Posts

Showing posts from December, 2019

අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර

අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර නව කතාකරුවෙකු, කෙටි කතාකරුවෙකු කවියෙකු විචාරකයකු දන්තවෛද්‍යවරයෙකු වූ ගුණදාස අමරසේකර ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. යටලමත්ත රජයේ පාසලින් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය  ලබා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්ය උපාධියෙන් පුද ලැබුවෙකි. ඔහුගේ මුල්ම කෙටිකතා සංග‍්‍රහය ”රතුරෝසමල”යි.ප‍්‍රථම නව කතාව කරුමක්කාරයෝ වේ. රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබුවෙකි. ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ. නවකතා • ධාතුසේන • කරුමක්කාරයෝ • යළි උපන්නෙමි • දෙපානොලද්දෝ • ගන්ධබ්බ ආපදානය • අසත්‍ය කථාවක් • පේ‍්‍රමයේ සත්‍ය කථාව • ගමනක මුල • ගම්දොරින් එළියට • ඉණිම‍ඟේ ඉහළට • වංකගිරියක • යළි මඟ වෙත • දුරු රටක දුකට කිරියක • ගමනක මැද • අතරමඟ • ගමනක අග කෙටිකතා • රතු රෝස මල(1953) • ජීවන සුවඳ(1960) • එක ම කථාව(1969) • එක්ටැමෙන් පොළවට • කථා පහක් • ගල් පිළිමය සහ බොල් පිළිමය • මරණ මංචකයේ දුටු සිහිනය • පිළිම ලොවයි පියවි ලොවයි

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්  කොළඹ යුගයේ හැත්තෑව දශකයෙන් පසුව ආරම්භ වන නිදහස් කවියේ දෙවැනි පරම්පරාවට අයත්  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පොඩි මල්ලියෙ පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ජන කවි පන්තියට වස්තුන් වස්තු විෂය වන්නේ පුද්ගලයකුගේ සිත් තුළ  ජනිත මනෝභාවයකි . කාව්‍ය පන්තිය ට අනුභූතිය වන්නේ තමා වෙතින්  වෙන් ව ගිය ආදරවන්තිය පිළිබඳ ආවර්ජනයකි . වර්තමාන සමාජයේ  සමාජ ප්‍රශ්නයක්  සාකච්ඡා කරන පැදි පෙළකි .  අනියම් පෙම නිසා පවුල් ජීවිතය බිඳ වැටෙන අවස්ථා සමාජ පිළිලයක් බවට බඳුන් වී ඇත.  මෙම පැදි පෙළේ දී ද  සාකච්ඡාවට බඳුන් කරන්නේ ආදරයෙන් වෙළී සිටි  ආදර වන්තිය  වෙනකෙකු අත ගැනීම නිසා  වික්ෂේපයට පත්  පුද්ගලයාගේ  ජීවන දෘෂ්ටිය යි.  නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති  පල කිම්ද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ  සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්  මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද ? කථනයට බඳුන් වන පුද්ගලයා  ඔබ යන්න වැලප ඇති පල කිම්ද  යන යෙදුම්න් ඔහු තුළ පවත්නා උදාර භාවය  මෙන් ම  බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතා සංකල්පයෙන් පන්නරය ලැබූවෙකි.   ඔබ යන්න  වදනින් උදාර භාවය