පුරාතන ගද්‍ය සාහිත්‍ය යුග -පුන්කලස, පත්තරේ සරසවිය සිළුමිණ

කලා සිසුන්ගේ පිවිසුම් දොරටුව
පුරාතන ගද් -1
උසස් පෙළ විෂයය ධාරාවට අදාළව පුරාතන ගද් පද් සාහිත් ග්රන්ථත්, නූතන ගද් පද් සාහිත් ග්රන්ථත් පිළිබඳව විෂය කරුණු වලට අදාළ ශාස්ත්රීය ලිපි පෙළක් මෙතැන් සිට ඇරඹේ.
මේ ලිපි පෙළ ප්රශ්නෝත්තර ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ ඔබට ග්රහණය කර ගැනීමට පහසුවන පරිද්දෙනි. මෙය උසස් පෙළ සිසුන්ට අමතරව ශාස්ත්රාභිලාෂී සාමාන් පාඨකයාගේ දැනුම පෘථුල කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
මේ ලිපි පෙළ ලබන අගෝස්තු මස දක්වා පළවන අතර ඔබේ විෂය නිර්දේශය එමඟින් ආවරණය කිරීමට අපි කටයුතු යොදා ඇත්තෙමු. මෙය ප්රවීණ විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදනය කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් වෙතොත් 
පුන්කලස, පත්තරේ සරසවිය, සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්, කොළඹ 10. ලිපිනයට යොමු කරන්න.

ලාංකේය සාහිත්යය ඉතිහාසය යුගවලට බෙදා දක්වන්නේ කෙසේද?
රටක ස්වාභාවික පිහිටීම එහි ඉතිහාසය හා සභ්යත්වය කෙරෙහි මහත් බලයක් වන්නේ යන්න ඉතිහාසඥයන්ගේ මතය යි. අනුව ලාංකේය සාහිත් කෝෂ්ඨාගාරය රන්, මිණි, මුතු නිදන්ගත ආකරයක් වැනි . ඉතිහාසයට අයත් සාහිත් තොරතුරු හාරා, පාදා මතු කරගැනීමෙන් සාහිත්යයෙන් ඉතිහාසයත්, ඉතිහාසයෙන් සාහිත්යයත් හැදෑරිය හැකි . ලාංකේය සාහිත් ඉතිහාසය බෙදා දක්වනු ලබන්නේ රාජධානි පිළිවෙළට . එය සාහිත් යුග අනුපිළිවෙළට සමාන .
1. අනුරාධපුර සාහිත්යය යුගය
2. පොළොන්නරු සාහිත්යය යුගය
3. දඹදෙණි සාහිත්යය යුගය
4. යාපහුව සාහිත්යය යුගය
5. කුරුණෑගල සාහිත්යය යුගය
6. ගම්පොළ සාහිත්යය යුගය
7. කෝට්ටේ සාහිත්යය යුගය
8. මහනුවර සාහිත්යය යුගය
9. කොළඹ සාහිත්යය යුගය

මෙයට අමතරව මාතර යුගය යනුවෙන් සාහිත්යය යුගයක් පැවතුණ එය නිශ්චිත ලෙස සාහිත්යය යුගයක් වශයෙන් නො සැලකේ. එයට හේතුව මාතර, අගනගරය කොට ගනිමින් රාජධානියක් ලෙස නො පැවති නිසා .
අනුරාධපුර සාහිත්ය්යය යුගයේ සුවිශේෂතා කවරේද?
අනුරාධපුර සාහිත්යය යුගයේ ගද් සාහිත්යයක් ආරම්භ වන්නේ නැත. ආරම්භ වන්නේ පද් සාහිත්යය යි. එහෙත් මෙම යුගය අධ්යයනය කිරීමේදී අනුරාධපුර සාහිත්යයේ පැතිකඩ ප්රධාන කොටස් තුනක් දැකිය හැකි .
1. ශිලා ලේඛන 
2. සීගිරි ගී
3. සිංහල අටුවා හා වෙනත් ග්රන්ථ

මේ අතරෙනුත් සිංහල සාහිත්යය පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කිරීමේදී හෙළ අටුවා (හෙළටුවා) හා වෙනත් ග්රන්ථ මෙන් සීගිරි ගී වැදගත් තැනක් ගනී. අනුරාධපුර සාහිත්යය යුගයේ ගද් සාහිත්යයක් පැවති බවට සනාථ නොවුණ සාහිත්යය ගණයෙහි ලා සැලකිය නොහැකි වෙනත් කෘතීන් පැවැති බව පෙනී යයි. අනුව අනුරාධපුර යුගයේ ප්රධාන කෘති තුනක් නම් කළ හැකි .
1. සිබ වළඳ හා සිඛ වළඳ විනිස 2. සියබස්ලකර 3. දම්පියා අටුවා ගැටපදය යනු එම කෘති ත්රිත්වය යි. මෙම කෘති තුන සාහිත් කෘති නො වේ.
1. ‘සිඛ වළඳ හා සිඛ වළඳ විනිසයන කෘතිය උපසම්පදා භික්ෂුන් සඳහා පිළියෙල කළ ශාසනික විනය ග්රන්ථයකි.
උපසපුව ලද පැවිජ්ජා පටන් හික්මියැ යුතු සිරිත් විරිත් සිඛ සැකවින් කියනෙමි
මෙම ග්රන්ථය හුදෙක් පාළි භාෂාව නො දත් භික්ෂුන් වහන්සේලාට විනය නීතිය උගැන්වීම සඳහා පමණක් ලියැවුණු ග්රන්ථයක් නො වේ. මන්ද යත් විනය පිටකය අළලා සංක්ෂේපයෙන් ලියැවුණු විනය සංග්රහය ලෙස මෙකී කෘති දෙක සම්භාවනාවට පාත් වන බැවිනි.
2. ‘සියබස්ලකරදණ්ඩීන්ගේ කාව්යාදර්ශයඇසුරු කරගනිමින් ලියන ලද සිංහල අනුවාදයකි. එහෙත් මූලාශ් වූ කාව්යාදර්ශයට අසමාන තැන් කිහිපයක් සියබස්ලකරෙහි දක්නට ලැබේ.
3. ‘දම්පිය අටුවා ගැටපදය ධම්මපදය ලාංකික ජනතාව අතරට යැවීම සඳහා කළ ග්රන්ථයකි. පාළි ධර්මය පිළිබඳ ගැටමුසු තැන් තේරුම් කරගැනීම සඳහා අටුවා ග්රන්ථ කළ බව කියැවේ. හුදෙක් සාහිත්යමය වශයෙන් නො , ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දරන කෘතියෙකි. එහි තත්කාලීන සිරිත් විරිත්, ඇඳුම් පැලඳුම්, ශිෂ්ටාචාර, ආගමික විධි, ග්රාමීය පුවත් ආදිය දැකගත හැකිවීම එයට හේතුව යි. මහා විහාරීය පරම්පරාවට අයත් මේ අටුවා අද සම්පූර්ණයෙන් අභාවික වී ඇති අතර ශේෂ ඇත්තේ වාක් කෑලි කිහිපයක් පමණි.
මේ අනුව ගද් සාහිත්යයක ආරම්භයකින් තොර අනුරාධපුර යුගය අවසන් වේ. එහෙත් පද් සාහිත්යයක් දක්නට ලැබේ.
අනුරාධපුර යුගයේ සාහිත්යාංගයක් ලෙස සීගිරි ගී කැපී පෙනීමට හේතු මොනවාද?
අනුරාධපුර සාහිත්යය යුගය තුළ පැහැදිලි ගද් සාහිත්යයක් දක්නට නො ලැබුණ පද් සාහිත්යයක ප්රාරම්භක ලක්ෂණ දැකිය හැකි . සඳහා කදිම නිදසුනක් ලෙස සීගිරි ගී හැඳින්විය හැකි . අනුරාධපුර යුගයේ සාහිත්යය පිළිබඳ කතිකාවතේ දී එහි ප්රාකෘතික අවධිය කරා යන විට හමු වන සීගිරි කුරුටු ගී ලෙස,
නරනින්ද් ලයු මෙළෙයින් සෙවින් නො වහනන්නෙන් බෙයින්ද් හි රන්වනු ගිරිහිස්නි හෙන්නයුන් වැන්නො
(රජු මළ නිසා සොවින් හදවත උසුළා ගනු නො හෙන බෙයෙදෙහි වූ රන්වන් කාන්තාවන් ගිරිහිසින් බිමට පනින්නවුන් වැන්න)
කැටපත් පවුරේ මෙලෙස ලියා ඇති ගී සියල්ල අට වැනි, නව වැනි සියවසේ සිට එකොළොස් වැනි සියවස දක්වා කාලය තුළ ලියැවෙන්නට ඇතැයි සැලකේ.
අනුරාධපුර යුගය බිඳ වැටීමට හේතු මොනවාද?
විජය කුමරු සමඟ පැමිණි අනුරාධනම් සෙනෙවියා ආරම්භ කරනු ලබන අනුරාධ ග්රාමය, නගරයක් බවට පත් කරන්නේ පණ්ඩුකාභය රජු . අනුරාධපුර නගරය ශිෂ්ට සම්පන්න නගරයක් බවට පත් වන්නේ මහින්දාගමනයත් සමඟ . මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ බුදු දහම පමණක් නො , ශිෂ්ටාචාරය ප්රමුඛ කොටගත් සියලු අංගෝපාංගයන් . පුරුෂාර්ථයන් . ධර්මාශෝක අධිරාජ්යයා ලාංකේය දේශයට බොහෝ හිත පක්ෂපාතී වූ රාජ් පාලකයෙකි. සොළීන් සහ පාණ්ඩ්යයන් ඉන්දියාවේ ප්රාදේශීය පාලන බලය අල්ලා ගත් පසු එහි බලපෑම ලංකාවටත් ලැබිණ. වන මිහිඳු රජු, සොළීන් විසින් ඉන්දියාවට රැගෙන යාමෙන් මේ බව පැහැදිලි . ඉනික්බිතිව අනුරාධපුර රාජධානිය බිඳ වැටී, පොළොන්නරු රාජධානිය ලංකාවේ රාජධානි ඉතිහාසයේ දෙවැනි රාජ් යුගය සනිටුහන් කරයි. පොළොන්නරු රාජධානිය ඇසුරින් පොළොන්නරු සාහිත්යය යුගය ගොඩනැඟිණි.
පොළොන්නරු පාලන යුගයේ කැපී පෙනෙන පාලකයෝ කවරහු ?
පොළොන්නරුව පාලනය කළ කැපී පෙනෙන පාලකයා වන්නේ පළමු වන පරාක්රමබාහු රජු හෙවත් මහා පරාක්රමබාහු රජු . මහා පරාක්රමබාහු රජුගේ පාලන සමය දේශපාලන, ආගමික, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අංශයන් ගෙන් කැපී පෙනෙන දියුණුවක් දක්නට ලැබුණු අතර එය ලාංකේය රජවරුන්ගේ නාමවලියේ සෙසු රජවරුන් කළ සේවාවන්ට නො දෙවැනි පාලනතන්ත්රයක් විය. මීට අමතරව පොළොන්නරු යුගයේ කැපී පෙනෙන වෙනත් රජවරු මෙසේ .
වන විජයබාහු රජතුමා
II වන විජයබාහු රජතුමා
III වික්රමබාහු රජතුමා
IV ගජබාහු රජතුමා කාලිංගමාඝ

ලාංකේය සාහිත්යය ඉතිහාසයේ ගද් සාහිත්යය ආරම්භ වන්නේ?
ලාංකේය සාහිත්යය ඉතිහාසයේ ගද් සාහිත්යය ආරම්භ වන්නේ පොළොන්නරු යුගයේ දී . සාහිත් හා භාෂාත්මක අංශයෙන් බැලුවහොත් අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ සාහිත්යය භාෂාත්මක අතින් ඉදිරිගාමී වේ. මන්ද යත් පාළි හා සංස්කෘත භාෂාවන්ගේ ප්රබල බලපෑමක් ලැබුණු නිසාවෙනි. එසේ උගත්, බුද්ධිමත් පාලකයන්ගෙන් යුක්ත වූ තාඩන, පීඩන, වියවුලෙන් තොර වූ සාමකාමී රාෂ්ට් පාලනයක්, සාහිත්යය ආදී කටයුතු කෙරෙහි නොමඳ ලැබුණු රාජ්යානුග්රහයත් ඊට අනුබල සපයන තවත් කරුණකි.
මෙකී සියලු කරුණු පාදක කොටගෙන පොළොන්නරු යුගයේ දී ලාංකේය ගද් සාහිත්යයේ ප්රථම බණ කථා කෘතිය වශයෙන් සැලකෙන අමාවතුර කෘතිය බිහි විය.
අමාවතුර ග්රන්ථය මෙතරම් සුවිශේෂ වන්නේ ඇයි?
අමාවතුර කෘතිය ඉතා වැදගත් බණ කථා ග්රන්ථයකි. එය රචනා කළේ ගුරුළුගෝමී ¼ඩිවරයා . අමාවතුර කෘතියට පෙර ගුරුළුගෝමී පඬිවරයා රචනා කළ ධර්මප්රදීපිකාව බණ කථා සාහිත්යය කෘතියක් ලෙස පිළිගැනෙන්නේ නැත. අමාවතුර ලංකාවේ පළමු වන ගද් සාහිත්යය කෘතිය ලෙසත් සැලකේ. පොළොන්නරු සාහිත්යයේ හින්දු ආගමික ලක්ෂණ දක්නට ලැබෙන නමුත් බුදුන් වහන්සේ පිළිබඳව මහා භක්තිවන්ත රචනා විශාල ප්රමාණයක් පොළොන්නරු යුගයේ ලියැවිණි. අමාවතුර කෘතියේ ඇත්තේ බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය යි. එනම් නො දැමුණු සත්වයන් දමනය කිරීමේ ගුණයයි. එය ලාංකේය ගද් සාහිත්යයේ ආරම්භය හා බණ කථා සාහිත්යයේ ආරම්භය ලෙස ඉතා වැදගත් .
සංස්කෘත සාහිත්යයෙහි පෘථුල දැනුමක් තිබූ ගුරුළුගෝමීහු සංස්කෘති ගද් රීතියට වඩා පාළි රීතිය ගුරුකොට ගත්හ. දේශීය සංස්කෘතියට හා බුදුදහමින් පෝෂණය වුණු වටපිටාවක් සහිත රටකට වඩාත් ගැළපෙන්නේ එකී පාළි රීතිය යි. හෙයින් ගුරුළුගෝමී අතින් ලියැවුණු අමාවතුර පළමු ගද් සාහිත්යය කෘතිය යි. පළමු බණ කථා කෘතිය යි.
පොළොන්නරු යුගයේ රචනා වූ වෙනත් පතපොත කවරේ ?
ධම්ම සංගණී ප්රකරණය
මුවදෙව්දාවත
බෝධිවංශ ග්රන්ථ පදය
ජාතක අටුවා ගැටපදය
ජාතක කථා සන්නස
ධර්මප්රදීපිකාව
අමාවතුර
සසදාවත
මේඝදූත සන්නස
කාව්යාදර්ශ සන්නස
අනුරුද්ධ ශතකය
මානාවුල සන්දේශය

පොළොන්නරු යුගය බිඳ වැටෙන්නේ ඇයි?
කාලිංග - මාඝ පොළොන්නරු රාජධානිය ආක්රමණය කර ගිනි තැබී . ඒත් සමඟ පැතිරී ගිය මැලේරියාව වැනි වසංගත රෝග නිසා පොළොන්නරු යුගය බිඳ වැටිණි.
ඉන්පසු ආරම්භ වන්නේ කුමන සාහිත් යුගය ?
පොළොන්නරුව බිඳ වැටීමෙන් පසුව දඹදෙණි පව්ව මත්තේ රාජධානියක් පිහිටුවා ගැනීමෙන් දඹදෙණි යුගය ආරම්භ වේ. මේ බව ආනන්ද කුලසූරිය මහතාගේ සිංහල සාහිත්යය 2 කෘතියේ සඳහන් වන්නේ පහත පරිදි .
රහතන් වහන්සේ නමක් මෙම පියසේ ගල මුදුනේ සිට දඹ වැළඳූ හෙයින් දෙඹදෙණිය යන නම ඇති වුණහ යි කියැවෙයි. දඹදිව ප්රසිද්ධ දඹ ගසින් පල හා අතු ගෙනැවිත් මෙහි පැළ කළ හෙයින් නම ඇතිවීය යන්න දෙවැනි පුවතයි. අනුන් හා වාද කෙරෙමින් හැසිරුණු සච්චක වැනි නුවටකු තමා හා වාදයට එන්නැයි අභියෝග කෙරෙමින් දෙණියෙක දඹ අත්තක් සිටැවූ හෙයින් දඹදෙණිය යන නම පහළ වී යයි තුන් වැනි කටකතාවෙන් කියැවෙන පුවත යි. දඹ යන්නෙන් ගල යන අරුත් පැවසෙතියි කියති. එසේ නම් දඹදෙණියහි පිහිටි තරමක් විශාල ගල් කිහිපයක් අරමුණු කොටගෙන දඹදෙණි යන්න සෑදුණුහයි තීරණය කිරීමට ඉඩ ඇත.
සිංහල සාහිත්යය 2
දඹදෙණි විජයබා රජුගෙන් ඉටු වූ සේවාවන් මොනවාද?
දඹදෙණියේ පළමු පාලකයා වන්නේ ධ්ධ්ධ් වන විජයබාහු . ඔහු දඹදෙණි විජයබා ලෙස නම් කෙරේ. ධ්ධ්ධ් වන විජයබාහු හෙවත් දඹදෙණි විජයබා කළ විශිෂ්ට රාජ් පාලන කාර්යයන් කීපයක් මෙසේ .
1. මායා රටෙහි සිංහල ප්රධානීන් එකමුතු කිරීම. 
2. මායා රටෙහි දෙමළ ප්රධානීන් පළවා හැර දඹදෙණි පව්ව මත රාජධානියක් ගොඩනැඟීම. 
3. දළදා පාද වස්තු දෙකක් සහ භික්ෂුන් වහන්සේලාත්, ප්රභූ ජනයාත් කොත්මලෙන් දඹදෙණියට ගෙන්වා ගැනීම. 
4. තමන්ගේ පුතු වන පැරකුම්බා කුමරුට සාහිත්යය ඉගැන්වීම.

දෙවැනි පරාක්රමබාහු රජුගේ සේවාවන් කවරේද?
දඹදෙණි විජයබා යනු ධ්ධ්ධ් වන විජයබාහු රජුගේ පුත්රයා . හෙතෙම කලිකාල සාහිත්යය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු යනුවෙන් හැඳින්වේ. මීට අමතරව ධ් වන පණ්ඩිත පරාක්රමබාහු යනුවෙන් ධ්ධ් වැනි පරාක්රමබාහු රජු හැඳින්විණි. ධ්ධ්ධ් වන විජයබාගෙන් පසු දඹදෙණියේ රාජ් පාලනය ගෙන යන්නේ ධ්ධ් වන පැරකුම්බා . පද් සාහිත්යයේ පළමු වන මහා කාව්යය වන කව් සිළුමිණ රචනා කරන්නේ මොහු . ඔහු කළ සෙසු විශිෂ්ට රාජ් පාලන කාර්යයන් කීපයක් මෙසේ .
1. විජයබාහු ගොඩනැගූ දඹදෙණි රාජධානිය සමෘද්ධිමත් කිරීම.
2. දඹදිවෙන් උගතුන් හා පොත්පත් ගෙන්වීම.
3. මෙකල තමන්ට විරුද්ධ වූ දෙමළ පිරිස් පළවා හැරීම.
4. මිතුරු සිටි දෙමළ පිරිස් සේනාවට බඳවා ගැනීම.
5. විදේශික රජවරුන් මිතුරු කරගැනීම.
6. කව්සිළුමිණ නම් මහා කාව් රචනා කිරීම.

කව්සිළුමිණ වැදගත් කාව් ග්රන්ථයක් ලෙස සැලකෙන්නේ ඇයි?
ධ්ධ් වන පැරකුම්බා කලිකාල සාහිත්යය සර්වඥ පණ්ඩිත පැරකුම්බා හෙවත් පළමු වැනි පණ්ඩිත පරාක්රමබාහු ලෙස හඳුන්වයි. ලංකාවේ පළමු වන මහා කාව් වශයෙන් සැලකෙන්නේ කව්සිළුමිණ යි. මෙම කෘතිය රචනා කළේ ධ්ධ් වන පරාක්රමබාහු හෙවත් පණ්ඩිත පරාක්රමබාහු . එය ලාංකේය පද් ඉතිහාසය තුළ වැදගත් පරිච්ඡේදයකි.
දඹදෙණි යුගයේ පැවති ගද් සාහිත්යය පිළිබඳව කුමක් කිව හැකි ?
තුන් වන විජයබාහු රජතුමා සහ ඔහුගේ පුත් වූ කලිකාල සාහිත් සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු යන රජවරුන්ගේ විශිෂ්ට පාලනයත් අප්රතිහත ධෛර්යය හා දූරදර්ශී ප්රඥාවත් නිසා රට සමෘද්ධිමත් විය. භාෂා සාහිත්යය පෝෂණය විය. ශාසනය දීප්තිමත් විය. පඬිවරු ධෛර්යය සම්පන්න වූ . පාණ්ඩිත්යය වැඩි දියුණු විය. ශාස්ත්රාගමය ප්රචලිත විය. ග්රන්ථකරණය සුලබ විය. දඹදෙණි සාහිත්යය යුගය ගද් සාහිත්යයේ ස්වර්ණමය යුගයක් වශයෙන් ප්රකට විය.
දඹදෙණි යුගයේ පැවති ප්රධාන පිරිවෙන් මොනවාද?
දෙවැනි පරාක්රමබාහු රජු දඹදෙණිය, ගද් සාහිත්යයේ ස්වර්ණමය යුගය බවට පත් කරලීම සඳහා ප්රධාන පිරිවෙන් 4 ක් නිර්මාණය කළේ . ඒවා මෙසේ .
I. පරාක්රමබාහු පිරිවෙන 
II. මිහිඳුබා පිරිවෙන 
III. බුවනෙකබා පිරිවෙන ඪම. අභයරාජ පිරිවෙන

මෙම පිරිවෙන්වලට අමතර මහා පඩිවරු, ලේඛකයන්, ශාස්ත්රඥයන් බිහි කළ මහා පිරිවෙන් සම්ප්රදායක් දඹදෙණියේ පැවතුණි. දඹදෙණියේ ක්රියාත්මක වූ පිරිවෙන් සමූහයෙන් අතළොස්සක් මෙසේ .
1. දඹදෙණියේ විජයසුන්දරාරාමය
2. පරාක්රමබාහු පිරිවෙන
3. බෙලිගල බුවනෙකබාහු පිරිවෙන
4. දෙවුන්දර නන්දන පිරිවෙන
5. කුරුණෑගල මහේන්ද්රබාහු පිරිවෙන
6. වාකිරිගල මහා නෙත්ත පාසාදමූලායතනය
7. අභයරාජ පිරිවෙන
8. මයුරපාද පිරිවෙන
9. ප්රතිරාජ පිරිවෙන
10. අස්සද්දනා පිරිවෙන
11. පලාබත්ගලපාය
12. මහින්දසේන පිරිවෙන
13. නන්දී පිරිවෙන
14. අනුරාධපුරයේ බුවනෙකබා පිරිවෙන

මෙම පිරිවෙන් ඇසුරේ රමණීය සාහිත්යයක් බිහි කළ මහා ලේඛක පරම්පරාවක් බිහි විය.
දඹදෙණි යුගයේ සිටි විශිෂ්ට ලේඛකයන් කවුද?
දඹදෙණියේ රමණීය ගද් පද් බිහි කළ විශිෂ්ට පාණ්ඩිත්යයකින් හෙබි ලේඛන පරම්පරාව නිකාය සංග්රහයේ දැක්වෙන්නේ මෙසේ .
එසේම ශ්ලෝක සිද්ධාර්ථ , සාහිත් විල්ගම්මුල , අනුරුද්ධ , දීපංකර , මයුරපාද , ධර්මසේන යනාදී ස්ථවිරයන් හා ශූරපාද , ධර්ම කීර්තිපාද , ධීරනාගපාල , රාජමරාරි , කවිරාජශේඛර , ගුරුළුදැමී , ආගම චක්රවර්තී , පරාක්රම පණ්ඩිත , අග්රපණ්ඩිතය යනාදී වූ ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝක ප්රබන්ධ හා විචිත්රාර්ථ ප්රකාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්යාඛ්යාන ඉපැදැ වූ .
- නිකාය සංග්රහය
මීට අමතර ,
1. සංඝරක්ඛිත මාහිමි 2. වාචිස්සර හිමි 3. ආරණ්යක මේධංකර මාහිමි 4. ග්රාමවාසී මේධංකර මහතෙරුන් 5. මහනෙත් පාමුල සුමංගල මහතෙර 6. අනොමදස්සී (අනවමදර්ශී) මහතෙර 7. වේදේහ හිමි 8. ආනන්ද හිමි 9. ධර්මකීර්ති හිමිවරු 10. නාගසේන හිමි
11. අස්සද්දනා පිරිවෙන්පති 12. කලිකාල සාහිත්යය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු රජතුමා 13. බුවනෙකබාහු රජතුමා 14. ධර්මකීර්ති උපාසක යන ලේඛකයෝ දඹදෙණි සාහිත්යයට විශාල මෙහෙවරක් ඉටු කළහ.
දඹදෙණි යුගයේ බණ කථා පොත් ලියැවුණි ?
අමාවතුරෙන් ආභාසය ලැබූ බොහෝ බණ කථා පොත් විශාල ප්රමාණයක් මෙම යුගයේ දී බිහි විය. අතරෙනුත් ප්රධාන බණ කථා ග්රන්ථ 5 තුළට දඹදෙණි සාහිත්යය යුගයේ රචිත ග්රන්ථ ඇතුළත් වේ. එම පංච මහා බණ කථා පහත පරිදි .
I. බුත්සරණ 
II. දහම්සරණ 
III. සඟසරණ 
IV. සද්ධර්මරත්නාවලිය 
V. පූජාවලිය

ඉහත කෘති අතරින් විශිෂ්ටතම බණ කථා ග්රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය ලියැවුණේ දඹදෙණි යුගයේ දී .
බුත්සරණ ලියැවුණු කාලය පිළිබඳ විවිධ මතවාද පවතී. අනුව බුත්සරණ දඹදෙණි යුගයට පෙර යුගයක ලියැවුණු බවට ඇතැමෙක් තර්ක කරති. කෙසේ නමුත් මෙය පොළොන්නරු යුගය හා දඹදෙණිය යුගය යන අන්තර්යුගය තුළ විද්යාචක්රවර්තීන් විසින් රචනා කරන ලද්දක් බවට තවත් අයෙක් තර්ක කරති.
විශිෂ්ට බණ කථා ග්රන්ථයක් වන සද්ධර්මරත්නාවලියේ කතුවරයාණෝ කවරහු ?
මෙම ග්රන්ථ අතරින් සද්ධර්මරත්නාවලිය ඉතා වැදගත් ග්රන්ථයකි. සද්ධර්මය නමැති මැණික් ඇමිණූ මාලයයන අර්ථය සද්ධර්මරත්නාවලිය යන්නෙන් අර්ථ ගැන්වේ. එය ලියන ලද්දේ ධර්මසේන නම් යතිවරයෙකු විසිනි. සද්ධර්මරත්නාවලිය රචකයා ධර්මසේන හිමි බව කෘතියේ මෙසේ සඳහන් වේ.
සද්ධම්මට්ඨිති මිච්ඡන්තෝ
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධම්මරත්නාවලිං

මෙහි ලිහිල් අර්ථය මෙසේ .
සද්ධර්මයෙහි ස්ථිර පැවැත්ම කැමති වන ධර්මසේන නායක ස්වාමීන් වහන්සේ මේ උතුම් සද්ධර්මරත්නාවලිය ලියූහ.
අනුව සද්ධර්මරත්නාවලියේ කතුවරයා ධර්මසේන හිමි බව අවිවාදයෙන් පිළිගත හැකි .
සද්ධර්මරත්නාවලිය රචනා කිරීමට මූලාශ් කරගත්තේ කුමක්ද?
ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කළේ ධම්මපදට්ඨ කථාව ඇසුරෙනි. ධම්මපදට්ඨ කථාව යනු ධම්මපද ගාථාවන්හි අර්ථකථනයන් සඳහා විරචිත පාළි කෘතියකි. ධම්මපදයට සේ ධම්මපදට්ඨ කථාවට මෙරට වියතුන්ගේ සම්භාවනාව, පැසසුම, කීර්තිය නො අඩු ලැබුණි. බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධභාෂිත කෙරී ඇත්තේ පාළි භාෂාවෙනි. බුදුදහම ලියැවී ඇත්තේ පාළි භාෂාවෙනි. එසේ හෙයින් ධම්මපදට්ඨ කථාව ලියැවී ඇත්තේ පාළියෙනි. එසේ වුව එකී ධම්මපදට්ඨ කථාව ඇසුරෙන් සද්ධර්මරත්නාවලිය ධර්මසේන හිමියන් රචනා කළ එහි ඇති ගැඹුරු පාළිය අත්හරිමින් සිංහල ගැමි ජනයාට ස්පර්ශ වන අයුරින් හුදෙක් ධම්මපදට්ඨ කථාවෙ පරිවර්තනයක් ලෙස නො , ස්වතන්ත් කෘතියක් වශයෙන් රචනා කිරීමට උන්වහන්සේ සමත් වී ඇත.
සද්ධර්මරත්නාවලිය සඳහා යොදාගත් භාෂා මාධ්යය කුමක්ද?
සිංහල ගැමියෝ පාළි නො දත්හ. මේ නිසා ධම්මපද ගාථාවල ඇති පාළි අර්ථය ගෙන ප්රබන්ධ කථා රචනා කිරීමට ධර්මසේන හිමියෝ පෙළඹුණහ. එහිදී පාළියෙහි ඇති අර්ථය යොදා ගත්ත පාළි ක්රමවේදය උන්වහන්සේ යොදා ගත්තේ නැත.
පාළි ක්රමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ මේ ප්රබන්ධයෙහියනුවෙන් කෘතියේ ධර්මසේන හිමි දක්වන්නේ සිංහල ගැමියාට වැටහෙන සිංහලයෙන් කෘතිය රචනා කළ බවයි.
සද්ධර්මරත්නාවලිය රචනා වූයේ කවුරුන් සඳහා ?
සද්ධර්මරත්නාවලිය රචකයා කෘතිය සඳහා ඉලක්ක කොටගන්නේ උගත් බුද්ධිමත් පාඨකයාව නො , නූගත් ශ්රාවකයා . බොහෝ සිංහල ගැමියෝ නූගත්තු වූ . ඔවුහු පන්සල් ගියහ. මල් පූජා කළ . බණ ඇසූ . පරිත්රාණ ධර්මයට සවන් දුන් . බෝධිපූජා කළහ. දානමාන පිරිකර පිළිගැන්වූ . තෙරුවන් සරණ ගියහ. පින්කම් කළහ. එහෙත් ධර්මය තේරුම් නො ගත්හ. ඊට හේතුව ධර්මය ලියැවී තිබුණේ ධර්මය කියා දුන්නේ පාළි බසින් වීමයි. පාළිය නො දත් පින්කමෙහි හැසිරෙන නූගත් ගැමියාට ධර්මාවබෝධය සඳහා සද්ධර්මරත්නාවලිය රචනා කෙරිණ.
යම් කෙනෙක් නුවණ මඳවත්, කුසලච්ඡන්දය ඇතිවැ ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් එවන් වූ සත් පුරුෂයින්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලි නම් වූ ප්රබන්ධයක් කරම් .
මේ අනුව මඳ නුවණැති පින්කමෙහි හැසිරෙන ගැමියාගේ නිවන් අවබෝධය සඳහා සද්ධර්මරත්නාවලිය රචනා කළ බව පැහැදිලි .

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය