පන්සිය පනස් ජාතක කතා පොත - චුල්ලසෙට්ඨි ජාතකය හා චුල්ල හන්ස ජාතකය අනුමාන ප්‍රශ්න

පන්සිය ජාතක කතා පොත
1. පන්සිය පනස් ජාතකය රචනා වූයේ කවර යුගයක ද කුරුණෑගල යුගය 
2. කවර රජ දවස ද 4 වන පරාක්‍රමබාහු රජු දවස 
3. විද්වතුන්ට අනුව ජාතක කතාව කවර යුගයක ආරම්භ ව කවර යුගයක අවසාන් වීද  කුරුණෑගල යුගයේ iv පරාක්‍රමබාහු රජ දවස ආරම්භ ව ගම්පොළ යුගයේ තුන්වන වික්‍රමබාහු රජු කාලයේ දී අවසන් වූ බව.
4. මෙම ග්‍රන්ථය රචනා කිරීමට ආරාධනා කළේ කවුරුන් ද පරාක්‍රම නම් ඇමතියා 
5. ඒ සඳහා අනුග්‍රහය උත්සාහය දැරුවේ කවුරුන් ද වීරසිංහ ප්‍රතිරාජ ඇමති 
6. පන්සිය පනස් ජාතක කතාවේ අරමුණ කුමක් ද 
බුදුන් වහන්සේගේ පූර්ව ජන්මය පිළිබඳ පුරා කතා ඉදිරිපත් කිරීම 
7. පන්සිය පනස් ජාතකය රචනා කිරීමට මූලාශ්‍රය වූයේ කවර ග්‍රන්ථය ද  පාලි ජාතකට්ඨ කතාව
8. ජාතකට්ඨකථාව  ත්‍රිපිටකයේ කිනම් නිකායට අයත්ද  ඛුද්දක නිකාය
9. ජාතක කථාවන්හි පරමාදර්ශි ප්‍රධාන චරිතය කවරේද බෝසත් චරිතය
10. ජාතක පොතෙහි ඇතුළත් කතා ගණන කොපමණද  547
11. ජාතක කතා කතාවට පොදු වූ අවස්ථා තුන නම් කරන්න 
වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැළපීම හෙවත් සමෝධානය 
12. ජාතකට්ඨකථාව රචනා කළේ කවුරුන් විසින්ද  බුද්ධ ඝෝෂ හිමියන් 
13. ජාතක කතාවේ ප්‍රයෝජන සඳහන් කරන්න 
• උපදේශාත්මක ධර්ම ග්‍රන්ථයක් ලෙස පුද්ගලයාගේ මෙලොව පරලොව සැප සාධනය හා පරම විමුක්තිය සකසා ගැනීම සඳහා උපදෙස් සැපයීම 
• පුද්ගල චරිතායතනය ට පෙළඹ වීම - බෝසත් චරිතය චරිතය ආදර්ශයට තබා ගෙන පුද්ගල චරිත යහපත් කර ගැනීමට පෙළඹ වීම 
14. චුල්ල සෙට්ඨි හා චුල්ලහංස ජාතකයන්හි  විද්‍යාත්මක පදනම නම් කරන්න 
• චුල්ල සෙට්ඨි ජාතකය - ආර්ථික විද්‍යාත්මක පදනම 
• චුල්ල හංස ජාතකය - සමාජ විද්‍යාත්මක පදනම 
15. මාර්ටින් වික්‍රමසිංහ ජාතක කථාවන් හඳුන්වන්නේ කුමන නමකින්ද "චරිත විනිවිද දුටුවන්ගේ කතා "

චුල්ල සෙට්ඨි ජාතකය 
1. ජාතකය වදාළේ කා අරභයා ද චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ 
2. චුල්ල සෙට්ඨි  ජාතකයෙන් සාමණේර භික්ෂුවකට ලබා දෙන  ධර්මෝපදේශය නම් කරන්න  
• තමන්ගේ  විභව ශක්තිය මැනවින් තේරුම් ගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි  දියුණු කර ගැනීම හා 
• උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව වැඩි දියුණු කරගත හැකි බව 
3. චුල්ලසෙට්ඨි ජාතකයේ  අගය කෙටියෙන් පහ දන්න 
චුල්ලසෙට්ඨි ජාතකය අගය පැහැදී මේ දී මූලික කරුණු දෙකක් ඔස්සේ විමසිය හැක. පළමු වැන්න නම් 
පොදු භික්ෂු සමාජය විසින් පිටු දක්නා ලද සාමණේර නමකගේ විභව ශක්තිය මැනවින් හඳුනා ගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත  කමටහන් ලබා දී නිර්වාණ මාර්ගය විවර කර දීම උදා - මහා පන්ථක තෙරණුවන්ට චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ ගේ විභව ශක්තිය හඳුනා ගත නොහැකිව, විහාරයෙන් නෙරපූ කල, චුල්ල පන්තක සාමණේරයන් ගිහි වෙමියි සිතා නික්මෙන උදෑසන යන මඟ දොරටුවේ බුදුන් වහන්සේ හමුව, බුදුන් වහන්සේ පිරිසුදු රෙද්දක් රජෝ හරණං රජෝ හරණං යැයි කියා පිරිමැදීමට ලබා දී (ප්‍රායෝගික ක්‍රියාකාරකම  ) නිවන් මඟ පසක් කළ සේක. දෙවැන්න නම් බුදුන් වහන්සේ විසින් දේශිත අතීත කතාවේ දී  උත්සාහයත් ස්ථානෝචිත ප්‍රඥාව  සහිත නම් දියුණු විය හැකි බව පෙන්වා දේ. එහි දී චුල්ල සිටාණෝ නම් වූ බෝසතාණන් වහන්සේ රාජ්‍ය සේවයට යන විදියේ මළ මීයකු දැක පැවසූ වදන ඇසූ, කුල පුත්‍රයෙක් එය විකුණා දෙවියට සමාරක් රත්තරන් ලැබ, එයින් මාලා කාරයින්ට උක් හා පැන් දී ඔවුන් ගෙන් ලද මල් විකුණීමෙන් අට කහවණුවක්ද උපයා, රාජ උයනේ සුළඟින් වැටුණු දර උද්‍යානපාලකයාගෙන් ගෙන කුඹලාට විකුණා සොලොස් කහවණුවක් හා වලං පන්සියයක් ද හිමිව, පන්සියයක් තණ අඳිනා පුරුෂයන්ට පැන් ලබා දී ඔවුන් සමග මිත්‍ර ව සිට ඔවුන්ගෙන් ලබා ලබා ගත් තණ මිටි   පන්සියයක්  අසුන් සිටි අශ්ව වෙළඳකුට ලබා දී කහවුණු දහසක් උපයා නැව් තොටට පැමිණ  උපායශීලී ව නැව් බඩු විකුණා දෙලක්ෂයක් වස්තු රැගෙන බරණැස් නුවර ට ආ ඔහු ලක්ෂයක්  වස්තු ගෙන  චුල්ල සිටාණන් ඒ වෙත පැමිණ සියළු පුවත් හෙළි කරයි. ඉන් හැඟෙනුයේ උත්සාහය හා ස්ථානෝචිත  ප්‍රඥාව සහිත නම් දියුණු විය හැකි බව යි. 
මේ අනුව වර්තමාන සාමණේරයන් වහන්සේට පමණක් නොව සියලුම ගුරු සිසු දරුවන්ට මෙය කාලෝචිත පූර්වාදර්ශක් සපයයි. එමෙන් ම සිසුන් හඳුනා ගෙන ඔවුන්ට නිසි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට මග හසර කියා දේ .



Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය