අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර

අඳුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර

නව කතාකරුවෙකු, කෙටි කතාකරුවෙකු කවියෙකු විචාරකයකු දන්තවෛද්‍යවරයෙකු වූ ගුණදාස අමරසේකර ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. යටලමත්ත රජයේ පාසලින් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය  ලබා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්ය උපාධියෙන් පුද ලැබුවෙකි. ඔහුගේ මුල්ම කෙටිකතා සංග‍්‍රහය ”රතුරෝසමල”යි.ප‍්‍රථම නව කතාව කරුමක්කාරයෝ වේ. රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබුවෙකි. ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ.
නවකතා
• ධාතුසේන
• කරුමක්කාරයෝ
• යළි උපන්නෙමි
• දෙපානොලද්දෝ
• ගන්ධබ්බ ආපදානය
• අසත්‍ය කථාවක්
• පේ‍්‍රමයේ සත්‍ය කථාව
• ගමනක මුල
• ගම්දොරින් එළියට
• ඉණිම‍ඟේ ඉහළට
• වංකගිරියක
• යළි මඟ වෙත
• දුරු රටක දුකට කිරියක
• ගමනක මැද
• අතරමඟ
• ගමනක අග

කෙටිකතා
• රතු රෝස මල(1953)
• ජීවන සුවඳ(1960)
• එක ම කථාව(1969)
• එක්ටැමෙන් පොළවට
• කථා පහක්
• ගල් පිළිමය සහ බොල් පිළිමය
• මරණ මංචකයේ දුටු සිහිනය
• පිළිම ලොවයි පියවි ලොවයි
• විල් තෙර මරණය
• කවන්ධයක කතන්දරය?
• කියනු මැන දිවි අරුත

පද්‍ය
• භාව ගීත (1955)
• උයනක හිඳ ලියූ කවි (1957)
• අමල්බිසෝ
• ගුරුළු වත
• ආවර්ජනා
• අසක් දා කව
විචාර
• අලියා සහ අන්ධයෝ (1966)
• අබුද්දස්ස යුගයක්
• අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?
• ගණඳුරුමැදියමදකිනෙමිඅරුණලූ
• අරුණලුසෙරෙන් අරුණෝදයට
• ජාතික චින්තනයයි සහ ජාතික ආර්ථිකයයි
• සිංහල කාව්‍ය සම්ප්‍රදාය
• සමාජ-දේශපාලන විචාර I
• සමාජ-දේශපාලන විචාර II
• නොසෙවුනාකැඩපත - නවකතාවේ පරිහානිය
නිසඳැස් කවිය ද ප්‍රතික්ෂේප කළ අමරසේකර කවියා ඡන්දසින් විනිර්මුක්තව සිංහලෙන් කවි ලිවිය නොහැකි බව අවධාරණය කළේ ය. විවිධ විරිත් ඔස්සේ පද්‍ය නිර්මාණ කළ  ඔහු සිංහල කවියේ අගමුල සොයා  නැවත සිංහල කවිසම්ප්‍රදාය පිහිටුවීමෙහිලා පුරෝගාමියකු විය.

සිය ජීවිත කම්කටොලුවලින් උකටලී නොවීගැලබැඳි ගවයා සමග දුක සැප බෙදා ගෙන ජීවිතය උපේක්‍ෂාවෙන් දකින මිනිසකු වස්තු විෂය කොට ගනිමින් රචිත පැදි පෙළකි අඳුර අපේ දුක නිවාවි.මෙහිදී උදේ සිට සවස් වන තුරුජීවිත  අරගලයක යෙදී තම නිවසට යන අතරතුර ඔහුගේ සිතට එනසිතුවිලි සමුදායක් ප්‍රකාශනය  අන්තර්ගත වේ .සමාජයේ මිනිසුන් තුළ පවතින දරිද්‍රතාවයනිසාඔවුන් විඳින පීඩනය විස්තර කිරීමත් ගැමියන් සතුන් සමග ඇති සම්බන්ධතාවය විස්තර කිරීමත් කවියා ගේ අදහස වී ඇත.

සවස් කාලය උදා වී ඇත.ගොවියා සහ ගවයා තම නිවසට පැමිණෙන්නේ අඳුර වැටීමත් සමග ය . කන්ද උඩින් අඳුර ඒමත් සමග ගොවියා
යමන්කලුවෙ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව
උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනව

දෙදෙනා ම උදේ සිට වෙහෙස මහන්සි වීවැඩ කටයුතු වල යෙදී ඇත .එහි දීතම සේවා දායකයාටඅමතනු ලබන්නේ යමන්කලුවෙ යන වදනිනි. එය ගැමියාගේ ලෙන්ගතු බවයි. තමන්ට ඇප උපකාර කළ අයට පවා ඔහු සුහදශීලීව කතා කරයි . දහවලේ හෙම්බත් ව වැඩ කළ ඔවුන්ට ඇඟපත නිවාගැනීමට  අඳුර එවා  ඇත්තේ දෙවියන්ය. 

අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ
හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

මෙහි දී කවියාගවයා ගේ වාසස්ථානය හා ඔහුගේ වාසස්ථානය ගැන සඳහන් කරයි . සුවදායක යහන් ගොවියාට නැති වුණාට ගෙදර මුල සැපදායක ය .ගෙදර මුල්ලේ වෙත නිදනවා යැයි අරුත් ගැන් වෙන්නේ ගොවියාගේ අසරණ බව හා දුප්පත් කමයි . මෙහි දී ගොවියා තුළ පවතින ආගමික පසුබිම පිළිබඳ විස්තරයක් විස්තර කරයි.

උදේ හිටන් අව් කට්ටේ උඹවතියන්        මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයිකියාපන්කෝදැන්වත්         මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ     විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක           නිවන්ට

ඈත අතීතයේ සිටගොවියා  සවස් කල විහාරයට ගොස් බණ පදයක් අසයි. එ හෙයින් චිත්ත සන්තානය ආධ්‍යාත්මික ගුණයෙන් පරිපෝෂිත විය .තමන්ගේ ගවයාට කාරුණිකව ආමන්ත්‍රණය කිරීමට මෙහි දී ගොවියා සමත් වන්නේ ද තමන් තුළ ඇති බෞද්ධ ආගමික හර පද්ධතීන් ගේ පෝෂණය නිසා ය .
ගොවියාගේ කෘතවේදී හැඟීම විස්තර කරන  කවියා

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම්    කන්නට
උදේ ඉඳන් ගවයා අව්වේ තබමින්තම ජීවිතය සරිකර ගන්නා කවියා සවස් කල උදාවත්ම නොමේරූ තණකොළ ඇළ  ගාවින් ගෙනවිත් තමන්ට කළ උපකාරයට ප්‍රති උපකාර වශයෙන් ලබා දේ.  .බුදු දහමින් සුපෝෂිත පූර්ව ගොවියා තමන්ට ඇප උපකාර කළ සත්වයාට පවා කෘතවේදීව සැලකීමේ මානුෂික ගතිය ඉස්මතු කිරීමට කවියා මින් සමත් වේ.
හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට       ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද       යනව
ගවයා රාත්‍රියට තලු ගසමින් තම ආහාරය භුක්ති විඳී . එය ගොවියා දකින්නේ උදේ පටන් වැඩ කළ ඔබට ඇඟේ පතේ රුදාවක්ද නින්ද නොයාමේ ප්‍රතිඵලයක් ද යනුවෙනි.

අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක්       කියනව

යමන් කලුවෙ ගාල් වෙලා එකට වැටී නිදාගන්න ජන කවියා යොදා ගත් යෙදුම ධ්වනිතාර්ථ ගුණයෙන් යුක්තය . ගවයා සහ ගොවියා අතර පවතින සබඳතාවයේ අග්‍ර ඵලය ඉන් කියවේ . ගොවියා ආත්මාර්ථකාමී නොවේ . පරාර්තකාමී ය .තමා ගැන පමණක් සිතා ගවයාගෙන් වැඩ ගත්තේ නම් ඔහු දුෂ්ඨයෙකි. එහෙත් දෙදෙනා අතර පවතින සුහදශීලී ලෙන්ගතුකම මනාව සංයෝජනය කිරීමට කවියා සමත් වී ඇත . ගොවිකමේදි සිදුවන ශාරීරික පීඩා විස්තර කරන  කවියා

මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ      රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද                දමාවී
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය                හෙමිහිට

හෙළ පුරාතන ගොවියා වර්තමාන ගොවියාට යම් කිසි පණිවුඩයක් දීමට සමත් අදහසක් කවියා ඉස්මතු කරයි .  නූතන ගොවියා ගොවියා ඇඟේ පතේ මහන්සිය නැති කරගන්නේ මත් ද්‍රව්‍ය භාවිතයෙනි. එයට අකුල් පහරක් හෙලන කවියා උදේ ඉඳන් හැන්දෑ වෙන තෙක් මහන්සි වී වැඩ පළ කළ ඔහුට ඇතිවෙන කකුලේ ඇනුණු විස කටු හා  ඇගේ රුදාවන් තෙලින් සුවපත් කර ගනී .
මෙහිදී කවියා දීගේ දෙපද ආකෘතිය හා සිව්පද ආකෘතිය සංයෝජනය කරමින් රචිත පැදි  පෙළේ ජන බස් වහරක්  ( අව්කට්ටේ උඹව තියන් මැඩව්වාට ) හා  කට වහරක් උපයෝගී කර ගනියි . කටවහරේ භාවිත ඒ වචන වලට වැඩි අවධානය යොමු කර ඇත්තේ ගොවියාගේ ඒකපාර්ශ්වීය කථනය නිසා ය . උඹට හනික ගෙයි මුල්ල කරුමෙ දෙයියො අන්ධකාරෙ කක්කියනව ආදී ගැමි වදන් මෙන් ම ගොවිතැනේ දී භාවිතා කරන වචන ( අව් කට්ටේ  මැඩවෙව්වට  )   අඳුරු රෙද්ද යන රූපකාර්ථයක්ද මෙහි වෙයි . කවි පන්තිය ඉතා රසවත්ය.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය