සැළලිහිණි සංදේශය - කෙටි ප්‍රශ්න 25

1. සැළලිහිණි සංදේශය රචනා කිරීමේ පරමාර්ථය කුමක්ද ?
6 වන පැරකුම් රජුගේ කණිටු දූ කුමරිය වූ උලකුඩය දේවියට සුදුසු පුත් කුමරු ලබාදෙන ලෙකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳු  ආයාචනය කිරීමයි 
2. සැළලිහිණි සන්දේශ කතුවරයා විසින් රචිත සන්දේශ නොවන සිංහල පද්‍ය කෘතිය කුමක්ද? කාව්‍යශේඛරය 
3. සැළලිහිණි හැරුණුකොට කෝට්ටේ යුගයේ රචිත සන්දේශ කාව්‍ය නම් කරන්න?
ගිරා පරෙවි කෝකිල හංස 
4. සැළලිහිණි සංදේශයේ ගමන් මග සඳහන් කරන්න? ජයවර්ධනපුරයේ සිට කැලණි පුරවරයට 
5. සැළලිහිණි සංදේශය ග්‍රාහක දෙවියො කවුරුන්ද?  
කැලණියේ විභීෂණ දෙවිඳු 
6. සැළලිහිණි සංදේශය රචනා කළ යුගයේ සිටි රජු කවුරුන්ද? හය වන පැරකුම්බා රජු 
7. රාහුල හිමියන් රචනා කළ කාව්‍යශේඛරයට වස්තු විෂය වූයේ කුමන  ජාතකයද? සත්තුභත්ත ජාතකය
8. රහල් හිමියන් විසින් රචිත කෘති නම් කරන්න
 පරවි සන්දේශය කාව්‍යශේඛරය   කාව්‍යශේඛරය සැලලිහිණි සන්දේශය පංචිකාප්‍රදීපය බුද්ධ්ප්පසාධනීය 
9. රහල් හිමියන් හැඳින්වීමේදී යොදාගත් උපධි නාමය නම් කරන්න  
තොටගමුවේ විජයබා පිරිවෙන්පති ටික ත්‍රිපිටක වාගීශ්වර ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 
10. රාහුල හිමියන් විසින් අනුදත් භාෂාවන් නම් කරන්න
 ෂඩ් භාෂා සංස්කෘත ප්‍රාකෘත මාගධී අපභ්‍රංශ පෛශාචි සෞරසේනී
11. පැරැණි සන්දේශ පද්‍ය ගණන කොපමණද   එකසිය අටයි 108
12. රහල් හිමියන් දැරූ තනතුර  නම් කරන්න 
තොටගමුවේ විජයබා පිරිවෙන්පති 
13. සැළලිහිණි සංදේශය සඳහන් පුද්ගල වර්ණනා නාම දක්වන්න පැරකුම්බා රජු උලකුඩය දේවිය විභීෂණ දෙවියන් 
14. සැළලිහිණි සංදේශයේ ස්ථාන තුනක් නම් කරන්න ජයවර්ධනපුර කැලණිපුරය කැලණි වෙහෙර 
15. කැලණි වෙහෙරට පැමිණ  සැළලිහිණියාට  වැඳීමට සැලැස්වූ ස්ථාන තුනක් නම් කරන්න 
I. ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම ය 
II. සල පිලිමය 
III. පස්මහල් පාය 
IV. වටදාගෙය 
V. පෑලදිග පහය වැදහොත් පිළිමය 
VI. මහා දාගැබ් හිමි 
VII. නා පිළිමගෙහි පිලිමය 
VIII. සමාධි පිළිමය 
IX. බෝධි රාජයා 
X. තිවංක නම් දෙපිළිමය 
XI. සිවුරු දාගැබ 
XII. වැඩි හිටි පිළිමය 
16. පරවි සන්දේශය රචනා කළේ කවුරුන්ද කුමක් පිණිස ද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් 6 වන පැරකුම් රජුගේ දෙටු දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු ලබාදෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවි ඇදීම් පිණිස රචනා කරන ලද්දකි .
17. ස්වභාව සෞන්දර්ය වර්ණනා වර්ණනාවට ලක් වූ ස්ථාන තුනක් නම් කරන්න 
කොන්තගංතොට වල් අම්බලම  සුමුටාන ගුරුබැවුල ගුරුළුකෙත වෙරළාන
18. සන්දේශ කාව්‍යයක දක්නට ලැබෙන පොදු ලක්ෂණ තුනක් නම් කරන්න 
• කථා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ පුද්ගලයකු වීම 
• ආසිර්වාදය ට අනතුරුව දූතයා වර්ණනා කිරීම 
• යා යුතු ස්ථාන දැක්වීම 
• මාර්ග වර්ණනාව 
• ප්‍රාදේශීය නායකයන්ගේ ගුණ වර්ණනය 
• සංදේශ ඉදිරිපත් කිරීම 
• දූතයාට සෙත් පැතීම 
19. සන්දේශ හාරකයා වශයෙන්  තෝරාගත යුතු පුද්ගලයා සතු ගුණාංග කෙබඳු විය යුතු ද 
• ස්ථානෝචිත ප්‍රඥාව 
• කීමේ බිණීමේ ශූරතාව 
• අනුන්ගේ අදහස් දැන ගැනීමේ  සාමාර්ථ්‍යය 
20. කෝට්ටේ යුගයට පෙර ලියැවුණු සන්දේශ කාව්‍ය දෙකක් නම් කරන්න 
මයුර සන්දේශය හා තිසර සන්දේශය 
21. රාහුල හිමියන්ගේ  පංචිකා ප්‍රදීපය කවර ග්‍රන්ථයක් ද     මොග්ගල්ලාන පඤ්චිකා නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයට කළ සිංහල සන්නයකි.
22. බුද්ධිප්පප්‍සාදනී නම් ග්‍රන්ථය කවර ග්‍රන්ථයක් ද?    
පද සාධන නම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථයට කළ ටීකාවකි .
23. සැළලිහිණි සන්දේශයෙහි කාව්‍ය රචනා කොට ඇත්තේ කවර විරිතකින්ද 
සමුද්‍ර ඝෝෂ විරිත 
24. සැළලිහිණි සංදේශයේ භාවිතා කළ උපමා රූපක කීපයක් නම් කරන්න
'වැලි තලාවන් නිමල් සඳ පහනෙකි'
'රිවිමඬල විලිකුන් සුරත් පලයෙකි' 
'කැලණි ගඟ සමනළ ගිජිදු දිගු කළ සොඬකි' 
'විභීෂණ දෙවිඳුගේ අත සුරතුරෙහි අතු පරදවයි'
'පැරකුම් රජ කිවි කැල ගෙලට මුතුහරකි'  
25. සැළලිහිණි සංදේශයේ දූතයා වර්ණනා කරන්නේ කවර පද්‍ය පන්තියකින්ද ?
දස පද සැහැල්ලකිනි

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය