ගිල්වන්නට දරන චතුරාර්‍යය අගය කළ යුතුය.‍
පාඨකයා වෙහෙසට පත් කරන බසක් වෙනුවට සරල බසක්යොදමින් පඨක රසතඤතාව අගය කළ යුතුත්තකි. සිවුපද අකෘතියෙන් නිමවා ඇති මෙය විමලරන්නයන්ගේ සාර්ථක නිමැවුමකි.

අදාල විෂය : සිංහල
ලිව්වේ : දීපාල් අනුරුද්ධ 


ලියු දිනය : 2015-05-09
Facebook MyLikes කැමති ගණන 7

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය