බුදුගුණ අලංකාරය ප්‍රශ්න

ුදුගුණ අලංකාරය 

Ø  කතුවරයා - වීදාගම මෛත්‍රීය නාහිමියෝ

Ø  කාලය - කෝට්ටේ යුගය

Ø  කතුවරයාගේ වෙනත් කෘති - ලෝවැඩ සඟරාව කවි ලකුණු මිණිමල් දම

Ø  කාව්‍ය අරමුණ - පොදු ජනතාව තුළ භක්තිය දැනවීම මින් අපේක්ෂිත අරමුණ වේ.

Ø  කාව්‍ය  වස්තු විෂය - විසාලා පුරයට පැමිණි තුන්බිය, ( දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය ) සන්සිඳවනු සඳහා බුදුරජුන් වැඩම කර රතන සූත්‍රය දේශනා කොට කරමින් සෙත් පැතීමය. 

Ø  පද්‍ය ගණන - 611 කි.

Ø  වීශේෂත්වය -"පෙදෙන් බුදු සිරිතයැ" බුදු සිරිත නිමිති කොට රචිත  සිංහල කාව්‍යයකි. බ්‍රාහ්මණ ඉගැන්වීම්  මෙන්ම   තීර්ථකයන්, බමුණන්, ගිනි දෙවියන්, ඊශ්වර හා විෂ්ණු දෙවියන් පිදීම උපහාසයට ලක් කරයි.

1.

කු‍‍‍ළුණු මෙන් සත

වෙත

පතළ නැණ සව්

පදරුත

හෙළි කළ ලොවට

සෙත

නිතර නමදිම් මුනිඳු

සරණත

        i.           කවියෙන් කියවෙන්නේ කවරෙක් ගැනද

      ii.           උන්වහන්සේ හොඳින් දැනගත් දේ කවරක්ද

    iii.           ලෝකයාට ප්‍රකාශ කළේ කුමක්ද

    iv.           මෙන් වෙත  නිතර යන පද හැඳින්වීමට සුදුසු වියරණ් විධිය  කුමක්ද

      v.           සරණත යනු කුමක්ද

 සවනත්නුවනත්වුවනත් වරලසමුහුලස

2.

ළංකර සසර

හිම්

දුරුකර කෙලෙස් බිය

ගිම්

සිදු කළ යුතු

උතුම්

වදිම් නව ලොව් තුරා

සදහම්

 

 

     i.         මෙම කවි කියවෙන්නේ කුමක් ගැනද

    ii.         ඉන් දුරු කරන්නේ කුමක්ද

  iii.         රූපක අලංකාරය දක්වන්න.

  iv.         පුද්ගලයා සසර සැරිසරන්නේ කෙලෙසුන් නිසාය. මෙය පැහැදිලි කරන්න

3.

කිසි කෙනෙකුන්

පමණ

නොකැළැකි ගුණැති

අපමණ

සතහට

පිළිසරණ

වඳිම් අදරින් අරී සඟ

ගණ

     i.         මෙම කවියෙන් කියවෙන්නේ කවුරුන්  ගැනද?

    ii.         උන්වහන්සේලා සතු ගුණය කොපමණද?

  iii.         පිහිට වන්නේ කා හටද?

  iv.         ගුණැති යන පදය විසන්ධි කර දක්වන්න

 

4.

බව සිදු

පසුරුවන්

අව බිය අඳුරු

හිරුවන්

පිරි ගුණ මහ

රුවන්

මෙසේ නමකර පුදා

තෙරුවන්

     i.         එම කවියෙන් නමස්කාර කරන්නේ  කාටද

    ii.         බව සිඳු පසුරු වන්අව බිය අඳුරු හිරු වන් යන්නෙහි තේරුම  දක්වන්න

  iii.         තෙරුවන් යන්නේ සමාස නාමය  දක්වන්න

  iv.         කවියේ රූපකාර්ථ නම් කරන්න

5.

කය නම්

අසාරය

බව නම්

බයංකාරය

කියනුව දිවා

රැය

කෙරෙමි බුදු ගුණ

අලංකාරය

     i.           කය නම් අසාරය - බව නම් බයංකාරය යන්නෙහි අදහස ලියන්න

    ii.           බුදුගුණඅලංකාරය රචනා කලේ ඇයි ?

  iii.           කියනුව යන්නෙහි ධාතුව හා කෘදන්ත ප්‍රත්‍ය වෙන් කරන්න.

6.

මහ කවි වරන්

පෙර

පවසා නොපත්

පරතෙර

සුගතිඳු ගුණ

ගැඹර

මෙ මා කියමි සිතනු

වැරසර

 

 

     i.           බුදුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කිරීමට නොහැකි තරම්‍ ය. මින් හැඟවෙන අදහස ලියන්න

    ii.           සුගතිඳු  යන පදය විසන්ධි කර සන්ධි  නාමය ලියන්න

  iii.           වීර සාරය. නිර්භිතත්වය. එඩිතර ව යන අදහස දෙන පදය තෝරා ලියන්න.

7.

සූවාසු

දහසක්

යොඳුන් ගැඹුරැ'ති

මුහුදක්

ගොඩ කරමැයි

උදක්

ලෙහෙනු කළ තැන් වැන්න

දවසක්

     i.           මින් කියැවෙන ජාතකය කවරෙක්ද?

    ii.           ලෙහෙනු යන්නෙහි විභක්ති නාමය දක්වන්න.

  iii.           සුවාසූ දහසක් යොදුන් අගය ලියන්න.

8.

එතකුදු වත්

සොඳින්

පුරමී පිණක්

නොමඳින්

මුනිදු ගුණ

මුහුඳින්

බිදක් දක්වමි උදක්

ඔකඳින්

     i.           කවියා  බුදුන්ගේ ගුණ දක්වන්නේ කුමන  අදහසින්ද?

    ii.           සාගරයක්  බඳු වූ බුදුන්ගේ ගුණ අතරින්  කවියා දක්වන්නේ කුමන ප්‍රමාණයකින් ද ?

  iii.           මුනිඳු  යන්නට සමාන පද තුනක් ලියන්න.

9.

නුවණැතියෙනි

මෙමා

බස දොස ඇතත්

දමා

දෙසවන් පුට

නමා

පමා නොව ගනුව මුනි

ගුණමා

     i.           කවියා නුවනැත්තන් ගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

    ii.           දෙසවන් කවර සමාසයකට අයත්වේද?

විශාලා පුර වර්ණ්නය

10.

සඟ සිරි

අසාලා

කළයුරු සොඳුරු

සාලා

සිරින්

සුවිසාලා

පවර නුවරෙක් වී

විසාලා

     i.           විසාලා නගරයේ විශේෂත්වය කුමක්ද ?

    ii.           සුවිසාලා පදයේ  උපසර්ග වෙන් කරන්න.

  iii.           විශේෂණ නාමයක් සොයා ලියන්න.

11.

සත් සමුදුර

අගළ

සත්ගිරි පවුරු වට

කළ

සක් පුර මිස

උදුළ

එපුර සරි කොද පුරෙක්

සක්වළ

 

     i.           නගරයේ පිහිටීම කෙබඳුද ?

    ii.           මෙහි දැක්වෙන සර්ව නාමය නම් කරන්න.

12.

බබළන පැහැ

ගිහිණි

වෙන වෙන දෙසින්

සපැමිණි

පබළු රන්මුතු

මිණි

නොයෙක් සල්පිල් සියෙන්

සුසැදිණි

     i.           මෙම කවියෙන් කවියා ප්‍රකාශ කළේ කුමක් ගැනද?

    ii.            කවියේ සඳහන් නිපාත පද හා උපසර්ග පද සොයන්න.

  iii.           රන්මුතු කවර  සමාසයකට අයත් වේද්?

 

13.

ගණ රන් කොත්

පැළැඳි

බිතුසිතුවමින් සිත්

බැඳි

මිණි පහ පැහැ

විහිඳි

කොවේ මාවේ සියෙන් සිය

සැඳි

     i.           මෙම කවියෙන් කවියා ප්‍රකාශ කළේ කුමක් ගැනද?

    ii.           රන්කොත් කවර සමාසයකට අයත් වේද?

  iii.           එ ඒ ඔ ශබ්ද සහිත වචන ලියන්න

14.

පුර වැසියන්

තිළි

කෙළින කෙළි මෙන්

නියැළි

දද ඉන් ඉන්

වෙළි

කෙළි පුරඹර රැසින්

බැබළි

     i.           මෙම කවියෙන් නගරයේ කුමක් ගැන වර්ණනා කළේද?

    ii.           අනුප්‍රාස වදන් කවරේද ?

  iii.           පුරඹර විසන්ධි කර එහි සන්ධි නාමය දක්වන්න.

15.

මනහර රුසිරි

සර

දෙවියන් ලෙසින් සුර

පුර

උරයෙන් උර

පැහැර

නිතොර මහසෙන් සිටිති

එනුවර

     i.           මින් පැවැසෙන්නේ කුමක් ගැනද?

    ii.           ඔවුන් සමාන කළේ කාටද ?

  iii.           ලෙසින් නිතොර යන පද හැඳින්වෙන්නේ කවර නමකින්ද?

16.

හෙන සෙන සේ

කිපෙන

තවසුන් ලෙසින්

හික්මෙන

හැම රුපුසෙන්

දිනන

මහත් ගජසෙන් සිටිති තැන

තැන

     i.           කිපෙන, හික්මෙන, දිනන යන ගුණාංග ඇත්තේ කාටද?

    ii.           සමූහාර්ථවාචී පදය උපුටා ලියන්න.

  iii.           උපමාවන් කවරේද ?

 

17.

හසල පස්

දහරේ

කිසි දොස් නොමැති

සිරුරේ

යනෙන නිති එ

පුරේ

තුරඟ සෙන් වැනි තරඟ

සයුරේ

පස් දහරේ හසළ - අශ්වයන්ගේ පුරුදු වූ පඤචවිධ ගමනයයි. පියෙවි ගමන, හැල්මේ ගමන, මද පිම්‍මේ ගමන, මැදි පිම්මෙ ගමන, තද පිම්මෙ ගමන

     i.           මෙයින් කියවෙන්නේ කවුරුන් ගැනද

    ii.           උන් සමාන කර දක්වා ඇත්තේ යමකට ද?

  iii.           යනෙන  විසන්ධි කර සන්ධි නාමය  දක්වන්න.

18.

එ පුර රජ

මහවත

බන් රන් දෙනෙත්

පැහැපත

සක් සන් ගත්

දිගත

නිතර රන සෙන් විතර වනු

නැත

     i.           මෙම කවියෙන් කියවෙන්නේ කුමක් ගැනද ?

    ii.           නගර අලංකාරය සඳහා කුමක් කර තිබුණේ ද?

  iii.           දිසාවල පැතුරුණේ කුමක්ද ?

19.

සුරතුරු මෙන්

කැමැති

දෙය යදින්ට දෙන

නිති

ලොවැ පරසිඳු

පිනැති

නොයෙක් මහසල් කුලන්ගෙන්

යුති

        i.           මහසල් කුලයන් යන්නෙන් අදහස කරන්නේ කවුරුන්ද ?

      ii.           ඔවුන්ගෙන් සිදුවන සේවය නම් කරන්න.

    iii.           සුර තුරු මෙන් කවර අලංකාරයක්ද?

    iv.           පිනැති යන පදය විසන්ධි කර සන්ධි නාමය දක්වන්න

 

20.

සුරඟන

සිරි'සිලු

වරඟන කෙළින

සඳලු

ලිය ගී කන්

 කලු

ඉමෙක් තැන රඟන

රඟමඬුලු

        i.           සුරඟන රූපශ්‍රීය දැරුවේ කවුරුන්ද ?

      ii.           එසේ දැරුවන් කළේ කුමන කාර්යයන් ද?

    iii.           මෙම කවියේ සඤ්ඤක යෙදුණු වචන නම් කරන්න.

21.

ඇම තැන ඇති

සැපත්

එකතැන් කළෙව් සිරි

ගත්

දැක දැක රිසි

නුමුත්

නැතැයි යන සම්පතෙක් එහි

නැත්

        i.           මෙම කවියෙන් කියවෙන්නේ කුමක් ගැනද ?

      ii.           කළෙව් කවර සන්ධි නාමයට අයත් වේද ?

22.

නන් වෙස් නන්

බරණ

සැපතින් පිරුණු

අපමණ

සිටි වයසෙහි

තුරුණ

කෙසේ මෙතෙකැයි යෙද්ද

නරගණ

        i.           මෙම කවියෙන් කියවෙන්නේ කවුරුන් ගැනද?

      ii.           කවියා යොදා ගත් අනුප්‍රාස වදන කුමක්ද ?

    iii.           ප්‍රශ්නාර්ථවාචී පදය සොයන්න.

 

23.

සිහිල් දිය

පිරැණු

පිය ගැට පෙළින්

දිලුණු

බිඟු දැල්

විසුරුණු

වූය තැන තැන පියුම්

පොකුණු

 

        i.           විසාලා නුවර ස්වාභාව සෞන්දර්යාත්මක පරිසරයකින් යුක්ත වේ. මෙම කියමන ඉහත කවිය ඇසුරෙන් පහදන්න.

      ii.           දිලුණු විසුරුණු යන පද වල යෙදී ඇති කෘදන්ත ප්‍රත්‍ය නම් කරන්න.

 

24.

නළඹල නන්

කෙහෙලි

බන් මිණි කිකිණි

මුතුලැලි

රන් වැට පහන්

දිලි

ද්‍රෙරින් ද්‍රෙර දන් දෙවන දන්

හලි

                             i.           නගරවාසීන් කළ යහපත් ක්‍රියාව කුමක්ද?

                           ii.           මිණි කිකිණි මුතුලැලි දකාරාර්ථ සමාසයෙන් විග්‍රහ කර ලියන්න.

                         iii.           බෞද්ධයෝ පිරිසක් ජීවත් වූ නගරයක් බව කවිය ඇසුරෙන් පෙන්වා දෙන්න.

25.

අසුර සෙන්

තරමින්

තැන තැන පැන

අතර මින්

රුපු මන්

උපුර මින්

සරණ මහ සෙනඟ අවි

සරමින්

        i.           විසාලාව ආරක්ෂිත නගරයකි. කවිය ඇසුරෙන් පහදන්න.

      ii.           මෙහි සඳහන් මිශ්‍ර ක්‍රියා පද කවරේද ?

 

26.

ගිජිඳුන් තිමඳ

ගිලි

තුරඟුන් සමග

නොහැකිලි

තබා බන්

රනැකිලි

කෙළින තැන් තැන්හි ගිලි

අලියකුලි

i.           මෙම කවියේ තේරුම ලියන්න.

ii.           අනුක්ත නාමපද සොයන්න.

27.

දැනගෙණ විදු

සියල්

උනු'නට වෙමින්

පිළිමල්

කියන රෑ

දහවල්

සැදිනි වෙන වෙන නොයෙක්

විදුහල්

        i.           එකල  පැවැති අධ්‍යාපනයේ තත්ත්වය  කෙබඳුද ?

      ii.           දහවල් > දවල් බවට පත්වීමේදී යොදා ගත් වියරණ විධිය නම් කරන්න.

28.

විහිදි මිණි

කිරණය

දොර දොරෙහි රන්

තොරණය

නිති සතොස

කරණය

සිරින් පිරි'තිරි එපුර

දෙරණය

         i.           සියලු සැපතින් පිරි නගරයක් බව ප්‍රකාශ කිරීමට කතුවරයා යොදා ගත්තේ කුමන කරුණක්ද?

        ii.           පිරි'තිරි යන්නෙහි පද වෙන් කරන්න

      iii.           ර පසුව  න හා ණ  යෙදෙන වචන පහක් ලියන්න.

 

29.

සතුරන් කළ

නිහඬ

එහි රිය සක්හි සක්

හඬ

වැජඹෙහි දසත

මැඬ

ලෙසින් රළ ගළ සයුර ගත්

හඬ

        i.           වෙනත් හඬ මර්දනය කරමින් මතු වී ඇසුනේ කුමක්ද ?

      ii.           එයින් නැඟුණු හඬ සමාන කර දැක්වූයේ කුමකටද ?

    iii.           ඬ යෙදෙන වචන පහක් ලියන්න. ( කවියේ සඳහන් නොවන )

30.

පුර දෙරණත

පිරී

කුර රොන් සමඟ

ඉතිරී

දිගත ගොස්

පැතිරී

පවති හය මිණි කිකිණි

ගිගිරී

        i.           කවියා මින් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ කුමක් ගැනද ?

      ii.           දිගත යන්නට සමාන පද දෙකක් ලියන්න.

    iii.           හය යන්නට යෙදෙන බහ්වර්ථ පද දෙකක් ලියන්න.

31.

පසඟ තුරු

නාදේ

ගජසෙන් කුඥච

නාදේ

සමඟ තුති

නාදේ

එපුර දිව රැ එකනි

නාදේ

        i.           කවියේ කියැවෙන නාද  කවරේද ?

      ii.           නාද ඇසෙන්නේ කවර වේලාවටද?

    iii.           ගජ කුඤ්ච නාදය නම් අශ්වයා, කුරුල්ලා , බල්ලා , ගොනා,  , මොණරාගේ නාද නම් කරන්න
පසඟ තුරු නාදේ - (1) ආතත (එකැස් බෙර ), (2) විතත (දෙ ඇස් බෙර ), (3) ආතත විතත (ඇස් තුනේ බෙර ), (4) ඝන (කයිතාලම් ආදිය ), (5) සුශිර (නළා) යන පඤචාංගික තූර්ය නාදය.

32.

එව කව බොව

කියන

තෙපුලෙන් පිරුණු ඇම

තැන

උතුරු කුරු

දිවයින

වැන්න ඉසුරෙන් එපුර හැම

තැන

        i.           නගරවාසීන් තුළ තිබූ හොඳ ගති ගුණ කවරේද ?

      ii.           විධි ක්‍රියා රූප නම් කරන්න

    iii.           තෙපුලෙන් ඉසුරෙන් යන පදවල නාමය  හා විභක්ති ප්‍රත්‍ය වෙන් කරන්න

33.

සුරන් පහ

සදිසිය

දිලි සත් රුවන්

බිතුසිය

සත් දහස්

සත්සිය

සතත් රජ මහ පහය

ගැවසිය


සත් රුවන් - සප්ත රත්නමය. (1) රන්, (2) රිදී, (3) මුතු, (4) මිණි, (රතු,) (5) වෙරළු. (6) වජ්ර2 (දියමන්ති,) (7) ප්ර්වාල (පබළු) යන මේ යැ සත් රුවන්.

        i.           මේ නගරයේ රාජ මාලිගා කොපමණද ?

      ii.           රාජ මාලිගා නිර්මාණය කර තිබුණේ කුමකට සමාන කරමින්ද?

 

34.

කෙළින පුර

වැසියන්

ලොබවන තරම්

දෙව්යන්

සව් සිරිනි

සැදියන්

සැදිණි එපමණ පොකුණු

ගෙවුයන්

        i.           දෙවියන්ගේ සිතේ ලෝභය ඇති වීමට හේතු වූයේ  කුමන කරුණක්ද ?

      ii.           කාව්‍ය රචනයට වස්තු විෂය වූයේ කුමක් ගැනද ?

    iii.           මෙම පද්‍ය නිර්මාණයෙන් කවියා අපේක්ෂා කළේ කුමක් ද?


35.

නිරිඳුන් පෙම්

බැඳි

උනුන් වෙත සිත්

පැහැදි

ඉදිනෙත් එහි

සැදි

බියෙන් මෙන් කිසි දුකෙන්

නොවදි

        i.           රජවරුන් සතු ගුණාංගය වූයේ කුමක්ද ?

      ii.           මෙම පද්‍ය නිර්මාණයේ කාව්‍ය අරමුණ කුමක්ද ?

    iii.           උනුන් කවර නාමපදයක්ද ?

36.

රෑ දෙවෙහි

නිතොරේ

මිණි පහ පැහැය

පැතිරේ

දුරුවන

ගණ'ඳුරේ

ලොවැති සව් සිරි සපිරි

එපුරේ

 

        i.           දැඩි අන්ධකාරය පහ වුණේ කුමක් කරණ කොටගෙනද?

      ii.           නිතොරේ යන පදය කුමන පදයක් ද?

    iii.           ගණ'ඳුරේ පද වෙන් කර සමාස නාමය සදහන් කරන්න.

 

විසාලා නුවර වර්ණනාවෙන් කතුවරයා අවධානය යොමු කළ කරුණු

·        පිහිටීම

·        වෙළෙඳ සැල්

·        වීදි

·        පුර අහස

·        ජනගහනය

·        ආරක්ෂක සේනා

·        පොහොසතුන්

·        නාට්‍ය මණ්ඩප

·        සැප සම්පත් (සෞභාග්‍ය)

·        සෞන්දර්ය

·        නගරවාසීහු සතු ගුණාංග

·        අධ්‍යාපනය

·        පුරයේ පවතින ඝෝෂාව

·        මන්දිර

·        සෞඛ්‍ය තත්ත්වය


ලිච්ඡවි රජ වැනුම්

37.

සත් සිය දහස්

සත්

සත් නරනිඳුහු සම

ගොත්

සත් වග කෙරෙහි

මෙත්

යුත් ව පවතිත් සිතින්

මැදහත්

        i.           රජවරුන් සතු විශේෂ ලක්ෂණය නම් කරන්න.

      ii.           ඔවුන් සතු ගුණාංග ලෙස දක්වා ඇත්තේ කුමක්ද ?

    iii.           සත් යන්නෙහි බහ්වර්ථ අර්ථ ලියන්න.

38.

දුසිරිත සිත

නැවතී

රද නිති දත් ගුණ

ඇති

මැදහත් ලෙස

පැවති

එරජ ලිච්ඡවි නිරිඳු නම්

ලති

        i.           රජවරුන්ගේ සිතේ ඉඩක් නොතැබුණේ කවරකටද?

      ii.           ඔවුන් දැන සිටියේ කුමක්ද ?

    iii.           ඔවුන් සතු ගුණාංග ලෙස දක්වා ඇත්තේ කුමක්ද ?

    iv.           නිරිඳු යන පදය විසන්ධි කරන්න.
39.

කුල දෙටුවන්

පැවති

සෙබෙහි තෙද'ණීන්

නොදිලෙති

වෙන් වු සඳ

දිලෙති

රසින් මුසු නුමුසු රන් සේ

වෙති

        i.           තම  තේජස හා අණසක සභාවේ නොපතුරුවන්නේ කවුරුන් සිටිනවිටිද?

      ii.           රසින් මුසු නුමුසු රන් සේ යන්නෙහි තේරුම ලියන්න

    iii.           තෙද'ණීන් විසන්ධි කර එහි සන්ධි නාමය දක්වන්න

40.

නො වළා වරද

තැන්

නො නැමී බසට

මහතන්

විලසින් සිය

සුතන්

සතන් රකිනුය බලා

ඇමතැන්

        i.           ආරක්ෂාව සැපයීමේදී සිදු කරන  පිළිවෙත නම් කරන්න.

      ii.           නො වළා වරද තැන් - නො නැමී බසට මහතන් යන්නෙහි තේරුම ලියන්න

41.

නො මකා කුල

සිරිත්

කො තබාම දෙන

දන් වත්

නො වඩා අය

බදුත්

නැගු සිත් සේම දිය දිය

කොත්

        i.           රජවරු විනාශ නො කරන්නේ මොනවාද ?

      ii.           අය බදු ගැනීමේදී අනුගමනය කරන පිළිවෙත කුමක්ද ?

    iii.           දිය යන්නෙහි අර්ථ දෙක නම් කරන්න.

42.

ගත උන්

සබාමය

බස උන්ගේ

සබාමය

ඉසුරෙන්

සබාමය

සබානම් උන් උන්

සබාමය

        i.           රජවරු සතු ගති ගුණ නම් කරන්න.

      ii.           සබා යන්නට යොදා ඇති අර්ථ කවරේද ?

    iii.           කවියා යොදා ගත් අනුප්‍රාස වදන් කවරේද ?


43.

අවා බිය

ඇව රූ

සිත් සත් ගුණෙන්

සපිරූ

දිගු බිත

කිවිය රූ

ඔවුන් ගුණ සිතුයමින්

තැවරූ

        i.           කවියේ තේරුම ලියන්න.

      ii.           කාව්‍ය රචකයෝ මෙම රජවරුන්ගේ කවරක් පැතිරූවේද?

    iii.           දිගු බිත යනු උපමාවක්ද නැතහොත් රූපකයක්ද ?

44.

රන් රූ සදි

සියහ

දැක දැක නොයන

රි සියහ

කන් කලු

සුබැසියහ

ඔහු ම නරදෙවි නමට

නිසියහ

        i.           මිනිසුන්ගේ දෙවි යන අන්වර්ථ නාමයෙන් රජවරු හැඳින්වූයේ ඇයි?

      ii.           රන් රූ කවර අලංකාරයට අයත් වේද ?

 

45.

රුසිරෙන් ලොව

ගරූ

අයුරු සුරිඳුන්

පිළිරූ

දස රජ දම්

දැරූ

ඔවුන් සරිවෙති මෙලොව

කවුරූ


දස රජ දම් - දශ රාජ ධර්මයය. (
1) දානය, (2) ශීලය, (3) පරිත්යා ගය, (4) ඍජු බව, (5) මෘදු බව, (6) තපස, (7) ක්රෝ3ධ නැති බව, (8) හිංසා නොකරන බව, (9) ඉවැසීම, (10) විරුද්ධ නොවන බව යන මේ රාජ ධර්මයෝ දසය.

        i.           රජවරු සතු රූපශ්‍රීයාව සමාන කළේ කාටද ?

      ii.           අනුක්ත පද දෙකක් සොයන්න.

    iii.           නිත්‍ය බහුවචන පදය කුමක්ද ?

 

46.

සක බිම

පෙරළෙමින්

ගැල බඩු නිසල

කෙරෙමින්

පවතින මෙන්

නොමින්

තුමු දුක් වීඳිති සත

රකිමින්

        i.           සත්ත්වයන් ආරක්ෂා කිරීමේදී රජවරු කුමක් විදින්නේ ද?

      ii.           මෙහි සඳහන් උපමාව කුමක්ද ?

    iii.           මෙහි සඳහන් මිශ්‍ර ක්‍රියාපද  කවරේද ?

47.

රොන් ඇරගෙන

සෙමින්

යන බිඟු ලෙසින්

කුසුමින්

ලොවට දුක්

නොදෙමින්

ගනිති අය පඩුරු පෙර

නියමින්

        i.           අයබදු අය කිරීමේදී  කළ පිළිවෙත කුමක්ද ?

      ii.           අය බදු අය කළේ කෙසේද ?

    iii.           මෙහි සඳහන් උපමාව කුමක්ද ?

48.

ලුව ද  සිඳු

පෙදෙසේ

දිය නො ගෙන  සිටි නැව

සේ

දන නො ගෙන ම

තොසේ

සිටිති දනවත් දනන් සිත

 සේ

        i.           පොහොසත් ජනයා වස්තුව රැස් නොකිරිම සමාන කළේ කෙසේද ?

      ii.           දන , ධනවත්, දනන් යන්නෙහි තේරුම ලියන්න.

    iii.           නො, සේ, ම,  කවර පද ගණයට අයත් වේද?

49.

පල ගත් අතු

නසා

පල කන්නවුන්

විලසා

දන ගැනුමක්

නිසා

දහම් නො නසති දනන්

වනසා

        i.           මෙම කවියේ  අරමුණ කුමක්ද ?

      ii.           කවියේ සඳහන් උපදේශාත්මක වැකිය උපුටා ලියන්න.

    iii.           එළිවැට පිණිස භාවිත අකුර නම් කරන්න.

50.

සවනින් අසන

බස

නුවනින් අසව යන

ලෙස

කෙරෙති තමා

බස

යමක් නොයොදති මිසක් නිසි

ලෙස

        i.           රජවරුන් සතු උතුම් ගුණාංගය කුමක්ද ?

      ii.           කවියේ සඳහන් උපදේශාත්මක වැකිය උපුටා ලියන්න.

    iii.           කෘදන්ත නාම පදයක් හා විධි ක්‍රියා පදයක් උපුටා ලියන්න.

 

ලිච්ජවි රාජ වැනුමෙන් ..................

මිනිසුන්ගේ දෙවි යන අන්වර්ථ නාමය ලැබූ හත් දහස් හත්සිය හතක් වූ එකම කුල ගෝත්‍රයට අයත් මෙම  රජවරු  මෙත් සිතින් යුත්, මැදිහත්ව, දුශ්ශීල නොවූ ගුණවත්, රාජ නීතිය දත්, කුල ජ්‍යෙෂ්ඨයන්ට ගරු කළාවූ, සියලු සත්ත්වයා රකින්නා වූද, පිරිසකි. එසේම කුල සිරිත් රකින, දන් දෙන, සත්‍යවාදී හා කනට මිහිරි මෙන්ම හොඳ  වචනයෙන් යුත්, සැප සම්පත්  සහිත,  පින්වත් , රූපශ්‍රීයෙන් දුටුවන් ආශාවෙන් වසඟ කරවන, දසරාජ ධර්ම උසුලන ඇත්තෝ වෙති. සත්ත්වයා ආරක්ෂා කිරීමේදී බොහෝ දුක් විදීමටත් ප්‍රිය වූද, ජනතාවට හිරිහැර පීඩා නො කර පූරාණ නීති අනුව අයබදු ලබා ගන්නාවූද , ඔවුන්ගේ ගුණ කවියන්ට කාව්‍ය රචනයට පවා හේතු වූ,  විමර්ශනශීලී ව විමසා කටයුතු කළ පිරිසකි.

 

 

 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය