ගිරා සංෙද්ශය-සන්දේශ කාව්ය ඉතිහාසය

අන්තර්ජාලෙයන් උපුටා ගත්තකි
සන්දේශ කාව්ය ඉතිහාසය[සංස්කරණය කරන්න]
සන්දේශ යන වචනයේ අර්ථය හොඳින් දක්වා ලීමයනුයි. කවරෙක් කවරෙකුහට හොඳින් දක්වා ලීම සන්දේශ නම් වේද? කිසියම් පණිවිඩයක් දුර ප්රෙදේශයක සිටින්නෙකුහට හොඳින් දක්වා ලීම සන්දේශ නම් වේ. එහෙත් එපමණකින් සන්දේශ කාව්යරයක් සම්පූර්ණ විය නොහැකිය. මග තොරතුරු හා ප්ර භූ වර්ණනා ආදිය ඇතුළත්ව, මේධාවි ගුණයෙන් යුත් දූතයෙකු අත ‍යැවෙන හස්නක ව්යා‍ජයෙන් යුතුව විරචිත වූ කල්හි පමණක් එය සන්දේශ කාව්යතයක් වේ. මෙවැනි සන්දේශ කාව්යනයක්, හස්න, අස්ණ, ස‍වෙඳස හෝ දූත කාව්යයය යන පර්යාය නාමයන්ගෙන්ද හඳුන්වනු ලැබේ.
ලෝකයේ ප්ර ථම සන්දේශ කාව්යස ගැන අපට අසන්නට ලැබෙනුයේ පුරාණ භාරතයෙනි. ඒ මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතයයි. මේඝදූතය එක් යක් සෙනෙවියෙකු විසින් සිය ප්රිවයාව වෙත වලාවක් අත යවන ලද පෙම් පණිවිඩයක් ගැන කියැවෙන සංස්කෘත කාව්ය යකි. මෙම කෘතිය මුල්ම සන්දේශ කාව්ය ය ලෙස සැලකෙන නමුදු පුරාණ චීන කවියෙකු වූ, ක්රික: පූ: 274 දී පමණ මිය ගිය චූ යුවාන් වලාවක් අත යැවූ පණිවුඩයක් ගැන ගයිල් නමැති පඬිවරයාගේ චීන සාහිත්යක ඉතිහා‍සයෙහි සඳහන් වේ. එසේම ෂූ ක්යාාන් නමැති කවියෙක් මෙසේ සඳහන් කොට ඇත.
වලා මිතුරනි, අහස් කුස තුළ කිමිද කිමිදී පාවෙනා ගොසින් කිව මැන මගේ මෙවදන් පෙම්වතාණන් හට වහා මීට වැඩි විස්තරයක් මේ ගැන නොදන්නා නිසා මේඝදූතය මුල්ම සන්දේශ කාව්යැය ලෙස ගැනීම යුක්ති යුක්තය. සන්දේශහරණය පිළිබඳ පුරුද්ද නම් මීට බොහෝ ඉහත සිට පැවති බවට සාධක එලවිය හැකිය. සෘග් වේදයේ දසවන මණ්ඩලයේ 108 වැනි සූක්තයේ කිසියම් කටයුත්තක් අරබයා සරමා නමැති
බැල්ලක අත යවන ලද පණිවිඩයක් පිළිබඳව සඳහන් වෙයි. එනම්, පණින් නම් අසුරයා ඉන්ද්ර ගේ දෙනුන්1 සොරකම් කර ගල් ගුහාවක සඟවා තබයි. මේ දෙනුන් සොයනු වස් සරමා දූත මෙහෙවරෙහි යෙදෙයි. අවසන පණින් හා සරමා අතර ඇති වන දෙබසෙහි සම්පූර්ණ පරිවර්තනය මෙසේය.
පණි - ඈත ගමනකි! කිමද සරමා පැමිණියේ තී මෙසේ අප වෙත? දූත මෙහෙවර පතා කෙලෙසක රසාතලයෙන් එතෙර වූයෙද? සරමා - ඉඳුරු දෙවිඳුගෙ දූතියක ලෙස ආමි සොයමින් තොපගෙ සම්පත්
එහිම වහලින් එතෙර වූයෙමි රසා නදියෙන් පණිනි නොබියව
පණි - ඉඳුරු දෙවියන් කුමක් නම් රිසි වේද තිගේ පැමුණුමෙන් මේ
යහළුවෙකු වී පැමිණි විට ඔහු ගොපලුවෙකු විය හැකිය අපහට
සරමා - උවදුරින් ඔහු විනිර්මුක්තය හැකිය දඬුවම් දීම දුර සිට
වතුරෙහිත් සැඟවුමක් නැත මරනු ඇත තී නැත ඊට බාදා
පණි - අහා! සරමා දිගන්තයෙහිම මෙතොප සොයනා දෙන්නු මෙහි වෙති
අපේ අවි මුවහත්ය එහෙයින් සටන් නොමැතිව කවුරු උන් දෙති
සරමා - පණීනි තොපගේ කුරිරු සිරුරෙහි නොවැදුණත් හී නිසරුවේ බස
පාර නුපුරුදු වුවත් සුරගුරු නසනු ඇත තෙපි නිසැකමය එය
1. මෙයින් අදහස් කෙරෙනුයේ සූර්යාලෝකයයි. පණින් යනුවෙන් අන්ධකාරය නමැති අසුරයා ගැනේ.

පණි - පිරුණු නොයෙකුත් වස්තු අගනා ගල්කුළින් වට කෙරුණු මේ බිම
පණින් රැකියෙන් නිෂ්ඵලය තිගෙ ඒම මේ පාළු පෙදෙසට
සරමා - නවග්නයන් හා අංගිරස්හුද සෝම පානෙන් මත්ව මෙහි එත්
රැගෙන යනු ඇත මෙ හැම ගවයන් එවිට තොපගේ මැත දෙඩුම් නැත්
පණි - අහා! සරමා දේව බලයෙන් නොවෙද ඔබ මෙහි පැමිණ ඇත්තේ
වන්න අපගේ සහෝදරියක ඔබට දෙන්නෙමු සියලු ගවයන්
සරමා - සොයුරු සොයුරිකම් දෙවියො දනිති මම නොදනිමි ඒ කිසිවක්
උන් මා එවුවේ ගවයන් සඳහා ඒ තෝ යව යන දේසෙක
සෝම පාන මිරිකන අතරේ සුරගුරු හා ඉසිවරු ඉස්සර
සොයා ගත්හ මෙදෙනුන්, උන් ආපසු දෙව නීතිය ගරු කර
මෙය සෘග් වේදයට ඇතුළත් ප්රාුසාංගික සිද්ධියක් විනා සන්දේශ කාව්ය් රචනයට ගත් උත්සාහයක් නොවේ. දූත මෙහෙවරක් පිළිබඳව මීට වඩා ප්රාකට කතා දෙකක් සකු සාහිත්යසයෙහි එයි. ඉන් පළමුවැන්න නම් නල-දමයන්ති කතාවයි. නල කුමාරයා දමයන්තිය සමග එක් වීම සිදු වන්නේ හංසයෙකු අත යවන ලද පණිවිඩයකිනි. මේ දූත මෙහෙවර සඳහන් වන්නේ මහා භාරත කාව්යේයෙහි එන අතුරු කතාවකය. දෙවන දූත මෙහෙවර පිළිබඳ කතාව සඳහන් රාමායණයෙහිය. රාවණ රජු විසින් ඔවුනොවුන්ගෙන් වෙන් කරන ලද රාම

1.
නවග්නයෝ හා අංගිරස්හුද එතරම් ප්රහකට නොවන දේව ගණයක් වෙති.
කුමරු, සීතා වෙත හනුමන් නම් වානරයෙකු අත පණිවිඩයක් යැවීය. කාලිදාස ආභාසය ලබන්නට ඇත්තේ මේ පුවතින්ය යනු බොහෝ පඬිවරුන්ගේ මතයයි.
ජාතක පොතෙහි එන කතා කීපයකද, පණිවිඩ යැවීම් පිළිබඳව සඳහන් වෙයි. වනුක් මල් පැළඳ ගැනීමේ ආශාවෙන් එක් කාන්තාවක් පෙළෙයි. ඇගේ ආශාව සංසිඳුවීම් සඳහා රජ උද්යාවනයේ මල් සොරකමේ යන පුරුෂයා රාජ උදහසට ලක් වී මරණයට නියම වේ. මෙසේ සිටින පුරුෂයාට කවුඩෙකු දකින්නට ලැබ ඌ අත තම භාර්යාවට පණිවිඩයක් යවයි. මේ පුවත එන්නේ ජාතක පොතෙහි පුෂ්පරත්න ජාතකයෙහිය. මීට සමාන තවත් කතා ප්රවවෘත්තියක් එහිම කාමවිලොපන ජාතකයෙහි එයි.
ඉහත සඳහන් කළ සෑම කතා පුවතක්ම කතුවරයාගේ ප්රතධාන කතා ප්රයවෘත්තිය නොවේ. සන්දේශ කාව්ය යක් රචනා කිරීමේ ව්යාපජයක්ද ඒවායේ නොදක්නා ලැබේ. එබැවින් මේවා ප්රශධාන කතා පුවතට ආකස්මික වශයෙන් ඇතුළත් වූ සේ සැලකිය යුතු වේ. මේ නිසා පණිවිඩයක් ගෙන යාමේ මූලික කතා ප්රතවෘත්තිය කාව්යාතනුසාරයෙන් ඉදිරිපත් කරන ලද මුල්ම සන්දේශ කාව්යතය කාලිදාසයන්ගේ මේඝදූතයම වේ. අනිකුත් සන්දේශ කාව්ය යන්ට පූර්වාදර්ශ වුයේද මේ කාව්යනයයි. මේඝදූතයේ කතා පුවත සැකෙවින් මෙසේය. කුවේර නම් යක්ෂ නායක‍යාගේ මානස නම් පියුම් විලකි. මේ විලෙහි නෙළුම් මල් රැකීමට ළඟදී විවාපත් තරුණ යක්ෂයෙකු නිල කොට තිබිණි. ඔහු, තම යෞවන භාර්යාව කෙරෙහි බැඳුණු සිතැත්තේ සිය නිලයේ නිසි ලෙස නොරැඳියේයි. මේ අවසරය බලා දිශාවන්ට අධිපති හස්ති සමූහයා කුවේරයාගේ පියුමු විලට විත් එහි වූ මල් විනාශ කළහ. මේ හේතුවෙන් කෝපයට පත් යක්ෂාධිපති තෙමේ වසරක් මුළුල්ලේ විරහ දුක විඳුවයි තරුණ සෙන්පතියාට සාප කෙළේය. සිය පිය බිරියගෙන් වියෝව සිත් තැවුලින් රාමගිරි පර්වතයෙහි සිටින යක් සෙනෙවියාට තම හිසට ඉහළින් යන වලාවක් පෙනෙයි. හේ ඒ වලාව අමතා ප්රිෙයාව වෙත පණිවිඩයක් යවයි. කාලිදාසයන් අතින් නොයෙකුත් වර්ණනා නමැති මසින් ලෙයින් පිරී දූත කාව්යඉයක් වන්නේ මේ කතා ශරීරයයි.
පෞද්ගලික අත්දැකීමක් ආශ්රේය කොට ගෙන, ප්රිතිනිර්මාීණය කරන ලදැයි සිතිය හැකි මෙම කතා ප්රමවෘත්තිය ඉතා රමණීය කාව්ය,යක් වන්නේ කාව්යිය පුරාම හෘදයංගම භාවය පිරී පවතින බැවිනි. කාව්යයයේ මූලික රසය වූ ශෘංගාරය මුළු කෘතිය පුරාම සායමක් මෙන් පැතිරී ඇත. නදියක්, පර්වතයක් හෝ අන් කවර වස්තුවක් වර්ණනා කරනු ලැබුවත් කාව්ය යේ මූලික රසයටත් අවියෝජනීය පරිද්දෙන් කාව්ය්යේ ආත්මය සමග බැඳී පවත්නේ ශාරීරික අවයවයන් පරිද්දෙනි. යක් බිරි‍යගේ මිලාන ස්වභාවයත් ශෝකයෙන් කෘශව සිහින් වූ සියුමැලි සිරුරේ විලාසයත් පහත දැක්වෙන සින්ධු නදී වර්ණනාවට කාලිදාසයන් එක් කොට ඇති රමණීය ආකාරය සලකා බලන්න.
සිඳී ගිය දිය දහරින්
සිහින් කොට ගෙතුණු වරලසෙක සැටි පෑ,
ඉවුරෙහි තුරු පෙළින් හොත් පරඬලායෙන්
පඬු පෑ රැගත්
සින්ධු නදිය,
ඇයගේ විරහ විලස් නිසා -
පින්වත
(නිර්වින්ද්යාන හැරී යෙන) ඔබේ
පින්වත් බව පසක් කරාවි.
ඇය කිස බැවින් මුදා තර කරන්නට
සමත් වනුයේ
ඔබම හෙයිනි.
(මේඝදූතය - ම ව. සුගතපාල ද සිල්වා, 29 පි)
මේඝදූතය මුල්ම සන්දේශ කාව්යවය වුවත්, මේඝදූතය හා සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්යම අතර සැලකිය යුතු වෙනස්කම් රාශියක් දක්නා ලැබේ. සම්භාව්යං සිංහල සන්දේශ කාව්යේ වශයෙන් මෙහිදී සලකන ලද්දේ ගම්පොළ, කෝට්ටේ හා සීතාවක යන අවධීන්හිදී රචනා කරන ලද තිසර, මයූර, පරෙවි, කෝකිල, සැළලිහිණි, ගිරා, හංස සහ සැවුල් යන ජ්යෙරෂ්ඨ සිංහල සන්දේශ කාව්යේයෝ වෙති. අනිකුත් සියලුම සන්දේශ
කාව්යශ කණිෂ්ඨ ගණයට අයත් වේ. මේඝදූතය පෞද්ගලික අත්දැකීක් ආශ්රහයෙන් නිර්මිත මනඃකල්පිත කතා ප්ර වෘත්තියක් වීම නිසා සහෘදයාට කාව්යැයේ අත්දැකීම හා එක් වීමට පුළුවන. එහි හෘදයංගම බවක්ද ඔහුට දැනෙයි. එහෙත් සිංහල සන්දේශ කාව්යී මේ හෘදයංගම බවෙන් තොරය. ඒවායේ කතුවරයන්ට ආවේණික පෞද්ගලික අත්දැකීමක් නොමැත. එවැන්නක සේයාවක්වත් දක්නට ලැබෙතොත් අතරින් පතර වූ වර්ණනාවක පමණි. සෑම සම්භාව්යස සන්දේශ කාව්යොයකම මූලික හරය වී ඇත්තේ කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දෙවියන් වෙත කරනු ලබන කන්නලව්වකි. රජ, බිසව, අමති ගණයා, රට හෝ සසුන රැක දෙන ලෙස දෙවියන් යැදීම ජ්යෙදෂ්ඨ සන්දේශ සියල්ලටම පොදු අරමුණය.
මේඝදූතයේ එන දූතයා අචේතනික වස්තුවක් වූ වලාකුළකි. මේඝදූතයට පසුව උතුරු ඉන්දි‍යාවේ ලියැවුණු ඇතැම් සන්දේශ කාව්ය.යක දූතයා වූයේද අචේතනික වස්තුවකි; නැතහොත් ආධ්යා ත්මික කරුණකි. පවන, චන්ද්ර යා, සිත, සීලය හා භක්තිය යනාදී වශයෙනි. එහෙත් සෑම සිංහල සන්දේශ කාව්යකයකම පාහේ හාරකයා හෙවත් දූතයා සචේතනිකය. එයිනුදු බොහොමයක් පක්ෂීහු වෙති. මොනරා, හංසයා, පරෙවියා, සැළලිහිණියා, ගිරවා හා සැවුලා මේ අතර බෙහෙවින් ජනප්රිකය වූ දූතයෝ වෙති.
මේඝදූතයේ ආරම්භය වස්තු නිර්දේශයෙන් සිදුවෙතත් සිංහල ‍සන්දේශ කාව්යතවල ආරම්භය දූතාශිර්වාදයකි. මේඝදූතය ආරම්භ වන්නේ පහත දැක්වෙන ගියෙනි.
එක් යක් - දෙවියෙක් සිය නිලයේ නොරැඳියේ වසරක් මුළුල්ලේ විරහ විඳුවයි හිමියාණන් කළ සාපයෙන් බෙල හීනව ගියේ,
ජානකිය දිය සැනැහුයෙන් පිවිතුරුව තුරු සේ - වළල්ලෙන් පියකරුව ගිය රම් - ගිරි අසපු අඩවියේ විසී
(මේඝදූතය - ම. ව. සුගතපාලද සිල්වා 1. පි.)

11
කාලිදාස සිය දූත කාව්යගය රචනා කිරීමේදී උප‍යෝගි කර ගත්තේ මන්දාක්රාලන්ත නම් වූ එකම විරිතකි. එඓක් සිංහල කවීහු තම කාව්යේ සඳහා විරිත් සමූහයක් යොදා ගත්හ. ඒ නිසා සිංහල සන්දේශ කාව්යලවල ඒකාකාර බව පහව ගොස් අමුතු එළියක් ලැබී ඇත. නිදසුන් වශයෙන් සැළලිහිණියේ සහ මයූරයේ එන නළඟන රැඟුම්ද හංසයේ එන දිය කෙළි වැනුම්ද සලකා බලන්න. මේවායේ විරිත් මාරුව නිසා සජීව බවක් හා අමුතු ලාලිත්යැයක්ද මතු වී පෙනේ. මේ අතර සන්දේශ සියල්ලටම පාහේ පොදු විරිත් කීපයක්ද දක්නට ලැබේ. දුතාශීර්වාදයෙහි දක්නා ලැබෙන ගී විරිත එවැන්නකි. ප්රලථම පාදයෙහි මාත්රාල 9 ක්ද ඊළඟ පාදයන්හි මාත්රා 11 බැගින්ද වූ මාත්රාථ 42කින් යුත් මෙම විරිත සහ ගී විරිත නමින් හැඳින්වේ. පාදයක මාත්රා් 18 බැගින් සමුද්රතඝෝෂ විරිතද පොදු විරිතකි. යහ ගී විරිත හා සමුද්රළඝෝෂ විරිත එක් කොට ගෙන සැදුණු උපජාති විරිතින් බැඳුණු දසපද සැහැලිද බොහෝ කාව්යතයන්හි දැකිය හැකිය.
සිංහල සන්දේශ කාව්යද හා මේඝදූත කාවයහි යෙහි යම් සාම්ය යක් දක්නා ලැබේ නම් ඒ කාව්යශ සන්දර්භය අතිනි. එය ඉතා සුළු වූවකි. දූත වර්ණනා, මග තොරතුරු දැක්වීම හා දූතාශිර්වාදය වැනි අංග මේඝදූතය සමග සදෘශ කොට කතා කළ හැකිය. එහෙත් උචිතානුචිත බව අනුව සලකන කල සිංහල කාව්ය වලට වැඩි උචිත බවක් මේඝදූතයෙහි දක්නා ලැබේ. කාලිදාස කවියා අතට පත්වන කවර වස්තුවක් වුවත් මූලික රසයට අනුගත වන පරිද්දෙන්ම රස ජනනය කෙරේ. සිංහල සන්දේශ කවියන් තුළ ඒ වාසනා ගුණය නොවීය. මේ නිසා ශාන්ත රසයට නිවාස විය යුතු හංස සන්දේශය වැනි කාව්යොයක පවා ශෘංගාරය වැද්ද ගත් තැන් එමටය.
මේඝදූතයේ එන ඇතැම් ලක්ෂණ සිංහල සන්දේශ කවීන් අත් හළ බවක්ද පෙනේ. මේඝදූතයේ ග්රා හකයාට දූතයා හඳුනා ගන්නා අභිඥාන ලක්ෂණයක්ද වේ. එහෙත් මෙවැනි අභිඥාන ලක්ෂණයක් එකම සිංහල සන්දේශ කාව්යඳයකවත් නොදක්නා ලැබේ. එයට හේතුව සිංහල සන්දේශ කවීන්ගේ කාර්ය සඳහා එවැනි හඳුන්වා දීමක් අනවශ්යල වූ නිසා විය හැකිය.
මී ළඟට අපේ අවධානය සිංහල සන්දේශ කාව්යා ඉතිහාසය දෙසට යොමු කරමු. දැනට අප අතර ඇති සන්දේශ කාව්යාශවලිය තිසර සන්දේශයෙන් ආරම්භ වේ.1 එනමුදු ඇතැම් සටහන් කීපයක් අනුව පූර්ව කාලයේද සන්දේශ කාව්යශ විශේෂයක් තිබෙන්නට ඇතැයි සැලකේ. අපේ රටට බොහෝ දේ සංක්රේමණය වූයේ භාරතයෙනි. එබැවින් කාලිදාසයන්ගේ මේඝදූතයන් ඉන් පසුව රචනා වූ සකු සන්දේශ කාව්ය ත් අපේ සිංහල කවීන්ට බල නොපෑවේයයි නොසිතිය හැකිය. ක්රිේ. ව. හතරවන ශතවර්ෂයේදී රචනා වූ මේඝදූතයට පසුව ඉන්ද්රන, භ්ර මර, චක්රවවාක හා ශුක යන දූතයන් යොදා ගනිමින් සන්දේශ කාව්යත රචනා කරන ලද බව ක්රි . ව. 7 හා 8 ශතවර්ෂවල ජීවත් වූ භාමහ නම් ආලජකාරිකයා පවසයි.
සිදත් සඟරාවෙහි මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනීයන නිදර්ශන පාඨය අනුව යමින් පුරාණ ගී මයූරයක් වූහයි ඇතැම් විද්වත්හු කල්පනා කරති. පැරණි සිදත් සඟරා සන්නයද යට කී පාඨය මයූර සන්දේශයකින් ගත් බවක් පවසයි. එබැවින් අනුරාධපුර සමයට හෝ පොළොන්නරු සමයට අයත් මයූර සන්දේශ කාව්ය්යක් තිබෙන්නට ඇතැයි සැලකීමට පුළුවන. එහෙත් එවැන්නක් තුබූ බවට ග්ර්න්ථ ශේෂයක් හෝ අන් සාධකයක් එලවිය නොහැකිය. කෙසේ වෙතත් අපේ සිංහල කවීන්ට දූත කාව්ය් නිර්මාණය පිළිබඳ කිසියම් අවබෝධයක් තිබුණාට නම් සැක නැත. සීගිරි කැටපත් පවුරෙහි සටහන් කොට ඇති සිරිනාගනමැත්තාගේ ගිය කාලිදාසයන්ගේ මේඝදූතය සිහියට නංවන්නකි. මෙය ක්රික. ව. අටවන සියවසට පමණ අයත් අකුරින් ලියන ලද්දකි.
වන්දිමි හිමි වලා - තොගොසින් ඇය නෙවෙස්නට පිරිබුන් පගා මල යුතු - දිවොට තො හදහව කිය කියයි.
මේ ගීය වලාවක් අත තම බිරියට යවන පෙම් පණිවිඩයක ව්යා ජයක් දක්වයි. මේඝදූතයද වලාවක් අත යැවුණු දූත

1.
විමර්ශන සහිත මයූර සන්දේශය - කේ. ජයතිලක, බලන්න, තිසර, මයූර සන්දේශයන්හි කාල විභාගය ගැන දීර්ඝ විස්තරයක් එහි එයි.
මෙහෙවරකි. එබැවින් සීගිරියට පැමිණි සිරිනාග කවියා කාලිදාසයන්ගේ මේඝදූතය පරිශීලනය කොට ‍තියුණේද? නො එසේ නම් මෙය ඔහුගේ ස්වීය නිර්මාණයක්ද?
දැනට විද්යොමාන ආදිම සන්දේශ කාව්යගය සම්බන්ධයෙන්ද උගතුන් අතර මතභේද පවතී. සර් ඩී. බී. ජයතිලක මහතා තිසරය ආදිතම සන්දේශ කාව්යත ලෙස එතුමාගේ තිසර සන්දේශ සංස්කරණයෙහි සඳහන් කර ඇත. මේ අතර කුමාරතුංග මුනිදාස මහතා මයූර සන්දේශය තිසරයට වඩා ජ්යෙනෂ්ඨතර කොට සලකයි.
මේ කවර මතය අනුව වුවද සිංහල සන්දේශ සාහිත්යට වංශයේ ආරම්භය ගම්පොළ සාහිත්යව අවදිය යැයි සැලකිය හැකිය.
තිසරය දැතිගම පරාක්රදමබාහු රජතුමා කාව්යජ නායකයා කොට දෙවිනුවර යතිවරයාණ කෙනෙකු අතින් රචනා වී ඇත. තම කාව්ය‍ නායකයාට දිගාසිරි ලබා දෙන ලෙද දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත කෙරෙන ආයාචනයක් මින් කියැවෙයි. එහෙයින් තිස‍රගේ ගමන් මග වන්නේ දෙවිනුවර සිට දැතිගම දක්වාය. තමන් පරාකුමබාහු රජුහට දිගාසිරි ලබා දෙන ලෙස උපුල්වන් දෙවියන් යැදි බව ඔහුට දැන්වීමට මේ පණිවිඩය යැවෙයි.
ඉහත සඳහන් කළ පරිදි මයූර සන්දේශයේ කාව්යඋ නායකයා ගම්පොළ රාජ්යබය විචාළ පස් වන බුවනෙකබා නරපතියාය. එහෙත් මේ කාව්යළයේ වැඩි වශයෙන් වර්ණනා වී ඇත්තේ එතුමාණන්ගේ ඇමතියා වූ අලකේශ්වරය. එබැවින් අලකේශ්වරයන්ට හිතැතියෙකු විසින් එය රචනා කරන්නට ඇතැයි සිතිය හැකිය. කාව්ය් කර්තෘ වශයෙන් කවීශ්වර නාමයට වැඩි යමක් සඳහන් නැත. සන්දේශයේ පණිවිඩය දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත යැවෙයි. එබැවින් මයූරයාගේ ගමන් මග ගම්පොළ සිට දෙවිනුවර දක්වා වේ. සන්දේශ කාරය වනුයේ බුවනෙකබා නරපතියා ඇතුළු රාජකීය සමූහයාද අලකේශ්වර ඇමතියා සමග සියලු ඇමති ගණයාද රාජ්යයය හා සම්බන්ධ ප්රයභූන්ද සංඝයාද ගුණ නුවණ දිගාසිරි දී රැක ගැනීමයි.
සවන පැරකුම්බා රජුගේ රාජ්යද ප්රායප්තියෙන් පසුව ලියැවුණු ප්රයථම සන්දේශ කාව්යැ පරෙවි සන්දේශයයි. මේ වූ කලී තොටගමුවේ ශ්රීප රාහුල හිමියන් විසින් ලියන ලද්දකි. පරෙවිය සවැනි පැරකුම් රජ දවස කෙරුණත් එය රජු රැකීමම මුඛ්යල අරමුණ කොට ගෙන ලියැවුණක් නොවේ; රජුගේ දූ කුමරිය වූ චන්ද්රුවතියට සුදුසු ස්වාමිපුරුෂයෙකු දේවවරමින් ලබා ගැනීමට කෙරුණකි. රාහුල හිමි මේ වරම පතනුයේද දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන්මය. එබැවින් පරෙවියාගේ ගමන් මග කෝට්ටේ සිට දෙවිනුවර දක්වා වේ.
තිසරයෙනුත් මයූරයෙනුත් එකල රජ පවලු අතර පැවති අර්බුදකාරි තත්වය පැහැදිලි වෙයි. සවැනි පැරකුම්බා රජු කෝට්ටේ රාජ්යතයට පත් වීමෙන් පසුවත් මේ රාජ්යි අර්බද සංසිඳුණේ නැත. පැරකුම්බා රජු වෙනත් කුමාරයෙකුට රාජ්යසය උරුම කිරීමට බලාපොරොත්තුව සිටි නිසා අයෙක් සපුමල් තිලක පිරුවන්පති හිමි සපුමල් කුමාරයා කෙරෙහි පක්ෂපාතිත්වය දක්වමින් ඔහුට දිගාසිරි ලබා දෙන ලෙද උපුල්වන් දෙවියන් යදියි. මේ පුවත සපුමල් ‍කුමරු වෙත දැක්වීම පිණිස කෝකිල සන්දේශය රචනා වෙයි. කෝකිලයා මේ සන්දේශයත් රැගෙන දෙවිනුවරින් පිටත්ව සපුමල් කුමාරයා සොයා යාපා පටුනට යයි. සිංහල සන්දේශ කාව්යවවලියේ දිගම ගමන් මාර්ගයක් සඳහන්ව ඇත්තේද කෝකිලයේය.
තො‍ටගමුවේ ශ්රීක රාහුල මාහිමිපාණන් ‍පරෙවිය කිරීමෙන් අනතුරුව කළ සන්දේශය සැළලිහිණි සන්දේශයයි. සවැනි පැරකුම් රජුගේ දූ කුමරිය වූ චන්ද්‍රවතිය නන්නූරතුනෙය්යාර් නමැති මැතිවරයා සමග විවාහ වූවාය. ඉන් පසු ඕ උලකුඩය නම් වූ දෙමළ නමද ගත්තාය. නන්නූර්තුනෙය්යාර් - උලකුඩය යුවලට පුත් රුවනක් නොවූයෙන් නැණ ගුණ තෙද යුත් පුත් රුවනක් ලබා දෙන ලෙස අයදිමින් සැළලිහිණි අස්න ලියැවිණ. රාහුල හිමි මෙවර තම අස්න ඉදිරිපත් කරනුයේ කැලණියේ විභීෂණ දෙවියන් වෙතය. මින් ඉහත යැවුණු සියලු සන්දේශ දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ පිහිට පතා යැවුණත් මේ වන විට ඒ දෙවියන්ගේ තෙද බල පිරිහී ගොස් විභීෂණ දෙවියන්
බලවත් වීමෙන් දෝ සැළලිහිණියා කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙයි. සියලු සම්භාව්යම සිංහල කාව්යැයන් අතර ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණතම කාව්ය ය හැටියට සැළලිහිණිය සැලකිය හැකිය.
මින් පසුව ලියැවුණු ගිරා සන්දේශය අන් සන්දේශවලට වඩා වෙනස් මගක් ගත්තකි. මේ සන්දේශයේ කතුවරයා කෙළින්ම දෙවියන් යැදීමක් නොකරයි. ඒ වෙනුවට දෙවියන් යදින ලෙස සිරි රහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කෙරේ. කතුවරයා‍ගේ මේ ඉල්ලීම සවැනි පැරකුම් රජුට දේවාශිර්වාද පැතීමයි. ගිරා සන්දේශයේ කතුවරයා අඥත වූවත් දූතයා‍ගේ ගමන් මග කෝට්ටේ විහාරයකින් ආරම්භ වන බැවින් එහි නිවැසි හිමිනමක බව හැ‍ෙඟයි. ජයවර්ධනපුර කෝට්ටේ සිට තොටගමුවේ විජයබා පිරිවෙන වෙත යැවෙන මේ සන්දේශයෙන් රජුට සෙත් පතා නාථ දෙවියන් යදින ලෙස ඉල්ලීමක් කෙරේ.
ශබ්ද රසය සලකන විට මෙය සැළලිහිණියට සමාන කළ නොහැකි වෙනත් ඉදිරිපත් කරන කාව්යම සංකල්පයන්හි වර්ණවත්කම අතින් බොහෝ තැන්වලදී එය ඉක්මවා යයි.
ගිරාවට පසුව ලියැවුණක් ලෙස සැලකෙන හංස සන්දේශය තවත් අමුතු ලක්ෂණ හෙළි කරන කෘතියකි. 1 ගිරාවේ මෙන්ම මේ සන්දේශයේද කෙළින්ම දෙවියන් වෙත කෙරෙන යැදීමක් නැත. සන්දේශ ප්රරතිග්රා හක හිමියෝ කෑරගල පත්මාවතී පරිවෙනාධිපති වනරතන මාහිමියෝ වෙති. සවැනි පැරකුම් රජුට දේවාශ‍ීර්වාදය පැතීම අස්නේ අරමුණයි. එනම් රතන සූත්රැය ලක්ෂ වාරයක් පිරුවා දෙවියන් අවනත කොට ගෙන ඔවුන්ට පින් පෙත් පමුණුවා රජු රැක දෙන ලෙස දේව ගණයාගෙන් ඉල්ලා සිටීමයි. හංස සන්දේශය දේව භක්තියට වඩා ආගම් භක්තියෙන් පිරුණ කවියෙකුගේ කෘතියක් ලෙස සැලකේ. ජයවර්ධනපුරු කෝට්ටේ සිට කෑරගල පද්මාවතී පිරුවන දක්වා යැවෙන මේ සන්දේශයේ කතුවරයාද අඥතාය. බොහෝ දෙනාගේ පිළිගැනීම විදාගම හිමියන්ගේ කෘතියක් බවය.
1. ගිරාව හා හංසය රචිත කාලය පිළිබඳව මත භේද පවතී. ඓතිහාසික කරුණු අනුව හංසය වෘද්ධතර බව පෙනේ. ‍එහෙත් ගිරාවට පිළිතුරු වසයෙන් ලියනලද සේ පෙනෙන කවි කිහිපයක් හංසයෙහි එයි.
ඇතැම් කාව්යා සංකල්පනා සංයමයෙන් ඉදිරිපත් කිරීම අතින් ඇතැම් තැන්වලදී මෙය අන් සියලු සන්දේශ අභිභවා සිටී.
කෝට්ටේ යුගයෙන් පසුව තවත් සන්දේශ කාව්යං ගණනාවක් රචනා විය. මේ සන්දේශ කාව්යන ගොන්න අතුරින් වැදගත් කොට සැලකිය හැකි වනුයේ සීතාවක සමයේදී ලියැවුණු සැවුල් සන්දේශය පමණි. සැවුල් සන්දේශය ජනප්රි ය කවියෙකු වූ අලගියවන්න මොහොට්ටාලයන්ගේ කෘතියකි. භාෂා ශාස්ත්රක පිරිහෙමින් පැවති මෙකල ලියැවුණු මෙම අස්න පූරවකාලීන සන්දේශ කාව්ය.යන්ගේ අනුකාරක කෘතියක් ලෙස සැලකීමට සිදුවේ. සන්දේශ කාව්ය.යේ අරමුණ වී ඇත්තේ සීතාවක රාජසිංහ රජුට දේවාශීර්වාදය පැතීම පිණිස රත්නපුරු සමන් දේවාලයේ වැඩ වසන සුමන සුරිඳුන් යැදීමය. එබැවින් සැවුලාගේ ගමන් මග වනුයේ සීතාවක සිට රත්නපුරය දක්වාය.
සම්භාවනීය සිංහල සන්දේශ කාව්යස එහි ප්රවතිග්රාිහකයා අනුව කොටස් තුනකට බෙදිය හැකිය. පළමුවන ගණයට අයත් වන සන්දේශවල ප්ර්තිග්රාඅහකයා දෙවි කෙනෙකි. මයූර, පරෙවි, සැළලිහිණි යන සන්දේශ කාව්යා මේ අතරට වැටේ. උපුල්වන් හා විෂ්ණු දෙවියෝ උක්ත සන්දේශ කාව්යවවල ප්රලතිග්රා හකත්වය ලබති. දෙවන ගණයට අයත් වන කාව්යයවල ප්රාතිග්රා හකයා වනු‍ෙය් රාජ්යලනායකයෙකි. තිසර හා කොවුල් සන්දේශ මේ ගණයට අයත් වේ. තිසරා‍ගේ අස්න දැතිගම පරාක්රාමබාහු රජුත් කොවුලාගේ අස්න යාපා පටුනේ සපුමල් කුමාරයාත් පිළිගනිති. තෙවන ගණයට ගිරා සන්දේශය හා හංස සන්දේශය අයත් වේ. ගිරවාගේ පණිවිඩය තොටගමුවේ ශ්රී රාහුල යතීන්ද්රායෝද හංසය‍ාගේ පණිවිඩය කෑරගල වනරතන හිමියෝද පිළිගනිති.
III සිංහල සාහිත්යර වංශයේ සන්දේශ කාව්යපවලට වැදගත් තැනක් හිමි වේ. එයට හේතුව ඒවා සාහිත්යංමය අගයෙන් අනූන කෘති වීම නොවේ. සන්දේශ කාව්යාේවංලිය මෙරට සාහිත්යහ වංශයේ එක් පර්ච්ඡේදයක් හැඩ ගස්වා ඇත. එක් අතකින් බලන විට එමගින් කර ඇත්තේ විප්ලවීය වෙනසකි. මේ වෙනස පිළිබිඹු කරන සාධක හතරකි.

1.
දීර්ඝ ගද්යප යුගයකට පසුව පද්ය් යුගයක ආරම්භය සන්දේශ කාව්යි මගින් සිදුවීම.
2. සාහිතයගද යේ වස්තු විෂය ආගමික අංශයෙන් ලෞකික අංශයට යොමුවීම.
3. මහා කාව්යය සම්ප්රවදාය වෙනුවට නව පද්යක ආකෘතියක් බිහිවීම.
4. එළිසම කාව්ය්ය, විශේෂයෙන් සමුද්රිඝෝෂ විරිත ජනප්රිමය කිරීම.
5. පශ්චාද්කාලීන සාහිත්යර කෙරෙහි ඇති කළ බලපෑම.

සිංහල සන්දේශ කාව්යන බිහි වූයේ දීර්ඝ ගද්යත යුගයක් අවසන් කරමිනි. පැරකුම්බාවන්ගේ කව්සිළුමිණ කාව්යිය නොවීනම් දඹදෙණි යුගය හා කුරුණෑගල යුගය මුළුමනින්ම නිර්මාණාත්මක සාහිත්ය‍යේ ගද්යඹ යුගයන්ය. ගී විරිතින් බැඳුණු තවත් පද්යම කෘති දෙකක් මේ යුගයේදී රචනා වී ඇත. එළු සැඳැස් ලකුණ ඉන් එකකි. එය ඡන්දස් ශාස්ත්ර ය අරබයා ලියැවුණකි. අනික, සිදත්සඟරාවයි. එය ව්යා කරණ ශාස්ත්රසය ගැන ලියැවුණකි. එබැවින් බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, දළදා සිරිත, ජාතක පොත ආදී ගද්යල කාව්යාිවලියක් අවසන් කරමින් ගම්පොළ යුගයේදී තිසර සන්දේශ කාව්ය ය බිහි වුණි. මේ වෙනසට හේතු මොනවාදැයි සෙවීම තරමක් උගහටය. ඇතැම් විට එය ගද්යලයේ පිරිහීම නිසා සිදු වූවක් විය හැකිය. ජාතක පොත සිංහලයට නැගීමත් සමගම ගද්ය රචකයාගේ වස්තු විෂය නිමාවට පත් වූ සේය. මේ නිසා ආගමික පුවත්වලින් බැහැර වූ වස්තු විෂයක් සොයා යාමට පද්යත රචකයන් උත්සුක වූවා විය හැකිය. එසේම දඹදෙණි හා කෝට්ටේ යුගයන් අතර පැවති අවුල් සහගත දේශපාලනමය පසුබිම යටතේ ප්ර තිභා සම්පන්න ලේඛකයන් තත්කාලීන දේශපාලන තේමාවන්ට බර වූවා වන්නටද පුළුවන. මෙවැනි කාලයකදී කවිය ප්ර්තිභා හීනත්වය වසා ගෙන මතු වූවාද විය හැකිය. අනික් අතට මෙතෙක් භාවිතා වූ ගී විරිතේ ඒකාකාර රටාවෙන් මිදී‍මට නව විරිත් සොයා යාමක් ලෙසද සැලකීමට පුළුවන.
කාව්යරයේ වස්තු විෂය අතින් බලන විටද පූර්වකාලීන කාව්යැවලට වඩා මෙකල වෙනසක් දක්නට ලැබේ. පුරාණ කවි

සමයට අනුව පද්ය යෙන් කියැවුණේ බෝසත් සිරිතකි. මුවදෙව්දා සසදා හා කව්සිළුමිණි ඈ කවියෝ බෝසත් සිරිතක්ම පද්යඅයට නැගූහ. මේ ආගමික වස්තු විෂයෙන් පිටු පා ගී ලියූවෝ සීගිරි කුරුටු ගී කවියෝය. එබැවින් පුරාණ ග්රමන්ථාගත සාහිත්ය යෙන් වහනය වූයේ ආගමික කතාවස්තුවක සුවඳමය. කව්සිළුමිණි කවියා කොතෙක් ලෙව් රස වැනුවත් ආගම නමැති කෝව තුළ පැසුණු කල එහි රස බාල වෙයි.
සිංහල සන්දේශ කාව්යන මේ ආගමික මුහුණු වර මුළුමනින්ම අත්හැර දමා පන්සලෙන් නගරයට පැමිණි සලෙළෙකු බඳුය. ආගමික තේමාව වෙනුවට මේවායේ දක්නා ලැබෙන්නේ ලෞකික සුබසෙත සදන අරුතකි. තැන තැන කෙරෙන මග තොට වැනුමකදී ඉඳ හිට වත් පැරණි ආගමික ජීවිතය සිහියට එන්නේ හංස කවියාට පමණකි. අන් කවීහු නග‍රයේ හා වටපි‍ටවේ රස සෞන්දර්යෙන් මත්වූවන් වැන්නෝය. මේ නිසා සිංහල සන්දේශ කාව්ය සංකල්පනා පද මාධ්යදයෙන් ඉදිරිපත් කිරීමේ මූලාරම්භයක් වෙයි. ඒ‍වායේ පරමාර්ථ වසයෙන් අලුත් බවක් දක්නට ලැබේ. රජ, රට, සසුන සහ ඇමති ගණයා රැකදී දිගාසිරි ලබා දෙන ලෙස දෙවියන්ගෙන් කෙරෙන ආයාචනයක් සන්දේශ කාව්යණවලින් ප්රිකට වේ. එබැවින් මේවායේ පොදු අරුතක්ද විද්යයමානය. පෞද්ගලික අරමුණක් ඉටු කර ගනු වස් ලියන ලද මෑතකාලීන සන්දේශ කාව්යයද සුලභය. කෙසේ නමුත් ආගමික මුහුණුවර වෙනස් වී නව මුහුණුවරක් කාව්යර ක්ෂේත්ර්යට සන්දේශ කාව්යක නිසා පිවිසි බව පෙනී යයි.
සිංහල පද්යන සාහිත්යශය කෙරෙහි බොහෝ කලක් යන තුරු බල පෑවේ මහා කාව්යර සම්ප්රපදායයි. ගී කාව්යල යුගයේදී පමණක් නොව සතර පද කවි ලියැවුණු කෝට්ටේ අවදියේදී පවා එහි බලපෑම කාව්ය‍ශේකරයෙන් පෙනේ. ශෞර වීර්යෙන් යුත් පුරුෂයෙකු වටා කෙරෙන නොයෙකුත් වර්ණනාවන්ගෙන් පරිපූර්ණ වූ ආකෘතියක් මහා කාව්ය වල එයි. සන්දේශ කවීන් විසින් මේ කාව්යම ආකෘතිය බැහැර කරන ලදි. ඒ වෙනුවට සාදාගත් සන්දේශ කාව්යස රට‍ාවේ යම් පමණකට මහා කාව්යය රටාවේ අංග ලක්ෂණද විය. කාව්යා ලංකාරවලින් පිරුණු වර්ණනා මේ අතුරින් මුල් තැනක් ගනී. පර්පූර්ණ චරිත නිරූපණයක් නොදක්නා ලැබෙතත් කාව්යි නායකයෙකුද දක්නා ලැබේ.
සන්දේශ කාව්යතවල ආත්මීය ගුණය බාල නමුත් පශ්චාද්කාලීන සාහිත්ය්ය කෙරෙහි සැලකිය යුතු අන්දමින් ඒවා බල පා ඇත. සිව්පද විරිත මෙසේ බල පෑ එක් වැදගත් කරුණකි. මුවදෙව්දාවත අ‍ාරම්භයේදීත් ඇතැම් සීගිරි ගීවලත් හැරුණු විට තනිකරම පාහේ සිව්පද විරිතින් බැඳුණු එළිසම කාව්යප ග්රතන්ථයක් තිසර සන්දේශයට පළමු නොවීය. තිසර සන්දේශයෙන් ආරම්භ වූ මේ නව විරිත අද වන තුරුත් අප අතර ජනප්රිොයව පවතී. සම්භාව්යආ සන්දේශ කාව්යදවලට පසුව සන්දේශ කාව්යල පරම්පරාවක්ම බිහිවීම තවත් වැදගත් ලක්ෂණයකි. කෝට්ටේ යුගය සන්දේශ කාව්ය‍ යුගයක් තරමටම ජනප්රිමයත්වයට පත් වූ අතර මෙයින් පසුව අද දක්වාත් විටින් විට සන්දේශ කාව්යක ලියැවේ. පසු කාලයේදී මුල් සන්දේශවල වූ පොදු අරුත ගිලිහී පෞද්ගලිකවත්වය මතු වූ බවක්ද පෙනේ. නීලකොබෝ, කහ කුරුලු වැනි සන්දේශවලින් මේ බව පැහැදිලි වේ. මින් සමහරක සන්දේශයක් පවා නොවීය. නාරි සත් සන්දේශය, ආර්ච්චිල සන්දේශය එවැනි සන්දේශ කාව්ය වේ.
කෙසේ වෙතත් සන්දේශ කාවය නිසා සිංහල සාහිත්යන වංශයට වැදගත් සේවයක්ද ඉටු විය. සාහිත්යායේ ආගමික මුහුණුවර වෙනස් වී එයට ලෞකික අරුතක් එක් වූයේ සන්දේශ කාව්ය වලට පසුවය. මෙහි සම්පූර්ණ බලපෑම් සන්දේශ කාව්යඅවලට පැවරිය නොහැකි නමුත් එමගින් මූලාරම්භයක්වත් ඇති වූ ලෙස සැලකීමට පුළුවන. කාව්යයයේ ආකෘතික වෙනස්වීම් හා විවිධ විරිත් භාවිතාවද නිසා සිංහල සාහිත්යද ඒකාකාරබවෙන් මිදී විවිධත්වයක්ද විචිත්රිත්වයක්ද දැරීය. ගී කාව්යාවල නොතිබුණු ගීතවත්බවක් මේ නිසා පද්ය්යට එක් විය. සැළලිහිණි, ගිරා හා හංස සන්දේශ, මෙයට හොඳම නිදසුන්ය. කුකවියන් අතට පත් කල සතර පදය බොල් බවක් පළ කළත් ප්‍රතිභාපූර්ණ කවියාට සතර පදය හරවත් කළ හැකි විය.

ගිරා සන්දේශය ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස කෙරේ. එලෙසම නතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක් බවද පැහැදිලි වන්නකි. පරෙවි, කෝකිල, සැළලිහිණි ආදී මේ වන විට ලියැවී තිබූ සන්දේශ කාව්‍යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන කාව්‍ය නායකයන් වෙතය. එහෙත් මෙම සන්දේශ කාව්‍යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති වෙතය. ශ්‍රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම පිරිවෙන්පති, රහල් හිමියන් බව පිළිගෙන ඇත.

ගිරා සන්දේශය කවියාගේ කවිත්වය හා ප‍්‍රතිභාව පිළිබඳ අදහසක් ඇතිකර ගත හැක්කේ එය අනෙකුත් සන්දේශ කාව්‍යයන් හා සසඳා බලන කල්හිය. දූතයා වර්ණනා කිරීමේදී බොහෝ සන්දේශ කාව්‍යවල සමාන ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී දූතයාගේ බාහිර රූප ශෝභාව මෙන්ම ඔහුගේ ප‍්‍රඥාවන්ත බවද විස්තර කෙරේ. ඉඳුදුනු පැහැදිනූ තුනු සිරිනූල මමිතුර

ළඳ සොඳ අදරවැනි තගෙ තෙල තුඩ දුටුව

ලොබ බැඳ අදර නොකෙරෙති කව්රු සතුටුව

(ගිරා සන්දේශය)

පුල්මල් කෙසරු මෙන් රන්වනි තෙල සරණ යුග

සපුමල් කැලෙව් තුඬ මද රතිනි මනහර

නිලූපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර

මලින් කළ රූ එව්

එබැවින් නුබින් එන වර

(සැලලිහිණි සන්දේශය)

සතත ගත පැහැයෙන -තරුමැණ මනැති මමිතුර

සරා වෙලෙක සිරි පානෙව් පවනිනෙන

සරා අහස සහතොසිනෙන තද කිමින

තම සිය සෙමර යැයි ළඟ නොම වූද සරසවි

දෙව්ලොවිනෙන අම පිඬකැයි සත පිනින

දෙව් තොප දැක වට නොකොලෝද සඳෙකිනි

(තිසර සන්දේශය)

සැර දෙ හසරද සඳ

පුන්සඳ පහන් පිිරිසිදු

පියකරු පියන් පිරි

පියවුරු ලෙසින් හොබනා

(හංස සන්දේශය)

ඉහත දැක්වුණේ සන්දේශ කවීන් කීප දෙනෙකු තම දූතයා වර්ණනා කළ අයුරුයි. ගිරා කවියා සිය ¥තයාගේ ශරීර පැහැය දේදුන්නකට උපමා කරයි. එසේම ගිරවාගේ තුඬ ළඳකගේ රත් පැහැති දෙතොලට සමාන කරයි. සැලලිහිණි සන්දේශ කවියා සිය දූතයා දකින්නේ මලින් කළ රූපයක් ලෙසය. තුඩ සපුමල් කැකුලක් වැනිය. පියාපත් මහනෙල් මල් පොකුරක් මෙනි. දෙපා මල් රේණුමෙන් කහ පැහැතිය.

තිසර කවියා තිසරාගේ රූපකාය සරත් සමයේ වලාකුලකටත් දෙව්ලොවින් වැටෙන අමාපිඬකටත් උපමා කරයි. හංස කවියා සිය දූතයාගේ රූපය ලලනාවකගේ පියයුරුවලට සමාන කරයි.

ගිරා කවියා තම දූතයාගේ සිරුරු පැහැය දේදුන්නකට සරියැයි කීම කාව්‍යෝචිතය. ගිරවාගේ ශරීරයේ රඹ පැහැය මෙන්ම තුෙඬ් රත් පැහැයද ඉන් ධ්වනික වන හෙයිනි. දූතයා වර්ණනා කිරීමේදී වඩාත්ම රසවත් උපමා රූපක යොදාගෙන ඇත්තේ සැලලිහිණි කවියා බව පැහැදිලිය. තිසර කවියාගේ උපමාවද එතරම් සාර්ථක නැත. හංස කවියා යොදා ගත්තේ ගතානුගතික උපමාවකි.

පුර වැනුම් වලදී සියලූම සන්දේශ කවීන් අනුගමනය කර ඇත්තේ එකම මාර්ගයකි. එහිදී නගරයේ ප‍්‍රාකාරය x දිය අගල, පුරඟනන් -මන්දිර මෙන්ම එහි ශ්‍රී විභූතියද ඔවුනගේ වර්ණනාවට ලක් වී ඇත.

බඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා

අඹා තිබූ සක්වල ගිරි සෙ මෙතැන මා

පබා විහිදී පවුරට නත දරණ යො මා

නොබා කියමි නොසරිද යන්තමක් ත මා



එන සඳ පෙර මෙපුර කිරිසිදු දුව තුටුව

සිඳු රද විසින් ඇය රැුකවරණට කැටුව

පිරිසිඳ එවූ සිඳු කඩකෙව් නොව පටුව

ඇමසඳ පිරුණු දියගල ලොබ වෙයි දුටුව

(ගිරා සන්දේශය)



සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර

සුලකළ පූවල ලකඟන සිරි යොවුන් වර

තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර

බැඳහල රුවන් තනපට කියෙලිය පවුර

(සැලලිහිණි සන්දේශය)

මෙරමත ගෙන අලළන සඳ කිරි සයුර

වෙරලත වැද සිටි තුඟු දිය කඳ අයුර

පිරියත සිට බබලයි පිළිමිණි පවුර

සිරිවත මෙපුර සරිපුරයක් නම් කවර



සිරිසඳ මෙපුර වඩනා මඟුලට අතුළ

මනනද සොඳුරු පියවිලි ලෙසිනි නිකසල

පියනද තිසර වැල බිඟුරළ කෙළි වතල

ඇමසඳ දිලෙයි පිපි පඬෙරින් සැදි අගල

(හංස සන්දේශය)

ඉහතින් දැක්වුණේ සන්දේශ කාව්‍යයන් කීපයක ජයවර්ධනපුර දිය අගල සහ නගර ප‍්‍රාකාරය විස්තර කළ ආකාරයයි. ගිරා සන්දේශ කවියා නගර ප‍්‍රාකාරය ගැන කරන වර්ණනය ගතානුගතික කවි සමයෙන් ගත් උපමා වලින් යුක්තය. ලෝකය මවන ලද්දේ මහා බ‍්‍රාහ්මයා විසිනි. ජයවර්ධනපුර පවුර ඔහු ලොව වටා මැවූ චක‍්‍රවාට පර්වත වළල්ලට සමානය. මෙයින් කවියා අදහස් කළේ පවුරේ විශාලත්වය හා ශක්තිය පෙන්නුම් කිරීමය. කවියා මෙම පවුර අනන්ත නාග රාජයාගේ දරණ වළල්ලටද සමාන කරයි. ගිරා සන්දේශ කවියා දිය අගල ගැන කරනා වර්ණනය ඔහුගේ කවිත්වය විදහා දක්වයි. මෙම පද්‍යයෙන් දිය අගලේ ගැඹුර හා විශාලත්වය පමණක් නොව නගරයේ සෞභාග්‍යය පිළිබඳවද අදහසක්ද පාඨකයා තුළ දනවයි. කිරි මුහුදින් පහළ වූ ශ්‍රීයාකාන්තාව ජයවර්ධනපුරයට පැමිණි බව කීම සැප සම්පතින් එම නගරය පිරී ඇති බව පැවසීමකි. එසේ පැමිණි ඇයගේ ආරක්‍ෂාවට කිරි මුහුදින් කොටසක්ද එවූ බව කවියා පවසයි. දිය අගල එසේ එවූ මුහුදු කොටසයි. දිය අගල පිළිබඳ ගිරාවේ එන මැනුම සුන්දරත්වය මෙන්ම නගරයේ ආරක්‍ෂාව ගැනද හැඟීමක් අප තුළ ඇති කරයි. සැලළිහිණි කවියා නගර ප‍්‍රාකාරය ලංකාව නමැති කාන්තාව ඇද සිටිනා තනපටකට උපමා කිරීම එතරම් උචිත නැත. හංස කවියාද නගර ප‍්‍රාකාරය සහ දිය අගල මැනීමේදී යොදා ගෙන ඇත්තේ පැරැුණි කවි සමයේ එන සිද්ධි හා උපමා රූපකය. තිසරුන් හා නෙළුම් මල් වලින් සැදි දිය අගල පියවිල්ලක් මෙනැයි කීම උචිත උපමාවකි.

පුරඟනන් වර්ණනා කිරීමේදී ද අපේ සන්දේශ කවීන් පැරැුණි උපමා රූපක අතර සිරවී ඇත. සෑම ළඳකගේම මුහුණු සඳ හෝ නෙළුම් මල් වැනිය. දෙනෙත්, මහනෙල් මල්වලට සමානය. පියයුරු හංසයන් සේය. සැලළිහිණි කවියා සිසිවන වුවන යන පද්‍යයෙන් මෙම උපමා රූපක සමූහයම ගෙනහැර දක්වයි. ගිරා කවියා දකින පුරඟනන්ද දෙවඟනන්ට සමානය. මතු මහල්හී සිටින මෙම ලලනාවෝ පබළුxමුතුුxමැණික් ආදියෙන් සැරසී සිටිති. ඔවුන් පර්වත බෑවුමක ඇති මල්-ගෙඩි-දළු ආදියෙන් යුක්ත රන් වැල් වැනිය. කියඹු වැල් මුතු පට හා ගොතා බැඳ මඳ සිනානගමින් රූපශ්‍රීය යාන්තමට බැහැරට පෙනෙන සේ පුරඟනන් සිටින බව ගිරා කවියා පවසයි. මෙය අන්‍ය සන්දේශ කාව්‍ය හා සසඳා බලන කල්හී සරල බවක් සහිත වර්ණනයකි.

සන්දේශ කාව්‍ය රැුසක දියකෙලි වැනුම් ඇතුළත්ව ඇත. හංස සන්දේශයේ එන දියකෙළි වැනුම සමග සසඳා බලන කල්හී ගිරාවේ දිය කෙළි වැනුම කිසිදු ප‍්‍රතිභාවක් මතු නොකරයි. ගතානුගතික කවි සමයට වහල් වීම නිසා ගිරාවේ දියකෙළි වැනුම නීරස නිර්මාණයක් වී ඇත. ගිරාවේ සහ මයුරයේ විස්තර කෙරෙන්නේ කාන්තාවන් පමණක් සිටිනා දිය කෙළියකි. හංසයේ එන දිය කෙළියෙහි ගැහැණු - පිරිමි දෙපාර්ශ්වයම සිටිති. හංස කවියාගේ ජල කී‍්‍රඩා වැනුම ව්‍යංග්‍යාර්ථ සහ කාවෝ්‍යා්ක්ති බහුල අපූරු නිර්මානයකි.

ගිරා සන්දේශයේ එන දීර්ඝ මාර්ග වර්ණනා පද්‍යයන් අතර කවියාගේ ප‍්‍රතිභාව ඉස්මතු වී පෙනෙන ස්ථානද කීපයක් අපට හමුවේ. මොරටු එලිය පසුකරන ගිරවාට පානදුරේ තොටුපළේ දී දක්නට ලැබෙන දර්ශනය පද්‍යයට නගන්නේ අපූර්ව චිත්ත රූපයක් මතුවෙන අයුරිනි.

සබඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ

විහිද තිබෙන වලූබර පොල් උයන් රැුසේ

නොමඳ තරග පහරට බියව නොකම සේ

මුුහුද කැලූම් රැුස්වූ වැන්න වෙරළසේ



නීලඹරේ වැජඹෙන ගන කුළු ලෙසට

මුදු තෙරේ යන එන නැව් පෙනය තට

පෑර තරේ පියදුක් නොසිතා ගතට

පානදුරේ තොටිනෙතරව යව එපිට

පානදුරේ මුහුද ආසන්නයට පැමිණි ගිරවාගේ සිත චමත්කාරයෙන් පිරී යයි. නිල්වන් සයුරේ රැුළි ඈත සිට පෙරළි වෙරලට එයි. නිරන්තරයෙන් සිදුවන මේ කි‍්‍රයාවලියේදී මුහුදේ නිල් පැහැය වෙරළට පැමිණ කැටි ගැසුණා සේ පොල්වතු යාය දිස්වේ. මේ ගිරා කවියා මවන අපූර්ව කාව්‍යමය චිත‍්‍රයකි. ඈත සිතිජය ආසන්නයේ ගමන් කරන නැව් නිල් අඹරේ පාවී යන වලාකුළු වැනිය. මෙයද සජීවි බවක් දනවන අපූර්ව කාව්‍යමය සිතුවමකි.

උදා x සැඳැ සහ නිශා වැනුම්ද සන්දේශ කාව්‍ය බොහොමයක දක්නට ලැබේ. මේවා අතර කවි රසයෙන් අනූන නිර්මාණද අපට හමුවේ.



ඇමතැන කරන මුනිපුද නරඹන ලෙසට

තැනතැන සැවුල් ගණ පැමිණෙන තුරු සිරට

දිලිහෙන මුනි මැඳුර පහනින් එහි නොසිට

දිවයන අඳුරු මෙන් වවුලන් නිකුත් විට

(හංස සන්දේශය)

හංස කවියා මේ මවාපාන්නේ අප රටෙහි ගමක සැන්දෑවක දක්නට ලැබෙන අතිශය ස්වාභාවික දර්ශනයකි. නිවෙස් ඉදිරිපිට බුදු මැඳුරුවල පහන් දැල්වේ. කුකුලෝ රාතී‍්‍රය ගත කරනු වස් තුරුමතට පැමිණෙති. කවියා පවසන්නේ තැන්තැන්වල සිදුකෙරෙන මුනිපුද නැරඹීමට ඔවුන් ගස් මතට නැංග බවයි. සැන්දෑවේ වවුල් රංචු ඉගිලීයාම කවියා දකින්නේ බුදු මැඳුරුවල පහන් දැල්වීම නිසා පලායන අඳුරු කැටි ලෙසිනි. මෙය අපූර්ව කවි කල්පනාවකි.

සදා නැගෙත බලනෙව් තුරු කොළතුරිනි

එදා නිසඹු තොමො තමහට සැක වෙමිනි

සදා සිතින් බොරු තතු හිමිට පාමිනි

සදා වෙල සහලඟුරු මැඩ නිවු වැනි

(මයුර සන්දේශය)

මේ මයුර කවියා සැදැ සිරි දුටු ආකාරයයි. චන්ද්‍රයා අතුපතර අතරින් එබී බලද්දී රාති‍්‍රය නමැති කාන්තාව සැන්දෑ වලාකුළු නැමැති ගිනි අඟුරු පයින් පාගා නිවා දැමූවාය. රාති‍්‍රය ළඟාවත්ම අහසේ රත්පැහැ වළාකුළු නොපෙනී ගිය බැව් කීමට කවියා අපූරු උපමාවක් යොදා ගනී. මෙය සුන්දර කවි කල්පනාවකි.

ගිරා සන්දේශයේ එන සැදැ වැනුම්වලද ප‍්‍රතිභාන්විත කවිත්වයක සලකුණු මතුව පෙනේ.

පබඳ දිලෙන දිනමිණ මැද මිණිනි බඳ

නොමද වොරැුදි සඳවෙල අබරණ පැළඳ

පැහැද සොබන පැළ දිගඟන දුට සබඳ

එසඳ සිතෙයි තුඬ රසිනුදුල කගෙ ළඳ

පැළදිග අහසනැමැති කාන්තාව සන්ධ්‍යාවලා නැමති අබරණ පැළඳ සිටී. සූර්යයා ඒ අබරණ මැද පිහිටි මැණිකකි. මේ සිරිය දක්නා ගිරවාට සිය ගිරවිය සිහිපත්වන බව කවියා ප‍්‍රකාශ කරයි. මෙය අපූරු කවි කල්පනයකි.

තුරු වැළ උදුල සඳරස් පිරි නුබ ගැබද

බිඟුරළ මුමන පිරිපුල්මල් වන හිසද

ලෙල රළ වතල පෙණ පිඩු සැදි සමුදුරද

මනදොළ වඩා දැක දැක උන් සඳ සබඳ

මෙය චමත්කාරජනක පරිසර වර්ණනයකි. මෙහිදී ගිරා කවියාගේ කවිත්වය මතුවී පෙනේ. අහසත් x පොළොවත් x සයුරත් එකම මල් යායකැයි කවියා පවසයි. නිල් අහස් තලයේ තාරකාවෝ දිදුලති. පහළ නිල්වන් වන පෙත කුසුමින් ගැවසී ඇත. මුහුද සුදු පෙණකැටිවලින් ආකුලවී තිබේ. ලොව එකම මල් යායක් මෙනි. මෙහිදී ගිරා කවියාගේ ස්වාධීන කවිත්වයක සලකුණු දැකිය හැකිය.

කෝට්ටේ අවදියේම රචිත තවත් සන්දේශ කාව්‍යයක් වූ හංස සන්දේශය ගිරාවට පිළිතුරු දෙන්නට රචනා කරන්නට ඇතැයි උගතුන් අතර මතයක් පවතී. මෙම සන්දේශ කාව්‍යයන් දෙකම පරීක්‍ෂවෙන් කියවන කල්හි මෙම මතයේ සත්‍යතාවයක් ඇතැයි පෙනේ. මෙම යුගයේ භික්‍ෂූන් වහන්සේ ග‍්‍රාමවාසී සහ වනවාසී යනුවෙන් නිකායන් දෙකකට බෙදී සිටි බැව් පැහැදිලිය. තොටගමුවේ විජයබා පිරිවෙන්පති රාහුල හිමිපාණෝ ග‍්‍රාමවාසී නිකායේ නායකත්වය දැරූහ. කෑරගල පද්මාවතී පිරිවෙන්පති වනරතන හිමියන් වනවාසී නිකායේ නායකත්වය දැරූ බව පෙනේ. ගිරා සන්දේශය රාහුල හිමියන් වෙත යැවුණ අතර හංසය යැවුනේ වනරතන හිමියන් වෙතය. ගිරා සහ හංස සන්දේශ කතුවරුන් මෙම නාහිමි දෙපල උත්කර්ෂවත් ලෙස වර්ණනා කර ඇත. මේ සඳහා ඔව්හු පද්‍ය 16 බැගින් යොදා ගත්හ. මෙම වර්ණනා කියවන කල්හී මෙම සන්දේශ දෙක අතර යම් තරගයක් පැවති බවක් දිස්වේ. කතුවරුන් දෙදෙනා සිය කතානායක හිමිවරුන් වර්ණනා කිරීමට යොදාගත් පහත සඳහන් පද්‍යවලින් එය හොඳින් පැහැදිලිවේ.

තිවට කසුුබු ඉසි සුරගුරු මෙන් සුබඳ

ලොවට කලන ඒ යතිසඳුගේ නොමඳ

සුමට වදන්දුල විසිතුරු මහ මුහුද

දසට පොරණ රළ පතරින් පිරි නිබද

(ගිරා සන්දේශය)

ඇසට පෙනෙන මිස දිව ඉසිවර කෙනෙකි

බසට ඔහුගෙ ලොව නැත සරිවන රසෙකි

දෙසැට දෙටුම විමසා නුවණින් නිසැකි

දසට පොරණ ඔහු වරදැයි හල දෙයකි

(හංස සන්දේශය)

ගිරාවෙන් සහ හංසයෙන් එකල අපරට තිබූ ප‍්‍රමුඛ පෙලේ අධ්‍යාපන ආයතන දෙකක් ගැන අගනා තොරතුරු හෙළිවේ. සමකාලීන අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලැබීමට මෙම සන්දේශ කදිම මූලාශ‍්‍ර දෙකකි. විජයබා පිරිවෙන් වැනුම සහ පද්මාවතී පිරිවෙන් වැනුම කියවීමෙන් එදා අධ්‍යාපනික විෂය මාලාව ගැන මනා අවබෝධයක් ලබාගත හැක. පද්මාවතී පිරිවෙනට වඩා පුලූල් විෂය මාලාවක් විජයබා පිරිවෙනේ උගන්වා තිබේ. වෛද්‍ය ශාස්ත‍්‍රයxජ්‍යෝතිෂ්ශාස්ත‍්‍රය වේදයxඅර්ථ ශාස්ත‍්‍රය සහ පාලිxදෙමළxසංස්කෘත යන භාෂාවන්ද එහි ඉගැන්වූ බව ගිරා සන්දේශය කියයි.

පද්මාවතී පිරිවෙනේ ඉගැන් වූ විෂය මාලාව ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට බරව තිබූ බව පෙනේ. එහි උගන්වා ඇත්තේ භික්‍ෂූ ජීවිතය සඳහා වන විෂයන් මාලාවකි. හෙරණ සිකxසිඛ වලද විනිසxවිනය පිටකය සහ සූත‍්‍ර පිටකය ආදියට එම විෂය මාලාව තුළ මුල් තැන ලැබී ඇත. මෙම විද්‍යාපීඨවලට විදේශීය ශිෂ්‍යයන්ද පැමිණ ශාස්ත‍්‍ර හැදැරූ බව සඳහන් වේ. ගිරාවේ සහ හංසයේ විස්තරවලට අනුව වත්මන් විශ්වවිද්‍යාලවල පවත්නා නිදහස් අධ්‍යාපන පරිසරයක් මෙම පිරිවෙන්වලද තිබූ බව පෙනේ.
ගිරා සංදේශ කතුවරයාණෝ වෑත්තෑවේ හිමිපාණෝය

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයෙහි බාහිර කථිකාචාර්ය,
පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමි

කෝට්‌ටේ යුගයේ රචිත සංදේශ පහ අතරින් ගිරා සංදේශය එහි ඇති බෞද්ධ මුහුණුවර නිසා විශේෂ වැදගත්කමක්‌ උසුලයි. එසේම එහි පෙනෙන පරිසර හා ස්‌වභාව වර්ණනාද සෙසු වර්ණනාදිය ද ඒ පිළිබඳ විචාරකයන්ගේ නොමඳ විමසීමට හසුවී ඇත. මෙහි කතුවරයාණන් වහන්සේ කවරෙක්‌දැයි සඳහන් නොවන බැවින් අඥාත කර්තෘක කෘතියක්‌ වශයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් ගිරා සංදේශයත්, ගුත්තිල කාව්‍යයත් ඉතා පරිස්‌සමින් කියවන ලද්දේ නම් නොපමාවම මෙම කෘතීන් දෙකෙහිම කතුවරයා එකම මහතෙර නමක්‌ වශයෙන් හැඳින්වීමට පෙළඹෙණු නොඅනුමානය. මෙම ලිපියේ අරමුණ ගිරා සංදේශයේ කතුවරයා අනෙකෙක්‌ නොව වෑත්තෑවේ හිමියන්ම බව පැහැදිලි කරදීමත්, එකී ග්‍රන්ථද්වයෙහි ඇති සමානතාවන් හා මෙකී මතය සනාථ වන කරුණු කවරේදැයි ගෙනහැර දැක්‌වීමත් වෙයි.

මෙම කෘතිය කෝට්‌ටේ රාජධානි සමයට අයත් වන බවට විවාදයක්‌ නොවේ. මෙහිදී කාලය පිළිබඳ ප්‍රශ්නය ඉතා පහසුවෙන්ම විස¹ගත හැකිය. මෙම කෘතිය රචනා කරන ලද්දේ කුමන කාල වකවකවානුවේදැයි සඳහනක්‌ නොමැති නමුදු එය කෝට්‌ටේ රාජධානි සමයේ සිව්වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමය තුළ රචිත බව පැහැදිලි වෙයි.

ගිරා සංදේශය රචනා කරන ලද්දේ කෝට්‌ටේ රාජධානි සමයේ සවෙනි පැරකුම් රාජ්‍ය සමයේ බව පැහැදිලිය. ඒ පිළිබඳව සංදේශයේ පෙනෙන ඇතැම් තොරතුරු ද සාධක සපයයි

පවර ඉසුරු පරසිදු දම්බා විරිදු

විරිදු නිරිදු මත ගජකුම්බා මිගිඳු

සතත සුසිරි නය නොකලම්බා පුරුදු

වජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු 

(
ගිරා. සං.29)

මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ සවෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ බවට විවාද රහිතය. එහෙත් ඒ කුමන වර්ෂයේද යන්න විමසීම වැදගත් වෙයි. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන පුංචිබණ්‌ඩාර සන්නස්‌ගල මහතා එය ක්‍රි. . 1457 - 1467 අතර කාලයේ කළ බව සඳහන් කරයි. (සන්නස්‌ගල 1994( 320) එහෙත් මේ පිළිබඳව ජ්‍යෙdතිෂ මතයන් පිළිබඳව අවධානය යොමු කරමින් බළපිටියේ එච්. ඡේ. එම්. වික්‍රමරත්න මහතා ගිරවා ජයවර්ධනපුරයෙන් නික්‌මුණ නැකත අනුව යමින් එකී නැකත ජ්‍යෙdතිෂ මතයන් සමඟ සංසන්දනය කර ගිරා සංදේශය ක්‍රි. . 1460 සැප්තැම්බර් මස 30 වැනි දින සුබ මොහොතින් රචිත බව පෙන්වා දෙයි. (සිළුමිණ ශාස්‌ත්‍රීය අතිරේකය 1933 පෙබරවාරි 13 ඉරිදා) ඒ අනුව මෙම සංදේශය ක්‍රි. . 1460 දී රචිතය. කෙසේ වෙතත් මෙම මතය පිළිබඳව ප්‍රසාදය පළ කරන සී. . ගොඩකුඹුර මහතා ගිරා සංදේශය ක්‍රි. . 1460 දී රචිත බව පිළිගනී. (Sinhalese Literature 1955:P චල 196) ගිරා සංදේශයෙහි පෙනෙන අනෙකුත් කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන විට පෙනී යන්නේ මෙම මතය පිළිගත හැකි බවයි. වැලිතර අම්බලමේදී කෙරෙන කථාවන් අනුව එකල පැරකුම් මහ රජතුමා මෙරට පමණක්‌ නොව විදේශයන්හි පවා තම කිතු ගොස පතුරුවාගෙන සිටියේය. ඒ අනුව යාපනයේ ආර්ය චක්‍රවර්තීන් පරාජයට පත්කිරීමාදිය එහි සටහන් වීමෙන් පෙනී යන්නේ එරජුගේ රාජ්‍ය කාලයේ අවසන් අවධියේදී මෙම ග්‍රන්ථය රචිත බවයි.

මෙලක නිරිඳුන් හට

අවනත නොවූ පෙර සිට

ආරිය සක්‌විතු ට

නොමඳ බලසෙන් යවා යුදය ට 

(
ගිරා සං.145)

මේ අනුව මෙය කෝට්‌ටේ සවනි පැරකුම් රාජ්‍ය සමයේ අවසන් කාලයේ රචිත බව පැහැදිලි වෙයි.

වෑත්තෑවේ හිමියන්ගේ කෘතියක්‌ වශයෙන් අවිවාදයෙන් පිළිගනු ලබන ගුත්තිල කාව්‍යයේ කාලය පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතුය. මෙහිද කර්තෘ කවුරුන්දැයි ග්‍රන්ථයේ කිසිදු තැනක සටහන් නොවේ. ගුත්තිල කාව්‍යය රචනා කරන ලද්දේ පැරකුම් රාජ්‍ය සමයේ කෝට්‌ටේ යුගයේම බව පැහැදිලිව සඳහන් කිරීමට ප්‍රමාණවත් විස්‌තර එම ග්‍රන්ථයෙහිම අන්තර්ගත වෙයි. මෙම කාව්‍ය රචනා කිරීමට හලාවත ජයපාල මැතිඳුන් ආරාධනා කළ බව ගුත්තිල කාව්‍යයෙහි ම සටහන් වෙයි. මෙකී ජයපාල මැතිඳු අධිකරණ නායකව සිටි බව ද පැහැදිලි වෙයි. තවද එතුමා පැරකුම් රජුගේ අගමැතිව සිටි බව ද තහවුරු වෙයි.

මෙත් කුළුණෙන් දැව ටී

යස පින් ගුණෙන් නොකිලි ටී

හළ රුපු රුදු අරි ටී

සියල් සිරිලක අගමැතිව සි ටී (ගුත්තිල කා. 06)

ජයපාල මැතිඳු භික්‍ෂූන්ට හා තෙරුවණට ඉතා පක්‍ෂපාතව කටයුතු කළ බවද, ඉතා සාධාරණ කෙනෙක්‌ බව ද දහම් පොත් පත් ලියවීමෙන් දෙලෝ වැඩ කැමැත්තෙක්‌ වූ බව ද එතුමෝ නොමසුරුව පවසති.

පිරිසිදු යස සඳු න්

දිගැතැන් කුඹු අලෙවි දු න්

දුසිරිත සිත නුදු න්

සලාවත ජයපාල මැතිඳු න් 

බැඳි කිවියර බසි න්

මුනිඳු සිරිතක්‌ වෙසෙසි න්

ඇසියට්‌ අදහසි න්

කෙළෙන් ආරාධනා සතොසි න්(ගුත්තිල කා.11- 12)

මෙයින් මෙකී කාව්‍යයේ කාලය පිළිබඳ පැහැදිලි නිගමනයක්‌ ඇති කර ගත හැකිය. මෙහි කිසිදු තැනක ගුත්තිල කාව්‍ය යන වදන මෙහි නාමය බැව් ද සඳහන් නොවේ. එය ගුත්තිල ජාතකය අනුව ලියූ බැවින් මෙයට ගුත්තිල කාව්‍ය වශයෙන් ව්‍යවහාරයට පැමිණි බව සඳහන් කළ හැකිය. කතුවරයා ග්‍රන්ථය අවසන් කරන්නේ මෙලෙසිනි.

අටඟින් යුතු න දා

මියුරු බඹ ගොස විහි දා

සිව්සස්‌ සහ යො දා

දෙසා නිම වී මෙ ගුත්තිල දා (ගුත්තිල කා. 510)

මෙකී කරුණුවලින් කරුණු දෙකක්‌ හොඳින් සනාථ වේ. එනම් ගුත්තිල කාව්‍ය මෙන්ම ගිරා සංදේශයේ ද රචිත කාලය සමාන වීමයි. එනම් කෝට්‌ටේ යුගයේ සවැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයට අයත් වීමයි. දෙවැන්න වන්නේ මෙම ග්‍රන්ථ ද්වයෙහිම කතු හිමියන් තමන් වහන්සේ කවරෙක්‌දැයි පැහැදිලි නොකිරීමයි. එසේ නම් ගුත්තිල කාව්‍යයේ කතුවරයාණන් වහන්සේ වෑත්තෑවේ හිමි සඳුන් බව පවසන්නේ කෙසේද?

ගුත්තිලයේ කතු හිමියන් වෑත්තෑවේ හිමි සඳුන් බව පවසන්නේ ජනකථා ආශ්‍රයෙන් සපයා ගත් තොරතුරු මතයි. ජනශ්‍රැතියට අනුව වෑත්තෑවේ හිමියන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි. උන්වහන්සේ ශ්‍රී රාහුල හිමියන්ට වඩා කවි තැනීමෙහි හා උගත්කමෙන් ද පිරිපුන් බැවින් ගෝල හිමියන් ගුරු හිමියන් විසින් පන්නා දැමූ බව සඳහන් වෙයි. මෙම තොරතුරු කෙතරම් සත්‍ය දැයි තෝරා බේරා ගැනීම පහසු නොවේ. පැරකුම් රජිඳු ශ්‍රී රාහුල හිමියන්ට පක්‍ෂපාතී වූ සේම ජයපාල අගමැතිඳු වෑත්තෑවේ හිමියන්ට පක්‍ෂපාතීව විසූ බවත්, ගුරුවරයාට අකීකරුව විසීම හා එහි ආනිසංස තමන් දන්නා බව පෙන්වා දීමේ අරමුණෙන්ම මෙම ගුත්තිල ජාතකයම තෝරා ගත් බව ද ජනශ්‍රැතියෙහි සටහන් වෙයි. කෙසේ වෙතත් ගුත්තිල කාව්‍යය ආරම්භ වන්නේ වායු ගණයෙන් කරන ලද මුල් කවියකිනි. මේ නිසා එහි ප්‍රතිඵලයක්‌ ලෙසට උන්වහන්සේට මෙරට අතහැර යන්නට සිදු වූ බව ද පැහැදිලි වෙයි.

සියපින් සරින් සි රු

දෙතිස්‌ ලකුණින් විසිතු රු

කෙලෙසුන් කෙරෙන් දු රු

වඳිම් මුනි උතුමන් තිලෝ ගු රු (ගුත්තිල කා. 01)

මෙහි සියපින් යන්නෙහි මාත්‍රා ප්‍රමාණය අනුව එය සගණයට වැටේ. සගණය අයත් වන්නේ වායු දේවතාවාටයි. වායුවේ ස්‌වභාවය වන්නේ යමක්‌ ඈතට ගසාගෙන යැමයි. වායු ගණය මුලට යොදාගෙන කවියෙක්‌ කාව්‍යයක්‌ කළහොත් ඔහුගේ වාසස්‌ථානය ඈතට ගසාගෙන යන බව කියෑවේ. ඒ අනුව වෑත්තෑවේ හිමියන්ට රට හැර යන්නට සිදු වූ බවට ජනශ්‍රැතියෙහි තොරතුරු සටහන් වෙයි. මෙරට සිට වෙනත් කවක්‌ මෙකී අති දක්‍ෂ නිසර්ගසිද්ධ කවි කලාවක්‌ ඇති වෑත්තෑවේ හිමියන්ට කිරීමට මේ නිසා නොහැකි වූ බව ජනශ්‍රැතියට අනුව නම් පිළිගන්නට සිදුවේ. එසේ නම් ගිරා සංදේශය කළේ උන්වහන්සේ නොවෙයි ද යන්න මෙහිදී පැනනගින ගැටලුවයි.

ගිරා සංදේශය හා ගුත්තිල කාව්‍යය හොඳින් පරිශීලනය කරන විට පෙනී යන්නේ ගිරා සංදේශය ගුත්තිලයට වඩා වසර කිහිපයක්‌ හෝ වසරකටවත් පෙර කරන ලද බවයි. කාව්‍ය සංකල්පනාවන්ගෙන් පෙනී යන්නේ ගිරා සංදේශය ගුත්තිල කාව්‍යයට වඩා අපරිණත බවයි. මේ නිසා ම එය පෙර කරන ලද බව සනාථ වෙයි. සිරි රහල් හිමියන්ගේ පරෙවි සංදේශය හා සැළලිහිණි සංදේශය පිළිබඳව විමසුව ද පරෙවිය සැළලිහිණියට වඩා ප්‍රාථමික ලක්‍ෂණවලින් සමන්විත වන බව පැහැදිලි වෙයි. මේ පිළිබඳව විවරණයක්‌ කරන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් කරනු ලැබූ "ගිරා සංදේශය වෑත්තෑවේ හිමියන්ගේම කෘතියක්‌ නම් උන්වහන්සේ රහල් හිමියන්ගේ ගෝලයෙකැයි යන ජනප්‍රවාදය ද ස්‌ථිර වෙයි. අම්බලමක රැස්‌ වූවන්ගේ කථා ව්‍යාජයෙන් කළ පරාක්‍රමබාහු රජුගේ ගුණ කථනය අනෙක්‌ සංදේශවල නො දක්‌නා ලැබෙන අමුතු නිර්මාණයකි. ගිරා සංදේශ කර්තෘ ගුත්තිල කාව්‍ය කර්තෘ නම් ගුත්තිලය ගිරා සංදේශයට පසුව කරන ලද්දක්‌ විය යුතුය" 

(
මාර්ටින් වික්‍රමසිංහ සාහිෙත්‍ය`දය කථා 2007(58) යන සඳහනෙන් ද පැහැදිලි වෙයි.

මෙහිදී විස¹ ගත යුතු තවත් ගැටලුවක්‌ වන්නේ ගිරා සංදේශ කර්තෘ භික්‍ෂුවක්‌ම වූයේද යන්නයි. ගිරා සංදේශය ප්‍රවේශමෙන් පරිශීලනය කිරීමෙන් මෙයට පැහැදිලි පිළිතුරක්‌ ලැබෙයි. මෙහි ඇති 11 වැනි පද්‍ය හෙවත් දසපද හෑල්ලෙන් මෙම සංදේශය ගමන් අරඹන්නේ ජයවර්ධන පුරවරයෙන් බව හෙළිවෙයි. එසේම තොටගමුවේ ශ්‍රී රාහුල තෙරිඳුන් ලවා නාථ දෙවියන්ගෙන් කෙරෙන අයෑදුමක ව්‍යාජයෙන් මෙය රචනා කරන ලද බව එකී දස පද හෑල්ලෙන් පෙනී යයි. එහි ඇති බෞද්ධාගමික ලක්‍ෂණ, ජාතක කථා උධෘතයන් හා ශ්‍රී රාහුල හිමියන් කෙරෙහි දක්‌වන ලද භක්‌ත්‍යාදරය පිළිබඳ විමසීමෙන් මෙය කරන ලද්දේ භික්‍ෂුවක්‌ විසින්ම බව පැහැදිලි වෙයි. මේ නිසාම පුංචිබණ්‌ඩාර සන්නස්‌ගලයන් මෙහි කතුවරයා පිළිබඳව "ඔහු ජයවර්ධනපුර මහා විහාරයක විසූ බව ප්‍රකටය. තමන් විසූ වෙහෙරින් ගිරවා නික්‌ම වූ මේ ගිරාකරු සඟනමක්‌ වූ බව පැහැදිලි කරන්නකි." යනුවෙන් පැහැදිලි කරයි. 

(
සන්නස්‌ගල පුංචිබණ්‌ඩාර, සිං. සා. වං. 1994(319)

මේ හැර මෙහි 55 වැනි පද්‍යයෙන් ද පැහැදිලි වන්නේ මෙය කරන ලද්දේ බෞද්ධ භික්‍ෂුවක්‌ ම බවයි. නික්‌මයැම වර්ණනාවට අයත් මෙම පද්‍යයෙන් විහාරස්‌ථානයෙන් ගිරවා නික්‌ම යා යුතු බව පෙන්වා දිය හැකිය.

දිමුත් සඳලුවල කෙළනා ලඳ අද ර

සුරත් බැබලි බිඹු පලයෑයි කර අද ර

පුවත් නොදැන ගොස්‌ අසු නොව සෙල මිතු ර

අවුත් සොඳුරු විසිතුරු මේ වෙහෙර තු ර

මෙයින් පැහැදිලි වන්නේ උන්වහන්සේ ජයවර්ධපුරයෙහි නගරාසන්නයෙහි විහාරයක විසූ බවයි. ඉහත පද්‍යයේ අවසන් පද්‍ය පාදය ඒ බව සනාථ කරයි.

ගිරා සංදේශය අවසන් කළ ආකාරය පිළිබඳව විමසන විට ද පෙනී යන්නේ එය බෞද්ධ භික්‍ෂුවක්‌ විසින් ම කරන ලද්දක්‌ බවයි. දෙලොව සැප පිණිස කරන ලද කුසල යක්‌ වශයෙන් මෙකී සංදේශය ගෙන ගොස්‌ භාරදීම කතු හිමියාණෝ දක්‌වති.

තතු මෙවදන් දන්වා අප කී ලෙස ට

කිතු ලිය මල් ගන්වා දිගු බිත අව ට

සිතු සතොසින් සකි වැඩ සිදු කළ ලොව ට

මතු දෙලොවින් සුබ සිරි සිදුවෙයි තොප ට

මෙම කරුණු අනුව ඉතාම පැහැදිලි ලෙසම ගිරා සංදේශ කතුවරයාණන් භික්‍ෂුවක්‌ම බව පැහැදිලි වෙයි. මෙහි පෙනෙන වර්ණනාවන් ද ඒ බවට සාධක සපයයි. තොටගමු වෙහෙර වර්ණනාවේදී කුඩා ස්‌වාමීන් වහන්සේලාගේ කරුණා මෙත් ගුණයන් මෙන්ම ලාබාල දඟකාර සෙල්ලම් වයස ගුණධර්ම සහිත ක්‍රියාවන්ගෙන් පෝෂණය වන බව එතුමා දක්‌වන්නේ ඒ පිළිබඳ අවබෝධයක්‌ තමන් වහන්සේට ඇති බැවිනි.

තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැගෙ න

සිතු අටියෙන් ඇඟ සිඹ පිරිමැද සෙමෙ න

මලගෙටියෙන් පැන් පොවමින් අතිනති න

සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබ න 

(
ගිරා සං. 208()

ගිරා සංදේශයේ මෙන්ම ගුත්තිල කාව්‍යයේ ද කතුවරයාණන් වහන්සේ එකම කාල පරාසයක විසූ බෞද්ධ භික්‍ෂුවක්‌ බව මෙම කරුණුවලින් සනාථ වෙයි.

මේ හැරුණු විට මෙම සංදේශය සෙසු සන්දේශවලින් වෙන්වන තවත් කරුණක්‌ වශයෙන් දැක්‌විය හැක්‌කේ මෙම සංදේශය යවන ආකාරයයි. මෙම සංදේශයේ පෙනෙන ප්‍රධාන වෙනසක්‌ සෙසු සංදේශ සමඟ සැසැඳීමේදී දැකගත හැකිය. එනම් මෙය කෙලින්ම දෙවියන් වෙත යොමු නොකිරීමයි. ඒ වෙනුවෙන් සිදුකොට ඇත්තේ තොටගමුවේ ශ්‍රී රාහුල සඟරජහිමියන් වෙත සංදේශය භාර කිරීමයි. සංදේශය දෙවියන්ට සැලකර සිටින්නේ උන්වහන්සේය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සංදේශය යෑවුණේ සිය ගුරු දේවයාණන් වහන්සේටයි. දෙවියන්ට එය සැල කරනු ලබන්නේ උන්වහන්සේ විසිනි. තවද නාථ දෙවිඳුන් වෙත යෑවෙන එකම සංදේශය ද මෙය වෙයි. නාථ දෙවියන් යනු හින්දු දේව කොට්‌ඨාශයකට අයත් දෙවි කෙනෙක්‌ නොවේ. නාථ දෙවියන් බෞද්ධ මුහුණුවරක්‌ ගත් දෙවි කෙනෙකි. ඒ අනුව මහායාන බුදු සමය සමඟ මෙරටට සම්ප්‍රාප්ත වූ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ නාථ දෙවියන් වශයෙන් හඳුන්වා දිය හැකිය. සංදේශය යවනුයේ මෙකී බෝධිසත්වයාණන් වහන්සේ වෙතයි. මෙය ද මෙය බෞද්ධ මුහුණුවරකින් යුක්‌ත බව තවත් තීව්‍ර කරන්නකි. මීළඟට අප අවධානය යොමු වන්නේ මෙකී ග්‍රන්ථද්වය හා එහි කර්තෘත්වය පිළිබඳව උගතුන් දැක්‌වූ මති මතාන්තර කෙරෙහි ය.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීහු ඒ පිළිබඳව ස්‌ථිර නිගමනයකට නො එළඹෙති ගිරා සංදේශයෙහි කර්තෘහු වෑත්තෑවේ ස්‌වාමීන් යෑයි සලකතොත් ගුත්තිල කාව්‍යයෙන් විකාශයට පැමිණි උන්වහන්සේගේ කවිත්වයෙහි අපරිණත ලක්‍ෂණ ගිරා සංදේශයෙහි ප්‍රතිබිම්බිත බව පිළිගත යුතුය. ගිරා සංදේශය අන්‍ය කවියෙකුගේ කෘතියක්‌ නම් එය ගුත්තිල කාව්‍යය අනුකරණයෙන් කරන ලද්දක්‌ විය යුතුය.,........ 

(
සාහිෙත්‍ය`දය කථා 2007(58)

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන දෙගම්මැද සුමනජෝති හිමියන් ඒ පිළිබඳව දක්‌වන්නේ වෙනස්‌ අදහසකි. .....කවීත්වය අතින් ගුත්තිල ගිරා කතුවරයන් තරමක්‌ දුරට තුලනය කළ හැකි බව සැබවි. ගුත්තිල කතුවරයා පිළිබඳව පවත්නා ජනප්‍රවාද සත්‍ය නම් ගුත්තිල දා කවෙන් පිළිබිඹු වන ගුත්තිල සිරිත නිකමට මවා පෑ චරිතයක්‌ නොවේ නම් ගුත්තිල කතුවරයාත් ගිරා කතුවරයාත් කිට්‌ටු කළ නොහැකි. මුව පොහෝනා තරම් ශ්‍රී රාහුල හිමියන් වැනූ ගිරා කතුවරයා අතින්ම ගුත්තිල ලියෑවිණි නම් එහිදී ශ්‍රී රාහුල හිමියන්ගේ ගුණ තබා නමවත් සඳහන් නොකිරීම ද භින්න කර්තෘකතාව පෙන්වන්නකි... (ගුත්තිල සාහිත්‍ය විචාරය 1957(30) උන්වහන්සේ මෙකී මතය ගෙනහැර දක්‌වන්නේ සත්‍ය වශයෙන් ම මෙකී කෘතීන් දෙකම එකම ගණයකලා සලකමිනි. මෙහි ගිරා සංදේශය සංදේශ කාව්‍යයකි. එහිදී වර්ණනාවන් එම සාහිත්‍යය තුළ අත්‍යවශ්‍ය අංගයකි. ඒ නිසා වර්ණනා කළ යුතු තැන් වර්ණනා කළ යුතුමය. එහෙත් ගුත්තිල කාව්‍යය ජාතක කාව්‍යයකි. එහිදී කතුවරුන්ට එහි සංසිද්ධීන් අවශ්‍ය තරම් වර්ණනා කළ නොහැකිය. ඒ එහි තේමාව වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා බැවිනි. එබැවින් දෙගම්මැද සුමනජෝති හිමියන්ගේ තර්කය ශක්‌තිමත් එකක්‌ යෑ යි නොපෙනේ.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන ගරු වැලිවිටියේ සෝරත ස්‌වාමීන් වහන්සේ දෙගම්මැද සුමනජෝති හිමියන්ගේ මතය විවේචනය කොට ඇත. ....ගිරා සංදේශයෙහි ඉතා දීර්ඝ ලෙසත්, සම්පූර්ණ ලෙසත් රාජවර්ණනාව කළ හෙයින් ම ගුත්තිලයේදී එය එකම පද්‍යයකට පමණක්‌ සීමා කළ බව සිතිය නොහැකිය. මහා කවි අශ්වශේෂ ස්‌ථවිරයන් වහන්සේ විසින් රචිත බුද්ධ චරිතයෙහි සුද්ධෝදන රාජ වර්ණනාව අති සංක්‍ෂිප්ත වන අතර සෞන්දරනන්ද කාව්‍යයෙහි පද්‍ය පන්සාළිසක්‌ ම ඒ සඳහා යෙදිණ. එයින් බුද්ධ චරිත සෞන්දරානන්ද මහා කාව්‍ය භින්න කර්තෘකයෑයි සිතත හොත් වැරදිය. එලෙසින්ම ගිරා සංදේශය හා ගුත්තිලයත් ඒක කර්තෘකයයි කියන්නට බැරි බවක්‌ නොපෙනේ. ගිරා සංදේශයට වඩා ගුත්තිලයෙහි පෙනන පරිණතභාවය පළමුවැන්න කිරීම නිසා හටගත් පළපුරුද්ද ඇතිව දෙවැන්න කිරීම නිසා වූවකැයි කිව හැකිය. එහෙත් ඒක කර්තෘක යෑයි ස්‌ථිරවම කීමට අපි නම් සමත් නොවෙමු. 

(
ධර්ම ශාස්‌ත්‍රෝන්නති, 1960(284)

කෙසේ වෙතත් ගිරා සංදේශයෙහි හා ගුත්තිල කාව්‍යයෙහි පෙනෙන පද්‍ය බන්ධනයෙහි සමානතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ස්‌ථිර වශයෙන් ම මෙකී කෘතීන් දෙක වෑත්තෑවේ හිමියන්ගේ බවට සැක හැර කිව හැකිය. මෙහිදී අවශ්‍ය වන්නේ කාව්‍ය ග්‍රන්ථයක්‌ හා සංදේශ කාව්‍ය ග්‍රන්ථයක්‌ අතර ඇති සමාන අසමානතා පිළිබඳව අවබෝධයෙන් ඒ දෙස බැලීමයි.

ගිරා සංදේශයෙහි දැක්‌වෙන අම්බලමේ කථා එහෙම පිටින්ම වෙනත් සංදේශවලට වඩා විශේෂ ස්‌වරූපයක්‌ ගත්තකි. මෙහිදී අපගේ අවධානයට පාත්‍ර වූ සෙසු සම්භාව්‍ය සංදේශ හයෙහිම මෙබඳු වර්ණනාවක්‌ නොවේ. පද්‍ය 54 ක්‌ මේ සඳහා යොමු කොට ඇත. එසේම මේවා දීර්ඝ විරිත්වලින් බඳින ලද්දේ ද නොවෙයි. ඇතැම් විට සංවාද ස්‌වරූපයක්‌ ද උසුලයි. පැරකුම් රාජ වර්ණනාව සඳහා වෙනම වර්ණනාවක්‌ වෙන් කළ ගිරා සංදේශ කතුවරයාණන් වහන්සේ මෙහිදී වෙනම වර්ණනාවක්‌ ඒ වෙනුවෙන් නැවතත් වෙන් කරනු ලබයි. එහෙත් මෙය සෘජුවම කරනු ලබන්නක්‌ නොවේ. අම්බලමට රැස්‌ වූ දෙස්‌ විදෙස්‌ මගීන්ගේ මුවගට නගන ලද ස්‌තුති ගීතිකා වශයෙන් මෙම වර්ණනාව හැඳින්විය හැකිය. එහෙත් එහි මුඛ්‍ය පරමාර්ථයව පැවතියේ පැරකුම් රාජ වර්ණයයි. ඒ තුළ ගුත්තිල කාව්‍යයේ අති පද්‍යයන්ට සමානව ඇති පද්‍ය කිහිපයක්‌ ම දැකගත හැකිය.

ගුත්තිල කාව්‍යයෙහි හා ගිරා සංදේශයෙහි පෙනෙන පද්‍ය කිහිපයක්‌ ඒවායේ සාම්‍යත්වය ද සමඟ මෙහි දක්‌වනු ලැබේ. එයින් මෙම ග්‍රන්ථද්වයම එකම යතීන්ද්‍රයන් වහන්සේ කෙනෙකුගේ කෘතීන් බව තහවුරු වෙයි.

මෙ අප නර නින් දේ

රජ දහම සිත රැන් දේ

තොස්‌සිතු කිමින් දේ

නොයෙක්‌ බමුණන්ට නිති දන් දේ (ගිරා සං.128)



මෙයටම සමාන පද්‍යයක්‌ ගුත්තිල කාව්‍යයෙහි ද දැකගත හැකිය.

කෙළෙහි ගුණ සින් දේ

මූසිල අන්ද මන් දේ

ජයෙහි ලොබ බැන් දේ

තමා වීණා තත ද සින් දේ (ගුත්තිල කා. 287)

මේ එබඳුම තවත් සමානතා පෙන්වන අවස්‌ථාවකි

යුද දප පසින් දා

ඔවුන් බිඳ ලුහුබන් දා

යස දසත අන් දා

කෙළෙය මුළු දඹදිවට නින් දා (ගිරා සං 144)

ගුත්තිල කාව්‍යයේ මේ හා ඉතාමත් සමාන වන පැදියක්‌ මෙසේය.

හැම සුර පබන් දා

දළ ලොබ සිඳු කුමන් දා

රුවින් මන නන් දා

දිළිහි දිළිහී සුරඹ නන් දා (ගුත්තිල කා. 430)

මෙබඳු සමානතා කිහිපයක්‌ දැකිය හැකිය. ඒවා විටෙක විරිතෙන්ද, තාලයෙන්ද, ඇතැම් විටෙක අර්ථයෙන් ද බොහෝ දුරට සමාන වෙයි.

කළ යුදෙහි රිද වා

එනිරිඳු ලුහු බඳ වා

ඔහුගෙ ඔද සිඳ වා

මයිල්නා බෑ මලුන් බඳ වා (ගිරා සං. 146)

මේ හා සමාන වන පද්‍යයක්‌ ගුත්තිල කාව්‍යයෙහි පෙනෙන්නේ මෙසේය.

ඔහු මවෙත රඳ වා

දුනිමි වෙණ සිප් සොඳ වා

එතෙම දැන් තද වා

වාද කෙරෙමියි මෙමා කැඳ වා (ගුත්තිල කා. 215)

මෙලෙස ගිරා සංදේශයෙහි මෙන්ම ගුත්තිල කාවයෙහි ද සමාන යෙදුම් රාශියක්‌ දැකගත හැකිය. මෙකී සාම්‍යයන් එක්‌ ග්‍රන්ථයක්‌ ගුරු කොට ගෙන අනෙක්‌ ග්‍රන්ථය රචනා කරන ලද්දේ යෑයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් සංදේශ සාහිත්‍යයෙහි තරගයක්‌ තිබූ බැවින් එබඳු සමාන යෙදුම් දැක ගත හැකි වීම පුදුමයක්‌ නොවේ. ගිරා හා හංස සංදේශයන්හි මෙකී සමානතාව දැක ගත හැකි වීමත් ඇතැම් විට මයුර සංදේශයෙහි හා ගිරා සංදේශයෙහි සමානතාවන් දැකිය හැකි වීමත් ඒවා පරිශීලනය කරන්නන්ට අරුමයක්‌ නොවේ. ඒ ඒවා සංදේශ සාහිත්‍යයෙහි ඇති ක්‍රමවේදයන්ට අනුව රචිත බැවින් හා පිළිතුරු ලෙස ඇතැම් විට රචිත බැවිනි. එහෙත් ගිරා සංදේශය හා ගුත්තිල කාව්‍යය පරමාර්ථ අතින් මෙන්ම සංදර්භය හා ආකෘතිය අතින් ද සමානතාවක්‌ දක්‌වන්නේ නැත. මේ නිසා ඒක කර්තෘක නුවූයේ නම් මෙබඳු සමානතා විද්‍යමාන විය නොහැකිය. අනෙක්‌ අතට ගිරා සංදේශයෙහි අම්බලමේ කථා තුළ දැකිය හැක්‌කේ වෙනමම වර්ණනාවකි. මේ නිසා පැහැදිලිවම ගිරා සංදේශය ගුත්තිලයේ අනුකරණයක්‌ නිසා මෙසේ වූ බවට වූ තර්කය බැහැර කළ යුත්තේය. මේ අනුව සිදුවිය හැක්‌කේ කුමක්‌ද? සිදුවිය හැක්‌කේ ඒ ග්‍රන්ථ දෙකම ඒක කර්තෘක වීමයි. මේ නිසා ඉතා පැහැදිලිවම ගිරා සංදේශයේ කර්තෘවරයාණන් වහන්සේ  නොව වෑත්තෑවේ හිමියන් බව සැක හැර සඳහන් කළ හැකිය අනෙකෙක්‌.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය