Posts

Showing posts from 2018

බැද්දේගම චිත්‍රපටිය නැරඹීමට

https://youtu.be/fRdLhNfHgMQ

ධර්මසේන හිමියන්ගේ සාහිත දැක්ම

ධර්මසේන හිමියන්ගේ සාහිත දැක්ම 7 ඔක්තෝබර්, 2017 Facebook Twitter Email මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සත්මඩල සද්ධර්මරත්නාවලී පරිකථා සිළුමිණ ශාස්ත්‍රීය මණ්ඩපය, ‘සත්මඬල’ අද සිට පැරණි දහම් මග විවරණය කෙරෙන ‘පරිකථා’ ඔබ වෙත රැගෙන එන්නෙමු. ඒ පරිකථා සද්ධර්මරත්නාවලී පරිකථාය. ‘පරිකථාව’ යන්නෙහි අරුත හාත්පසින් කරනු ලබන විවරණයයි. සිංහල ව්‍යාඛ්‍යානාවලියෙහි වැදගත්ම අංගය ‘පරිකථා’ වෙයි. පරිකථාවකින් මූලික කොට දැක්වෙන්නේ මූලග්‍රන්ථයක තෝරාගත් පදයකට හෝ කථා පුවතකට විස්තරාර්ථ දැක්වීමයි. විටෙක එය අපේ ඉතාම විශිෂ්ට වූ විචාර ක්‍රමයකි. පරිකථා කරුවා මුල් කථාව සිත් සේ විචාරයට ලක් කරයි. මහාචාර්ය ආනන්ද කුලසූරියට අනුව පරිකථාව යම් රචනාවක දුරවබෝධ පාඨවලට විස්තරාර්ථ දැක්වීමකි. ඒ අනුව පරිකථාව වැඩිදුර විස්තර කිරීමකි. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත පරමාර්ථ රාශියක් පැවති බව පැරණි පොතපත පරිශීලනයේදී තහවුරු වෙයි. එනම් 1. ධර්මඥානය පාඨකයා තුළ ඇති කරලීම 2. ශාස්ත්‍රීය ඥානය දියුණු කිරීම 3. ශ්‍රද්ධාදි ගුණ ධර්ම ගොඩනැඟීම 4. ආකල්ප සංවර්ධනය 5. රසාස්වාදය දියුණු කිරීම 6. ජීවිතාවබෝධය පෘථුල කරවීම යන අරමුණු උපුටා දැක්විය හැකි ය. තෙවළා ද

දෙලොව යහපත කියාදෙන උග්ගහ සූත්‍රය හේමමාලි නිලාන්ගනි කරුණාරත්න

දෙලොව යහපත කියාදෙන උග්ගහ සූත්‍රය හේමමාලි නිලාන්ගනි කරුණාරත්න  දිනක්‌ මෙණ්‌ඩක සිටුතුමාගේ මුණුබුරා වන උග්ගහ සිටුවරයා බුදුන්වහන්සේ වෙත පැමිණ තම දූදරුවන්ගේ විවාහ මංගල්‍යය නිමිතිකොට ගෙන තම නිවසෙහි දානයක්‌ පිළියෙළ කර ඇති බවත්, ඒ සඳහා බුදුන්වහන්සේ ප්‍රමුඛ භික්‌ෂුන් වහන්සේලා එහි වැඩමවන ලෙසත් ආරාධනා කර සිටියහ. එම ආරාධනාව පිළිගත් බුදුන්වහන්සේ උග්ගහ සිටුතුමාගේ නිවසට වැඩම කොට දන් වළ¹ අවසානයේ උග්ගහ සිටුතුමාගේ ඉල්ලීම පරිදි පතිකුලයට යන දූ වරුන්ට අනුශාසනාවක්‌ ද කළහ. උපන්දා සිට බොහෝ දුක්‌ කරදර විද හැදූ වැඩූ දෙමවුපියන් අත්හැර අලුත්ම පරිසරයකට, අලුත්ම නෑදැ හිතමිතුරන් සමූහයක්‌ ළඟට යන දියණිවරුන්ට වාසනාවන්ත ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය අවවාද රාශියක්‌ බුදුන්වහන්සේ උග්ගහ සූත්‍රයේ දී දේශනා කළහ. ඒවා නම්, 1. ස්‌වාමි පුරුෂයාට ප්‍රථම හිමිදිරියේ ම නැඟිට නිවසේ සියලු කටයුතු මැනවින් සංවිධානය කිරීම. 2. දවස අවසානයේ සියලු දෙනාටම පසුව නින්දට යැම. 3. කළ යුතු කටයුතු විමසා බලා කිරීම. 4. හැසිරීමෙන් හා වචනයෙන් සැමියාට ප්‍රිය වීම. 5. සැමියා විසින් ගරු බුහුමන් දක්‌වන්නා වූ මවුපියන්, පැවිදි පක්‌ෂයේ උතුමන් ආදී පිරිස්‌ කෙරෙහි

කොළඹ කවිය

කොළඹ කවිය පිළිබඳ විමසීමක් සංවේදී රසික ජනතාවගේ ප්‍රියතම සාහිත්‍යාංගයක්‌ බවට පත් ව ඇති කොළඹ යුගයේ කවිය තනි පුද්ගලයෙකුගේ හෝ ගුරු කුලයක හෝ සංවිධානයක හෝ කාර්ය සාඵල්‍යයක්‌ නොවේ. සමස්‌තය තුළින් පෙනෙන්නේ එය සාමූහික නිර්මාණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක්‌ වගයි. සිංහල සාහිත්‍ය වංශ කථාවේ යුග නියාමය අනුව සංසන්දනය කර බලන විට කොළඹ කවි යුගයට අයත් වන්නේ සංඛ්‍යාත්මක ව අල්ප වර්ෂ ප්‍රමාණයකි. මේ වන විට අවුරුදු එකසිය පනහකට වඩා වැඩි නොවන එම කාල පරිච්ඡේදය සිංහල කාව්‍යයේ විවිධ ප්‍රවණතාවලට යොමු වෙමින් ප්‍රගතිය කරා ගමන් කරන සැටි දැකිය හැකි වන්නේය. සිංහල කවියේ සංවර්ධනය සඳහා ක්‍රම වේදයක්‌ සකස්‌ කර ගැනීමේ දී භාරතීය කාව්‍ය සිද්ධාන්තවලින් ආභාසය ලබා ගත් බව ඓතිහාසික සංසිද්ධියකි. සිංහල භාෂාවෙන් සම්පාදිත අලංකාර ග්‍රන්ථ හා ඡන්දස්‌ ග්‍රන්ථ මීට සාධක වශයෙන් ඉදිරිපත් කළ හැකිය. එහිදී පෙනෙන වැදගත් ලක්‌ෂණයක්‌ නම් භාරතීය කාව්‍යාලංකාර සිද්ධාන්තවලින් තෝරාගත් කොටසක්‌ පමණක්‌ මෙම ග්‍රන්ථවලින් උගන්වා ඇති බවයි. සමහර ඡන්දොaලංකාර මත බැහැර කිරීම වියතුන්ගේ අවධානය යොමු කරවන්නකි. දේශීය වූ ස්‌වාධීන කාව්‍ය සම්ප්‍රදායක්‌ හැඩ ගැසී ඇති සැටියෙන් පැහැදිලි