සිංහල වර්ණමාලාව



සිංහල භාෂාව ලොව ලස්සනම භාෂා 5 අතරට

by on September 28, 2014
ලෝකයේ පවතින සිය ගණනක් වූ භාෂා අතරින් අලංකාරම භාෂා පහ අතරට සිංහල හෝඩිය තෝරාගෙන තිබේ.
මෙසේ තෝරාගෙන ඇත්තේ මැටඩෝර් නෙට්වර්ක් නැමති සංචාරක මාධ්‍යවේදය සඳහා වෙන්වූ වෙබ් අඩවියක් මගිනි. ජෝර්ජියානු භාෂාව, පිලිපීන ටගලොග් භාෂාව, ඉන්දුනීසියාවේ හනකාරකා භාෂාවද අලංකාරතම භාෂා 5 අතරට ඇතුළත්ය.
සිංහල බස මීට පෙර ලොව නිර්මාණාත්මකම භාෂා අතරටද ඇතුළත් කර ඇති බවත් මෙම තෝරාගැනීමට ප‍්‍රධානම හේතු දෙක වූයේ සිංහල භාෂාවේ ප‍්‍රාණඅක්ෂර වන අ, ඇ තිබීම සහ සංඥක අක්ෂර තිබීම බව මේ ගැන අදහස් පල කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් සිංහල භාෂාව ඇතුලු පහතින් දැක්වෙන අනෙකුත් භාෂා 5 ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් තුරන් වීමේ අවධානමක් පවතින බවත් ඒ වෙබ් අඩවියේ සඳහන්ව ඇත‍

.http://techguru.lk/2014/09/28/sinhala-language-among-top-beautiful-alphabets/

නූතන සිංහල හෝඩිය 

       ජතික පර්යේෂණ ආයතනය විසින් 'සිංහල ලේඛන රීතිය' නමින් කෘතියක් රචන කරන ලදී.එහි දක්වන්නට යෙදුනු හෝඩිය අක්‍ෂර 60ක් ලෙස සම්පදනය කර ඇත.එහිදී නව අක්‍ෂර 6ක් අලුතින් හදුන්ව දී ඇත.මේ අනුව මෙම හෝඩිය ජාතික අධ්‍යපන ආයතන හෝඩිය ලෙසද හදුන්වනු ලැබේ.

මෙහි ස්වර අක්‍ෂර 18ක් ද ගත්‍රක්‍ෂර 42ක් ද ලෙස වර්ග වේ.










සිංහල හෝඩිය දැනගත් ඉඳුරා

"දිවයින බදාදා ශාස්‌ත්‍රීය අතිරේකයෙහි පළවූ සිංහල හෝඩිය දැනගත් ඉඳුරා" හිසින් යුතු ලිපි පෙළ එ නමින් ම පොතක්‌ ලෙස මුද්‍රණය වී ඇත.

ලිපි පෙළ ලියන ලද්දේ මහාචාර්ය බන්දුසේන ගුණසේකර සූරීන් විසිනි. මහාචාර්ය ගුණසේකර සූරීන්ගේ 82 වන උපන් දිනය යෙදෙන දෙසැම්බර් 18 වැනිදා "සිංහල හෝඩිය දැනගත් ඉඳුරා" ග්‍රන්ථය දොරට වැඩීමට නියමිතය.

එම ග්‍රන්ථයෙහි සංඥපනය ඇසුරෙහි මෙම ලිපිය "දිවයින" බදාදා අතිරේකය සකස්‌ කරන ලද්දේ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී බුද්ධික ගුණරත්න විසිනි.

"සිංහල හෝඩිය" යනුවෙන් අද ව්‍යවහාරයෙහි පවතිනුයේ, වර්තමානයෙහි අප භාවිතයට ගන්නා අක්‍ෂර මාලාවය. මෙම අක්‌ෂර මාලාව එහි ඉතිහාසයත් සමග හැදෑරීමට හැකි වෙතොත් එමගින් සිංහල භාෂා පරිණාමය ගැන ද බොහෝ කරුණු උගත හැකිය. සිංහල හෝඩිය සපුරා දැනගැනීමේදී මේ දැනුම අවශ්‍යය.

එසේ වුවද සිංහල හෝඩියෙහි අක්‍ෂර සංඛ්‍යාව ගැන තවමත් එකඟත්වයක්‌ නැත. එහෙත් කා විසිනුත් පිළිගැනෙන සංඛ්‍යා කිහිපයක්‌ වෙයි. ඒ විවිධ හෝඩි පිළිබඳවය. සෙල්ලිපි හෝඩිය හෙවත් සිංහල ප්‍රාකෘත හෝඩිය, සිදත් සඟරා හෝඩිය, ශුද්ධ සිංහල හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය ආදී වශයෙනි. මෙම අවධිවල ව්‍යවහාර වූ භාෂා වෙනස්‌කම් ද සලකා බැලිය හැකිය.

ප්‍රාකෘත සිංහල හෝඩිය( අකුරු 25

සිදත් සඟරා හෝඩිය( අකුරු 30

ශුද්ධ සිංහල හෝඩිය( අකුරු 32

මිශ්‍ර සිංහල හෝඩිය අකුරු( 54

අද්‍යතන සිංහල හෝඩිය( අකුරු 60

වර්තමාන සිංහල හෝඩියෙහි අක්‍ෂර සංඛ්‍යාව තවමත් මතභේද සහිතය. ක්‍රි. පූර්වයෙහි සිට ක්‍රි. වර්ෂ හතරවන ශතවර්ෂය දක්‌වා භාවිතයේ තිබුණු අක්‍ෂර මාලාව ප්‍රාකෘත සිංහල හෝඩිය නම් වෙයි. එහි භාවිත වූයේ අක්‍ෂර විසිපහක්‌ පමණි.

අ ඉ උ එ ඹ

ක ග ච ජ Cධ

ට ඩ ණ ත ද න

ප බ ම ය ර ල

ව ශ/ස හ ළ

වර්තමානයට ක්‍රමවත්ව හැඩගැසී ආවේ මෙම අක්‍ෂර මාලාවය. එහි මුල් ස්‌වරූපය කෝණාකාර විය. බ්‍රාහ්මි අක්‌ෂර මාලාව අනුව ඒවා පිළියෙල වූ බව අක්‍ෂර විද්‍යාඥයන්ගේ අදහසය.

සිදත් සඟරා හෝඩියේ අක්‌ෂර තිහක්‌ වෙයි. සමකාලීන ව යෙදුණු "ඇ, ඈ" අක්‌ෂර ද්වය එම හෝඩියට ඇතුළත් කරගෙන නැත. එහෙත් සිදත් සඟරාවේ එම අකුරු දෙක භාවිත කොට ඇත. පුරාතන සිංහල හෝඩියේ "ඇ ඈ" දෙක භාවිත නොවීය. එම අක්‌ෂර දෙක සිංහල භාෂාවට එක්‌ වන්නේ මධ්‍යතන භාෂා යුගයේදීය.

පුරාණ ශුද්ධ සිංහල හෝඩියේ අකුරු තිස්‌ දෙකකි.

අ ආ ඇ ඈ ඉ ඊ

උ ඌ එ ඒ ඔ ඕ

ක ග ජ ට ඩ න

ත ද න ප බ ම

ය ර ල ව

ස හ ළ අං

සම්මත අක්‌ෂර සංඛ්‍යාව මෙසේ වුවද බින්දුව නාසික්‍යය මෙන්ම අර්ධ නාසික්‍යය ද විසර්ගයද ශුද්ධ සිංහල භාෂාවේ භාවිතව ඇතැයි තර්ක කරන කෙනෙක්‌ ඒවාද මෙම වර්ණ මාලාවට ඇතුළත් කිරීමට යෝජනා කරති.

අං පං බුං අඃ තුඃ බුඃ චිඃ චුඃ

ළඟ ගඟ රඟ

ඉජ ඉජුඃ හඬ තුඬ

හැඳ ඉඳ අඹ කඹ

නුමුසු හෙළ වදන් වැළට පසුව එකතුවී ඇති වචන ගැනද සලකන විට ඉහත සඳහන් අක්‍ෂර එයට ඇතුළත් කිරීම සාධාරණය.

පාලි සංස්‌කෘත වචනද භාවිතයට එත්ම මෙම අක්‌ෂර මාලාවට මහාප්‍රාණ අක්‌ෂර ද R RD ෆ ෆෘ අක්‌ෂර ද එකතු වෙමින් මිශ්‍ර සිංහල අක්‌ෂර මාලාව සෑදෙයි. එහි අක්‌ෂර පනස්‌ හතරකි.

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ

R RD ෆ ෆෘ එ ඒ ඓ ඔ ඕ ඖ

ක ඛ ග ඝ ඞ

ච ඡ ජ Cධ ඤ

ට ඨ ඩ ඪ ණ

ත ථ ද ධ න

ප ඵ බ භ ම

ය ර ල ව

ශ ෂ ස හ ළ

(අ)ං (අ)ඃ

මෙම මිශ්‍ර සිංහල අක්‌ෂර මාලාවට අයත් අකුරු සිවු පණසෙහි අද කිසි සේත් භාවිතයෙහි නොයෙදෙන ෆ ෆෘ අක්‌ෂර ද්විත්වය ඉවත් කළ යුතුය යන්න පොදුවේ පිළිගැනුණු මතයකි.

සිංහල හෝඩියට හානියක්‌ නොවන ලෙස ඉවත් කළ හැකි තවත් අක්‌ෂර කිහිපයක්‌ ගැන යෝජනා ඉදිරිපත් වෙතත්, එයින් සාම්ප්‍රදායික භාෂා ව්‍යවහාරයට පැමිණිය හැකි හානිය සලකා සම්මතයකට පැමිණ නැත.

වර්තමාන සිංහල හෝඩිය සම්මත කර ගැනීමේදී එයට එක්‌ කළ යුතු අක්‌ෂර කිහිපයක්‌ ගැන දැනමුත්තෝ කරුණු කියති. නුමුසු හෙළ වදන් භාවිතයේදී අලුතින් එක්‌ කළ අකුරු කිහිපය පරිද්දෙන් මිශ්‍ර සිංහල හෝඩියට ඇතුළත් නැති එහෙත් භාවිතයේ ඇති අකුරු කිහිපයක්‌ එයට දැනටමත් එක්‌ වී තිබේ.

අ ආ ඇ ඈ ඉ ඊ

උ ඌ R RD

එ ඒ ඓ ඔ ඕ ඖ

(අ)ං (අ)ඃ අ S

ක ඛ ග ඝ ඬ ඟ

ච ඡ ජ Cධ ඤ ජZ ඥ

ට ඨ ඩ ඪ ණ ඬ

ත ථ ද ධ න ඳ

ප ඵ බ භ ම ඹ

ය ර ළ ල ව

ශ ෂ ස හ ෆ

මෙහි ශබ්ද සංකේත හෙවත් අක්‌ෂර හැටකි. වාග් විද්‍යාඥයන් ඇතුළු උගතුන් බොහෝ දෙනෙකුගේ මතවාද තුලනය කරගත් විට "වර්තමාන සිංහල හෝඩියෙහි" අකුරු හැටකි. යන සම්මතයට ආ හැකිය.

මෙයට ඇතුළත් කර ඇති "අ S" සිංහලයෙහි බහුල භාවිතයට පැමිණ ඇති ඉංගී්‍රසි වචන සිංහලෙන් ලියා දැක්‌වීමට පලවත් වෙයි. මේ සඳහා "අ" යන්න ඉදිරියෙන් යොදා ඇත්තේ R කාරයට යෙදෙන ගැටය සහිත ඇලපිල්ලය. එය දිග අතට යෙදීමෙන් අදාළ "අර්" ශබ්දය හා ගැළපෙයි.

මෙම අක්‌ෂර මාලාව සපුරා දැනගැනීම සිංහල හෝඩිය ඉඳුරා දැනගැනීමක්‌ නොවේ. සෑම අකුරකටම අනන්‍ය වූ හඬක්‌ වෙයි. ඝෝෂ, අඝෝෂ, අල්පප්‍රාණ, මහප්‍රාණ ආදී වශයෙන් ඒ ඒ අක්‌ෂර හැඳින්වෙයි.

සිංහල අකුරේ නියම හැඩය. නිවැරදි උච්චාරණය, ඒ ඒ අකුරට හිමි නැකත, දිව්‍යාක්‌ෂර, අපායාක්‌ෂර, අමෘතාක්‌ෂර කවරේද යන්න දැන ගැනීම ස්‌වකීය භාෂාවෙහි අගයන් සුවිශේෂී භාවයන් අවබෝධ කර ගැනීමට වැදගත් වේ.

කණ්‌ඨජ, කාලුජ, මූර්ධජ, දන්තජ, ඕෂ්ඨජ යනුවෙන් ඒ ඒ අක්‌ෂර ස්‌වරූප හා උච්චාරණ ස්‌ථානයන් හඳුනාගත් විට අකුරෙහි නියම හඬ මැනැවින් උච්චාරණය කළ හැකිය.

සිංහල හෝඩියේ අක්‌ෂර සංකේත පිහිටා ඇති අනුපිළිවෙළත්, එයට හේතුවත් අවබෝධකර ගැනීමට හා එක්‌ එක්‌ අක්‌ෂරයෙහි අනන්‍යතාව හඳුනා ගැනීමට, අකුරු උපදින ස්‌ථාන අනුව කැරෙන වර්ගීකරණයක්‌ වෙයි.

පණකුරු, ගතකුරු, ඝෝෂ, අඝෝෂ, දීර්ඝ, හුස්‌ව, මහාප්‍රාණ, අල්පප්‍රාණ ආදී වශයෙන් ඒ ඒ අකුරු හොඳින් හඳුනා ගැනීම ගීතයක මාධුර්යය විඳ ගැනීමට ද කවියක රස විඳගැනීමට ද අවශ්‍යය.

"භාෂාව ශබ්ද රටා සමුදායකි" යන්න මේ අනුව පසක්‌ වෙයි. මිනිස්‌ මුවින් නිකුත් වන අරුත් දනවන මෙම ශබ්ද රටා මනසෙහි ක්‍රියාකාරිත්වය අනුව මුඛ ඉන්ද්‍රිය පද්ධතියේ නිරායාස සම්භෝගයෙන් නිර්මාණය වෙයි.

මිනිසාගේ චින්තනයෙහි මාධ්‍යය භාෂාවය. අපට සිතන්න, ලියන්නට, කියන්නට, කියවන්නට හැකි වූයේ එම භාෂාවේ මහිමයෙනි. සිතීමේ උපකරණය වූ භාෂාව නිවැරදිව හැසිරවීම, නිරවුල් චින්තනයටත් ප්‍රකාශනයටත් අවශ්‍යය.

භාෂාව යම්කිසි ජන සමූහයකට අනන්‍ය වෙයි. මිනිස්‌ සංහතිය ඒ ඒ ජන කොටස්‌ වශයෙන් නම් කැරෙනුයේ ද භාෂාව හෙයිනි. "සිංහලයෑ"යි අප අනෙක්‌ ජාතීන්ගෙන් අනන්‍ය වන්නේ අප භාවිත කරන සිංහල භාෂාව හෙයිනි.

අපි නොයෙක්‌ ශබ්ද උපදවමු. ඒවා කොටසක්‌ වර්ණාත්මක වෙයි. කොටසක්‌ වන්‍යාත්මක වෙයි. මෙම කොටස්‌ දෙකෙන් චින්තනය සඳහා අදහස්‌ ඉපදවීම සඳහා යෙදෙනුයේ වර්ණාත්මක ශබ්දය. දිව, තොල්, දත්, උගුර ආදී උච්චාරණ ඉන්ද්‍රිය පන්තියේ සහායෙන් හෙවත් ක්‍රියාකාරිත්වයෙන් අප පිටකරන ශබ්දවල ඉතා කුඩාම කොටස වර්ණයි. හෙවත් අකුරුයි.

අප ඉහතින් සඳහන් කෙළේ මුඛ ඉන්ද්‍රිය පන්තිය ක්‍රියාකාරවීමෙන් නිපදවා ගන්න එම ශබ්ද සංකේත මාලාවය. එම "අකුරු" කිහිපයක්‌ ගලපා ගැනීමෙන් අපට අපේ අදහස්‌ ප්‍රකාශ කළ හැකිය. එසේ අර්ථවත්ව ගලපා ගන්නා අකුරු කිහිපය අපි "පද" නමින් හඳුන්වමු. එම පද කිහිපයක්‌ එක්‌ කොට සාදා ගන්නා වැකි මගින් අදහස්‌ සපුරා පළ කළ හැකි වෙයි. එසේ සම්පූර්ණ අදහසක්‌ පළ කරන පද සමූහය වාක්‍ය වන අතර ඒවා යොදා ගනිමින් අපි අපේ සිතැඟි පළ කරමු.

ශබ්ද සංකේත හෙවත් අකුරු මේ සිල්ලටම පාදකව සිටින බව මෙයින් පැහැදිලිවේ. එහෙයින් සිංහල හෝඩිය හෙවත් අක්‌ෂර මාලාව ඉඳුරා දැනගත යුත්තේ.

සිංහලය මෙරට වැසියන්ගේ භාෂාවයි. එය මෙහිම නිපන් බසකි. එහි වයස අවුරුදු තුන්දහසද ඉක්‌මවයි. මේ දීර්ඝ කාලය තුළ වෙනත් භාෂාවන් සමග මිශ්‍ර වීමෙන් වර්ධනය වූ සිංහල භාෂාව අද ලෝකයේ දියුණු යෑයි සම්මත භාෂා ගණයට වැටෙයි. එය ජීවමාන භාෂාවකි.

පොදුවේ ගත් විට මනුෂ්‍ය වර්ගයා සතු චින්තනය ප්‍රකාශනය, බුද්ධිය හා පරිකල්පනය භාෂාවේ මහිමයයි. විවිධ සාහිත්‍ය, කලා, විද්‍යා, තාක්‌ෂණික නිර්මාණයන්ගේ අපූර්වතා ද භාෂා ඥනයේ අපූර්වතා ලෙස දැක්‌ක හැකිය.

මේ නිසා භාෂාව පිළිබඳ දක්‌ෂතා, කුසලතා ශක්‍යතා මිනිස්‌කම දියුණු වීමටත්, එහි උපරිම ඵල නෙළා ගැනීමටත් උපකාරීව සිටින බව අමතක කළ යුතු නොවේ. භාෂාව සාක්‌ෂරතාව නිරායාස කාර්යයක්‌ වුවද, එහි සුදුස්‌සකු වීම ඉතාමත් වෑයමින් කළ යුත්තකි.

ශාස්‌ත්‍රවේදී බුද්ධික ගුණරත්න
 
 සිංහල අක්ෂර මාලාව.

සිංහල අක්ෂර මාලාව.
අක්ෂර යනු මොනවාද?
    අකුරු හෙවත් අක්ෂර යනු, ඒ ඒ භාෂාවේ පිළිගත් සංකේත ලෙස හැඳින් වීමට හැක. මේවා වර්ණ යන නමින්ද හඳුන්වනු ලැබේ. සිංහල භාෂාවේ පළමු අක්ෂරය ලෙස පිළිගෙන ඇත්තේ "අ" යන අක්ෂරයයි. ඉංග්‍රීසි භාෂාවේදී මෙම ස්ථානය "A"අක්ෂරයට හිමිවේ. සෑම භාෂාවකම මෙලෙස ඒ ඒ භාෂාවට අනන්‍ය වූත්, පළිගත්තා වූත් අක්ෂර සමූහයක් ඇත. මෙම අක්ෂර සමූහයට "හෝඩිය, අක්ෂර මාලාව, වර්ණ මාලාව" යන නම් භාවිතා කරයි.
    අප ව්‍යවහාර කරන භාෂාව "සිංහල" නම් වේ. සිංහල හෝඩිය අද තත්වයට පත් වී ඇත්තේ වසර ගණනාවක විකාශනයේ ප්‍රතිපලයක් ලෙස මිස එක් වරම බිහි වී නොවේ. මෙම විකාශනය හෝඩි තුනක් යටතේ විවරණය කර දැක්වීමට හැකිය.
  1. ශුද්ධ සිංහල හෝඩිය.
  2. මිශ්‍ර සිංහල හෝඩිය.
  3. නූතන සිංහල හෝඩිය.
මෙතැන් පටන් මෙම අක්ෂර මාලාවන් පිළිබඳව වෙන වෙනම විස්තර සාකච්ඡා කරමු.

01. ශුද්ධ සිංහල හෝඩිය.
13 වන සියවසේ විසූ "අනවමදස්සි" නම් හිමි නමක් විසින් මෙම අක්ෂර මාලාව සකස් කරන ලදි. මෙය එකල භාවිතා වූයේ පද්‍යකරණයට පමණක් විය. ඊට හේතුව මෙම යුගයේ සිටි ගැමියන් අක්ෂර පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වීමයි. මතු දැක්වෙන්නේ මෙම අක්ෂර මාලාවයි.

    
 
 
 
 
අං

ඉහත අක්ෂර අතුරින් """" යන අක්ෂර 02 සිදත් සඟරාවට ඇතුලත් කර ගැනීමට එකල විදතුන් උත්සාහ නොකරන ලදි. එම අක්ෂර දෙක "" යන අක්ෂරයෙන් ම සැකසී ඇති හෙයින් එම අක්ෂර ඉවතලා අකුරු තිහක් පමණක් සිදත් සඟරාවට ඇතුලත් කරන ලදි.

02. මිශ්‍ර සිංහල හෝඩිය.
ශුද්ධ සිංහල හෝඩියේ පැවති අක්ෂර කලක් ගත වන විට බොහෝ දෑ ලිවීමට ප්‍රමාණවත් වූයේ නැත. මේ නිසා නව අක්ෂර මාලාවක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. මීට විසඳුමක් ලෙස පාලි සහ සංස්කෘත යන භාෂා වලින් අකුරු විසි දෙකක් ගෙන මිශ්‍ර සිංහල හෝඩිය සකස් කෙරුණි. ඒ අනුව මිශ්‍ර සිංහල හෝඩියේ සම්පූර්ණ අක්ෂර ගණනින් පනස් හතරකි. එය මෙසේය.

     




 
අංඅඃ 

03. නුතන සිංහල අක්ෂර මාලාව.

සිංහල අක්ෂර මාලාව වශයෙන් බොහෝ කාලයක් මිශ්‍ර සිංහල හෝඩිය ජනතාව අතර භාවිතා විය. නමුත් මිනිසාගේ දියුණුවත් සමඟ ම ඔහුගේ ආකල්ප හා සාක්ෂරතාව (කියවීමේ හා ලිවීමේ හැකියාව) ද දියුණු මට්ටමට පැමිණෙමින් තිබෙන්නට විය. මේ සමඟ එතෙක් භාවිතා වූ අක්ෂර මාලාව සිංහල බසේ ව්‍යාප්තියට හා මිනිසාට තම අදහස් ප්‍රකාශනයට සීමා මායිම්, වැට කඩුලු බඳින්නට පටන් ගත්තේය. මේ නිසා විද්වත්තු නව අක්ෂර මාලාවක පිහිට පතන්නට විය. මෙයින් ආශිර්වාදය ලබා ගත් මිශ්‍ර සිංහල හෝඩියට නව අක්ෂර හයක් ඇතුලත් කර ගනිමින් නුතන සිංහල අක්ෂර මාලාව සකස් කර ගැනීමට හැකි විය. ඒත් සමඟම සිංහල අක්ෂර මාලාවේ මුලු අක්ෂර ගණන අකුරු හැට දක්වා වර්ධනය විය.

අංඅඃ    
 

නූතන සිංහල අක්ෂර මාලාවේ "" සිට "" දක්වා අතර තුර ඇති සියලු අකුරු "ස්වර" අක්ෂර වන අතර, "" සිට "" දක්වා අක්ෂර "ව්‍යංජන" ලෙස හඳුන්වනු ලබයි.

"අ" සිට "ඖ" දක්වා අකුරු ස්වර ලෙස හඳුන්වන්නේ ඇයි?

01. සෑම අකුරක්ම තනිව ශබ්ද කළ හැකි වීම.
02. හල් අක්ෂර ශබ්ද කිරීම සඳහා මෙම අක්ෂර වල සහයෝගය අනිවාර්ය වේ.
                       උදා-: * ක්+අ=  ක
                               * ක්+ආ= කා
මෙම ස්වර කොටස් 03කට බෙදා දැක්විය හැකිය.

             01. හ්‍රස්වස්වර.
             02. දීර්ඝ ස්වර.
             03. සන්ධ්‍යාක්ෂර.
01. හ්‍රස්ව ස්වර.
ශබ්ද කිරීමට කෙටි වේලාවක් ගන්නා ස්වර මේ නමින් හඳුන්වයි. මෙම අක්ෂර 08කි.
                    

02. දීර්ඝ ස්වර.
ශබ්ද කිරීමට දීර්ඝ වේලාවක් ගතවන ස්වර මේ නමින් හඳුන්වයි. මෙම අක්ෂර ද 08කි.

අාඋෟ
ඍෘඏෟඑ්


03. සන්ධ්‍යාක්ෂර.
ස්වර 02ක් එකතු වී සෑදුනු අක්ෂර සන්ධ්‍යාක්ෂර වේ. මෙම අක්ෂර 02ක් සිංහලයේ ඇත.



"අං"  සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම අක්ෂරය බින්දුව ලෙස හැඳින්වුව ද, මෙහි සත්‍ය නම අනුස්වරය හෙවත් අනුස්වාරයයි. මෙම අක්ෂරය සෑම විටම ස්වරයකට පසුව යෙදෙයි. මෙ නම මීට පටබැඳී ඇත්තේ ඒ නිසාය.

උදා- 01. අංකය
      02. ගංඟාව - ග්+අංගාව

"අඃ" මෙම අක්ෂරය සාමාන්‍ය ව්‍යවහාරයේ දී බින්දු දෙක ලෙස හැඳින්වුව ද, විසර්ගය හෙවත් විසර්ජනීය මෙහි සැබෑ නමයි. මෙම අක්ෂරය සිංහල භාෂාවෙන් කෙමෙන් ඉවත්ව යන අක්ෂරයක් බවට පත්ව ඇත. 
        අදාල විෂය : සිංහල
ලියු දිනය : 2015-10-19
Facebook MyLikes කැමති ගණන 0



Powered By - 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය