පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් 
කොළඹ යුගයේ හැත්තෑව දශකයෙන් පසුව ආරම්භ වන නිදහස් කවියේ දෙවැනි පරම්පරාවට අයත්  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පොඩි මල්ලියෙ පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ජන කවි පන්තියට වස්තුන් වස්තු විෂය වන්නේ පුද්ගලයකුගේ සිත් තුළ  ජනිත මනෝභාවයකි . කාව්‍ය පන්තිය ට අනුභූතිය වන්නේ තමා වෙතින්  වෙන් ව ගිය ආදරවන්තිය පිළිබඳ ආවර්ජනයකි .
වර්තමාන සමාජයේ  සමාජ ප්‍රශ්නයක්  සාකච්ඡා කරන පැදි පෙළකි .  අනියම් පෙම නිසා පවුල් ජීවිතය බිඳ වැටෙන අවස්ථා සමාජ පිළිලයක් බවට බඳුන් වී ඇත.  මෙම පැදි පෙළේ දී ද  සාකච්ඡාවට බඳුන් කරන්නේ ආදරයෙන් වෙළී සිටි  ආදර වන්තිය  වෙනකෙකු අත ගැනීම නිසා  වික්ෂේපයට පත්  පුද්ගලයාගේ  ජීවන දෘෂ්ටිය යි. 
නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති  පල කිම්ද?
ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ 
සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල් 
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද ?
කථනයට බඳුන් වන පුද්ගලයා  ඔබ යන්න වැලප ඇති පල කිම්ද  යන යෙදුම්න් ඔහු තුළ පවත්නා උදාර භාවය  මෙන් ම  බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතා සංකල්පයෙන් පන්නරය ලැබූවෙකි.   ඔබ යන්න  වදනින් උදාර භාවය ද  වැලප ඇති පල කිම්ද ය න වදනින්  ලොව ඇති සියල්ල  ඇතිවන නැතිවන බව ද  හැඟවේ .   සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්  යන යෙදුමෙන් ආදරවන්තියට වෛර නොකරන මොහු  තමා තුළ පැවැති හොඳ ගති ගුණ  ගෙන යන ලෙස ඉල්ලා සිටී .  ඔහු ඉදිරි නව ජීවිතය ගෙන යා  හැකි ද යනුවෙන් ද ප්‍රශ්න කරයි .
නව යෞවනයට ආමන්ත්‍රණය කරන කවියා  ආදර සම්බන්ධතා බිඳ වැටීමෙන් ජීවිතේ විනාශ කරගන්නා  ඇත්තන්ට පූර්වාදර්ශ සපයයි . මගෙන් වෙන් ව ගිය විට ඔබ මට අයිති නැත.  ඔබ නැති වුවද  ජීවිතේ විනාශ  කර නොගනිමි  යන ප්‍රශංසනීය හැඟුමන් සහිත වූ මෙම පුද්ගලයා තුළ   ධනාත්මක සිතුවිලි වලින් යුක්තය. 
ඔබ යන්නෙ මධුරතර සප්ත ස්වරයත් අරන් 
ඔබේ රථ මැදිරියට මගේ ඉර හද අරන් 
ඔබ යන්නෙ මහද තෙක් වැහි වලාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න මගේ  ආයුස අරන් 
වෛරයක් ඊර්ෂ්‍යාවක් නොමැති ගුණ ගරුක  ආදරණීය මෙම පුද්ගලයා  තමා ළඟ ළඟ සිටි ආදර වන්තියට සිය ජීවිත කාලය තුළ ලැබූ  මධුර කතා බහත්,  නිර්ලෝභීව ප්‍රදානය කරන  වස්තූත්, දයාදී ගුණයත්,  මුසුකර ගත් ආයුෂත් රැගෙන යන ලෙස ඉල්ලා සිටී . තමා විසින් ඉන් ඉවත්ව ගියද ඇයි ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සුභ පැතීමක් මෙයින් ගම්‍යමාන වේ .  තිත් වැහි වළාකුල  යන රූපකාර්ථ යෙන් දයාදී  ගුණය ඉස්මතු කිරීමට  කවියා යොදා ගත් කාව්‍යාලංකාරය ඉතා ප්‍රශංසනීය වේ .
ප්‍රේමවන්තයා සැබැවින්ම ප්‍රේමවන්තයෙකු විය යුතුය . ඔහු තුළ කිසි විටක ගුණධර්මවල හා  හැසිරීම්වල  කිසිදු වෙනසක් තිබිය නොහැකි ය  යන මතය සනාථ කරන 
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් 
ඔබ නැතත් මම එතන පාට හත ගනින් නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන 
පරාජිත කදුළකට ඇසේ ඉඩ තියා නැත 
මීට පෙර තම පෙම්වතිය මුණ ගැසුණේ පාලම උඩ ය.   දේදුන්න නම් සංකේතාර්ථය යනු දෘෂ්ටි මායාවකි. දෘෂ්ටි මායාව නම් ඇය  මුණ ගැසුණේ ද පාලමක් උඩ ය . දේදුන්න නම් සංකේතාර්ථයෙන් ඇතිවීම නැතිවීම යන සංස්කාර ධර්ම තාවය  පසක් කරන කවියා  පාලමද  ප්‍රබල සංකේතයක් වශයෙන් යොදා ගනී .  එය මිනිසුන් එහා මෙහා ගෙන යන ස්ථානයකි . පෙම්වතා හා පෙම්වතිය වෙන් කරන ස්ථානය වූයේ ද පාලමයි. 
මෙම පෙම්වතාට තම පෙම්වතිය ළං කර ගැනීමට උවමනාවක් නැත . සෑම විටම උත්සාහ කරන්නේ ඇයගේ නව ජීවිතයට ප්‍රාර්ථනා එක් කිරීමයි . ඇයගේ සුබසිද්ධිය වෙනුවෙන්  යමක් එක් කිරීමයි . 
ගෙවදින්න ඇති නිසා හෙට අලූත් විමානෙට
පෙම් ගී අලංකාර විසි කොට යනු මැනවි 
නව ආදර සබඳතාවය ට ගෙවදින ඔබ නව අදහස් සිතුම් පැතුම් වලින්  නව දැක්මක් සහිතව කටයුතු කළ යුතු ය  කවියා සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා දැමිය යුතු යැයි පෙම්වතියට දන්වයි. නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන් යන්නෙන් එය සනාථ වේ . ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට යන වදනින් ප්‍රේමයෙන් පරාජිත වූ මෙම තැනැත්තා තම සිතේ ඇති වූ පීඩාවන් විඳ දරා ගනිමින් කටයුතු කරන බව ඉන්  හැඟවෙයි . 
ආදරය පිළිබඳ කිසිවක් නොදත් ඔබ ගෙයි මුල්ලේ සිට මම සොයා ගත් නමුත් ඔබගේ නව ජීවිතය ගැන කිසිවිටෙක සොයා නොබලන බවත් , එයින් පලක් නොවන බව මම තේරුම් ගත් බවත්,  තම ජීවිතය ජයග්‍රාහීකව අවසාන කරන  යහපත් හැඟීම් තමා තුළ පවතින බව  ඉස්මතු කරමින් කවි පන්තිය අවසන් කරයි .
නව සමාජ ආර්ථික පරිසරය තුළ  ආදරය ද විපර්යාසයට බඳුන් වන බව  පෙන්වා  දුන් පරාක්‍රම කොඩිතුවක්කු  කවියා ජීවිතය දෙස සුබවාදීව බලන මානව හිතවාදී ගුණයෙන් යුත් තැනැත්තෙකුගේ පාපොච්චාරණයක් ලෙසින් නිමැවුනු මෙම පැදි පෙළ  ශබ්දාලංකාරය හා  අර්ථාලංකාර  පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කොට ඇත .
එහිදී   ඒකපාර්ශ්වික සංවාදත්මක  වදන් යොදා ගනී.
නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති පල කිම්ද 
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද 
නින්ද තුල නැති වුනේ එක දෙයයි වරදක්ද 
අනුප්‍රාසාත්මක ය වදන් යොදා ගැනීම 
සොයාගෙන සොයාගෙන 
කට වහර යොදා ගැනීම 
සූරලා ගෙන යන්න, දේදුන්න පායාවි, ගෙවදින්න, විසි කොට, ගෙයි මුල්ලේ 
සම්භාව්‍ය කාව්‍ය  බස යොදා ගැනීම 
වැලප ඇති පල , මධුරතර , සප්ත ස්වරය , පරාජිත , නිල් ගුවන් ගැබ , පිබිදීලා , පැහැපුල් , සුවිපුල් 
සංකල්ප රූප යෙදුම් භාවිතය 
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් වූ පරිද්දෙන් 
ඔබේ රථ මැදිරියට  මගේ ඉර හද අරන් 
මහද  තෙත් වැහි වලාකුළ අරන් 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය