ගිරා සංදේශය තේරුම් සහිතව

1. ආසිරි
1. සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන්
සහකුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා
අර්ථය - නොයෙක් පැහැති රතන රූපයක් වැනි වූ, අකෂර සහිත මධුර වචනයෙන් සියලු ලෝකයාගේ සිත් ඇද ගන්නා ගිරා රාජොත්තමය, බොහෝ කල් ජීවත් වව.
විස්තර - (1) සිංහලයේ සම්භාව්යස ගණයෙහි ලා සැලකෙන සන්දේශ කාව්යු අටක් ඇත. ඒවා නම් තිසර, මයූර, කෝකිල, පරෙවි, සැළලිහිණි, ගිරා, හංස හා සැවුල් යන සන්දේශයන්ය. මේ සෑම කාව්යසයක්මත් අවශේෂ, සන්දේශ සියල්ලමත් පාහේ ආරම්භ වනුයේ සැරදයන පදයෙනි. එසේම පක්ෂි‍යාගේ නමට අගින් උත්තමාර්ථවාචී සඳයන පදයද එක් කොට ඇත. සැළලිහිණියා හැරුණු විට අනික් හැම පක්ෂියෙක්ම තමථ වර්ගයට අයත් රාජයෙකි. කිර රද’ ‘සැවුලිඳුආදි යෙදුම්වලින් ඒ බව හැඟවෙයි. පක්ෂියෙකු වුවත් රාජයෙකු දූත කාර්යක යෙදවීම නුසුදුසු බව වටහා ගත්තේ නුවණින් මුහුකුරා ගිය රහල් හිමියන් පමණකි.
(2) සාමාන්යුයෙන් දූතයන්ගේ වර්ණනා කෙරුණේ රූප ලාවණ්ය යයි. එහෙත් මයූර, කොවුල්, සැළලිහිණි හා ගිරා යන පක්ෂීන්ගේ කට හඬද වර්ණනා විය. සෙසු පක්ෂීන් ශබ්ද පමණක් නඟන අතර ගිරා, සැළලිහිණි දෙදෙනාට අකුරුද උච්චාරණය කළ හැකිය. එය සුලකළ කුරුයැයි සැළසිහිණියා සම්බන්ධයෙන් කියිවිණි. සහකුරු මියුරු
තෙපලෙන්යැයි ගිරවා සම්බන්ධයෙන් පැවසිණ. කුමාරතුංග මෙම වචනය යහකුරු - යහපත් අකුරු යැයි ගන්නා නමුත් පැරණි සංස්කණවල එන, ‘සහ කුරුයන්න වඩා සුදුසු යැයි සිතේ. හරකාගේ හැඬීමට අපි තප්පුලනවායි කියමු. ඒ වනාහි තෙපුල් ලනවායන්නෙහි විකෘතියකි. මෙසේ තෙපුල් ලනවාආදි තැන්වල මෙන් අකුරු රහිත ප්ර කාශයද තෙපුලක් විය හැකිය. ගිරව‍ාගේ මියුරු තෙපල අකුරු සහිතය. එනම් ඌට මිනිසෙකුට මෙන් ශබ්දෝච්චාරණය කළ හැකිය. සැළලිහිණියේ එන සුලකළකුරුයන්න දෙනුයේද යහ කුරුයන්නට වඩා වෙනස් තේරුමකි.
(3) කාව්යේය යනු ශබ්ද රසයේත් අර්ථ රසයේත් සංකලනයක් යැයි පෙර සිටම සැලකේ. නමුත් හොඳ කවියක නොයෙක් විට දෘශ්ය රසයක්ද පවතී. දෘශ්යග රසය යනු සුන්දර වාක් චිත්ර යක් ඉදිරිපත් කිරීමයි. නන් වන් රුවන් රූවන්යැයි කී විට මෙම පැදියේ ශබ්ද අර්ථ යන රස දෙකට දෘශ්යී රසයක්ද එක් වෙයි. දූත වර්ණනයක ලා හොඳම දෘශ්යක රසය ඉදිරිපත් කරන්නේ ගිරා සන්දේශකරුවාය. සමස්ත වසයෙන් ගත් කල එතරම් වර්ණවත් නිර්මාණයක් නොවන හංස සන්දේශයේද මීට කිට්ටු දෘශ්යශ රසයක් ගැප් වෙයි.
(4) සතන් - සන්තානය, සිත
2 අන්වය - දැක්වීම අවශ්යන නැත. අර්ථය - දේ දුන්නෙහි පැහැය ජයගත් ශරීර ශෝභාවෙන් බබලන මාගේ මිත්රකය, කාන්තාවන්ගේ යහපත් යටිතොල වැනි ඔබේ ඔය හොට දුටු කල්හි කවරෙක් නම් සතුටු වී ලෝහ බැඳ ආදරය නොකරයිද? වනයෙහි (නුග ආදි) වන ප්රහධාන ගස්වලත් නගරයෙහි නගර ප්රහධානීන්ගේ මැඳුරුවලත් ප්රිකයංකර පහස නැතහොත් ප්රි්යාවන්ගේ අත් පහස නිතර ලබා සතුටුව හැම දාම උසස් ක්රීරඩාවන්හා යෙදෙමින් කල් ගෙවන්න.
ලෝකයෙහි දක්නා ලැබෙන සියලු පක්ෂීන්ගෙන් ගෞරවනීයව යහපත් කීර්ති කදම්බය කියවන (පතුරුවාලන) නුවණින් යුක්තව සෘෂිවරයෙකු මෙන් නිරන්තරව ප්රාබණඝාතයෙන් වැළකී කැමති පලාපල කමින් සතුටින් දවස් ගෙවන්න.

විස්තර - (1) වෙනත් සන්දේශවල දූත වර්ණනාවන්හි නැති තරම් දෘශ්යර රසයක් මෙහිද දක්නට ලැබේ. මීට ආසන්න වර්ණනයක් දක්නට ලැබෙන්නේ සැළලිහිණි සන්දේශයෙහිය. මෙය කියවන අපට ගිරවාගේ වර්ණවත් භාවයත් ඌ වනයේ විශාල ගස්වල මෙන්ම මහා මන්දිරවලත් කෙළිදෙළෙන් වාසය කරන සැටිත් මැවී පෙනෙයි.

දූත ප්‍රශංසා

2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනුදුල ම-මිතුර
ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව
වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස
රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස
දි සි දි ය කු ස හැම සියොතුන්ගෙන් ගුරුව
නිසි ය ස රැ ස කියවන නුවණින් සරුව
ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව
රි සි ප ල ර ස විඳ සතොසින් දවසරුව
(2) ඉඳු දුනු - ඉඳු නම් ඉන්ද්රර දෙවියාය. ඔහු පෙරදිගට මෙන්ම වර්ෂාවටද අධිපති දෙවියා හැටියට පුරාතනයෝ සැලකූහ. දේ දුන්න ඔහුගේ දුන්න යැයි කියනු ලැබේ. ඉඳු දුනු පැහැ දිනූ තුනු සිරිනු දුලයැයි කීමෙන් ගිරවා දේ දුන්නටත් වඩා ලස්සණ බව කියවිණ.
වනපති තුර- මෙනමින් (1) මල් නැතිව ගෙඩි හට ගන්නා ගස් (2) නුග ගස් (3) වනයෙහි ප්රඩධාන ගස් යන තුන් වර්ගයම ගැනේ. පුරපතීන් සමග සමාන වනු පිණිස මෙහිදී තුන්වැනි අර්ථය ගැනීම සුදුසුය.
පිය පියකර පහස - (වනයෙහිදී) ප්රි.යාවන්ගේ ප්රිමයංකර පහස හෙවත් සම්භෝගය (පුරයේදී) ප්රි(යාවන්ගේ-කාන්තාවන්ගේ ප්රිවය වූ හස්ත ස්පර්ශය යන තේරුම් දෙකම දෙයි.
පණිවායෙන් - ප්රා(ණඝාතයෙන්
පවර කෙළි නෙළ කෙළ - මෙයට කුමාරතුංග දෙන අර්ථය වල්ලභයන් (ස්වාමිපුරුෂයන්) විසින් කෙළිනු ලබන කෙළියයනුයි. ඒ මුදලිඳු ඩබිලියු. ඇfප්. ගුණවර්ධන කෝකිල සන්දේශයේදී දෙන සැක සහිත අර්ථ කථනයක් අනුව යැයි සිතේ. පවර යනු වල්ලභ අර්ථයක යෙදී ඇති බවක් අපි නොදනිමු. පවරයන්නෙහි නියම තේරුම ප්රඅවර හෙවත් උසස් යනුයි. එය මෙතැනට නොගැළ-පෙන්නේ නොවේ. මහා වෘක්ෂවලත්, මහා මන්දිරවලත් වෙසෙන ගිරවා පිළිහුඬු ආදි පක්ෂීන් යෙදෙන පහත් ක්රී ඩාවල යෙදෙන්නේ නොවේ. ක්‍ී ගඩාවන් අතුරෙන් උසස්ම ක්රී්ඩාව රති ක්රීකඩාව සේ ගතහොත් එයද මෙතැනට නොගැළපෙන්නේ නොවේ.
සියොතුන්ගෙන් ගුරුව - මෙය කුමාරතුංග සියොතුන්ගේ ගුරුවයැයි සකස් කොට යොදයි. ගිරවා සියලු පක්ෂීන්ගේ ගුරුය. පිරිසිදු අක්ෂරෝච්චාරණය ඇති හෙයිනියි අර්ථකථනයද කෙරෙයි. ගිරවා සෙසු පක්ෂීන්ට ඉගැන්වූයේ කුමක්ද ඌට පිරිසිදු අක්ෂරෝච්චාරණයක් තිබූ පමණින් ගුරු වූයේ කෙසේද?
ගුරුයන පදයෙහි ගෞරවනීය’ ‘ගරු කටයුතුයන අර්ථද ඇත. (මෝනියර් විලියම්ස් - සංස්කෘත ශබ්දකෝෂය බලන්න.) සියලු පක්ෂීන් අතුරෙන් කවියාට අනුව ගෞරවනීය වූයේ ගිරවාය. එසේ වීමට හේතු තිබේ. මී ළඟ පද්යෙයෙන් දැක්වෙන පරිදි සියලු පක්ෂීන් අතුරෙන් ශාස්ත්රටයට අධිපති සරස්වති‍යගේ අතට පිවිසෙන්නට වරම් ලද්දේ ගිරවාම පමණකි.
නිසි යස රැස කියවන නුවණින් සරුව - කෙනෙකු බුද්ධිමත් කාර්යක් කළ කල්හි සෙසු ලෝකයා ඒ ගාන කතා කරති. ගිරවා මෙ කියන නුවණින් සාරවත්බව 5, 8 හා 9 යන පද්යටවලින් ප්රිකාශිතිය.
සං තුඬ, මැඳුර යන පද වර්තමාන සිංහලයෙහි තුඩ, මැදුර යනුවෙන් අනුනාසිකය රහිතව යෙදේ.
3. ල ද ය ම් කෙනෙක් සරසවි බැලුමසක් නිසි
කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසි
එ ත රම් පසිඳු සරසවි දෙවිය අත වැසි
ම න රම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි
3 අන්වය - සරසවි නිසි බැලුම් අසක් ලද යම් කෙනෙක් කොතරම් වුවත් මුළු ලොව අතවැසි කෙරෙති. එතරම් පසිඳු සරසවි දෙවිය අත වැසි මනරම් සුබැසි, පරසිදු කෙනෙක් තෙපිමය.‍
අර්ථය - සරස්වතීගේ සුදුසු බැලුම් අංශුවක් (මාත්රැයක්) ලැබූ යම් කෙනෙක්, තරම කුමක් වුවත් මුළු ලෝකයාම ශිෂ්ය බවට පත් කෙරෙති. ඒ තරම් ප්රකසිද්ධ වූ සරස්වතී දේවියගේ අතෙහි වසන්නා වූ සිත් ඇද ගන්නා යහපත් වචන ඇත්තා වූ ප්රමසිද්ධ කෙනෙක් (තැනැත්තා) ඔබමය.

විස්තර - සරසවි - මුල් යුගයේ හින්දු විශ්වාසයන්ට අනුව වචනයට අධිපති දෙවඟනය. පසුව ඇය සියලු ශාස්ත්රුයන්ටම අධිපති සේ සැලකෙන්නට වූවාය. ඈ වාසය කරන්නේ ලෝක නිර්මාතෘ මහා බ්රුහ්මයාගේ මුවෙහිය. අත් හතරකි. එක අතක වීණාවක් වන අතර තවත් අතක ගිරවෙක් සිටී. යුදෙන් සැරසී සිටින ශ්රරභ්ර. වර්ණ ඇගේ වාහනය හංසයෙකි. බෞද්ධ හා ජෛන ග්‍රන්ථවල සරස්වතිය ගැන නිතර සඳහන් වෙයි. කවිත්වය ලැබෙනුයේ ඇගේ බැල්මෙනැයි කියති. සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දනයැයි කව්සිළුමිණෙහිද සඳහන් වෙයි.
අතවැසි - මෙහි නෛරුක්තික තේරුම ශිෂ්ය යනුයි. ව්යෙවහාර සිංහලයෙහි එය සේවත අර්ථයෙහිද යෙදෙයි. ඒ දෙකම මෙතැනදී ශත හැකි නමුත් ශිෂ්යළ යන්න වඩා සුදුසුය. (අන්තේ+වාසික>අතවැසි= ළඟින් වසන්නා) ආදියෙහිදී ශිෂ්‍ක්යෝ ගුරුන් වෙත වසමින් ඔවුන්ට ආවතේවකම්ද කළහ. දූතයාගේ ස්වාමියා උත්කර්ෂයෙන් වර්ණනා කිරීම වක් මගකින් දූතයා වර්ණනා කිරීමක්ම වන්නේය.
පසිඳු - පසිඳු, පරසිදු යන දෙකම ඒකාර්ථයි. මේ නිසා කුමාරතුංග සංස්කරණයෙහිදෙවැන්න පිරිසුදුයැයි වෙනස් කොට ඇත. වඩා පැරණි සංස්කරණවල එනුයේ පරසිදු ක්රි්යාමය. සිංහලයෙහි දක්නට නැතත් පසිඳු හෙවත් ප්ර්සිද්ධ යන්නට වෙනත් තේරුමක් දීමටද බැරිකමක් නැත. එනම් උසස් දෙයක් සිද්ධ කර ගත්’ ‘උසස් තත්වයකට පැමිණියන්නයි. සරස්වතිය සම්බන්ධයෙන් එසේ කීම වැරදි නොවේ. ලොව උසස්ම ගෞරවය ලබන ශාස්ත්රහයට අධිපති බවට ඈ පත්ව සිටින බැවිනි.
සරසවි දෙවිය - මෙම ස්ත්රීවවාචි දෙවි ශබ්දය දුර්ලභය. එහෙත් සරසවි කලි කල් නම්-දෙවි සිරිය කළ යැදමෙන්යැයි එය කව්සිළුමිණේද එයි.
පරසිදු සුබැසි - කුමාරතුංග සංස්කරණයෙහි මෙය එනුයේ පිරිසුදුයනුවෙනි. සුබැසියැයි කී විට බසේ පිරිසිදුකම එයින්ම ඇඟවෙයි. සරස්වතී දේවියගේ අතෙහි වාසය කරන බවට ප්ර සිද්ධ තැනැත්තා ගිරවාය.

4. මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල
ස ව න් පුරා පැමිණෙත මිතුර මන කල
ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල
නි ව න් දකින තෙක් සැප නම් එමැයි බල
4 අන්වය - මනකල මිතුර, ලෙවන් විපුල සැප නොයෙක ලෙස කීවත්, මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල සවන් පුරා පැමිණෙත නිවන් දකින තෙක් බල සැප නම් එමැයි.
අර්ථය - සිත් ගන්නාසුලු මිත්රමය, ලෝකයා මහත් සම්පත්තින් නොයෙක් ආකාරයට කීවත් මේ ආකාර ගුණයෙන් යුත් ඔබගේ ප්රිිය වූ වචනය කන් පුරා පැමිණෙන කල නිවන් දකින තුරු බලවත් සැපත නම් එයමැයි.
විස්තර - නිවන් දකින තෙක් - තුරු, තෙක් යන නිපාත යොදන විට නිවන් නොදකින තුරුනිවන් නොදක්නා තෙක්යනුවෙන යෙදිය යුතු යැයි සමහරු කියති. නමුත් මෙයින් පෙනී යන්නේ අද බහුජන ව්ය වහාරයෙහි පවත්නා ආකරයට එම නිපාත පුරාතනයන් විසිනුත් යොදා ඇති බවයි.
විපුල සැප - මහත් වූ සැපත
5. දි රා වැටෙන තුරු තුර නොහැර ඉඳ තො සේ
පු රා තනෙහි පරසිදු මුළු තෙ දියකු සේ
ගි රා කුල උපන් සකි තොපගෙ සිත් ලෙ සේ
පු රා මිතුරු දම් අමුතුව වනනු කෙ සේ
5 අන්වය - පුරාතනෙහි තුර දිරා වැටන තුරු නොහැර තොසේ ඉඳ මුළු තෙ - දිය කුසේ ඒ ගුණ රැස පරසිදු ගිරා ‍කුලෙහි උපන් සකි තොපගෙ ඒ පුරා මිතුරු දම් සිත් ලෙස අමුතුව වනනු කෙසේ.
අර්ථය - අතීතයෙහි, ගස දිරා වැටෙන තෙක්ම අත් නොහැර සතුටින්, ගිරා කුලයෙහි උපන්නා වූ මිත්රේයා, ඔබේ ඒ පුරාණ මිත්ර් ධර්මය හිතේ හැටියට අලුතෙන් වර්ණනා කරන්නේ කෙසේද?
විස්තර - (1) ගිරා කුලයෙහි අතීතයෙහි උපන්නෙකුගේ ගුණ රාශිය දැනටමත් ලොව පුරා පතළය. එම කුලයෙහි උපන් ගිරවාගේ මිත්රෙ ධර්මයෙහි අගය හිතේ හැටියට අමුතුවෙන් වර්ණනා කිරීම දුෂ්කරය.
(2) පුරාතනෙහි - පුරාතනයෙහියනු ව්‍යවහාරයට ආසන්න වන පරිදි පුරාතනෙහියැයි යොදා ඇති සැටි සලකන්න. භාෂාවක් දියුණු වනුයේ මෙවැනි ව්ය වහාරයන්ට ඉඩ සැලසීමෙනි.
දිරා වැටෙන තුරු තුර නොහැර ඉඳ - මේ වනාහි පන්සිය පණස් ජාතකයෙහි 415 වැනි ජාතකය හැටියට එන මහා ගිරා ජාතකය ගැන ලද සඳහනකි.
එක් කලක බෝසත් තෙමේ ගිරාව ඉපද හිමාලය වනයෙහි දිඹුල් ගසක වෙසෙයි. ඒ ගසෙහි ගෙඩි නැති විට හෙතෙම දලු කොළ අනුභව කරන්ට විය. ඒවාච නියඟින් නැතිව ගිය කල්හි අන් ගසකට නොගොස් එහිම සුඹුලු ආදිය කා ජීවත් වෙයි. ඔහුගේ ගුණය නිසා ශක්රියාගේ පඬුපුල් අස්න රත් වී අවුත්, ඒ ගැන විමසූ විට ගිරවා කියන්නේ තමාගේ දිවි රැකීම සඳහා එතෙක් සිටි වෘක්ෂය හැර නොයන බවයි. ඔහුගේ මිත්ර් ධර්මය ගැන පැහැදුණු සක්දෙවි තෙමේ එම ගස තම බලයෙන් ඵල එල්ලව සහිත කොට ආපසු ශක්රප භවනයට යයි.
මෙහිද තුරුයන නිපාතය යෙදී ඇති සැටි විමසන්න.
තෙදිය:- තුන්ලෝකය. මෙය කාම, රූප, අරූප, දිව්යන, මනුෂ්යබ (මර්ත්යය), පාතාල (නාග) ආදි වසයෙන් නොයෙක් ආකාරයට දක්වනු ලැබේ. මෙතැනදී මෙහි දැක්වූ දෙවැනන ගැනීම වඩා සුදුසුය.
පුරා මිතුරුදමි - මේ කවෙන් විස්තර වන පැරණි මිත්රහ ධර්මය. එයි කොයි තරම් ප්රනකටද යතහොත් දැන් සිත් ලෙස විස්තර කිරීම දුෂ්කරය.
6. පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස
යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
මෙ ම‍ා සිතන කටයුතු සිදු කරන ලෙ ස
ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස
6 අන්වය - පෙමා වඩන ඉටු සකි සඳිනි, නුවන යොමා මුළු මෙලෝ කුස දස දෙස බැලුවත්, මෙමා සිතන කටයුතු සිද් කරන ලෙස පමා නොවන මිතුරෙක් මෙතොප මිස නැත.
අර්ථය - ආදරය ඇති කරන්නා වූ ඉෂ්ට මිත්රෝපත්තමය, ඇස් මෙහෙයවා මුළු ලෝකයෙහි දස දිසාව බැලුවත් මා සිතන්නා වූ කටයුත්ත ඉටු කරනු පිණිස ප්ර මාද නොවන මිත්ර යෙක් මේ ඔබ විනා නොමැත.
විස්තර - ඉටු සකි සඳිනි - ඉෂ්ට මිත්රු උත්තමය. මෙතැන සඳිනියන්න අනවශ්යගයැයි සිතේ.
දස දෙස - සතර දිසා, සතර අනුදිසා හා උඩ යට දස දිසාවට ඇතුළත්ය. දිසාවට ඇතුළත් ය.
පමා නොවන - පරක්කු නොවන යන තේරුම මෙන්ම සැලකිලිමත් උද්යෝවගිමත් යන තේරුමද මින් ගත හැකිය - අප්පමාද පදයෙන් මෙනි.
තමන්ට පැවරූ කාර්ය ඉටු කිරී‍මේ ලා ඇතැම් විට මනුෂ්යියෝද ප්ර‍මාද වෙති. සුදොවුන් රජුගේ දූත කාර්ය ඉටු කිරීමට කාළුදායි ඇතුළු දහසක් ඇමැත්තන් ප්රිමාද වූ සැටි ප්රවකටය.

7.
විශිෂ්ට පක්ෂපත්රත විචිත්රස පවිත්ර චාරිත්රි ඇති මිත්රෝේත්තමය, පක්ෂීන් අතුරින් තොපම දූත ක්රිටයවෙහි යොදනු පූර්ව් චාරිත්රුයක්ම නො?
 7අර්ථය - උසස් (අපූරු) පියාපත් විසිතුරු වූ පිරිසිදු පැවතුම් ඇති උතුම් මිත්ර ය, පක්ෂීන් අතුරෙන් ඔබම පණිවුඩ ගෙන යෑමෙහි යෙදවීම පෙර සිරිතක්ම නොවේද?
විස්තර - පක්ෂ පත්ර - පියාපත්,
පවිත්ර චාරිත්රක - පිරිසිදු සිරිත් සිරිත් නම් පුහුණු කළ යුතු දේයි. විරිත් නම් නම් වැළකිය යුතු දේයි. කුමාරතුංග සංස්කරණය චාරිත්රපයන පදය වෙනුවට චාරිත්රවයන පදය මෙහිදී ගන්න නමුත් වැළකිය යුතු දේ පිවිතුරු සේ ගැන්ම කොතරම් උචිතදැයි නොකිව හැකිය.
නො - නොවේද? මේ නිෂේධාර්ථ නිපාතය මෙහිදී ප්රඋතිෂ්ඨාර්ථයෙහි යෙදී ඇත.
8. හි ම සෙ ල් අතර කෙළ ලක් රකුසන් විසි නී
රැ ක ව ල් කළ කුවෙර අබතුර අඹතුරි නී
ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමි නී
පෙ ර ක ල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැ නී
8 අන්වය මෙන්ම අර්ථයද ‍පැහැදිලිය.
විස්තර - හිමසෙල් - හිමාලය පර්වතය. මෙම පර්වත මුදුන සීතලට හිමෙන් වැසී පවත්නා නිසා මෙනම යෙදී ඇත. කෙළ ලක් - කෝටි ලක්ෂයක් - ඉතා විශාල සංඛ්යා‍වක් යන තේරුම දීමට යෙදිණ.
කුවෙර - කුවේරයා හෙවත් වෙසමුණි. පාද තුනක් දත් අටක් ආදි වසයෙන් විරූපි ශරීරයක් ඇති නිසා මෙනමින් හැඳින්වෙන මොහු යක්ෂයන්ගේ අධපතියාය. එමෙන්ම උතුරු දිශාවටද අධිපති මොහු සතරවරමු දෙවිවරුන්ගෙන්
කෙනෙකි. ඉතා ධනවතෙකු වූ ඔහු වාසය කරන්නේ කෛලාස පර්වතයෙහි පිහිටි අලක පුරයෙහිය. (ආලකමන්දාව)
අබතුර - අභ්යයන්තර - කුවේරයාගේ අඹ ගසෙහි නමයි.
ලොහොදැල් තුළට ‍වැද මී අඹ ගෙන දෙමිනි - පෙර බ්රඹහ්ම දත්ත නම් රජ කෙනෙකුගේ බිසව කුවේරයාගේ අඹ ගසේ ගෙඩි කෑමට ආශාවක් ඇති කර ගත්තාය. රජු විසින් අඹ ගෙන ඒම සඳහා තම ගිරවා යොදවන ලදි. ලෝ දැල්වලින් වසා රාක්ෂසයන් විසින් ආරක්ෂා කරනු ලබන අඹ ගස සොයා ගිය ගිරවා රාත්රිසයෙහි මුරකරුවන් නින්දට ගිය පසු ලෝ දැල්වල එල්ලා තිබූ මිණි ගෙඩි නාද වුයෙන් මුරකරුවෝ නැඟිට ගිරවා අල්ලා ගත්හ. තමා මරන්නට සූදානම් වූ රකුසන්ට ඌ කියා සිටියේ ස්වාමියාගේ කාර්යෙහි යෙදී මරණයට පත්වන තැනැත්තා ස්වර්ගයෙහි උපදින නිසා තමා මැරුවාට කමක් නැති බවයි. ස්වාමිභක්තික රකුසෝ මෙයින් සතුටුව ඌට මී අඹ කඩාදී යැවූහ.
මේ විස්තරය එනුයේ ජාතක පොතෙහි 284 වැනි අභ්ය න්තර ජාතකයෙහිය.
(2) මේ වනාහි ස්වාමි භක්තිය හැරෙන්නට වීර ක්රියයාවක්වත් ශූරකමක්වත් නොවේ. එහෙත් මෙහිදී අප සැලකිය යුත්තේ පැරණි සමාජයේ ස්ථාවරත්වය බොහෝ දුරට ස්වාමි භක්තිය මත රඳා පැවති බවත් එය අගය කරනු ලැබූ බවතය.
(3) රකුසන් විසිනි... කළ - මේ භාෂා ප්රවයෝගය බලන්න. විසින්නිපාතය සමග කරන ලද’ ‘කැරුණුආදි යෙදුම් අවශ්ය‍ නොවන බව මින් පෙනී යයි.

9. බ ඹ ද ත් රද රදුන්හට විස යෙදූ ස ඳ
එ ප වත් අසා සෙද සෙබළුන් යවා ත ද
ම හ සත් ගුණෙන් පිරි මහ ඔසු පඬී ස ඳ
දියසෙත් කෙළේ එක් කිරි‍ෙඳකු සඳා වෙ ද
9 අන්වය හා අර්ථයද සුගමයි.
විස්තර (1) මෙයින් විස්තර වනුයේ උම්මග්ග ජාතකයෙහි සඳහන් ප්‍රවෘත්තියකි. බ්ර්හ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටයාගේ උපදෙස් පරිදි දඹදිව රාජ්යඳය පතා වේදේහ හැර සෙසු
රජුන් විස යෙදූ මත්පැන් පොව‍ා මරන්නට වැඩ පිළිවෙළ යෙදූහ. තම චරපුරුෂ ගිරවාගේ මාර්ගයෙන් මේ පුවත දැන ගත් මහෞෂධ පඬිතුමා ඒ විස මත්පැන් බඳුන් විනාශ කොට රජුන් බේරා ගති.
(2) රදුන්හට - කුමාරතුංග මේ කොටස ගෙන ඇත්තේ බඹදත් රද රදන්හටයනුවෙනි. තේරුම බඹදත් රජු අන් රජුන් හටයනුයි. එවිට චූලනී බ්රිහ්මදත්ත රජු අසු නොවන බව සැබවි. එහෙත් වේදේහ රජු ඉන් බේරෙන්නේ නැත. මේ නිසා වෙනස අර්ථ විරහිතය.
(3) ණෙන් පිරි මහ ඔසු පඬි - මහසත් ගුණ නම් බෝසත් ගුණයයි. මහෞෂධ පඬිතුමා බෝසතෙකු බැවින් මෙය අමුතවෙන් කිව යුතු නොවේ.
දිය සෙත් - ලෝක ශාන්තිය.
කිරි‍ෙඳකු - කිරි+ඉඳු = ගිරා රාජයෙකු
සඳා - නිසා
(4) දෙවැනි පද්ය යෙන් ආරම්භ කොට මෙතෙක් කෙරුණේ දූත වර්ණනාවකි. කාව්යෙ රසය අතින් බලන කල මෙය සැළලිහිණිය හැර වෙනත් සන්දේශවල එන දූත වර්ණනාවලට වඩා යහපත්යැයි සිතේ. සැළලිහිණියෙහි දූත වර්ණනාව වසයෙන් ඇත්තේ පද්ය දෙකක් පමණකි. ඒ දෙක අර්ත රසය අතින අනික හැම දූත වර්ණනාවකටම වඩා උසස්ය.

දූත කාර්ය[සංස්කරණය කරන්න]

10. එ බ ව සි තා දැන් වන ලෝවැඩ පිණි ස
ත ර ව ප තා නොවමින් මඳකුත් අල ස
ගි ර ව මෙතා සිත වඩමින් පියදහ ස
අ ස ව ඉතා සතොසින් ම කියන මෙබ ස
10මෙහිද අන්වය, අර්ථය යන දෙකම පැහැදිලිය.
විස්තර (1) දූතයා කළ යුතු කාර්ය ප්රෙකාශ කිරීම මේ පද්යූයෙන් ආරම්භ වෙයි.
(2) දැන් වන - දැන් සිදු වන්නා වූ, මෙය දැන්වෙන’ -දන්වනු ලබනයනුවෙන්ද ගත හැකිය. අතීත සේවය ගැන කීමෙන් ඉක්බිතිව කෙරෙන නිවේදනයක් නිසා වර්තමානයෙහි සිදුවනයන තේරුම මෙතැනට වඩා ගැළපේ.
11. හරගිරි රසිනුදුල - දිනිසුරු අලකපුර යුරු
ප සි ඳු තරි ඳු මෙන් මුළු ලොව නිති බැබ ළී
න තිඳු සිනිඳු තුනු කැල්මෙන් වනෙකහෙ ළී
පෙර සිට ඉටු නොපටු - තොටගමු වෙහෙර විසිතු රු
ති ර සර ගැඹුරු ගුණ පිරිසිදු පිළිවෙති න
ම න හර මහරු සඟ ගණ සමග වැජඹෙ න

තෙව ළා රුවනකර උඩු යටි කර රුව ට
අ ල ළා ගැඹුරු පදරුත් මිණි දෙන ලොව ට
තෙව ළා වදනිසුරු විජයබ තෙරිඳු හ ට
නොවළා ගොසින් මෙ හසුන් සැළ කරව සි ට
11 අර්ථය - කෛලාස පර්වතයෙහි රශිමියෙන් උජ්ජ්වලිත වූ කුවේරය‍ාගේ ආලකමන්දා නගරය මෙන් ප්ර සිද්ධ වූ නිතරම චන්ද්රරයා මෙන් මුළු ලෝකයෙහි බබලන්නා වූ නාථ දේවයාගේ සිනිඳු ශරීර කාන්තියෙන් ඒකාලෝක වන්නා වූ, පෙර සිට අතිශයින් හිතවත් වූ විසිතුරු තොටගමු විහාරයෙහි ස්ථිරසාර ගම්භීර ගුණයෙන් හා පිරිසිදු ප්රිතිපත්තියෙන් (යුක්තව) සිත් ගන්නා, පූජනීය සංඝ සමූහයා සමග වැජඹෙන්නා වූ ත්රි්පිටකය නමැති සාගරය මනාව උඩු යටිකුරු කර කලඹා ගැඹුරු තේරුම් නමැති මැණික් ලෝකයට දෙන්නා වූ ත්රිුපිටක වාගිශ්වර විජයබාහු ස්ථවිරතුමාහට ඉක්මනින් ගොස් සිට මේ සන්දේශය දන්වන්න.
විස්තර - හර ගිර - හර යනු ඊශ්වරායට නාමයකි. ඒ නිසා ඔහු වසන කෛලාස පර්වතය හරගිර නමින් හැඳින්වේ.
දිනිසුරු - දන ඉසුරු>දනිසුරු>දිනිසුරු. ධනයට අධිපති හෙයින් කුවේරයාට මේ නම යෙදේ. (8 වැනි කවියේ විස්තර බලන්න.)
නතිඳු - නාථ දිව්යර රාජයා; මහායාන බුදු සමයට අයත් බෝධිසත්වවරයෙකි. අවලොකිතේශ්වර යනුවෙන් හැඳින්වෙන්නේද මොහුමයැයි කියනු ලැබේ. වැඩි විස්තර සඳහා කේ. ජයතිලකගේ විමර්ශන සහිත තිසර සන්දේශයෙහි 04 – 211 පිටු බලන්න. විජයබා පිරිවෙනෙහි මහායාන අදහස්ද පැවති බැවින් එහි මොහු‍ගේ පිළිරුවක් විය.
ඉටු - හිතවත්කම
තෙ-වළා - අභිධර්ම, සූත්රි, විනය යන තුන් පිටකය.
රුවනකර - රුවන්වලට ආකරයක් බැවින් සාගරයට රත්නාකරයැයි කියති.
තෙවළා රුවනකර අළලා . . . විජයබා තෙරිඳු ත්රිාපිටකය ඉතා හොඳින් දන්නා නිසා එය ඒ මේ අත පෙරළා ගැඹුරු අර්ථ ඉදිරිපත් කිරීමෙහි සමත් වේ. ඒ ගැඹුරු අරුත් මැණික් මෙන් වටී.
තෙවළා වදනිසුරු - ත්රිිපිටකය පිළිබඳ මනා දැනීමක් ඇති බව මෙයින් කියවෙයි.
විජයබ තෙරිඳු - බෞද්ධ භික්ෂූන් වහන්සේලා නොයෙක් විට හැඳින්වුණේ තමන් ප්රරධානත්වය දරන අධ්යාෂපන ආයතනයේ නමිනි. මයූරපාද පිරිවෙන්පති මයූරපාද හිමි නම් විය. ගතාර පිරුවන් හිමි ගතාර හිමි නම් විය.
නොවළා - සැඟවීමක් නැතිව යනු මෙහි ප්රමකට තේරුමයි. වැළකීමක් නැතිවයන තේරුමද ඉන් ගත හැකිය. පද යෝජනය අනුව එය මෙතැනට වඩා සුදුසු බව පෙනේ.

12. එ හ සු න් මතු කියමි ඔබ ගිය සද සබ ඳ
තොපගෙන් පිළිවිසින දන විස්ම වන ලෙ ද
වෙ සෙ සින් මෙපුර සිරි වනනා ම බස් සො ද
ස‍තො සින් මිණිකොඬොල් ලෙස තා සවන් ස ද*
12
අර්ථය - මිත්ර ය, ඒ සන්දේශය ඉදිරියට කියන්නෙමි. ගිය තැන්වලදී විමසන ජනයා පුදුම වන ආකාරයට දැන් මේ නගරයෙහි ශ්රීිය විශේෂ කොට වර්ණනා කරන මේ වචන සතුටින් අසන්න.
විස්තර - (1) සන්දේශකරුවා ජයවර්ධනපුරය වර්ණනා කරන්නට අදහස් කරන්නේ එය ඇති පරිද්දෙන්ම නොවන බව මෙයින් කියවෙයි. එසේ කියන විට විමසන ජනයා විස්මයට පත් වන්නේ නැත. ඒ නිසා විශේෂයක් කළ යුතුය. කවි සමයානුගතව කිවහොත් එසේ වෙයි.
(2) සබඳ - බැඳීම් ඇති තැනැත්තා=මිත්රවයා පිළිවිසින - විචාරන, ප්රතශ්න කරන විස්ම - සමහරු මෙය විෂ්මයකියා ලියති. එය වැරදිය. වෙසෙස් කර - විශේෂත්වයක් ඇති කර - මෙහිදී කවි සමයානුගතව, එය කරනු ලැබේ. මෙවදන් මිණි කොඩොල් තා සවන් සද - හොඳින් අසන්න යන අර්ථය වක්රා මාර්ගයෙන් කියූ සැටියි. පද්යහයේදී කවීහු නොයෙක් විට මේ වක්රෝාක්තිය ප්ර්යෝජන කර ගනිති.

 

ජයවර්ධන පුර වර්ණනා

13. ජ ය ව ද් ද න දැනුමැති මැති යුතු පව ර
රුපු ම ද් ද න ගජ හය සෙන් පිරි නිතො ර
නොවරද්ද න සගමොක් මුනිදහමක ර
ජ ය ව ද් ද න පුරවර මෙය දනු මිතු ර
13
අන්වය - මිතුර, ජයවද්දන දැනුම් ඇති පවර මැති යුත් රුපු මද්දන ගජ හය සෙන් නිතොර පිරි සග මොක් නොවරද්දන මුනි දහම් අකර ජයවද්දනපුර මෙය දනු. ‍ අර්ථය - මිත්රදය, ජය වර්ධනය කරන්නා වූ දැනුම සහිත උතුම් අමාත්ය යන් ඇති, සතුරන් මර්දනය කරන හස්ති අශ්ව සේනාවන් නිතර පිරුණු ස්වර්ග මෝක්ෂ සම්පත් නොවරදවා (ලබා දෙන) බුද්ධ ධර්මයට ආකරයක් වූ ජයවර්ධනපුරය මෙයයි දැන ගන්න.
විස්තර - (1) ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරන ලද්දේ ගම්පළ 3 වැනි වික්රරමබාහු රජුගේ රාජ්යන කාලයේදී (නිස්සංක) අලගක්කෝනාර විසිනි. අලගක්කෝනාර හෙවත් අලකේශවරවරුන් අතර ඉතාමත් ප්රවකට තැනැත්තා මොහුය. එකල ලියවුණු නිකාය සංග්රඅහය ආදි පොතපතෙහි මේ බව අතිඋත්කර්ෂයෙන් සඳහන් වෙයි. කෝට්ටේ යුග‍යේ ලද හැම සන්දේශයකමත් මේ නගරය සඳහන් වන නමුත් ඒ කිසිවෙක් අලගක්කෝනාර ගැන සඳහන් කරන්නේ වත් නැත. මීට හේතුව ඔහු ගැන 6 වැනි පරාක්රසමබාහු රජතුමා තුළ පැවති නොපැහැදීම විය හැකිය. අද මෙන්ම එදාත් විරුද්ධවාදීන්ගේ නම් පිස දැම්මේ උත්සාහයක් පැවතිණි.
(2) ජයවද්දන - ජයවර්ධනය කරන, ජය වදන හෙවත් ප්ර්වේශ කරන යන තේරුම් දෙකම මින් ගත හැකිය. එහෙත් මද්දන යන වචනය බලන කල මුල් තේරුම ගන්නා ලදැයි සිතේ. වඩා ගැළපෙන්නේද ඒ අර්ථයයි. කෙසේ වුවද වර්ධන, මර්දන යන සංස්කෘත වචන දෙකම නියමාකාරයෙන් සිංහලයට තද්භව විය යුත්තේ වඩන, මඩන යනුවෙන් කාරය සහිතවය. එහෙත් හැම සන්දේශයකම එන්නේ ජයවද්දන පුර යන යෙදුමය. එය අර්ධ - තත්සම පදයක් සේ ගත හැකියි.

හය - අසුන්
මුනිදහමකර - බුද්ධ ධර්මය උගත් පඬිවරුන් සිටියාක් මෙන්ම බෞද්ධ පොත පතද ජයවර්ධන පුරයෙහි පැවති බව මෙයින් කියවෙයි.

14.
බ ඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා
අ ඹා තුබූසක්වළ ගිරි සෙ මෙතැන මා
ප බා විහිදී පවුරට නත දරණ යොමා
නොබා කියමි නොසරිද යන්තමක් තමා
14
අන්වය - වෙනස්ව ඇත්තේ පද දෙක තුනක් පමණි. එය ඔබටම පිළිවෙළ කර ගත හැකිය.
අර්ථය - මහ බඹු පළමුවෙන් ලෝකයෙහි ප්රමමාණය නොදැන මෙතැනම අඹා තිබූ චක්රයවාට පර්වතය මෙන් ප්රෙභාව විහිදුණු ප්රාාකාරයට, අනන්තයාගේ දරණ යොමු කොට (ඒ හා සමාන කොට) හරි නොයන්නේද යන්තමක් තමායැයි නොබියව කියමි.
විස්තර - (1) සක්වළ වටා පවුරක් මැවීමට මහා බ්රබහ්මයාට අවශ්යය විය. ඔහු එය මැව්වේ ජයවර්ධන පුරය වටේටය. එය සක්වළ සඳහා ප්රමමාණවත් නොවන බව දුටු ඔහු එය එහිම තිබෙන්ට හැරියේය. මේ ජයවර්ථනපු‍රයේ විශාලත්වයත් ඒ වටා ඇති ප්රාඑකාරයේ ප්රසභා සම්පන්නබවත් ව්යංවග්ය යෙන් කී සැටියි. වෙනත් වචනවලින් කියතොත් එය පුංචි ලෝකයක් වට කිරීමට වුවද ප්ර මාණවත්ය.
(2) බඹා.......ලොව පමණ නොදැන - වෛදික හින්දු විශ්වාසයට අනුව ලෝකය මැවූයේ බ්ර්හ්මයාය. (තමන්ම මැවූ ලෝකයේ ප්රවමාණය ඔහුම නොදැන සිටීමට ක්රේමයක් නැත.)
සක්වළ ගිරි සෙ මෙතැනමා - ලෝකයේ ප්රමමාණය නොදත් බ්රිහ්මයා සක්වළ ගිර මවා ඇත්තේ ජයවර්ධනපුරයෙහිය. චක්රරවාල පර්වතය යනු ලොව වටා ඇතැයි හින්දුන් විශ්වාස කරන පවුරක් වැනි පර්වතයකි.
නත - අනන්ත නම් නාගරාජයා. අනතයන්නෙහි ලෝපයෙන් මෙය සෑදී ඇත. කෙළවරක් නැති යන තේරුමක් ඔහු අනන්ත නම් වෙයි. ඔහුට මුව දහසක් ඇතැයි කියනු ලැබේ. හින්දු විශ්වාසයට අනුව විෂ්ණු මොහුගේ දරණ වැළ මත සැතපෙයි. අනන්තයා අගක් මුලක් නැති විශ්වය සංකේතවත් කරයි.
(3) මෙය ඒ තරම් රසවත් කවියක් නොවේ. කවියා යොදා ගන්නේ පැරණි කවීන් විසින් නිතර භාවිතා කිරීමෙන් පිළුණු වී ගිය උපමා රූපකය. ඒවා පවා පැහැදිලි චිත්ත

රූපයක් මැවෙන පරිදි ඉදිරිපත් කර නොමැත. පවුර සක්වළ ගිරටත් අනන්තයාගේ දරණ වැළටත් එකවර උපමා කරන්නට නොගියේ නම් අඩු වසයෙන් පද්යකයේ සරලත්වයවත් ආරක්ෂා වීමට ඉඩ තිබිණ.


15.
එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව
සි ඳු ර ද විසින් ඇය රැකවරණට කැටුව
පි රි සි ඳ එවූ සිඳු කඩකෙව් නොව පටුව
ඇමස ඳ පිරුණු දියගල ලොබ වෙයි දුටුව
15
අන්වය - පෙර කිරිසිඳු දුව තුටුව මෙපුර එන කල සිඳු රද විසින් ඇය රැකවරණට පිරිසිඳ කැටව එවුණු සිඳු කඩක් එව් පටුව නොව ඇම සඳ දිය පිරුණු අගල දුටුව ලොබ වෙයි.

අර්ථය - පූර්වයෙහි ශ්රීට කාන්තාව සතුටින් මේ නගරයට එන කල්හි සමුද්රව රාජයා විසින් ඇගේ ආරක්ෂාවට කපා එවන ලද මුහුදු කැබෙල්ලක් මෙන් විශාලව, හැම කල්හිම ජලයෙන් පිරුණු අගල දුටු කල්හි ආශාව ඇති වෙයි.

විස්තර - (1) කලින් පද්යනයෙන් නගරයෙහි මහත් බවත් පවුරෙහි ශෝභාවත් යන දෙකම එක වර වර්ණනා විය. මෙම පද්යකයෙන් නග‍රයේ සමෘද්ධිමත් දිය අගලෙහි විශාලත්වයත් එක වර වර්ණනා වෙයි.
කැබෙල්ලක් වුවත් මුහුදේ කැබෙල්ලක් වීම නිසා එය විශාලත්වයෙන් අධික විය.
(2) කිරි සිඳු දුව - ලක්ෂ්මි - සෞභාග්යදයට අධිපති දෙව්දුව ඇයයි. සුරයන් කිරි මුහුද අළලද්දී ඉන් පහළ වූ වස්තු දහහතර අතර ඈද වූවාය. එ බැවින් ඈ කිරි මුහුදේ දියණිය නැතහොත් කිරි සිඳු දුව නමින් හැඳින්වෙයි. මැය විෂ්ණු විසින් සිය භාර්යාව හැටියට ගන්නා ලදි. (ඇගේ වාහනය බකමූණාය. ආලෝකයට බකමූණා ඇස වසා ගන්නාක් මෙන් සෞභාග්යසමත් පුද්ගලයාද උගත්කමට ඇස් වසා ගන්නා බව මින් අදහස් කළා විය හැකිය.)
ලක්ෂ්මිය ජයවර්ධන පුරයට සතුටින් පැමිණියේ එය සමෘද්ධිමත් ස්ථානයක් වූ නිසාය.
ඇය රැකවරණට - පෙර රජවරුන් තම දුවණියන් වෙනත් රටකට සරණ යවන විට ඇගේ රැකවරණට පිරිසක් යැවීම සිරිතක් විය. විජායි කුමරිය විජය රජු වෙත. එන විටත් භද්දකච්චානා කුමරිය පඬුවස්දෙව් රජු වෙත එන විටත් මෙසේ පිරිස් පැමිණියහ.
කුස ජාතකය වැනි ජාතක කතාවන්හිද මේ සිරිත සඳහන් ‍වේ.
සිඳු කඩකෙව් - සිඳු කඩක් + එව්; සින්ධු නම් සාගරයයි. එව් යන්නෙහි අර්ථය වැනි යනුයි.
පටුව නොව ඇම සඳ දිය පිරුණු - හැම විටම දිය පිරි පවත්නා විට අගල වීමට ඉඩක් නැත.

16. සු වි ස ල් අගල දිය තුළ පෙනෙන පැහැසර
ර ළ වුල් සසල රිවි සඳ මඬල ඇම වර
තු ඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර
ර ස හල් පිවිස ගමනරඹිනු වැනි මිතුර
16
අන්වය - මිතුර, මනහර සුවිසල් අගල දිය තුළ පෙනෙන රළ අවුල් සසල පැහැසර රිවි සඳ මඬල තුඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර හැම වර රසහල් පිවිස යනු වැනි.
අර්ථය - මිත්රරය, සිත් ඇද ගන්නා සුවිශාල අගලෙහි පෙනෙන තරංගයන්ගෙන් අවුල්ව චංචල වූ රිවි (මඬල) හා සඳ මඬල උස මහත ප්රානකාරයට උඩින් යා නොහැකිව හැමවිටම රසාතලයට පැමිණ යන්නාක් වැන්න.
විස්තර - (1) ජයවර්ධන පුරය වටා ඇති පවුර ඉතා උසය, චන්ද්රි සූර්යයන්ට පවා එයට ඉහළින් යෑම දුෂ්කරයැයි සිතෙන තරම්ය. ඒවායේ ප්රපතිබිම්බ මහා දිය අගලෙහි පෙනෙන විට ඉර සඳ පවුර පැන යනු නොහැකිව යටින් රිංගා යනු වැනිය.
(2) තුඟුතුල් - උස හා මහත රසහල් - රසාතලය; පෘථිවියෙහි යට ප්රයදේශය. පුරාණ නාමාවලිය නාග ලෝකයට නමක් සේ දක්වයි.

17.
ස ඳ රිවි තමන් රහු මුව පත් වූ ස‍ෙඳහි
බි ඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි
බැ ඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි
සොඳ රන් රිදී දද බබලයි පුර වරෙහි
17 අර්ථය - චන්ද්රමයා හා සූර්යයා තමන් රාහු මුඛයට පත් වූ අවස්ථාවන්හි රෑ දවල් ගන අඳුර බිඳ එළි කරනු පිණිස තම රශ්මිය නමැති වස්ත්රරය ප්රාවසාදාග්රනයෙහි බැඳ ගියාක් මෙන් යහපත් රන් රිදී කොඩි නගරයෙහි බබලයි.
විස්තර - (1) නගරෙයෙහි ගෙවල් මුදුනේ සුදු කොඩින් රන්පැහැ කොඩිත් ඔසොවා ඇත. එය සමෘද්ධියෙහි සංකේතයකි. නමුත් කවියාට මේ කොඩි කුමක් වැනිද? චන්ද්ර යාත්
සූර්යයාත් වරින් වර රාහු මුඛයට පත් වෙති. පරාර්ථයම ප්රාමර්ථනා කරන ඔවුන් විසින් ඒ අවස්ථාවලදී ලෝකය එළි කරන පිණිස තමන්ගේ රශ්මියෙන් ටික ටික බැඳ තබා ගියාක් වැන්න. සඳ රැස් සුදුය. එහෙයින් එය රිදී කොඩි වාන්න. හිරු රැස් රන් පැහැ නියා ඒවා රන් කොඩි හා සමානය.
(2) රහුමුව - පුරාතනයන්ගේ සාමාන්ය විශ්වාසයට අනුව චන්ද්රනග්ර්හණ හා සූර්ය්යාග්රුහණ ඇති වන්නේ ඒ ග්ර හයන් වරින් වර රාහු මුඛයට පත් වීමෙනි.
කිරි මුහුද අළලන අවස්ථාවේ පහළ වූ අමෘතය දෙවිවරා පානය කරන්නට වූහ. අසුරයෙකු වූ රාහුද දෙවියෙකු හැටියට වෙස් වළාගෙන ඉන් බිඳක් පානය කෙළේය. ඒ දුටු චන්ද්රායා විෂ්ණුට ඒ බව දැන්වීය. විෂ්ණු තම ගදායුධයෙන් ගසා එම අසුරයා දෙපලු කෙළේය. ඔහුගේ හිස පෙදෙස රාහු වූ අතර පහළ කොටස කේතු නම් විය. ඔහු නොමළේ අමෘතය බී සිටි බැවිනි.
තමාට විපත් පැමිණියේ හිරු සඳු නිසා බව දත් රාහු වරින් වර ඔවුන් ගිල දමන්නට විය.
අඳර - අඳුර යන පදයේ ස්වර සමීකරණයෙන් සිද්ධයි. දෙවෙහි - දව +එහි=දවෙහි=දෙවෙහි, දවල් කාලයෙහි කිරණ පට - රශ්මිය නමැති වස්ත්රණය.

18.
හය කුර ග සි න් නැඟි රදසින් හිවි අඹර
ගජකන් ත ලි න් එන පවනින් යුත් මෙපුර
කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර
සැඬකර ර සි න් සැඬ ගිමනින් දුක් කවර
18 අන්වය - හය කුර ගසින් නැඟි රදසින් අඹර හිවි, ගජ කන් තලින් එන පවනින් යුත් මෙපුර, නිතොර කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට සැඬකර රැසින් සැඬ ගිමනින් කවර දුක්?
අර්ථය - අසුරන්ගේ කුර ගැසීමෙන් නඟින ධූලියෙන් ආකාශය වැසුණු, ඇතුන්ගේ කන්පෙති (ගැසීමෙන්) එන සුළඟින් යුතු මේ නගරයෙහි නිතරම ක්රී ඩා සන්තෝෂයෙන් සිටින සල්ලාල ජනයාට සූර්ය රශ්මියෙන් (හා) තද ග්රීිෂ්මයෙන් කුමන දුකක්ද?

විස්තර - (1) මේ එම නගරය ඇතුන්, අසුන් හා ප්රීරතිමත් තරුණයන්ගෙන් ගහණව පැවති බව ව්යංටග්යනයෙන් කියූ සැටියි. එහි අසුන් නිතරම ගමන් ගන්නා නිසා උන්ගේ කුර වැදී දූලි අහසට නඟී. මේ දූවිල්ල වියන් පටක් මෙන් අහසේ රැඳී තද හිරු රැස වළක්වා ලයි. ඒ නිසා තාපයක් ඇති නොවේ. අසුන් මෙන්ම අධික වූ ඇතුන්ගේ කන් පහරින් වදින සුළඟින් වීදිවල දූලි පහව යනවා පමණක් නොව ජනීජනයාට සිසිලසක්ද ඇති කරයි. එසේ නැතිව නගරය දූවිල්ලෙන් පිරී යන්නේ නම් එය කොතරම් දුකක්ද?
(2) හයකුර ගසින් - හය = අසුන්; ගසින්=ඝර්ෂයෙන්; අසුන්ගේ කුර පහරින්
රදසින් - දූවිල්ලෙන්; රජස් නම් ධූලියි.
හිවි - ගැවසි
සලෙළුන් - ක්රී ඩා ලෝල තරුණයන්; සල්ලාල යන්නට අද තරම් අවමානාත්මක හැඟීමක් එදා තිබෙන්නට නැති බව පෙනේ.
සැඬකර - චණ්ඩ වූ රශ්මිය ඇති නිසා සූර්යයා මෙනමින් හැඳින්වෙයි.

19.
අ ගි ල් කපුරු දුම් කඳ පැතිර පිහිකුළු
වි පු ල් මෙපුර රන් දෙදෙනුදුල පහ කුළු
ළක ල් සුරඹ සිදු ලිය කෙළි සිරස කුළු
සි ය ල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු
19
අන්වය - විසල් මෙපුර, අගිල් කපුරු දුම් කද පැතිර පිහිකුළු රන් දෙදෙන් උදුළ පහ කුළු, කුළු සිරස ළකල් සුර අඹ සිදු ලිය කෙළි ලකුළු හිමවු ගිරි කුළු සියල් සිරි රැපැයි.
අර්ථය - විශාල වූ මෙම නගරයෙහි අගිල් කපුරු දුම් පැතිරීමෙන් වැසුණා වූ රන්වන් කොඩියෙන් බබලන ප්රාළසාද මුදුන්, කඳු මුදුන් මත සිත් ගන්නා දෙවඟනන් හා සිද්ධාංගනාවන් ක්රීළඩා කළ අලංකාර හිමාල පර්වත ශිඛර සියල්ලෙහි ශෝභාව ගෙන හැර දැක්විය.
විස්තර - (1) හිමාලයෙහි පර්වත ශිඛර රාශියක් ඇත. එමෙන්ම මේ නගරයෙහිද විශාල මන්දිර රාශියක් වෙයි. හිමෙන් වැසුණු පර්වත ශිඛර පෙනෙනුයේ සුදු පාටටය. මන්දිරවල අගිල් කපුරු දවන නිසා ඒවායින් නඟින දුමෙන් ඒවාද සුදු

පැහැයෙන් පෙනෙයි. ගිරිකුළුවල දිව්යාංෙගනාවෝත් සිද්ධාංගනාවෝත් නටති, නගරයේ පහ මුදුනේ ලෙළ දෙන රන්වන් කොඩි එසේ නටන සිදඟනන් හා දෙවඟනන් වැන්න.
කාල්පනික ස්වරූපය නිසා මේ පිළිබඳ චිත්ත රූපය මවා ගැනීමට සමහරුනට දුෂ්කර විය හැකිය. එය මවා ගැනීමට හැකි වුවහොත් චමත්කාරයක් ලද හැකි කවකි. (2) අගිල් කපුරු - අගිල් හෙවත් අගරු, දල්වන විට සුවඳ විහිදෙන ලී වර්ගයකි. අද පවා ගෙවල මේ ද්රයව්යඑ දවනු ලැබේ.
පිහිකුළු - වැසුණු
රන් දෙදෙන් - රත්රන් කොඩියෙන්
සිදු ලිය - සිද්ධාංගන‍ාවෝ, සිද්ධයෝ නම් කැමති විටක කැමති වෙස් ගැනීමට සමත් දේව යෝනියකි.
සිරිපැයි - සිරි පෑය = සිරි පෙන්වීය
ළකල් හා ලකුළු = මේ වචන දෙක වෙනස් තේරුම් දෙයි. ළ + කල් යනු සිත් ඇද ගන්නා යනුයි. ලකුළු නම් අලංකාර කළයන්නයි.
(3) මෙම පද්යසයේ කුළු යනු ‍එකම තේරුමෙන් තෙවරක් යෙදී ඇත.

20. මෙ පු ර පහග දිලි රන් කැරලි වසමිනි
පැ ති ර උලැඟි රොන් පට හය කුර ගසිනි
අ ඹ ර ඇඹරි දදතින් පිස යනු කෙ වැනි
නිතොර සොඳුරු ගුරු පිරියම් කරන වැනි
20
අන්වය - මෙපුර හය කුර ගසිනි උලැඟි රොන් පට පහ අග දිලි රන් කැරලි වසමිනි පැතිර අඹර ඇඹරී දද අතින් පිස යනු කෙවැනි? නි‍තොර සොඳුරු ගුරු පිරියම් කරනු වැනි.
අර්ථය - මෙම නගරයෙහි අසුන්ගේ කුර ගැටීමෙන් උඩට නැඟුණු ධූලි පටලය ප්රායසාදාග්රෙයෙහි බැබලෙන රන් කොත් වසමින් පැතිර, ආකාශයෙහි ඇඹරුණු කොඩි නමැති අතින් පිස යෑම කෙබඳුද? නිතරම හොඳ හැටි ගුරු ගාන්නාක් වැන්න.

විස්තර - (1) නගරයේ සිටින අසුන්ගේ කුර ගැටීම නිසා අහසට දූලි නඟී. ඒවා ගෙවල් මුදුනෙ ඇති රන් කොත් මත
පතිත වන නමුත් එහිම බැඳ ඇති, සුළඟට සෙලවෙන කොඩිවලින් පිස දැමෙයි. එය හරියට නිතරම ඒවායේ ගුරු පිරියම් කරන්නාක් වැන්න.
(2) ජයවර්ධනපුරයේ අසුන්ගේ කුර පහරින් අහසට දූලි නඟන බව මීට ඉහත පද්ය2යකින්ද කියවිණ. මෙසේ ටය නැවතත් කීම සුදුසු නැත. කොඩිවලින් කෙරෙන්නේ දූලි ගෑමක් නොව පිස දැමීමකි. එය පිරියම් කිරීමක් හැටියට දැක්වීමද සුදුසු නොවේ. ඔප දැමීමක් හැටියට දක්වන ලද්දේ නම් මැනවි.
(3) දිලි - ජ්වලිත; මෙය දිළියනුවෙන්ද යෙදේ.
කැරලි - විශාල මන්දිර මත සවි කොට ඇති කොත් වැනි දෙය මෙයින් අදහස් කෙරේ.
උලැඟි - උඩට නැගි
පට - පටම පටල. මෙහි දූලි පටලය ගැනේ.
පිරියම් - පිරි + කම් = පිරියම්; සායම් ගෑම.

ගිරා සන්දේශ විස්තර වර්ණනා-3


21.
සො බ න නොයෙක් පහ මිණි බිතිනි මනහර
පෙනෙන උදය දිවයුරු මඬල පැහැසර
ර ඳ න මෙපුරවර කුලඟන මුව තඹර
බ ල න වැන්න වැද වැද සිට මැඳුරතුර
21 අන්වය - අසීරු නැත.
අර්ථය - අලංකාර වූ විවිධ ප්රාතසාදවල මැණික් බිත්තිවල පෙනෙන උදය රැස් සහිත සූර්ය මණ්ඩලය මේ පුරයෙහි සිටින සිත් ඇද ගන්නා කුල කාන්තාවන්ගේ මුහුණ නමැති පියුම්, මන්දිර ඇතුළට වැදි වැදී බලන්නාක් වැන්න.
විස්තර - (1) නගරයේ මන්දිරවල ලස්සණ කාන්තාවෝ වාසය කරති. ඔවුන්ගේ මුහුණු නෙළුම් මල් මෙන් ලස්සණය. නෙළුම් මල් හා සූර්යයා අතර ඥාති සම්භන්ධයක් ඇතැයි කවියෝ කියති, කෙසේ වුවද නෙළුම් උදෑසන පුබුද වන නිසා සූරුයයා ඒවා පුබුදන බව කවි සමය කියයි. උදෑසන හිරු පායා එන විට ප්රාාසාද බිත්තිවල පතිත වන සූර්ය බිම්බය, හිරු, මැදුරු ඇතුළට වැදි වැදී කාන්තාවන් ගේ මුහුණු නමැති පියුම් බැලීමක් වැන්න.
(2) මිණි බිතිනි - මැණික් බිත්තියෙන්; කිරි ගරු‍ෙඬන් කළ බිත්තිවලට පිළිමිණි බිත් යැයි කියනු ලැබේ. එහෙත්

මෙතැන මිණිනිල් මිණිය. ඉන්, ඔප ලූ කළු ගල් බිත්ති අදහස් කළා විය හැකිය. නෙළුම් පිපෙන්නේ ජලයෙහිය. ජලය නිල්පාට නිසා මෙතැනට උචිත වනුයේද නිල් බිත්තිය.

22.
සි ය ල් සිරින් මෙහි පහ කැරලි අග
තු මු ල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ
අ ස ල් වමින් රිවි සඳු හට පලඟ රඟ
සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ
22
අර්ථය - සකල ශ්රී යෙන් පිරුණු මෙහි ප්රාතසාදයන්හි කොත් කැරලි අග (ඇති) මහත් වූ නිල් මැණික් ප්රවභාව ආකාශයෙහි පැතිරී රාහු පරිද්දෙන් සූර්යයාටත් චන්ද්රතයාටත් ළංවී ආකාශ ගංගාවෙහි (දිය) සෙවෙල් ලෙසින් පෙනෙයි.

විස්තර - (1) ප්රාසසාදයන්හි කොත් අග නිල් මැණික් සවි කොට ඇත. ඒවායින් නිකුත් වන්නේ නිල් පැහැයකි. එය කොතරම් ඉහළට විහිදෙන්නේද යතහොත් රාහු අසුරයා පරිද්දෙන් ඉරට හා හඳටද ළං වෙයි. දිය සෙවෙල් රාහු, දිය සෙවෙල් යන ආකාර දෙකෙන්ම දැක්වීම එතරම් උචිත නොවේ. ඇරත් මීට ඉහත 20 වැනි කවෙන් කියවෙනුයේ පහ අග කොත් කැරලි රනින් කළ බවයි.
(2) කවියා දැන් කවි පහකින්ම (17, 19, 20, 21, 22) කෙළේ නගරයේ ගෙවල් හා එහි කොටස් පිළිබඳ වර්ණනාවන්ය. එසේ වුවත් ස්වාධීන යැයි කිව හැකි කිසිදු විස්තරයක් ඉදිරිපත් කොට නැත. ගතානුගතික වර්ණනා පුන පුනා ඉදිරිපත් කිරීමෙන් මේ වර්ණනාව නීරස වී ඇත.
(3) අහස් ගඟ - මෙය කවීන්ගේ මනසෙහි උපන්නක් වන නමුත් ඒ පිළිබඳ නොයෙක් අන්දමේ විස්තර දක්නා ලැබේ. බෞද්ධ පොතපතෙහි එන පරිදි අහස් ගඟ අනවතප්ත විලෙන් පටන් ගෙන ඒ වටා තුන් වරක් පැදකුණු කොට දකුණු පස ඇති ගල් තලාව දිගේ සැට යොදුනක් ගලා ගොස් පර්වතයක හැපි තුන් ගව්වක් අහසින් ගමන් කරයි. අහස් ගඟ කියන්නේ ඒ කොටසටය. සුදු පැහැති මෙහි දිව්යාං ගනාවෝත් සිද්ධාංගනාවෝත් නාති.

පුරාණ නමින් හැඳින්වෙන හින්දු ග්ර න්ථවලට අනුව විෂ්ණුගේ මැපටැඟිල්ලෙන් පටන් ගන්නා මෙය ඊශ්වරයාගේ ජටාව වටා තුන්වරක් කැරකැවී පොළොවට පතිතව ගංගා, සින්ධු ආදි හතක් වසයෙන් මුහුදට ගලා යයි.

රාමායණයේ එන පුවතකට අනුව භගිරථගේ පුත්තු සැට දහසක් කපිල සෘෂි‍ගේ ශාපයෙන් දැවී අළු වී යති. භගීරථගේ යාච්ඤාවෙන් පැහැදෙන ගංගා නම් දෙවඟන ඔවුන්ට පණ දීම සඳහා ගංගා නදිය පොළොවට එවන්නීය. එය පිළිගැනීමට පොළොව ශක්තිමත් නොවන නිසා පළමුවෙන් ශිවගේ ජටාවට බැස එතනින් සාගරයට ගලා ‍ගොස් පුතුන්ට පණ දෙයි.
සුර මග - ආකාශය
(4) ගඟ - සංස්කෘත ආදි ඉන්දීය භාෂාවලින් ගංගා යනු නදියක නමක් පමණකි. නමුත් සිංහල ව්ය වහාරය අනුව හැම නදියක්ම ගඟකි. ලාංකික පාලි ග්රනන්ථද එම ක්රසමය අනුගමනය කර ඇත.

23. තනා පබළු මුතු මිණි අබරණ පැළඳ
පිනා සඳලුවල සිටි සුරඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ
කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද
23 අන්වය - පහසුය.
අර්ථය - පබළු, මුතු මැණික් ආදියෙන් ආභරණ තනා පැළඳ ගෙන සඳලු තලවල සිටි තරුණ ස්ත්රීකහු අපූරු පල්ලව පත්රු, මල්, ගෙඩි බෙහෙවින් දරා, ස්වර්ණ පර්වත ප්රා න්තයෙහි ඇති කනක ලතාවන් වැන්නෝය.
විස්තර - (1) විශාල මන්දිරවල සඳලු තලයන්හි තරුණ කාන්තාවෝ පබළු, මුතු, මැණික් ආදියේන තැනූ ආභරණ පැළඳ ගෙන සිටිති. ඔවුහු රන්වන් පාට වෙති. ඒ ප්රාරසාද රන්වන් පාටය. විශාල බැවින් පර්වත බඳුය. ඒ නිසා කාන්තාවන් පෙනෙන්නේ පර්වත ප්රානන්තවල ළා දලු, මල් ගෙඩි සහිත ස්වර්ණ ලතාවන් ලෙසිනි. පබළු ළාදලුද, මුතු මල්ද, මැණික් ගෙඩිද වේ.
(2) සඳලු - විශාල මාලිගාවන්හි උඩුමහලෙහි සඳ එළිය ලැබෙන පරිදි තැනූ ආලින්දයන්.
කනා ලියන් - රත්රන් ලතාවන්
රන්ගිරි - මහමෙරට නමි. 
බෙයද - පර්වත පාර්ශවය
24. පි ය ක රු තෙනෙන් පැරදි පිවිසි වන විල
පි වි තු රු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල
වි සි තු රු මෙපුරවර අඟනන් වෙමින් ලොල
පි ය යු රු පටින් බැඳ වසතී සිතේ බල
24 අන්වය හා අර්ථය දෙකම දුෂ්කර නොවේ.
විස්තර - (1) රූමත් තරුණ ස්ත්රීමන්ගේ පියවුරු හංසයන් වැනි යැයි කියනු ලැබේ. මේ නගරයෙහි ස්ත්රීෂන්ගේ පියවුරු සුදු හංසයන්ටත් වඩා ලස්සණය. ඒ දකින හංසයෝ පරාජයට පත්ව ලජ්ජාවෙන් කැලයේ විල්වලට යති. එයින් උයන්වල විල් අවලස්සණ වී යා හැකිය. කාන්තාවන්ගේ තනපට බැඳීම ඔවුන්ගේ එ ලජ්ජාව නැති කොට ආපසු ගෙන්වීමේ ප්රේයත්නයක් වැන්න.
(2) මෙයද අලුත් අදහසක් නොවන නමුත් පුර වර්ණනා වසයෙන් මෙතෙක් ඉදිරිපත් කළ සෙසු කවිවලට වඩා රසවත්ය. පැහැදිලි චිත්ත රූපයක් මැවෙන පරිදි වචන මනා ලෙස හසුරුවා මෙම පද්යරය රචනා කොට ඇත.
ගෙදිගුවිල - ගෙවල් සමීපයෙහි තනන ලද දිගටි විල් අලංකාරය පිණිස මේවායේ හංසයෝ ඇති කරනු ලබති.
(3) අඟනන් වසති - අන්තර් වාක්ය යක උක්තය කර්ම විභක්තියෙනුත් ආඛ්යාැතය බහු වචනයෙනුත් තැබීම පැරණි සිංහල රීතියකි. සමහරු අදද මෙය අනුගමනය කරති.
25. ක ලා සපිරි සසි වත මන කලා වන්
නි ලා තිබෙන බැම ඉඳු දුනු පිලා වන්
දු ලා තනන තන රන හස පිලා වන්
බ ලා පයැද යනු බැරි පුර කලා වන්

25   අන්වය - මනකලා වත් කලා සපිරි සිසි වත, පිලා ඉඳු දුනු වන් නිලා තිබෙන බැම, රන හස පිලා වන් තනන දුලා තන පුර කලාවන් බලා පයැද යනු බැරි.
අර්ථය - සිත් පිනවන වර්ණ සහිත සියලු කොටස්වලින් පිරි සඳ වැනි නිල්ව තිබෙන ඇහි බැම ස්වර්ණ හංස පැටවුන් මෙන් නලියන්නා වූ දිලෙන පියයුරු (සහිත) පුර ස්ත්රිමන් දැක පය නඟා යෑමටය නුපුළුවන.
විස්තර - වන් - මෙතැන පැහැය ගත හැකිය.
කල - ස‍ෙඳන් දහසයෙන් කොටස කලානමි. ඒ සියලුම කලා පිරුණු කල්හි පුන්සඳයි.
පිලා - කුඩා; නියම තේරුම පැටවායනුයි.
තනන - නටන, සෙලවෙන.
හස පිලා වන් - හංස පෝතකයන් වැන්න. ලොකු හංසයන්ට මෙන් නොව, හංස පැටවුන්ට එක විදියකට සිටිය නොහැකිය. ස්ත්රීටන්ගේ පියවුරුද එසේම චලනය වෙයි. පුරකලා වන් - නග‍රයේ ස්ත්රිටන්
26. රොදක් කන අලක මුතු පට ගොතා බැඳ
ස ඳ ක් බඳු වුවන මඳ හස යොදා නඳ
ම ඳ ක් මතු මහල සිටි එළි පෙනී සොඳ
උ ද ක් සුරඟනන් වැනි පුරඟනෝ ළඳ
26 අන්වය - දුෂ්කර නැත. රොද ක් කන අලකයන්න අක් කන අලක රොදයැයි ගන්න.
අර්ථය - කන කෙළවර කියඹු වැල මුතු පට හා ගොතා බැඳ සඳ වැනි මුහුණෙහි සිත් සතුටු කරවන මඳ සිනහවක් පා උඩුමහලින් ටිකක් එළියට පෙනෙන පරිදි සිටි යහපත් තරුණ පුර ස්ත්රී හු විශේෂයෙන් දිව්යාංෙගනාවන් වැන්නාහ.
විස්තර - (1) පුරඟනන් සුරඟනන්ට උපමා කිරීමකිසි සේත් අලුත් අදහසක් නොවේ. එහෙත් මේ දක්වා අප ගිරා සන්දේශයේ උගත් කොටසේ එන රසවත්ම කවිය මෙය යැයි කිව හැකිය. කවිය කියවන අපට ලස්සණට මුහුණ හා හිස සරසා ගෙන මතු මහල් තලයේ සිට අඩක් එළියට පෙනෙන සේ මඳ සිනා පා සිටින කාන්තාවෝ මැවී පෙනෙති.
යම් කිසි සුන්දර දෙයක් සම්පූර්ණයෙන් පෙනෙන කල්හිද එහි අගය අඩු වෙයි. එහෙයින් මඳක් එළි පෙනීයැයි කීම සුදුසුය. එසේම සම්පූර්ණ සිනාවට වඩා අඩ සිනාවද සිත් ගන්නාසුලුය.
(2) අක් කන - කනෙහි කෙළවර යන්න හල් වූ විට නොයෙක් තැන්වල ක්හැටියට සිටී.
අලක - අලංකාරය සඳහා කන අගින් නවා පහතට හෙළන කෙස් රොද. මෙයට කියඹු වැල යයිද කියනු ලැබේ.
මඳහස - මන්ද හාසය - අඩ සිනහව.
ලද - තරුණ.
උදක් - විශේෂයෙන්

27.
වෙරළ ඉ ගි ළ තු ළ ර ළ වැළ ලෙස උලෙළ
නැබළ ප ට ළ පෙ ළ ලෙළ වමිනි කෙළ කෙළ
ක ර ළ කෙරළ මොළ බළ දළ දප පහළ
පු ව ළ සි හ ළ ද ළ බළ මුළු නිති ඔසළ

27 අන්වය - වෙරළ ඉගිළ උතුළ උලෙළ රළ වැළ ලෙස නැබළ පටළ පෙළ ලෙළවමිනි කෙළ කෙළ මොළ කරළ කෙරළ බළ දළදප පහළ පුවළ දළ සිහළ බළ මුළු නිති ඔසළ.
අර්ථය - සමුද්රළ තීරය ඉක්මවා ඉතිරුණා වූ චංචල රළ පන්තිය ලෙස මහත් වූ පලිස් සොලව සොලවා ක්රීළඩා කරමින් මහත් සේ කර්කශ කේරළ හමුදා එඩි පහ කළා වූ ප්රෞ ඩ හා මහත් සිංහල භට සේනාවෝ නිතර එක් රැස් වූහ.
විස්තර - (1) මෙය අර්ථය හා සරලතවය අතින් එතරම් උසස් නිර්මාණයක් නොවේ. එසේ වුවත් මෙහි යොදා ඇති වචනවලින් නඟින ශබ්ද ධ්වනිය ප්ර ස්තූතයට ඉතාමත් උචිතය. පලිස් උඩට ඔසවා ගෙන ලෙළව ලෙළවා එක් රැස්ව සිටින සේනාවක් ධ්වනිත කිරීම සඳහා ඒ අතිශයින්ම සුදුසුය.
(2) ඉගිළ තුළ - මෙහි ඉගිළ + උතුළ හෙවත් උතුරා ගිය යන අර්ථය ගැනීම වඩා සුදුසුය. ඉගිළ + උතුළ යන පද මෙසේ සන්ධි වීමට පුළුවන. රජ + උතුමා = රජතුමා වන්නාක් මෙනි.
නැබළ - මහත්.
පටල - මෙහි අර්ථය පලිස් යැයි කෝෂ ග්රනන්ථවල එයි.
කරළ - කර්කශ
පුවළ - මහත්.
දළ - දෘඪ, මහත්
ඔසළ - රැස් වූ.

රාජ වර්ණනා

28. ම හ සෙ න් විකුම් සරු-මහ සෙන් නිතොර රඳනා
වෙසෙ සින් සියල් ඉසුරින්-පිරි සක් පුරෙව් එපුරේ

29. පවර ඉසුරු පරසිදු දම්බා විරිදු
විරිදු නිරිඳු මත ගජ කුම්බා මිගිඳු
සතත සුසිරි නය නොකලම්බා පුරුදු
වැජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු
28 හා 29

අර්ථය - මහාසේන හෙවත් කඳ කුමරුගේ වික්ර මයෙන් සාර වූ මහා සේනාව නිතර සිටින සියලු ඓශ්චර්යෙන් විශේෂයෙන් පිරුණු ශක්රව පුරය වැනි ඒ නගරයෙහි උතුම් වූ ඉසුරෙන් ශක්ර්යා මෙන් ප්රශසිද්ධ, විරුද්ධ රජුන් නමැති ඇතුන්ට සිංහයෙකු (බඳු) නිතරම සුචරිත ක්ර මය අවුල් නොකොට පුරුදු කළ සුන්දර වූ සිරි පැරකුම්බා නිරිඳු වෙසෙයි.

විස්තර - (1) ගිරාකරු එක් මාතෘකාවක් යටතේ කළ යුතු වර්ණනය කොට වෙනත් මාතෘකාවකට බසින බොහෝ තැන්වල විරිත වෙනස් කරන බව පෙනේ. මෙහිද පුර වර්ණනයෙන් ඉක්බිතිව රාජ වර්ණනය ආරම්භ කිරීම සඳහා විරිත වෙනස් කළ බව පෙනේ.
(2) මහසෙන් - ස්කන්ධ කුමාරයා. ඔහුට මහත් වූ සුර සේනාවක් සිටී නිසා මෙනමින් හැඳින්වේ.
කඳ කුම‍රුගේ පියා මහේශ්වරයාය. මව පාර්වතියයි. මේ දෙදෙනාගේ එක් වීමෙන් කඳ කුමරුගේ උපත සිදු වූ අයුරු විස්තර කරමින් කාලිදාස කුමාර සම්භවනම් වූ කාව්යමය ලියා ඇත.
විකුම්සරු - වික්රවමයෙන් සාර වූ
දම්බා විරිදු - ජම්භ නම් අසුරයාගේ විරුද්ධකරු - ශක්රකයා සුරාසුර යුද්ධයේදී මොහු අසුරයන්ගේ නායකයෙක් විය. මිගිඳු - මිග + ඉඳු, මෘගයන්ගේ රජු = සිංහයා
සතත - නිතර
වැජඹි - කුමාරතුංග මෙය වජඹියනුවෙන් වෙනස් කරයි. එහෙත් තවත් බොහෝ තැන්වල වර්තමානය හැඟවීමට අතීත ක්රිසයා පදය යොදා ඇත. විස්තර සඳහා විමර්ශන සහිත තිසර සන්දේශය බලන්න.
ලිය යනු කුඩා යසස් ලතාවයි.
සුහුඹුල් - මහත්, ශක්තිමත්, සහබල යනු මෙහි මුල් රූපයයි.


30.
තවද, මේ නිජ භුජ බල පරාක්රිමාක්රාෝන්ත පර රාජ චක්රා වික්ර ම-ප්ර ශස්ත භූ චක්ර -චක්රිවර්ති ශ්රී පරාක්රිමබාහු මහා ‍රාජෝත්තමයාගේ සංග්රාජම වික්ර මාතික්රරම ප්රරතාප ප්රතදාන කීර්ත්යා‍දි ගුණෛකදෙශයක් ශ්රරවණය කර.
30
අර්ථය - නැවතද, මේ තමන්ගේ බාහු බල පරාක්රදමයෙන් ජය ගත් අන්යර රාජ සමූහයා විසින් වික්ර-මයන් පසස්නා ලද ලෝක චක්රේවර්ති සිරි පැරකුම්බා මහ රජතුමාගේ යුද්ධ වික්රරමාධිකකම, තේජස, දානය යසස ආදියෙහි ඒකදේශයක් (ස්වල්පයක්) අසව.
විස්තර - (1) ගැඹුරු වචන සමූහයක් යොදා ඇති නමුත් ඒ වචනවල ශබ්දයේ තරමට අර්ථයක් නොමැත. සාඩම්බර සංස්කෘත වචන යෙදී‍මේ ලා සිංහල බෝධිවංසාදියෙහි කතුවරුන් මෙන් මේ සන්දේශකාරයා දක්ෂ නොවේ. පද්යව රචකයෙකුගෙන් එය බලා‍පොරොත්තු විය යුත්තක්ද නොවේ.

සමහරවිට කතුවරයා මේ ගැඹුරු වචන භාවිතා කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ පරාක්රරමාබාහු රාජයාගේ බල පරාක්ර මය පිළිබඳ ඉඟියක් කිරීම විය හැකිය.
(2) නිජ භුජ බල - තමන්ගේ හස්ත බලය
පරාක්රපමාක්රා න්ත - පරාක්රතමයෙන් ජය ගත්
පරරාජචක්ර - අන්ය- රාජ වළල්ල හෙවත් සමූහය
භූ චක්ර්වර්ති - පොළෝ තලයට චකුවර්ති
වික්ර්මාතික්රතම - අතිශය වික්ර්මය
ප්ර්තාප - තේජස; තාප - තවන ගතිය
ප්ර්දාන - දීම
කීර්ත්යා‍දි - කීර්ති ආදි; කීර්තිය නම් යසසයි
ගුණෛ‍කදෙශයක් - ගුණ+එක දේශයක්; ගුණයෙහි එක කොටසක්

ගිරා සන්දේශ විස්තර වර්ණනා-4

Wikibooks වෙතින්
31. මෙ ර ද ගු ණෙ න් සව් සත සිත් සැනැහැවිය
නි බ ඳ දෙනෙ න් සිතුමිණෙකැයි ඇදැහැවිය
නොමඳ බෙලෙන් පෑලොව බල-දෙව් හැවිය
දු හ ද ර දු න් කග දලදරිනි නැහැවිය
31
අර්ථය - මේ රජ තෙමේ ගුණයෙන් සියලු සතුන්ගේ සිත් සනසා ලීය. නිතර (දෙන) දානයෙන් චින්තාමාණික්යේයකැයි විශ්වාස කරවීය. ලෝකයෙහි මහත් වූ බලයෙන් බල-භච්ද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය.
විස්තර - (1) වෙනත් සංස්කරණවල 3 වැනි 4 වැනි පද්යෙ පාද වෙන වෙනම වාක්යේයක් සේ ගන්නා ලදි. එයින් වඩා නිරවුල් වඩා හොඳ තේරුමක් ලැබෙන බැවිනි.
(2) සිතුමිණ - දිව්ය ලෝකයෙහි ඇතැයි කියන, සිතූ පැතූ සම්පත් දෙන මැණිකකි. තවත් මෙබඳු වස්තු හතරක් එහි ඇතැයි කියති. ඒවා නම් භද්ර ඝටය, කල්ප වෘක්ෂය, කල්ප ලතාව හා සුරබි දෙනයි.
බලදෙවි - කෘෂ්ණගේ වැඩිමල් සොහොයුරා වන මොහු බල රාම, බල භද්රට යන නම්වලින් ප්ර දිද්ධය.
බලදෙවි හැවිය පෑ දුහද රදුන් - බලභද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජුන්; සුහුද යනු මිත්ර වාචී වන අතර දුහද යනු අමිත්ර‍වාචි වෙයි. භවිම හැවි; ස්වාර්ථ තද්ධිතයි.
දලදර - ජලය දරන නිසා වලාකුළට නමි. ජලධර දිවසයනු ධර්මප්රමදීපිකාවෙහි තේරුම් කර ඇත්තේ වැසි දවසක් හැටියටය.
(3) සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය යනු මනා කාව්යත සංකල්පනයක් නොවේ. කඩුව වලාකුළට උපමා කිරීම අනුචිතය.

32. ස ත සි ත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති
සි රි ක ත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති
මෙදි ය ත දිව සියල් තද තෙදග නොනැවති
රු පු ක ත නෙතසිලිල් සිඳු තෙර වැද නැවති
32
අන්වය - සත සිත රැඳි නිමල් ගුණ පසිඳු විකුම් ඇති සිරිකත සිරි කමල් වැනි මෙනිරිඳුගේ තද තෙද, අග, මෙසියල් දියත නිති දිව නොනැවති රුපු කත නෙත සිලිල් සිඳු තෙර වැද නැවති.
අර්ථය - සත්වයාගේ සිතෙහි රැඳුණු නිර්මල ගුණයත් ප්රිසිද්ධ වික්රතමයත් ඇති, ශ්රීත කාන්තා‍ව‍ගේ ශ්රීත පද්මය වැනි මේ රජුගේ මහත් වූ තේජස් ගින්න මේ මුළු ලෝකය පුරා නිතරම දිව ගොස් නොනැවතී සතුරු අඹුවන්ගේ කඳුළු නමැති සමුද්රු තීරයට පැමිණ නතර විය.
විස්තර - (1) මේ කවියෙන් වර්ණනා කර ඇත්තේ පැරකුම්බා රජුගේ එකිනෙකට වෙනස් ගුණාංග දෙකකි. මුල් පද දෙකෙන් ඔහුගේ ශ්රීේ සමෘද්ධියත් අග පද දෙකෙන් තේජසත් වර්ණනා වෙයි. එසේ නැතිව එකම ගුණයක් හෝ එකිනෙකට ළංව යන ගුණ දෙකක් වර්ණනා කරන ලද්දේ නම් වඩාත් මැනවි.
(2) ශ්රීෙ කාන්තාව (15 වැනි කවියේ විස්තර බලන්න) වාසය කරන්නේ පද්මයකය. පැරකුම්බා රජු ශ්රී කාන්තාවගේ ශ්රීැපද්මයයි කීමෙන් ඔහුගේ ඉසුරුමත් බව හැඟවේ.
(3) රජුගේ තේජස මුළු ලොව පුරා දිව ගොස් නැවතුණේ සතුරු කාන්තාවන්ගේ ඇස කෙළවරය. ඒ කාන්තාවන්ගේ කඳුළු සමුච්ද්රුයට උපමා කිරීමෙන් විශාල වශයෙන් ඔවුන් හැඬූ බව හැඟවෙයි. එවිට අග්නිය කුමක්ද? ඒ ඇඬීමෙන් රතු වූ ඇස්ය.
(4) කමල් - නෙළුම් මල
තදතෙදග - මහත් වූ තේජස නමැති ගින්න
රුපු කත - සතුරු කාන්තාව; සතු‍රාගේ බිරිඳ
නෙත සිලිල් - ඇසේ වතුර = කඳුළු

33.
මෙරද රුපුන් ක ර පා වැජඹි මෙ දියත
සගුණ මහල් සි වු පා සිවු බිතිනි යුත
දස රද දම් මි ණිපා තදණ මැඳුරත
සතත සිතින් ස ත පා කෙළෙය සුබ සෙත
33
අන්වය - රුපුන් පා කර මෙදියත වැජඹි මෙරද ස-ගුණ මහල්, සිව් උපා සිව් බිතින් යුත, දස රජ දම් මිණි පා තද අණ මැඳුරත සතත සතන සතපා සුබ සෙත කෙළෙය.
අර්ථය - සතුරන් පහ කොට මේ ලෝකයෙහි විසුවා වූ මේ රජ තෙමේ සය ගුණ නමැති මහල් හා සතර උපාය නමැති බිත්තියෙන් යුත්, දස රාජ ධර්ම නමැති මැණික් පාද ශක්තිමත් වූ ආඥා නමැති මන්දිරයෙහි නිතරම සත්වයාගේ සිත් සතුටු කරමින් ශුභ ශාන්තිය කෙළේය.
විස්තර - (1) මෙයද ඒ තරම් සිත් ගන්නාසුලු කාව්යය සංකල්පනාවක් නොවේ. කවියක් රසවත් වීමට නම් එක්කො ඉන් ඉදිරිපත් කරන අර්ථය සාරවත් විය යුතුය. නැත්නම් චිත්ත රූපය ප්ර බල විය යුතුය. චිත්ත රූපය පටලැවී තිබීම මෙම කවියේ රසයට මහත් බාධාවකි.
කෙසේ වුවද පහත සඳහන් විස්තර මගින් එහි ඇති ස්වල්ප වූ රසය තරමක් අලංකාරයකි. එසේම එය කැපී පෙනෙන ලක්ෂණයක්ද වේ. රජුටද ස-ගුණ අලංකාරයක් මෙන්ම කීර්තියට හේතුවක්ද වේ. සතර භික්තියෙන් ගෙය ආරක්ෂා වන්නාක් මෙන් සතර උපාය නිසා ඔහුද ආරක්ෂා වෙයි.
(2) ස-ගුණ - ප්රලබල රජෙකු තුළ පිහිටිය යුතු ගුණ සය. ඒවා නම් (i) සන්ධි - සතුරන්ට තෑගි දිමාදියෙන් තමන්ට සම්බන්ධ කර ගැනීම (ii) විග්රිහ - සතුරාට විපත්ති පැමිණවීම (iii) යාන - තම රටේ රැකවල් තර කර සතුරා මැඬීමට යෑම (iv) ආසන - සටනට සුදුසු කල් පැමිණෙන තුරු නතර වී සිටිම ආසන නමි. (v) ද්වෛධ - අවස්ථාවට සුදුසු පිරිදි පිල් මාරු කිරීම. (iv) ආශ්ර්ය - බලවත් සතුරෙකුගෙන් ගහට පැමිණෙන විට වෙනත් බලවතෙකු ඇසුරු කිරීම - මේවා අද වුවද දේශපාලන ක්ෂේත්ර-යේ දක්නට ලැබේ.

සිවු උපා - උපාය සතර - සාම, දාන, භේද, දණ්ඩ, මෙය භේද කොට පාලනය කරනුයන ඉංගිරිසීන්ගේ අධිරාජ්යඋවාදී න්යාවය සමග සසඳන්න.
දස රදදම් - දශ රාජධර්මය - (i) දානය, (ii)ශීලය, (iii) පරිත්යාවගය, (iv) සෘජුබව, (v)මෘදුබව, (vi) තපස (vii) ක්රෝ‍ධ නැතිකම, (viii) අවිහිංසාව, (ix) ක්ෂාන්තිය (x) අවිරෝධතාව යන දශය
මිණි පා -මැණික් කණු. මන්දිරයක පාද හැටියට සැලකිය හැක්කේ එහි කුලුනුය.
අණ මැඳුරත - රජුගේ ආඥාව මන්දිරයකට සමාන කෙරිණ.
34. ප සි ඳු මොහුගෙ දළ දන් දලදර පබඳ
දි ළි ඳු සිතෙයි කලි මල දෙවියේ මතු ද
කි විඳු වදන් බිම බැබලුම් කර නිබඳ
සිනි ඳු යසස් ලිය සුහුඹුල් කෙළෙ නොමඳ
34
අන්වය - පසිඳු මොහුගෙ දල දන් දලදර, දිළිඳු සිතෙහි පබඳ කලිමල දෙවියේ මතුද? කිවිඳු වදන් බිම නිබඳ බැබලුම් කළ සිනිඳු යසස් ලිය නොමඳ සුහුඹුල් කෙළෙ.
අර්ථය - ප්රබසිද්ධ වූ මොහුගේ දත් නැමති ජල ධාරාව දුප්පතුන්ගේ සිතෙහි තදින් බැඳුණු ලෝභය නමැති කිළුට සෝදා හැරියා පමණක්ද? (නොවේ). කවීන්ගේ වචන නමැති භූමිය නිතර අලංකාර කළ කුඩා කීර්ති ලතාවද වර්ධනය ‍කළේය.
විස්තර - රජු එක දිගටම දන් දෙන නිසා එය ජල ධාරාවක් වැනිය. මේ ජල ධාරාව කාර්ය දෙකක් ඉටු කරයි. පළමුවැන්න, යාචකයන්ගේ සිතෙහි බැඳුණු ලෝභය නමැති කිළුට දුරු කිරීමයි. දෙවැන්න කාව්ය කෘති නමැති භූමියෙහි හට ගත් කීර්ති ලතාව වර්ධනය කිරීමයි.
දළ - මහත් වූ
දලදර - ජලය දරන හෙයින් වලාකුළද වැස්සච මෙනම් වේ. මෙතැන ජලධාරාව යනු වඩා සුදුසුය.
කලිමල - ලෝභය නමැති කිළුට
බැබලුම් කළ - රජුගේ කීර්තිය නිසා කවීන්ගේ කවි අලංකාර වූ බව කියූ සැටියි.
සිනිඳු - ගසක් කුඩා කල සිනිඳුය. මහත් වූ කල ගොරහැඩිය. එහෙයින් සිනිඳු යසස්

35.
සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර
සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර
දිග ත පැමිණ කොද නොපහළ රුපු නුවර
යුගත සයුරු රළ නොපහළ තැන් කවර

35 අන්වය - එතරම් දුෂ්කර නැත.
අර්ථය - විෂ්ණු වැනි උතුම් වූ පරාක්ර්මබාහු රජුගේ සමර්ථ වූත් මහා බලවත් වූත් සිත් දැඩි චතුරංගිනී සේනාව ලෝකයේ කෙළවරට පැමිණ පැහැර නොගත් සතුරු නගරය කුමක්ද? යුගාන්ත සාගරයෙහි රළ නොවැදුණු ස්ථාන කවරේද?
විස්තර - යුගයක් විනාශ වන විට මුලින්ම හිරු සත් දෙනෙක් පායා දවාලයි. ඊට පසු මහා වැස්සක් වැස මුළු ලෝකයම යටකර දමයි. ඉන් පසු මහා වාතයක් හමා ගල් පර්වත පෙරලා දමා සාගර ජලය හැම තැනම පතුරවයි.
සකත - සක් + අත; සකක් හෙවත් චක්රාවයුධයක් අතේ ඇති තැනැත්තා; චක්රියක් අතේ ඇත්තේ විෂ්ණුගේය.
සිවුරඟ සෙනඟ - චතුරංගිනි සේනාව; ඇත්, අස්, රථ, පාබල යන අංග හතරින් යුත් සේනාව.
ළතර -යනු සිතයි. සිත දැඩි වූයේ ළ තරයි.
නොපහළ - පළමුවැනි නොපහළයනු පැහැර නොගත්යන තේරුමද දෙවැන්න ස්පර්ශ නොකළයන තේරුමද දෙයි.
යුගත සයුරු රළ - යුගයන්ගේ කෙළවරදී ලෝක විනාශය සිදු වෙයි. ඒ අවස්ථාවේදී සාගරය ලෝකයේ හැම තැනම යට කර ගනී. ප්ර ලයෙ හිනනමය්යා්ථා දා - භවන්ති කිල සාගරාඃ (ලෝක විනාශ කාලයෙහි සාගරයෝ බිඳුණු වෙරල ඇත්තාහු වෙති.)
පහළ - පහරයන ධාතුවෙන් නිපන් අතීත කෘදන්ත රූපය; ‘පහර දුන්යන තේරුමදේ.
36. සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුදුරු
සු රු ක ම් කළ පොරණ දියබඳහු නරතුරු
පැ ර කු ම් පෑ නොයෙක එක වෙස සිට සොඳුරු
පැ ර කු ම් රජුට සරි යැයි පවසති කවුරු
36 අන්වය - පොරණ, වෙන වෙන රුදුරු වෙස් ගෙන ‍සොරකම් කර සුරුකම් කළ දියබඳහු නරතුරු සොඳුරු එක වෙස සිට නොයෙක් පැරකුම් පැ පැරකුම් රජුට සරියයි කවුරු පවසති?

අර්ථය - පුරාණයෙහි වෙනස් වෙනස් රෞද්ර වේෂ රැගෙන සොරකම් කොට ශූරකම් කළා වූ විෂ්ණු, නිරන්තරව සුන්දර වූ එකම වේෂයෙන් සිට නොයෙක් පරාක්රමම පෙන්වූ පරාක්රවම රජුට සමානයයි කවුරු පවසති?
විස්තර - (1) මීට ඉහත කවියෙන්ම පරාක්රකම රජු විෂ්ණු හා සමානයයි තමාම කියා මේ කවියෙන් එසේ කියන්නේ කවුරුදැයි ඇසීම සුදුසු නොවේ.
(2) සිංහල කවීන් නොයෙක් විට හින්දු සංකල්ප හා දෙවිවරුන් ගෞරවයෙන් සැලකූ නමුත් ඒ මුළු සිත්න්ම නොවන බව පෙනේ. විෂ්ණු වැනි නිතර ගෞරවයෙන් සැලකූ දෙවියෙකු මෙසේ උපහාසයට භාජනය කිරීමෙන්ම ඒ බව පෙනී යයි. වාමන වෙස් ගෙන බලි අසුරයා පැරදවීම වැනි තැන්වලදී විෂ්ණු ක්රිෙයා කර ඇත්තේ සෘජුව නොවේ. සොරකම් කරයැයි කීයේ එහෙයිනි.
(3) වෙන වෙන වෙස් - විෂ්ණුගේ දස අවතාරයක් ඇත. ඒ සලකා මෙසේ පැවසිණි. (1) මත්ස්යස, (2) ඉබි, (3) ඌරු, (4) නාරායණ, (5) වාමන (6) පොරෝ රාම, (7) රාම, (8) බල රාම, (9) බුද්ධ, (10) කල්කි යනු දස අවතාරයයි.
දියබඳහු - ලෝකය විනාශ වන්නට ගිය බොහෝ අවස්ථාවලදී, හින්දු ආගමට අනුව, එය බේරා ගන්නා ලද්දේ විෂ්ණු විසිනි. ඒ නිසා ලෝකයාගේ ඥාතියා යන අර්ථයෙන් විෂ්ණුට දියබඳයයි කියනු ලැබේ.
සොඳුරු එක වෙස - විෂ්ණු සපන්කම් කෙළේ රෞද්ර වූ වෙන වෙන වේෂයන් රැගෙනය. පරාක්රයමබාහු ‍රජු සපන්කම් පෙන් වූ එකම වේෂය පවා සුන්දර වූවකි.

37. දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු
අ සි න් අසක් වත් සරි වේ නම් තරිඳු
ඇසි න් ඇස පෙනෙත ලොව සැමට එක බඳු
ම සි න් මසට කුමකට අඩු වෙද උළිඳු
37
අන්වය - දෙසින් දෙසම දිසි, මෙනරනිඳු යසසට, තරිඳු අසින් අසක් වත් සරි වේ නම්, ලොව සැමට ඇසින් ඇස එක බඳු පෙනෙත, උළිඳු මසින් මස කුමකට අඩු වෙද?
අර්ථය - දේශයෙන් දේශයම දෘශ්යකමාන වූ මේ රජුගේ කීර්තියට චන්ද්ර යා අංශුවෙන් අංශුවක් සමාන වන්නේ නම් (රජුගේ කීර්තිය) ලෝකයේ සියලු දෙනාටම, ඇසින් ඇසට එක සේ පෙනෙන කල්හි චන්ද්රුයා මාසයෙන් මාසය කුමක් සඳහා අඩු වේද?
විස්තර - (1) පැරකුම් රජු‍ෙග් කීර්තිය හැම දා හැම දෙනාටම එක සේ පෙනෙන අතර චන්ද්රදයා මාසයේන මාසය අඩු වන නිසා ඒ දෙක සමාන නොවන බව, එසේ නැතහොත් රජුගේ කීර්තිය වඩා උසස් බව මේ කවියෙන් කියවෙන අදහසයි. එහෙත් එය මඳක් පැටලිලි සහිත බව පෙනේ.
(2) සඳ අඩමසක් වර්ධනය වී අඩමසක් අඩු වෙයි. ඒ නිසා අඩුවීම මෙන්ම වැඩිවීමද මසින් මස සිදු වන්නක් සේ සිතිය හැකිය.
(3) අසින් අසක් - කොටසින් කොටසක්. ඇසින් ඇස - ඇසක් පාසා යන තේරුම දෙයි
උළිඳු - උළු + ඉඳු, උළු නම් තාරකායි. තාරකාවලට ප්රහධාන නිසා සඳ උළිඳු නමි.

38. ළ ඳු න් සිනිඳු කොමළත වැලඳි සිහිලසේ
න ඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ
නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ
ස ඳු න් තුරෙක සරි යයි කියමෝද කෙසේ
38
අන්වය - ළඳුන් සිනිඳු කොමළත් වැලඳි සිහිලසේ ගුණ රැසේ බදන නඳුන් මෙහිමි සොඳ අතුරු නුදුන් බඳ උරගුන් තොසේ දරණ කළ සඳුන් තුරෙක සරියයි කෙසේ කියමෝද?
අර්ථය - කාන්තාවන්ගේ සිනිඳු කොමළ අතින් වැළඳ සීතල ගුණ රාශිය බදා ගත්, සිත් සතුටු කරවන මෙම ස්වාමීන්ගේ අන්තරායක් ඇති නොකළ සර්පයන් යහපත් ශරීරය සතුටින් වැලඳ ගත් සඳුන් ගසකැයි කෙසේ කියමුද?
විස්තර - මෙම කවියට අප අර්ථ කියා ඇත්තේ වෙනත් සංස්කරණවලට වඩා වෙනස් ආකාරයකටය. ඒ පහත සඳහන් කරුණුද සැලකිල්ලට ගැනීමෙනි.
සර්පයන් සිසිලස් ගුණය පතා සඳුන් ගස් වටේ එතෙතැයි කියනු ලැබේ. කාන්තාවෝද සිසිලස් ගුණය පතා රජුගේ බඳ වෙළා ගනිති. කාන්තාවන්ගේ අත්වල උණුසුම් ගුණ
පිරිමින් ප්රි ය කරන ලක්ෂණයක් නිසා එම අර්ථය ගැනීම වඩා මැනවි. සඳුන් වෙලා‍ ගෙන සිටියත් සර්පයෝ අනුන්ට අන්තරාය ගෙන දෙති. එහෙත් රජුගේ බඳ වෙලා ගත් කතුන්ගේ අත් එවැනි අනතුරක් ගෙන දෙන්නේ නැත. මේ නිසා අතරක් නොදී වෙළා ගත්යන අර්ථයට වඩා අන්තරායක් නුදුන් අත්හැටියට අර්ත කීම වඩා සුදුසුය.
(2) උරගුන් - සර්පයන්; උරයෙන් ගමන් කරන යන තේරුමෙනි.

කියමෝද - කියධාතුවෙන් උපන් උත්තම පුරුෂ බහු වචන රූපයකි.කියමුද? යන අර්ථය දේ.

39. සු ර තු රු අයුරු අතු අත රැඳි කනාලිය
නි ර තුරු සිටින රූ සිරිසර මනාලිය
පි ය කරු මෙරද රුසිරින් මද දිනා-ලිය

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය