ආනන්ද රාජකරුණා

කොළඹ යුගයේ කවිය                                                   ලියන ලද්දේ Administrator 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30 කොළඹ යුගයේ කවිය මේ ලිපියෙන් කොළඹ යුගයේ වැඩිහිටි කවීන් අතර වැජඹුණු තවත් කවියෙක් වන ආනන්ද රාජකරුණා මහතාගේ කවි පිළිබඳව අවධානය යොමු කරමු. ආනන්ද රාජකරුණා මහතා උපන්නේ 19 වන සියවසේ අගභාගයේ දී ය. එනම් 1885 පෙබරවාරි මස 7 වැනිදා ය. ඔහු කාව්‍යකරණයට පිවිසියේ සොළොස් හැවිරිදි වියේදී පමණය. එතැන් සිට ඔහු ලියූ කවි විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරයි.ආනන්ද රාජකරුණා කාව්‍ය ක්ෂේත‍්‍රයට පිවිසි අවධියේ ඉංග‍්‍රීසි යටත් විජිත මානසිකත්වය තුළ රට ගිලී පැවතිණි. පියදාස සිරිසේන, එස්.මහින්ද හිමියන් ඇතුළු සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් නිදහස් අරගලයට පණදුන් විරුවන් අතර ආනන්ද රාජකරුණා මහතා ද විය. එතුමන්ගේ කවි ශක්තිය හා කවියෙන් රටට කළ මෙහෙය අගයනු වස් තරුණ අවධියෙදී ම ශ‍්‍රී රූපදේව කවීන්ද්‍ර නම් සම්මානයෙන් ද පුදනු ලැබීය.ආනන්ද රාජකරුණා මහතාගේ කවි අතර බෞද්ධාගමික හැඟීම් දනවන කවිය, ජාතිකාභිමානය වර්ධනය කරවන කවිද සමාජ විවරණ ද, ළමා කවිද සොබාදම් වැනුම් ද ආදී වශයෙන් විවිධ කවි වෙයි. විශේෂයෙන් ම වැඩිපුර ජනප‍්‍රිය වූයේ ළමා කවිය. රෝස මලේ නටුවෙ කටූවන බමරෝ ඔහොම හිටූනටුව නොවේ මල සිඹිමීමම ළමයෝ පැණි උරමී ඉහත කවිය ශ‍්‍රී රූපදේව ආනන්ද රාජකරුණා කිවියාගේය. කතුවරයා නොදනිතත් කවිය නොදන්නා කෙනෙක් නැති තරම්ය. එතරම්ම සිත්ගත් කවකි ඒ. බෞද්ධාගමික හැගීම් දනවන කවි නිර්මාණයේ දී පැරැණි කවියේ සහ මාතර අවධියේ කවිය තුළතිබූ සාධනීය අංග ඔහු ප‍්‍රතික්ෂේප නොකළේය. පහත සඳහන් කවි දෙක ’ඒ සිරිබර උදෑසන’ නම් කවි පන්තියෙන් උපුටා ගත්තකි. දෙව් සිරි සැප හඳුන්වන සැම සතට රිසිදෙව්ලො දෙකක විසිතුරු දෙරණය පිවිසිදෙව්දන කපිලවත් දෙනුවර අතර දිසිදෙව්රද උයන හළ ලුම්බිණි නම සැලසි ලියගී නගන මත් මොනරඟන කොකවැලිඋලැඟී සියොත් රැඳි ගල් තුළ ද දිය ගැලිවිහැඟීී ලපලු තුරුලිය වැලඳි සෙවණැලිසිතැඟී කුසුම් රොණ ගැන බමන බිඟුදැලි මේ කවිවලින් පෙනෙන්නේ ආනන්ද රාජකරුණා මහතා පැරැණි කවියෙන් ලත් ආභාසය යි. වචන භාවිතයේ පමණක් නොව මුල අග එළිසමය තැබීම ද එකී ආභාසය ප‍්‍රකට කරවයි.එතුමෝ සිව්පද විරිතෙන් පමණක් නොව වෙනත් විරිත්වලින් ද කවි තැනූහ. පහත සඳහන් කව බලන්න. මිහිකත අනුරාගී පත් වසක් රාජයා හාකෙළිත මලය පව්වේගී සඳුන් මල් නදී රොන්ගෙන දකුණු පවන් නම් දූතයෝ ලුම්බිණියේහැසිරෙමි දරත් සේසත් දිමුත් පුල් කුසුම් සල් එවනෙහි තුරු සාකාවක් අතින් ගත් ගැබින්නක්සැදි කඩ තුරු මැද්දේ දෙව්දුවක් මෙන් සිටින්නීබඹ සුර අසුරන්ගේ සාදු නාදෙන් පිරෙත් දිග්සකකුල කුමරෙක් ලෙව් හී පහල් වූ මඟුල් මේතිලොව සත මුදාලූ ඒ තුමාණන්ට ලේ නෑකුමරිය කසයින් නම් ලත් රදෙක් ගේ පුරාණේමෙහෙසි බවට පත්වූවා එයින් උන්වහන්සේසිහල අපට නෑසේ කී අහෝ! සාදු! සාදු! මෙය අපේ ඥාතිවරයාණෝ නම් පද්‍ය පන්තියෙන් උපුටා ගන්නා ලද්දකි. "පොසොන් සුවඳ" නම් වූ පහත සඳහන් කවි දෙක ද ආගමික භක්තිය මෙන්ම ජාතිකාභිමානය පිළිබඳ හැඟීම් ජනිත කරවයි. ගුවන් ගැබෙහි විසිරී සිරි පොකුරු තැනීවසින් වස නැගෙන නිදහස තෝර මිනීපොසොන් සඳ නිසා ලකඹර කැලුම් ඉනීපොසොන් සුවඳ වැම්මේ රස සමඟ හැනී සිහලුනි මිහිඳු හිමි ගුණ සමරවු පවසාසසුනිතිහසින් ජාතික සවියෙන් සරසාදිමුතුව ඔබ අතට දෙන මෙ සඟර සකසාමඟුලෙකි අමාවෙකි එය සලකව ඉවසා ආනන්ද රාජකරුණා ජාතික නිදහස උදෙසා සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළින් උදාර මෙහෙවරක් කළ කවියෙකි. සිංහල ජාතිය වෙත ජාතික නිදහසේ පණිවිඩය ගෙනයන්නට ඔහු කවිය භාවිත කළේය. නිදහස, නිදහසේ අගය පිළිබඳ ඔහු ලියූ කවි විවිධ කවි සඟරාවල පළවිය.1921 දී පළවූ ’පියබස’ නම් සඟරාවේ ’සිංහල ජාතිය’ නමින් පළවූ කවි පන්තියෙන් උපුටාගත් පහත පද්‍ය ජාතික නිදහස වෙනුවෙන් මිනිසුන් පෙළඹ වූ ආකාරය මැනැවින් ප‍්‍රකට කරවයි. රුක් රජ සිංහල ජාතිය දෙදහස් වසරක් ආසිරි ලද සොඳ සේලක්බිම නිදහස නැමැති වතුර නැති බැවින් නැසී යන බව දුක සේදැක්මෙන ඉන් සැදි වහල් ගතිය මග බිල තුළ වැද හැසිරී වැද සේඉක්මනටම එය සාරති පිටරට දනා නපුරු පිළිහුඩු පිරි සේ මුල මැද අග යන තුන් තැන සංකර සිරිත් විරිත් ගුල්ලන් විදි නාසැලකිය යුතු මෙම රුක් රද දැකැ මවු බිමට සැබෑ ආලය දර නා ල මද කිවි කොවුලන් සඟරා පත් කතුවර කිර සැළලිහිණි ම නාකොලහල නද දෙන වියලුන අතු අග බලව් කපටි බකමුහු ණා මෙලක මව හට කළ යුතු සේවය උතුම් එරුක් රද රැක ගැනුම යිජාතික බැතිනම් කිරි පැන් ඉස සොඳ ඔස සලසා පිළියම් කෙරුම යිදායක වතහොත් සැබෑ සිතින් එම මෙහෙයට සිංහල නම උරුම යිමාරක නින්දෙන් අවදිවෙයන් සකි නුඹටත් කොටසක් නියම තම යි ශ‍්‍රී රූපදේව ආනන්ද රාජකරුණා මහතාගේ කවි අතරින් වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුණේ ඔහු අතින් ලියැවුණු ළමා කාව්‍ය නිර්මාණ වේ. ළමයින් අරභයා ඔවුන්ට උචිත බසකින් උචිත වස්තු විෂයන් තෝරාගෙන කළ නිර්මාණ සැබැවින්ම රසවත්ය. ඇතැම් ළමා නිර්මාණවලින් ජාතිකාභිමානී හැඟීම් ජනිත නොවන්නේ ද නොවේ. කෙටි විරිත් හා සරල බසක් උපයෝගී කරගෙන කරන ඔහුගේ නිර්මාණ ළමා සිත් අවදි කරන්නට සමත්වෙයි.පහත දැක්වෙන්නේ ඔහු ’මල්’ නමින් ලියා ඇති කවි පෙළකි.විලෙන් ගෙනා මල්මේ මහනිල් මල්පොකුණෙන් නෙළු මල්කදිම නෙළුම් මල් වැලකින් ගත් මල්සුවඳ සමන් මල්මෙන්න කෙහෙම් මල්කියන කෙහෙල් මල් පහළ බාලාංශය සඳහා ලියා ඇති ළදරු කව් මී කෘතියෙහි මල නමින් ඇති කවි පෙළ ද අපූර්වත්වයකින් යුතු කවි පෙළකි.මලගසක වැලකහැටියටමයමලක නටුව අපූරුවක්නටු අග දිගඇදී තිබෙනපෙතිවටය ද අපූරුවක්මැද කෙමියයිරේණු ගොඩයිසිනිඳු ගතිය අපූරුවක්මීමැස්සකුමල නොතලාරොන් ගෙන යනඅපූරුවක් තාරකා නමින් ඇති කවි පෙළද ළමා පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය නිර්මාණයකි. සරල බස හා ගම්බද විෂය ළමා සිත් ඇද බැඳ ගැනීමේ සමත් වෙයි.දිලිහි දිලිහි ආකාසේබබළන මල් තාරකාබැබලි බැබලි ආකාසේදිලිහෙන මල් තාරකාකළුවර රෑ ආකාසේ හිනහ වෙවී තාරකාගන්ටත් බෑ දෙන්ටත් බෑපුංචි රුවන් තාරකාමේ ආකාරයෙන් ශ‍්‍රී රූපදේව ආනන්ද රාජකරුණා කිවිසුරාණන් අතින් නිර්මාණය වුණු කාව්‍ය නිර්මාණ සිය ගණනකි. ඔහු අතින් කාව්‍ය ක්ෂේත‍්‍රයට සිදුවුණු මෙහෙය අත්‍යුදාරය දෙස බස රැස පිරිහෙමින් තිබුණු යුගයක එය රැකගනුවස් ඔහු කළ මෙහෙය උතුම්ය. අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 13 වෙනි ඉරිදා, 13:01

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය