ටී.බී.ඉලංගරත්න මහතා - අඹ යහළුවෝ

ටී.බී. ඉලංගරත්න
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

ටිකිරි බන්ඩාර ඉලංගරත්න
උපත
1913 පෙබරවාරි 13 වැනිදා, ශ්‍රී ලංකාව
අභාවය
1992 මැයි 21 වැනිදා, ශ්‍රී ලංකාව
Pen name
T.B. ඉලංගරත්න
වෘත්තිය
දේශපාලනඥ, ලේඛක, නාට්‍ය රචක, රංගන ශිලිපී
ජාතිය
ශ්‍රී ලාංකික
තමන් ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව
ගලගෙදර විද්‍යාලය,ගලගෙදර, ශාන්ත අන්තොනි විද්‍යාලය, නුවර
ලිවීමේ කාල පරිච්ඡේදය
1951 – 1990
ප්‍රභේදය
ප්‍රබන්ධ කථා
භාර්යාව
තමරා කුමරී ඉලංගරත්න
දරුවෝ
සන්ධ්‍යා, රෝහිණි,උපේක්ෂා සහ උදය
ටිකිරි බණ්ඩාර ඉලංගරත්න (1913 – 1992) , ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. කතුවරයෙකි. නාට්‍ය රචකයෙකි. වේදිකා නළුවෙකි. ශ්‍රී ලංකාවේ වාණිජ,ආහාර ,කර්මාන්ත සහ නාවික අමාත්‍යවරයා ලෙස ද තවත් රජයේ නිල තල ද දරමින් ද දශක තුනක් සේවය කළේය. ඔහු විසින් ශ්‍රීලංකාවේ සේවක ඉතුරුම් අරමුදල, පෙට්‍රෝලියම් සහ රක්ෂණ සංස්ථා සහ ජාතික බැංකුව ඇති කිරීමට සිය සහාය ලබා දෙන ලදි. T.B. ඉලංගරත්නයන් ජනප්‍රියම ළමා නව කතාවක් වන අඹ යාළුවෝරචනා කරන ලද්දේ 1957 වර්ෂයේදීය.
ඔහුගේ තිලක සහ තිලකාසහ නෑදෑයෝයන නව කතා චිත්‍රපටවලට නගා ඇත. අඹ යහළුවෝකොටස් වශයෙන් විකාශය වන රූපවාහිණී ටෙලි නාට්‍යයකට නැගුණි.
පටුන
ජීවිතය හා වෘත්තීය ජීවිතය[සංස්කරණය කරන්න]
මුල්කාලීන ජීවිතය[සංස්කරණය කරන්න]
ඉලංගරත්න ශ්‍රී ලංකාවේ ගල ගෙදර , හතර ලියද්ද , තුන්පනේදී 1913 පෙබරවාරී 27 වන දින උපත ලබන ලදී‍. 1917 දී ඔහු ගල ගෙදර විද්‍යාලයේදී පාසල් යාම ආරම්භ කළ අතර ඔහු‍ගේ ද්වීතීක අධ්‍යාපනය සෙන්ට් ඇන්තනී විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. ඉලංගරත්න තම පාසල් කාලය තුළදී නාට්‍යය 3 ක් ලියන ලදී. ( අකීකරු පුතා , හෙමින් හෙමින් හා අන්ධ නැන්දා)
පාසලෙන් නික්ම යාමෙන් පසු ඉලංගරත්න ලන්ඩන් විභාගය සමත් වූ අතර රජය සඳහා ලිපිකරුවෙකු ලෙස සේවය කිරීම ආරම්භ කරන ලදී. 1941 දී ගුණසීල විතානංෂගේ නමින්ම හෝ ධාතුසේන රජතුමා රඟපෑමට පටන් ගන්නා ලදී. 1944 සැප්තැම්බර් 04 වන දින ඉලංගරත්න ගම්පොළ තමරා කුමාරි අළුදෙණිය විවාහ කර ගන්නා ලදී.
රාජ්‍ය සේවය[සංස්කරණය කරන්න]
1947 දී ඉලංගරත්න ලිපි කරුවෙකු ලෙස හෝ ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස් වූ අතර ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවර පාර්ලිමේන්තුව සඳහා සාර්ථකව පිය මනින ලදී. ඔහු 1948 මැයි 18 වන දින දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා රජයේ දශක 3 ක් දිගු වෘත්තීය ජීවිතයක් ආරම්භ කරමිනි. කාර්යාලයේ සිටින අතරතුරදී ඉගංගරත්න සේවක අර්ථ සාධක අරමුදල, ජාතික බැංකුව හා ශ්‍රී ලංකාවේ කම්කරු දිනය ආරම්භ කිරීමට සහාය දෙන ලදී. 1974 දී ඔහු අගමැතිවරයා ලෙස ද තම සේවය පිරිනමන ලදී . ඉලංගරත්න 1986 අප්‍රේල් 12 වන දා දේශපාලනයෙන් සමුගන්නා ලදී.
ප්‍රකාශණ[සංස්කරණය කරන්න]
·         විලම්බීත
·         තිලක
·         තිලක හා තිලකා
·         අඹ යහළුවෝ
·         හපනා
·         නෑදෑයෝ
·         නයනා
·         මංගලා
·         පෙරලිය
·         මල්සරාව
·         සැඩපහර
·         ළසඳා

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

. POSTED IN ලේඛකයන්
ජීවන තොරතුරු

ටී.බී.ඉලංගරත්න මහතා 1913 පෙබරවාරි මස 27 වනදින තුම්පනේ හතරලියද්ද ගමිමානයේ උපත ලැබීය. ර‍‍ටට වැඩදායි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු වු ඵතුමා අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු මෙන්ම කීර්තිධර දේශපාලයෙකු ලෙසත් අමරණීය සේවාවක් ඉටු කර ඇත. 
1971 දී හතරලියද්ද රජයේ පාසැලට ඇතුළු වු මෙතුමා පසුව ගලගෙදර විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි යන විද්‍යාල වලින් ද අධ්‍යාපනය හදාරා ඇත. ‍මේ කාලයේදී අකීකරු පුත්‍රයාහෙමින් සහ අන්ධ නන්දයන නාට්‍ය ත්‍රිත්වය ඔහු විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනි. පසුව ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන්ද ගෞරව සහිතව සමත් වු මෙතුමා තුන්වන ශ්‍රේණි‍යේ ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනේය. මේ අතර කලා කටයුතු ද අත් නොහල හෙතම 1941 දී ගුණසීල විතානගේ මහතාගේ සීගිරි කාශ්‍යපනාට්‍යයේ ධාතුසේන රජුගේ චරිතය රඟපෑවේය.

1944 සැප්තැමිබර් 04 වන දින ටී.බී ඉලංගරත්න මහතා කුමාරි අළුදෙනිය මෙනවිය සමඟ ගමිපල උනමිබුවේදී විවාහ විය. 1947 දී රජයේ සේවයෙන් ඉවත්වන්නට ටී.බී.ට සිදුවිය. ඉන් පසුව ඔහු කළේ එම වසරේම පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට ස්වාධීන සමාජවාදී අපේක‍්ෂකයකු ලෙස මහනුවර ආසනය වෙනුවෙන් නාම යෝජනා භාර දීමයි. නමුත් එම මැතිවරණයෙන් පරාජයවන්නට ඔහුට සිදුවිය. නමුත් 1948 මැයි මස 18 වන දින මහනුවර ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා තේරී පත්විය.   ඉන් පසු එතුමාගේ වසර ගණනාවක දේශපාලන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ 1986 අප්‍රේල් 12 වන දින කම්කරු, නිවාස හා සමාජ සේවා අමාත්‍යවරයා වශයෙන් පත් වීමයි. ජාත්‍යන්තර දිනය සමරන මැයි පළමුවනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමටද ඉලංගරත්න මැතිතුමා මුල්විය. පසු කලෙක, එනම් 1974 දී වැඩ බලන රාජ්‍ය නායක ලෙසද පත් විය. එසේම 1983 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති පදවියට පත් වීමටද එතුමාට හැකි විය. විශිෂ්ඨ දේශපාලඥයකු ලෙස දේශපාලන කරලියේ බැබලෙන අතරම සාහිත්‍යකරණයේ නියැලීමටද ඉලංගරත්න මහතා අමතක නොකළේය. මේ කාලය අතරතුර ඔහු අතින් පොත් ගණනාවක් රචනා විනි.
ඉලංගරත්න මහතා 1986 වර්ෂයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉල්ලා අස් වී දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගත්තේය. 1992 මැයි 21 වන දින මේ උදාර යුග පුරුෂයාණෝ අභාවප්‍රාප්ත වූහ.


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය