පුංචි මැණිකාගේ චරිතය

පුංචි මැණිකාගේ චරිතය 
බැද්දේගම නව කතාවේ සිළිඳුගේ චරිතයෙන් පසු හමුවන ප්‍රධාන චරිතය යි. කතා ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන මෙම චරිතයෙන් දහසකුත් කම් කටොලු මැද දිවි ගෙවන  තැනැත්තියකි. 
• ඇගේ පියා සිලිඳුයි 
• මව වූයේ ඩිංගි හාමියි
• ඇගේ ඒ නිවුන් සොහොයුරිය හින්නිහාමියි
• ඇය හදා වඩා ගත්තේ කර්ලිනාහාමි නැන්දණියයි
• බබුන්ගේ බිරිඳයි
• බැද්දේගම ගම්මානයෙ අවසාන මනුෂ්‍ය ප්‍රාණියා ය 
• විවිධ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ආත්ම ආත්ම ශක්තියක් ඇයට ඇත 
• උපායශීලී ධෛර්යය සම්පන්නව  තම අයිතීන් උදෙසා හුදකලාව සටන් වදින තැනැත්තියකි.
බැද්දේගම නවකතාවේ පුංචි මැණිකාගේ චරිතය හමුවන්නේ සිලිඳු  හට දාව ඩිංගි හාමිට නිවුන් දැරියන් පිළිබඳ හෙළිදරව්වෙනි.

"කල් යාමෙන් ඩිංගි හාමි සිළිඳු නිසා නිවුන් දරු දෙදෙනකු ලැබුවාය. දරු දෙදෙන ම ගැහැනුය. ඉන් එකියගේ නම පුංචි මැණිකාය. අනෙකියගේ නම හින්නිහාමිය. "

 ඉපදී දෙදනකින් ඩිංගිහාමිගේ මවු සෙනෙහස අහිමි වන්නේ  තම පියාගේ පහරකෑමකිනි. එදින සිට කර්ලිනාහාමි   නම් නැන්දණිය යටතේ ඇති දැඩි වන තැනැත්තියකි. මවු සෙනෙහස අහිමි වූ ඇය සිළිඳුගේ ආදරය රැකවරණය අවුරුදු ගණනාවක් යන තෙක් නොලැබූ චරිතයකි. 
තම දැරිවියන් දෙදෙනාට අවුරුදු තුනක් යනතෙක් සොයා නො බැලූ තම පියාට නොසිතූ  සිදුවීමකට මුහුණ පාන්නට සිදුවේ.  එක් දිනක  පුංචි  මැණිකා තමා ළඟට පැමිණ මුහුණ දෙස බැලීමෙන් අනතුරුව දෑතින් අල්ලා ළඟට ගෙන පවසන වදනින් ඔහුගේ පිය සෙනහස ඉස්මතු ව දෝරේ ගලා යයි. 
" ගෙඹි පැටිත්තියේ ඇයි උඹ විල අත්හැරලා ද ආවේ ? උඹේ මේ පුංචි බඩට ඇතිවෙන්න කෑම නැද්ද ඒකෙ ? බතුයි , පොලුයි , අඹයි, පුංචි කුරක්කන් රොටීයි, උඹේ බඩ පිරිලා ද ? මෝඩ ගෙඹි පැටිත්ති, විල  අතහැරලා කැලේට ආවා? 
යනුවෙන් පිය ආදරය ලබන මෙම තැනැත්තියට, ඉදිරි ජීවිතයට අවශ්‍ය අත්දැකීම් සියල්ල ඔහුගෙන් හිමි වේ. තම පියාගේ අලසකම හමුවේ ඈ  හේන් ගොවිතැන හා පැල් රැකීම වැනි කාර්යයන් ද සිදුකරයි. 
ඇයගේ විවාහය අභියෝග ගණනාවක් මැද්දේ සිදුවූවකි. තම පියාගේ අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කර ගත් ඇය බබුන් සමග විවාහ වේ. මෙම අවස්ථාවේ   පුංචි මැණිකා තම පියාට පවසන වදන් වලින් ඇගේ සත්‍යවාදී බව පසක් වේ.
" මං කිව්වා මං එයත් එක්ක යන්ඩ කැමතියි කියලා. මට බැණ වැදිලා මගේ පපුව පලන්ඩ එපා. අප්පොච්චි, එයත් එක්ක  මයි යන්ඩ ඕනෑ. වචනය දුන්නා ඉන් පස්සෙ මොනව කරන්නද? "

පුංචි මැණිකා  විවාහයෙන් පසු තම ස්වාමියාට පවතින ආදරේ සෙනෙහස ගෞරවය භක්තිය ඇය කෙරෙන් විද්‍යමාන වේ. ' පුංචි මැණිකා ක්‍රමයෙන් වෙනස් වූවා ය. '  යනුවෙන් කතුවරයා  වරෙක ඇයගේ වෙනස්වීම දකී. විවාහ ජීවිතයේ දී එසේ වීම සාමාන්‍ය සංසිද්ධියකි. එම පොදු ධර්මතාවයට මුහුණ පෑමට ඇයට ද සිදුවිය. ඇයට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ප්‍රනාන්දු හා බබෙහාමි ආරච්චිල ඉඩ නොදේ. 
ප් රනාන්දු   මුදලාලි ගම්බාර යෙකු ලෙස බබුන් පත්කර ගැනීමට මාන බලනුයේ පුංචි මැනිකා තමා වෙත කැඳවා ගැනීමේ බලාපොරොත්තු වෙනි. එය අසාර්ථක වන විට බබුන් ගෙදර නැති විට කොල්ලෙකු අත පණිවිඩයක් යවා එය ඉටු කර ගැනීමට උත්සහ දරයි. ඒ දේ ඉටු නොවේ. සැමියා විට පවතින පති භක්තියේ උදාහර ගතිය පුංචි පුංචිමැණිකා අතින් දිස් වේ. බබුන් නොකළ වරදකට හිර බත් කෑමට සිදුවේ. එහි දී ඇය නිදහසේ ජීවත් වීම අගය යි . එය කිසි විටෙක තම විවාහක පුරුෂයා අත්හැර දමා වෙන අයකු නො පතයි.
බබුන් සිරගෙට නියම වීම හා ඇගේ පියා ගේ රැකවරණය අහිමි වීම ඇගේ දුක් දොම්නස් හා බිය  පහළ වීමට හේතු වේ. ඈ තුළ පවත්නා අධිෂ්ඨාන ගුණය හා අප්‍රතිහත ධෛර්යය නිසා  කම්බුරුපිටිය ට යන මාර්ගය දිගේ බබුන් මගදි හමු වේ යැයි සිතමින් ගමන් කරයි. බමුන් ගේ පැමිණීම කල්ගත වෙත්ම ඇය ගිය අවිනිශ්චිත අනාගතය හා බිය නිපදවීමට සමත් විය. 
එය කතුවරයා  දක්වනුයේ 
" බබුන්  නොපැමිණීම දවස් ගත ගතවන්නට ගතවන්නට ඇගේ විශ්වාසයක් බලාපොරොත්තු දෙදරුම් කෑවේය. අනාගතය පිළිබඳ බියෙන් ඈ තැති ගැණිනි. "  යනුවෙනි.
පුංචි රාළ ගමේ නව මුලාදෑනියා වීමත් සමග ඔහුගේ මතය වූයේ බබුන්  හිරේ දී මියයන්ට ඇතැයි යන්නයි. පුංචි මැණිකා ට සිතේ ඇති වූ යේ එහි ඇත්ත නැත්ත විමසීමයි. පුංචි මැණිකාට වෙනත් විවාහයක් කර ගන්නා මෙන්  පුංචි රහල ඉල්ලා සිටිය ද එයද ප්‍රතික්ෂේප කරන ඈ කඹුරු පිටිය බලා ගමන් කරයි. බබුන් සොයා යන  ඇයට   සිර ගෙය අසල තණ කවමින් සිටි මහල්ලාගෙන් අසා ගත් තොරතුරු මත සැමියා සිටින සිර ගෙදරට පා තබයි.  තම ගමේ දී මෙන් ම රාජ්‍ය නිලධාරීන් ගෙන් පීඩා විඳීමට ඇයට සිදු වේ.  පීඩා සිතින් දරා ගැනීමේ ආත්ම ශක්තියක් තිබුණු ඇය හිර පල්ලා විසින් බබුන් පිළිබඳ තොරතුරු පැවසීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ගමට පැමිණිනුයේ  ඉච්ඡාභංගත්වයට පැමිණි කාන්තාවක් ලෙසය. ඇගේ රැකවරණයට සිටි කර්ලිනාහාමි අබල දුබල තත්ත්වයට පත් වීම  මත වගකීම් රාශියක් දැරීමට පුංචි මැනිකා ට සිදු වේ . කර්ලිනාහාමි මියයාමත් සමග ගම් වැස්සෝ සියල්ල ගම අතහැර යාම  නිසා ඇය හුදකලා බවට පැමිණේ. මෙහි දී ගම්වැස්සන් පුංචි මැනිකා ට ගම අතහැර යෑමට ඇරියුම් කළ ද ඇය ප්‍රතික්ෂේප කරයි. තම පවුල ද්‍රෝහිකම් කළ පුංචි රාල තම නිවසට කැඳවා නඩත්තු කිරීමට පවා ඈ තුළ උදාර ගති ගුණ පැවතිණි. පුංචිරාළගේ සමුගැනීමෙන් පසු ඈ තනි වූවා ය. අවසාන කාලයේ ඇය තම ජීවිතය වනයට උවමනා ලෙස  ගෙවෙන්නට ඉඩ දී  කල් ගෙවෙත්ම, තම පැල වෙත පැමිණෙන වල් ඌරෙකු දැක කෑ ගසන පුංචි මැණිකාගේ අවසන් හෝරාව අනුවේදනීයත්වයෙන්  අවසන් වේ.
පුංචි මැණිකාගේ චරිතය තුළ දුක්ඛ දෝමනස්සයන් විඳ දරා ගනිමින් ආත්ම ශක්තියේ අගය කියා පෑ සිංහල නව කතාවේ අපූරු චරිතයකි. 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය