ජාත්‍යන්තර මව්භාෂා දිනය පිළිබඳ තොරතුරු

ජාත්‍යන්තර මව් භාෂා දිනය,නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමේ අයිතිය සහ රටේ සංවර්ධනය…!
in Featured, විශේෂාංග February 8, 2017

රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.http://www.un.org/en/sections/observances/international-days/
මරියා ස්මිත් ජෝර්න්ස්, ඇමෙරිකාවේ අලෙස්කා (දකුණු මධ්‍යම ඇලෙස්කාවේ) ප්‍රාන්තයේජීවත් වූ 89 වියේ කාන්තාවකි. ඇය දරුවන් 9දෙනෙකුගේ මවක් විය. ආදිවාසි ගෝත්‍රයකට අයත් එම කාන්තාවගේ මරණයෙන් පිරවිය නොහැකි හිඩසක් වෙනත් කිසිම මරණයකින් සිදු නොවූ බව පෙබරවාරි 21 දිනට යෙදී ඇති ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අවබෝධ කිරීම වටී. එයට හේතුව, ඇගේ මරණයත් සමගින් ලෝකයේ එයික්( Eyak ) නැමති භාෂාව කථා කළ අවසාන පුද්ගලයා ද මෙලොවින් සමුගෙන එම එයික්භාෂාව මළ භාෂා ලැයිස්තුවට එකතුවිමය.
Merryඇයගේ අවසාන කාලයේ ස්ව උත්සාහයෙන් ඇය මහගු සේවාවක් කර ඇත. එය එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කිරීමය.අවාසනාව වන්නේ එහි ඇති වදන් සහ අර්ථය දන්නෝ ලොව කිසිවෙකු නොමැති වීමය. ඇගේ මරණය සිදු වූයේ 2008-01-21වෙනිදාය.භාෂාවක මරණය සිදුවෙන ආකාරය මෙයින් පැහැදිලි නොවන්නේ ද?අතීතයේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තත්ත්වයෙහිලා සලකනු ලැබු භාෂාවක් නොවීය. මෙම තත්ත්වය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ මුද්‍රණ කලාව හා කථන කලාව දියුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කරන ලදී.
විලියම් ෂෙක්ෂ්පියර් (1564-1616) රචනා කළ නවකථා හා නාට්‍යවල නව ආරයේ වදන් පෙළක් භාවිතා විය. එහි ආකර්ෂණය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයේ ඉහළ නැංවීමට එය ඛෙහෙවින් උදව වී ඇති බව මේ වන විට පැහැදිලිය. එංගලන්ත කිරීටය විසින් පෙරදිග රටවල් යටත් කර ගැනීමෙන් ඉංග්‍රීසි බස පුලුල් ලෙස ව්‍යප්ත කර ගනු ලැබීය. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආධිපත්‍යය තනිව බුක්ති විදීමට ඉංග්‍රීසි භාෂාවට හැකි වී නැති අතර රැසියාව, චීනය, සහ ස්පාඥ්ඥය සිය මව් භාෂා අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂාකර ගැනීමට සමත් වී ඇත.
ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ.ඉංග්‍රීසි භාෂාව කථාකරන ජනසංඛ්‍යාව ලෝකයේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ වැඩියෙන්ම ජනතාවක් කථා කරන භාෂාව චීන භාෂාවයි(මැනඩරීන්).නීතිමය අධිකාරයක් නැති භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ඉන්පසු එය මල භාෂා ලැයිස්තුවට එකතු වෙයි. දරුවෙකුගේ භාෂා කුසලතා වර්ධනය වයස අවුරුදු හතේ දී සම්පූර්ණවන බව වාග් විද්‍යාඥයෝ පවසති.
ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි
භාෂාමය හා සංස්කෘතික විවිධත්වය සහ බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ‍පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ‍‍ලෙස, 2000වර්ෂ‍යේ සිට සෑම වසරකම සැම‍රේ.

ලෝවැසියන් විසින් භාවිත සියලු භාෂා සංරක්ෂණය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරී‍මේ අරමුණ ඇතිව සැම‍රෙන ජාත්‍යන්තර මව් භාෂා දින‍ය 2016වර්ෂ‍යේ "ගුණාත්මක අධ්‍යාපනයභාෂාමය උප‍දෙස් හා ඉ‍ගෙනුම් ප්‍රතිඵල (Quality education, language(s) of instruction and learning outcomes" යන ‍තේමාව මුල් කොට ගනිමින් ක්‍රියාත්මක ‍වේ.
මව් භාෂාවතමන්ට උපතින් හිමි වන භාෂාවඑ‍සේත් නැතිනම් උප‍තේ සිට තීරණාත්මක කාලයක් තුළ මුලින්ම ඉගෙනගන්නා භාෂාව වශ‍යෙන් සරලව අර්ථගන්වාගත හැක.

යු‍නෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර දින සහ වර්ෂ නම් කිරී‍මේ දී මානව ක්‍රියාකාරීත්වය අහිතකර ලෙස බලපා කිසියම් අර්බුදයකට ලක්ව ඇති ක්‍ෂේත්‍රයන් ‍පිළිබඳව වැඩි අවධානයක් ‍යොමුකරන බව පෙනී යන බැවින් ‍පෙබරවාරී මස 21, ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යම් ස‍හේතුක කරුණු පවතින බව පසක් වේ.

වර්තමාන බංග්ලා‍දේශය‍බෙංගාලය ‍හෙවත් නැගෙනහිර පකිස්ථානය නමින් වර්තමාන පකිස්ථානය යට‍තේ පාලනය වූ සම‍යේ තම රටේ ජාතික භාෂාව තම මව් භාෂාව වන ‍බෙංගාලි භාෂාව විය යුතු යයි ‍බෙංගාල ජාතිකයින් සටනක් ඇරඹීය. පකිස්ථානු රජය තම මව් භාෂාව වන උර්දු භාෂාව ‍බෙංගාලයේ ද ජාතික බස විය යුතු බව යෝජනා කිරීමට එ‍රෙහිව ‍බෙංගාල ජාතිකයන් වි‍රෝධතා එල්ල කරන්නට විය. එම වි‍රෝධතා උද්ඝෝෂණයකදී ‍බෙංගාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතර දෙනෙකු ‍වර්තමාන ඩකා අගනුවර ප්‍රදේශ‍යේ ‍දී පොලීසිය විසින් වෙඩි තබා ජීවිතක්ෂයට පත්කරනු ලැබීය. එම විශ්වවිද්‍යාල ‍ශිෂ්‍යයින් ඝාතනය වූ 1952 පෙබරවාරි 21 දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයක් පාසා එම දිනය ජාතන්තර මව් භාෂා දිනය වශයෙන් යුනෙස්කෝ සංවිධානය සැමරීමට සැලැස් වීය.

යුනෙස්කෝ සංවිධානය විසින් 1999 ‍නොවැම්බර් මස 17 වැනිදා නිල වශ‍යෙන් ජාත්‍යන්තර භාෂා දිනය ප්‍රකාශයට පත්කිරී‍මෙන් අනතුරුව 2000වර්ෂ‍යේ සිට රටවල් 188 ක් ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරති.

වර්තමාන ‍ලෝක‍යේ ව්‍යවහාරිත භාෂා පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයක දී දැනට ‍ලෝක‍යේ පිළිගත් භාෂා 6912ක් ව්‍යවහාර වන බව හඳුනා‍ගෙන තිබේ. එයින් භාෂා දහයක් පමණ වචන නොමැතිව සංඥා භාෂාවන් ය.

දැනට ව්‍යවහාර වන භාෂා අතුරින් 50%කට වඩා වැඩි භාෂා ගණනක් ව්‍යවහාර‍යෙන් ඉවත්ව මළ භාෂා ලැයිස්තුවට එක්වීමේ අවදානමක් පවතී. වඩාත් භයානකම කරුණ වන්නේ ‍මෙම භාෂා අතුරින් එක් භාෂාවක් සෑම සති ‍දෙකක් තුළම ලොවට අහිමි වීමයි.

මරියා ස්මිත් ජෝන්ස් ඇමෙරිකාවේ ජීවත් වූ ආදිවාසි ගෝත්‍රයකට අයත් කාන්තාවකි. වසර 89 ජීවත් වූ ඇය 2008 වර්ෂයේ ජනවාරී 21 මරණයට පතවීමත් සමඟ “එයික්” නැමති භාෂාව මළ භාෂා ලැයිස්තුවට එක් වූ‍යේ එ‍තෙක් ලොව ජීවත් වූ එයික් භාෂාව ව්‍යවහාර කළ අවසාන පුද්ගලයා ඇය නිසා‍වෙනි. ඇයගේ අවසාන කාලයේ දී ඇය ස්වෝත්සාහයෙන් එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කළාය. 2008 වර්ෂය ජාත්‍යන්තර භාෂා වර්ෂය ‍ලෙස නම් කිරීම ඇය‍ගේ මහඟු කාර්යයට කරන ලද ‍ගෞරව දැක්වීමක් මෙන් විය.

ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව "චීන භාෂාව (මැන්ඩරින්)" බව දන්නෝ අතලොස්සකි. ‍දෙවන ස්ථානය ස්පාඤ්ඤ භාෂාවට හිමි වන අතර ඉංග්‍රීසි භාෂාව තුන්වැනි ස්ථානයේ පසුවෙයි. දෙමළ භාෂාව විසිවෙනි ස්ථානයේ පසුවන අතර සිංහල භාෂාවට හිමි වන්නේ 62 ස්ථානය වීම කණගාටුවට කරුණකි.

14 වැනි ශත වර්ෂය ‍තෙක් ප්‍රංශ භාෂාව ලෝකයේ උසස් කොට සලකනු ලැබීය. ‍නමුත් වර්තමාන ලෝක‍යේ වඩාත් ජනප්‍රිය භාෂාව වන්‍‍නේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයට ඉහළ නැංවීමට ඉංග්‍රීසී‍යෙන් මුද්‍රණය හා කථනය දියුණු කිරීම ‍මෙන්ම විලියම් ‍ශේක්ෂ්පියර් රචනා කළ නව ආරයේ වදන් ද ‍බෙහෙවින් උපකාරී වී ති‍බේ.

දේව භාෂාව වශයෙන් සැලකීමට පටන් ගැනීම සංස්කෘත භාෂාවේ විනාශයට හේතු වූ බව ඉන්දියානු භාෂා විශාරදයන් පෙන්වා ‍‍දෙයි. අනෙකුත් භාෂාවල වචන ආදරයෙන් වැළඳ ගැනී‍මෙන් ඉංග්‍රීසි භාෂාව වේගයෙන් පෝෂණය විය. ලොව පුරා මිලියන 400ක් පමණ ජනතාවගේ මව් බස වශයෙන් සැලකෙන ඉංග්‍රීසි භාෂා‍වේ ‍වෙනත් භාෂා 146කින් ලබාගත් වචන මිලියනයකට වඩා පවතී.

භාෂාවක වර්ධනය ‍ලේඛනයට වඩා කථනයේ රැඳී පවතී. කථා නොකරන භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ලොව ව්‍යවහාර වන භාෂා අතරින්90%ක් තරම් අති බහුතර භාෂා ප්‍රමාණයක් ව්‍යවහාර කරන්නේ සමස්ථ ලෝක ජනගහනයෙන් 4%ක් තරම් වූ ඉතා සුළු ප්‍රතිශතයකි. ජාත්‍යන්තර භාෂා දිනය සැම‍රෙනු‍‍යේ විශ්ව භාෂාවන් අද මුහුණ පා ඇති අභියෝග හදුනා‍ගෙන ඊට විසදුම් සැපයීමේ අරමුණිනි.

භාෂාවන් මිහිපිටින් තුරන් වීමේ අවදානම මූලික වශයෙන් ගෝලීයකරණයේ අනිසි ප්‍රතිඵලයකි. ගෝලීයකරණය තුළ සිංහල භාෂාව ද අභියෝගයට ලක්වීම ‍නොරහසකි. සිංහල භාෂාව වඳ වී යන භාෂාවක් බවට පත් වී ඇති බව මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය වරක් ප්‍රකාශ කළා ය. අද ශ්‍රී ලංකාවේ කුඩා ළමයාගේ සිට ඉංග්‍රීසි සඳහා සිදුවන සීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩාල ‍කරමින් ති‍බේ.

මෙරට අධ්‍යාපනය සීඝ්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යකරණය වීම විශ්වවිද්‍යාලවල සිට පෙර පාසැලට ද අන්තර්ගහණය වී ඇත්‍‍තේ ළමයෙකුට මූලික අධ්‍යාපනය තම මව් බසින් ලබා දිය යුතුය යන මනෝවිද්‍යාත්මක සංකල්පය ද බැහැර කරමිනි. ‍මේ ඔස්සේ සිංහල භාෂාව දිනෙන් දින අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් බැහැර ‍වෙමින් පවතී.

සිංහල සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වන බව ‍පෙනී යයි. සිංහල භාෂාව සතුව විශාල වචන මාලාවක් පැවතිය ද දිනෙන් දින ‍බොහෝ වචන භාවිතයෙන් ඉවත් වෙයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%කි. එම පිරිස මෙරට බුද්ධිමතුන් හා උගතුන් බහුතරයයි. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරනනව දැනුම සමග ගනුදෙනු කරන ‍මේ පිරිස් එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොකිරීම නිසා සිංහල භාෂාවේ උපයෝගීතාව හීන වෙමින් පවතී. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන විට නව වදන් බිහි නොවීම තුළ භාෂා‍‍වේ වර්ධනය ද පසු බසී.

භාෂා පරිහානියට සමාජීය වශ‍යෙන් බලපෑම් සිදුවන අතරම මධ්‍ය විසින් ද භාෂාව විශාල වශයෙන් අවභාවිතයේ යොදවයි. ඉංග්‍රීසි සිංහල මිශ්‍ර භාෂා භාවිතයවැරදි ව්‍යවහාරවියරණ රීති බිඳීම මෙහිලා ප්‍රමුඛය.

භාෂාවඅපගේ ස්පර්ශීය සහ අස්පර්ශීය උරුමය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ඉතා බලගතු උපකරණයයි. ‍ලෝකයම සිය මව් භාෂාව සමරන අද දින ‍‍හෝ සිංහලයාසිංහල භාෂාවේ පරිහානියට එ‍රෙහිව ක්‍රියාත්මක වන්නේ නම් අප‍ගේ අනාගත පරපුර ද සිංහල භාෂා‍වේ ඔද තෙද විඳීමට තරම් භාග්‍යවන්ත වනු ඇත.
 සැකසුම- ගංගා වනසිංහ


අදට යෙදෙන ජාත්‍යන්තර මව්භාෂා දිනය නිමිත්තෙනි
මව්බස නොදන්නෝ මවු නොහඳුනන්නෝ

මව්බස වැරදි ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව්බසින් ඉගෙනීම අත් හැරීම ද ජාතියේ ඉදිරි ගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසි කලකත් ලොව ඉහළට යන්නේ නැත. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසුවේ ද එයයි. අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට නම් මව්බස ප්‍රගුණ කළ යුතුමය. යොදා ගත යුතුමය. විදේශයක ඉපදී එම දේශය තුළ හැදුණු වැඩුණු සිංහල මවුපියන්ගේ දරුවකුට මව්බස වන්නේ එම දේශයේ භාෂාවයි. එය ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හෝ වෙනත් භාෂාවක්‌ විය හැකියි. එම දරුවා හැදෙන වැඩෙන විට ඔහුගේ මනසෙහි නව නිර්මාණ බිහි වන්නේ එම භාෂාවත් සමඟයි. එහෙත් සිංහල මවුපියන්ගේ දරුවෙක්‌ මෙරට හෝ පිටරට බිහි වී සිංහලය මව්බස ලෙස කුඩා කල සිට යොදා ගන්නේ නම් ඔහුට නව නිර්මාණ බිහිකළ හැක්‌කේ සිංහල මව්බස තුළින්ය. සිංහලය මව්බස කර ගත් අයට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් කොතරම් දුරට ප්‍රගුණ කළත් එම භාෂා අධ්‍යයනය තුළින් ඔහුට සාර්ථක නව නිර්මාණ බිහි කළ නොහැක.

බෙංගමුවේ නාලක හිමි.

තම අදහස්‌ අන් අයට වචනයෙන් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා උපකරණය භාෂාවයි. මිනිස්‌ ලොවේ විවිධ ජන කොටස්‌ ජීවත් වන අතර ඒ හැම කොටසකටම තමන්ටම සුවිශේෂ වූ භාෂාවක්‌ ඇත. එය මව්බස නමින් හැඳින්වේ. මව් යන විශේෂණය යොදා ගැනෙණුයේ මොළය හා හදවත යන අංශ දෙකටම බැඳුණු යම් අදහසක්‌ පැවසීමටයි. ඒ අනුව මවගෙන් වියුක්‌තව භාවිත වන වචන කිහිපයක්‌ ඇත. වෙනත් භාෂා වල ද එවැනි යෙදුම් තිබෙන අතර සිංහල භාෂාවේ මව්බිම, මව්බස යන වචන දෙක විශේෂිතයි. තමා උපන් බිම මව්බිම වන අතර මවගෙන් උරුම වූ බස මව්බසයි. මව්බිමට මෙන්ම මව්බසට ද මවට හා සමානව සැලකීමේ හා පිළිගැනීමේ පිළිවෙතක්‌ මිනිස්‌ සමාජය තුළ විශේෂයෙන් ආසියාතික සමාජය තුළ පවතී. ඒ නිසාම "ජනනී ජන්මභූමිශ්ච ස්‌වර්ගාදපි ගරීයසි" යනුවෙන් වැදූ මවත් උපන් බිමත් ස්‌වර්ගයටත් වඩා උතුම්ය යන පැරණි කියමනක්‌ ද ඇත. මව්බස ද එවන් ගෞරවාන්විත බවකින් යුතු වන්නකි.

සිංහලයාගේ මව්බස සිංහල බස ලෙස සැලකේ. එය හෙළබස යනුවෙන් ද සමහරු හඳුන්වති. සිංහල භාෂාව සිංහල රට තුළ සිංහලයන් විසින්ම සකස්‌ කරගනු ලැබූවකි. වෙනත් බොහෝ භාෂාවලට වඩා සිංහල භාෂාවේ ඇති සුවිශේෂ වැදගත් කම නම් එම බසට පමණක්‌ සුවිශේෂ වූ සංකේත හෙවත් අකුරු තිබීමයි. දෙමළ බසක්‌ තිබුණ ද එය ලියන්නේ ද්‍රවිඩ අක්‌ෂර වලිනි. සංස්‌කෘත හා හින්දි උර්දු ආදී භාෂාවන් ලියන්නේ දේවනාගරී අක්‌ෂර වලිනි. ඉංග්‍රීසි ඇමරිකන්, රුසියන්, ප්‍රංශ, ඉතාලි, ජර්මන් ආදී යුරෝපීය භාෂාවන් ලියන වෙන වෙනම අක්‌ෂර නොමැත. ඒ සියලු භාෂාවන් ලියන්නේ රෝම අකුරු වලිනි. එහෙත් රෝම භාෂාවක්‌ අද වනවිට නොමැත. මේ නිසා සිංහලය මව්බස ලෙස උරුම කර ගත් සිංහලයන් මෙන්ම සිංහල බසට ද ලොව සුවිශේෂී තැනක්‌ හිමිවිය යුතුය.

එහෙත් අද වන විට සිංහලයන්ගේ මව්බසට ලොව වෙනත් අයගේ පමණක්‌ නොව සිංහලයාගෙන් පවා ඒ හැටි ගෞරවයක්‌ පිළිගැනීමක්‌ ඇතැයි සිතිය නොහැක. ඒ නිසාම බොහෝ සිංහලයෝ සිංහල බස වරද්ද වරද්දාම ලියති. කියති. මහනුවර යුගය අවසන් වෙද්දී මෙම තත්ත්වය ප්‍රකාශිත උපහාසාත්මක කවියක්‌ මෙසේය.

සිහල බස වැඩක්‌ නෑ - එය උගැන්මෙන් පලක්‌ නෑ.
සකු මග ද කමක්‌ නෑ - ඒක දන්නා කෙනෙක්‌ නෑ.
අහලක උගතෙක්‌ නැත්නම් - කොහේ හරි ගිහිල්ලා.
දෙමළ බස ටිකක්‌ වත් - පාඩුවක්‌ නෑ උගත්තොත්.

අද වන විට මෙම කවියේ අන්තිම පදය "ඉංගිරිසි බස ටිකක්‌ වත් පාඩුවක්‌ නෑ උගත්තොත්" යනුවෙන් වෙනස්‌ කර කිව යුතු තැනට පැමිණ තිබේ. ඒ තරමටම උතුම් සිංහල බස කොන් වී ඉංග්‍රීසිය මතු වී ඇති බව පෙනී යයි. එසේ වීම මුළු මහත් ජාතියම ඉංග්‍රීසියට හෙවත් බටහිර අධිරාජ්‍යවාදීන්ට නතු වීමේ පෙරනිමිත්තක්‌ දැයි සිතේ. කිසියම් ජාතියකට හිමි මව්බස එම ජාතියේ නැගී සිටීමට උපකාර වේ. අදහස්‌ සෘජුව හා පැහැදිලිව පැවසිය හැක්‌කේ මව්බසිනි. අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම විදේශීය කණ්‌ඩායම් සමඟ තරග වදිද්දී ක්‍රීඩා පිටියෙහිදී හැම දෙනා තුළින්ම තම අදහස්‌ ප්‍රකාශ වෙන්නේ මව්බසිනි. එනම් සිංහල භාෂාවෙනි. එය අනෙක්‌ අයට වටහා ගත නොහැකි වන ලෙස අදහස්‌ පැවසීමක්‌ නොව වේගවත්ව හා පැහැදිලිව තම කණ්‌ඩායමට දැනෙන ලෙස අදහස්‌ පැවසිය හැක්‌කේ මව්බසින් පමණක්‌ වන හෙයිනි.

මව්බස වැරදි ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව්බසින් ඉගෙනීම අත් හැරීම ද ජාතියේ ඉදිරි ගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසි කලකත් ලොව ඉහළට යන්නේ නැත. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසුවේ ද එයයි. අලුත් අලුත් දේ නිර්මාණය කිරීමට නම් මව්බස ප්‍රගුණ කළ යුතුමය. යොදා ගත යුතුමය. විදේශයක ඉපදී එම දේශය තුළ හැදුණු වැඩුණු සිංහල මවුපියන්ගේ දරුවකුට මව්බස වන්නේ එම දේශයේ භාෂාවයි. එය ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හෝ වෙනත් භාෂාවක්‌ විය හැකියි. එම දරුවා හැදෙන වැඩෙන විට ඔහුගේ මනසෙහි නව නිර්මාණ බිහි වන්නේ එම භාෂාවත් සමඟයි. එහෙත් සිංහල මවුපියන්ගේ දරුවෙක්‌ මෙරට හෝ පිටරට බිහි වී සිංහලය මව්බස ලෙස කුඩා කල සිට යොදා ගන්නේ නම් ඔහුට නව නිර්මාණ බිහිකළ හැක්‌කේ සිංහල මව්බස තුළින්ය. සිංහලය මව්බස කර ගත් අයට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් කොතරම් දුරට ප්‍රගුණ කළත් එම භාෂා අධ්‍යයනය තුළින් ඔහුට සාර්ථක නව නිර්මාණ බිහි කළ නොහැක.

මෙම සත්‍යය වටහා නොගෙන හෝ දැන දැනම ඊට පිටු පෑම නිසා හෝ මෙරට උගතුන් බුද්ධිමතුන් යෑයි කියාගන්නා අය මෙන්ම දේශපාලකයෝ ද සිංහල බසට හිමි විය යතු තැන නොදීම නිසා අතීතයේ මෙන් වර්තමානයේ සිංහලයන්ගෙන් නව නිර්මාණ බිහි වන්නේ නැත. මව්බස වරද්ද වරද්දා ලියන කියන සාමාන්‍ය ජනතාව මෙන්ම ඇතැම් පඬියෝ ද මව්බස මරා දමති. එහෙත් ඔවුහු ඉංග්‍රීසි බස නිවැරදිව ලිවීමට හැකි හැම උත්සාහයක්‌ම දරති. මෙය මව්බසට නිගරු කිරීමක්‌ පමණක්‌ නොව මව්බසින් ජාතියේ දියුණුව උදෙසා නව නිර්මාණ බිහි වීම වළක්‌වාලීමක්‌ ද වේ. මව්බස වරද්දන හැම කෙනෙක්‌ම මව්බස නොදන්නෝ මෙන්ම තම මවු නොහඳුනන්නෝ ද වෙති. මව්බසට ගරු නොකරන අය වැදූ මවට ද ගරු කරතැයි පිළිගත නොහැක.

අදහසක්‌ නිවැරදිව පැවසීමට නම් මව්බස නිවැරදිව ලිවිය යුතුය. ඒ සඳහා මව්බස නිවැරදිව දැන සිටිය යුතුය. අද බොහෝ පාසල් දරුවන් මෙන්ම පාසල් ගුරුවරු පවා මර්දනය යන වචනය ලියන්නේ මර්ධනය යනුවෙන් වැරදියටයි. පුස්‌තකාලය යන වචනය ද පුස්‌ථකාලය යනුවෙන් වැරදි ලෙස ලියති. නණ ලළ හේදය ද නොතකා බොහෝ දෙනා වැරදි ලෙස ලියති. කළේය යනුවෙන් නිවැරදිව නොලියා කලේය යනුවෙන් වැරදි ලෙස ලියති. මව්බස යොදා ගනිමින් උගන්වන ඉගෙන ගන්නා හා පොත් පත් ලියන බොහෝ දෙනා මේ ආකාරයේ වැරදි බොහෝ සිදු කරති. දිනපතා පුවත්පත් වල ද එවැනි වැරදි බොහොමයක්‌ දක්‌නට ලැබේ. මෙසේ මව්බස වරද්දා ගැනීම මුල වරද්දා ගැනීමකි. මුල වරද්දා ගත් අයට අග හරියන්නේම නැත. ඉතා ශේ්‍රෂ්ඨ බසක්‌ හිමිකරගෙන ඇති සිංහලයන් එම බස නිසි ලෙස භාවිත නොකිරීම නිසා ජාතියක්‌ වශයෙන් හිමි අනන්‍යතාව මෙන්ම අනාගත දියුණුව ද ඇනහිට ඇත.

වරක්‌ මා එංගලන්තයට ගොස්‌ එහි සිට ඉංග්‍රීසි බසින් ආචාර්ය උපාධියක්‌ ලබා ගැනීම සඳහා මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීමට උසස්‌ අධ්‍යාපන ආයතනයක එම භාෂාව ඉගෙනීමට ගියෙමි. මා ඉගෙන ගත් පන්තියෙහි විවිධ රටවලින් පැමිණි ශිෂ්‍යයෝ සිටියහ. දිනක්‌ ඉංග්‍රීසි පාඩමට පැමිණි ගුරුවරියක්‌ අපට තදින්ම කියා සිටියේ ඉංග්‍රීසි භාෂාව වැරදුණාට කමක්‌ නෑ. හැබැයි මවු බස වරද්දන්න එපා යනුවෙනි. අපේ රටේ නම් එහෙම ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් සොයාගත නොහැක.

ජාත්‍යන්තර මව්භාෂා දිනය සමරමින් උත්සව පැවැත්වීම සාර්ථක වන්නේ අපේ රටේ 75% බහුතර ජනතාවගේ මව්බස වන සිංහල බස නිවැරදිව භාවිත කිරීමට අවශ්‍ය පියවර ගතහොත් පමණි. එසේ නැතිව වෙනත් ජාත්‍යන්තර දිනයන් මෙන් ජාත්‍යන්තර මව්භාෂා දිනය උත්සවාකාරයෙන් පැවැත්වීම අපට කිසි වැඩක්‌ නැති ජාත්‍යන්තරයට ආවැඩීමක්‌ පමණක්‌ වනු ඇත. සිංහල මව්බස රැක ගැනීම මෙන්ම ප්‍රවර්ධනය කිරීම ද මෙරට ජාතික හිමිකම් සුරක්‌ෂිත කිරීමක්‌ ලෙස ද සැලකිය හැකිය.




දකුණු ආසියාවේ පැරණිම පූර්ව බ්‍රාහ්මී අක්ෂර ශ්‍රී ලංකාවේ අනුරාධපුරයෙන් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළ කරන Ancient Ceylon Vol-24 සඟරාවේ 2015 ජූලි කලාපය කියයි. සොයාගත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත වලං කටු කාල නිර්ණය ක්‍රි.පූ. 600-500 වකවානුවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා කාල නිර්ණය කරයි .
1988 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එෆ්. ආර්. ඕල්චින් සහ මහාචාර්ය රොබින් කණින්හැම් යන විද්වතුන් කැණීමේදී පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත වලං කටු හමු විණි  ඒවා ක්‍රි.පූ 450ට කාල නිර්ණය විය.

ඒ සමග ඉන්දීය විශේෂඥයෙකු වන මහාචාර්ය ඉරවාතම් මහාදේවන් මහතාගේ (ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ශිලා ලිපි විශේෂඥ) අවධානයට ලක්වි  ඔහු පවසා තිබුණේ, දැරණියගලයන් අනුරාධපුරයේ ඇතුළු පුරයෙන් සොයා ගත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර ඉන්දීය අශෝක අධිරාජයාගේ පාලන යුගයටත් වඩා වසර 200ක් පමණ පැරණි බවයි.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය