චිරත්තන ගද්‍ය සංග්‍රහය- සද්ධර්ම රත්නාවලිය පිරිවෙන් සිංහල

චිරත්තන ගද්‍ය සංග්‍රහය 

1. චිරත්තන බණ කතා කලාවේ ආරම්භය ලෙස සැලකෙන කෘතිය කුමක්ද  අමා වතුර 
2. එම කෘතිය අයත් වන යුගය සඳහන් කරන්න  පොලොන්නරුව 
3. සියබස් ලකර කෘතියේ සඳහන් වන පරිදි ගද්‍ය පද්‍ය නිර්මාණයේ දී වස්තු විෂය කර ගන්නා ලෙස නිර්දේශිත කරුණු මොනවාද 
පද්‍ය නිර්මාණයේදී -  බුද්ධ චරිතය
ගද්‍යයෙන් නිර්මාණයේදී- බුදුරදුන්ගේ වෘත චරිත්‍රාදිය 
4. පොලොන්නරු යුගයේ රචිත සිංහල බණ කතා කෘති නම් කරන්න  බුත්සරණ අමාවතුර දහම් සරණ සඟ සරණ 
5. දඹදෙණි අවධියේ දී රචිත සිංහල බණ කතා කථා කෘති නම් කරන්න පූජාවලිය සද්ධර්ම රත්නාවලිය 
6. ගම්පොළ යුගයට අයත් වන බණ කතා සාහිත්‍යය කෘතිය නම් කරන්න සද්ධර්ම අලංකාරය 
7. බණ කතා සාහිත්‍ය මගින් අපේක්ෂා කළ අරමුණු කවරේද 
• ජනයාගේ සිත් සතන් හි බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කිරීම 
• දුශ්චරිත මාර්ගයෙන් සුචරිත මාර්ගය වෙන් කොට හඳුනාගත හැකි ධර්මෝපදේශ සැපයීම 
• කාලීන සමාජ අවශ්‍යතා කෙරෙහි පුද්ගල පුද්ගල සවිඥානික කර වීම 
• නිර්වාණගාමී මාර්ගය ට අවතීර්ණ කරවීම 
8. සද්ධර්මරත්නාවලී යන්නේ අදහස පැහැදිලි කරන්න  සත්  ධර්ම රත්න ආවලි - සද්ධර්මය නම් මිණිකැට ඇමුණු වැල හෙවත් මාලය යන්නයි.
9. සද්ධර්ම රත්නාවලිය රචිත යුගයේ බිහිවූ තවත් බණ කතා ග්‍රන්ථයක් සඳහන් කරන්න  පූජා වලිය 
10. සද්ධර්ම රත්නාවලි කෘතිය රචනා කළේ කවුරුන්ද  ධර්මසේන නම් තෙරනමක් 
11. ධර්මසේන හිමියන් හා සම කාලීන ඒ වියතුන් දෙ දෙනෙක් නම් කරන්න  ලෝක සිද්ධාර්ථ ය ,සාහිත්‍යය විල්ගම්මුල ය ,අනුරුද්ධ ය ,දීපංකර ය ,ධර්මසේන ය .
12. පාලි  ධම්මපදට්ඨ කථ කථාව රචනා කල කතුවරයා  කවුරුන්ද  බුද්ධඝෝෂ ආචාර්යවරයා 
13. සද්ධර්ම රත්නාවලි කෘතිය රචනා කිරීමට හේතු වූ ප්‍රධාන  මූලාශ්‍රය නම් කරන්න  පාලි ධම්මපදට්ඨ කතාව 
14. පාලි ධම්ම පදට්ඨ කතාවට අමතරව සද්ධර්මරත්නාවලී ග්‍රන්ථය රචනා කිරීමට ධර්මසේන හිමියන්  වෙනත් මූලාශ්‍ර නම් කරන්න 
• පාලි මිලින්ද පඤ්හ 
• දීඝ නිකායට්ඨකථාව 
• මංගල සූත්‍ර අටුවාව 
• බුද්ධ වංශ පාළිය 
  ( සාතාගිර හේම හේමවත කතා , සූවිසි විවරණ කතා ,මංගල සූත්‍ර කතා , නාගසේන කතාව ,කාෂ්ඨ වාහන කතාව , බරණැස් රජු ගේ කතාව )
15. සිංහල බණ කථා කෘති අතර සද්ධර්මරත්නාවලිය සුවිශේෂත්වයක් උසුලන්නේ ඇයි  භාරතීය කතා ප්‍රවෘත්ති දේශීය ජනයාට ගෝචර වන අන්දමට දේශජ ලක්ෂණ වලින් සරසා ඉදිරිපත් කිරීම නිසා ය .
16. සද්ධර්ම රත්නාවලියේ කතා හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද වස්තු ව 
17. පාලි  කතාවල අර්ථය සැලකුවද පාලි රීතිය ගුරු නොකළ බවත් ස්වාධීන ව තම කතා ඉදිරිපත් කළ බව සඳහන් පාඨය  කුමක් ද 
පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝනාදි අඩුවැඩි ඇතත් ඒ නොසලකා පැන් හා කිරි මුසු වුවත් කිරි කිරි 
පමණක් තෝරා ගෙන හැරගන්නා හංසයන් මෙන් ද ……
18. ස්වාධීන ව කතා ඉදිරිපත් කිරීමට ධර්ම සේන හිමියන් සතු අපේක්ෂා අනාවරණය වන්නේ කුමන  හේතුවකින් ද
පාලි කතාවල අර්ථ ය සැලකුවද පාලි රීතිය ගුරු නොකළ හේතුවෙනි .
19. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ කුමක්ද 
එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මද වත් කුශලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදන් බණ දැන පින්කමැ හැසිර නිවන් සාධා ගනිත් නම් එසේ වූ සත් පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලී නම් ප්‍රබන්ධයක් කරම්හ. ( හෙළ බපෙළ බස පිළිබඳ අවබෝධය අඩු වුවද කුසල් කරනු කැමති සද්ධාවන්ත පුද්ගලයන් යහමඟ යැවීමයි . )
20. සද්ධර්ම රත්නාවලිය වඩාත් රසිකයාට ආකර්ෂණය වූයේ කතුවරයාගේ  ස්වාධීන  කතා  ශෛලිය   නිසාය . මෙම අදහස ඉදිරිපත් කළේ කවුරුන්ද මාර්ටින් වික්‍රමසිංහ .
21. ඉදිරිපත් කරන දෙය සාවද්‍ය ආකාරයෙන් අර්ථකථනය වීම මගහරවා ගැනීමට සද්ධර්මරත්නාවලි කතුවරයා ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද  
උපමා ප්‍රස්තාව පිරුළු භාවිතය යි .
22. ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ සුවිශේෂී ලක්ෂණයක් නම් කරන්න
 කෝෂ ග්‍රන්ථයක ස්වරූපය ගැනීම 
 
23. සද්ධර්මරත්නාවලියේ  ආකෘතියේ ස්වරූපය පෙන්වා දෙන්න 
• සමස්ත කතාවේ හරය කතා ආරම්භයේ දී හකුළුවා දැක්වීම 
• කතාව අවසන දී ධර්මෝපදේශයක් ලබා දීම 
24. සද්ධර්මරත්නාවලියේ කතා වල දැකිය හැකි විශේෂතා නම් කරන්න 
• කෝෂ ග්‍රන්ථයක ස්වරූපය ගැනීම් 
• උපමා ප්‍රස්තාව පිරුළු භාවිතය 
• නිරූපිත බාහිර ලෝකය හා අභ්‍යන්තරික අභ්‍යන්තරික මානුෂීය ලක්ෂණ පිළිබඳව    අපූර්ව තාත්වික බවක් ගැබ් වී තිබීම

නන්ද මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව 

26. නන්ද මහ තෙරුන් ගේ වස්තු දේශනා කළේ ඇයි / කතාවේ පරමාර්ථය නම් කරන්න /  කතාවේ උපදේශය නම් කරන්න 
තවද අනුශාසනා නැතිවීමෙන් ශාසනාභිරති නැතිව පිළිවෙත පමා වීමෙන් නිවන් සාධා ගත නොහෙන්නවුන්ට  ශාසනාරතියට උපදෙස් දෙන නිසා 

27. බිම්බා දේවිය ට ගුණයෙහි තරම දක්වා මහෞෂධ පණ්ඩිත අවස්ථාවේ දේශිත   ජාතකය කුමක්ද
චන්ද කින්නර ජාතකය
28. නන්ද කුමරුට උදා වූ මගුල් තුන නම් කරන්න  වොටුනු මගුල ගෙවදනා මගුල විවාහ මඟුල 
29. නන්ද කුමරු විවාහ වීමට සිටියේ කවුරුන් සමගද දනවු කලණ

කුණ්ඩලකේෂී වස්තුව 

30. රජගහනුවර කුන්ඩලකේසි සිටු දියණියගේ වයස කීයද සොළොස් හැවිරිදි 
31. කුණ්ඩලකේසී සත් මහල් ප්‍රාසාදය උඩු මහලේ දෙමව්පියෝ රඳවා සිටියේ ඇයි 
මිථ්‍යාචාරයෙන් නවතනු පිණිස 
32. සොරුන් හෙලන ගල උඩට කුණ්ඩලකේසී රැගෙන ගියේ ඇයි 
කුණ්ඩලකේසී මරා ආභරණ අබරණ පැහැරගෙන පලා යෑමටය.
33. පරිබ්‍රාජිකාවන් වීම ට අවශ්‍ය සුදුසු කම් මොනවාද 
කසිණ භාවනාව කරමින් ධ්‍යාන  ඉපදවීම හා වාද දහසක් ඉගෙනීම 
34. කුණ්ඩලකේසී  ජම්බුපරිබ්‍රාජක නමින් හැඳින්වෙනුයේ ඇයි  දඹ අත්තක් අතින්ගෙන ඇවිදනා හෙයිනි 
35. ජම්බු පරිබ්‍රාජිකාව සමග වාද කීරීමට සූදානම් වන්නෙකු මුලින්ම කළයුත්තේ කුමක්ද  සිටුවා ඇති  දඹ අත්තක් කඩා දැමීම 
36. කුඩා දරුවන් දඹ අත්තක් කඩා දැම්මේ කාගේ ඉල්ලීමට ද සැරියුත් තෙරුන් වහන්සේගේ ඉල්ලීමට 
 


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය