Posts

Showing posts from 2015

අව්‍ය පද අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි අව්‍ය පද අව්‍යය පද ‘ව්‍යය’ යන්නෙන් වෙනස් නොවන, වැය නොවන යන අර්ථය ලැබේ. ව්‍යය නොවන්නේ අව්‍යයි. එනිසා භාෂාවේ වැය නොවන පද ‘අව්‍යය පද’ ලෙස හඳුනා ගත හැකිය. අව්‍යය පද කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. නිපාත උපසර්ග අව්‍යය පද පද ලෙසවත්, නාම හා ක්‍රියා විභක්ති ලෙසවත්, ලිංග භේදය ලෙසවත්, වචන ලෙසවත් බෙදිය නොහැකිය‍. එනම් වර නැගෙන්නේ නැත. එබැවින්, අව්‍යය පදවලට වචන භේදයක් නැත අව්‍යය පදවලට ලිංග භේදයක් නැත. අව්‍යය පදවලට විභක්ති භේදයක් නැත. ‘මිනිස්’ යන නාම ප්‍රකෘතිය මිනිසා, මිනිසුන්, මිනිසාට, මිනිසුන්ට ආදි වශයෙන් නාම විභක්ති අනුව වර නැඟිය හැකිය. ‘ගය’ යන ධාතු ප්‍රකෘතිය ගයයි, ගයති, ගයහි, ගයහු, ගයමි, ගයමු ලෙස ආඛ්‍යාත විභක්ති අනුව වර නැඟේ. ඒ අනුව සලකන විට නාම සහ ධාතු යන ප්‍රකෘති දෙවර්ගයම වර නැඟිය හැකි බව පෙන්වා දිය හැකිය. ප, පර, අව, සු යනාදි උපසර්ගවත්, අද, පිණිස, ද, ත් යන නිපාතවත් කිසිවිට ලිංග භේදය, වචන භේදය, විභක්ති භේදය යනාදී කරැණු හේතු කොටගෙන කිසි විටකත් වෙනස් නොවන හෙයින් මෙකී පදවලට ව්‍යය නොවන හෙවත් අව්‍යය පද යන නමින් හැඳින්වීම වටිනේය. උපසර්ග       

විචාර ලිවීමේදී උපදෙස් අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි විචාර ලිවීමේදී උපදෙස් අ.පො. ස (සා. පෙළ) විචාර ලිවීමේදී සිහි ගබා ගත යුතු වැදගත් කරුණු සාහිත්‍ය රසාස්වාදයේ විශේෂා අංගයක් වන්නේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාරය කිරිමයි. යම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විධිමත් හා බුද්ධිගෝචර විග්‍රහ කිරීමක් විචාරය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකි ය. හොඳ විචාරයකින් එම සාහිත්‍ය කෘතිය  පිළිබඳ ව මනා අවබෝධයක් ලැබිය හැකි වනු මෙන් ම, එම සාහිතය කෘතියේ රසය විඳ ගැනීමට පහසුවක් ද එමගින් ඇති කරවයි. විචාරයක් සිදු කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව පොදුවේ සලකා බැලේ. කතෘගේ ආකල්පය හා හැඟීම් පැහැදිලි කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? ඒවා සාර්ථක වි ඇත් ද? අසාර්ථ වී ඇත්නම් ඒ මොනවාද? ඊට හේතු මොනවාද? යොදා ගත් භාෂාවේ ප්‍රබලතා සහ දුබලතා මොනවාද?    මේ ආදී ලෙස සාහිත්‍ය කෘතිය පිළිබඳ ව විවරණය කිරීමේදී එම කරුණු හේතු සාධක සහිතව සද් භාවයෙන් පෙන්වා දිය යුතු ය. එනම් උදාහරණ ආදිය උපුටා දක්වමින් පැහැදිලි කිරීම් කළ යුතු වේ. සාමාන්‍ය පෙළ විචාර ලිවීම සාමාන්‍ය පෙළ විචාර ලිවීමේදී ඔබගෙන් ඉහත පරිදි පෘථුල විචාරයක් ලිවීම අපේක්ෂා නොකරනු ලැබේ. තව ද, සෑම

ප්‍රස්තාව-පිරුළු අන්තර්ජාල උපුටා ගැනීම්

Image
http://www.myschool.lk/ලිපි ප්‍රස්තාව පිරුළු 01 ප්‍රස්තාව පිරුළු අඩන්න එපායැ කිරි එරෙන්න - ඉම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම     අගේ ඉ‍‍දන් කන කනවා වාගේ  - කෙනෙකු සමීපව ඇසුරු කරමින්, ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් ඔහුටම විපත් සිදු කිරීම අටුව කඩා පුටුව හැදුවා වාගේ  - අඩු වටිනාකමකින් යුත් දෙයක් ලබා ගැනීම සදහා වැඩි වටිනාකමකින් යුත් දෙයක් විනාශ කිරීම බොහෝ පැරණි ගෙවල් වල අටුවක් දක්නට ලැබුණි. බොහෝවිට ධාන්‍ය ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කරන ලදී. බිත්ති අතර බාල්ක යොදා ඒ මතට ශක්තිමත් ලෑලි දමා අටුවක් නිර්මාණය කරගනු ලබයි.  පුටුවක් යනු ඉතා කුඩා උපකරණයකි. පුටුවක් සෑදීමට අටුවක තිබෙන තරම් ලෑලි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා අටුවක් කඩා පුටුවක් සාදනවා යනු මොඩ ක්‍රියාවකි.    අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වාගේ  - යම් කාර්‍යයක් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට ඒ සදහා උදව් ලැබීම අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී  - කිසියම් කාර්යක් එක් තැනක දීර්ඝ කාලයක් නොකර තැනින් තැනට මාරු වෙමින් ගොස් තමාගේ කටයුතු අසාර්ථක කර ගැනීම අඩුව තිබියදී