උක්තාඛ්‍යාත පද සම්බන්ධය

ක්තාඛ්‍යාත පද සම්බන්ධය

උක්තය ආඛ්‍යාතය ( අවසාන ක්‍රියාව ) පවතින සම්බන්ධය

පුරුෂය

කාලය

ඒක වචන

බහුවචන

ප්‍රථම පුරුෂ

වර්තමාන කාලය

ඔහු / මිනිසා ගමට යයි.

ඔව්හු / මිනිස්සු ගමට යති.

අතීත කාලය

ඔහු / මිනිසා ගමට ගියේය .

ඇය / කාන්තාව ගමට ගියාය.

ඔව්හු  / මිනිස්සු ගමට ගියෝය

අනාගත කාලය

ඔහු / මිනිසා ගමට යන්නේය.

ඔව්හු / මිනිස්සු ගමට යන්නෝය.

මධ්‍යම පුරුෂ

වර්තමාන කාලය

තෝ /ඔබ / නුඹ ගමට  යහි.

නුඹලා / තොපි ගමට යහු.

අතීත කාලය

තෝ / ඔබ/  නුඹ ගමට  ගියෙහි.

නුඹලා / තොපි ගමට ගියෙහු.

අනාගත කාලය

තෝ / ඔබ / නුඹ ගමට  යන්නෙහි.

නුඹලා / තොපි ගමට යන්නෙහු.

උත්තම පුරුෂ

වර්තමාන කාලය

මම ගමට යමි.

 අපි ගමට යමු.

අතීත කාලය

මම ගමට ගියෙමි.

 අපි ගමට ගියෙමු.

අනාගත කාලය

මම ගමට යන්නෙමි.

 අපි ගමට යන්නෙමු.

 

 

බහුවචන වාක්‍ය නිර්මාණය

Ø  උක්තයට ඕ, හූ ප්‍රත්‍ය යෙදීම 

තාරකාවෝ අහසේ දිලිසෙති.

මව්පියෝ දරුවන්ට ඔවදන් දෙති.

පියුම්හු විකසිත වෙති /වූහ.

ගස්හු කඩා වැටෙති.

 

සුදුසු  ක්‍රියා පද යොදා හිස්තැන් පුරවන්න .

එහිදී  වරහන්  තුළ ඇති ධාතුව,    අදාළ කාලයේ යොදා   ගන්න .


       i.          තරුහු අහසේ ................ ( බබළ)

      ii.          රියදුරෝ විනය ගරුකව පාරේ ............... ( පදව )

    iii.          යාචකයෝ යදිමන් ................... (ඉල්ල)

    iv.          බෝසතුහු දම් .................. ( දෙස)

     v.          බුදු හිමියෝ ආලවක දමනය .............. ( කර )

    vi.          ගෙවල්හු සුළඟින් .............  ( කඩ)

   vii.          රජ්ජුරුවෝ  උයනට ............. ( )

  viii.          බුදුහු දම් සභා මණ්ඩපයට ............ ( වඩ )

    ix.          පුෂ්පයෝ විකිසිත ............ ( වෙ)

     x.          සඟුහු  පිළිවෙත්   .....................  ( පුර)


Ø  ද, ත්, නිපාත සමඟ

පියා ද පුතා ද ගොවිතැන් කරති .

පියාත් පුතාත් ඔබත් ගොවිතැන් කරහු. ( ඔබ යන්නෙහි  බහුවචන ය අනුව  )


       i.          ඔබ ද මම ද ගමට .........

      ii.          ළමයාත් ඔබත් ගමට ................

    iii.          ළමයා ද තෝ ද මම ද ගෙදර ............

    iv.          වඳුරාත් රිළවාත් ශාක භක්ෂක ............

     v.          ළමයා ද  මිනිසා ද තෝ ද ගෙදර ..........

    vi.          මිනිසාද ළමයා ද බල්ලා ද ගෙදර .............

   vii.          තෝ ද   අම්මා  ද පන්සල් .............


කෙනෙක් අයෙක් ඇතමෙක් කවරෙක් ඇතැම්හු සමහරු

කෙනෙක් වැනසෙති හැනී හුල්වල.

අයෙක්  නටති සුරා මතින් .

Ø  කෙනෙක් අයෙක් ඇතමෙක් කවරෙක් ඇතැම්හු සමහරු යන නිත්‍ය බහුවචන  පද සමඟ


       i.          ඇතමෙක් බැති ගී   ..........

      ii.          ඇතැමෙක් පව් කොට නිරයෙහි  ......... .

    iii.          කවරෙක් සටනට පාවා ..........

    iv.          කෙනෙක් මෙසේ ...........

     v.          ඇතැමෙක් පවට බිය ...........

    vi.          ඇතැම්හු කුසලයට කම්මැලි ...........

   vii.          සමහරු නන් ...........


Ø  රැළ මුළු පෙළ මුළ පිරිස සෙනඟ කැළ ගණ යන සමූහාර්ථවාචී පද සමඟ

මින් රළවූන් ගං වෙරළට


රාජ මුළු වනයේ වෙසෙති .

       i.          සෙබළ පිරිස සතුරන් පලවා .............

      ii.          බිඟු කැල වදය හැර .........

    iii.          ළමා පෙළ බුදු මැදුරට ........

 

    iv.          සොර මුළ ගෙවල් .................

     v.          ගව රැළ තණකොළ ................

    vi.          මුවරළ වනයේ  ............... .

   vii.          සිසු කැළ අකුරු ................

  viii.          සඟගණ දන ට .....................


Ø  වහන්සේ දෑ යන පද උක්තය සමඟ හා  ආණ අණු ආණි ගෞරවාර්ථ ප්‍රත්‍ය යෙදුණු විට

තෙරුන් වහන්සේ දනට වඩිති.

උන් දෑ ගමට යති.

                           i.          පියාණෝ දූ දරුවන් යහමගට ..............

                          ii.          පුතණුවෝ අවවාද ..............

                         iii.          මෑණියෝ දරුවන් ...............

                         iv.          නැගණියෝ සෙල්ලම් .........

                          v.          බෝසතාණන් වහන්සේ භාවනානුයෝගී ව වැඩ ............

                         vi.          තෙරණියෝ දහම් ............... රැස්වු

                       vii.          අම්මණ්ඩි ඉණට පලා නෙළා ..............

                      viii.          මලණුවෝ කිරි ........

 

විශේෂ ප්‍රයෝග

·        සංශයාර්ථයක් ප්‍රකාශ වන විට

අන්තර් වාක්‍යයේ කර්තෘ අනුක්ත ව ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචන වේ.

                i.          සතුරන් එතියි රජතුමා රැකවල් කර කළේය.

               ii.          නා වෙණ සදති යි උනිමු.

              iii.          තොප ගායනා කරතියි නොදන්නෙමු.

             iv.          මා ගමට එති යි නොසිත.

               v.          අප උගනිතියි මවුපියෝ සිතූහ.

 

                i.          ඔවුන් මස් ..............  අපි සිතුවෙමු.

               ii.          ...............  වම් පසින් රථ පදවති යි පොලිසිය සිතයි.

              iii.          මා විනයවත් ශිෂ්‍යයෙකු ................. යි ගුරුවරු කියති.

             iv.          ............... ක්‍රිඩාවෙන් ජය ගනිති යි මව්පියෝ කියති.

               v.          අප හොඳින් විභාගය .................. යි ගුරුවරයා ..............

             vi.          සතුරන් නගරයට ඇතුළු වෙති යි නුවර වැසියෝ බිය ............

·        / ලු ද නිපාත යෙයෙදෙන විට උක්ත කර්තෘට අනුව ආඛ්‍යාතය යෙදීම

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා පැහැර ගත්තෝ ලූ.

ක්‍රීඩා ලෝලීහු ක්‍රීඩකයින් දිරිමත් කළෝ ද?

 

                i.          සිංහලයෝ ....................... ද? ( බෞද්ධ )

               ii.          ............................... ජයග්‍රාහකයෝ ලු. ( දරු )

              iii.          සටන්කරුවෝ පරාජය .............

             iv.          සරසවි සිසුවෝ සැබෑ ............. ( දක්ෂ )

               v.          .......................... තණකොළ  කෑමට ගෙනගියෝ ලු.

·        වි නිපාතය යෙයෙදෙන විට  කර්තෘ අනුක්ත ව ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් ආඛ්‍යාතය යෙදීම

ඔවුන් හොඳින් ජීවත් වේවි.

                i.          සතුරන් පරාජය .............

               ii.          මා විභාගය සමත් .............

              iii.          තා වතුර ගෙන .............

             iv.          අප තරගයෙන් ..............

               v.          මිනිසුන් පීඩාවට පත් ..........

·        හෝ නිපාත සමඟ

ළමයා හෝ අපි ගමට යමු.

මම හෝ ළමයා ගෙදර යයි.

මම හෝ ඔබ ගෙදර හි.

                i.          ගෙවිලිය හෝ ගොවියා හෝ කුඹුරට ..........

               ii.          ල්ලා හෝ බළලා මීයන් ................

              iii.          තෝ හෝ ඔබ හෝ මම ජය ..............

             iv.          සිරිපාල හෝ තෝ රඟ ..........

               v.          ගුරුවරු හෝ අපි එහි ..............

·        ඇත නැත යන පද සමඟ

කර්තෘ උක්ත රූපයෙන්

ගෙයි මිනිස්සු ඇත / නැත

පෙරහැරේ අලි ඇත / නැත

 

                i.          කැලයේ ................... ඇත / නැත

               ii.          ගස්වල පැන පැන යන ...................  ඇත / නැත

              iii.          විල්වල මිනීමස් කන ...................... ඇත / නැත

             iv.          වනයේ විෂඝෝර ...................... ඇත.

               v.          පන්තියේ අවිනීත  ...............  නැත.

කර්තෘ අනුක්ත රූපයෙන් ( පූර්ව හෝ භාව ක්‍රියාවකින් පසුව ඇත / නැත යෙදීම)

සිසුන් පාසලට පැමිණ නැත.

මා ඔවුන් කිසි දිනක දැක නැත.

       i.          ............................. විහාරයට පැමිණෙනු ඇත.

      ii.          ............................  අහසේ පියාඹනු දැක නැත.

    iii.          සිංහයන් අප පෙදෙසට කිසි දිනක .................. නැත.

    iv.          අලියන් වැව් තාවුල්ලේ ................. ඇත.

     v.          .................................. පොලීසිය නීතිය හමුවට පමුණුවනු ඇත.

·        යුතු / මැනවි පදයකින් වාක්‍ය අවසන් කිරීමේදී

කර්තෘ අනුක්ත රූපයෙන්

පාරේ යන්නන් දකුණු පැත්තෙන් යා යුතුය.

අප දෙමව්පියන්ට දෙමාපියන්ට සැලකීම මැනවි.

                i.          ............... ඔබට කීකරු විය යුතුය.

               ii.          ................... රාත්‍රී කාලයේ  තනිවම ගමන් කිරීම නොකළ යුතුය.

              iii.          .................... අවවාද අනුශාසනා ඇසුව මැනවි.

             iv.          රෝගය  සුවවීමට ......................... පවසන දෑ අනුව ක්‍රියා කළ යුතුය.

               v.          ......................... නිවසේ නොමැති විට අනතුරු තැන්වල නැගීම නො මැනවි.

ඇයි, කෙසේද ? කවරදා ? ආදී ප්‍රශ්නවාචී පද

කර්තෘ අනුක්ත රූපයෙන්

ළමයින් නිතරම අසනීප වන්නේ ඇයි ?

ඔවුන් මා හමුවන්නේ කවදා ?

       i.          .................... හමුවන්නේ ඇයි?

      ii.          .................... හමුවෙන්න යන්නේ කවරදා ?

    iii.          .................... මාපියන්ගේ අවවාද පිළිනොගන්නේ ඇයි ?

    iv.          වඳුරන් ගසින් ගසට පනින්නේ .................

     v.          සිසුවෙකු සුමඟට යොමු කරන්නේ ................

 

 

 

පහත වාක්‍ය නිදොස් කරන්න

1.     පියාණෝ වේලාසනින් ගෙට එයි.

2.     සොර මුළ සිරගෙය  බින්දේ .

3.     කුමරිය උයනට ගියේය.

4.     හිරු එළියට නෙළුම් පිපෙති.

5.     සමහරෙක් අනුන්ගේ වැරදි සොයයි.

6.     ඇතැමක් සුරාවට ගිජු වෙයි .

7.     සෝමා දේවිය රථයෙන් බැස්සේ .

8.     කුස රජ සාගල් පුරයට ගියේය.

9.     නදීහු ගලා බසී .

10.  උත්සව සභාවේ දී කතා පවත්වන ලද්දේ  නාහිමියෝ නොව ඇමතිතුමා .

11.  දෙමාපියන් පොත් පත් පොත්පත් කියවයි නම් දරුවොත්  පොත්පත් කියවනු ඇත .

12.  පරවියන්, ලේනුන් වැනි සතුන් සන්නිවේදනයේ යෙදේ.

13.  තාත්තා අම්මා මම ඇසළ පෙරහර නැරඹීමට ගියෙමි.

14.  නාට්‍යකරුවන් පස්දෙනෙක්  ස්වතන්ත්‍ර නාට්‍ය ඉදිරිපත් කළේය .

15.  ආගමික කටයුතු කිරීමෙන් බොහෝ අය පරලොව සැප බලාපොරොත්තු වේ .

16.  ධර්ම දේශකයන් වහන්සේ සුමධුර දේශනාව කළේ .

17.  යම් කෙනෙක් පව්  කරන්නෙහි ඔවුහු අපායේ උපදිති .

18.  නිං සමයේ බොහෝ කුඹුරු පාළු වූහ.

19.  අමරා දේවී මහබෝසතාණන්ට හුළුකැන් පෙවී .

20.  මුව රළ වනය පුරා නිදැල්ලේ හැසිරෙති .

21.  මාර්ටින් වික්‍රමසිංහ මහතා යථාර්ථවාදී නවකතාකරුවෙකු විය .

22.  දරුවෙක් අද  යහමග යන්නේ කෙසේද?

23.  මීයෝ වෙණ කති' යි අද මවුපියෝ දෙදෙන `සූ සූ' යැයි අත් ගැසූහ .

24.  යුවතියක් අද තනිව මහමඟ යාම නොමැනවි.

25.  ශිෂ්‍යයෝ හෙට උදයේ පාසල් ඒවි.

26.  ඔහු තවම ගෙදර පැමිණියේ නැත.

27.  සොර මුළ ගෙවල් බිඳිමින්  යයි.

28.  බොහෝ අය තම වාසිය සලකයි.

29.  පිරිසේ සමහරකු අසාධාරණයට විරුද්ධ වූහ.

30.  තෝ හෙට ගමට යති මා සිතමි.

31.  දරුවෙක්  රැගෙන පාර හරහා යන කාන්තාව මම දැක්කේ .

32.  සොරු කැලෑවේ සැඟවී සිටියි සැක කළ  සෙබළුන් රැකවල් තර කලහ

33.  අද දින අප පාසලේ ගුරුවරු පැමිණ නැත.

34.  අද විවාහයට පැමිණ කථිකයින් උගතුන් ලු.

35.  ගස් පෙළ සුළඟින් වැනෙති.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය