උම්මග්ග ජාතකය ප්‍රශ්න

ම්මග්ග ජාතකය

1.      බුදුන් වහන්සේ සඳහා යොදාගත් පර්යාය පද

                             i.           ශාක්‍යසිංහ - ශාක්‍යයන්ට සිංහ

                           ii.           සමන්ත භද්‍ර - සියලු අයුරින් උතුම්

                         iii.           අසම සම - බුදුවරුන් හා සම වූ

                          iv.           ත්‍රෛලෝක තිලක - තුන් ලෝ වැස්සන්ට තිලකයක්

                            v.           ත්‍රිභුවන චූඩාමාණික්‍ය - තුන් ලෝ වැස්සන්ට සිළුමිණක්

                          vi.           කරුණා නිධාන - කරුණාව තැන්පත් ව ඇති ස්ථානයක්

                        vii.           මෛත්‍රී නිවාස  - මෛත්‍රීයට ගෙයක්

                      viii.           ප්‍රඥාවට වල්ලභ - නුවණට ස්වාමි

                          ix.           සාගරය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති - මහා සාගරය  නො සිතිය හැකි

                            x.           මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති

                          xi.           මහාමේරුව සේ උස් වූ ගුණ ඇති

                        xii.           දෑ රඟ මිණක් නිර්මල ගුණ ඇති - ඉපදීමෙන් ම දීප්තිමත් මැණිකක්

( ධර්ම රාජන්, ධර්මාධිපති, ධර්මස්වාමි, තිලෝගුරු,

 

සනරාමර (නර අමරයන් - දෙවි මිනිසුන් )  ලොක වුඩා මණි ( ලෝකයාගේ සිළුමිණක් ) මරීච් මඤ්ජරි පුඤ්ජ පූජිත ( මල් කලඹකින් පුදන) චරණාම්බුජ ඇති ( පාද නැමති නෙළුම් මල් ඇති ) ලෝක ස්වාමි වූ  ලෝක නායක වූ ජගදානන්ද ලොවන වූ ලොව සතුටු කරන ඇසක්  )

 

2.      සැවැත්නුවර වර්ණනාව

 

 ක්ෂීර සාගරයෙන් නැඟී තරංග මාලා සේ - කිරි මුහුදින් නැගුණු රළ සේ , සුධා ධවල ප්‍රාකාර වලයයෙන් පරික්ෂිප්ත - සුනු පිරියමින් සුදු වූ පවුරු වළල්ලෙන් යුක්ත . කනකරජතාදීන් සොබනා වූ - රත්තරන් රිදී ආදියෙන් සෝබමාන, විසිතුරු සැදුම්ලත්  මාළිගා ගෙවල් හා දොරටු ආදියෙන් හා යුක්ත වූ, සපු සල් නා පනා අඹ දොඹ  ආදී  ඵල පල්ල වශයෙන්. ගෙඩි වලින් හා කොළ වලින්, සඤ්ජන්න- ගැවසුණු තරුවර  ශතයෙන් හොබනා විසිතුරු උද්‍යානයෙන් හා පස්පියුමෙන් සැදුම් ලද - උතුම් ගස් සිය ගණනින් සෝබමාන විසිතුරු උයන්වලින් හා පස් පියුම් - නෙළුම්. උපුල්, මහනෙල්, කුමුදු, ඕළු යන මේ පස් පියුමෙන් සැදුම් ලද . නිර්මල ජල සම්පූර්ණ පුෂ්කරණි ශතයෙන් හොබනා වූ - පිරුණු නිසල ජල  පොකුණු සිය ගණනින්, නානාභරණ විභූෂිත - නොයෙක් ආභරණයෙන් සැරැසුණු, නරනාරි ගණාකීර්ණ - මිනිස් ගැහැණු සමූහයා ගෙන් ගැවුසුණු සැවැත්නුවර නිසා

3.      ජාතකය දේශනා කිරීමේ අරමුණ

ප්‍රඥා පාරමිතාව අරභයා

4.       දම් සභා මණ්ඩපයේ බුදුන් වහන්සේ ගැන ගුණ වයන භික්ෂූන් -

බුදුන් ගේ නුවණ පැරුම් (ප්‍රඥා පාරමිතාව) වනන (වර්ණනා ) සේක්, ඇවැත්නි, බුදුහු ශීලස්කන්ධාදියෙහි ( සිල් කොටස් ආදියෙහි) පවත්නා මහත් වූ නුවණ ගතියක් (ස්වාභාවයක්) ඇති සේකැ. මුහුදු පිටැ ඉසි සුවඳ තෙලක් මෙන් දත යුතු වූ සියලු ධර්මයන් කෙරෙහි  පැතිරැ පවත්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. සියලු ධර්මයන් කෙරෙහි  තුෂ්ටි (සතුටු) බහුල වැ පවත්නා නුවණ ගතියක් ඇති සේකැ. සියලු ඥෙය මණ්ඩලයෙහි ( ධර්ම මඩුල්ලෙහි) ජවන හංස (දිවිමෙහි ඉතා සමර්ථ හංස) ගතියක් මෙන් දිවෙන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ.  අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානාදියෙන් (ත්‍රිපිටක බුද්ධ වචනය 'ධර්ම නම්වේ. අර්ථ නම් ඒ ධර්මයෙන් හැගවෙන ද යැ. ඒ ධර්මයෙහි පද සිද්ධි ප්‍රයෝගාදී වූ ව්‍යාකරණ නිරුක්තියි. මේ තුන අවබෝධ කැරැ ගැනීම ප්‍රතිභානයයි ) දිරා සිය පරඬලා පතෙකැ ( පරඬල් පත්‍රයක) නොපැකිළැ යන්නා වූ දවසක් මුළුල්ලෙහි රත් කළ යහුලක් ( යකඩයක්) මෙන් සියුම් වැ දුවන්නා වූ නුවණ ගතියක් ඇති සේක.  ඇතුල් තලයෙහි තුබු දෑ රඟ මිණක් සේ ( ඉපදීමෙන් ම දීප්තිමත් ) සියලු ධර්මයන් සර්වාකාරයෙන් විනිවිද දන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ.  දෘෂ්ටිජාලානුයන (දෘෂ්ටිය (පෙනීම හෙවත් ඇදහීම)  අන්‍ය තීර්ථක ජනයන් ගේ  (මිථ්‍යා දෘෂ්ටි තාපස විශේෂයක්. ) ශාශ්වතොස්ජෙදාදී ( සත්ත්වයා සදාකාලික යැ. නැවැතැ ඉපැදීමේ නැතැ යන ආදී දෘෂ්ටි ) වාද මර්දනය කරනු සේක්.  තමන් වහන්සේගේ අසාධාරණ වූ විදුරු  නුවණින් ( දියමන්ති කුරක් මෙන් කවර තරම් තද දෙයක්  වුව ද විනිවිද යන නුවණින්) කූටදන්ත බ්‍රාහ්මණ වෙරඤ්ජ බ්‍රාහ්මණාදී වූ අනෙක බ්‍රාහ්මණ ශතයන්ද ( සිය ගණනක් ) සහිය පරිබ්‍රාජක බාහිය පරිබ්‍රාජකාදි වු පරිබ්‍රාජක සමූහයන් ද, අංගුලිමාල ආදී වූ චණ්ඩ පරුෂ බොහෝ සොරුන් ද, ආලවකාදී වූ මනුෂ්‍ය මාංසභක්ෂණයෙහි ( මස් අනුභවයෙන් ) දක්ෂ වූ යක්ෂයන් ද, ඉසුරු මදයෙන් ප්‍රමාද වැ තුනුරුවන් කෙරෙහි ජනිත ප්‍රසාද ( උපන්නා වූ පැහැදීම ) විරහිත වූ ( රහිත නොවූ) , ශක්‍ර දෙවේන්ද්‍රයා ආදී වූ දේවතාවන් ද, ශාශ්වත දෘෂ්ටි ජාලානුබද්ධ වැ අමාර්ග ප්‍රතිපන්න ( නොමගට බැස්සා වූ ) බක බ්‍රාහ්මාදී වූ බ්‍රහ්මයන් ද තමන් වහන්සේ ගේ අසාධාරණ වූ සර්වඥ මහිමයෙන් මාන මර්දනය කොටැ පාප නැමති විෂ විනාශ කොට වදාළ සේකැ. තවද බුදු රජාණන් වහන්සේ විසින් කායද්වාරාදියෙහි සම්‍යක් ප්‍රතිපත්තීන් (මනා පිළිවෙත් ) සිද්ධ කොටැ ස්වර්ග මොක්ෂ භාවය ( නිර්වාණ සැපත ) හා ප්‍රව්‍රජ්‍යාව ( පැවිදි බව ) සාදා දී බොහෝ දෙන සතර මඟ සතර ඵලයට (නිවනට පළමු පැමිණෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මහට හා සතර ඵලයට

) පමුණුවන ලදහ .

 

5.      බුදුන් වහන්සේ දම් සභා මණ්ඩපය වැඩම වීම වර්ණනා කිරීම

ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරුත මල් කලබක් හා සමාන වූ අඳනා සිවුර ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන් සංවිධාන කොටැ හැඳැ, සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සිය රැලි විදුලියක් සමාන වූ පටි ධාතූන් වහන්සේ ඊ මන්තේ බැඳැ ඝන  රන් දා ගබක් රත් පලසෙකින් වසන්නාක්හු මෙන් ද, චිත්‍රකූට පර්වතය බඳු වඳ මල් දමෙකින් වට රස වත් කරන්නාහු මෙන් ද, රන් ගල් මුදුනෙහි සුපව ලාක්ෂා කරන්නාක්හු මෙන් ද මෙරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක් ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ සුගත් මහා පාංශුකූල විවරය පෙරෙ වැ, සුප්පතිට්ඨිත පාදතාදි වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් කරණ කොට ගෙනැ පිළිවෙළින් ගොතා තුබූ සුර්ය මණ්ඩලයන් දෙතිස් දෙනෙකුගේ ද ශ්‍රී විභූති අභිභවමින්. අශිත්‍යානුව්‍යජන ඛ්‍යාම ප්‍රභා කෙතුමාලාලංකාරයෙන් විරාජමාන වැ අනන්ත කාලයක් මුළුල්ලෙහි පුරන ලද සුචරිතානු බාවයෙන් තෙමේ තමාට අරන ලද දොර ඇති ගඳකිළි පිරිවෙනින් මේඝ කූටයකින් පිටත් වන හිරු මඬලක් සේද වලා පටලයකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද, රන් ගල් ගුහායෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභීත කෙසර සිංහරාජයකු සේද, නික් මැ, තමන් වහන්සේ ජාති ජාතියෙහි බුද්ධාදී නුවණැත්තන් සමීපයට නුකුසීත වැ එපැයි කුසල මහිමයෙන් පොළොව පළාගෙනැ නැගී සත්බුමු මහ පියුම් මත්තෙහි අටතුරාශියක් මඟුල් ලකුණින් සැදුම් ලද තබ - තබා, විය දඬු පමණෙකැ හෙළන ලද්දා වූ නෙත්‍රයන්තීන් මහී කාන්තාවට අමෘතාභිෂෙක දෙමින් අනන්ත වූ බුද්ධ විලාශයෙන් දම් සභා මණ්ඩපයට වැඩැ,

 

තේරුම්

                             i.           ලාක්ෂා රසයෙන් -  ලාකඩ දියෙන්

                           ii.           ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන්- මවුලු තුන (තැබ, මද දණ) වැසීමෙන්,

                         iii.           සංවිධාන කොටැ- සකස් පොවැ,

                          iv.           සන්ධ්‍යඝන වලාවෙකැ - සැන්දෑවෙහි ඇති ඝන වලා කුළෙක්.

                            v.           සිය රැලි - සිය ගණන් රැලි ඇති.

                          vi.           ඇගෑවකට - පහන් කුළුණකට චිත්‍රකූට පර්වතය රත් වන් යැයි ගැනෙන පර්වතයෙකි.

                        vii.           බිඳු වද මල් - රත වද මල්

                      viii.           සුප්පතිෂ්ඨිත පාදනාදී- මනා වැ පිහිටි පාද ඇති බව ආදී,

                          ix.            අභිබවමින් - යට කෙරෙමින්

                            x.           අශිත්‍යනුව්‍යඤ්ජන - (දෙ තිස් මහ පුරිස් ලකුණු අනු වැ ගිය) අසුවක් අනු ලකුණු.

                          xi.           බ්‍යාමප්‍රභා කෞතුමාලාලංකාරයෙන් - හිසින් සියලු අතට බඹයක් දුරට විසිදෙන කෙතුවක් (කොඩියක්) මෙන් ඇති රශ්මි සමුහයෙන් ම

                        xii.           නුකූසිත වැ - නො කම්මැලි වැ

                      xiii.           සත් බුමු  - (කට්ටු) සතක් ඇති,

                       xiv.           අටතුරා සියක්- අටක් වැඩි සියක් එක සිය අටක් (108),

                        xv.           මහීකාන්තාව - පොළෝ කත

                       xvi.           අමෘතාභිෂෙක - අමාදියෙන් තෙමීම, දෙවියන් සේ ආහාරය අමෘත' යි

උපමා පද හඳුනා ගනිමු

·        ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරුත මල් කලබක් හා සමාන වූ අඳනා සිවුර

·        සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සිය රැලි විදුලියක් සමාන වූ පටි ධාතූන් වහන්සේ ඊ මන්තේ බැඳැ

·        ඝන  රන් දා ගබක් රත් පලසෙකින් වසන්නාක්හු මෙන් ද, චිත්‍රකූට පර්වතය බඳු

·        වඳ මල් දමෙකින් වට ර කරන්නාහු මෙන් ද,

·        රන් ගල් මුදුනෙහි සුපව ලාක්ෂා කරන්නාක්හු මෙන් ද

·        මෙරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක් ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ

·         මේඝ කූටයකින්  පිටත් වන හිරු මඬලක් සේද

·        වලා පටලයකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද,

·        රන් ගල් ගුහායෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභීත කෙසර සිංහරාජයකු සේද, නික් මැ,

බුදුන් වහන්සේ දම් සභා මණ්ඩපයයේදී සඟුන් වහන්සේලා වදාරා.....

මහණෙනි, මා එන්නාට පූර්ව භාගයෙහි කවර නම් කථාවෙකින් යුක්ත වැ උනු ද?   තොපට නොදැනෙන කථාවක් තොප සිතැ උපන් සැකයක් ඇත මට කියව.

සඟුන් වහන්සේලා ....

ස්වාමිනි, බුදුන් විසින් නොකියන්නට වදාළ රාජ කථා වාර කථාදි වූ දෙවිස් කථායෙන් යුක්ත නූන්නම්හ. බුදුන්ගේ සුවිශුද්ධ තීක්ෂණ  ප්‍රඥා ගුණ රසාස්වාදයෙන් පින - පිනා උන්නම්හ' යි

බුදුන් වහන්සේ.....

 මහණෙනි, දැන් මතු නොවෙයි. බුදුහු මහ නුවණැත්තෝ, පුර්වයෙහින් සසරැ සිටුනා කලෑ නුමුකළ නුවණෙහි සිටැ මෙමැ සර්වඥතා ඥානය සිද්ධ කරන පිණිසැ පාරමී ධර්මයන් පුරා ඇවිදුනා කාලයෙහිත් නුවණැත්තෝ මැ වෙත් දැයි වදාරා ..........................

පූර්ව ජන්මයෙහි නුමු කළ නුවණින් සිටි පාරමී ධර්මයෙන් පුරනා කල්හි මහ නුවණ ඇති පරිදි භවයෙන් සැඟැවී තිබෙයි. එහෙයින් ස්වාමි දරුණකි. අපට නොහැයකයි. .....  අතීත කාලයෙහි ප්‍රවෘත්ති  වු කථා ස්වරූපය ගෙනැහැර දක්වා වදාළ සේක.

මහෞෂධ කුමාර පුවත

·        මියුලු නුවර වේදේහ රජු දුටු සිහිනය

·        සතර පඬිවරුන්ගේ සිහින විග්‍රහය

·        මියුලු නුවර දකුණු යවමැදුම් ගම සිරිවඩ්ඪන සිටාණන්ගේ සුමනා දේවියගේ කුස පිළිසිඳ ගැනීම

·        දස මසකින් පුතෙක් වැදීම

·        නම් තැබීම

·        සිටාණන් එකදා උපන් කුමාරවරුන්ට  කුමාර පළඳනා හා කිරි මවුන් යැවීම

1.      සතර පඬිවරුන් නම් කරන්න.

2.      සිහිනයේ අර්ථ දක්වන්න.

                             i.           රාජංගනයේ සතර කොන නැඟී සිටි ගිනි කඳ සතර -

                           ii.           ගිනි කඳ සතරට මැදින් නැගුණු ගිනි කඳ -

                         iii.           බඹ ලොව දක්වා  ආලෝකය පැතුරුණු ද එහි ඇවිදින ඇත්තන්ගේ රෝම කූපයකින්වත් උණු නොවීම -

3.      බෝසතුන් ච්‍යුත වූයේ කවර දෙව්ලොවින්ද ? එදින සිදුවූ ආශ්චර්යමත් සිදුවීම කුමක්ද ?

4.      බෝසතුන්ගේ බිහිවන දින සක් දෙව් සඳුන් ගැටයක් අත තැබුවේ ඇයි ?

5.      මහෞෂධ නමින් නම් තැබුවේ ඇයි ?

6.      උපමා සම්පූර්ණ කරන්න.

                             i.           ඩබරාවකින් වෑහෙන .................... මෙන්

                           ii.           ධර්මාසනයකින් බස්නා ..................... මෙන්

                         iii.           නෙළුම් පතෙකැ නොඇලී රූරා ගෙනැ යන ....................... සේ

 

ශාලාව ඉදිකිරීම

හේතුව -  මහෞෂධ කුමරු ඇතුළු කුමාරවරු ක්‍රීඩා කරමින් සිටින විට වැස්සක් පැමිණීමෙන් පසු කුමාරවරුන්ට  සිදු වූ ශාරීරික පිඩාවන්ගෙන් බේරීමට මස්සක් ( මසුරන් - එකල භාවිත කළ මුදල් ඒකකයක්  ) බැගින්  එකතු කර ගොඩනැගිල්ල ඉදිකිරීම

වඩු ආචාර්යවරයෙකු ගෙන්වා  බිම සකස් කිරීම ( වඩු ආචාර්යවරයාගේ රෑන එළීම - නූල් ගැසීම සිත් නොගත් මහෞෂධ කුමරු රෑන  එළාදීම )

ශාලාවේ පිහිට වූ ස්ථාන - දුප්පතුන් වසන තැන, ගැහැණුන් වදන තැන, ආගන්තුක බමුණන් මිනිසුන් වසන තැන් , වෙළෙන්දුන් බඩු තබන තැන,

කෙළි මඬලක් අධිකරණ ශාලාවක්

සිතුවම් සහිතව

පොකුණක්

උයනක්

දන් වැටක් ( දානය දෙන තැනක්)

1)      බෝසතුන් ශාලාවක් ඉදි කරවන්න යෝග්‍ය බව ප්‍රකාශ කළේ ඇයි ?

2)      බෝසතුන්ගේ නුවණ ප්‍රකාශ වන අවස්ථාවක් නම් කරන්න.

3)      බෝසතුන් කුමාර අවධියේ සිට ම අනාගතය ගැන සිතා තීරණ ගත් බව

4)      පොකුණ තෙර සිටවූ ගස් මොනවාද ?

5)      බහුවචන අර්ථය ප්‍රකාශ කිරීමට යොදා ගත් පද  තුනක් ලියන්න.

6)      ''මේ ස්ථානයෙහි සුළං හමන කල්හි වේවයි. වැසි වස්නා කල්හි වේ ව යි. අවු පහරන කල්හි වේ ව යි. නොමිරිකී ඉඳිනට - සිටිනට - වැඳ හෝනට යොග්‍ය කොටැ ගෙයක් කරවම්හ. එකී එහි මස්සක් බැගින් ගෙනව යි වදාළ සේකැ." තේරුම ලියන්න.

7)      අර්ථ දක්වන්න

සුධර්මාව

නඳුන් උයන

8)      අවස්ථා සම්බන්ධය ලියන්න. ( කවුරුන් විසින් කා හට කවර අවස්ථාවක කියන ලද්දක්ද යන වග )

"මේ ගෙය වඩුවෙකු තමා නුවණ බලයෙකින් කළ දෙයක් නොවෙයි. සිරිවඩ්ඪන සිටාණන් ගේ පුතණු වූ මහෞෂධ පණ්ඩිතයන්ගේ විධානයෙන් උන් කී සැටියේ කරන ලදැ"

මාංශ ප්‍රශ්නය

v  මාංශ ප්‍රශ්නයේ සිට රථ ප්‍රශ්නය දක්වා ප්‍රශ්න මහෞෂධ කුමරු, තමා ඉදිකළ ශාලාවේ සිට කුඩා කාලයේදී  විමසා යුක්තිය පසිඳලීමේ ප්‍රශ්නය.

v   

        i.           උකුස්සා මස් වැදැල්ල ලබා ගත්තේ කුමන ස්ථානයකින්ද?

      ii.           උකුස්සා මස් වැදැල්ල  බිම හෙළුවේ කුමක් නිසා ද ?  

    iii.           සමාන පද ලියන්න. අංගාණියේ, කොලොම්බුවෙකින්, ආකාශයට,වැදැල්ල, පවනට ඡායාව ඔල්වරසන්

    iv.           ද ඉක්බිති සේ මැ යන පද හඳුන්ව නාමය කුමක්ද?

      v.            ඩ අකුරට මුලින් මුර්ධජ ණ යෙදෙන වචන පහක් ලියන්න.

    vi.           "උන් මේ නුවරට ආ තැන් පටන්, අපි හිරු දුටු කදෝ පැණියන් සේ නිෂ්ප්‍රභා වැ යන්නම් හ. රජ්ජුරුවෝ අප ඇති බවක් නොදන්නා හ. එසේ හෙයින් උන් මෙයට ගෙනැ එනු නුදුන මැනැව"

·        මෙහි අවස්ථා සම්බන්ධය ලියන්න.

·        උපමාව නම් කරන්න.

·        කදෝ පැණියන් යන්නෙහි තේරුම ලියන්න.

ගොන් ප්‍රශ්නය

        i.           ගොනා ගෙන ආවේ කවුද ? කුමක් පිණිසද ?

      ii.           ගොන් ගෙන ආ තැනැත්තා ඌට කැවුවේ කුමක්ද ?

    iii.           සොරු ගොනාට කෑමට දුන්නේ මොනවාද ?

    iv.           පණ්ඩිතයෝ ගොනාට පෙවූ කොළ වර්ගය නම් කරන්න.

      v.           සමාන පද ලියන්න. ලග්ගා, ඇසිල්ලෙහි, විචාල, කහල, ඩබර, උළුකැන්, ඇම්මුන

    vi.           කවමින්, බලා, නොකරව, යන පද කවර  ක්‍රියා පද වර්ගවලට අයත් ද?

 

ග්‍රන්ථි ප්‍රශ්නය

        i.           දුක්පත් ගැහැණිය කරින් ගැලවූ නූල් පළඳනාවේ වර්ණ කවරේද ?

      ii.           ඇය නෑවේ කොහෙන්ද ?

    iii.           සොර තැනැත්තිය ගැල්වූ සුවඳ කුමක්ද ?

    iv.           දුක්පත් ගැහැණිය ගැල්වූ සුවඳ කුමක්ද ?

      v.           පැන් තළියේ සුවඳ පරික්ෂා කළේ කවුරුන්ද ?

    vi.           ගැට හූ පළඳනාව , එකතුරු පට, සර්වසංහාරක, ඔසු දවටුවකු, ධූර්ත ස්ත්‍රී,  යන පද වල තේරුම් ලියන්න.

   vii.           මෑණියෙනි, යෙහෙළණියෙනි යන පද වල සඳහන් ගෞරවාර්ථ තද්ධිත  ප්‍රත්‍ය නම් කරන්න.

 viii.           බහුවචන වාක්‍යයක් උපුටා ලියන්න.

 

සුත්‍ර ප්‍රශ්නය

        i.           ස්ත්‍රීය රැක්කේ කුමක්ද ?

      ii.           සොර තැනැත්තිය කුමක් වට කොට හූ වැටිය සකස් කළේද ?

    iii.           ස්ත්‍රීය කුමක් වට කොට හූ වැටිය සකස් කළේද ?

    iv.           තමා රක්නා සේනෙහි සවසැ පිපි කපු කඩාගෙන, සකස් කොටැ කඩ පොළා වලු කොටැ, සීන් හූ කැටැ, වැටි කොටැ, ඒ හූ වැට ඉණැ තබා ගෙනැ, ගමට එන්නී,

·        වගන්තියේ තේරුම ලියන්න.

·        මෙහි සඳහන් පූර්ව ක්‍රියාපද නම් කරන්න.

·        එම ක්‍රියා පදවල ධාතුව  හා ප්‍රත්‍ය  වෙන් කරන්න.

පුත්‍ර ප්‍රශ්නය

        i.           යකින්නිය ගෑනු වෙසක් ගත්තේ ඇයි?

      ii.           මවගේ අවසරයෙන් යකින්නිය පුතුට දුන්නේ මොනවාද ?

    iii.           බෝසතාණන් වහන්සේ යකින්නියක බව දැන ගත්තේ කෙසේද ?

    iv.           බෝසතාණන් වහන්සේ යුක්තිය පසිඳලීම සදහා කුමක් කළේ ද?

      v.           දරුවා අතහැර අඬමින් සිටියේ කවුරුන්ද ?

    vi.           යකින්නියට දුන් උපදෙස කුමක්ද ?

   vii.           උක්ත හා අනුක්ත නාමපද දෙක බැගින් සොයන්න.

 viii.           "දරුවන් කෙරෙහි වැදුවන් ගේ ළය මොළොකද ; නොහොත් නොවැදුවන්ගේ ළය මොළොක් දැ ' යි ඇසුවේ කවුරුන්  කාගෙන් කවර අවස්ථාවක අසන ලද්දක්ද ?

    ix.           විශ්ව සාහිත්‍යයේ එන මීට සමාන නාට්‍ය කුමක්ද ?

කාළ ගෝල  ප්‍රශ්නය

        i.           කාළ ගෝල යන්නෙහි අදහස ලියන්න.

      ii.           කාළ ගෝල විවාහ වූයේ කා සමඟ ද?

    iii.           දෙමවුපියන් බැලීමට යන අතරතුර ගං තෙර  හමුවූයේ කවුරුන්ද ?

    iv.           පුරුෂයා  ගඟ ගැන විස්තර කළේ කෙසේද ?

      v.           ගඟේ ගැඹුරු බව කාළ ගෝලට දැනවීම පිණිස පුරුෂයා සිදු කළ උපක්‍රමය කුමක්ද ?

    vi.           කාළ ගෝල කෝපයෙන් දියට බැස්සේ කුමක් කියමින් ද?

   vii.           දික්පිටියා දික්තලාට ගං මැදදී කුමක් ප්‍රකාශ කළේ ද

 viii.           බෝසතාණන් වහන්සේ යුක්තිය පසිඳලීමේදී සිදු කළ අවස්ථාව දෙබසකින් ඉදිරිපත් කරන්න.

    ix.           පහත වචන වල තේරුම ලියන්න. බණවා, පිළිපන්නේ, බානා හ, පිළිවිස්ස හ, කඹුල

      x.            පහත ක්‍රියා පද පූර්ව, ආශිර්වාද , විධි , මිශ්‍ර  යන ක්‍රියා අනුව වර්ග කරන්න.

යව බල - බලා,  රැකෙම් වා මියෙම්වා, කරව කරවා  සිතමින්

රථ ප්‍රශ්නය

        i.           " මහෞෂධ බුද්ධාංකුරයා ගේ ප්‍රඥානුභාවය ප්‍රකාශ කරවමි " සිතා මිනිස් වෙසින් පැමිණියේ කවුරුන්ද ?

      ii.           රථ ප්‍රශ්නය විසදීමට මහෞෂධ පඬිතුමා සිදු කළ උපක්‍රමය ඔබේ වචනයෙන් ලියන්න.

    iii.           සක් දෙව් බව මහෞෂධ පඬිතුමා දැන ගත්තේ කෙසේද ?

    iv.           කරවමි කවර ක්‍රියා ප්‍රභේදයට අයත් වේද ?

      v.           ෂ අක්ෂරය යෙදුණු වචන පහක් සොයා ලියන්න.

 

දණ්ඩක  ප්‍රශ්නයේ සිට උද්‍යාන ප්‍රශ්නය දක්වා පණ්ඩිතයෝ   විමසීම සඳහා රජු විසින් යවන ලද ප්‍රශ්න ඇතුළත් වේ. මෙහිදී ගම්වැසියන්ට රජු ප්‍රශ්න යොමු කළ ද ඉන් රජු අපේක්ෂා කලේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධිය විමසා බැලීමයි. බෝසතුන් වහන්සේ  එම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ  සමාන වූ ප්‍රශ්න විසර්ජනය කිරීමෙනි.  

දණ්ඩක ප්‍රශ්නය

        i.           රජු විසින් නැගෙනහිර යවමැදුම් ගම් වැස්සන්ට යැවූ කිහිරි දණ්ඩෙන් විමසූ ප්‍රශ්නය කුමක්ද ?

      ii.           පණ්ඩිතයන් වහන්සේ කිහිරි දණ්ඩේ අගමුල විසර්ජනයට දුන් පිළිතුර ලියන්න.

    iii.           "පුත, අපි හැම කිහිරි දණ්ඩෙහි අග මුල  දැනැ ගන්ට  නොපොහොසතුම් හ." මෙහි අවස්ථා සම්බන්ධය ලියන්න.

    iv.           එයින්, , උන් , අපි, තෙපි යන පද කවර නමකින් හැඳින්වේද?

 

ශීර්ෂ ප්‍රශ්නය

        i.           ශීර්ෂ ප්‍රශ්නය නම් කරන්න

      ii.           ගෑනු හිසේ හා පිරිමි හිසේ ලක්ෂණ නම් කරන්න.

අභි ප්‍රශ්නය

        i.           අභි ප්‍රශ්නයෙන් කියවෙන්නේ කවර සත්වයන් ගැනද? උන්ගේ ලක්ෂණ වෙන වෙනම නම් කරන්න.

 

කුක්කුට ප්‍රශ්නය

ඉක්බිත්තෙන් එක් දවසක් නැගෙනහිර යව මැදුම් ගම් වැස්සෝ සර්වාංගයෙන් ධවල වු පයැ අං ඇති හිස් මොල්ලියක් ඇති, කාලත්‍රයය නො ඉක්මවා හඩන්නා වූ ගොනකු එවත් වයි. ඉදින්නේ වුහු නම් දහසක් දඩ යැ යි කියා යැවූ හ.

සරල බසින් ලියන්න

මණි ප්‍රශ්නය

      ii.           සක් දෙව් මැණික දුන්නේ කාටද? එහි විශේෂත්වය කුමක්ද ?

    iii.           පැරණි නූල ඉවත් කර අලුත් නූලක් දැමීමට නියම කළේ කාටද?

    iv.           පණ්ඩිතයන් නූල ඇමුණු ආකාරය කෙටියෙන් ලියන්න.

 

විජයාන ප්‍රශ්නය

        i.           රජු මඟුල් ගොනුට සිදු කළේ කුමක්ද ?

      ii.           රජු ගම්වැසියන්ට එවන ලද පැනය නම් කරන්න.

    iii.           මෙම පැනය විසඳීමට බෝසතුන් යොදා ගත් උපක්‍රමය දක්වන්න.

 

ඔදන ප්‍රශ්නය

        i.           පැසි බතින් රජු ඇසූ අට කාරණය නම් කරන්න.

      ii.           නාමයකට ඕ ප්‍රත්‍ය යෙදූ වචන දෙකක් උපුටා ලියන්න.

    iii.           ගෑණියක, පිරිමියෙකු, පණ්ඩිතයන්, සැළියෙකැ, නපුංසකයකු, යන පදවල අනියමාර්ථ ප්‍රත්‍ය වෙන් කරන්න.

    iv.           එම පදවල උක්ත පදය කවරේද ?

වාලුකාදිය ප්‍රශ්නය

        i.           රජු ගම්වැස්සන්ට යැවූ පණිවිඩය කුමක්ද?

      ii.           පණ්ඩිතයො ඊට යොදාගත් උපක්‍රමය නම් කරන්න.

    iii.           "පරණ වැලියොතින් වියතක් පමණ රෑන මාල්ලක් එවුව  මැනවැ. ඒ වැලි රෑන් පොල්ල බලා ඒ සීන දළ පමණින් වැලි යොතක් අඹරන්නා හ'යි කියව " තේරුම ලියන්න.

තඩාග ප්‍රශ්නය

        i.           රජු ගම්වැස්සන්ට යැවූ පණිවිඩය කුමක්ද?

      ii.           පණ්ඩිතයො ඊට යොදාගත් උපක්‍රමය නම් කරන්න.

    iii.           පස් පියුමෙන් , මුඛරිවූ , විය ඳඩු කැවිටි බහන් කැට මුගුරු, නුහුණුම්හ යන පදපදවල තේරුම් ලියන්න.

    iv.           ඔහු , තොපි , නුඹ , , උයිත් යන පද හඳුන්වන වියරණ විධිය නම් කරන්න.

      v.           මෙහි යෙදුණු උපමා පදය නම් කරන්න.

උද්‍යාන ප්‍රශ්නය

        i.           චම්පකාශොකවකුලතිලකාදීන් සුපුෂ්පිත තරුවරාකීර්ණ අලුත් උයනක් එවත්ව යන්නෙහි තේරුම ලියන්න.

      ii.           සුපුෂ්පිත යන්නෙහි උපසර්ග පද වෙන් කරන්න.

    iii.           ලාභමාත්සර්යය යන්නෙහි තේරුම කුමක්ද?

ගද්‍රභ ප්‍රශ්නය

වේදේහ රජු, මහෞෂධ පඬිතුමා තම  මියුලු නුවරට ගෙන්වා ගැනීමට උත්සාහ කළද එය සේනක ඇතුළු සතර පඬිවරුන් වළකාලීමට පියවර ගත් බව විස්තර විය. කෙසේ හෝ තම නුවරට ගෙන්වා රජු ඉදිරියේ විසඳන ප්‍රශ්න මින් අනතුරුව කියැවේ.

        i.           මහෞෂධ පඬිතුමා තම නුවරට ගෙන ඒමට ගිය රජුට සිදුවූ ඇබද්දිය කුමක්ද ?

      ii.           මෙහෙවර කරන්නා අත යැවූ පණිවිඩය කවරේද ?

    iii.           සතර පඬිවරුන් සිනාසුණේ ඇයි?

    iv.           කොටළුවෙකු ඇසුරින් මහෞෂධ පඬිතුමා විග්‍රහ කළේ කුමක් ගැනද?

      v.           මහ බෝසතුන්ගේ මෑණියන්ට යැවූ ආභරණ මොනවාද ?

    vi.           හෙළ වදන් හා සංස්කෘත  වචන වෙන් කරන්න. විසර්ජනය, බිඳී, හැම්මුන, ශ්‍රේෂ්ඨතර, හුනස්නෙන්, මුඛය, පර්ෂද්, මස්සක්, බන්ධනය, ආශ්චර්ය, පසස්නා

   vii.           නාම පද , ක්‍රියා පද , නිපාත පද , උපසර්ග පද සන්ධි පද වෙන් කරන්න. මඟුලසු, වළෙක, ගිවිසැ, පිළිසඳර , පිරිවරණ, හෙවත් , අගළ, නැඟී , ජාලාදී, පිණිස

මණි ප්‍රශ්නය

        i.           මණි ප්‍රශ්නය ඔබේ වචනයෙන් ලියන්න.

      ii.           පූර්ව ක්‍රියාපද දහයක් සොයා ලියන්න.

කකණ්ටක ප්‍රශ්නය

        i.           බොහොඬා යනු කවර සත්වයෙක්ද?

      ii.           රජුට කරන සේවය වෙනුවෙන් කෑමට දීමට නියම කළේ කුමන දෙයක් කුමන ප්‍රමාණයකින්ද?

    iii.           එකල පැවැති රාජ සම්මතය කුමක්ද ?

    iv.           බොහොඬා තුළ මානයක් උපන්නේ ඇයි ?

      v.           රජු ඉදිරියේ බොහොඬා  තොරණ අග සිට හිස සැලුවේ කුමන හේතුවක් නිසාද?

    vi.           මහෞෂධ පඬිතුමා බොහොඬාගේ ක්‍රියාවට හේතුව ප්‍රකාශ කළේ කෙසේද ?

   vii.           පහත පදවල විභක්ති නම් කරන්න. රජ්ජුරුවෝ, පණ්ඩිතයන්, වහන්සේට, දේවයන් වහන්ස, වේදේහයනි, වාසලින්,


 

පන්සිය පනස් ජාතක පොතෙහි එන පළමු වන කතාව අපණ්ණක ජාතකය වන අතර පන්සිය තිස් අට වෙනි කතාව උම්මග්ග ජාතකය යි. උමඟ යනු පොළොව යටින් කණින ලද මාර්ගය යි. උමඟක කතාවක් ඇතුළත් වන නිසාත්, බෝසතුන්ගේ ප්‍රඥා පාරමිතාව ඉස්මතු වන නිසාත් මෙය එනමින් හඳුන් වන බව විචාරකයෝ කියති. ජාතක පොත ලිවීමට ප්‍රථමයෙන් උම්මග්ග ජාතකය නමින් වෙනම ම කෘතියක් ලියැවුණු බව ද පසුව ලියැවුණු පන්සිය පනස් ජාතක පොතට එම කථාව එලෙස ම ඇතුළත් කර ලද බව ද කියැවේ.

උම්මග්ග ජාතකය ලියු කාලය හා කතුවරයා

කුරුණෑගල යුගයේ හතරවැනි පැරකුම්බා රජු දවස, එනම් දාහතර වැනි සියවසේ දී රජුගේ රාජ සභාවේ ඇමතිවරයෙකු වූ පරාක්‍රම නැමැත්තාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතිවරයා විසින් ලියන ලද බවට මතයක් පවතී. කෙසේ හෝ පන්සිය පනස් ජාතකය ලිවීමට පෙර උම්මග්ග ජාතකය ලියැවුණු බව සැලකේ.

උම්මග්ග ජාතකය ලිවීමට අරමුණ

ජාතක කතාකරුවන්ගේ පොදු අරමුණු වූයේ සාරධර්ම ගුණ වගාවෙන් පිරිපුන් යහපත් පුද්ගලයන්ගෙන් හෙබි ධාර්මික ජන සමාජයක් බිහි කිරීම ය. මේ සඳහා කතුවරයා කතාව විකාශනයේ දී ජනී ජනයා හට කිසියම් උපදේශයක් ද දීමට අමතක නො කරයි. කෙලින් ම නොකිවද අත් හළ යුතු දේ හා පිළිපැදිය යුතු දේ අනුගමනය කළ යුතු දේ වටහා දෙන ජීවිත විඥානයක් මේ කතා තුළින් හෙළිදරව් කරයි. අවශ්‍ය උපදේශයන් එයින් උකහා ගෙන ජන ජීවිතය සකස් කර ගැනීමට හා කුසල් සිත් දියුණු කර දෙලොව වැඩ සැලසීමට මෙයින් මග පෑදේ.

උම්මග්ග ජාතකය කියැවීමේ දී මීටත් වඩා පුළුල් පරමාර්ථයක් ද දිස් වන්නේය. එනම් බෝසතුන්ගේ ප්‍රඥා පරමාර්ථයක් ද දිස් වන්නේය. එනම් බෝසතුන්ගේ ප්‍රඥා පාරමිතාව ඉස්මතු කොට දැක්වීමයි. ප්‍රඥාව යනු තුන් කල් පිළිබඳ ව වැටහෙන නුවණයි. එවැනි ප්‍රඥාවක් පහළ වන්නේ බෝසත් උත්තමයෙකුට ය. බුදුවරයෙකුටය. මුළු උමංදාව ම විකාශනය වන්නේ මහෞෂධයන්ගේ අසහාය වූ ප්‍රඥා මහිමය කේන්ද්‍ර කොට ගෙනය.

තත්කාලීන බමුණු මතවාද උපහාසයට ලක් කිරීම ද, උමංදාවේ අවශේෂ අරමුණක් සේ පෙනේ. කේවට්ට, සේනක, පුක්කුස, කාවින්ද යන වියත් බමුණන්ගේ ක්‍රියා කලාපය නිරූපණය වන්නේ උපහාසය හා හාස්‍ය රසය දනවමිනි. බෝසත් චරිතය ඉස්මතු කොට දැක්වීම සඳහා එම චරිත මනා සේ උපයෝගී කරගනී.

පාඨක ශ්‍රාවක සමාජය තුළ පහත් සංවේගය හා බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩීම ද තවත් පරමාර්ථයක් සේ පෙනේ. එසේ ම සාහිත්‍ය කෘතියකින් ලැබිය හැකි රසවින්දනය ද අපේක්ෂා කරන්නට ඇත. ජාතක පොතට පෙර ලියන ලද ධර්ම ප්‍රදීපිකාව, සසදාවත, මුවදෙව්දාවත, කව්සිළුමිණ, අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය, වැනි කෘතීන්ගෙන් නොලත් ප්‍රඥා ගුණය උපායශීලී ඥානය හා සාහිත්‍ය රසය දීර්ඝතම ජාතක කතාවකින් ලබා දීමට ද කතුවරයා බලාපොරොත්තු වන්න ඇත.

උම්මග්ග ජාතකයේ කතා සාරය

·        වර්තමාන කතාව

බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි එම විහරවාසී භික්ෂූන් වහන්සේලා සැඳෑ කාලයෙහි දම් සභා මණ්ඩපයෙහි රැස්ව බුදුන් වහන්සේ වඩනා පෙර මග බලා වැඩ සිටින අතර සාකච්ඡාවෙහි යෙදී සිටිය හ. එහි මාතෘකාව වූයේ බුදුන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවේ මහිමය කෙතරම් ද යන්නයි. එතැනට වැඩි බුදුහු මෙතෙක් ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ කුමන කරුණක් පිළිබඳ ව දැයි සුපුරුදු පරිදි ඇසූහ. එවිට ප්‍රස්තුත කාරණය ඉදිරිපත් කෙරිණි. තමන් වහන්සේ මතු පමණක් නොව, මෙම සර්වඥතා ඥානය ලබාගැනීම් වස් පාරමී දම් පිරු භවයන්හි දී ද, ප්‍රඥා මහිමයෙන් යුක්ත වූම්හ යි බුදුහු පැවසූහ. මෙහි දී මතු පවතින ප්‍රඥාව පිළිබඳව තමන් දන්නා හෙයින් භවාන්තරයෙන් වැසී තිබෙන්නා වූ ප්‍රඥා මහිමය පිළිබඳ ව වදාරන්නැ යි එම භික්ෂූහු බුදුන් වහන්සේට ඇරයුම් කළහ. එවිට මෙම ප්‍රඥා පාරමිතා පූර්ව වූ උම්මග්ග ජාතකය දේශනා කළ සේක.

අතීත කතාව

එක් ආත්ම භවයක දී බෝසතාණන් වහන්සේ උතුරු දඹදිව් තලයේ මියුළු නුවර වාසල් දොරින් නැගෙනහිර යව මැදුම් ගම නිවැසි සිරිවඩ්ඩන සිටුවරයාට හා සුමනා දේවියට පුත්‍රව උපන්හ. සෑම බෝසත් උපතක් ම සුවිශේෂී අවස්ථාවක් විය යුතු හෙයින්, සක්‍ර දෙවිවේන්ද්‍රයෝ මව් කුසින් බිහිවන විට ම. මේ කුමරුන් අත සඳුන් කැටයක් තැබූහ. එය උරගා ගෑ විගස සියලු නිදන්ගත රෝග නසන මහා ඖෂධයක් වූ හෙයින් කුමරුට මහෞෂධ යන අර්ථාන්විත නම් තැබිණි.

මෙවකට මියුළු නුවර රජ වූයේ වේදේහ නම් රජ ය. මහෞෂධ කුමරු මව් කුස පිළිසිඳ ගත් දින ම රජු අමුතු සිහිනයක් දිටීය. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන රජුගේ පඬිවරු සතර දෙන රජුගේ සිහිනය පිළිබඳ නැකැත් ශාස්ත්‍ර බලා කීවේ ඉතා පින්වත් කුමරෙකු මතු උපදින බවත්, ඔහු තමන් හතර දෙනාට පස්වැනි ව පණ්ඩිත තනතුරු ලබන බවත් ය. කාලයාගේ වන අයුරු පෙණිනි. රජු ඇවෑමෙන් මහෞෂධ උත්පත්තිය පිළිබඳ ව ඇසූ රජුට සිහිනය සැබෑවන කුමරා ගැන ඉතා සැලකිලිමත් විය.

මහෞෂධයන් උපන් දින ම. තවත් ආශ්චර්යවත් සිදු වීමක් විය. එනම් එදින ම, එම ප්‍රදේශයෙහි තවත් ගෙවල දරුවන් දහසක් මව් කුසින් බිහි වීමයි. ඔවුන් ද මහෞෂධයන් සමග දෙව්ලොවින් චුතව අවුත්. මේ ගම මව්වරුන් කුස තුළ පිළිසිඳ ගත් අයයි. මොවුන් වැඩුණේ කෙළි සෙල්ලම් කළේ එකටමය. එසේම මහෞෂධයන්ගේ නායකත්වයෙන් ආශ්චර්යමත් වැඩ ද කළහ.

සත් හැවිරිදි වියෙහි දීම විශාල ක්‍රීඩා පිටියක් තනවා නැවත එහි විසිතුරු ශාලාවක් ද, උයනක් ද, පොකුණක්ද තනවා සුභ සාධන කටයුතු ද කරන්නට වන්නෝය. මහෞෂධයන්ගේ නැණ නුවණ විමසීම සඳහා වේදේහ රජු නොයෙක් ගැටළු හා ප්‍රශ්න ඉදිරිපත් කෙළේ ය. මහෞෂධයෝ ඒවා ඥානාන්විත ව විසඳුවා පමණක් නොව, මහජනයාගේ ගැටළුද විසඳා සිය ප්‍රඥා මහිමය දස දෙස පතළ කළෝ ය.

මහෞෂධයෝ සොළොස් හැවිරිදි වියෙහි දී රාජ්‍ය සේවයට බැඳී පුරෝහිත තනතුරින් පිදුම් ලැබ රාජ්‍ය පාලන කටයුතු සියල්ල කරට ගත්හ.

උදුම්බරා දේවියගේ උපදෙසින් අමරා දේවිය හා විවාහය ද සිදු විය. ප්‍රඥා මහිමය හා දුර දක්නා නුවණ ද උපාය කෞශල්‍යය ද මෙහෙයවා මියුළු නුවර සියලු සමෘද්ධියෙන් පිරිපුන් කොට, ආරක්ෂා සංවිධාන තර කර අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කොට විශිෂ්ට චරපුරුෂ සේවයක් හා විශිෂ්ට පණිවුඩ හුවමාරු ක්‍රමයක් ද උපයෝගී කොට ගෙන ක්‍රමවත් සංවිධානාත්මක පාලන තන්ත්‍රයක් ගෙන ගිය හ.

මේ අතර උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට නම් පුරෝහිත බමුණු දිග් විජය උදෙසා සතර කුමන්ත්‍රණයක් කළෝ ය. එහි පළමු වන කොටස වූ එක් සියයක් රටවල් රජුන් හා සේනාව උපක්‍රමයෙන් අවනත කර ගත්ත ද මන්ත්‍රණයේ දෙවැනි කොටස වූ එක් සියයක් රජ දරුවන් වස මිශ්‍ර රා පොවා මරා දැමීමේ සාපරාධී මිනිස් ඝාතනය ව්‍යර්ථ කරන්නට මහෞෂධයෝ සමත් වූහ.

නැවතත් බ්‍රහ්මදත්ත රජු එක්සියයක් රජුන් හා අටලොස් අහිණියක් සේනාව සමග නුවර වටලාගෙන සිටි අවස්ථාවේ මහෞෂධයෝ සිය ප්‍රඥා මහිමය යොදවා. සටනක් නො කොට ඔවුන් පළවා හැර රට බේරා ගත්හ.

මහෞෂධයන් හා වේදේහ රජුගෙන් පලි ගැනීමට ඉටා ගෙන කේවට්ට බමුණා විවා මඟුල නම් උපාය දියත් කළ ද එය ද ව්‍යර්ථ කෙරිණි. සේකාදීන්ගේ උපදෙසින් බ්‍රහ්මදත්ත දියණිය හා සමග වූ විවාහ උගුලට අසුවන්නට ගිය වේදේහ රජුගේ දිවි ගැලවූහ. සිය යෝධයන් හා කර්මාන්තයෙහි දක්ෂ ජනී ජනයා සමග උත්තර පංචාල නුවරට ගිය මහෞෂධයෝ විවාහ මංගල්‍යයට මාළිග තනන බව අඟවා බ්‍රහ්මදත්ත රජුගේ මාලිගයේ සිට ගං තෙර දක්වා යන උමඟක් කැණ එය තුළ මහා වීථි, කඩපිල්, ගබඩා, වෙළෙඳ සැල් ආදිය තනවා සුළු උමං දොරටුව ළඟ උපකාරි නම් වූ සියලු අංගෝපාංග සහිත නුවරක් කරවා, බ්‍රහ්මදත්ත රජ පවුල රවටා, උමග දිගේ ගෙන ගොස්, පංචාල චණ්ඩි කුමරිය වේදේහ රජුට පාවාදී මියුළු නුවරට ම යැවූහ.

එසේම චූලනී බ්‍රහ්මදත්ත හා එක් සියයක් රජුන් වසඟ කොට ගෙන, සතර කන්මන්ත්‍රණය හා කරන්නට තැත් කළ සාපරාධී මිනිස් ඝාතනය ද හෙළි කළහ. වේදේහ රජු හා පණ්ඩිතයන් සිව් දෙන ද එක් සියයක් රජ දරුවන් ද කුමන්ත්‍රණය දැන ගත්තේ එදින ය. තමන් සියල්ල කළේ බලකාමය තකා නො ව, සියලු දෙනාගේ ඉෂ්ට සිද්ධිය ප්‍රාන්නාවෙන් බව ද පහ පහදා දුන්හ. නැවත වේදේහ රජුගේ මරණින් පසුව, අමරා දේවිය හා පිරිස රැගෙන බ්‍රහ්මදත්ත රජු වෙත ගිය හ. කතාන්තරය තුළින් ම ඉස්මතු වන්නේ මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය යි. උපාය කෞල්‍යය හා දුර දක්නා නුවණ යි. මෙසේ කතාවේ පිළිවෙළ නො සිඳ අර්ථ නො සිඳ හේතු ඵල සම්බන්ධය උඩ කතාව ගලාගෙන යන ආකාරය විස්මිත ය. වර්තමාන රහස් පොලිසිය පවා පරදවන, විශිෂ්ට චර පුරුෂ සේවයක් ( මිනිසුන් හා සතුන් සම්බන්ධ කරගත්) හා විශිෂ්ට පණිවුඩ හුවමාරු හා සන්නිවේදන ක්‍රමයක් මෙම සිදුවීම් ජාලය සිසාරා සිටී. එසේ ම පතළ කරුණාව, වීර්යය හා අධිෂ්ඨාන පාරමිතාවේ ද අසමසම වූ පුණ්‍ය මහිමය ද උන්වහන්සේගේ ප්‍රඥා මහිමය උපාය කෞශල්‍යය හා දූරදර්ශී භාවය ද මෙයින් කුළු ගැන්වෙයි. එසේ ම නිරවුල් ව රසාලිප්ත ව මත බදින අයුරින් කතා රසය උපදවමින් උම්මග්ග ජාතකය ඉදිරිපත් කර ඇති බව ද කිව හැකිය.

උම්මග්ග ජාතකයේ චරිත නිරූපණය

මහෞෂධ පඬිතුමා

උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිතය වන්නේ ' සඳුන් කැටයක් අත්ලෙහි දරාගෙන උපන් මහෞෂධ කුමරු හෙවත් බෝසතාණන් වහන්සේ ය. බෝසත් චරිතය උත්තම චරිතය ලෙස නිරූපණය කිරීමට ජාතක කතාකරුවා පෙළඹී තිබෙන බව පන්සිය පනස් ජාතකය කියැවීමේ දී ගම්‍ය වෙයි. සඳුන් කැටය දරා සිටීම, උපන් හැටියේ කතා කිරීම ආදියේ පටන් ජාතක කතාව අවසානය දක්වා ම, වරින් වර ආශ්චර්යවත් සිදුවීම් නිරූපණය වෙයි. ළාබාල අවධියේ ම මහා ආශ්චර්යවත් සිදුවීම් නිරූපණය වෙයි. ළාබාල අවධියේ ම මහා ශාලාවක්, අධිකරණ ශාලාවක්, අලංකාර උයනක් හා පොකුණක් තැනීමද වේදේහ රජු අසා එවූ ප්‍රශ්න වලට ජා ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් දීම ද ආදි විස්මිත ක්‍රියාවන් නිසා එතුමන්ගේ ප්‍රඥා මහිමය දස දෙස පැතිර ගියේය.

ශාලා තැනවීම ආදි කටයුතු සඳහා මුදල් රැස් කළ ආකාරය වර්තමාන සමාජයට වටිනා ආදර්ශයක් ගෙනහැර පෙන්වයි. තමා හා හැදුණු වැඩුණු හිත මිතුරු දහසක් කුමාරවරුන්ට මස්ස බැගින් ගෙනෙන ලෙස මහෝෂධයෝ මෙසේ නියම කළහ.

'' සුළං හමන කල්හි වේවයි, වැසි වස්නා කල්හි වේවයි, අවු පහරන කල්හි වේව යි. නොමිරිකී ඉඳිනට සිටිනට වැද හෙන්නට ගෙයක් කරවම්හ. එකී මස්සක් බැගින් ගෙනෙව."

මෙම ක්‍රියාදාමය තුළින් සාමූහික බව හා එකමුතු බව සැලසුමකට අනුව කටයුතු කිරීම, තැනට සුදුසු නුවණ ආදි ගුණාංගයන් පිළිබඳ මහගු ආදර්ශයක් ලැබෙයි. ශාලාව සඳහා රෑත් එළිම විස්කම් දෙව්පුත් රෑන් එලුවාක් මෙන් විය. සියලුම තරාතිරම් වල ජන කොටස් වලට සියලු අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට ශාලාව ඉදිකළ අයුරු වර්තමාන තාක්ෂණික වැඩ ලෝකයට ද අභියෝග කරවන්නකි. උයන හා පොකුණු සැලසුම් කළ ආකාරය ද එබඳු ය. වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පීන් පරදවන සුලු ය. එසේම මෙම මහජන සුභ සාධන කටයුතු වර්තමාන පාලක පැලැන්තියට ද ඇස් අරවයි. තමන්ගේ ආත්ම ලාභය තකා කටයුතු කරන පාලයෝ බොහෝ විට මහජන හිත සුව නොසලකති. මහෞෂධ  චරිතයෙන් එවන් පාලකයින්ට මනා ඉගැන්වීමක් සිදු කරන්නේ නිතැතින්මය.

යොවුන් වියට පා තබන කාලයේ සිට මහෞෂධයන් එකිනෙක ප්‍රශ්න විසඳූ ආකාරය ද සමාජයට වටිනා ආදර්ශ ලබා දෙයි. විවාහය සඳහා ගුණවත් කාන්තාවක ම තෝරා ගැනීමේ වැදගත්කම ස්ත්‍රී ප්‍රශ්නය ප්‍රකට කරවයි. තමන්ට ගැළපෙන බිරිඳක සොයා නොගත හොත් ඇතිවන ගැටළු කාල ගෝල ප්‍රශ්නයෙන් පිළිබිඹු වේ. මාතෘ ප්‍රේමයෙහි අව්‍යාජ ස්වරූපය පුත්‍ර ප්‍රශ්නයෙන් හෙළි වේ. මවක තුළ ඇති දාරක ප්‍රේමය හා දරුවෙකුගේ දඟකාර හැසිරීම් නිසා මවට ඇතිවන ශාරීරික වේදනාව පවා, සැපයක් වන ආකාරය ද නියම මාතෘ ප්‍රේමය ගැන ද මාතෘ ප්‍රශ්නයෙන් හෙළි වේ. කර්ම ඵල අනුව, ඉරණම ඉෂ්ට සිද්ධ වන ආකාරය, 'සිරිකාලකණ්ණ ප්‍රශ්නයෙන් පෙන්වයි. මේ අයුරින් මහෞෂධයන් එකිනෙක ප්‍රශ්න දහනමයක් නුවණින් විසඳූ ආකාරය ඉදිරිපත් කිරීමෙන් ජාතක කතාකරු මනුෂ්‍ය සන්තානයෙහි ස්වභාවයත් වටහා දෙන අතර මනුෂ්‍යයා සිය ජිවන ගැටළු හමු වේ. බුද්ධිමත් ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් මනා ගුරු හරුකම් දෙයි.

සොළොස් හැවිරිදි වියේදී ම වේදේහ රජුගේ අග්‍ර පුරෝහිත තනතුරට පත් වූ මහෞෂධයෝ රාජ්‍ය පාලන කටයුතු ද භාර ගෙන මියුළු නුවර ආරක්ෂා සංවිධාන තර කරමින් දහඅට රියන් උස මහා ප්‍රාකාරය. තුන් අගල ආදිය තනා මතු විපත් වලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය කළහ.

රාජ්‍යය තුළ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කරවා වැව් පොකුණු වාරිමාර්ග ඉදිකර ධන ධාන්‍යයෙන් ආඩ්‍ය කළහ. මේ නිසා දඹදිව එක් සියයක් රාජධානි අවනත කරගත් චූලනී බ්‍රහ්මදත්ත රජුට මියුළු නුවර යටත් කර ගැනීමට නො හැකි විය. මෙයින් එතුමාගේ දූරදර්ශී නුවණ ප්‍රකට වේ.

මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය හා දූරදර්ශී ඥානය පිළිබිඹු කරන අනෙක් ක්‍රියාව නම්, ඉතා විශිෂ්ට චර පුරුෂ සේවාව හා පණිවුඩ හුවමාරු ක්‍රමයයි. එතුමාගේ උපදෙසින් සෑම රාජ්‍යයක ම රජුන් වෙත ගොස් ප්‍රාණ හා සමාන මිත්‍රයන් වී ඉතා සමීපව කටයුතු කළේ එම චර පුරුෂයන් ය. එනිසා එම සියලුම රාජ්‍ය වල කටයුතු හා රහස් පිළිබඳව මියුළු නුවර සිට ම වහාම දැන ගැනීමට ද ඔහුට හැකි විය. කේවට්ට බමුණු විසින් සැලසුම් කළ, සතර කන් මන්ත්‍රණය ව්‍යර්ථ කොට, ඒ සා මහත් සාපරාධී මිනිස් ඝාතනය වැලැක්වීමට අවස්ථාව සැලසුණේ මෙම අති විශිෂ්ට චරපුරුෂ සේවාව නිසාය.

උමංදාවේ එන මහෞෂධ චරිතය උපාය කෞෂල්‍යයෙන් ද අනූනය. විෂරා පෙවීම සංඛ්‍යාත භයංකර මරණයෙන් එක් සියයක් රජවරුන් බේරා ගැනීම, මියුළු නුවර ජය ගැනීම උදෙසා කේවට්ට බමුණු යෙදූ සියලු උපායන් ව්‍යර්ථ කිරීම. ධර්ම යුද්ධයේ දී කේවට්ටයා පරාජය කිරීම අනුකේවට්ට උපාය, රහසේ කණිනු ලැබූ උමං කර්මාන්තයට යන වියදම් බ්‍රහ්මදත්තයන්ගේ රාජ්‍යයෙන් ම ලබා ගැනීම. බ්‍රහ්මදත්තයන්ගේ මුරකා වලට තම චර පුරුෂයන් ව යෙදවීම. බ්‍රහ්මදත්තයන් ඇතුළු එක් සියයක් රජ දරුවන් තමන් වසඟයට ගැනීම ආදි සෑම අවස්ථාවකදී ම මහෞෂධයන්ගේ විශිෂ්ට වූ උපාය කෞශල්‍යය නිරූපණය කෙරේ. එක ලේ බිඳකුදු නො සොල්වාම් මිනිස් ඝාතනයකුදු නො කර අටළොස් අක්ෂෞහිණියක් සතුරු සේනාවන්ගෙන් මියුළු නුවර බේරා ගැනීමට හැකි වූයේ මේ උපායශීලී බව නිසාය

රාජ්‍ය  තාන්ත්‍රිකය වගකීම් අකුරටම ඉටු කරන, ඉතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ගති ලක්ෂණ ද මෙම චරිතයෙන් ඉස්මතු වේ. රට රජු හා වැසියා සුරැකීම සිය ධර්මය කොටගත් එතුමන් වේදේහ රජුට කිසිම මානසික ශාරීරික පීඩාවක් නැතිව සැනසිල්ලේ සිටීමට සලස්වා තුමුම සියලු ගැටළු වලට අහිතව මුහුණ දී යුතුකම ඉටු කොට රට සුඛිත මුදිත කිරීමට ද උත්සුක වූ බව පෙනේ.

මේ චරිතය ලක්ෂණයකි. චර පුරුෂයන්ගේ පවුල් වල අයට සත්කාර සංග්‍රහ කරමින් සේවයේ යෙදුණු සතුන්ට පවා සත්කාර කරමින් යුතුකම් ඉටු කළ බව පෙනේ. ඔවුහු ද සිය සේවය නොපිරිහෙළා ඉටු කළහ.

මනා ඉවසීමෙන් කටයුතු කළ පුද්ගලයෙකු ලෙස ද මහෞෂධ චරිතය කැපී පෙනේ. සතරකන් මන්ත්‍රණය පිළිබඳ ව ගිරා පෝතකයා පැවසූ අවස්ථාවේ දී ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් නිසි තැන්හි දී නිසි පරිදි ප්‍රඥාව, දූරදර්ශී බව හා උපාය කෞශල්‍යය මෙහෙයවා මහත් විනාශයක් වලක්වා ගැනීම මෙයට එක් නිදසුනකි. පංචාල චණ්ඩි කුමරිය හා වේදේහ රජු පිළිබඳ විවාහ මංගල්‍යය සිද්ධියේ දී සේනකාදි පණ්ඩිතවරුන් ඉදිරිපිට දී වේදේහ රජු මහත් සේ මහෞෂධයන්ට පරිභව කළහ. තම රාජ්‍යයෙන් ද නෙරපා හැරීම සඳහා රජු ඉදිරිපත් වීමට ප්‍රථමයෙන් මහෝෂධයෝ මහත් ඉවසීමෙන් යුතු ව රජුට වැඳ රජගෙන් පිටමං වූහ.

අවශේෂ රජුන්, බමුණු ආදි සියලු චරිතවල දුර්වලතැන් මතු කොට දක්වන අතර, බෝසත් චරිතයේ පුණ්‍ය මහිමය නිසා අධිෂ්ඨාන ඉටුවන අයුරු ද තුන්කල් දක්නා නුවණින් හෙවත් මහා ප්‍රඥාවෙන් සියලු අපේක්ෂාවන් ඉටුකර ගන්නා අයුරු ද මැනවින් නිරූපණය වේ.

අනිකුත් චරිත ලවා, මහෞෂධයන් පිළිබඳව පැහැදිම ඉස්මතු කරන ප්‍රකාශ ද බොහෝය. මහෞෂධයන් පිළිබඳව කේවට්ට බමුණු මෙසේ කියයි.

මේ වේදේහ රජුගේ බලයක් නොවේ. මහෞෂධ පණ්ඩිතයන්ගේ විධාන ය. ඌ තුමූ මහානුභාව ඇත්තාහ. මිථිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැක්කේය.

ම පුතණුවෝ නම් මතු වන්නා වූ භය තමන්ගේ ප්‍රඥාවක්ෂු සීන් මනාකොට දුට හ.’’ (වේදේහ රජු)

පණ්ඩිතයෙනි, අවීචියෙහි පටන් භවාග්‍රයෙහි පටන් භවාග්‍රය දක්වා තොප හා සම නුවණැති කෙනෙක් නම් නැත..’’ ( වේදේහ රජු)

සේනකාදී පණ්ඩිතවරුන් ලවා ද මහෞෂධයන්ගේ ගුණ වැයේ.

මේ දුකින් අප හැම දෙනා සුවසේ මුදා පියන් නම්, කරුණා නිධාන වූ ජනහිත නිරත වූ මහෞෂධ ස්වාමීන් විනා අපගේ නුවණින් ඒ අන්ධයන්ට විෂය නො වෙයි.

මහජනයා ලවා ද බෝසතුන් ගුණ ම කියැවේ.

සත් හැවිරිද්දේ පටන් ඔබගේ බල තමන් හැම ඉඳුරා දන්නා හෙයින්

ආදී වශයෙන් මහජනයා ලවා නිරතුරුව ම උන් වහන්සේ අගය කරවයි.

ජාතක කතාකරුවා මහෞෂධ චරිතය නිර්මාණය කිරීමේ දී බෙහෙවින් ම පක්ෂග්‍රාහී වී ඇති බව පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ බෝසත් චරිතය උත්තම චරිතය ලෙස හුවා දැක්වීමට සිදු වීමයි. සංවිධාන ශක්තියෙහි දුර්වල අවස්ථා මතු වූ විට පුණ්‍ය මහිමය හා අධිෂ්ඨා ශක්තිය ඉස්මතු කිරීමට කතුවරයා වගබලා ගනී. මේ එයට නිදසුන් ය.

බෝධි සත්වයන්ගේ ආනුභාවයෙන් නොසිතූ මුත් ‘’

බෝධිසත්තානං අධිප්පයා නාම ඉජ්ඣන්ති.. යි බැවින්.. අදහස් සිදුවෙයි වදාළ

බෝධිසත්වයන්ගේ අභිප්‍රාය නම් සිද්ධ වන්නේය. එබැවින් එක රැයින් පැළ නැ.........වුරු මුදුනින් ඉතා නිල් වලා සමුහයක් සේ අතිනීල වැ පෙනෙන්නට වන්...’’

ධර්ම යුද්ධ අවස්ථාවේ දී මහෝෂධයන් කේවට්ට බමුණාට සැලකුවේ මහත් අකරුණාවත් අන්දමටය.

එක් අතකින් පිටි කර හා එක් අතකින් පිටි මුල හා තරයේ අල්ලාගෙන.....මුඛය හා සමග නළල, පෙරළ පෙරළා කොරසැති බිම උළා රත් වද මලක් සේ ලේ හා පස් හා ඒකා.....’’

විවාහ මංගල යෝජනාව අවස්ථාවේ දී කේවට්ටයන් මහෞෂධයන්ගේ ගෙට ගිය විට සලකන ලද්දේ ඉතා පහත් අන්දමිණි සේවකයන්ගේ පහරදීම්වලට නින්දා වලට තාඩන පීඩන වලට ලක් වූ කේවට්ටයන් ඉතාමත් අසරණ විය. මෙසේ කේවට්ටයන්ට සැලකීමට හේතුව ඔහු විසින් කරන ලද තුච්ච යෝජනා හා පහත් ක්‍රියාවලට එවැනි පහත් සංග්‍රහයක් කිරීම සුදුසු නිසා විය හැකි ය. එහෙත් උමංදාකරු මෂධයන් හඳුන් වන්නේ ඉතා කරුණාවෙනි. ඉතා ගෞරවයෙනි.

" ඒ අසමින් සකල ජනාද කර වූ තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ "

" තමන් පා පියුම් ලෝ මුදුන් කළ තිලෝගුරු බෝධි සත්වයන් " එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ" ''අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ "

මෙසේ හැම විට ම බෝසත් චරිතය උසස් ලෙස නිරූපණය කිරීම සඳහා බස් වහර ද යොදා ඇත. මහෝෂධ චරිතය උත්තම චරිතය හා ප්‍රධාන චරිතය ලෙස උමංදාවේ ඉස්මතු කර දක්වා ඇති බව මේ අනුව පෙනේ.

කේවට්ට බමුණ

චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිත තනතුර හෙබ වූ මොහු ද ඥානවන්තය. උපායශීලීය. එහෙත් තනතුරු ලෝභය හා වස්තු කාමය නිසා තමන්ට නොගැළපෙන ක්‍රියා කළේය. සතරකන්මන්ත්‍රණය එබන්දකි. ඔහු සැලසුම් කළ මහා මිනිස් ඝාතනය ව්‍යර්ථ වී ගියේ මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය නිසා ය. එහෙත් කේවට්ට උපක්‍රමශීලීව ක්‍රියා කොට එක් සියයක් රාජධානි අවනත කරගෙන බ්‍රහ්මදත්ත රජුගේ බලය වර්ධනය කිරීමට සමත් විය. මියුළු නුවරට මුල දී අත නොගැසුවේ මහෞෂධයන්ගේ බලය හා ප්‍රඥාව අවබෝධ කරගෙන සිටි නිසාය.

උමංදාවෙහි බොහෝ තැන්වල දී කේවට්ට චරිතය අවඥාවට ලක්කර තිබේ. මේ එයට නිදසුන්

" සීනෙන් දුටුවන් බාන තරම් මොහුගේ රූප විලාශය හා කඩදත් හා මුණ හා රත් වූ ඇස් හා

ඇති මොහු..... විරූප වූ බැලුම් ඇති නපුරු වූ බමුණා..

"නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ..."

" එසේම නිවට වූ කේවට්ටයා......ඉතා අලජ්ජි වූ කේටට්ටයා '"

"කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට අනාචාර්ය ඇති අවලක්ෂණ බමුණු මහල්ල"

"ඒ දුෂ්ටයා කියන්නේ

" වැසි සමයේ ගවර පිරි ගෙවුදකට වන ගොන් මාල්ලකු සේ"

කේවට්ට බමුණු උපායෙහි සමත්ය. යුද්ධෝපායන් හා ධර්ම යුද්ධය ජය ගත නො හැකි වූයේ මහෞෂධයන්ගේ ප්‍රඥාවත් චරපුරුෂ සේවයත් නිසා ය. සිදු විය හැකි දේ ගැන චර පුරුෂයන් මගින් කලින් දැන නො ගත්තා නම් එම උමක්‍රම සාර්ථක වන්නට ඉඩ තිබුණි. එසේ ම සතරකන් මන්ත්‍රණය පරිදි සාපරාධී මිනිස් ඝාතනය පවා කරන්නට ඉඩ තිබුණි. දඹදිව් තලයේ අග්‍ර රාජයා බවට බ්‍රහ්මදත්ත රජු පත් කරන්නටත් තමන් අග්‍ර පුරෝහිතයා වන්නටත් සිතා ඔහු විසින් කරන ලද සෑම ක්‍රියාවක් ම නිෂ්ඵල වූයේ මහෞෂධයන් සිය චරපුරුෂ සේවය මගින් ඔහුගේ සියලුම රහස් දැනගත් නිසා ය. කල්තියා ම ඒවා ගැන දැනගත් නිසා මහෞෂධයන්ට සූදානම් ව සිට කටයුතු සංවිධානය කිරීමටත් මියුළු නුවර බේරා ගැනීමටත් හැකි විය.

කේවට්ට නොපසුබස්නා උත්සාහයෙන් යුත් පුද්ගලයෙකු ලෙසින්ද නිරූපණය වේ. මුල සිට ම සිය අරමුණු කෙසේ හෝ ඉටු කර ගැනීමට ඔහු ක්‍රියා කළේය. මියුළු නුවර ජය ගැන්ම සඳහා කරන එක උපක්‍රමයක් අසාර්ථක වූ විට තව උපක්‍රමයක් යෙදීය.

" ඒ අසමින් සකල ජනාද කර වූ තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ "

" තමන් පා පියුම් ලෝ මුදුන් කළ තිලෝගුරු බෝධි සත්වයන් " එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ" ''අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ "

මෙසේ හැම විට ම බෝසත් චරිතය උසස් ලෙස නිරූපණය කිරීම සඳහා බස් වහර ද යොදා ඇත. මහෝෂධ චරිතය උත්තම චරිතය හා ප්‍රධාන චරිතය ලෙස උමංදාවේ ඉස්මතු කර දක්වා ඇති බව මේ අනුව පෙනේ.

 

·        වේදේහ රජු

උමංදාවේ වේදේහ රජුගේ චරිතය නිරූපණය කොට ඇත්තේ පාලක පැලැන්තියේ දුර්වලකම තියුණු ලෙස උපහාසයට ලක්වන පරිදි ය. ඔහුට උපදෙස් දීමට සිටියේ සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන පණ්ඩිතයන් හතරදෙනා ය. ඔවුන් හා රජු ශාස්ත්‍ර නිමිති බලමින් කල් ගත කළා විනා රාජ්‍යයේ ආරක්ෂා සංවිධාන සැලසූයේ නැත. තමා දුටු සීනයේ ඵලය වූ මහෞෂධයන්ගේ ඉපදීමෙන් පසු ව රජුගේ ඉරණම යහපත් වන්නට විය. ළදරු අවදියේ සිට මහෞෂධයන් පෑ ප්‍රඥා මහිමය ගැන අසා පණ්ඩිතයන් සිව් දෙනා සමග එකතුව විවිධ ප්‍රශ්න එතුමා වෙත ඉදිරිපත් කරමින් රජු එතුමාගේ නුවණෙහි තරම විමසූ හ. ඒ පැණ විසඳුම් වල දී මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය ද අනෙක් පණ්ඩිතයන්ගේ අඥානකම ද ඉස්මතු කෙරිණි.

වේදේහ රජු මහෞෂධයන් අග්‍රපුරෝහිත තනතුරට පත් කරගත් දා සිට එතුමා ගැන පූර්ණ විශ්වාසයෙන් තමා බලා සිටියා මිස රාජ්‍ය පාලන කටයුතු කිසිවක් නොකළේය. මහෞෂධ යෝ ඒ සියල්ල කරට ගෙන රජුත් රටත් වැසියාත් ආරක්ෂා කළහ. අටළොස් අහිණියක් වූ බ්‍රහ්මදත්තගේ සේනාව මියුළු නුවර වටලා ගත් විට හේ බියගුල්ලකු සේ හැසිරුණේය. තමන් ගලවා ගැන්ම මහෞෂධයන්ට භාර කළේය.

නුවණ නම් මෙසේ වූ තැනට වේ ද? එහෙයින් තෙපිම දනුව. මේ මහා සේනාවෙන් අපට කෙසේ ගැලවීමක් වේ ද?

ආදී වශයෙන් මහෞෂධයන්ගේ පිහිට ම පැතූහ. මහෞෂධයන් විසින් මහා ප්‍රාකාර දිය අගල් තනවා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවා රට සමෘද්ධිමත් කර චරපුරුෂ සේවයද පිහිටුවා මතු සතුරු උවදුරු වලට සාර්ථකව මුහුණ දීම සඳහා කළ අප්‍රමාණ කටයුතුවල දී මොවුන්ගේ සහාය නොලැබිණි. සතුරු සේනාව නුවර වටලාගෙන සිටින නියාව ද ඇසූයේ පරම්පරා ශබ්දයෙන් හෙවත් කටිකතා වලිනි. සියලු කටයුතු සඳහා මහෞෂධයන්ට සහාය වූයේ වේදේහ රජ නො ව තමන්ගේම චර පුරුෂයන් ය.

බ්‍රහ්මදත්තයන්ගේ දු කුමරිය පිළිබඳ විවාහ ඉගුලට අසු වී වේදේහ රජු බමුණන් ඇතුළු පිරිස සතුරු සෙනග විසින් වට කර ගත් අවස්ථාවේ මරණ භයින් වෙලී වේදේහ රජු කළ බැගෑපත් කන්නලව්ව ඔහුගේ බියගුලු බවට හොඳ නිදසුනකි.

ඉතා මෘදු වූ ලා අඹ දළුවක් පරිද්දෙන් මාගේ ළය වෙව්ලන්නේය. මුඛයෙහි කෙළ සිඳී ගියේ ය. තව ද කඹුරන්ගේ ගිනි ඇතුළෙන් දවන්නේය. පිටත නොපෙනෙන්නේය. එපරිද්දෙන් මාගේ ළෙහි ගිනිගත හෘදය මාංශය දැවෙන්නේ ය. කියා හැඬු හ. ‘’

ගැලවෙන උපායක් කියව. තොප හැර මට අනික් පිටිවහලක් නැතැයි කීහ. ‘’

අන්තිමේ දී වේදේහ රජු සිය සේනකාදී පණ්ඩිතයන්ගේ අඥානත්වය වටහා ගනී.

‘’ උපායක් නොදන්නා අඥානයන් සමීපයෙහි අනේ මා විසූ නියාවත් නපුරුය. පැන් නැති මහ වනයේ අතු විසුවාක් වැන්න.

වේදේහ රජුගේ ස්ත්‍රී සොඬ බව ද මනාව ප්‍රකට වේ. කේවට්ටියා ගායකයන් ලවා පංචාල චණ්ඩි කුමරිය ගැන කළ වර්ණනාවට රැවටී වේදේහ රජු තමන්ට වඩා ඉතා ළාබාළ එ කුමරිය හා විවාහ වීමට පෙළඹීමෙන් මහත් අනතුරකට මුහුණ පෑයේයහොඳ ගුණාංග හා නම්‍යශීලි බවත් ඒ සිදුවීම්වලින් පෙනේ. එහෙත් කේවට්ටයන්ගේ තනතුරු කාමය හා තමාගේ බල කාමය ඉදිරියේ මුලදී අවිචාරයෙන් ක්‍රියා කළ බව පෙනේ. කෙසේ වුව ද උමංදාවේ එන ඉතා වැදගත් චරිතයක් ලෙස චූලනී බ්‍රහ්මදත්ත රජුගේ චරිතය සැලකිය හැකි ය.

සේනක පණ්ඩිතයෝ

වේදේහ රජුගේ ප්‍රධාන පඬිවරයෙහි කාවින්ද, දේවින්ද, පුක්කුස යන පඬිවරුන්ගේ සහයට සිටි සේනක පණ්ඩිතයෝ. ආත්මාර්ථකාමී අඥාන පුද්ගලයෙකු ලෙස නිරූපිත ය. එහෙත් සින පලාපල කීමේ දී නම් බුද්ධිමත් භාවය පෙන්වයි. මහෞෂධ පඬිවරයාගේ ප්‍රඥා මහිමය ඉදිරියේ ඔහු කදෝ පැණියකු මෙන් විය. මහෝෂධයන්ට ඊර්ෂ්‍යා කළ හේ රජු හා එතුමා අතර භේද ඇති කළේය. වේදේහ රජු නොමග යවා මහෞෂධයත් මැරවීමට පවා උපක්‍රම යෙදීය. එහෙත් ඒවා අසාර්ථක විය. බ්‍රහ්මදත්තයන්ගේ සේනාව මියුළු නුවර වටලාගත් අවස්ථාවේ දී භයින් වෙව්ලා ගියේය. රට බේරා ගැන්ම සඳහා කිසිවක් නොකළේය.

කේවට්ටයන් විසින් විවා මඟුල් යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී දුරදිග නොබලා මේ විවාහය සඳහා රජු පෙළඹවී ය.

තමා කරා එන ශ්‍රී කාන්තාව දුරු කරන කෙනෙක් ඇත් ද ........ නුඹ වහන්සේට වන්නේ මහත් අභිවෘද්ධියෙක්..... අපිත් නුඹ වහන්සේ හා කැටිව ගිය කල වස්ත්‍රාභරණ අන්න පානාදියෙන් සංග්‍රහ ලබන්නෙමු.

ආදී වශයෙන් වේදේහ රජු විවාහයට පෙළඹවී ය. මෙම යෝජනාවේ යටි අදහස ගැන නොසිතා තමන්ට ලැබෙන රස මසවුළු හා ලාභ ප්‍රයෝජන ගැන පමණක් සිතුවේ ය. ඔවුන්ගේ අවිචාරවත් ක්‍රියා කලාපය පිළිබඳ ව එයින් ම පැහැදිලි ය.

උත්තර පංචාල නුවර දී තමන් සතරු පිරිස විසින් වටකර ගත් විට පවා ඔහුට යථාර්ථය නො වැටහිණි. සතුරන්ගෙන් බේරීම සඳහා යෝජනා මාලිගය තුළට වී පිටතින් ගිනි දල්වා ඇතුළත සිට ඇ කළේ වේදේහ රජු ප්‍රධාන සියලු පිරිස සුදුසු බව ය. කොටා ගෙන මිය ගොස් එක සෑයක

සේනක පඬිවරයා කෝතමක් (වැරහැල්ලක්) ඇඳ ගෙන දණ නමාගෙන උමඟින් යන්නට සූදානම් වූ අවස්ථාව අතිශයින්ම හාස්‍යජනකය. සේනකයන්ගේ රහස් හෙළි කළ අවස්ථාව ද එබඳුය. සේනක පණ්ඩිතයාගේ චරිතය නිරූපණය කොට ඇත්තේ ඉතා අඥාන අවිචාරවත් නිවටයකු ලෙසිනි. හාස්‍ය රසය පතිත කරවන මේ චරිතය තත්කාලීන බමුණු මතවාද වලට ගැසූ පහරක් මෙනි.

·        උදුම්බරා දේවිය

දිසාපාමොක් ඇදුරුගේ දියණියයි. හොඳම ශිෂ්‍යයා වූ පිංගුත්තර නම් මානවකයාට ඇය සරණ කර දෙන ලදි. දිඹුල් ගසෙහි සිටි බැවින් උදුම්බරා නම් වූවා ය. ඈ පාවාගත් පිංගුත්තර ඇය දිඹුල් ගසෙහි තනිකර පලා ගිය අතර එතැනින් යන්නට ආ වේදේහ රජු ඇය පිළිබඳ සිතැති ව තොරතුරු විමසා බලා මාලිගයට කැඳවාගෙන ගොස් අග බිසව කර ගත්තේය. පසු දිනෙක මඟ යමින් සිටිය දී සැමියාගේ අවාසනාව දැක සිනා පහළ කළ ඇයව සැක කළ රජු ඇය මරා දැමීමට තැත් කළ විට බේරාගනු ලැබුවේ මහෞෂධයන් විසිනි. සිරි කාලකණ්ණි ප්‍රශ්නයේ දී කියැවෙන්නේ මෙම පුවතයි.

උම්මග්ග ජාතකය පුරාතන සිංහල ධර්ම ග්‍රන්ථ අතර අගය කළ හැකි ආකාරය

කුරුණෑගල යුගයේ උම්මග්ග ජාතකය සිය බසින් රචනා කරන කාලය වන විට සිය බසින් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය වැනි ධර්ම සාහිත්‍ය ප්‍රකරණයන් රචනා වී තිබිණි. කාලිංග එළුව නමින් ද හඳුන් වන කෙටි වාක්‍ය රටා වලින් හෙබි හෙමින් ගලා බස්නා රීතියකින් යුත් ගුරුළු ගෝමීන්ගේ අමාවතුරේ පුරිස ධම්මසාරථී යන බුදු ගුණය ඉස්මතු කරලීමට උත්සාහ ගෙන ඇත. වේගයෙන් ගලා බස්නා කථා මාධ්‍යයකින් යුත් සංස්කෘත මිශ්‍ර රීතියකින් හෙබි බුත්සරණින් විදුසක්විති විවිධ බුදු ගුණ ශ්‍රව්‍ය ගෝචර කරගෙන බුදුසරණ යෑමට ගෝතෘ ජනයාට අවස්ථාව සැලසේ. පොදු ජන වහරට සමීප ශෛලියකට නැඹුරු වී ධර්මසේන හිමියන් දඹදෙණි යුගයේ දී සිංහල බණ කථා ආඛ්‍යානයට එසේ ගුරුළුගෝමී, විදු සක්විති ධර්මසේන හිමි වැනි පඬිවරුන් ප්‍රබල අත්හදා බැලීම් කර තිබූ සාහිත්‍යයික පසුබිමක් පැවැති අවස්ථාවක උම්මග්ග ජාතක කථාකරුවා ද එකී පසු තලයෙන් ද ප්‍රතිෂ්ඨාව ලබා ගනිමින් ස්වකීය කථන ක්‍රමය ශෝතා පිරිසකට උචිත ශ්‍රව්‍යකාව්‍යාත්මක ශෛලියකින් ඉදිරිපත් කරන අයුරු දැකිය හැකි ය.

කථා කරුවා ග්‍රන්ථාරම්භයෙහි දක්වා ඇති බුත්සරණ බණ කථා ශෛලිය සිහියට නංවන වර්ණතා ප්‍රදේශයෙන් උදාහරණයක් මෙසේ ය.

"එක් සමයෙක්හි ශාක්‍ය සිංහ වූ සමන්ත හඳු වූ අසම සම වූ තෛලෝකතිලක වූ ත්‍රිභුවන

චූඩා මාණික්‍ය වූ කරුණා නිධාන වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුන ඇති....... මෙම වාසගම් ප්‍රදේශයෙහි අන්තර්ගත ශෛලිය විමර්ශනය කරන විට පෙනෙන්නේ එතෙක් ව්‍යවහාර ප්‍රාප්තව පැවති බුත්සරණ බණ කථා ආර පිළිබඳ පරිචයක් ඇතිව ශෝතා පිරිසකට අසා රසවිඳිය හැකි සේ ස්වකීය ආඛ්‍යාන රීතියට පිවිස සිටින ආකාරයයි.

 

උම්මග්ග ජාතකය බෝධි සත්ත්ව ආත්මයක් වූ මහෞෂධ චරිතය කේන්ද්‍ර කරගෙන එතුමන්ගේ ප්‍රඥා පාරමිතාව කුළු ගැන්වෙන පරිද්දෙන් නිර්මාණය කරන ලද්දකි.

"ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය වදාළ සේක.” යනුවෙන් මේ බව අඛ්‍යාතකරුවා විසින් ප්‍රකාශිතය.

බුදුන් වහන්සේගේ ශීල සමාධ්‍යාදි අනේකප්‍රාකාර ගුණ වර්ණනා කරමි දම් සභා මණ්ඩපයෙහි භික්ෂූන් පසුවුණු ආකාරය වර්ණනා කර ඇත්තේ කථාව අසා රස විදින ශෝතෘ පිරිසකගේ සෞන්දර්ය රුචිය සන්තර්පනය වන ආකාරයෙනි.

" ශක්‍රාගමනය බලමින් සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස්ව උන් දිව්‍ය සමූහයා සේ ධර්මරජාණන් වූ ධර්මාධිපති වූ ධර්මස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වඩනා පෙරමග බල බලා ධර්මාසනය පිරිවරා හිඳ..''

යන හිසින් එම අවස්ථාව වචන වලින් චලන චිත්‍රයක ස්වරූපයෙන් චක්ෂුන්ද්‍රිය ගත චිත්තරූප කවි සමය ඇසුරින් උපදවමින් ඉදිරිපත් කර තිබෙන ආකාරය ශෝතා පිරිසකගේ රුචිය හා බැඳී පවතී.

ධර්ම සභා මණ්ඩපාවිෂ්ඨව සිටි භික්ෂූන් වහන්සේලාගේ මානසික තත්ත්වය තවදුරටත් විෂද කරවන රචකයා ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ මෙන් බණ කථා කරණයට උචිත වාග් සංව්‍යුහය කෙටි වාක්‍ය රටාවන්ගෙන් සමීප කරගෙන ඇති අන්දම පහත දැක්වෙන උද්ධරණයෙන් පැහැදිලි වේ.

තුන් හෙළයේ සිංහල පන්තිය ·ආදිවාස හා දරුවෝ

" ස්වාමීනි බුදුන් විසින් නොකියන්නට වදාළ රාජ කථා චෝර කථාදි වූ දෙතිස් කථාවෙන් නුන්නම්හ. බුදුන්ගේ සුවිසුද්ධ නිරීක්ෂණ ප්‍රඥාගුණ රසාස්වාදයෙන් පින පිණා උන්නම්හ. ''

මෙම උදාහරණ ප්‍රදේශයෙහි ඇති බණ කථා ශෛලියෙන් පෙනෙන්නේ ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ දක්නට ලැබෙන පාලි රීතිය ගැන ද අවබෝධය ඇතිව තමන්ටම අනන්‍ය වූ විචිත්‍ර ශෛලියක් සිය බසට පිවිසුවා ලීමට උම්මග්ග ජාතක කථාකරුවා තුළ පැවැති වාග් බුහුටිකමයි.

උම්මග්ග ජාතක කථාකරුවා සිංහල ගද්‍ය සාහිත්‍ය වංශයෙහි මුදුන් මල්කඩ සේ සම්භාවනාවට පාත්‍රව ඇති ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය කතුවරයාට උපමාදී සංකල්ප රූප පරිහරණය විෂයෙහි බොහෝ දුරට ළං වන ස්වරූපයක් ද දැකිය හැකිය. එය සනාථ කිරීමට ඉදිරිපත් කළ හැකි ස්පර්ශක රූපයක් භාවිත වූ ස්ථානයක් මෙසේ ය.

" සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි පහළ ඉසරුජාව නෙළුම් පතෙක නොඇලි රූරා ගෙන යන දියත්තක් සේ නැතිව ගියේ ය."

සිරිවර්ධන සිටාණන්ගේ ඉසරුජාව මහෞෂධ නිසා නැති වී ගිය අයුරු රචකයා ප්‍රබල ස්පර්ශන රූපයක් ඇසුරින් ඉදිරිපත් කර තිබෙන අයුරු ස්වකීය හැඟීම් සංව්‍යුහගත සංකල්ප රූප වලින් උපශෝභිත කොට ඉදිරිපත් කිරීමට තිබූ පරිචය ද බණ කථාකරණයට වඩා උචිත රීතිය ළඟා කර ගැනීමට උම්මග්ග ජාතක කථාකරු සමත් වූ අයුරු ද පෙන්වන්නේ ය.

මාංස, ගණ්ඨි, පුත්‍ර, ගෝල කාල, රළු, දණ්ඩක, ශීර්ෂ, අහිකුන්ටක, විජයාන, ඕදන, වාලුකා, තඩාංග උද්‍යාන, ගදාහ, මණිකණ්ඨක, සිරි කාලකණ්ණි, මණ්ඩක ආදි ප්‍රශ්න යව මැදුම් ගම් වාසය කරමින් සිටි මනෞෂධ පඬිතුමා විසඳූ අයුරු ඔහුගේ තර්ක බුද්ධිය ප්‍රකට කරවන ප්‍රඥා පාරමිතාව නිදසුන් කළ හැකි රසභාව පූර්ණ වර්තමාන සාර්ථක කෙටි කථාවලට වුව ද තේමා කරගත හැකි ද සමකාලීන ශෝතාන්ගේ සෞන්දර්යය රුචිය සන්තර්පනය කරලීමට බෙහෙවින් උපස්ථම්භක වූ කථාන්තර ලෙස සැලකිය හැකි ය.

පැරණි සිංහල වෙනත් බණ කථා ග්‍රන්ථ වලට වඩා සමාජ හරස්කඩක් වන සේ නිර්මාණය වී කඩක් සේ ඇති කාලගෝල, සිරිකාලකණ්ණි යන කථාවල හමුවන අත්දැකීම් ශෝතෘ ජනයාගේ පරිඥානය විෂද කර ගැනීමට වැදගත් වේ. නැණවතා ද, ධනවතාද, ශ්‍රේෂ්ඨ යන ප්‍රශ්නය ද ශෝතෘ ජනයාගේ ඥෙය මණ්ඩලය පුළුල් වීමට හේතු වේ. අපේ පැරණි බණ කථා සාහිතහෙයත් හමු නොවන ඉතා දුර්ලභ ගණයේ ලා සැලකිය හැකි උදුම්බරා වැනි කාන්තාවන්ගේ චරිත ශෝතෘ ජනයා ඉදිරියට පමුණුවා ඇති ආකාරය උම්මග්ග ජාතකයට සෙසු පැරණි සිංහල බණ කථා වලට වඩා උසස් ස්ථානයක් හිමි වීමට හේතුකාරක සාධකයකි. උත්ප්‍රාසය හෙවත් සියුම් උපහාසය හා හාස්‍යය බමුණන්ට ද ඔවුන් විසින් අනුශාසිත රජුන් කෙරෙහි යොමු කරවමින් උමංදාව නිර්මාණය කර තිබීමද එහි අගය වැඩි වීමට හේතුවකි.

මෙලෙස සලකන විට උම්මග්ග ජාතකය පැරණි සිංහල බණ කථා සාහිත්‍යය ග්‍රන්ථ අතර උම්මග්ග ජාතකයට ම අනන්‍ය වූ ලක්ෂණ ඇති උපහාසය හා හාස්‍යය දැනවීම අතින් සෙසු හැම ග්‍රන්ථයක් ම අභිබවා ඉස්මතු වන ග්‍රන්ථා කරයක් බව පෙනී යයි. උද්දේශිත මේ කරුණු සෙසු පැරණි බණ කථා අතර උමංදාවට හිමි වන ස්ථානය පිළිබඳ තවදුරටත් විමර්ශනාක්ෂියට බඳුන් විය යුතු ය.

උම්මග්ග ජාතකයෙන් පිළිබඹු වන සමාජ තොරතුරු විමර්ශනය කිරීම

ෆෝස් බෙල් නම් ඉංග්‍රීසි පඬි රුවන විසින් ජාතක කථා ඉංග්‍රීසියට නැගීමෙන් පසුව එය සමාජ විද්‍යාත්මක වටිනා කමක් ඇති සශ්‍රීක මූලාශ්‍රයක් හැටියට පරිශීලනයට පෙළඹී තිබේ. 14 වන සියවස ගඟ සිරිපුර යුගයේ දී රචනා වන්නට ඇතැයි සලකන උම්මග්ග ජාතකය එකලාව ගෙන විමර්ශනය කරන්නකුට වුව ද විශේෂයෙන් පුරාතන භාරතීය සමාජය ගැනත් අවිශේෂයෙන් ලාංකීය සමාජය ගැනත් අවබෝධයක් ඇති කර ගැනීමට උද්ධෘතයෙන් අහුලා ගත හැකි ය.

උමංදාවෙන් විමර්ශනය වී ඇත්තේ බමුණන් විසින් අනුශාශිත දිග් විජය චාරිකාව ප්‍රිය කළ නරපතියන් විසූ කාල පරිච්ඡේදයක් දේශපාලන සංව්‍යුහය කරගත් අසංකීර්ණ (සරල) වැඩ වසම් සමාජයක් වූවාට බ්‍රාහ්මණයින්ගේ දූෂිත ක්‍රියාකාරකම් ගැන සිතුවමක් උමංදාවෙන් මවාගත හැකිය.

උමංදාවෙන් හමුවන උසස් පෙළේ බ්‍රාහ්මණයින් අතිශයින් දූෂිත කපටි, කුහක, දුෂ්චරිතවත් පුදද්ගලයන් සේ දැකිය හැකි ය. පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුට අනුශාසනා කරමින් කෙවුලා යන අර්ථය ඇති කේවට්ට බ්‍රාහ්මණයා අත්ත බිඳෙයි පය බුරුලෙන් නව කථාවේ ගැටමාන්තගේ චරිතයයේ ද දක්නට ලැබෙන මාරාන්තික ඇමවලට පුද්ගලයන් ග්‍රහණය කර ගන්නා කෙනෙකි.

උමංදාවට හසු වී තිබෙන සමාජයේ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් වීමට මහෞෂධ පණ්ඩිතයන් යව මැදුම් ගම වාසය කළ අවධියේ එතුමා විසින් ස්වකීය තර්ක බුද්ධිය මෙහෙයවා විස රජනය කළ ප්‍රශ්න එතුමාට සම්බන්ධ කථා වලින් තේරුම් ගත හැකිය. උමංදාවට හසු වී ඇති ග්‍රාම මූලස්ථ සමාජයේ ගෘහස්ථ ජීවිතයට දෙනෙත් යොමු කිරීමට අතිශයින් ප්‍රබල ලෙස උපනිශ්‍රය කරගත හැකි කථා වස්තු දෙකක් හැටියට ගෝලකාල හා සිරිකාලකණ්න යන ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි ය. ගෝලකාල ප්‍රශ්නයේ හමුවන කාලගෝල දික්තල යන පාත්‍රයින් දෙදෙනා ඔවුන්ගේ සමාජ ජීවිතය අසාර්ථක කර ගත් අය වෙති. සහජයෙන් ලද අජුව නිසාම වසර 7 ක් බැලමෙහෙවර කොට වුව ද ලබාගත් අඹුවගෙන් කාලගෝලට සෙනෙහසක් නොලැබේ. දික්පිටිය මුලාවෙන් අන්සතු බිරියක් පැහැර ගෙන යන්නෙකි. මහෞෂධ පණ්ඩිතයන් සමාජ ධර්ම වලට මුල් තැනක් දෙමින් දික්තල කාලගෝලට ම හිමිවන හැටියට ම ප්‍රශ්නය විසඳහා ඇත. මේ කථාව කියවන පාඨකයාට උමංදාවට හසු වුණු පංති විෂමතාවෙන් යුත් සමාජයේ පැවැති දුබලතා නිරීක්ෂණයට අවස්ථාවක් පාදාගත හැකි ය. සිරිකාලකණ්ණ ප්‍රශ්නයෙන් තත්කාලීන තක්ෂිලාව කේන්ද්‍ර කොට පැවැති වනපොත් කිරීම අධ්‍යාපන මාධ්‍යය කර ගත් ගුරු කුල සම්ප්‍රදායේ ස්වරූපය විමර්ශනය කෙරේ. එම තක්ෂිලාව බමුණු විදුහලෙන් දුන් ගතානුගතික අධ්‍යාපනයේ දුබලතා පිංගුත්තරට හිමි වුණු උදුම්බරා නමැති දිසාපාමොක් දියණියගේ සෙනෙහස ලබාගෙන ගෘහස්ථ ජීවිතය සාර්ථක කර ගැනීමට අපොහොසත් වීමෙන් පෙනේ. දිසාපාමොක් දුන් අධ්‍යාපනයේ ඇති දුබලතා වලට සවන් දීමට ද මේ කථාව මුලාශ්‍රයක් කර ගත හැකිය. පිංගුත්තරගේ ස්මරණ ඉන්ද්‍රිය හැර සෙසු ඉන්ද්‍රියයන් තක්ෂිලා ගුරු කුලය නිෂ්ක්‍රිය කර ඇත.

මහෞෂධ පණ්ඩිතයන් යව මැදුම් ගම්මානය සුධර්මා වැනි දිව්‍ය ශාලාවක් ද නන්දන බඳු පොකුණ ද වෙනත් තිඹිරි ගෙවල් ද ආගමික ඇඳුරන් පිළිගැනීමට ස්ථාන ද ඉදි කර ආදර්ශමත් ගම්මානයක් හැටියට සමෘද්ධියට පත් කර ඇත. යව මැදුම් ගමේ මහෞෂධකර වූ පොකුණ ප්‍රයෝජනයට ගත් ආකාරය පුත්‍ර ප්‍රශ්නයට සවන් දෙන විට අවබෝධ කර ගත හැකි ය. පැන් සැනහීම් එක ස්ත්‍රියක විසින් කළ ආකාරය විස්තර කරද්දී අපට සමාජ තොරතුරු රැසක් අවුලා ගැනීමට ඉඩ සලසා ඇත. අමරා දේවිය උදෑසනම සුළු කැන් පිස ගෙන පියාණන් සානා තැනට යන අවස්ථාව ප්‍රේක්ෂා කරන පාඨකයාට තත්කාලීන ඉන්දීය සමාජයේ සරල කෘෂිකාර්මික දිවි පැවැත්ම ගැන අවබෝධයක් ඇති කර ගත හැකිය.

මේ අවබෝධය ශ්‍රී ලංකාව සමගද සමාන කරණය වේ. පහත උද්ධෘතය ලංකාව ඉන්දියාව ආදි කොට ඇති කෘෂිකාර්මික ආසියාතික කවර වැඩවසම් සමාජයක වුව ස්වරූපය නිරීක්ෂණය ද කරවති.

අමරා දේවි හිසින් දර මිටියක් හා හිනෙන් පලා හිනක් අරගෙන වලින් අවුත් ඉදිරියේ දොර දර මිටිය හෙළා පෑල දොරින් ගෙන් ගෙට වන්නීය. ‘’

මේ උපුටනයෙන් සමකාලීනයන්ගේ විප්‍රයුක්තියට ගොදුරු වී ඇති ආදි කාලීන සමාජ සම්ප්‍රදායක විශේෂත්වය ද නිරීක්ෂණයට අවස්ථාව ලැබේ. උමංදා සමාජයේ පැවැති සමාජ හැසිරීම් රටා තේරුම් ගැනීමට ඉවහල් වන වාක්‍ය ප්‍රදේශයද අහුලා ගත හැකිය. කිසියම් වර ප්‍රසාදයක් ලෙස ඉඩ කඩම් ආදිය ප්‍රදානය කරන විට ඒවා අත පැන් වත්කර දෙන සිරිතක් පැවැති බව වේදේහ රජ්ජුරුවෝ සිරිවඩන සිටාණන්ට නැගෙනහිර යව මැඳුම් ගම පමුණු කොට ( සින්නක් කර) දෙන විට අත පැන් වත්කළ අවස්ථාවෙන් සිතා ගත හැකි ය. ලකුණ්ඨක ප්‍රශ්නය කියන විට පොහොය දිනවල පණිවා කළවුන් නොසිටි බව දැකිය හැකි ය.

තර්ක බුද්ධිය ප්‍රයෝජනයට ගෙන උමංදා සමාජයේ ප්‍රශ්න මහෞෂධ පණ්ඩිතයන් විසින් විසඳනු ලබයි. පුත්‍ර ප්‍රශ්නයේ දී දිග ඉරක් ඇඳ දරුවාගේ අයිතිය විනිශ්චය කළ අවස්ථාව පාඨනය කරන අපට නීතිය සාධාරණ ලෙස ඉටුවුණු සමාජයක් කල්පනාවට ගත හැකි වේ. නමුත් සේනක, කේවට්ට වැනි දූෂිත හා උගුල් අටවන බ්‍රාහ්මණ අමාත්‍යවරු මීට ඉඳුරා වෙනස් ලෙස ක්‍රියා කර තිබෙන බැවින් උමංදාව තුළ දැකිය හැක්කේ පොදුවේ බොහෝ සමාජ අසාධාරණකම් සිදු වී ඇති සමාජ රාමුවක් බවයි.

උමංදාව කියවන විට සමාජ ක්‍රමය කෘෂිකර්මය මත පදනම් වී තිබුණු බව පෙනෙන අතර වෙළඳාම, පේෂ කර්මය, කුඹල් කර්මය වැනි ඒවා ද්විතීයික වැදගත්කම ගත් බව පෙනේ. කාන්තාවන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ විවිධ කෝණ වලින් බැලීමට ද උමංදාව මුලාශ්‍රයක් කර ගත හැකිය. රාජකීය කාන්තාව උසස් අධ්‍යාපනයක් ලබා සිටි බව තලතා දේවියගේ චරිතය පරික්ෂා කරන විට සිතාගත හැකි ය. රාජකීය නොවූ කාන්තාවන් පවා බුද්ධිමත්ව සිටි බව අමරාදේවී හස්ත මුද්‍රාදිය භාවිතා කරමින් අදහස් සන්නිවේදනය කළ ආකාරයෙන් සිතාගත හැකි ය. මේ අතර බුද්ධිමත් වීමට අවස්ථාවක් නොලද සමාජයේ පීඩනයට ලක්ව සිටි කාන්තාවන් ගැන උමංදාවෙන් පැහැදිලි අවබෝධයක් ලද නොහැකි ය. සමාජ විද්‍යාත්මක වටිනාකමක් ඇති කාන්තාවන් පරිහරණය කළ විවිධ ආභරණ, ඇඳුම් පැළඳුම් පිළිබඳ විස්තර ද උමංදාවෙන් පාදා ගත හැකි ය. ඉන්දියාවේ රූප සම්පත්තියෙන් අග්‍රප්‍රාප්ත ව සිටි නන්දා දේවියගේ ඇඳුම් විස්තර කරන විට කසී දේශයේ රන්කම් කළ පිළි ඇඳ සිටි බව දැක් වේ. රාජකීය කතුන් කණක, කටක, නූපුර සහ මිණි මෙවුල්දම් ද පැළඳ සිටි බව හෙළි වේ. වේදේහ රජු පංචාල චණ්ඩ කුමරිය විවාහ කර ගත් දින ආතත, විතත, විතතාත, ඝන, ශුසිර යන පංචතූර්ය නාම සහිතව දින 7 ක් මුළුල්ලේ සැණකෙළි පවත්වා ඇත. රාජකීය සමාජය කාමභෝගී සමාජයක්ව තිබුණු බව ද උමංදාවෙන් දත හැකි කරුණු සමස්තයක් ලෙස ගෙන සලකන විට පෙනී යයි.

උමංදා සමාජය විශාල පන්ති පරතරයක් පැවති සමාජයක් බව පෙනේ. ඒ පිළිබඳ සංකේතයක් හැටියට උසස් කාන්තාවන් තම පළඳනාවල සර්ව සංහාරක සුවඳ ගැල් වූ අතර දුගී කතුන් පුවඟු මාලේ සුවඳ ගැල්වීම ද දැකිය හැකි ය.

සමුද්‍රයෙන් නැංගා වූ තල්මස් කැල සේ”

මුදු පරිගාන්නා සේ

කොමඩු බානා සේ ‘’

ආදී වශයෙන් විවිධ තැන්හි උපමාලංකාර යොදෙගෙන කතා රසය තීව්‍ර කොට ඇත.

නාට්‍යානුරූපී සංවාද යෙදීම ද, උමංදා බස් වහරෙහි ප්‍රකට ලක්ෂණයකි. තලතා දේවියගේ නුවණ පිළිබඳ අතුරු කතාව එක ම නාට්‍යයකි. සංවාද තුළින් පැහැදිලි චරිත නිරූපණයක් සිදු වේ.

ධර්ම යුද්ධය යෝජිත අවස්ථාව ද එබඳු එක් නිදසුනකි. සියලු උපාය ව්‍යර්ථ වූ කල, කේවට්ට තවත් යෝජනාවක් කරයි.

මමත් මහා නුවණැත්තෙක්මි. එක් ලෙසකින් ඔහු පරදවා පියමි.’’ ආචාරිනී එලෙස නම් තමා කිමිද?

ධර්ම යුද්ධ නම් දෙයක් කරමි. ධර්ම යුද්ධ නම් කිමද ?

මෙසේ සජීවී සංවාදය තුළින් අවස්ථාව කදිමට නිරූපණය වේ.

උමංදාව අනුප්‍රාසාතක යෙදුම් තුළින් ද ශබ්ද මාධූර්යය ඇති කරයි. මේ එබඳු තැනකි.

හස්ති ශබ්ද යැ, අශ්ව ශබ්ද යැ, වීණා ශබ්ද යැ, මෘදංග ශබ්ද යැ, ගීත ශබ්ද යැ, තාල ශබ්ද යැ, විදුව, ගනුව, අනුව යි මෙසේ දශවිධ ශබ්දයෙන් යුක්ත වුව.

හාස්‍ය රසය ජනිත කිරීමෙන් ද උමංදාවෙහි බස රසවත් වී ඇත. සතර කන්මන්ත්‍රණය කරන අවස්ථාව හොඳම නිදසුනකි.

සාල්ලේක ලා ලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා, කිමෙක් දැයි කට දල්වා උඩ බැලූ තැනැත්තවුගේ මුඛයෙහි නැවත වර්චස් පිඬක් හෙළා....’’

යනුවෙන් හාස්‍ය හා උපහාසය මුසු කරමින්, චිත්ත රූප නැංවෙන සේ කදිමට අවස්ථා නිරූපණය කිරීමට උමංදාකරු සමත්ව ඇත.

උමංදා බස් වහරෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි ද්‍රවිඩ වචන මිශ්‍රව තිබීම. මේ කාලය වන විට වරින් වර පැමිණි ද්‍රවිඩ කණ්ඩායම් ලංකාවේ රාජ්‍ය අර්බුද වලට බෙහෙවින් බලපෑ අතර සමාජ සංස්කෘතික අංග කෙරෙහි ද බලපවත්වන්නට විය. මේ නිසා ද්‍රවිඩ සිංහල භාෂා සම්මිශ්‍රණයක් ද සිදු වන්නට ඇත. උමංදාවේ සමහර තැන්වල ද්‍රවිඩ වචන සම්මිශ්‍රණය වීම නිසා සිංහල සාහිත්‍යයට ද ද්‍රවිඩ බලපෑම ඇති වූ බව සනාථ වෙයි. මේ එබඳු තැන් ය. ද

සිය ගණන් සාරි ගෙවල් හා වට බැඳි වෙට්ටම් ද ලවා වාසලක් පාසා පුලිමුඛම්......

මෙහි වෙට්ටම් පුලිමුඛම් වැනි වචන ද තවත් තැන්වල එය සින්නහර තන්තිරිපට වැනි වචන ද්‍රවිඩ භාෂාව බලපෑ බවට නිදසුන්ය. ද

එසේම සංස්කෘත වචන භාවිතය ද ඇතැම් තැන්වල දක්නට ලැබෙයි.

සුවඳ තෙලෙහි නඟන ලද පහන් ආලෝකයෙන් ගන්ධ දාම පුෂ්පදාමාවලම්හිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය දෙස බලන්නාහු....’’

තැන් තැන්වල පාලි පාඨ හා පාළි ගාථා ඇතුළත් කිරීම ද උමංදා බස් වහරෙහි තවත් ලක්ෂණයකි. ජාතක කතා කියාගෙන යන අවස්ථාවේ දී කරුණු පැහැදිලි කිරීම සඳහා තමන් වහස්නේ ම ඉදිරිපත් වී දෙසන ලද ගාථා කිහිපයක් තිස් අටවැනි පරිච්ඡේදයේ එයි. තවත් තැනෙක බෝධි සත්තානං අධිප්පයා නාම ඉච්ඡන්ති’’ යනුවෙන් සඳහන් වේ. ඒවා පාලි භාෂා මිශ්‍ර බස් වහරක් බවට නිදසුන් දෙයි. පාලි සාහිත්‍යයේ ආභාසය මෙකල සිංහල සාහිත්‍යය කෙරෙහි බලපෑ බවට සනාථ කරන්නකි.

උමංදාවේ බස්වහර ඇතැම් විට නූතන කෙටි කතාවල බස් වහරටද සමාන වන්නේ ය. ජනපථ ප්‍රශ්නය, ස්ත්‍රී ප්‍රශ්නය, සිරි කාලකණ්ණි ප්‍රශ්නය මෙයට හොඳ නිදසුන්ය.

ඉහත කී අයුරින් උමංදාවෙහි බස් වහර ඉතා විශිෂ්ට ගුණයෙන් යුක්ත බව පෙනේ. මෙය ඉතා ම දීර්ඝ ජාතක කතාව වුව ද කිසි අපහසුවකින් තොර ව කියවා ගෙන යා හැක්කේ මෙහි විශිෂ්ට බස් වහර නිසා ය. ශ්‍රව්‍ය ගෝචර බස් වහරක් අනුගමනය කළ ද විශිෂ්ට වු භාෂා ලක්ෂණ නිසා රසයට කිසිදු හානියක් සිදු වී නොමැත. අර්ථ රසය ද හීත නොමැත. බස් වහරෙහි ඖචිත්‍ය භාවය නිසා ම අවස්ථා හා සිද්ධි ද මැනවින් නිරූපණය වී ඇති බව කිව හැකි ය.

උමංදාව තුළින් ඉස්මතු වන සාර ධර්ම හා උකහා ගත හැකි ආදර්ශ

ජාතක කතාකරුවාගේ පරමාර්ථය වූයේ සාරධර්ම අගයන යහපත් ජන සමාජයක් බිහි කිරීමයි. මේ අනුව උම්මග්ග ජාතකය තුළින් ද බොහෝ සාරධර්ම හා ආදර්ශ ඉස්මතු කොට ගත හැකි ය. මනෞෂධ පණ්ඩිතයන්ගේ චරිතය තුළින් අපට මිනිස් සංහතිය කෙරෙහි පතළ දයාව, කරුණාව ඉස්මතුව පෙනේ. එතුමා උපන් දින ම තවත් කුමරුන් දහසක් ඉපදුණු බව ද සිරිවඩන සිටුතුමා ඔවුන් වෙත කුමාර පළඳනා සහ කිරි මවුන් වූ බව ද සඳහන් ය. තමන්ගේ දරුවන් ගැන පමණක් නොව සිටුතුමා අනෙක් දරුවන් කෙරේ ද දයා කරුණාව දැක්වීම සමාජයට උසස් ආදර්ශයක් ගෙන දෙයි.

මහෞෂධයන් ද සියලු දෙනා කෙරෙහි පතළ මානව දයාවෙන් යුක්ත වූ බවට නිදසුන් මෙහි සුලභය. කුමාර අවධියේ පටන්ම මහජන සුභ සාධනය උදෙසා කටයුතු කිරිමත් මහජනයාගේ ගැටළු විසදා ඔවුන් නිසි මඟ යැවීමත් රාජ්‍ය පාලනය භාරගත් තැන් සිට රට වැසියා සුඛිත මුදිත කිරීමට පෙළඹීමත් මෙයට නිදසුන් ය. එසේ ම කුමාර අවධියේ සිට හිත මිතුරු යෝධයන් දහස සමඟ එක්ව කළ ශාලා තැනීම සඳහා මුදල් ඉපයූ අන්දම ශාලා තැනවීම උයන් පොකුණු කරවීම ආදියෙන් එකමුතුකම සාමූහිකත්වය කඩිසර බව තීක්ෂණ ඥානයෙන් කටයුතු කිරීම වැනි මහඟු ආදර්ශ උකහා ගත හැකි ය.

එසේ ම සතුරාට ද දයාව කරුණාව එක සේ දැක්වීම ද මෙයින් මතුවන තවත් උසස් ගුණ ධර්මයකි. තමන්ට හැම විටම විපත් කළ, මරවන්නට පවා තැත් කළ, යටි උගුල් වලට හසු කිරීමට මාන බැලු සේනකාදී පණ්ඩිතවරුන්ට දයාව දැක්වූ බව පෙනේ. සේනකාදීන්ගේ රහස් එළිවීමෙන් කෝපයට පත් වේදේහ රජු ඔවුන් මරණයට නියම කළ විට ඔවුන්ට ජීවිත දානය දීමට ද මහෝෂධයෝ කටයුතු කළහ. එක් සියයක් රජ දරුවන්ට විෂ පොවා මැරීමේ සාපරාධී ක්‍රියාව වැලකීමෙන්ද චූලනී බ්‍රහ්මදත්තගේ සේනාව පසු පස එළවා පහර නොදීමෙන්ද මානව දයාව හා කරුණාව ඉස්මතු වෙයි. ඒ අනුව උමංදාවේ මහෞෂධ චරිතය තුළින් මානව දයාව පතළ කරුණාව සතුරාට ද මෛත්‍රී කිරීම, කළ වරදට සමාව දීම වැනි ගුණාංග සමාජය තුළ ප්‍රගුණ කරමින් මනා ආදර්ශයක් දෙයි.

යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කිරීම ද මෙහි දැක්වෙන හොඳ සාර ධර්මයකි. රටත්, රජුත්, වැසියාත් සුඛිත මුදිත කිරීමට ආරක්ෂා කිරීමට මහෞෂධයන් කැපවීමෙන් ක්‍රියා කළ ආකාරයෙන් ඉහත කී ගුණාංගය ද සමාජය තුළට දායාද කෙරේ. එසේ ම පරාර්ථ චර්යාව පිළිබඳ මහගු ආදර්ශයක් මේ චරිතය තුළින් ඉස්මතු වේ.

කළ ගුණ සැලකීමේ ගුණය ද උමංදාව තුළින් කැපී පෙනෙයි. මහෞෂධයන් සිය චර පුරුෂයන්ගේ පවුල් වල අයට හා අනුකේවට්ටයාගේ පවුලේ අයට සැලකූ ආකාරය මෙයට නිදසුන් ය. එසේ ම උදුම්බරා දේවිය ද තම ජීවිතය රැකදුන් මහෝෂධයන් ව සේනකාදීන්ගේ උගුලෙන් මුදවා මරණයෙන් බේරා ගැනීමේ ක්‍රියාව ද කළගුණ සැලකීමේ ගුණය ප්‍රකට කරවයි. ආදර්ශයක් දෙයි.

එසේම සේවකයත් ස්වාමින්ට හොඳින් සේවය කිරීම ද ස්වාමියා සේවකයන්ට හොඳින් සැලකීම ද උතුම් ගුණයක් බවට උමංදාව ආදර්ශය දෙයි.

ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුර දක්නා නුවණින් කටයුතු කිරීමෙන් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවට උමංදාවෙන් ආදර්ශය දෙයි. එසේ ම දුර දිග නොබලා අවිචාරයෙන් ක්‍රියා කිරීමෙන් තමාට ද අනුන්ට ද අවැඩක් ම වන බව කේවට්ට, චූලනී බ්‍රහ්මදත්ත ආදීන්ගේ චරිත වලින් ඉස්මතු කෙරේ.

ඉවසීමේ ගුණය ද උසස් චරිතාංගයක් බව මහෞෂධ චරිතයෙන් පෙනේ. සේනකාදීන්ගේ බස් වලට රැවටුණු වේදේහ රජු මහෞෂධයන්ට පරිභව කළ අවස්ථාවේ නිහඬ ව ම ඉවසීමෙන් යුතුව එතැනින් යාමට මහෞෂධයෝ පෙළඹුන හ.

අවංක භාවය හා පොරොන්දු කඩ නොකිරීමද උමංදාවෙන් පිළිබිඹු වන තවත් ආදර්ශයකි. මහෝෂධයන් කෙරේ පැහැදුණු බ්‍රහ්මදත්ත රජු එතුමා තමා වෙත නවතා ගන්නට තැත් කළ විට " වේදේහ රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයන් ය කිවවුන් ලවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පණ්ඩිතයෝය නො කියවමි " යි යන ප්‍රකාශයෙන් එතුමාගේ අවංකත්වය හෙළි වෙයි. වේදේහ ඉවත ටිජු ර ටීම මහ්මදත්ත රජුට වූ රජු වෙත ගියේ ද තමා බ්‍රහ්මදත් රජුගේ මරණයෙන් පසුව ආපසු බ්‍රහ්මදත්ත රජු වෙත ගියේ ද තමා පොරොන්දුව කඩ නො කිරීම සඳහා ය.

මේ අනුව අවංක භාවය හා පොරොන්දු කඩ නොකිරීමේ ගුණය ද උමංදාවෙන් හෙළි වේ. මෙසේ සාරධර්ම ගුණවගා කරන සමාජයට උතුම් ආදර්ශ දෙන කෘතියක් ලෙස උමංදාව හැඳින් විය හැකි ය.

එසේම මෙහි එන ආදර්ශ හා උපදෙස් තත්කාලීන සමාජයට පමණක් නොව වර්තමාන සමාජයට ද අනාගත සමාජයටද බෙහෙවින් ම ප්‍රයෝජනවත් වෙයි. එහෙයින් උමංදාව යහපත් පුද්ගලයින්ගෙන් සපිරුණා වූ සමාජ වාතාවරණයක් සැකසීම සඳහා බෙහෙවින් ම ඉවහල් වන බව ද කිව හැකි යි සමස්තයක් වශයෙන් ගතහොත් උමංදාව සර්වකාලීන වටිනාකමකින් යුත් අපූර්ව ගණයේ සාහිත්‍ය නිර්මාණයක් බව ඉඳුරාම කිව යුතු ය.

මෙම සටහන මා සන්තකයේ තිබූ විචාර කිහිපයක් ආශ්‍රයෙන් නිර්මාණය කළ නිසා. මුල් නිර්මාණවල කර්තෘවරුන්ගේ නම් නොදන්නා හෙයින් පළ කිරීමට නොහැකි වුවත් ඔවුන්ගේ කතර්දෘත්වය මෙහි දී සිහිපත් කරමි.

 

තුන් හෙළයේ සිංහල පන්තිය

 

 


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය