බබුන් අප්පු බැද්දේගම

බබුන් අප්පු 
බැද්දේගම නවකතාවේ බබුන් අප්පු බබේ හාම් ආරච්චිලගේ මස්සිනාය. ඔහු පුංචි මැණිකාගෙ සැමියා වේ. සිලිඳුගේ බෑණා වේ. නැන්චොහාමිගේ මල්ලීය. අවුරුදු විසි එකක තරුණයෙකු වූ ඔහු සාමාන්‍ය සිංහලයෙකුට වඩා වැඩුණු කාය ශක්තියකින්, ධෛර්යය වන්ත, අවංක කමින් යුත්, කුඩා දරුවෙකුට වුවත් රැවටිය හැකි අයකු ලෙස කතු වරයා බබුන් හඳුන්වා දේ.
කඩවසම් තාරුණ්‍ය  නියෝජනය කළ බබුන් අප්පු පුංචි මැණිකා දැකීම ප්‍රිය දසුනක් විය . පුංචි මැණිකා  ඩැහැ ගැනීමට මාන බලමින් සිටි ඔහුට හේනට ගොස් එන අතුරතුර ඇය හමු වේ.
  "උඹ හොයාගෙනයි මං මේ ආවේ. වරෙන් මාත් එක්ක මේ පාරෙන් එහාට. ඊයෙ මුළු රෑම මට නිදාගන්න බැරි වුණා. උඹ  ගැන හිත හිතාම උන්නා මිස. උදේ පාන්දරම හේනේ ඉදලා එනකොට උඹ  හම්බවෙන්න මං ආවේ ඒකයි."
 බබුන් අප්පු ගේ සිත තුළ රාගික චේතනාවක් මතු වී ඇත. ඒ අදහස  ඉහත පාඨයෙන් පැහැදිලි වේ. එසේ ම ප්‍රබලයා විසින් දුබලයා ග්‍රහණයට ගැනීමේ ආරච්චිලගේ ක්‍රියා කලාපය ඉදිරියට ගෙන යන්නකු ලෙස ක්‍රියා කරයි. 
තමා අදහස් සෘජුව ප්‍රකාශ කරන්නෙකු ලෙස බබුන්  බැද්දේගම නවකතාව තුළ හඳුනා ගත හැකිය. එහි පළමු සිදු වීම වන්නේ තමාගේ විවාහය පිළිබඳ ව ආරච්චිලට හා නැනැන්චොහාමිට ප්‍රකාශ කරන අවස්ථාවයි. ඔවුන් දෙදෙනා එයට එකහෙලාම විරුද්ධත්වය ප්‍රකාශ කරයි. එහෙත් බබුන්ගේ මතය වූයේ පුංචි මැණිකා හැර වෙන කිසිම තැනැත්තියක් විවාහ  නොකර  ගන්නා බවයි. ආරච්චිල, බබුන් මස්සිනා මෝඩයෙකු ලෙස සැලකූ බව කතුවරයා වරෙක ප්‍රකාශ කරයි.  
"  මම උඹෙන් ගත්තු කෙහෙම්මලක් නෑ. මම අවුරුදු දෙකක් හේන් වැඩ කළා. ඒකෙ අස්වැන්න ගත්තෙ උඹ. මං නොවෙයි. දැන් උඹේ බිස්සේ තියෙන ඔය කුරක්කන් මං එළි කරපු හේනෙන් ගත්තු  කුරක්කන් නෙමෙයි ද? "
  මෙම සිදු වීම බබුන් ට ආරච්චිල ගේ  නිවසෙන් පිටව යාමට හේතුවක් වෙයි.
සිලිඳු  මුණගැසී තමා පැමිණි කාරණය සෘජු ව ප්‍රකාශ කරයි. 
" සිලිඳු  මම ආවේ උඹේ දූ  පුංචි මැණිකා ගැන උඹත් එක්ක කතා කරන්ඩ" 
සිළිඳු අකමැති වුවත් පුංචි මැණිකා ට වූ පොරොන්දුව ඉෂ්ට කරයි. එය මනුෂ්‍යයෙක් තුළ පවතින  මහඟු ගුණාංගයකි. නව ජීවිතයට අලුත් නිවහනක්  සාදා ගත් ඔහු, ඉන් නොනැවතී වෙහෙස මහන්සියෙන් ගමේ ම හොඳම අස්වැන්න තම නිවසට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබේ. පුංචි මැනිකා ට දා ව  දරුවකු ලැබ, බබුන් පීතෘත්වයට පා නැගුවද, මාස දහ අටක් 18 ක් වයසැති තම දරුවා ගමට උදාවූ උණ හා අතීසාර රෝග වලින් මිය යාම තාමා සතුට අසතුටට පත් කිරීමට සමත් විය.

ඔහුගේ විවාහය අභියෝග හමුවේ සිදු වුව ද ඔහුට සාර්ථක විවාහ ජීවිතයක් ගත ගත කිරීමට සමාජයෙන් ඉඩ නො ලැබේ. ප්‍රනාන්දු හා ආරච්චි ගේ කූට උපක්‍රම හේතුවෙන් ඔහුට හිරබත් හිර බත් කෑමට සිදුවේ. ආරච්චිල තම නිවසට කැඳවා බබුන් ට ප්‍රකාශ කරන්නේ  පුංචි මැනිකා  ප්‍රනාන්දු ට කැමති වූ බවයි. 
" උඹ හේනට ගිය අතර මහත්තයාගේ ගෙදරට ගෑනි ආවා, ඇවිත් නෑ කියා තියෙනවා මහත්තයත් එක්ක එන්ඩ බෑ කැමති බව."
 එහෙත් බබුන් තම  ස්වාමි දියණිය පිළිබද සැකයක් ඇති නො කර ගනී. 
"ඔය කතාව බොරු වෙන්ඩ ඕනෑ "
යනුවෙන් එය පිළි  නොගන්නා බව බබුන් ප්‍රකාශ කරයි. 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය