සුභාෂිතය 2 වසර

සුභාෂිතය

01.සත වෙ පත මෙ සඟ හෙස සෙවි  පසිදු

  අවනත පුර මත මිණිතර සර                 පුබුදු

  දිගුරතඟිලි දල පෙ මොක්සුවඳ          රැදු

  සිය පත් සිය සියපත සියපත                       නමුදු

 

සත්ත්වයන් කෙරෙහි පැතිරුණු  මෛත්රිය ඇති ප්රසිද්ධ සංඝයා නැමැති හංසයන් විසින් ඇසුරු කළ වැඳීම පිණිස නැමුණු දෙවියන්ගේ,හිස මුදුනහි ඇති මැණික්වල රශ්මිය නැමැති විලේ පිපිණු දික් රතු ඇඟිලි නැමැති පෙති පෙළින් යුතු , නිවන් නැමැති සුවඳින් රැඳණු බුදරදුන්ගේ සිරිපා නැමැති පියුම වඳින්න.

1.     මින් කවරකුගේ ගුණ කියවේද?.............................................................

2.     සත්ත්වයන් කෙරෙහි දැක්වූයේ කුමක්ද?...................................................

3.     වන්දනයට පාත්ර වූයේ කාගෙන්ද? ………………………………….

4.     උපමා සම්පූර්ණ කරන්න.

                        I.   සංඝයා නැමැති …………………….

                      II.   මැණික්වල රශ්මිය නැමැති…………………………………

                    III.   දික් රතු ඇඟිලි නැමැති…………………….

                   IV.   නිවන් නැමැති………………….

                     V.   බුදරදුන්ගේ සිරිපා නැමැති……………………

5.     සමාන පද සොයන්න.

සත්ත්වයන්…………………          මෛත්රිය ……………………

ප්රසිද්ධ …………………… මැණික්……………………….

පියුම ………………………                               

6.     දිගුරතඟිලි යන පදයේ වචන වෙන් කරන්න. ……………………………………..

7.     නිවරැදි වචනය ලියන්න.

මෛත්රිය ……………………… ප්රසිද්ධ……………………………

 

     02. උතුම් දහම් රජ මුව ගිරඟින්         පහළ

අදම් මගින්හළ වෙරළතිනු             දු

නොහිම් පියුම් නය මිණ පද අරුත්  රළ     

සදමි සදමි ගඟ මම මුඳන බැතිනි     දළ

                                                                                                                                                                                           උත්තම බුදුරජාණන් වහන්සේගේ මුඛය නැමැති පර්වතය මුදනින් පහළවූ අධර්මය නමැති මහා  ග්රීෂ්මය දුරු කළ නිවන් නැමැති වෙරළින් බබලන  සීමාවක් නැති සූක්ෂ්ම ක්රම නැමැති මැණික් ඇති පදවල අර්ථ නැමැති රළ සහිත සද්ධර්මය නැමැති ගංඟාව මහත් භක්තියෙන් මාගේ හිස මුදෙනහි පිහිටුවා ගනිමි.

1.     මින් කියවෙන්නේ කුමක්  ගැනද?....................................................

2.     බුදුරජාණන් වහන්සේ දුරු කළේ කුමක්ද? ………………………………………..

3.     සඳහා උන්වහන්සේ භාවිත ක්රමය කුමක්ද? ……………………………………..

4.     උපමා සම්පූර්ණ කරන්න.

                                 i.          මුඛය නැමැති …………………….

                               ii.          අධර්මය නමැති …………………………………

                             iii.          නිවන් නැමැති …………………….

                              iv.          සූක්ෂ්ම ක්රම නැමැති …………………………….

                               v.          අර්ථ නැමැති ………………….

                              vi.          සද්ධර්මය නැමැති ……………………

5.සමාන පද සොයන්න.

බුදුන් වහන්සේ ……………………………මුඛය ………………………………………

අධර්මය ………………………………        අර්ථ …………………………………….

සද්ධර්මය …………………………….

6.බැඳී අකුරින් ලියන්න.

පර්වතය……………………………    අධර්මය……………………………

ග්රීෂ්මය……………………………….          සූක්ෂ්ම ……………………………

          ක්රම ………………………………….          අර්ථ ………………………………

          සද්ධර්මය ……………………………..

   03.     සියපත් සැද බඹ සුර නර උරඟ මත

සැරියුත් මහ මුගලන් පිළිවෙලිනි          පත

පිළිවෙත් සරු මහ  සඟනට මුනිදු සුත

මුඳනත් දී බැතියෙන් නමදිමි                      සතත

බ්රහ්ම,දිව්‍ය, මනුෂ්‍ය , නාග ආදීන්ගේ හිස මුදෙනහි තම පාදයන් පිහිට වූ සැරියුත්, මහ මුගලන් පරපුරෙන් පැවත එන, ප්රත්පත්තීන්ගෙන් සාරවූ, බුද්ධ පුත්රවූ මහා සංඝයාහට අත් හිස මත්තෙහි තබා භක්තියෙන් යුතුව හැම විටම නමස්කාර කරමි.

1.මින් කියවෙන්නේ කවරෙක් ගැනද?............................................................................

2 සංඝයා වහන්සේලා තුළ පවතින ගුණය කුමක්ද '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

3 සැරියුත් මහ මුගලන් යනු කවුද  ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

4 සමාන පද සොයන්න

බ්රහ්මයා ''''''''''''''''''''''''''''''''''                     මනුෂH ''''''''''''''''''''''''''''''''''

තම කකුල/ පාදයන් ''''''''''''''''''''''''''''''''' භක්තියෙන් ''''''''''''''''''''''''''''''''''

නමස්කාර කරමි   ''''''''''''''''''''''''''''''''''

5 වර්තමාන කාල උත්තම  පුරුෂ ක්රියාපදය සොයන්න………………………………………….

6 . බැඳී අකුරින් ලියන්න.

          බ්රහ්ම ……………………………….ප්රත්පත්තීන්ගෙන් ……………………………

          පුත් ……………………………….          බුද්ධ ……………………………

         

   04. සත් අත් තිනෙත් සතරත් නත්               සිසිරකර

පත්මත් සවන් විදුත්  පුත්                      තුසරකර

වත් අත් තලත් කිවි රත් ගත්              ගුරු අමර

සෙත් දෙත් මෙසත් සුර සත් සිත් ලෙ     නිතර

හා  බ්රහ්මයා, ඊශ්වරයා, විෂ්ණු, අනන්ත නම් නාග රාජයා , චන්ද්රයා, සූර්යයා, ස්කන්ධ දෙවි , ශක්රයා, බුධ, ගණදෙවි, බල භද්රයා,සිකුරු,අඟහරු ,බ්රහස්පති යන දෙවිවරු සත්ත්වයන්ගේ සිත්වූ පරිද්දෙන් හැමවිට ශාන්ති දෙත්වා!

1.මින් කියවෙන්නේ කවරුන්  ගැනද?............................................................................

2. ඔවුන්ගෙන් සත්ත්වයින්ට ලැබෙන්නේ කුමක්ද? ………………………………………

3. සමාන පද සොයන්න.

තිනෙත්  …………………………….          සිසිරකර ………………………………………

පත්මත්  ………………………………          ගුරු අමර…………………………………….

සුර …………………………….

4.බැඳී අකුරින් ලියන්න.

          චන්ද්රයා  ……………………………          සූර්යයා ……………………………

          ශක්රයා ……………………………….          බල භද්රයා…………………………

          බ්රහස්පති …………………………….

            05.පහළ පොරණ ඉසිවර මුවෙනි       මන නද

      දෙමළ කු මගද නොහස සතට          දද

      පුවළ නිති සත ගත පද අරුත්            ලෙ 

      සිහළ බසින් සැකවින් කියමි පද          බැඳ

දෙමළ, සංස්කෘ,මාගධ, (පාලි ) භාෂාවන් නූගත් මෝ ජනයා සඳහා පුරායේ (වූසූ) සෘෂිවරයන්ගේ මුඛයෙන් ප්කාශය වූ සිත් තුටු කරවන නීති ශාස්ත් පොත්හි දැක්වෙ කරුණු අර්ථවත්ව සිං භාෂාවෙන් කෙටියෙන්  කවියට නඟා කියමි.

1.      නීති පොත්හි දැක්වෙ කරුණු කවරකු විසින් ප්රකාශ කළේද? …………………………

2.     සුභාෂිතය රචනා කිරීමේ අරමුණ කුමක්ද? …………………………………………………………………..

3.     නිවැරදි වචනය යා කරන්න                                    

                                     I.          පොරණ            සිත් තුටු කරවන

                                  II.          මුවෙනි            මෝ

                                III.          මන නද              ශාස්ත්

                                IV.          දද          පුරායේ

                                  V.          සත               පොත්

                                VI.          ගත          මුඛයෙන්

 

06. එබැවින් සෙබහි වියතුනි ගුණ යුත්        පවර

              කිරියෙන් දියර වෙන්  කළ හස මෙන්  පතර

              මවිසන් කියන මෙහි වරදක් දටත්          හැර

              සතොසින්  අසවු පදරුත් විමසා          ගැඹර

 

එහෙයින් සභාවෙහි සිටින උතුම් ගුණයෙන් යුත් පඩිවරුනි, කිරෙන් (එහි) පැතිර ඇති ජලය වෙන්  කළ හංසයා මෙන් මවිසින් කියනු ලබන මෙම කාවHයන්හි වරදක් දුටුවත් එය අත්හැර ගැඹුරු  පදාර්ථ විමසා සතුටින් අසවි.

1.      කවියා අසන්න කියන්නේ කුමක්ද ……………………………….

2.      කවියාගේ නිහතමානි බව ප්‍රකාශ කරන වචන කුමක්ද……………………………….

3.       උපමාව නම් කරන්න ……………………………….……………………………….

4.      සමාන පද ලියන්න

Ø  සෙබෙහි ………………………………. හස ……………………………….

Ø  වියතුනි ………………………………. සතොසින්……………………………….

07. පබඳ කියවින් බැඳි කවි රසෙහි   විසිතුරු

              සබඳ විදුදනෝ  පළ කෙරෙති     දියතුරු

             නොමඳ රසින් දිවයුරු පොබයයි   තඹුරු

             සුවඳ දිගත විහිදයි හමන මඳ            මරු

ප්රසිද්ධ කවියන් විසින් බදින ලද කවිවල රසෙහි විසිතුරු බව හිතවත් පණ්ඩිත ජනයා ලෝකය පුරා පතළ කරවති. සූර්යයා  බොහෝ වූ රශ්මියෙන් නෙලුම් මල්  පුබුදවයි. හමන මඳසුළඟ මල්වල සුවඳ දිශාවන්හි පතුරවයි.

1.      කවිවල රසෙහි විසිතුරු බව මේ ලෝකය පුරා පතළ කරන්නේ කවුරුන්ද ……………………………….

2.      නොමඳ රසින් දිවයුරු පොබයයි   තඹුරු  පද ගළපා වාක්‍ය ලියන්න ……………………………….……………………………….……………………………….

3.      එහි තේරුම කුමක්ද ……………………………….…………………………… ….………… …………………….……………………………….

4.      නොමඳ රසින් දිවයුරු පොබයයි   තඹුරු සිතුවමක් අදින්න

 

5.     බහු වචන වාක්‍ය කවියෙන් තෝරා ලියන්න ……………………………….……………………………….……………………………….

08. කිවිපද බැදුමි ගුණ දොස්  කිවිදුන්ම     මිස

               නැණ මද කුකවි දැන ගත්හොත් කවර    ලෙස

               දරු ලද අඟනන් මිස පසවෙහි        වෙහෙස

               වඳළඳගනෝ   දැන ගතහෙති කවර     ලෙස

කවීන්ගේ කවි බැඳම්හි හොඳ නරක උසස්  කවීන්ම විනා නුවණ මඳ ව්යාජ කවියෝ කවර අයුරකියන් දැන ගැනීමට සමත් වෙත් ?  දරුවන් ලැබූ සත්රීන් විනා , දරුවන් වැදීමේ  අමාරුව දරුවන් නොලබන තරුණ ගැහැණු කවර ආකරයකියන් දැන ගැනීමට  සමත් වෙත් ?  

1.      කවි බැඳීම් වල හොද නරක දන්නේ කවුද? ……………………………….

2.      කවි බැඳීම් ගී හොඳ නරක නොදන්නේ කවුද ? ……………………………….

3.      දරුවන් ලැබූ ස්ත්‍රීන්  දන්නේ කුමක්ද ? ……………………………….

4.      දරුවන් නොලැබූ ස්ත්‍රීන් විසින් නො දන්නේ කුමක්ද ? ……………………………….

5.      සමාන පද ලියන්න

Ø  නැණ

Ø  කුකවි

Ø  වෙහෙස

9. උතුම් නිවන් සැප සපයා දෙන        මහත

      දහම් රජ සමය නොගනිති කුදිටු                  සත

      නොහිමි සුවඳ විහිදෙන සිරි රැඳි                 දිමුත

      පියුමි වෙනහි නිල මැසි කැල    නොහැසිරෙත

 

උතුමි නිවන් සැප ලබාෙදන , මහත් වූ බුදරජාණන් වහන්සේගේ දහම මිත්‍යාදෘෂ්ටික  සත්ත්වයෝ නොපිළිගනිති. සීමාවක් නොමැතිව සුවඳ විහිදෙ න සිරිය රැඳණු (ශ්රී කාන්තාව වාසය කරන) බබළන නෙලුම් වනයෙහි නිල මැසි සමූහයා නොහැසිරෙති.

1.      බුදුන් වහන්සේගේ දහම නොපිළි ගන්නේ කවුද?……………………………….

2.      පියුම් වනේ පියුම් වනයෙහි මේ කවුද නොහැසිරෙන්නේ කවුද? ……………………………….

3.      නෙළුම් වනයේ විශේෂත්වය කුමක්ද? ……………………………….……………………………….

4.      මිත්‍යාදෘෂ්ටික සත්ත්වයෝ නො පිළිගනිති යන වැකිය ඒක වචනයෙන් ලියන්න ……………………………….……………………………….……………………………….

5.     නිපාත පද සොයන්න ……………………………….

 

10. රුවන් මිල නොදත් අනුවණ දන   වෙළඳ

      ලොබින් කඳා මිණි මිණියයි රැගත්   ලෙද

      පසන් මුනිවරුන් හැර අන් සුරන්       වැඳ

     නිවන් පතා අනුවණ සත කරති                     පුද

මැණීක් වල වටිනාකම නාදුනන මෝඩ වෙළඳ ජනයා ලෝබ කමින් විදුරු  මැණික් යැයි (සිතා) හැර ගත් ලෙසින්  නුවණ නැති  සත්ත්වයෝ ප්රසන්න බුදවරයන් අත්හැර දමා අන් දෙවිවරුන් හට  වැඳ නිවන පතා පූජා කරති.

1.      මැණික් වල වටිනා කම නොදන්නේ කවුද ? ……………………………….

2.      ඔවුන් හැර ගන්නේ කුමක්ද? ……………………………….

3.      නුවණ නැති සත්වයෝ කවුරුන් අතහැර දමා වන්දනාමාන කරන්නේ කාටද? ……………………………….

4.     රුවන්  මිණි  යන්නට සමාන පදයක් ලියන්න. ……………………………….

 

11. නඳන මුනිඳ හැර අන්  සුරනට        පැවත

     නිවන පතා අනුවණ සත කරන                     තැත

     ලබන පිණිස තෙල් ලොබ  වඩවමින්      සිත

     මඩිනවැන්න වැලි මලු ලමනි         තෙලියත

සතුට ඇති කරන බුදරජාණන් වහන්සේ  අත්හැර නිවන් පතමින් අනික් දෙවිවරුන් හට ගැතිවෙමින් මෝඩ  ජනතාව ගන්නා වෑයම තෙල් ලබා ගැනීම පිණිස සිතේ ලොබ  වඩවමින් තෙල් සිඳින යන්ත්රෙයේ වැලි මලු දමා මිරිකවන්නා වැනිය.

1.     නිවන් පතන්නේ කාගෙන්ද ? ……………………………………………………..

2.     මෙම කවියෙන් කියැවෙන්නේ …………… පතා දෙවියන් යැදීම නිෂ්ඵල කාර්යයක් බවයි.

3.     තෙලියත යනු කුමක්ද? …………………………….

4.     බුදරජාණන් වහන්සේ යන නාමපදයට යෙදුණු විශේෂණ පදය කුමක්ද?............................................

 

  12. සකල සුර නරන් මුඳනත සෑද             පද

                විපුල මුනි සරණ හැර අන් සුරන්            වැඳ

                නිමල මොක් පිණිස සත රකිනා            දුලද

                දිඹුල මල නිසා වෙහෙසෙනු වැනි         දියැද

සියලු දෙවි මිනිසුන්ගේ හිස මුදුන පාදයෙන් අලංකාර කළ උදාර ගුණෙයන් යුතු බුදරජාණන් වහන්සේගේ පිහිට අත්හැර , අන්ය දෙවියන් හට වැඳ පිරිසුදු  නිවන ලබා ගැනීම සඳහා  වැරදි ආගම රකින ජනයා අත්තික්කා  මල් ලබා ගැනීමේ  බලාපොරොත්තුවෙන්  ජලය ඇඳ වෙහෙසනු වැන්න.

1.     හිස් තැන් පුරවන්න.

වැරදි ආගම රකින ජනයා ……………………. පිහිට අත්හැර , ………………..හට වැඳ පිරිසුදු  …………….. ලබා ගැනීම  නිෂ්ඵල කාර්යයක් බව කවියෙන් කියැවේ. එය …………………………. ලබා ගැනීමේ  බලාපොරොත්තුවෙන්  ……………….. ඇඳ වෙහෙසනු වැන්න

2.     නිවැරදි වචනය යා කරන්න                                    

Ø  සකල                   පිරිසුදු

Ø  සුර               සියලු

Ø  නරන්                   ජලය ඇඳ

Ø  විපුල                     දෙවි     

Ø  නිමල                   මිනිසුන්ගේ                     

Ø  දියැද                     උදාර    

 

3.     උපසර්ග පද දක්වන්න. ……………………………………………………………………..

4.     අත්තික්කා …………………… හට නොගන්නා ………………… ගෙඩි හටගන්නා ශාකයකි. (මල්/ගෙඩි )

5.     විසිතුරු/ පිවිතුරු බව කියැවෙන වචන කවියෙන් තෝරන්න. …………………/………………..

 

             13. පුන් පිරිසිඳ සිල් මුල්  ගුණ කඳින්        යුති

                දන්කම නැණ කුරු මල්සා මඩුලු          ඇති

                පින් කප්තුරු සඟ මොක්  පල දෙන   කැමති

                මන් සුදනන් මෙත්  සිලිලෙන් වැඩෙයි   නිති

සමිපූර්ණෙයන්ම පිරිසුදු  වූ සිල්  නැමැති  මුල්ද ,ගුණ නැමැති කඳ , දන්දීම නැමැති දලු , ඉවසීම නැමැති මල්ද, නුවන නැමැති අතු පතරද ඇති කැමති වන දෙව් ලෝ  සැප ,නිවන් සැප නැමැති පල ලබාෙදන පින් කැමති කල්ප වෘක්ෂය යහපත් මිනිසුන්ගේ සිතෙහි පවතින ෛමත්රීය නැමැති ජලයෙන් හැමවිට වැෙඩයි.

1.     කල්ප වෘක්ෂය වැඩෙන්නේ කෙසේද? …………………………….

2.     සුදනෙක් තුළ පවතින ගුණාංග කවරේද? ……………………………………………………………………………………………………. ……………………………………………………………………………………………………

3.     උපමා පද ලියන්න. …………………………………………………………………………………………. …………………………………………………………………………………………………………..……………………………………………………………………………………………

 

            14. පියකර සතර බඹ විහරණ සිවු          පෙදනි

               වැර සැර ණැන යුවළ දළ දිලි දන්     සොඬිනි

               පුවතර තුමුල මත වරණිදු  හට    නැෙඟමිනි

               මනහර සෙත් පුරට පැමි ෙණව් සව්    සතුනි  

සියලු සත්වයෙනි ,සතර බ්‍රහ්ම විහාර නැමැති පා සතරින් පියකරු වූ වීර ගුණය ඥාණය නැමැති දළ දෙකක් ඇති දන්දීම වැනි සොඬවලින් යුත් බලවත් මහත් මත් ඇත්රජු පිට නැගෙමින් සිත්කලු නිවන්පුරයට පැමිණෙව්.

1.      මෙම කවියේ උපදේශය කෙටියෙන් ලියන්න  ……………………………………………………………………………………………………………….

2.      නිවන්පුරයට පැමිණෙන්න පවසන්නේ කුමකු පිට නැගිද ? …………………………………………………………..

3.      සතර බ්‍රහ්ම විහරණ නම්කරන්න. …………………………………………………………………………………………………………….

4.      මෙම කවියේ සඳහන් මිශ්‍ර ක්‍රියා  හා විදි ක්‍රියාව නම් කරන්න. ……………………………………………………………………………………

15 නිදොස් ගුණ බරණ සදහම් කිරුල               දරා

     වෙසෙස් සිල් සෙනග ගෙන මෙන් තුරග        අරා

     කෙලෙස් රුපුන් සිඳ කගිනි නැණ       නොමහැරා

     සතොස් රජසිරින් පැමිණෙවු නිවන්                     පුරා

නිවැරදි ගුණ නැමැති ආභරණයත් , සද්ධර්මය නමැති ඔටුන්නත් පැළඳගෙන උතුම් සිල් සෙනග පිරිවරාගෙන නැමැති අසුපිට නැග නුවණ නැමැති කඩුවෙන් කෙලෙස් සතුරන් මුළුමනින්ම නසා ප්‍රීතිමත් රාජ විලාසෙන් නිර්වාණ පුරයට පැමිණෙව්.

1.     නිර්වාණ පුරයට පැමිණිය යුත්තේ කවර විලාසියකින්ද? .........................................

2.     කෙලෙස් සතුරන් මුළුමනින්ම නසන්නේ කවර කඩුවකින්ද ? .........................................

3.     රජකු තුළ පැවතිය යුතු ලක්ෂණ කවරේද? .................................................................................

................................................................................................................................................

4.     රජකුගේ ආභරණ උපමා කර ඇත්තේ කුමකටද ?.....................................................

5.     සමාන පද සොයන්න.

                                               I.          සද්ධර්මය

                                            II.          අසු

                                          III.          රුපුන්

                                          IV.          කඩුවෙන්

                                            V.          ප්‍රීතිමත්

16. ඇතත් නැතත් සුදනෙනි පරලොව     මහත                          

      හළොත් යෙහෙකි පව්කම් නොතබාම  සිත

      ඇතත් එපරලොව ඉන් වන අවැඩ      නැත 

      ඇතොත් නැතැයි පව් කළ හට වෙයි   විපත

 

උතුම් සත්පුරුෂයෙනි පරලොව ඇතිවුණත් නැතිවුණත් පව්කර්ම සිතෙන් මුළුමනින්ම අත්හැරීම යහපතකි. පරලෝකය නැති වුනත් එසේ කිරීමෙන් සිදුවන අයහපතක් නැත. පරලොවක් ඇත්නම් එය නැතැයි කියමින් පව් කළ අයට විපත් අත්වේ .

1.     හළොත් යෙහෙකි පව්කම් නොතබාම  සිත  යන  පැදි පෙළ වැකියක් ලෙස ගලපන්න .....................................................................................................................................

2.     හළොත් යෙහෙකි පව්කම් නොතබාම  සිත යන්නෙහි තේරුම ලියන්න. .....................................................................................................................................

3.     පව් කළ අයට විපත් අත් වෙන්නේ කුමක් කීමෙන්ද ? ..............................................................

4.     අවසාන ක්‍රියාපද දෙකක් සොයන්න. .............................. /.....................................

5.     උපසර්ග පද හා නිපාත පද සොයන්න.

 

උපසර්ග පද

නිපාත පද

 

 

 

 

 

 

 

17. නැගෙතත් අවරගිරගින් දිනකර          මඬල

      පිපෙතත් ගිරි මුදුන හෙල්මැලි        පියුමුපුල

      සැලෙතත් සුනෙර පවනින් සෙදතත්   අනල

      බොරු නැත්තෙමය මහතුන්  පැවසූ  තෙපුල

හිරු මඬල අපර පර්වතය මුඳනින් උදා වුවත්, පර්වතය මුදුනෙහි කුමුදු නෙළුම් මානෙල් පිපුණත් සුළඟින් මහමෙර හෙලවුනත් ගින්ෙනන් ජලය ලැබුණත් මහත්මයන් කී වචනෙයහි බොරුවක් නැත්තේමය.

1. කවියේ උපදේශය කුමක්ද? ............................................................................................................

2. ලෝකයේ සිදුවිය නොහැකි අවස්ථා කවියෙන් සොයන්න  ............................................................

....................................................................................................................... ..................  ........................................................................................................................ ..................

3. වචනවල පද වෙන් කරන්න

අවරගිරගින්  .........................................................

පියුමුපුල .........................................................

4. සමාන පද ගලපන්න

                                                   i.          අවරගිර      පර්වතය  

                                                 ii.          දිනකර           කුමුදු

                                               iii.          ගිරි         බටහිර

                                               iv.          හෙල්මැලි      සුළඟින්

                                                 v.          පියුමුපුල      හෙලවුනත්

                                               vi.          සුනෙර      වචන

                                              vii.          පවනින්      හිරු

                                            viii.          සෙදතත්      ජලය

                                               ix.          අනල         මහමෙර/ මහාමේරුව

                                                 x.          තෙපුල      නෙළුම් මානෙල්

5.     බොරු කීමේ ආදීනව නම් කරන්න..

1.   ……………………………………………………………………………………

2.   ……………………………………………………………………………………

3.   ……………………………………………………………………………………

4.   ……………………………………………………………………………………..

5.   …………………………………………………………………………………….

 

18. කොතෙක් වෙහෙස ලදුවත් සුදනෝ     පවර

     උදක් ලොව සතුන් සිත දුක් කෙරෙති       දුර

     පසක් රාහු මුව පත් වෙමිනි               බියකර

     අනික් පසින් ලොව  හෙළි කෙරෙය   හිමකර

කොතෙක් වෙහෙසට ලක් වුවද උතුම් සද්ජනයෝ ලෝක සත්වයාගේ සිතේ පවත්නා දුක ඒකාන්තයෙන්ම දුරු කෙරෙති. සඳ තමාගේ පාර්ශවය නැතහොත් පැත්තෙන් බියකරු රාහුගේ කටට  අසුව තිබියදීත් ලොවට ආලෝකය ලබාදෙයි.

1.   උතුම් සද්ජනයෝ දුරු කරන්නේ  කුමක්ද? ...........................................................................

2.   සඳ ලොවට ආලෝකය ලබාදීමේදී මුහුණපාන අකරතැබ්බය නම් කරන්න .   ................................... ...........................................................................................................

3.   සමාන පද සොයන්න. 

සුදනෝ ……………………

පවර     ……………………

මුව       ……………………

හිමකර          ……………………

4. චන්දග්‍රහණය යනු කුමක්ද ? ...............................................................................................................

.........................................................................................................................................................

........................................................................................................................................................

 

 

 

 

 

 

19 පින්මඳ පුතුන් සියයක් ලඳවත්          නිසරු

   ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

   එක පුන් සඳින් දුරුවෙයි ලොව  ගණ  අඳුරු

   නෙක තරුරැසින් එලෙසට නොමවේය  දුරු

         

පින් අඩු පුතුන් සියයක් ලැබුනත් පලක් නැත. ඉතා  උතුම් වන්නේ ගුණයෙන්ද නැණයෙන්ද බලයෙන්ද යුත් පුතාමය ලෝකයෙහි ගණඅඳුර එකපුන්සඳ නිසා දුරුවෙයි නොයෙක් තරු රැසෙහි එළියෙන් ඒ ආකාරයට දුරුනොවේ

1.     උතුම් වන්නේ කුමන පුතාද ? ………………………………………………………………

2.     එකපුන්සඳ කවර පුතාද? …………………………………………..

3.     නොයෙක් තරු රැස උපමා කරන්නේ කාටද ? ………………………………………

4.     කවියාගේ උපදෙස කුමක්ද ? ……………………………………………………………..

…………………………………………………………………………………………….

5.     එක පුන් සඳින් දුරුවෙයි ලොව  ගණ  අඳුරු සිතුවමට නගන්න

 

 

 

 

 

 

 

 

 

20. විපුල ගුණැති මහතුන් හට පත්     විපත

     නිසල නැණින් යුතු උතුමෝ ම   දුරලත

     කළල ගිලුණු මත වරණිඳු ගොඩ  ගනුත

     තුමුල බලැති ගිජිදකු මිස අන්     කෙවත

මහත් ගුණයෙන් යුතු මහත්මයන් හට පැමිණි විපත්තිය තැන්පත් නුවණැති  ඇති උත්තමයෝම දුරුකරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට  නම් මහත් බල ඇති අයකු හැර අන් කවර කවරෙක් සමත්වේද?

1.     නුවණැති  ඇති උත්තමයෝ දුරු කරන්නේ කුමක්ද? …………………………………….

2.     මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට කවරෙක් සමත්වේද? ………………………….

3.     වචනවල පද වෙන් කරන්න

·       ගුණැති     …………………….

·       නැණින්     …………………….

·       වරණිඳු     ……………………

·       බලැති     ……………………

4.     බහුවචන වාක්යයක් සහිත පද පේළිය ලියා එහි තේරුම දක්වන්න.

…………………………………………………     …………………..

…………………………………………………………………………………………………

5.     ඔබගේ යහලුවෙකුට සිදුවූ විපතක් කෙටියෙන් ලියන්න.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………

6.     එයට ලබාදිය හැකි ධර්මානුකූල විසඳුමක් සඳහන් කරන්න. …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

21. කුලුණු ගුණින් යුතු උතුමන් සිත    මහරු

      දුදන බසින් නොයෙදෙයි කරනට  නපුරු

      නව රුවනින් පිරි මහ සමුදුර         ගැඹුරු

      තණ සුලකින් හණු කළ හැකිවේ   කවුරු

කරුණා ගුණයෙන් යුත්  පිදිය යුතු උතුමන්ගේ සිත් අසත්පුරුෂයන්ගේ වචනයෙන් නපුරු කිරීමට නොහැකි වෙයි.

 නව රත්නයන්ගෙන් පිරුණු මහ මුහුද කවුරුන් හට  තණ පන්දමකින් උණු කිරීමට  සමත් වෙත්ද?

1.     උතුමන්ගේ සිත් නපුරු කිරීමට නොහැකි වෙන්නේ කාගේ වචනයෙන්ද ? ……………………….

2.     උතුමන්, මහ මුහුද යන නාම පද සඳහා යෙදුණු  විශේෂණ පද දක්වන්න.

…………………………………………………………..  උතුමන්

…………………………………………………………. මහ මුහුද

3.     සමුදුර යන්නට  යෙදුණු සමාන පද පහක් ලියන්න. …………………………. ……………………….  ……………………… ………………………  ………………………

4.     තණ පන්දම් සෑදිය හැකි ශාක දෙකක නම් ලියන්න. …………………….. ……………………….

 

22. සුරතුරුවන් උතුමකු දෙන දනින්         මිස

      යදි කලිමන් කෙලස දුරුවෙද මුලින්    පිස

      මහ මෙයකින් පහවන ගතෙහි       සරතස

      පිනි බිඳකින් වැළකිය හැකිවෙද  කෙලෙස

කප් රුකක් වැනි උත්තමයකු දෙන දානයකින් මිස යදියන්ගේ ලෝභයෙන් පිරි සිත මුලුමනින්ම කෙසේ දුරුවේ? මහ වැස්සකින් පමණක්  ශරීරෙයේ පීඩා ගතිය පහ වුව ද පිනි බිඳකින් කවර අයුරකින් වැළැක්විය හැකි‍වේ?

1.     ලෝභයෙන් යුතු පවතින්නේ කා සිතේ ද?  ……………………………………………………..

2.     ශරීරෙයේ පීඩා ගතිය පහ වන්නේ කවරකින් ද? ………………………………………………..

3.     උත්තමයෙකු දෙන දන සමාන කරන්නේ ? …………………………………………………….

4.     පිනි බිඳකින් වැළැක්විය හැකි නොවන්නේ කුමක්ද ? ……………………………………………

5.     සමාන පද සොයන්න

                                               i.          කප් රුක -

                                             ii.          යදි -

                                           iii.          කලිමන් -

                                            iv.          මෙයකින් -

                                             v.          ගතෙහි -

                                            vi.          සරතස -

6.     මෙහි දැක්වෙන උපමාව නම් කරන්න.

23. දියනෙත උදාවත සිය කිරණින්   මහරු

      මෙදියත දිවා බිහි දුරුවෙයි ගන    අඳුරු

      සිරිමත රජතුමකු දටු පමණින්   සොඳුරු

      ඇතුළත පිටත දිව රෑ හැරෙයි     දුක දුරු

සූර්යයා උදාවන කාලේහි ඉතා උතුම් වූ  ස්වකීය සිය ගණන් රශ්මිය කරණ කොට පවතින ම  ලෝකයෙහි දවල්ට පවතින දැඩි අඳුර පහවෙයි. ශ්රීමත් යහපත් රජකු දුටු පමණින් දිවා රෑ දෙකෙහි ඇතුළත පිටත පවතින දුක නැමැති අඳුරු දුරුවෙයි.

1.     හිරු උදා වීමෙන් සිදු වන්නේ කුමක්ද ? ………………………………………………………..

2.     ශ්රීමත් යහපත් රජකු දුටු විට දුරු වන්නේ කුමක්ද ? ……………………………………………………

3.     දියනෙත උදාවත සිය කිරණින්   මහරු යන්නෙහි අදහස ලියන්න. ……………………………………………………………………………………………………..

4.     ලෝකයට ඇසක් යන අරුත දෙන පදය සොයන්න. ……………………………………..

5.     යහපත් රජෙකු රට පාලනය කරන දසරාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු කවරෙක්දැයි අසා දැන ගෙන පොතේ ලියන්න. …………………………………………………………………………………… …………………………………………………………………………………………………..………………………………………………………………………………………………………..

24. පිරිවර සෙන් රකිනා පිණිස       නිරතුරු

      පෙර නියමින් නිරිදෝ රැගනිති      පඬුරු

      සිය ගුණෙයන් වසිනුව වැසි මෙදිය තුරු

      සිය කිරණින් දෙරණත රසගනිය     හිරු

සේනාව හැමවිට රැකගැනීම පිණිස රජවරු කලින් පනවා ඇති නීති අනුව අයබදු ගනියි. ලෝකය තුළ ගුණයෙන් යුතුව වර්ෂාව ඇති කිරීම පිණිස හිරු රශ්මියෙන් පොළොවේ තිබෙන ජලය උරාගනී.

1රාජ නීතිය අනුව අය බදු ගන්නේ ඇයි ?  ……………………………………………………………………..

2. අය බදු  අය කිරීමේදී කුමන රාජ නීතියක් අනුව සිදු කරන්නේ ද? ………………………………………………

3. හිරු පොළොවේ ජලය උරා ගන්නේ ඇයි ? ……………………………………………………………………

4. නිරිදෝ යන පදය යොදා වාක්‍යයක් ලියන්න. …………………………………………………………………………………………………………………

25. කුලුණින් ගුණින් නුවණින් පසිඳු  හැමතැන

      සුදනන් සෙව්න නිරිදු ලෝසත         රකින

      දෙබරුන් මලින් රොන් ගෙන යන    මෙන

      නියමින් අය ගනිති සත සිත    නොතළමින

හැමතැන්හි කරුණායෙන්ද ගුණයෙන් ද නුවණින් ද ප්‍රසිද්ධ වූ සත්පුරුෂයන්ගේ ඇසුර ලබන ලෝක සත්වයා රකින රජවරු මී මැස්සන් මල්වලින් රොන් ගෙන යන්නාත් මෙන් මිනිසුන්ගේ  සිත නොතලමින් නියමිත පරිදි අය බදු ගනිති.

1.     මෙම කවියෙන් කියැවෙන රජකෙනෙකු සතු ගුණාංග නම් කරන්න. ……………………………………………………………………………………………..  …………..…                         

2.     මිනිසුන්ගේ සිත නොතළන්නේ කවුද? ………………………………………………………………………

3.     උපමාව  සඳහන් කරන්න. …………………………………………………………………………………..

4.     මෙම  කවියෙන් කියවෙන නිපාත පද හා උප සර්ග පද සොයන්න. ………………………………………………

26. අමයුත් රස අහර වත් වඩවන                ඔදස

      කුසගත් ගිනි නිවන පමණට බුදින         ලෙස

      තෙදකිත් පතළ නිරිඳෝ නොමඳ දන      රැස

      නොකෙරෙත් ලොව සතුන් රකිනා විතර මිස

ඕජස වඩවන අමෘතය වැනි රස ආහාර වුවද කුස ගින්න නිවෙන තරමට අනුභව කරන්නාක් මෙන් තේජසින් හා කීර්තියෙන් ප්‍රසිද්ධ රජවරු ලෝක සත්වයා ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ධනය රැස් නොකෙරෙති

1.     රසවත් ආහාරයක පැවතිය යුතු ගුණාංග කවරේද? …………………………………………………..

2.     ආහාර අනුභව කළ යුත්තේ කවර ප්‍රමාණයකට ද?  ………………………………………………….

3.     රජවරු ධනය රැස් කරන්නේ කුමක්  පිණිස ද? ………………………………………………………

4.     රජවරු හැඳින්වීම සඳහා යොදා ගත් විශේෂණ පද ලියන්න. ………………………………………….

5.     ගැටය සහිත ඇලපිල්ල සහිත වචන පහක් ලියන්න. ……………………………………………………………………………………………………

27. පැනසර නොවන නිරිඳන් ලද රජ    සැපත

      ගොරතර නිරාදුකටත් වැඩියෙන්       විපත

      තිරසර නැණිනි නරවර ලද එම        සැපත

      සුරපුර සැපතටත් සිය ගුණෙනි       යහපත

නුවණින් සරු නොවන රජවරුන් ලබාගත් රජ සැපත ඉතා දරුණු අපා දුකටත් වඩා විපත්තිය. ස්ථිර සාර නුවණින් යුතු රජවරුන් ඒ සැපතම දිව්‍ය ලෝක සම්පත්තියටත් වඩා සිය ගුණයෙන් යහපත් වෙයි.

1.     අනුවණ රජ කෙනෙක්  පහළ වීම කවියා දකින්නේ කුමන අයුරින් ද? …………………………………………..

2.     නුවණැති  රජ කෙනෙක්  පහළ වීම කවියා දකින්නේ කුමන අයුරින් ද? …………………………………………

3.     අපා ගතවූවන් විඳින දුක් කීපයක් ලියන්න. …………………………………………………………................. ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

4.     සුරපුර සැප විඳීමට ඔබ කළ යුත්තේ කුමක් දැයි කෙටියෙන් ලියන්න.  ………………………………………….

 

28. බැලුමෙන් සිහි කිරීමෙන් පහසින්             නිතින

      සසුනත් රකින මින් කුමු සියොතුන්        ලෙසින

      කුලුණෙන් ගුණ නැණින් යුතු උතුමෝ  සොබන

      වෙසෙසින් ලොව සතන් රැකව පවතිත් තොසින

නිතර බැලුමෙන් සිහි කිරීමෙන් හා ස්පර්ශයෙන් තම දරුවන් රක්නා මාළුවන් (ඉඳිඹුවන්), සියොතුන් (කුරුලේලන්) ලෙසින් කුළුණෙන් , ගුණනැණින් යුතු සොබන උතුමෝ වෙසෙසින් ලොව  සතන් (සත්ත්වයන්) රැකව යෙහෙන්  පවතිත්.

1.     ලෝක සත්ත්වයා රකින්නේ කවුරුන්ද ?................................................

2.     මාළුවන් හා කුරුල්ලන් තම දරුවන්ට රැකවරණය ලබා දෙන්නේ කෙසේද ? ………………………………..  ...................................................................................................................................................................

3.     දරුවන් යන්නට කවියේ සඳහන් වචනය කුමක්ද ? ……………………………

           29. සමවත වැසි සුළඟ කෙත්වත් වැවෙන       මෙන

     ලොව සල රැකෙති නිසි රජ නැණැති මැති ගෙන

     එමහත නල නලින්  වන දහන වන           මෙන

     දුසිරිත රජ කුමැති ගෙන් නසීය හැම           තැන 

වැස්ස හා සුළඟ සමානව පවත්නා කල  කෙත්වතු සරු වෙන්නාක්  මෙන්  සුදුසු  නුවණ  ඇති  රජවරුන්  හා  මැතිවරුන්  නිසා  ලෝක  සත්වයා  ආරක්ෂා  වෙති.  ඒ  මහත්  ගින්න හා  සුළඟ  නිසා  වනය  දැවී යන්නාක්  මෙන්  නරක පැවතුම් ඇති රජවරුන් හා දුෂ්ඨ ඇමතියන්  නිසා  හැම තැනම  විනාශයට  පත්වේ.

1.     කෙත් වතු සරු වෙන්නේ  කවරක් පැවැතීමෙන්ද? …………………………………………..

2.     ලෝක සත්ත්වයා රකින්නේ කවුරුන්ද ? ……………………………………………………

3.     වනය දවන්නේ කවුරුන්ද ? …………………………………………………..

4.     ලොව විනාශ කරන්නේ කවුරුන් නිසා ද ? …………………………..

5.     ගාථාව සම්පූර්ණ කර එහි තේරුම ලියන්න.

දේවෝ වස්සතු කාලේන

………………………………………………………………

………………………………………………………………

………………………………………………………………

කල් වැසි                                          වසීවා !

………………..                     ………….. !

……… …………..              …………….!

…..….  …………...  ………….  ……….!

30. නුවණැතිතවුන් පහ කොට දුදනන්        සෙවුන

      නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ  ලෙසින

      මැදහත් නොව මසුරු ගුණයෙන් දව         සරින

      රජුටත් එරටටත් අතුරක් නැත              වෙනින

නුවණ ඇති අය ඉවත් කොට  අසත් පුරුෂයන් සේවනය කරන,නෙලුම් කොළයෙහි ජලය මෙන් සිතෙහි ගුණ නොරඳන , මැදහත් නොවී, මසුරු ගුණෙන් යුක්තව කාලය ගෙවන රජුටත් ඔහු වසන රටටත් (ඔහුම හැර) වෙන අන්තරායක් නැත.

1.     නුවණ ඇති අය ඉවත් කොට  අසත් පුරුෂයන් සේවනය කරන්නේ  කවරෙක් ද? ………………………..

2.     කවීයේ කියැවෙන දුෂ්ඨ  රජුගේ ලක්ෂණ නම් කරන්න. ………………………………………………...

..........................................................................................................................................................................................................................................................................................................................

3.     මෙහි දැක්වෙන උපමාව නම් කරන්න ………………………………………………………………………………………………………

4.     පොකුරඹ යන්නට සමාන පද  දෙකක් ලියන්න . ……………………………………………………… 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය