ලෝවැඩ සඟරාව 1

ලෝවැඩ සඟරාව

1 . සෙත් සිරි දෙන මහ   ගුණ          මුහු දානන්

 සත් හට වන බව දුකට                            වෙ දානන්       තිත් ගනඳුර දුරු ලන                                 දිනි දානන්       සිත් සතොසින් නමදිම්                            මුණි දානන්

1.      මින් කියවෙන්නේ කවරෙක් ගැනද?............................................................................

2.      වෙදැදුරු වූයේ කාටද?........................................................................

3.      උත්තම පුරුෂ ක්රියාපදය සොයන්න……………………………………

4.      පාපිල්ල යෙදුණු වචන ලියන්න. ……………………………………………………...............

………………………………………………………………………………………………

5.      සමාන පද සොයන්න.  I.  බුදුන් වහන්සේ …………………………….              II.   හිරු …………………………    III. සත්ත්වයාට ……………………

IV.  වදිමි ……………………  V.  අන්ධකාරය ……………………

"නිර්වාණ සැපත ගෙන දෙන්නා වු, සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්‍යවරයකු බදු වු තීර්ථක නැමැති මිත්‍යාදෘෂ්ටි අන්ධකාරය  නසන සූර්යයා බඳු වු බුදුන් වහන්සේ සිත් සතුටින් වදිමි."

2 ඇම පමණින් පැවසු මුනි දැන         තතු

    මෙම හැම දෙන බලවයි දැක්විය     යුතු

    තම තම නැණ පමණින් දැන ගත    යුතු   

    මම නමදිමි සදහම් පහදා                    සිතු

1 මින් කියවෙන්නේ කුමක්  ගැනද?....................................................

2. බුදුන් වහන්සේ ධර්මය දැන ගැනීමට උපදෙස් දෙන්නේ…………………………………… පමණින්ය.

3 මෙම කවියේ සඳහන් ක්රියාපද සොයන්න ……………………………………………………...

…………………………………………………………………………………………………..

4.සමාන පද සොයන්න.

Ø  බුදුන් වහන්සේ …………………………….

Ø  තොරතුරු  ………………………………………

Ø  නුවණ ………………………………

Ø  වදිමි …………………………………….

Ø  සද්ධර්මය …………………………….

"ලෝකය පිළිබඳව සියලු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියලු දෙනා දැකගත යුතුය. තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්‍රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි."

3 සිරිමත් බඹ සිරසෙහි පා             පිසිනා

   සැරියුත් මුහ මුගලන්          පිළිවෙළිනා

   පිළිවෙත් සරු මහ සඟගණ    සොබනා

   මුදුනත් දී නමදිමි බැති             පෙමිනා

1 .මින් කියවෙන්නේ කවරෙක් ගැනද?............................................................................

2 සංඝයා වහන්සේලා තුළ පවතින ගුණය කුමක්ද ? ………………………………………………………………

3 සැරියුත් මහ මුගලන් යනු කවුද? ……………………………………………………….  

4 සමාන පද සොයන්න. ………………………………………………

Ø  මහා බ්රහ්මයා -

Ø  හිස/ ඔළුව/ මස්තකය -

Ø  කකුල -

Ø  භක්තියෙන් -

Ø  ආදර  -

5 වර්තමාන කාල උත්තම  පුරුෂ ක්රියාපදය සොයන්න………………………………………….

ශ්‍රීමත් මහා බ්‍රහ්මයාගෙන් පවා වැදුම් ලබන සැරියුත් මහා මුගලන් මහරහතුන්ගේ පිළිවෙලින් ප්‍රතිපත්තියෙන් සාර වු මහා සංඝරත්නය ආදර භක්තියෙන් දොහොත් මුදුන් දී වදිමි."

4 මනරම් නරදම් සැරිදම්                      සඟනට

   මෙලෙසින් බැතියෙන් අදරින්       නමකොට

   වෙසෙසින් පෙළදම් නොමදත්           දනහට

   පවසම් කල කම් පල දැන්          හෙළුකොට

1 සමාන පද සොයන්න

Ø  සිංහල

Ø  කර්මය  

Ø  ප්රකාශ කරමි

Ø  ජනතාවට  

Ø  පාලි බස  

Ø  විශේෂයෙන්

Ø  නමස්කාර කොට

Ø  ආදරයෙන්

Ø  බුදුන් වහන්සේ

2' බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුන්වනු ලබන්නේ කිනම් නමකින්ද?...............................................

උතුම් ධර්ම කරුණු කිනම් භාෂාවක අන්තර්ගත වේද?.......................................................................

පවසම් යන  ක්රියාපදය යොදා වාක්‍යයක් නිර්මාණය කරන්න. ………………………………………………………………………………………………      මනෝ රම්‍ය වු නව අරහාදී ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේට එම උතුම් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් මෙලෙස ආදරයෙන් නමස්කාර කොට විශ්වාසයෙන් පාලි භාෂාව නොදත් ජනයා හට කරන ලද කර්ම විපාක සිංහල කවියෙන් ලියමි."

5 දහමට සරිකොට එළුවෙන්               පෙර කී

   කවියට සිත පහදා සිට                        නිසැකී

   සිහිකොට කද පිළිවෙළ දොස්      නොයෙකී      

   නිවනට සපැමිණී සඟ සැට                  නමකී

1.       දහමට සිත පහදා නිවනට පැමිණියේ කවුද  කියක්ද ? ………………………………….

2.      උන්වහන්සේලා සිහි කළේ කුමක්ද? ……………………………………………………….

3.      නාම පද පහක් සොයන්න ? ……………………………………………………………………..

4.      සරි කොට/ කී /පහදා /සිහි කොට/ සපැමිණි යන පද හඳුන්වන්නේ කුමන නමකින්ද ? ...............................

"පෙර දවස කවියෙන් කියන ලද ධර්මය සිත පහදා ගෙන අසා නිසකවම ස්කන්ධ ධාතු පිළිබද බවුම් වඩා රහත්ව නිවන් ලබාගත් භික්ෂූන් වහන්සේලා සැට නමක් වූහ."

6 එබැවින් එළුවෙන්  කීවයි            අනදර

    නොවමින් බැතියෙන් අදරින්             නමකර

    සතොසින් ඇසුවොත් මෙදහම්  මනහර

    සැබවින් සිදුවෙයි සගමොක්              සිරිසර

1.      සන්තෝසයෙන් දහම් ඇසුවොත් සිදු වන්නේ කුමක්ද ? ………………………………………………

2.      සමාන පද සොයන්න

 I. සිංහලයෙන් …………………………………………  II. ආදරයෙන් …………………………………………

III. ස්වර්ග මෝක්ෂ …………………………………………

3 මෙම කවියේ එන ක්රියාපද සොයන්න. ……………………………………………………………. 

"එම නිසා සිං හල කවියෙන් කීවේයැයි නොසතුටට පත් නොවී සන්තෝසයෙන් මේ මනහර දහම ඇසුවොත් වශයෙන් සැප ලැබෙනවාමය."

7 බිම ඉද සිට කී බණ      නාසන්නේ

   විම තිව උඩ ඉඳ සිට     නාසන්නේ

  කැමතිව කීවොත්    විමසාසන්නේ

   එම වද සඟමොක් සැප  සාදන්නේ

1.  නොඅසනු බණ කවරේද ? ………………………………………………………………………………………………………………………………………………………………………………………………

2.   ඇසිය යුතු බණ කවරේද ? ……………………………………………

3. බණ ඇසිය යුතු වන්නේ කෙසේද ?...........................................................................

4.  සමාන පද සොයන   

    I. සිහි මුලාව ……………………………………    II. විමසිලිමත්ව ……………………………………….

 III.  දිව්‍ය සැප හා නිවන් සැප ………………………………………………………….

"බිම ඉදගෙන දෙසන බණ නොඅසනු උඩ ඉඳ බණ නාසන්න. කැමතිව දෙසන බණ විමසිලිමත්ව සිහිණුවනින් අසනු. එය දිව්‍ය සැප හා නිවන් සැප සාදන්නේය."

සියල් සසර දුක් දුරුකර        නොයෙකි

   අසල් කරන මොක් සිරිසැප        නිසකි

   සියල් සතුනි පිං කරවයි මුනි             කී

   නොකල් අටකි පින්කම් කළ නොහැකි

1.      පින් කල නොහැකි කාල කීයද ? ………………………………………

2.      බුදුන් වහන්සේ  සියළු සත්වයා වදාළේ කුමක්ද? …………………………………..

3.       කුසල්  ප්රයෝජන වන්නේ කුමකටද ?.........................................................

4.      සමාන පද සොයන්න

     I.  සංසාරදුකින් ………………………………..

 II.සියළුම …………………………………………………… 

 III. නිර්වාන සැපත ……………………………………

IV. බුදුන් වහන්සේ ……………………………

V.වදාළ ………………………………………

"සියළුම නොයෙක් සංසාර දුකින් මිදී නිසකයෙන්ම නිර්වාන සැපත ලඟා කරන්නා වූ කුසල් සියළු සත්වයා කල යුතු බව බුදුන් වහන්සේ වදාල නමුත් පින් කල නොහැකි කාල අටක් වෙයි."

සිතුවත්  බිය කරවන          අරතරයේ

     වැටුණොත් එක්සිය සතිසක්  නිරයේ

     බලවත් දුක් විඳිනෙය         කරදරයේ

     මඳකුත් පිනකට නැත        අවසරයේ

1. සිතුව පමණින් භය උපදවන්නා වු නරක කීයද?...............................................................

2. නරකයෙහි වැටුනොත් කුමක් සිදු වන්නේද?......................................................................

3. නරකයෙහි වැටුනොත් නොලබෙන්නේ කුමක් කරන්නටද? .............................................................

4. සමාන පද සොයන්න 

 I. භය ………………………………….

 II.උපදවන්නා ……………………… III.අපාය ………………………………IV. නොලබෙන්නේ ………………………………………..

"සිතුව පමණින් භය උපදවන්නා වු භයානක එකසිය තිස් හයක් නරකයෙහි වැටුනොත් ඉතා බලවත් දුකට පත්වෙයි. පිනකට කුඩා හෝ ඉඩක් නොලබෙන්නේය."

10 තිරිසන් ජාතියැ උපනත් පව්      කොට

අවසන් නොව බිය පවතියි       පිට පිට

මද සන්සුන් කමකුත් නැත     හැම විට

 සලසන්නේ කෙලෙස ද සිත    පිනකට

1.      මෙම කවියේ කියවෙන පින් නොකළ හැකි ආත්මය නම් කරන්න? .....................................................................................................................

2.      උන් තුළ සැමවිටම පවතින්නේ කුමක්ද?....................................................................

3.      විරුද්ධ පද සොයන්න  I. පින් කම් ……………

I. ඇතිව………………………………… 

III. නිර්හිය …………………………… 

IV. අසතුටක්…………………………

 V. පවකට ……………………………

"පව් කම් කොට තිරිසන් ආත්මයක උපන්නොත් අවසානයක් නැතිව පිට පිටම භය ඇතිවන හෙයින් කිසිම විටෙක පොඩි සැනසීමක් වත් නොලැබේ. සිත පිනකට කෙසේ යොමු කෙරේද?"

11 උපනත් ප්‍රේතව පව්කොට              නොපණත්

       කලෙකත් නොලැබෙයි සෙම්සොටු              පමණක්

       උගුරත් නොතෙමෙයි සුගඟ                   වැටුත්

       කලෙකත් පින් නොකළැති මැයි    සිතුණත්        

1)      නොහොබිනා පව් කම් කොට  උපත ලබන්නේ  කුමන ආත්මයකද ? …………………………………………………………..

2)      හිස් තැන් පුරවන්න

a)      කලාතුරකින් ලබන පමණවත් ආහාරය වන්නේ …………………………යි.

b)      ……………………………………………………   දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේය.

3)      සිතුනත් කිසිකලෙක පිනක් ක නොහැකි  කාලය කුමක්ද? ………………………………..

4)      සුගඟ ඇත්තේ කොහේද? …………………………………

5)      විරුද්ධ පද ලියන්න.  I.  නොපණත් ……………………………………. 

II. නොලැබෙයි ………………………………….  III. නොතෙමෙයි …………………………………        IV.   නොකළැති ………………………………….

V.  පින් ……………………………… 

"නොහොබිනා පව් කම් කොට ප්‍රේත ආත්මයන්හි උපතලද හොත් කලාතුරකින් හෝ සෙම්, සොටු, පමණවත් ආහාරයක් නොලැබේ. අහස් ගංගාවේ වැටුනත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේය. සිතුනත් කිසිකලෙක පිනක් කල නොහැක." 

12 පව් මිස පිනකැයි නොකරන                     හැමකල

       මුනිබණ නොපවතිනා              පිටසක්වල

       නිසි ලෙස උපනත් ලැබ දන                          මනකල

       කිසි කලෙකත් කුසලක් නොකළැකි       බල 

1.       කිසිකලෙක කුසල්  ක නොහැකි  කාලය කුමක්ද? ………………………………..

2.      ……………….. මිස පිණක් නොකරන්නා වූ …………………………….. නොපවත් වන්නා වූ ………………………………..හොදට ධනය බලය ඇතිව උපතක් ලැබුවත් කිසි කලෙක ………………..කල නොහැක."

3.      පහත වචන  යොදා වගන්ති ලියන්න.

Ø  හැමකල ……………………………………………………………………………………………………………

Ø  පව් ………………………………………………………………………………………………………………..

"පවිකම් මිස පිණක් නොකරන්නා වූ බුද්ධ ධර්මය නොපවත් වන්නා වූ පිට සක්වල හොදට ධනය බලය ඇතිව උපතක් ලැබුවත් කිසි කලෙක කුසල් කල නොහැක." 

13 දද මිනිසුන් බස් ගෙන කිසි     කලෙකය

     තද අකුසල් කොට කුසලින්      වැළකය

     අඳ ගොලු බිහිරිව ලදුවත්            මේකය

      මඳ පිනකුත් නොපිරෙයි බල     නිසකය

1. යම් කිසි කලෙක අකුසල් කරන්නේ කාගේ බස් අසාද? ………………………………………………………

2 අකුසල් කීරීමෙන් කවර ශරීර ලබන්නේද? ………………………………………………………

3 කුඩා හෝ පිනක් කල නොහැකි වන්නේ කුමන අවස්ථාවකද?

4 අර්ථ ලියන්න.

Ø  අන්ධ………………………………………………………

Ø  ගොළු………………………………………………………

Ø  බිහිරි………………………………………………………

5 පුද්ගල නාමපද සොයන්න …………………………………………………………………………………………………

"යම් කිසි කලෙක දුදනන් බස් අසා නොයෙක් බරපතල අකුසල් කොට අන්ධව, ගොළුව, බිහිරිව, මේ සරීරය ලැබුව හොත් කුඩා හෝ පිනක් කල නොහැකිය. එය බලනු සැක නැත.." 

14    සිත මිස කය නැති බඹ ලොව                 සතරකි

         සිත නැතිවම කය ඇති බඹ        තලයකි

        මෙද සත පින් කොට උපදින   පෙදෙසකි

        එහි උපනත් කුසලක් නොම  කල හැකි ...

1. ශරීරයක් නැතිව සිත පමණක් ඇතිව බ්‍රහ්මලෝක කීයද? ………………………………………………………

2 සිරුර නැතිව සිත පමණක් ඇති බ්‍රහ්මලෝක කීයද? ………………………………………………………

3 පින් කල නොහැකි බ්‍රහ්මලෝක නම් කවරේද? …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

4.    සමාන පද සොයන්න

Ø  මනස/ හිත …………………………………………

Ø  සිරුර   …………………………………………

Ø  සත්වයා  ………………………………………… 

"ශරීරයක් නැතිව සිත පමණක් ඇතිව බ්‍රහ්මලෝක සතරකි. එසේම සිරුර නැතිව සිත පමණක් ඇති බ්‍රහ්මලෝක සතරක් වේ. මෙලොව සත්වයා භාවනාදී පිංකම් කොට උපදින තැන්ය. එහි උපන්නේ නම්වුවත් පින් කල නොහැක." 

15 බළකොටුවන් තර මෙසසර             නුවරේ

      මුලැසටුවන් දලුලන පව්         පඳුරේ

      විෂ කටුවන් සගමොක් මඟ   අතුරේ

      මිසදිටුවන් අයටත් පින්       නොපිරේ 

1 මේ සසර නැමැති නගරයෙහි බලකොටුවක් වැනි,

ස්වර්ග මෝක්ෂමාර්ගයෙහි ඇති විෂ සහිත කටු වැනි යන පද හඳුන්වනු ලබන්නේ කුමන                  නමකින්ද?.........................................................................

2 මින් පින් නොකළ හැකි අය කවුරුන්ද?.....................................................................

3 වගුව සම්පූර්ණ කරන්න.

  

පුද්ගල නාමපද

දේවල් නාමපද

ස්ථාන නාමපද

සංකල්ප නාමපද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"මේ සසර නැමැති නගරයෙහි බලකොටුවක් වැනි ස්ථීර සාර ඇටුවන් සහිත දළු දමන පව් පඳුරක් හා සමාන ස්වර්ග මෝක්ෂමාර්ගයෙහි ඇති විෂ සහිත කටු වැනි මිත්‍යා දෘෂ්ඨිකයන්ටත් පින් නොපිරේමය." 

16 බුදු කෙනෙකුන් මේ ලොව    නූපන්වර

      අඳු රෙක්මය සදහම් නැති       මෙසසර

      ඉඳු රා නොදැනෙහි පව් පින්            තොරතුර

      සිදු නොකළැකි ඉන් සගමොක්  සිරිසර 

1. සද්ධර්මය නැති මේ ලොව අන්දකාරයෙන් වැසී පවතින්නේ කවර කාලයකද? .......................................... ..........................................................

2. සංසාරයේ නොවැටහෙන්නේ කවරක්ද?.............................................................

3. ස්වර්ග මෝක්ෂ සැපත ලැබිය නොහැකි කාරණය කුමක්ද?.................................................................

………………………………………………………………………………………………………

4. සමාන පද සොයන්න

Ø  සද්ධර්මය  …………………………………………

Ø   අන්දකාරයෙන්  …………………………………………

Ø   සංසාරයේ …………………………………………

Ø  ස්වර්ග මෝක්ෂ සැපත………………………………………

5 විරුද්ධ පද ලියන්න

Ø  අබුද්ධෝත්පාද………………………………………………………

Ø  නොදැනෙහි…………………………………………………….

Ø  නොකළැකි…………………………………………………. 

"අබුද්ධෝත්පාද කාලයෙක සද්ධර්මය නැති මේ ලොව අන්දකාරයෙන් වැසී පවතී. මේ සංසාරයේ පව්කම් මේයැයි පින්කම් මේ යැයි නොවැටහේ. ස්වර්ග මෝක්ෂ සැපත ලැබිය නොහැකිය." 

17  සැබවින් බණ ඇසුවත් මුනිඳුන්           කී

      ගොළුවන් බිහිරන් සේ නොව      සැලකී

      ඉදිනෙන් මිස තොප කුසලින්       වැලකී                        මෙලෙසින් පින් නොකළකි කල්  අටකී

ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නොඅසා ගොළුවන් බිහිරන් මෙන් කුසල් ධර්මයන්ගෙන් වැලකී සිටියොත් මිස, පින් කල නොහැකි කාලයන් අටක් වන්නේය." 

 1 පින් කල නොහැකි කාලයන් අට නම් කරන්න. ( 09 කවියේ සිට 16 කවිය තෙක් )

       i.          ……………………………………………………

     ii.          …………………………………………………………

   iii.          ……………………………………………………….

    iv.          ………………………………………………………..

     v.          ……………………………………………………………..

    vi.          ……………………………………………………………..

  vii.          ……………………………………………………………..

viii.          ………………………………………………………………… 

2. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නොඅසා කුසල් ධර්මයන්ගෙන් වැලකී සිටියොත් ඉන්  සිදුවිය හැකිදේ විස්තර කරන්න.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………… 

3. පින්කම් පහක් නම් කරන්න.

        I.          ………………………………………………………………………………..

      II.          ………………………………………………………………………………..

    III.          ………………………………………………………………………………..

   IV.          ……………………………………………………………………………….

     V.          ……………………………………………………………………………"

18 දිගු පුලුලින් සක්වල වන් සිදු                කුස

      සිය වසකින් උඩ එන කැස් බෑ        හිස   

      විය සිදුරෙන් නැගෙතත් දුගතිය  බැස

      තව උපදින්නට බැරි මෙමිනිස්           කුස

"දිගින් පළලින් සක්වල හා සමාන මහා සාගරයේ අවුරුදු සියයකට වරක් උඩට එන කැස්බෑවගේ හිස විය සිදුරෙන් මතු වුවත් නරකාදී දුගතියෙක උපන් සත්වයා දුගතියෙන් මිදී මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා දුෂ්කර වන්නේය.    

1. දිගින් පළලින් සක්වල හා සමාන වන්නේ කුමක්ද?...........................................................

2.අවුරුදු සියයකට වරක් උඩට එන්නේ කුමන සත්ත්වයාද?.............................................................

3. ඌ කුමකින් මතු වන්නේද?......................................................................................................

4. මිනිස් ලොව ඉපදීම දුෂ්කර වන්නේ කවර ස්ථානයක උපන් විටද?..........................................................

5. මෙහි දැක්වෙන ස්ථාන නාමපද හතර නම් කරන්න. ………………………………………………………….

…………………………………………………………………

19 කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

     දුකකිනි මිනිසත් බව ලැබ            ගන්නේ

     මෙදෙකිනි මෙසසර දුක් දුර            ලන්නේ

     සුදනෙනි කිම වීරිය             නොකරන්නේ

"බොහොම කලාතුරකින් බුදු කෙනෙකු උපදින්නේය. මිනිස් බව ලබාගන්නේ ඉතාමත් දුෂ්කරතාවෙකිනි. මේ සංසාර දුක දුරුකරන්නේ මේ කරුණු දෙකෙනි සත් පුරුෂයෙනි මෙය ලැබූ අවස්ථාවේ වීරිය නොකරන්නේ මන්ද?" 

1. කලාතුරකින් උපදින්නේ ........................................................... .

2. ඉතාමත් දුෂ්කරතාවෙකින්  ලැබ ගන්නේ ................................................යි.

3. සංසාර දුක දුරුකරන  කරුණු දෙක කුමක්ද ?

        I.          ………………………………………………………………………………….

      II.          ..........................................................................................................................

4.යහපත් පුද්ගලයකු තුළ පවතින ගුණාංග පහක් ලියන්න ?.

       I.          ……………………………….........................................................

    II.          ………………………………………………………………………..

  III.          …………………………………………………………………………

  IV.          …………………………………………………………………………..

    V.          …………………………………………………………………………..

5. මෙහි දැක්වෙන ස්ථාන නාමපද හතර නම් කරන්න. ………………………………………………………….

…………………………………………………………………

20   පස්පව් කොට මෙතැනත් ලැබ            සෝකය

        ගොස් නිරයේ දුක් විඳිනා                        අනේකය

        රැස්කොට ඉන් පින් මේ මිනිස්            ලෝකය

        සිස් නොකරව් කලකින් ලත්              මේකය

සතුන් මැරීම ආදී පස් පව් මේ ආත්මයේදී සිදු කොට සෝක වෙමින් සිට නිරයට වැද අනේක වූ දුක් විඳිති. එම නිසා මේ මිනිස් ලෝකයේදී පින් රැස්කොට ලබාගත් උතුම් මින්ස් බව හිස් නොකරන්න."

1.       පස් පව් නම් කරන්න? 

…………………………………………………………………

…………………………………………………………………

…………………………………………………………………

…………………………………………………………………

…………………………………………………………………

2.       පස් පව් කල අයට කුමක් සිදුවේද ?  …………………………….......................................................

3.       පස් පව් කිරීමෙන් රිදෙන්නේ දුක් විඳින්නේ කොහෙද? .....................................................................................

4.       පින් කළ හැක්කේ කුමන ලෝකයක ද? .............................................................................

5.       මෙම කවියෙන් නාම පද පහක් සොයන්න ? ........................................................................................

21    කන්නන් මෙය විස අඹපල      රිස්සේ

        මන් සන්තොස් කර කිම පල සෙස්සේ

        දැන් දැන් එයි මරුවා පසු          පස්සේ

        ඉන් පින් මය කටයුතු නම්                  දස්සේ

"ඉතාමත් කැමැත්තෙන් විශ සහිත අඹ පල බුදින්නන් සේ සිත් සන්තෝස කිරීමෙන් ඇතිවන සුළු හෝ පලය කුමක්ද, මාරයා දැන් දැන් තමන් පසුපස එන බව දැන දක්ෂව පින්කම්කළ යුතුමය." 

1.    මාරයා තමන් පසුපස එයි. ඉන් ගැලවීමට ඉන් ගැලවීමට කුමක් කළ යුතුද .........................................................................................................................................................................

2.       උපමා පදයක් ලියන්න ......................................................................................................

3.       මාරයා යනු කවුද .......................................................................................................................

4.       පින් කම් කීපයක් නම් කරන්න ................................................................................................................

......................................................................................................................................................................................................................................................................................................................................................................

22  ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන      ලෙස

      කුසලට මදකුත් පමා නොවනු            මිස

      මෙසසර අත්හැර නොයන මෙදුක්  රැස

      වෙසෙසින් නැත අත්හරිනා       උපදෙස

"හිස ගිනිගත් තැනැත්තෙක් එම ගින්න නිවා දැමීමට ඉක්මන් කරන්නා සේ පින් රැස් කිරීමෙහි පොඩි ප්‍රමාදයක් හෝ නොකළහොත්  මිස මේ සංසාරය අත් නොහරින්නා වු දුක් සමූහය අත්හරින්නා වූ වෙනත් උපදේශයක් නැත. " 

        i.  පින් රැස් කිරීමේ පොඩි ප්‍රමාදයෙන්  සිදු වන්නේ කුමක්ද ………………………………………………………………………………………………………………………………

       ii.  මෙම කවි උපමා පදය ලියන්න……………………………………………………………………………………

     iii    සමාන පද සොයන්න ·    ඉස

     පමා

·     සසර

·     උපදෙස

23  තනකින් ගෙන දැමුවොත් කැට නුබ            කුස

      අතරක නොරදන මෙන් මේ බිම              මිස

      සිත සතොසින් පින් නොකළොත් නිසි  ලෙස

      නැත වටිනා තැන් සසර අපා                                මිස

"උත්සාහයෙන් ගල් කැටයක් අහසට විසිකල නමුත් එය අතරෙ නොරැඳී මේ බිම පතිත වන්නා සේ නිසියාකාර සිත සතුටින් පින් රැස් නොකොළොත් සතර අපයේ මිස සිටීමට තැනක් නම් නැත." 

1)      හිත සතුටින් පින් නොකළොත් වන්නේ කුමක්ද? ………………………………………………………………………………………………

2)     තනකින් ගෙන දැමුවොත් කැට නුබ කුස -  අතරක නොරදන මෙන් මේ බිම මිස යන්නෙහි තේරුම ලියන්න.  ……………………………………………………………………………………………………………………………………….. ………………………………………………………………………………………………………………………………………………………

3)      සමාන පද ලියන්න

·        තතකින්

·        කැට

·        නුබ කුස

·        අතරක

·        බිම

24.  තිරව නොසිත කුණුකය            මෙතමායේ

        නොතිර බවට විදුලිය             උපමායේ

        නිතර මෙකය පවකට       නොනමායේ

        කවර කුසල් වීරිය              නොපමායේ 

"මේ දෙතිස් කුණුකයෙන් ශරීරය ස්ථීරය නොසිතන්න. අස්ථීර බවට විදුලිය එක උපමාවකි. මේ ශරීරය නිරතුරුම පාපකර්මයකට නොනමා වීරියවන්තව නොපමාව කුසල් කරන්න." 

1.     කවියා කවර උපදේශයක් ලබා දෙන්නේ ද? ……………………………………………………………………………..

2.     ශරීරය ස්ථීර නොවන බව ප්‍රකාශ කිරීමට යොදා ගත් උපමාව කුමක්ද ? ……………………………………………

3.     නොසිත, නොතිර, නොනමා, නොපමා යන පද වල විරුද්ධ අර්ථය ලියන්න . …………………………………………………………………………………………………………………………………………………

 25.  අදුරෙහි අස්ලොම විදිනට                    දුරදී

        විදුලිය පැහැ වැර දුනහොත්                වරදී

        විදුලිය වන් මේ කය ලත්                  තැනදී

        සිදු නොකළොත් මතු සගමොක්          වරදී 

"අන්ධකාරයේ තිබෙන අශ්ව ලෝම ගසකට යම් දුණු ශිල්පියෙකු විදුලිය එළියෙන් විදීමට උත්සාහ කරන්නේද විදුලිය වැරදුනොත් ඉලක්කය යම් සේ වරදීද? එසේම විදුලිය හා සමාන මේ මිනිස් කය ලබාගත් අවස්ථාවේ කුසල් රැස් නොකළොත් ස්වර්ග මෝක්ෂ සැප වරදී."

1.     ස්වර්ග  මෝක්ෂ සැප වරදින්නේ කුමක් නොකළොත් ද? ……………………………………………

2.     දුණු ශිල්පියෙකු  විදීමට උත්සාහ කරන්නේ කුමක් උපකාරයෙන් ද? …………………………………………

3.     දුණු ශිල්පියෙකු  විදින්නේ කුමන වේලාවක කුමකටද? ……………………………………………………

4.     දුණු ශිල්පියාට ඉලක්කය වරදින්නේ ඇයි ? …………………………………………………………………..

5.     මෙම කවියේ උපදේශය කුමක්ද ? …………………………………………………………………………………………………… ……………………………………………………………………………………………………………………………………………………. 

26.  කොතන වුණත් නැත මරු හට          බාදා

        විදින මෙසැප පින් ඇති තෙක්    වේදා

        ගෙවන සසර දුක් බුදු බණ                 නාදා

         කුමන නැටුම් කෙළි කවට            සිනාදා 

"කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?"

1.     අප මොලොව සැප විදින්නේ කවරක් ඇති තෙක් ද? …………………………………….

2.     මෙලොව ජීවිතය ගත කරන ආකාරය කවියා දකින්නේ කෙසේද ? ………………………………………………………………………………………………….

3.     මෙලොව හා පරලොව  ජීවිතය සැපවත් කර ගැනීමට කුමක් කළ යුතු දැයි කවියා ප්‍රකාශ කරයිද? ………………………………………………………………… 

27.  සැදැහැත් තන්හට බව දුක්    නොකැමැති

        යහපත් කල් මේ කල් මිස වෙන      නැති

        දනිතොත් දන්සිල් ගුණ සත      නොනැවතී

        පැයකුත් අවුරුඳු දහසක්                  විතරැති 

"සංසාර දුකට අකමැති සැදැහැති පින්වත් අයට පින් දහම් කිරීමට මීට වඩා සුදුසු කාලයක් නැත. දාන සීලාදී කුසල් ගුණයෙහි නතර නොවී දැනගත් තැනැත්තාට එක පැයක කාලයක් අවුරුදු දහසක් වන්නේය."

1.      කවියාගේ උපදෙස කුමක්ද ? ……………………………………………………………………………….

2.     සැදැහැවතා යනු කවුද ? ……………………………………………………………

3.     නිතර පින් දහමේ හැසිරෙන්නාට කවර වාසියක් සිදුවේද? ……………………………………………………………………………………………………

4.     සැදැහැවතෙකුවීමට අපේක්ෂා කරන පුද්ගලයෙකුට ලබාදීය හැකි ධර්ම අවවාද ලියන්න. ………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

 


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය