2 සිංහල පිරිවෙන්

1.       පහත රචනා ඇසුරු කර ගනිමින් එම මාතෘකා යටතේ  වචන 150 කට නො අඩු  වාක්‍ය රචනා ලියන්න .  

 

       i.          ඉගෙනීමේ අගය

ඉගෙනීමේ අගය

 

අපි පාසල් ගොස් අකුරැ ලියමින් කියමින් ඉගෙන ගනිමින් සිටින්නෙමු. වසර එකොළහක් පමණ පාසල් යාමෙන් පසුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නෙමු. වෘත්තීය අධ්‍යාපනයට යොමු වන්නේ අපේ හැකියා සහ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ය. මේ සියල්ලම අප බලාපොරොත්තු වන්නේ අපේ අනාගතය යහපත් ලෙස සකසා ගැනීමයි. ඉගෙනීම නමැති පහන් ආලෝකයෙන් ජීවිතයම ආලෝකවත් වෙයි. අන් අයගේ ජීවිත ද ආලෝකවත් කළ හැකි ය. සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම,ආකල්ප, කුසල ඉගෙනීමෙන් හා වර්ධනය කර ගැනීමෙන් පිරිපුන් ජීවිතයක් ළඟා කර ගත හැකි වේ. මිනිසා උපතේ සිට මරණය දක්වා ම ඉගෙන ගන්නේ ඒ නිසා  ය.
අප ලබන අධ්‍යාපනය තුළින් අපේ ආකල්ප හා සිතුම් පැතුම් ගොඩනැගෙනු ඇත. පෞරැෂ වර්ධනයත් ආත්ම විශ්වාසයත් ගොඩ නැගෙන්නේ අධ්‍යාපනය මගිනි.ඉගෙන ගත යුතු කාලයේ ඉගෙන නොගත්තොත් පසු කාලයේ දී අපට පසු තැවීමට සිදු වේ. එය සමාජයට ද තමාට ද හානියක් වේ. තමා රුකීමටවත් සමාජය සුරුකීමටත් සිප් සතර ඉගෙනීම අවශ්‍ය වේ. සමාජයට තම කුසලතාවලින් සේවයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එය මනා ලෙස හැදෑරිය යුතු ය.
කිසිම දිනක කිසිවකුටත් සොරා ගත නොහැකි එකම වස්තුව අපි ලබන අධ්‍යාපනයයි. එයින් ලබන පෞරැෂත්වය ආත්ම අභිමානය කිසිම දිනක විනාශ වී යන්නේ නැත.
ළමා අවදියේ දී  නිසි ලෙස අධ්‍යාපනය ලැබීමටත් වැඩිහිටියන් වූ පසු උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමටත් අපි අධිෂ්ඨාන කර ගනිමු.

නෙත්මි ඔවාමිණි සමරජීව
9 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ ධර්මපාල

ඉගෙනීම සඳහා නිශ්චිත වයසක්, කාලභේදයක් නැත. එමෙන්ම ඉගෙනගන්නා දෙය කිසිදු විටෙක අපතේ යන්නේද නැත. සාර්ථකත්වයෙන් හෙබි පුද්ගලයකු බිහි වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය වේ. ඉගෙනගත් පුද්ගලයාට අනාගතය පිළිබඳ බියක් නැත.

සොර සතුරකුට පවා ගත නොහැකි එකම දෙය ඉගෙනීම පමණි. කොතරම් අඩු-පාඩු දුෂ්කරතා තිබුණද ඒ සියල්ල මධ්‍යයේ ඉගෙනගත හොත් යහපත් අනාගතයක් උදා කරගැනීමට පුළුවන. පුංචි අපිත් ඉගෙනීමේ අගය වටහාගෙන ඉදිරියට යෑමට අදිටන් කරගනිමු.

ජී. ඩී. දේවින්දි දිනුෂිකා අබේවික්‍රම 
10 ශ්‍රේණිය, 
අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය, අඹන්පොළ

ඉගෙනීම යනු නොදන්නා දෙය දැන ගැනීමයි. ලෝකයේ උගතුන් බුද්ධිමතුන් බිහි වී ඇත්තේ ඉගෙනීමෙනි. ඉගෙනීම අප සමාජයේ ගුණ ගරුක පුද්ගලයෙකු කිරීමට උපකාර කරයි. ඉගෙනීමට ඇති ප්‍රධාන ස්ථානය පාසලයි. එය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි. ඉගෙනීම නැතිව කොපමණ මිනිස්සු ජීවිතය සාර්ථක කර ගත නොහැකිව සිටිත් ද? එම නිසා අපි කුඩා කල සිට ම හොඳින් අධ්‍යාපනය ලැබිය යුතුවෙමු.

ඉගෙනීමට පාසලෙන් ලැබෙන දැනුම පමණක් නොව පොත් පත්වලින්  ද අපි දැනුම ලබා ගත යුතුවෙමු. පත්තර සාහිත්‍ය ලේඛන කියවා ඒවායේ දැනුම ලබා ගනිමු. අපට ලැබෙන විවේක කාලයේදී පවා ඉගෙනීම කළ යුතුවෙමු. ඉගෙනුම පිළිබඳ ‘වදන් කවි පොතෙහි’ සඳහන් කවියකි මේ.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
ඉගෙනීමෙන් ජීවිතයේ ජය ලබමු

උදයන පසිඳු දිසානායක

6 ශ්‍රේණිය ‘ඩී’,

වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යා

අනුරාධපුරය. 

       ii.            මා ඉපදුණ මගේ මව්බිම

මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව වටේටම දක්නට ලැබෙන්නේ මුහුදයි. එම නිසා මගේ රට දුපතක් වශයෙන් හදුන්වනු ලබ‍යි. මගේ රට ඉතාමත් අලංකාරය. එය ඉන්දිය සාගරයේ මුතු ඇටය නමින් ලොව ප්‍රසිද්ධ වන්නේය.

මගේ රටේ දේශගුණය ශරීරයට ඉතාමත් සුවදායකය. කදුරට ප්‍රදේශවල සම ශීත හා උෂ්ණ දේශගුණය
ක් පවතිනවා. වර්ෂාව නියමිත කාලයට ලැබෙනවා.

අපේ රටේ නිපදවන ලංකා තේ කොල මුළු ලොවම ප්‍රසිද්ධියට පත්වී ඇත. සමොනොල කදු මුදුනෙන් ගලා
බසින මහවැලි, කැලණි,කඑ, වලවේ නදීහු ඉතා අලංකාරයට ගලා බසියි. එසේම අහස උසට තරම් විහිදී යන කදු අපේ රටේ දක්නට ලැබෙනවා. සමනොළ, පිදුරුතලාගල, නමුණුකුල අදිය මේ කදුමින් සමහරකි. ඉතා ලස්සන දියඇලි මගේ රට තවතවත් අලංකාර කරති. දියලුම, දුන්හිද, බෝපත් ඇල්ල, රාවනා ඇල්ල එබදු දිය ඇලි කිහිපයකි. මගේ රට සුන්දර නිසා විදේශිකයන් පැ‍මිණෙති.

අපේ රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙනවා. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීවශයෙනි. අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ලිවීමට හා කියවීමට යොදා ගනිති. මෙම ජන වර්ග බුදු දහම, හින්දු දහම, ක්‍රිස්තු දහම, කතෝලික දහම, මුස්ලිම් දහම ආදී ආගම් අදහති. ශ්‍රී ලංකාවට මම ඉතා ආදරෙයි. මගේ රටේ දියුණුවට වැඩ කිරීමත් එය සුරැකීමත් මගේ යුතුකමක් වශයෙන් මා සලකමි. මගේ රටට දළදා සමිදු පිහිට දිනෙන් දින ලැබේවායි කියා මා පතමි.

     iii.            ගංගාවක් කතා කරයි

මම ශ්‍රී ලංකාවේ දිගම ගඟ වෙමි. මම සමනල කන්දෙන් ගලා බසින ගඟක් වෙමි. මම මුහුදට යන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයෙනි.මගේ සහෝදරයෝ කැලණි, කළු, වලවේ යන ගංගාවෝ ය. අතීතයේ නම් මගෙන් ප්‍රයෝජන මිනිස්සු ගත්තෝ ය.එහෙත් මා දැන් නිකරුනේ මුහුදට යන ගංගාවකි.මට මහවැලි යනුවෙන් නම යෙදී ඇත්තේ මා බොහෝ දිග නිසාය.මම සිවුමහ ගංගා වලින් එක ගඟකි.මගෙන් ප්‍රයෝජන ගන්න කියා මම ඉල්ලා සිටිමි.මෙතෙක් වෙලා ඔබ සමඟ කතා කළ මම මහ වැලි ගඟ වෙමි.

 

     iv.            සතුන්ට හිංසා නොකරමු

සතුන්ට හිංසා නොකරමු

සියලු සත්ත්වයෝ මරණයට බියවෙති, දඬුවමට බිය වෙති. ජීවත්වීමට ප්‍රිය  කරති. එහෙත් මාංශ පිණිස සත්ත්ව ඝාතනය සිදු කිරීම ලොව පුරා පැතිරී ඇති දෙයකි. අපි ගවයා දෙස බලමු. ගවයාගෙන් කිරි, පොහොර ආදිය ලබා ගනී. ශ්‍රමය ද ලබා ගනී. එහෙත් අවසානයේ කෲර ලෙස එම සත්වයා මරණයට පත් කර මාංශ ආහාර ට ගනී. එලෙස නො කළ යුතුය. එම පාපයන් දිට්ඨධම්මවේදනීය කර්ම වශයෙන් ඵල දෙයි.

දිනක් බුදුන් වහන්සේ මාවතේ වඩින විට ළමයින් පිරිස සර්පයකුට පහර දෙනු දැක දරුවනි, කුමක්දැයි කරන්නේ විමසූහ. “ස්වාමීනි මේ සර්පයා මරන්නයි හදන්නේ”. “දරුවනේ ඔබ කැමැති ද දඬුවම් විඳින්න, පහර කන්න”, “නැත ස්වාමීනි”, ඒ වගේ තමයි සතුන්ට රිදෙනවා. තුවාල වෙනවා. අපි සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වමු. බුදුරජාණන් වහන්සේ වදාළ හ. ඒ නිසා දිනපතා සතුනට කෑම, ජලය දෙමු. ඒ සතුන් සතුටින් ආහාර ගන්නා හැටි ලා අපිත් සතුටු වෙමු.

වටරැක ඥාණවංශ හිමි
මූලික වසර
ප්‍රඥානන්ද පිරිවෙන - මහරගම

 

       v.            මවුපිය උපස්ථානය.

   අටවැනි අග්බෝ රජතුමා පෙර ලංකාවේ රජවරුන් පවා මවුපිය උවැටන ඉමහත් ගෞරවයෙන් කළ බවට නිදසුනකි. රාජ සභාවට යෑමට පෙර මව්තුමියට උපස්ථාන කිරීම එතුමාගේ සිරිතය. එතුමා මාලිගයෙන් පිටව ගියේ මෑණියන්ට පැදකුණු කරමින් තෙවරක් වන්දනා කිරීමෙන් අනතුරුවය.

පෙර දවස එසේ වූවත් වර්තමානයේ මාපියන්ට සැලකීම පිළිබඳ විවිධ අඩු ලුහුඩුකම් පවතී. ඒවා මගහරවා ගනිමින් සමාජයට එම යුතුකම් නැවත නැවත මකත් කරදීම අරමුණු කරගනිමින් අද ධර්ම සභාවේ සාකච්ඡා වන්නේ මව්පියන්ට සැලකීම පිළිබඳව ය. කුරුප්පුකන්ද ශ්‍රී විවේකාරාමාධිපති පූජ්‍ය පරවාහැර පියනන්ද හිමියන් ඒ පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි මේ.

* මාපියන්ට සැලකීමේ යුතුකම, වර්තමානයේ තිබෙන තත්ත්වය කුමක්ද?

මූලික වශයෙන්ම කාර්යබහුල ජීවන රටාවකට හුරුවී කාලීන සමාජය දෙමාපියන්ට තමාගෙන් සිදුවිය යුතු යුතුකම් වගකීම් පැහැර හරිනවා. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී සදිසා නමස්කාරය පිළිබඳ දේශනා කරමින් දෙමාපියන් පෙරදිග දිශාවට සමාන කර දෙමාපියන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න පැහැදිලි කළේද අපූර්ව දුර දක්නා නුවණකින් බව මනාව පැහැදිලිවෙනවා.

ඒ අනුව, ආහාරපානාදියෙන් පෝෂණය කිරීමෙන්, ඔවුන්ගේ කටයුතු කරදීමෙන්, කුල පරපුර රැක ගැනීමෙන්, දායාද නිසි පරිදි භුක්ති විදීමෙන්, මියගිය මව්පියන්ට පින් පැමිණවීමෙන් යන අයුරින් දෙමාපියන්ට සංග්‍රහ කළයුතු වෙනවා. කාලීනව දෙමව්පියන්ට තමාගෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැන කිසිදු අවබෝධයක් දරුවන් හට නැති බවක් පෙනී යනවා.

බොහෝ මාපියන්ට අද සිදුවී ඇත්තේ වයස්ගත වූ පසු වැඩිහිටි නිවාසයකට වී මරණය එනතුරු බලා සිටීමට හෝ දරුවන්ගේ දරුවන්ද බලා ගනිමින් වෙහෙසකර ජීවිතයක් ගත කිරීමටයි. දරුවන්ට සිදුවිය යුතු සියලු දේ ඉටුකොට තමා සතු සියලු වත්කම්ද දරුවන්ට පවරා දුන් පසු දෙමාපියන් බොහොමයකට හිමිවන උරුමය එයයි. වර්තමානයේ අප අසන දකින කරුණු තුළින් පැහැදිලි වෙන්නේ දෙමාපියන්ට සැලකීමේ ඉතාම පහත් තත්ත්වයක ති‍බෙන බවයි.

* එවැනි තත්ත්වයකට වර්ථමාන සමාජය පත්වතිබෙන්නේ ඇයි?

වර්ථමාන සමාජය යම් තැනක අතරමං වී සිටින ස්වභාවයක් අපට දැකගන්න තිබෙනවා. අම්මා තාත්තා කියන්නේ කවුද කියලා තේරුම්ගන්න බැරි ස්වභාවයක් අද තියෙන්නේ. අප මෙලොවට බිහි කිරීම පමණක්ම මවකට සැලකීම ප්‍රමාණවත් කියලා තේරුම් ගන්න බැරිකමක් අද තියෙන්නේ. අපි මේ ලෝකෙට බිහි කරලා අප ශාරීරිකව පරිපූර්ණ කරමින් මේ සමාජයේ දිවි ගෙවන අයුරු උගන්වමින් මව්පියන් කරන වෙහෙස මෙලොව කිසිදු අයකු කරන්නේ නැහැ.

සරලව හිතුවොත් මාපියන් අප ඉපදුණු සැණින් කුණු ගොඩ  දමාගියා නම් අප අද කොතැනක දැයි අපවත් දන්නේ නැහැ. සැබෑම කරුණ නම් දෙමාපියන් තරම් සෙනෙහසින් දරුවකු රැකබලා ගැනීමට මෙලොව වෙනක් කිසිවකු සමත් නොවීමයි. මවක‍ගේ රුහිරු කිරට හරවන්නේ ද මෙකී උතුම්ම සෙනෙහසයි. මේ තත්ත්වය තේරුම් ගැනීමට බැරිවී තිබෙන නිසා තමයි අද සමාජය මෙවන් තත්ත්වයකට පත්වී තිබෙන්නේ.

* එවන් අර්බුදකාරී තත්ත්වයෙන් සමාජය ගලවාගැනීමට අප කළ යුත්තේ මොනවාද?

තෙවරක් බුදුන් වැඩි මේ උතුම් පින්බිමේ වෙසෙන අප දෙමව්පියන්ට සලකන යහපත් ශිෂ්ඨසම්පන්න සමාජයක් බිහිකළ යුතු වෙනවා. ඒ සඳහා දරුවන් තුළ උතුම් ගුණදම් වර්ධනය කිරීම මනා පිටිවහලක්. ඒ නිසාමයි දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් වෙන්නේ. ඒ හැරුණුකොට දෙමාපියන් ද දරුවන්ට ආදර්ශයක් සපයමින් තම දෙමාපියන්ට හොඳින් සැලකීමට වගබලාගත යුතුයි. දෙමාපියන්ට සැලකීම පරම යුතුකමක් සේ සලකා ක්‍රියා කරන සමාජයක් බිහිකිරීමෙන් මෙරටෙහි වැඩිහිටි නිවාස තව තවත් බිහිවීමේ ප්‍රවණතාව අවම කරගැනීමට ද මහ මඟට වැටෙන වැඩිහිටියන් ප්‍රමාණය අවම කරගැනීමට ද හැකිවෙනවා.

බුදු හිමියන්ට අනුව මාපිය උපස්ථානය මහඟු පිනක්සේ දක්වනවා. බුදු හිමියෝ බුදුවීමට පෙර ආත්මයක ගව්ගණනක් මව උර දරා පිහිනා දිවි බේරීමෙන් මව්ගෙන් බුදුවීමට මතු විවරණ ‍ලද්දෝ ය. තවද පෙර ආත්මයක තමාට මව්පිය වූ දෙමාපියන්ට බුදු වූ ආත්මයෙහි බුද්ධ මාතා බුද්ධ පිතා යයි නම්කොට ධර්ම මාර්ගයෙහි පිහිට වූ බව බුද්ධ චරිතයෙහි දැක්වෙනවා. මෙසේ මාපියන්ට සලකන සමාජයක් ඇතිකරවීමට සෑම ආගමකින්ම සෑම විටකම උත්සාහ කළයුතුයි. එය කිසිදු මසීමාවකට යටත් නොවූ මනුෂ්‍යත්වයේ වගකීමක්.

* බුදු දහමට අනුව මාපියන්ට සලකන දරුවන්ට අත්වන පින කවරේද?

තිලොවට ශ්‍රෙෂ්ඨ වූ සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු දහමට අනුව මව්පියන්ට සැලකීම වූ කලී උතුම් මංගල කරුණක්. අම්මා සහ තාත්තා යන වදන් තරම් අපට සමීප වූ වදන් දෙපලක් නැති තරම්. අප මෙලොවට බිහි කිරීමේ සිට රැකවරණ සලසමින්ද අවශ්‍යතා සපුරමින්ද මව්පියන් දරන්නා වූ උතුම් තනතුරට බුදු හි‍මියන්පවා ගෞරව කළා. එහෙයින් අපද මව්පියන්ට සැලකීමේ අගය මැනවින් වටහා ගැනීම ඉතා වැදගත්. බුදු දහමෙහි පුබ්බදේව නමින් මව්පියන් හඳුන්වනු ලැබුවේ ද එහෙයිනි.

මව්පියෝ උතුම්මය

අපගේ පෙර දෙවිවරුමය

අප රකිනුවෝමය

වඳිනු මවුපිය දෙදෙන මහිමය

මෙම කවියෙන්ද ඉතා සරලව දෙමාපියන්ගේ අගය ගෙනහැර දක්වයි. තමා ඇති දැඩිකොට සමාජයේ උසස් රැකියාවකට යොමු කෙරූ‍ දෙමාපියන් බලු කූඩුවක සිර කර බලු පැටවා නිවස තුළ දමා තැබීමට පෙළඹෙන තරම් පහත් තත්ත්වයකට පත්වී ඇත්තේ මව්පියන්ගේ අගය තේරුම්ගැනීමට නොහැකිවූ විටය. එවන් පුවත් මඟින් පැහැදිලි වන්නේ සමාජයේ පරිහීමයි. ගසක් මල්පල දරා වැජඹෙන්නේ වී නමුත් එහි මූල පද්ධතිය එය දරා ඉන්නා අත්තිවාරමයි. එසේම මාපියන්ගේ ඉගැන්වීම් හා උපදෙස් අප මියෙන තුරු අපගේ දිවියට අර්ථයක් ගෙන දෙයි.

අද සමාජයේ මිනිසුන් මුදල් පසුපස හඹායමින් මනුෂ්‍යත්වයේ අරුත් පවා නොසලකමින් සිටින වකවානුවක මිනිසා නම් මනසින් උසස් සත්වයා මාපියන්ට නොසැලකීම වැනි නොමිනිස් ක්‍රියාවන්ගේ දෘෂ්‍ය අර්ථය නම් ඔවුන් තිරිසන් සතුන් හා සමාන වන බවයි.

 

     vi.            මා ගිය අධ්‍යාපන චාරිකාව.

ලෝක ළමා දිනය දා අප ගිය අධ්‍යාපන චාරිකාව

 

ලෝක ළමා දිනය දා හැදුණුවැව මැදි මහ විදුහලේ සිසු දරු දැරියන් වන අපට අතිවිශේෂ දිනයක් විය‍. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සාකච්ඡා කරගත් පරිදි පාසලේ සියලුම ළමයි අධ්‍යාපන චාරිකාවක නිරත කළෝ ය. එදින අපි සැමට දුටුගැමුණු රජු ස්නානය කළ රජ පිහිල්ල, මහවැලි සෑය, ගැමුණු කුමරුගේ කඩුව සඟවා තිබූ දෙහෙදු කඩුල්ල, කොත්මලේ ජලාශය නැරඹීමට අවස්ථාව ලැබිණ.

කුඹුරුයායක් මැද තිබූ ගැමුණු කුමරා ස්නානය කළ රජ පිහිල්ල දුටු අපට එදා ගැමුණු කුමරු ස්නානය කළ අයුරු මතකයට නංවා ගැනීමට හැකි විය.

මීළඟට අපි රුවන්වැලිසෑයේ ආකෘතියට සාදන මහවැලි සෑය දැකගත්තෙමු. මෙහි තවම වැඩ නිමවා නැත. මෙහි වැඩ අවසන් වූ පසු නැවතත් යෑමට ලැබේවායි මම ප්‍රාර්ථනා කළෙමි.

දෙහෙදුකඩුල්ල ළඟට ගිය අපට ගැමුණු කුමරාගේ කඩුව හා ආභරණ සඟවා තිබූ තැන මේ යැයි විදුහල්පතිතුමා පෙන්නුවේ ය. ජනප්‍රවාද අනුව මෙය නිර්මාණය කර ඇත්තේ කොටගේපිටිය ගමට අලි ඇතුන් ඇතුළු වීම වැළැක්වීමට බව දැන ගත්තෙමු‍.

කොත්මලේ ජලාශය නැරඹීමට පළමුවෙන් නැරඹුම් මැදිරියට ගියෙමු. මෙහිදී ජලාශයේ සැලැස්ම දැක ගනිමු. ඉන් පසුව ජලාශය උඩින් වැටී ඇති වේල්ල දිගේ පයින් ගමන් කරමින් එහි අසිරිය දැක ගතිමු. අපට සතුට, දැනුම ලබාදෙමින් අප කැඳවාගෙන ගිය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ස්තුතිය පුද කරන්නෙමු.

ඒ.එච්. බුද්ධිකා සංජීවනී,

7 ශ්‍රේණිය ‘බී’,

හැදුණුවැව මධ්‍ය මහා විදුහල,

හැදුණුවැව.

 

    vii.            දුටුගැමුණු මහ රජතුමා

දුටුගැමුණු මහ රජතුමා

ගාමිණී කුමරු දකුණු ලංකාවේ මාබිම රාජ කීය පවුලක උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් වූයේ කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවියයි. සහෝදරයා සද්ධාතිස්ස කුමරු යි.

 කුඩා කල  සිය පියාණන් එළාර සමග සටන්  නොකරන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් ඔහු ප්‍රතික්ෂේප  කළේය.  කුමරු සිය කාමරයට ගොස් නිදා නිදාගත්තේය.  මව විහාරමහදේවි තම පුතුගේ කාමරයට පැමිණ ඔහු විශාල ඇඳක නිදාගෙන සිටින්නේ මන්දැයි විමසුවේය. එවිට ගාමිණි කුමරු ප්‍රශ්න කළේ එක් පැත්තක ගොළු මුහුදක්  වුව. අනෙක් පැත්තෙන් ගඟෙන්  එපිට හැඩිදෙමළු වුව.  මම කොහොමද සුවසේ නිදන්නේ යනුවෙනි. කාවන්තිස්ස රජු මෙම ප්‍රශ්නය අසා නිහඩ නිහඩව සිටියේ ය. ගාමිණී කුමරුට එළාර රජු සමග යුද්ධය කිරීමට කාලය පැමිණ තිබේ යන හැඟීම  ඇතිවිය.  ගාමිණි කුමරු  තුන් වතාවක් රජුන්ගෙන් විමසූ අතර තුන් වතාවක් ම රජු එය ප්‍රතික්ෂේප කළේය.  එම නිසා  ගාමිණි කුමරු කලකිරීමට පත් වූ අතර ගැහැනු ඇඳුම් තම පියා වෙත යැවිය.  මෙයින් කෝපයට පත් රජු නිසා ගාමිණී  කුමරු මලය රටට ( කඳුකරයට) පලා ගියේය. මෙම සිද්ධියෙන් පසුව මිනිසුන් ඔහු හැඳින්වූයේ දත්ත ගාමිණී හෝ කෝපාවිෂ්ට ගාමිණී යනුවෙනි.  පසුව එම නම දුටුගැමුණු ලෙස සරල කරන ලදී.  මේ අවස්ථාවේ දී ගාමිණි කුමරු සහ සද්ධාතිස්ස  කුමරු අතර සටනක් ඇතිවිය හැකි බව රජුන්ට හැඟුණි. රජුන් යෝධයන් දස දෙනා  දෙනා කැඳවා සහෝදරයන් දෙදෙනා අතර  යුද්ධයක දී ඔවුන් මධ්‍යස්ථ ව සිටින බවට පොරොන්දු වන ලෙස ඉල්ලා සිටියේය. යෝධයන් දස දෙනා දසදෙනා කුමරුන් දෙදෙනා අතර ඇතිවන ඕනෑම සටනක දී මධ්‍යස්ථව සිටින බවට පොරොන්දු වූහ. ඓතිහාසික මූලාශ්‍ර මගින් විස්තරාත්මක ලෙස හුවා දක්වන පරිදි දුටුගැමුණු රජතුමා මෙරට දේශපාලන බලය සංවිධානය කිරීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ පාලකයෙක් ය.  එතුමාගේ කාලය වන විට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවා ගැනීමත් අනුරාධපුරයේ බලය හිමිකරගෙන සිටි එළාර නම් පාලකයාගෙන් හා සගයින්ගෙන් රට   මුදවාගෙන රට එක් සේසත් කිරීමේ අවශ්‍යතාවයක් විය.   එතුමා සමත් විය මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ එතුමා විසිනි. දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුට එරෙහිව කරන සටන හුදෙක් ම  තමාගේ පෞද්ගලික රජ සැප පිණිස නොව එය සම් බුද්ධ ශාසනයේ යහපත උදෙසා කරන්නක් බව ප්‍රකාශයට පත් කළ එතුමා   එළාර රජු  සටනෙන්  පරාජයට පත් කළේය.  ප්‍රතිමල්ලවයාගේ  සොහොනට නිසි  ගෞරව චාර  දැක්වීමට අණ කිරීම ද සුවිශේෂීය. අවසානයේ රටේ මහ රජු ලෙස අභිෂේක ලැබූ එතුමාට මහත් බලයක් හිමි විය  කෙතරම් බලසම්පන්න වුවද පාලකයා ලෙස තමාගේ වගකීම රටේ ජනතාවගේ සුබසිද්ධිය  සැලසීම බව වටහා ගත් එතුමා ජනතාව කෙරේ සහනශීලී  ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. රුවන් වැලි මහා සෑය සතර දොරටුවෙහි දන්සැල් පැවැත්වීමත් ස්තූපය ඉදි ඉදිකිරීමට ඉදි කිරීමට සහභාගී වන සියලු දෙනාට වැටුප් ගෙවීමට නියම කිරීමත් ඊට නිදසුනකි. රජතුමා මෙරට දේශපාලන බලය වඩාත් ශක්තිමත් පදනමක සංවිධානය කිරීමට මුල්වී කටයුතු කිරීම එතුමාගේ ක්‍රියාකලාපයෙන් ඉස්මතු වී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයකි.  රුවන්වැලි මහා සෑය සාදා නිම කිරීමට පෙරාතුව දුටුගැමුණු රජතුමා  රෝගාතුර විය නමුත් එතුමාගේ ආශාව වූයේ වැඩ අවසන් වූ  දාගැබට  වන්දනා කොට තම අවසන් හුස්ම හෙළීමයි.  මෙය දැනගත් රජු ගේ  සොයුරු  සද්ධාතිස්ස රජතුමා ගොඩ නගමින් සිටී සිටි දාගැබ සුදු රෙදිවලින් වට කර වැඩ නිම කරන ලද අලංකාර රුවන්වැලි සෑය දාගැබ සේ  දුටුගැමුණු රජතුමාට පෙනෙන්න ලදි. සත්‍ය   වශයෙන්ම මෙය තම නිර්මාණය කරන ලද   රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස  බලාගෙනම එයට වඳිමින් මියගිය බව  ඉතිහාසයේ සඳහන් වේ.

 

  viii.            පරිසරය රැක ගනිමු.

ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 දිනට යෙදී තිබේ. පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. පරිසරය නිසා මිනිසා මෙන්ම සතුන් ද රුකෙනු ඇත. රටම හරිත පැහැයෙන් බබළවන රෑස්ස ගසින් හෙබි වනාන්තරය හා තුරැලතා ද ඒවායේ පිපී සුගන්ධවත් පුෂ්ප ද පරිසරයට අයත්ය. එමෙන්ම සුදු වර්ණ පෙණ නංවමින් ගලන දියදහරා ද කෙත්වතු සරැ කරමින් ගලන ගංගා ද පරිසරයට අයත් වේ. මෙවන් වූ පරිසරයට අයත් නොයෙක් ආකාරයේ සුන්දර දේවල් ද රුසකි. කුරැල්ලන්, සමනලුන් ඇතුළු විවිධාකාරයේ සත්තු ද ඒ අතර වෙති. ලක්මවගේ සුන්දරත්වයට උරදෙන මේ පරිසරය රුකගැනීමේ යුතුකම අප සතුයි. වර්තමානයේ පරිසරය විනාශ කිරීමට මිනිසා පෙලඹීම නිසා විවිධ ගස්වැල් හා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. පරිසර දිනය යෙදුණු දවසට පමණක් පරිසර හිතකාමීව ක්‍රියා කිරීමෙන් පලක් නැත. වසරේ සෑම දිනකම පරිසරය රුක ගැනීමට කටයුතු කළ යුතුය. අපි ගස්වැල් රුක ගනිමු. ගංගා ආදියට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. අපි පරිසරය රුක ගනිමින් සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.

අමාෂා තිලක්ෂි
8 වැනි ශ්‍රේණිය,
මප/හැ/ගිනිගත්හේන 
මධ්‍ය මහා විද්‍යාලය, ගිනිගත්හේන.

පරිසරය යනු අප අවට වටපිටාවයි. ගහකොළ, සතා සිව්පාවා පරිසරයට අයත් ය. ගහ කොළ අපට අවශ්‍ය මූලික අවශ්‍යතා තුන සපයයි. ඔබට මතකද අපට ගුරුතුමී 1 වසරේ දී කියලා දුන්නා “දුවේ, පුතේ ගහක් කැපුවොත් ඒ වෙනුවට පැළයක් හරි සිටුවන්න කියලා.”

 

මානවයාගේ තාක්ෂ­ණික දියුණුවත් සමඟ පරිසරයට අධික ලෙස හානි සිදුවී ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව අතීතයේ කාන්තාරවලින් තොර රටක් ලෙස පිළිගෙන තිබිණි. නමුත් අනාගතයේ අපේ රටේ ද කාන්තාර ඇති විය හැක. ගස් ගල්වලට කතා කළ හැකි නම් මෙසේ කියාවි. “මිනිසුන් යනු කෙළෙහි ගුණ නොදන්නා ජාතියක්” පොලිතින් ප්ලාස්ටික් විවෘත පරිසරයේ පිච්චීම නිසා මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාව වන වායු ගෝලය විනාශ වේ. වායුව දූෂණය වීම නිසා සූර්යයාගේ අහිතකර කිරණ හරවා යවන ‘ඕසෝන් ස්තරයට දැඩි හානි සිදුවේ. එවිට සූර්යයාගේ අහිතකර කිරණ ඍජුවම පෘථිවියට එල්ල විය හැක. අපි අපට හැකි සෑම අවස්ථාවක පරිසරයට හිතකර ලෙසින් කටයුතු කිරීමට සිතා ගනිමු.

 

හෂිනිකා මධුමාලි රණතුංග

8 ශ්‍රේණිය,

පණ්ඩුකාභයපුර විදුහල

අනුරාධපුරය

 

     ix.            මගේ පිරිවෙන

1.      නූතන සිංහල හෝඩිය ස්වර අකුරු කීයද ඒ මොනවාද?

2.      ව්‍යංජන අකුරු කීයදලියා දක්වන්න.

3.      ට වර්ගයට අයත් අකුරු ලියන්න.

4.      සඤ්ඤක අකුරු  ලියා දක්වන්න.

5.       පහත සඳහන් පද බැඳි අකුරු යොදා නැවත ලියන්න.

පරීක්ෂණය නිරීක්ෂණය ද්විත්ව  දක්ෂ අන්ධයා

6.       පහත සඳහන් වචන වල  ඇදි අකුරු වල ස්වර ව්‍යංජන  වෙන් කරන්න   

කරණ  ,

ලෝපය,

ගැළපෙන,

තුලා,

දර්ප

7.       පහත සඳහන් වචනවල අක්ෂර වින්‍යාසය නිවැරදි කර නැවත ලියන්න

                    i.            ප්‍රදානය

                  ii.            රකාරාංෂය

                 iii.            පරිගනක

                 iv.            පුස්ථකාලය

                  v.            ලේකනය

                 vi.            ප්‍රසිද්ද

               vii.            අර්ත

              viii.            පරිනාමය

8.      පහත සඳහන් පිල්ලම් ලියා දක්වන්න.

දීර්ඝ පාපිල්ල ඇලපිල්ල ගැටය සහිත ඇලපිල්ල  කොම්බුව සහ හල් කිරීම

9.      ස්වර එක් වීමෙන් සෑදෙන ව්‍යංජන අකුරු ලියන්න.

                 i.          ක් + =

                ii.          ය් + =

              iii.          හ් + =

              iv.          ණ් + =

                v.          ෂ් + =

              vi.          ඣ් + =

            vii.          ජ් + =

           viii.          ත් + =

              ix.          ර් + =

                x.          ට් + =

10.   අකුරු යොදා වචන තුනක් ලියන්න.

i.                    රැ        ...........................................        ..............................................       ..........................................

ii.                    රෑ        ...........................................        ..............................................       ..........................................

iii.                    රු       ...........................................        ..............................................       ..........................................

iv.                    රූ       ...........................................        ..............................................       ..........................................

v.                    ලු        ...........................................        ..............................................       ..........................................

vi.                    ලූ        ...........................................        ..............................................       ..........................................

vii.                    ළු        ...........................................        ..............................................       ..........................................

viii.                    ළූ       ...........................................        ..............................................       ..........................................

ix.                           ...........................................        ..............................................       ..........................................

x.                            ...........................................        ..............................................       ..........................................

11.   අදාළ අකුරට අයත් මහාප්‍රාණ  ලියන්න.

අල්පප්‍රාණ

මහාප්‍රාණ

 

 

 

 

 

 

 

 

 

 

12.   පහක් සඳහන් පද අකාරාදි පිළිවෙළට  ලියන්න.  

                 i.          පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු කාවන්තිස්ස සද්ධාතිස්ස වසභ අග්බෝ ධාතුසේන මහාතිස්ස

                ii.          ඉන්දියාව ඇමරිකාව ජපානය චීනය මාලදිවයින නේපාලය ලංකාව රුසියාව කැනඩාව එංගලන්තය

              iii.          මාතර ගාල්ල  අනුරාධපුර පොළොන්නරුව මහනුවර කෑගල්ල රත්නපුර පුත්තලම අම්පාර යාපනය

13.   පහත සඳහන් ඒකවචන නාම පදවල බහුවචන පද ලියන්න.

මිනිසා ,ගිරවා ,බෝලය ,ගොවියා ,පොත ,

බයිසිකලය ,ගුරුවරයා , කුරුල්ලා , බසය , මේසය ,

14.    පහත සඳහන් බහු වචන පද වල ඒක වචනය ලියන්න.

ළමයිඔටුවෝ , අශ්වයෝ , හිවල්ලු , මව්වරු, 

නළුවෝ,  ශිෂ්‍යාවෝ, වෛද්‍යවරු, පියවරු

15.   පහත සදහන්   පද වලට ස්ත්‍රී ලිංග පද ලියා දක්වන්න.

අලියා , නයා , බල්ලා , කුකුළා , සීයා ,

මිනිසා , බකමූණා , වඳුරා , කුරුල්ලා ,

බමුණා , ඇතා, අශ්වයා , සිංහයා, මොණරා

සතුරා, රජ, මාමා, කොකා,  පියා ,

16.    පහත වචන වල සචේතනික අචේතනික නාම  පද තෝරන්න

බල්ලා        බමුණා       ගෙදර        රජතුමා       පාසල         කඳු            කුමරිය      පැන්සල     ගිරවා    නංගි

සීගිරිය        පුටුව          පන්සල      පුද්ගලයා       බසය     ගස   කුමරා         පූසා       ගුරුවරයා   මල

සචේතනික පද

අචේතනික පද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17.   පුරුෂ ලිංග මිතුරු ශබ්දය හා ස්ත්‍රී ලිංග මිතුරි ශබ්දය  සියලු විභක්ති වල වර නගන්න.

 

18.   සුදුසු ඒකවචන  නාම පදය යොදා  වාක්‍ය සම්පූර්ණ කරන්න .

 

    ළමයා           ගුරුවරයෙක්           ඔටුවා              අශ්වයා       පියෙක්

    නළුවා            ශිෂ්‍යයාවක්            වෛද්‍යවරයා    මව          

 

                 i.          ........................................  උදෑසනින් අවදි වී පාසල් යයි.

                ii.          ........................................  රසවත් ආහාරයක් පිළියෙල කරයි .

              iii.          ........................................   ඉතා වේගයෙන් දුවයි .

              iv.          ........................................   පහසුවෙන් කාන්තාරය තරණය කරයි.

                v.          .........................................   දිය බීමට එයි.

              vi.          ................................ ......   ගීත  ගායනා තරගයට සහභාගි වූවාය.

            vii.          ........................................   බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවේය.

           viii.          .......................................     කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවේය.

              ix.          .......................................    රෝග පරික්ෂා කළේය

                x.          .......................................    දක්ෂ ලෙස  රඟපෑවේ ය.

19.   හිස්තැනට සුදුසු ඒකවචන  නාම පදය යොදා  වාක්‍ය සම්පූර්ණ කරන්න .

 

    ළමයි         ගුරුවරු        ඔටුවෝ              අශ්වයෝ      පියවරු

    නළුවෝ           ශිෂ්‍යයාවෝ            වෛද්‍යවරු     මව්වරු           

 

                 i.          ........................................  උදෑසනින් අවදි වී පාසල් යති.

                ii.          ........................................  රසවත් ආහාරයක් පිළියෙල  කරති  .

              iii.          ........................................   ඉතා වේගයෙන් දුවති .

              iv.          ........................................   පහසුවෙන් කාන්තාරය තරණය කරති.

                v.          .........................................   දිය බීමට එති.

              vi.          ................................ ......   ගීත  ගායනා තරගයට සහභාගි වූවෝය.

            vii.          ........................................   බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවෝය.

           viii.          .......................................     කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවෝය.

              ix.          .......................................    රෝග පරික්ෂා කළෝය

                x.          .......................................    දක්ෂ ලෙස  රඟපෑවෝ ය.

20.   වරහන් තුළ ඇති වචන අතුරින් සුදුසු වචනය යොදා  පුරවන්න.

                 i.          ඔහු ගමට ................ ( යයි/යති )

                ii.          .................පෙරහැර බැලීමට ගියහ. ( ඔවුහු /ඔවුන්)

              iii.          ..................පාසල වෙත පිය නැගුවාය. (ගුරුවරයා /  ගුරුවරිය)

              iv.          .....................වන්දනා ගමනක් ගියෙමු  (මම / අපි )

                v.          නුඹ පොත් ................... (කියවහු /කියවහු )

              vi.          කුහුඹුවා  වේගයෙන් ගමන් ...................... (කරයි / කරති)

            vii.          නුඹ වතුර .....................  (ගෙනෙහු/ ගෙනෙහි)

           viii.          කුරුල්ලෝ අහසේ පියාසර ...................... (කරයි /කරති)

              ix.          අපි රචනාවක් ......................... (ලියමි/ ලියමු. )

                x.          තොපි පොළට ........................  (  ගියෙහි /ගියෙහු.)

21.   සර්ව නාම පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

මම  අපි තෝ නුඹ ඔබ නුඹලා තොපි ඔහු එය  ඇය හෙතෙම ඔව්හු ඒවා

                 i.          ............................ මෙත් වඩමු.

                ii.          ............................ සතුටින් ජීවත් වෙහු.

              iii.          පවනී සැමදා පාසල් එන්නීය. ................... පන්තියේ දක්ෂතම සිසුවිය විය.

              iv.          .................... පොත් කියවහි.

                v.          .....................  ගමට යති.

              vi.          ............... හොඳ ළමයෙකි.

            vii.          ................ නිතිපතා බුදුන් වඳිමි.

           viii.          .................. වතුර බොහි.

              ix.          සඳුන් ගුණ ගරුක දරුවෙකි. ................ නිතරම සතුන්ට කෑම දෙයි.

                x.          රත්නපුරය මැණික් වලට ප්‍රසිද්ධිය. ................ විකිණීමෙන් රටට විදේශ විනිමය ලැබේ.

              xi.          ................. යහමගට යහි.

            xii.          ................... ගුණ දහම් වඩහු.

           xiii.          පිහිය  උපකරණයකි. .............. නිසි තැන ආරක්ෂිතව තැබීමට පුරුදු විය යුතුය.

           xiv.          ............... දෙගුරුන් නමදිමු.

             xv.          .....................  රංගනයේ යෙදිණ.

 

 

22.   පහත දැක්වෙන වචන යොදා වගුව සම්පූර්ණ කරන්න

ආනන්දය   බ්‍රාහ්මණ  කෙර  රත්තී   අනුරාධපුර පුටුව සපයන්නා මිට්ටා    යන්නො    වයන්නා    උස   කවුඩා   කිඹුලා       බෝතලය

ජාති නාම

ද්‍රව්‍ය

ගුණ

 ක්‍රියා

සංඥා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පහත උපසර්ග යොදා වචන බැගින් ලියන්න

සු,පිළි ,අති, වි, අව

සිඳත් සඟරාවේ උපසර්ග පද 20ක් ඇත.

  • ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පි

උපසර්ග

නාමය / ධාතුව

උපසර්ග පදය

බල

පබල

 

හත

 

 

හළ

 

 

වන

 

පර

ගැති

පරගැති

 

වැඩ

 

 

සිඳු

 

 

සතුරු

 

අව

ගුණ

 

 

මාන

 

 

වාද

 

 

නඩු

 

සල

 

 

වන

 

 

බඳ

 

 

සර

 

අනු

ගමනය

 

 

දනී

 

 

රුව

 

 

නායක

 

නි

මල

 

 

සරු

 

 

ගාමි

 

 

වන

 

දු

ලද

 

 

බල

 

 

ගඳ

 

 

සිරිත්

 

වි

මල

 

 

සම

 

 

ජාතික

 

 

යන

 

පල

 

 

මිල

 

 

දර

 

 

මිහිරි

 

අදි

යර

 

 

පහත පදවල උපසර්ග වෙන් කරන්න.

උප + හාර = උපහාර

සුලබ සුවඳ සුගන්ධය සුපිපි  උවැසි උළැගි උදුල උදර අබියස අබිනික්මන අබිසෙස් පිරිසිදු පිරියත් පිරිදත් පිරිකර උපනන්ද උපනායිකා උපසර්ග උපකල්පනය අපවාද අපකීර්තිය අපචාර අපද්‍රව්‍ය පසමිතුරු පිළිබඳ පිළිතුරු පිළිවෙත් පිළිගනී අතිජාත අතික්‍රමණය අතිකාල අතිගරු පියන් පිවිස පිදෙන පිදුම්

භාෂාවේ භාවිත වෙනත් උපසර්ග

ප්‍ර/ පරා/ප්‍රති/සම්/සං/සන්/සත්/සද්/සහ/
       අධි/නිර්/නිශ්/නිෂ්/නිස්/දුර්/දුශ්/දුෂ්/දුස්/
       අභි/පශ්චාත්/අන්/උව/උත්/උද්/ස්වයං

සංනිවේදන  පරාජය  නිර්ලෝභී සහකම්පන සංහාර  අධිශීතකරණ නිෂ්කාශන ප්‍රතිපත්ති

සංතුෂ්ටි අභිජනන නිශ්චිත උත්පාදන පශ්චාත් උපාධි ස්වයං රැකියා උද්දීපනය නිර්වචන සත්භාවය සංචරණ ප්‍රබල ප්‍රවාහන  සම්මන්ත්‍රණ සම්පූර්ණ  සම්ප්‍රයෝග උත්කෘෂ්ට  

හු අර්ථ පද

එක වචනයකින් අර්ථ කීපයක් දැක්වීම සිදු කෙරේ.එවැනි පද බහු අර්ථ පද නම් වේ.

 

1. දද

සමූහය, කොඩි,බමුණා, දද රෝගය

2. දළ

දළය, දත්, දැඩි

3. දිය

ජලය, ලෝකය, දෙන්න, ජය

4. වන

කැලෑව, සිදුවීම

5. වණ

වර්ණය, තුවාලය

6. පා

පතුල, පාදය, පාත්‍රය

7. පැහැ

ආලෝකය, වර්ණය

8. ලිය

කාන්තාව, වැල, ලිවීම

9. වත

කතාව, වස්ත්‍රය, මුහුණ, මුඛය

10. පෙළ

පේළිය, පන්තිය, සමූහය

11. නා

නාගස, නාගයා, නායක, නාමය, නාදය

12. සක්

හක්ගෙඩිය, ශක්‍රයා, ඇස්

13. වස්

විෂය, වයස, වර්ෂය

14. මුව

මුවා, මුහුණ, මුඛය

15. සත්

සත්වයා, සත්‍යය, උතුම්, සමූහය

16. සඳ

චන්ද්‍රයා, කාලය, සඳුන්

17. සතර

හතර, හතුරා

18. හස්

හංසයා, අශ්වයා

19. හය

අශ්වයා, ශක්තිය, සය

20. ගත

ශරීරය, පොත

 

23.   පහත සඳහන් පදවලට සමාන පද ලියන්න

සඳ ,මව ,ජලය ,හිරු ,නෙළුම

සයුර ගුරුවරයා නැඟණිය මඟ භික්ෂුව

24.   අර්ථයට වෙනස් අරුතක් ගෙන දේ නම් විරුද්ධ පද වේ.

උදා :

2. යනවා - එනවා

3. සතුරා - මිතුරා

4. නගිනවා - බහිනවා

5. පිරිසිදු - අපිරිසිදු

6. උෂ්ණ - සීත

7. උඩ - යට

8. කීකරු - අකීකරු

9. පෙර - පසු

10. පහසු - අපහසු

11. නින්දාව - ප්‍රශංසාව

12. ළඟ - දුර

13. ඔව් - නැත

14. නම්බුව - අවනම්බුව

15. අව්ව - වැස්ස

16. ඉර - හඳ

17. රෑ - දවල්

18. ලොකු - කුඩා

19. ආරෝහණ - අවරෝහණ

20. අඩු - වැඩි

21. එළිය - අඳුර

22. කීර්තිය - අපකීර්තිය

23. පැසසුම - ගැරහුම 

24. ගෞරව - අගෞරව

25. ටිකක් - ගොඩක්

26. ඉක්මනින් - සෙමින්

27. ආලෝකය - අන්ධකාරය

28. යන - එන

29. දිව්‍යලෝකය - නරකාදිය 

30. අලුත් - පරණ

31. කඩිසර - කම්මැලි

32. උනන්දුව - උදාසීන

33. සුදු - කලු

34. ධාර්මික - අධාර්මික 

35. ඉහළ - පහළ

36. යෝග්‍ය - අයෝග්‍ය

37. හික්මුණු - නොහික්මුණු

38. දැහැමි - අදැහැමි

39. නොමනා - මනා

40. ගැළපෙන - නොගැළපෙන

41. ඥානවන්ත - අඥානවන්ත

42. උස - මිටි

43. එගොඩ - මෙගොඩ

44. සුදුසු - නුසුදුසු

45. දිග - කොට

46. බිඳෙන - නොබිඳෙන

47. උණුසුම් - සිසිල්

48. ප්‍රමාද - අප්‍රමාද

49. පමා - නොපමා

50. ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ

51. ආරම්භය - අවසානය

52. මුල - අග

53. නැගෙනහිර - බස්නාහිර

54. එපිට - මෙපිට

55. උතුර - දකුණ

56. පෙරදිග - අපරදිග

57. වම - දකුණ

58. ජය - පරාජය

59. සමත් - අසමත්

60. සසල - නිසල

61. දිනුම - පැරදුම

62. දක්ෂ - අදක්ෂ

63. මෘදු - රළු

64. පෙනී - නොපෙනී

65. ප්‍රකට - අප්‍රකට

66. සහිත - රහිත

67. නවීන - පුරාණ

68. නුවණ - අනුවණ

69. ආගන්තුක - නේවාසික

70. වටිනා - නොවටිනා

71. ලස්සන - අවලස්සන

72. ඇතුල්වීම - පිටවීම

73. ඉදිරිය - පසුපස

74. වර්ණ - අවර්ණ

75. අහංකාර - නිරහංකාර

76. ප්‍රීතිය - ශෝකය

77. සතුට - අසතුට

78. පුහුණු - නුපුහුණු

79. සොම්නස - දොම්නස

80. සැප - දුක

81. ලෝභ - අලෝභ

82. සැපත - විපත

83. පව් - පින්

84. අමාවක - පසළොස්වක

85. උසස් - පහත්

86. සත්‍ය - අසත්‍ය

87. යහපත් - අයහපත්

88. ඇත්ත - බොරුව

89. කුසල් - අකුසල්

90. අවශ්‍ය - අනවශ්‍ය

91. දියුණුව - පිරිහීම

92. ආදායම - වියදම

93. ආත්මාර්ථකාමී - පරාර්ථකාමී

94. අය - වැය

95. ආනයන - අපනයන

96. ස්වදේශික - විදේශික

97. විවෘත - සංවෘත

98. විකසිත - මුකුලිත

99. මිශ්‍ර - අමිශ්‍ර

100. හේතුව - අහේතුව

101. දුප්පත් - පොහොසත්

102. බියසුලු - නිර්භීත

103. ආදරය - අනාදරය

104. සීමිත - අසීමිත

105. භය - නිර්භය

106. සුගඳ - දුගඳ

107. පූර්වභාග - අපරභාග

108. සුලබ - දුලබ

109. බහුල - විරල

110. පෙරවරු - පස්වරු

111. ආඩම්බර - නිහතමානී

112. නිදහස් - යටත්

113. ගඳ - සුවඳ

114. කැමැත්ත - අකමැත්ත

115. විශ්වාසය - අවිශ්වාසය

116. ආගමන - විගමන

117. වංක - අවංක

118. ස්ථීර - අස්ථීර

119. සරු - නිසරු

120. සෞභාග්‍ය - දුර්භාග්‍යය

121. ජනාකීර්ණ - ජනශුන්‍ය

122. සැලෙන - නොසැලෙන

123. බාහිර - අභ්‍යන්තර

124. ව්‍යාජ - අව්‍යාජ

125. නාගරික - ගැමි

126. ගිහි - පැවිදි

127. අවබෝධය - අනවබෝධය

128. දුසිරිත් - සුසිරිත්

129. සිනිඳු - ගොරෝසු

130. කරදිය - මිරිදිය

131. ආධුනික - ප්‍රවීන

132. මඟුල් - අවමඟුල්

133. මිහිරි - අමිහිරි

134. සුදන - දුදන

135. ශිෂ්ට - අශිෂ්ට

136. අවුල් - නිරවුල්

137. පොදු - පෞද්ගලික

138. විනිත - අවිනීත

139. ඉදුණු - අමු

140. උපත - මරණය

141. සමගිය - අසමගිය

142. ප්‍රශ්න - පිළිතුරු

143. ආශ්වාස - ප්‍රශ්වාස

144. සාර්ථක - අසාර්ථක

145. උස් - පහත්

146. ලාභ - අලාභ

147. සනීප - අසනීප

148. රෝගී - නිරෝගී

149. නිතර - ඉඳහිට

150. පවිත්‍ර - අපවිත්‍ර

151. ගම - නගරය

152. අහස - පොළව

153. ඇතුළත - පිටත

154. අවසර - අනවසර

155. උදාගිර - අවරගිර

156. සාධාරණ - අසාධාරණ

157. වහල් - නිවහල්

158. වඩදිය - බාදිය

159. ගැටලුව - විසඳුම

160. හොඳ - නරක

161. බර - සැහැල්ලු

162. රුචි - අරුචි

163. ප්‍රබල - දුබල

164. අසම - සම

165. සිරස් - තිරස්

166. ශුද්ධ - අශුද්ධ

167. ආචාර - අනාචාර

168. දේශීය - විදේශීය

169. වේලාව - අවේලාව

170. උචිත - අනුචිත

171. දිය - ගොඩ

172. තෙත් - වියළි

173. ඔත්තේ - ඉරට්ටේ

174. සජීවී - අජීවී

175. දේශප්‍රේමී - දේශද්‍රෝහී

176. සරල - සංකීර්ණ

177. අල්ප - අනල්ප

178. සම්මත - අසම්මත

179. අධම - උත්තම

180. නිමි - නොනිමි

181. ආකූල - නිරාකූල

182. ආවරණ - අනාවරණ

183. එලොව - මෙලොව

184. නූතන - පැරණි

185. මඳ - නොමඳ

186. උඩුකුරු - යටිකුරු

187. ප්‍රසන්න - අප්‍රසන්න

188. හඬ - නිහඬ

189. ස්වාභාවික - කෘත්‍රිම

190. මෛත්‍රිය - වෛරය

191. යල - මහ

192. අවම - උපරිම

193. යුක්තිය - අයුක්තිය

194. ක්‍රමවත් - අක්‍රමවත්

195. සදාචාරය - දුරාචාරය

196. ප්‍රාණවත් - අප්‍රාණවත්

197. හැකි - නොහැකි

198. ඉක්මනින් - සෙමින්

199. විවේක - අවිවේකී

200. සුබ - අසුබ

201. කැමති - අකමැති

202. ගඳ - සුවඳ

203. ප්‍රිය - අප්‍රිය

204. ජංගම - ස්ථාවර

205. රහිත - සහිත

206. පහසු - අපහසු

207. අලුත් - පරණ

208. මුල - අග

209. ලැබෙන - නොලැබෙන

210. මංගල්‍යය - අවමංගල්‍යය

211. විශාල - කුඩා

212. මනාපය - අමනාපය

213. සතුටින් - දුකින්

214. අවුල් - නිරවුල්

215. වාසනාව - අවාසනාව

216. සැක - නිසැක

217. අලස - කඩිසර

218. සන්තෝෂය - අසන්තෝෂය

219. යන්න - එන්න

220. හිමි - අහිමි

221. රස - නීරස

222. ගොඩ - මඩ

223. අමාරුවෙන් - පහසුවෙන්

224. කාරුණික - අකාරුණික

225. පුංචි - ලොකු

පහත සඳහන් පදවලට විරුද්ධාර්ථ පද ලියා දක්වන්න

 

අවංක , පිරිසිදු , උස , ලස්සන, දක්ෂ,

අහස, නූතන, දුදන, සුදුසු, ආරම්භය

නරක, අකුසල් , පොහොසත් , කළු, උඩ,

සතුරු, රැය, ඉහළ , හොඳ , ජය,

මිරිදිය , ගුණ, සතුට , දිග, පෙරදිග

 

 

25.   පහත සඳහන් පද යොදා අදහස පැහැදිලි වන සේ බැගින් ලියන්න

පන්සල       සාගරය        කුඹුර           රෝදය         අවසන්

26.    උක්ත පද  අනුක්ත පද  බවට පත් කරන්න.

 

උක්ත පද

අනුක්ත පද

බල්ලෙක්

බල්ලෙකු

මිනිසෙක්

 

වලසෙක්

 

නරියෙක්

 

බමුණෙක්

 

කතුවරියක්

කතුවරියක

මිතුරියක්

මිතුරියක

ඇතින්නක්

 

ගුරුතුමියක්

 

නිළියක්

 

වෛද්‍යවරියක්

 

ශිෂ්‍යයාවක්

 

 

බහු උක්ත වචන පද

බහු වචන අනුක්ත පද

මිනිස්සු

මිනිසුන්

ගුරුවරු

 

 බල්ලෝ

 

මාළුවෝ

 

 වෛද්‍යවරු

 

මව්වරු

මව්වරුන්

මිතුරියෝ

 

යෙහෙළියෝ

 

නැඟෙණියෝ

 

ගුරුවරියෝ

 

 

උක්ත පද

 අනුක්ත පද

මම

මා

අපි

 අප

තෝ

 තා

නුඹ

නුඹ

ඔහු

 ඔහු

ඔවුහු

ඔවුන්

හෙතෙම

 ඔහු

 

27.   උක්ත පදය යොදා හිස්තැන සම්පූර්ණ කරන්න

         i.          ........................පුස්තකාලයට  යයි. (ළමයා  / ළමයෙකු )

       ii.           .......................ගස  යට නිදා ගනියි.     ( සිංහයෙකු / සිංහයා )

     iii.          .........................පොතක් කියවයි.   (  යෙහෙළියකයෙහෙළිය )

      iv.           .......................තරඟයට සහභාගි වුණේ ය.  ( ක්‍රීඩකයාක්‍රීඩකයෙකු  )

       v.          .......................පලතුරු කෑවෝය.   (ඔවුහු   / ඔවුන්  )

      vi.           ......................පිරිසිදුව සිටිමි.  (  මම/ මා   )

    vii.          ........................සැමදා සතුටින් සිටිමු.  ( අපි / අප )

  viii.           ...........................පෙරහැරේ ගමන්  කරයි.  (  ඇතින්න/ ඇතින්නක  )

      ix.           .....................දියෙහි පිනු වූවේය.  (හංසයෙකු  /  හංසයා )

       x.          ............................දක්ෂ ලෙස රඟපෑවා ය.  (  නිළියක නිළිය )

 

28.   සුදුසු අනුක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

රට වැසියන්        ගුරුවරුන්           නායකයන්                         රෝගියෙකු              පාඨකයන්

සිංහලයන්           දරුවන්                යහළුවන්            පුහුණුකරුවන්

1.      ගුරුවරුන්...................පත් කරයි.

2.      වෛද්‍යවරයා......... .....අපේක්ෂා කරයි.

3.      මිනිසුන්.................හමු වෙති.

4.      ළමයි.................. සමග සෙල්ලම් කරයි.

5.      ලේඛකයා....................අගය කරයි.

6.      සංචාරකයෝ.........................නැරඹුහ.

7.      ක්‍රීඩකයෝ..........................හමු වෙති .

8.      ශිෂ්‍ය  නායකයෝ..................සමග සාකච්ඡා කළෝය.

9.      රජතුමා....................ඇමතුවේය.

10.   පියවරු......................ආරක්ෂා කළහ.

 

29.   අයදුම්පත්‍ර පුරවන්න

 

Text Box: පිරිවෙන් පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය

සම්පූර්ණ නම : ..............................................................................
.......................................................................................................
පෞද්ගලික ලිපිනය : .......................................................................................................
.......................................................................................................උපන් දිනය   : වර්ෂය ....................   මාසය .............    දිනය ............
ඉගෙනුම ලබන පන්තිය : .......................................................
මව / පියා / භාරකරුගේ නම : .........................................................
.......................................................................................................
පන්තිභාර ගුරුතුමාගේ අවසරය : .....................................................

.....................................                 ................................................
      දිනය                                                           අත්සන

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 1. පහත රචනා ඇසුරු කර ගනිමින් එම මාතෘකා යටතේ වචන 150 කට නො අඩු වාක්‍ය රචනා ලියන්න .

i. ඉගෙනීමේ අගය

ඉගෙනීමේ අගය

අපි පාසල් ගොස් අකුරැ ලියමින් කියමින් ඉගෙන ගනිමින් සිටින්නෙමු. වසර එකොළහක් පමණ පාසල් යාමෙන් පසුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නෙමු. වෘත්තීය අධ්‍යාපනයට යොමු වන්නේ අපේ හැකියා සහ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ය. මේ සියල්ලම අප බලාපොරොත්තු වන්නේ අපේ අනාගතය යහපත් ලෙස සකසා ගැනීමයි. ඉගෙනීම නමැති පහන් ආලෝකයෙන් ජීවිතයම ආලෝකවත් වෙයි. අන් අයගේ ජීවිත ද ආලෝකවත් කළ හැකි ය. සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම,ආකල්ප, කුසල ඉගෙනීමෙන් හා වර්ධනය කර ගැනීමෙන් පිරිපුන් ජීවිතයක් ළඟා කර ගත හැකි වේ. මිනිසා උපතේ සිට මරණය දක්වා ම ඉගෙන ගන්නේ ඒ නිසා ය.

අප ලබන අධ්‍යාපනය තුළින් අපේ ආකල්ප හා සිතුම් පැතුම් ගොඩනැගෙනු ඇත. පෞරැෂ වර්ධනයත් ආත්ම විශ්වාසයත් ගොඩ නැගෙන්නේ අධ්‍යාපනය මගිනි.ඉගෙන ගත යුතු කාලයේ ඉගෙන නොගත්තොත් පසු කාලයේ දී අපට පසු තැවීමට සිදු වේ. එය සමාජයට ද තමාට ද හානියක් වේ. තමා රුකීමටවත් සමාජය සුරුකීමටත් සිප් සතර ඉගෙනීම අවශ්‍ය වේ. සමාජයට තම කුසලතාවලින් සේවයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එය මනා ලෙස හැදෑරිය යුතු ය.

කිසිම දිනක කිසිවකුටත් සොරා ගත නොහැකි එකම වස්තුව අපි ලබන අධ්‍යාපනයයි. එයින් ලබන පෞරැෂත්වය ආත්ම අභිමානය කිසිම දිනක විනාශ වී යන්නේ නැත.

ළමා අවදියේ දී නිසි ලෙස අධ්‍යාපනය ලැබීමටත් වැඩිහිටියන් වූ පසු උගත් දෙයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමටත් අපි අධිෂ්ඨාන කර ගනිමු.

නෙත්මි ඔවාමිණි සමරජීව

9 ශ්‍රේණිය,

ර/ඇහැළියගොඩ ධර්මපාල

ඉගෙනීම සඳහා නිශ්චිත වයසක්, කාලභේදයක් නැත. එමෙන්ම ඉගෙනගන්නා දෙය කිසිදු විටෙක අපතේ යන්නේද නැත. සාර්ථකත්වයෙන් හෙබි පුද්ගලයකු බිහි වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය වේ. ඉගෙනගත් පුද්ගලයාට අනාගතය පිළිබඳ බියක් නැත.

සොර සතුරකුට පවා ගත නොහැකි එකම දෙය ඉගෙනීම පමණි. කොතරම් අඩු-පාඩු දුෂ්කරතා තිබුණද ඒ සියල්ල මධ්‍යයේ ඉගෙනගත හොත් යහපත් අනාගතයක් උදා කරගැනීමට පුළුවන. පුංචි අපිත් ඉගෙනීමේ අගය වටහාගෙන ඉදිරියට යෑමට අදිටන් කරගනිමු.

ජී. ඩී. දේවින්දි දිනුෂිකා අබේවික්‍රම

10 ශ්‍රේණිය,

අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය, අඹන්පොළ

ඉගෙනීම යනු නොදන්නා දෙය දැන ගැනීමයි. ලෝකයේ උගතුන් බුද්ධිමතුන් බිහි වී ඇත්තේ ඉගෙනීමෙනි. ඉගෙනීම අප සමාජයේ ගුණ ගරුක පුද්ගලයෙකු කිරීමට උපකාර කරයි. ඉගෙනීමට ඇති ප්‍රධාන ස්ථානය පාසලයි. එය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි. ඉගෙනීම නැතිව කොපමණ මිනිස්සු ජීවිතය සාර්ථක කර ගත නොහැකිව සිටිත් ද? එම නිසා අපි කුඩා කල සිට ම හොඳින් අධ්‍යාපනය ලැබිය යුතුවෙමු.

ඉගෙනීමට පාසලෙන් ලැබෙන දැනුම පමණක් නොව පොත් පත්වලින් ද අපි දැනුම ලබා ගත යුතුවෙමු. පත්තර සාහිත්‍ය ලේඛන කියවා ඒවායේ දැනුම ලබා ගනිමු. අපට ලැබෙන විවේක කාලයේදී පවා ඉගෙනීම කළ යුතුවෙමු. ඉගෙනුම පිළිබඳ ‘වදන් කවි පොතෙහි’ සඳහන් කවියකි මේ.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා

වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

ඉගෙනීමෙන් ජීවිතයේ ජය ලබමු

උදයන පසිඳු දිසානායක

6 ශ්‍රේණිය ‘ඩී’,

වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යා

අනුරාධපුරය.

ii. මා ඉපදුණ මගේ මව්බිම

මගේ රට

මගේ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව වටේටම දක්නට ලැබෙන්නේ මුහුදයි. එම නිසා මගේ රට දුපතක් වශයෙන් හදුන්වනු ලබ‍යි. මගේ රට ඉතාමත් අලංකාරය. එය ඉන්දිය සාගරයේ මුතු ඇටය නමින් ලොව ප්‍රසිද්ධ වන්නේය.

මගේ රටේ දේශගුණය ශරීරයට ඉතාමත් සුවදායකය. කදුරට ප්‍රදේශවල සම ශීත හා උෂ්ණ දේශගුණය

ක් පවතිනවා. වර්ෂාව නියමිත කාලයට ලැබෙනවා.

අපේ රටේ නිපදවන ලංකා තේ කොල මුළු ලොවම ප්‍රසිද්ධියට පත්වී ඇත. සමොනොල කදු මුදුනෙන් ගලා

බසින මහවැලි, කැලණි,කඑ, වලවේ නදීහු ඉතා අලංකාරයට ගලා බසියි. එසේම අහස උසට තරම් විහිදී යන කදු අපේ රටේ දක්නට ලැබෙනවා. සමනොළ, පිදුරුතලාගල, නමුණුකුල අදිය මේ කදුමින් සමහරකි. ඉතා ලස්සන දියඇලි මගේ රට තවතවත් අලංකාර කරති. දියලුම, දුන්හිද, බෝපත් ඇල්ල, රාවනා ඇල්ල එබදු දිය ඇලි කිහිපයකි. මගේ රට සුන්දර නිසා විදේශිකයන් පැ‍මිණෙති.

අපේ රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙනවා. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීවශයෙනි. අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ලිවීමට හා කියවීමට යොදා ගනිති. මෙම ජන වර්ග බුදු දහම, හින්දු දහම, ක්‍රිස්තු දහම, කතෝලික දහම, මුස්ලිම් දහම ආදී ආගම් අදහති. ශ්‍රී ලංකාවට මම ඉතා ආදරෙයි. මගේ රටේ දියුණුවට වැඩ කිරීමත් එය සුරැකීමත් මගේ යුතුකමක් වශයෙන් මා සලකමි. මගේ රටට දළදා සමිදු පිහිට දිනෙන් දින ලැබේවායි කියා මා පතමි.

iii. ගංගාවක් කතා කරයි

මම ශ්‍රී ලංකාවේ දිගම ගඟ වෙමි. මම සමනල කන්දෙන් ගලා බසින ගඟක් වෙමි. මම මුහුදට යන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයෙනි.මගේ සහෝදරයෝ කැලණි, කළු, වලවේ යන ගංගාවෝ ය. අතීතයේ නම් මගෙන් ප්‍රයෝජන මිනිස්සු ගත්තෝ ය.එහෙත් මා දැන් නිකරුනේ මුහුදට යන ගංගාවකි.මට මහවැලි යනුවෙන් නම යෙදී ඇත්තේ මා බොහෝ දිග නිසාය.මම සිවුමහ ගංගා වලින් එක ගඟකි.මගෙන් ප්‍රයෝජන ගන්න කියා මම ඉල්ලා සිටිමි.මෙතෙක් වෙලා ඔබ සමඟ කතා කළ මම මහ වැලි ගඟ වෙමි.

iv. සතුන්ට හිංසා නොකරමු

සතුන්ට හිංසා නොකරමු

සියලු සත්ත්වයෝ මරණයට බියවෙති, දඬුවමට බිය වෙති. ජීවත්වීමට ප්‍රිය කරති. එහෙත් මාංශ පිණිස සත්ත්ව ඝාතනය සිදු කිරීම ලොව පුරා පැතිරී ඇති දෙයකි. අපි ගවයා දෙස බලමු. ගවයාගෙන් කිරි, පොහොර ආදිය ලබා ගනී. ශ්‍රමය ද ලබා ගනී. එහෙත් අවසානයේ කෲර ලෙස එම සත්වයා මරණයට පත් කර මාංශ ආහාර ට ගනී. එලෙස නො කළ යුතුය. එම පාපයන් දිට්ඨධම්මවේදනීය කර්ම වශයෙන් ඵල දෙයි.

දිනක් බුදුන් වහන්සේ මාවතේ වඩින විට ළමයින් පිරිස සර්පයකුට පහර දෙනු දැක දරුවනි, කුමක්දැයි කරන්නේ විමසූහ. “ස්වාමීනි මේ සර්පයා මරන්නයි හදන්නේ”. “දරුවනේ ඔබ කැමැති ද දඬුවම් විඳින්න, පහර කන්න”, “නැත ස්වාමීනි”, ඒ වගේ තමයි සතුන්ට රිදෙනවා. තුවාල වෙනවා. අපි සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වමු. බුදුරජාණන් වහන්සේ වදාළ හ. ඒ නිසා දිනපතා සතුනට කෑම, ජලය දෙමු. ඒ සතුන් සතුටින් ආහාර ගන්නා හැටි ලා අපිත් සතුටු වෙමු.

වටරැක ඥාණවංශ හිමි

මූලික වසර

ප්‍රඥානන්ද පිරිවෙන - මහරගම

v. මවුපිය උපස්ථානය.

   අටවැනි අග්බෝ රජතුමා පෙර ලංකාවේ රජවරුන් පවා මවුපිය උවැටන ඉමහත් ගෞරවයෙන් කළ බවට නිදසුනකි. රාජ සභාවට යෑමට පෙර මව්තුමියට උපස්ථාන කිරීම එතුමාගේ සිරිතය. එතුමා මාලිගයෙන් පිටව ගියේ මෑණියන්ට පැදකුණු කරමින් තෙවරක් වන්දනා කිරීමෙන් අනතුරුවය.

පෙර දවස එසේ වූවත් වර්තමානයේ මාපියන්ට සැලකීම පිළිබඳ විවිධ අඩු ලුහුඩුකම් පවතී. ඒවා මගහරවා ගනිමින් සමාජයට එම යුතුකම් නැවත නැවත මකත් කරදීම අරමුණු කරගනිමින් අද ධර්ම සභාවේ සාකච්ඡා වන්නේ මව්පියන්ට සැලකීම පිළිබඳව ය. කුරුප්පුකන්ද ශ්‍රී විවේකාරාමාධිපති පූජ්‍ය පරවාහැර පියනන්ද හිමියන් ඒ පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි මේ.

* මාපියන්ට සැලකීමේ යුතුකම, වර්තමානයේ තිබෙන තත්ත්වය කුමක්ද?

මූලික වශයෙන්ම කාර්යබහුල ජීවන රටාවකට හුරුවී කාලීන සමාජය දෙමාපියන්ට තමාගෙන් සිදුවිය යුතු යුතුකම් වගකීම් පැහැර හරිනවා. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී සදිසා නමස්කාරය පිළිබඳ දේශනා කරමින් දෙමාපියන් පෙරදිග දිශාවට සමාන කර දෙමාපියන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න පැහැදිලි කළේද අපූර්ව දුර දක්නා නුවණකින් බව මනාව පැහැදිලිවෙනවා.

ඒ අනුව, ආහාරපානාදියෙන් පෝෂණය කිරීමෙන්, ඔවුන්ගේ කටයුතු කරදීමෙන්, කුල පරපුර රැක ගැනීමෙන්, දායාද නිසි පරිදි භුක්ති විදීමෙන්, මියගිය මව්පියන්ට පින් පැමිණවීමෙන් යන අයුරින් දෙමාපියන්ට සංග්‍රහ කළයුතු වෙනවා. කාලීනව දෙමව්පියන්ට තමාගෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැන කිසිදු අවබෝධයක් දරුවන් හට නැති බවක් පෙනී යනවා.

බොහෝ මාපියන්ට අද සිදුවී ඇත්තේ වයස්ගත වූ පසු වැඩිහිටි නිවාසයකට වී මරණය එනතුරු බලා සිටීමට හෝ දරුවන්ගේ දරුවන්ද බලා ගනිමින් වෙහෙසකර ජීවිතයක් ගත කිරීමටයි. දරුවන්ට සිදුවිය යුතු සියලු දේ ඉටුකොට තමා සතු සියලු වත්කම්ද දරුවන්ට පවරා දුන් පසු දෙමාපියන් බොහොමයකට හිමිවන උරුමය එයයි. වර්තමානයේ අප අසන දකින කරුණු තුළින් පැහැදිලි වෙන්නේ දෙමාපියන්ට සැලකීමේ ඉතාම පහත් තත්ත්වයක ති‍බෙන බවයි.

* එවැනි තත්ත්වයකට වර්ථමාන සමාජය පත්වතිබෙන්නේ ඇයි?

වර්ථමාන සමාජය යම් තැනක අතරමං වී සිටින ස්වභාවයක් අපට දැකගන්න තිබෙනවා. අම්මා තාත්තා කියන්නේ කවුද කියලා තේරුම්ගන්න බැරි ස්වභාවයක් අද තියෙන්නේ. අප මෙලොවට බිහි කිරීම පමණක්ම මවකට සැලකීම ප්‍රමාණවත් කියලා තේරුම් ගන්න බැරිකමක් අද තියෙන්නේ. අපි මේ ලෝකෙට බිහි කරලා අප ශාරීරිකව පරිපූර්ණ කරමින් මේ සමාජයේ දිවි ගෙවන අයුරු උගන්වමින් මව්පියන් කරන වෙහෙස මෙලොව කිසිදු අයකු කරන්නේ නැහැ.

සරලව හිතුවොත් මාපියන් අප ඉපදුණු සැණින් කුණු ගොඩ දමාගියා නම් අප අද කොතැනක දැයි අපවත් දන්නේ නැහැ. සැබෑම කරුණ නම් දෙමාපියන් තරම් සෙනෙහසින් දරුවකු රැකබලා ගැනීමට මෙලොව වෙනක් කිසිවකු සමත් නොවීමයි. මවක‍ගේ රුහිරු කිරට හරවන්නේ ද මෙකී උතුම්ම සෙනෙහසයි. මේ තත්ත්වය තේරුම් ගැනීමට බැරිවී තිබෙන නිසා තමයි අද සමාජය මෙවන් තත්ත්වයකට පත්වී තිබෙන්නේ.

* එවන් අර්බුදකාරී තත්ත්වයෙන් සමාජය ගලවාගැනීමට අප කළ යුත්තේ මොනවාද?

තෙවරක් බුදුන් වැඩි මේ උතුම් පින්බිමේ වෙසෙන අප දෙමව්පියන්ට සලකන යහපත් ශිෂ්ඨසම්පන්න සමාජයක් බිහිකළ යුතු වෙනවා. ඒ සඳහා දරුවන් තුළ උතුම් ගුණදම් වර්ධනය කිරීම මනා පිටිවහලක්. ඒ නිසාමයි දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් වෙන්නේ. ඒ හැරුණුකොට දෙමාපියන් ද දරුවන්ට ආදර්ශයක් සපයමින් තම දෙමාපියන්ට හොඳින් සැලකීමට වගබලාගත යුතුයි. දෙමාපියන්ට සැලකීම පරම යුතුකමක් සේ සලකා ක්‍රියා කරන සමාජයක් බිහිකිරීමෙන් මෙරටෙහි වැඩිහිටි නිවාස තව තවත් බිහිවීමේ ප්‍රවණතාව අවම කරගැනීමට ද මහ මඟට වැටෙන වැඩිහිටියන් ප්‍රමාණය අවම කරගැනීමට ද හැකිවෙනවා.

බුදු හිමියන්ට අනුව මාපිය උපස්ථානය මහඟු පිනක්සේ දක්වනවා. බුදු හිමියෝ බුදුවීමට පෙර ආත්මයක ගව්ගණනක් මව උර දරා පිහිනා දිවි බේරීමෙන් මව්ගෙන් බුදුවීමට මතු විවරණ ‍ලද්දෝ ය. තවද පෙර ආත්මයක තමාට මව්පිය වූ දෙමාපියන්ට බුදු වූ ආත්මයෙහි බුද්ධ මාතා බුද්ධ පිතා යයි නම්කොට ධර්ම මාර්ගයෙහි පිහිට වූ බව බුද්ධ චරිතයෙහි දැක්වෙනවා. මෙසේ මාපියන්ට සලකන සමාජයක් ඇතිකරවීමට සෑම ආගමකින්ම සෑම විටකම උත්සාහ කළයුතුයි. එය කිසිදු මසීමාවකට යටත් නොවූ මනුෂ්‍යත්වයේ වගකීමක්.

* බුදු දහමට අනුව මාපියන්ට සලකන දරුවන්ට අත්වන පින කවරේද?

තිලොවට ශ්‍රෙෂ්ඨ වූ සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු දහමට අනුව මව්පියන්ට සැලකීම වූ කලී උතුම් මංගල කරුණක්. අම්මා සහ තාත්තා යන වදන් තරම් අපට සමීප වූ වදන් දෙපලක් නැති තරම්. අප මෙලොවට බිහි කිරීමේ සිට රැකවරණ සලසමින්ද අවශ්‍යතා සපුරමින්ද මව්පියන් දරන්නා වූ උතුම් තනතුරට බුදු හි‍මියන්පවා ගෞරව කළා. එහෙයින් අපද මව්පියන්ට සැලකීමේ අගය මැනවින් වටහා ගැනීම ඉතා වැදගත්. බුදු දහමෙහි පුබ්බදේව නමින් මව්පියන් හඳුන්වනු ලැබුවේ ද එහෙයිනි.

මව්පියෝ උතුම්මය

අපගේ පෙර දෙවිවරුමය

අප රකිනුවෝමය

වඳිනු මවුපිය දෙදෙන මහිමය

මෙම කවියෙන්ද ඉතා සරලව දෙමාපියන්ගේ අගය ගෙනහැර දක්වයි. තමා ඇති දැඩිකොට සමාජයේ උසස් රැකියාවකට යොමු කෙරූ‍ දෙමාපියන් බලු කූඩුවක සිර කර බලු පැටවා නිවස තුළ දමා තැබීමට පෙළඹෙන තරම් පහත් තත්ත්වයකට පත්වී ඇත්තේ මව්පියන්ගේ අගය තේරුම්ගැනීමට නොහැකිවූ විටය. එවන් පුවත් මඟින් පැහැදිලි වන්නේ සමාජයේ පරිහීමයි. ගසක් මල්පල දරා වැජඹෙන්නේ වී නමුත් එහි මූල පද්ධතිය එය දරා ඉන්නා අත්තිවාරමයි. එසේම මාපියන්ගේ ඉගැන්වීම් හා උපදෙස් අප මියෙන තුරු අපගේ දිවියට අර්ථයක් ගෙන දෙයි.

අද සමාජයේ මිනිසුන් මුදල් පසුපස හඹායමින් මනුෂ්‍යත්වයේ අරුත් පවා නොසලකමින් සිටින වකවානුවක මිනිසා නම් මනසින් උසස් සත්වයා මාපියන්ට නොසැලකීම වැනි නොමිනිස් ක්‍රියාවන්ගේ දෘෂ්‍ය අර්ථය නම් ඔවුන් තිරිසන් සතුන් හා සමාන වන බවයි.

vi. මා ගිය අධ්‍යාපන චාරිකාව.

ලෝක ළමා දිනය දා අප ගිය අධ්‍යාපන චාරිකාව

ලෝක ළමා දිනය දා හැදුණුවැව මැදි මහ විදුහලේ සිසු දරු දැරියන් වන අපට අතිවිශේෂ දිනයක් විය‍. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සාකච්ඡා කරගත් පරිදි පාසලේ සියලුම ළමයි අධ්‍යාපන චාරිකාවක නිරත කළෝ ය. එදින අපි සැමට දුටුගැමුණු රජු ස්නානය කළ රජ පිහිල්ල, මහවැලි සෑය, ගැමුණු කුමරුගේ කඩුව සඟවා තිබූ දෙහෙදු කඩුල්ල, කොත්මලේ ජලාශය නැරඹීමට අවස්ථාව ලැබිණ.

කුඹුරුයායක් මැද තිබූ ගැමුණු කුමරා ස්නානය කළ රජ පිහිල්ල දුටු අපට එදා ගැමුණු කුමරු ස්නානය කළ අයුරු මතකයට නංවා ගැනීමට හැකි විය.

මීළඟට අපි රුවන්වැලිසෑයේ ආකෘතියට සාදන මහවැලි සෑය දැකගත්තෙමු. මෙහි තවම වැඩ නිමවා නැත. මෙහි වැඩ අවසන් වූ පසු නැවතත් යෑමට ලැබේවායි මම ප්‍රාර්ථනා කළෙමි.

දෙහෙදුකඩුල්ල ළඟට ගිය අපට ගැමුණු කුමරාගේ කඩුව හා ආභරණ සඟවා තිබූ තැන මේ යැයි විදුහල්පතිතුමා පෙන්නුවේ ය. ජනප්‍රවාද අනුව මෙය නිර්මාණය කර ඇත්තේ කොටගේපිටිය ගමට අලි ඇතුන් ඇතුළු වීම වැළැක්වීමට බව දැන ගත්තෙමු‍.

කොත්මලේ ජලාශය නැරඹීමට පළමුවෙන් නැරඹුම් මැදිරියට ගියෙමු. මෙහිදී ජලාශයේ සැලැස්ම දැක ගනිමු. ඉන් පසුව ජලාශය උඩින් වැටී ඇති වේල්ල දිගේ පයින් ගමන් කරමින් එහි අසිරිය දැක ගතිමු. අපට සතුට, දැනුම ලබාදෙමින් අප කැඳවාගෙන ගිය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ස්තුතිය පුද කරන්නෙමු.

ඒ.එච්. බුද්ධිකා සංජීවනී,

7 ශ්‍රේණිය ‘බී’,

හැදුණුවැව මධ්‍ය මහා විදුහල,

හැදුණුවැව.

vii. දුටුගැමුණු මහ රජතුමා

දුටුගැමුණු මහ රජතුමා

ගාමිණී කුමරු දකුණු ලංකාවේ මාබිම රාජ කීය පවුලක උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් වූයේ කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවියයි. සහෝදරයා සද්ධාතිස්ස කුමරු යි.

 කුඩා කල සිය පියාණන් එළාර සමග සටන් නොකරන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් ඔහු ප්‍රතික්ෂේප කළේය. කුමරු සිය කාමරයට ගොස් නිදා නිදාගත්තේය. මව විහාරමහදේවි තම පුතුගේ කාමරයට පැමිණ ඔහු විශාල ඇඳක නිදාගෙන සිටින්නේ මන්දැයි විමසුවේය. එවිට ගාමිණි කුමරු ප්‍රශ්න කළේ එක් පැත්තක ගොළු මුහුදක් වුව. අනෙක් පැත්තෙන් ගඟෙන් එපිට හැඩිදෙමළු වුව. මම කොහොමද සුවසේ නිදන්නේ යනුවෙනි. කාවන්තිස්ස රජු මෙම ප්‍රශ්නය අසා නිහඩ නිහඩව සිටියේ ය. ගාමිණී කුමරුට එළාර රජු සමග යුද්ධය කිරීමට කාලය පැමිණ තිබේ යන හැඟීම ඇතිවිය. ගාමිණි කුමරු තුන් වතාවක් රජුන්ගෙන් විමසූ අතර තුන් වතාවක් ම රජු එය ප්‍රතික්ෂේප කළේය. එම නිසා ගාමිණි කුමරු කලකිරීමට පත් වූ අතර ගැහැනු ඇඳුම් තම පියා වෙත යැවිය. මෙයින් කෝපයට පත් රජු නිසා ගාමිණී කුමරු මලය රටට ( කඳුකරයට) පලා ගියේය. මෙම සිද්ධියෙන් පසුව මිනිසුන් ඔහු හැඳින්වූයේ දත්ත ගාමිණී හෝ කෝපාවිෂ්ට ගාමිණී යනුවෙනි. පසුව එම නම දුටුගැමුණු ලෙස සරල කරන ලදී. මේ අවස්ථාවේ දී ගාමිණි කුමරු සහ සද්ධාතිස්ස කුමරු අතර සටනක් ඇතිවිය හැකි බව රජුන්ට හැඟුණි. රජුන් යෝධයන් දස දෙනා දෙනා කැඳවා සහෝදරයන් දෙදෙනා අතර යුද්ධයක දී ඔවුන් මධ්‍යස්ථ ව සිටින බවට පොරොන්දු වන ලෙස ඉල්ලා සිටියේය. යෝධයන් දස දෙනා දසදෙනා කුමරුන් දෙදෙනා අතර ඇතිවන ඕනෑම සටනක දී මධ්‍යස්ථව සිටින බවට පොරොන්දු වූහ. ඓතිහාසික මූලාශ්‍ර මගින් විස්තරාත්මක ලෙස හුවා දක්වන පරිදි දුටුගැමුණු රජතුමා මෙරට දේශපාලන බලය සංවිධානය කිරීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ පාලකයෙක් ය. එතුමාගේ කාලය වන විට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවා ගැනීමත් අනුරාධපුරයේ බලය හිමිකරගෙන සිටි එළාර නම් පාලකයාගෙන් හා සගයින්ගෙන් රට මුදවාගෙන රට එක් සේසත් කිරීමේ අවශ්‍යතාවයක් විය. එතුමා සමත් විය මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ එතුමා විසිනි. දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුට එරෙහිව කරන සටන හුදෙක් ම තමාගේ පෞද්ගලික රජ සැප පිණිස නොව එය සම් බුද්ධ ශාසනයේ යහපත උදෙසා කරන්නක් බව ප්‍රකාශයට පත් කළ එතුමා එළාර රජු සටනෙන් පරාජයට පත් කළේය. ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසි ගෞරව චාර දැක්වීමට අණ කිරීම ද සුවිශේෂීය. අවසානයේ රටේ මහ රජු ලෙස අභිෂේක ලැබූ එතුමාට මහත් බලයක් හිමි විය කෙතරම් බලසම්පන්න වුවද පාලකයා ලෙස තමාගේ වගකීම රටේ ජනතාවගේ සුබසිද්ධිය සැලසීම බව වටහා ගත් එතුමා ජනතාව කෙරේ සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. රුවන් වැලි මහා සෑය සතර දොරටුවෙහි දන්සැල් පැවැත්වීමත් ස්තූපය ඉදි ඉදිකිරීමට ඉදි කිරීමට සහභාගී වන සියලු දෙනාට වැටුප් ගෙවීමට නියම කිරීමත් ඊට නිදසුනකි. රජතුමා මෙරට දේශපාලන බලය වඩාත් ශක්තිමත් පදනමක සංවිධානය කිරීමට මුල්වී කටයුතු කිරීම එතුමාගේ ක්‍රියාකලාපයෙන් ඉස්මතු වී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයකි. රුවන්වැලි මහා සෑය සාදා නිම කිරීමට පෙරාතුව දුටුගැමුණු රජතුමා රෝගාතුර විය නමුත් එතුමාගේ ආශාව වූයේ වැඩ අවසන් වූ දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙළීමයි. මෙය දැනගත් රජු ගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩ නගමින් සිටී සිටි දාගැබ සුදු රෙදිවලින් වට කර වැඩ නිම කරන ලද අලංකාර රුවන්වැලි සෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙනෙන්න ලදි. සත්‍ය වශයෙන්ම මෙය තම නිර්මාණය කරන ලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම එයට වඳිමින් මියගිය බව ඉතිහාසයේ සඳහන් වේ.

අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.

viii. පරිසරය රැක ගනිමු.

ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 දිනට යෙදී තිබේ. පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. පරිසරය නිසා මිනිසා මෙන්ම සතුන් ද රුකෙනු ඇත. රටම හරිත පැහැයෙන් බබළවන රෑස්ස ගසින් හෙබි වනාන්තරය හා තුරැලතා ද ඒවායේ පිපී සුගන්ධවත් පුෂ්ප ද පරිසරයට අයත්ය. එමෙන්ම සුදු වර්ණ පෙණ නංවමින් ගලන දියදහරා ද කෙත්වතු සරැ කරමින් ගලන ගංගා ද පරිසරයට අයත් වේ. මෙවන් වූ පරිසරයට අයත් නොයෙක් ආකාරයේ සුන්දර දේවල් ද රුසකි. කුරැල්ලන්, සමනලුන් ඇතුළු විවිධාකාරයේ සත්තු ද ඒ අතර වෙති. ලක්මවගේ සුන්දරත්වයට උරදෙන මේ පරිසරය රුකගැනීමේ යුතුකම අප සතුයි. වර්තමානයේ පරිසරය විනාශ කිරීමට මිනිසා පෙලඹීම නිසා විවිධ ගස්වැල් හා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. පරිසර දිනය යෙදුණු දවසට පමණක් පරිසර හිතකාමීව ක්‍රියා කිරීමෙන් පලක් නැත. වසරේ සෑම දිනකම පරිසරය රුක ගැනීමට කටයුතු කළ යුතුය. අපි ගස්වැල් රුක ගනිමු. ගංගා ආදියට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. අපි පරිසරය රුක ගනිමින් සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.

අමාෂා තිලක්ෂි

8 වැනි ශ්‍රේණිය,

මප/හැ/ගිනිගත්හේන

මධ්‍ය මහා විද්‍යාලය, ගිනිගත්හේන.

පරිසරය යනු අප අවට වටපිටාවයි. ගහකොළ, සතා සිව්පාවා පරිසරයට අයත් ය. ගහ කොළ අපට අවශ්‍ය මූලික අවශ්‍යතා තුන සපයයි. ඔබට මතකද අපට ගුරුතුමී 1 වසරේ දී කියලා දුන්නා “දුවේ, පුතේ ගහක් කැපුවොත් ඒ වෙනුවට පැළයක් හරි සිටුවන්න කියලා.”

මානවයාගේ තාක්ෂ­ණික දියුණුවත් සමඟ පරිසරයට අධික ලෙස හානි සිදුවී ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාව අතීතයේ කාන්තාරවලින් තොර රටක් ලෙස පිළිගෙන තිබිණි. නමුත් අනාගතයේ අපේ රටේ ද කාන්තාර ඇති විය හැක. ගස් ගල්වලට කතා කළ හැකි නම් මෙසේ කියාවි. “මිනිසුන් යනු කෙළෙහි ගුණ නොදන්නා ජාතියක්” පොලිතින් ප්ලාස්ටික් විවෘත පරිසරයේ පිච්චීම නිසා මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාව වන වායු ගෝලය විනාශ වේ. වායුව දූෂණය වීම නිසා සූර්යයාගේ අහිතකර කිරණ හරවා යවන ‘ඕසෝන් ස්තරයට දැඩි හානි සිදුවේ. එවිට සූර්යයාගේ අහිතකර කිරණ ඍජුවම පෘථිවියට එල්ල විය හැක. අපි අපට හැකි සෑම අවස්ථාවක පරිසරයට හිතකර ලෙසින් කටයුතු කිරීමට සිතා ගනිමු.

හෂිනිකා මධුමාලි රණතුංග

8 ශ්‍රේණිය,

පණ්ඩුකාභයපුර විදුහල

අනුරාධපුරය

අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.

1. නූතන සිංහල හෝඩිය ස්වර අකුරු කීයද ඒ මොනවාද?

2. ව්‍යංජන අකුරු කීයද? ලියා දක්වන්න.

3. ට වර්ගයට අයත් අකුරු ලියන්න.

4. සඤ්ඤක අකුරු ලියා දක්වන්න.

5. පහත සඳහන් පද බැඳි අකුරු යොදා නැවත ලියන්න.

පරීක්ෂණය නිරීක්ෂණය ද්විත්ව දක්ෂ අන්ධයා

6. පහත සඳහන් වචන වල ඇදි අකුරු වල ස්වර ව්‍යංජන වෙන් කරන්න

උපකරණ ,

ලෝපය,

ගැළපෙන,

තුලාව,

දර්පණය

7. පහත සඳහන් වචනවල අක්ෂර වින්‍යාසය නිවැරදි කර නැවත ලියන්න

i. ප්‍රදානය

ii. රකාරාංෂය

iii. පරිගනක

iv. පුස්ථකාලය

v. ලේකනය

vi. ප්‍රසිද්ද

vii. අර්ත

viii. පරිනාමය

8. පහත සඳහන් පිල්ලම් ලියා දක්වන්න.

දීර්ඝ පාපිල්ල ඇලපිල්ල ගැටය සහිත ඇලපිල්ල කොම්බුව සහ හල් කිරීම

9. ස්වර එක් වීමෙන් සෑදෙන ව්‍යංජන අකුරු ලියන්න.

i. ක් + ඔ =

ii. ය් + එ =

iii. හ් + ඊ =

iv. ණ් + ඍ =

v. ෂ් + ඓ =

vi. ඣ් + අ =

vii. ජ් + උ =

viii. ත් + ඉ =

ix. ර් + ඇ =

x. ට් + ඖ =

10. අකුරු යොදා වචන තුනක් ලියන්න.

i. රැ ........................................... .............................................. ..........................................

ii. රෑ ........................................... .............................................. ..........................................

iii. රු ........................................... .............................................. ..........................................

iv. රූ ........................................... .............................................. ..........................................

v. ලු ........................................... .............................................. ..........................................

vi. ලූ ........................................... .............................................. ..........................................

vii. ළු ........................................... .............................................. ..........................................

viii. ළූ ........................................... .............................................. ..........................................

ix. ඖ ........................................... .............................................. ..........................................

x. ඟ ........................................... .............................................. ..........................................

11. අදාළ අකුරට අයත් මහාප්‍රාණ ලියන්න.

අල්පප්‍රාණ මහාප්‍රාණ

12. පහක් සඳහන් පද අකාරාදි පිළිවෙළට ලියන්න.

i. පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු කාවන්තිස්ස සද්ධාතිස්ස වසභ අග්බෝ ධාතුසේන මහාතිස්ස

ii. ඉන්දියාව ඇමරිකාව ජපානය චීනය මාලදිවයින නේපාලය ලංකාව රුසියාව කැනඩාව එංගලන්තය

iii. මාතර ගාල්ල අනුරාධපුර පොළොන්නරුව මහනුවර කෑගල්ල රත්නපුර පුත්තලම අම්පාර යාපනය

13. පහත සඳහන් ඒකවචන නාම පදවල බහුවචන පද ලියන්න.

මිනිසා ,ගිරවා ,බෝලය ,ගොවියා ,පොත ,

බයිසිකලය ,ගුරුවරයා , කුරුල්ලා , බසය , මේසය ,

14. පහත සඳහන් බහු වචන පද වල ඒක වචනය ලියන්න.

ළමයි , ඔටුවෝ , අශ්වයෝ , හිවල්ලු , මව්වරු,

නළුවෝ, ශිෂ්‍යාවෝ, වෛද්‍යවරු, පියවරු

15. පහත සදහන් පද වලට ස්ත්‍රී ලිංග පද ලියා දක්වන්න.

අලියා , නයා , බල්ලා , කුකුළා , සීයා ,

මිනිසා , බකමූණා , වඳුරා , කුරුල්ලා ,

බමුණා , ඇතා, අශ්වයා , සිංහයා, මොණරා

සතුරා, රජ, මාමා, කොකා, පියා ,

16. පහත වචන වල සචේතනික අචේතනික නාම පද තෝරන්න

බල්ලා බමුණා ගෙදර රජතුමා පාසල කඳු කුමරිය පැන්සල ගිරවා නංගි

සීගිරිය පුටුව පන්සල පුද්ගලයා බසය ගස කුමරා පූසා ගුරුවරයා මල

17. පුරුෂ ලිංග මිතුරු ශබ්දය හා ස්ත්‍රී ලිංග මිතුරි ශබ්දය සියලු විභක්ති වල වර නගන්න.

18. සුදුසු ඒකවචන නාම පදය යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න .  ළමයා ගුරුවරයෙක් ඔටුවා අශ්වයා පියෙක්   නළුවා ශිෂ්‍යයාවක් වෛද්‍යවරයා මව            

i. ........................................ උදෑසනින් අවදි වී පාසල් යයි.

ii. ........................................ රසවත් ආහාරයක් පිළියෙල කරයි .

iii. ........................................ ඉතා වේගයෙන් දුවයි .

iv. ........................................ පහසුවෙන් කාන්තාරය තරණය කරයි.

v. ......................................... දිය බීමට එයි.

vi. ................................ ...... ගීත ගායනා තරගයට සහභාගි වූවාය.

vii. ........................................ බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවේය.

viii. ....................................... කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවේය.

ix. ....................................... රෝග පරික්ෂා කළේය

x. ....................................... දක්ෂ ලෙස රඟපෑවේ ය.

19. හිස්තැනට සුදුසු ඒකවචන නාම පදය යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න .

ළමයි ගුරුවරු ඔටුවෝ අශ්වයෝ පියවරු නළුවෝ ශිෂ්‍යයාවෝ වෛද්‍යවරු මව්වරු            

i. ........................................ උදෑසනින් අවදි වී පාසල් යති.

ii. ........................................ රසවත් ආහාරයක් පිළියෙල කරති .

iii. ........................................ ඉතා වේගයෙන් දුවති .

iv. ........................................ පහසුවෙන් කාන්තාරය තරණය කරති.

v. ......................................... දිය බීමට එති.

vi. ................................ ...... ගීත ගායනා තරගයට සහභාගි වූවෝය.

vii. ........................................ බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවෝය.

viii. ....................................... කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවෝය.

ix. ....................................... රෝග පරික්ෂා කළෝය

x. ....................................... දක්ෂ ලෙස රඟපෑවෝ ය.

20. වරහන් තුළ ඇති වචන අතුරින් සුදුසු වචනය යොදා පුරවන්න.

i. ඔහු ගමට ................ ( යයි/යති )

ii. .................පෙරහැර බැලීමට ගියහ. ( ඔවුහු /ඔවුන්)

iii. ..................පාසල වෙත පිය නැගුවාය. (ගුරුවරයා / ගුරුවරිය)

iv. .....................වන්දනා ගමනක් ගියෙමු (මම / අපි )

v. නුඹ පොත් ................... (කියවහු /කියවහු )

vi. කුහුඹුවා වේගයෙන් ගමන් ...................... (කරයි / කරති)

vii. නුඹ වතුර ..................... (ගෙනෙහු/ ගෙනෙහි)

viii. කුරුල්ලෝ අහසේ පියාසර ...................... (කරයි /කරති)

ix. අපි රචනාවක් ......................... (ලියමි/ ලියමු. )

x. තොපි පොළට ........................ ( ගියෙහි /ගියෙහු.)

21. සර්ව නාම පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

මම අපි තෝ නුඹ ඔබ නුඹලා තොපි ඔහු එය ඇය හෙතෙම ඔව්හු ඒවා

i. ............................ මෙත් වඩමු.

ii. ............................ සතුටින් ජීවත් වෙහු.

iii. පවනී සැමදා පාසල් එන්නීය. ................... පන්තියේ දක්ෂතම සිසුවිය විය.

iv. .................... පොත් කියවහි.

v. ..................... ගමට යති.

vi. ............... හොඳ ළමයෙකි.

vii. ................ නිතිපතා බුදුන් වඳිමි.

viii. .................. වතුර බොහි.

ix. සඳුන් ගුණ ගරුක දරුවෙකි. ................ නිතරම සතුන්ට කෑම දෙයි.

x. රත්නපුරය මැණික් වලට ප්‍රසිද්ධිය. ................ විකිණීමෙන් රටට විදේශ විනිමය ලැබේ.

xi. ................. යහමගට යහි.

xii. ................... ගුණ දහම් වඩහු.

xiii. පිහිය උපකරණයකි. .............. නිසි තැන ආරක්ෂිතව තැබීමට පුරුදු විය යුතුය.

xiv. ............... දෙගුරුන් නමදිමු.

xv. ..................... රංගනයේ යෙදිණ.

22. පහත දැක්වෙන වචන යොදා වගුව සම්පූර්ණ කරන්න

ආනන්දය බ්‍රාහ්මණ කෙර රත්තී අනුරාධපුර පුටුව සපයන්නා මිට්ටා යන්නො වයන්නා උස කවුඩා කිඹුලා බෝතලය

ජාති නාම 

ද්‍රව්‍ය  නාම 

ගුණ නාම 

ක්‍රියා නාම 

සංඥා නාම

පහත උපසර්ග යොදා වචන බැගින් ලියන්න

සු,පිළි ,අති, වි, අව

සිඳත් සඟරාවේ උපසර්ග පද 20ක් ඇත.

• ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පි

උපසර්ග නාමය / ධාතුව උපසර්ග පදය

ප බල පබල

 හත

 හළ

 වන

පර ගැති පරගැති

 වැඩ

 සිඳු

 සතුරු

අව ගුණ

 මාන

 වාද

 නඩු

ස සල

 වන

 බඳ

 සර

අනු ගමනය

 දනී

 රුව

 නායක

නි මල

 සරු

 ගාමි

 වන

දු ලද

 බල

 ගඳ

 සිරිත්

වි මල

 සම

 ජාතික

 යන

අ පල

 මිල

 දර

 මිහිරි

අදි යර

පහත පදවල උපසර්ග වෙන් කරන්න.

උප + හාර = උපහාර

සුලබ සුවඳ සුගන්ධය සුපිපි උවැසි උළැගි උදුල උදර අබියස අබිනික්මන අබිසෙස් පිරිසිදු පිරියත් පිරිදත් පිරිකර උපනන්ද උපනායිකා උපසර්ග උපකල්පනය අපවාද අපකීර්තිය අපචාර අපද්‍රව්‍ය පසමිතුරු පිළිබඳ පිළිතුරු පිළිවෙත් පිළිගනී අතිජාත අතික්‍රමණය අතිකාල අතිගරු පියන් පිවිස පිදෙන පිදුම්

භාෂාවේ භාවිත වෙනත් උපසර්ග

ප්‍ර/ පරා/ප්‍රති/සම්/සං/සන්/සත්/සද්/සහ/

       අධි/නිර්/නිශ්/නිෂ්/නිස්/දුර්/දුශ්/දුෂ්/දුස්/

       අභි/පශ්චාත්/අන්/උව/උත්/උද්/ස්වයං

සංනිවේදන පරාජය නිර්ලෝභී සහකම්පන සංහාර අධිශීතකරණ නිෂ්කාශන ප්‍රතිපත්ති

සංතුෂ්ටි අභිජනන නිශ්චිත උත්පාදන පශ්චාත් උපාධි ස්වයං රැකියා උද්දීපනය නිර්වචන සත්භාවය සංචරණ ප්‍රබල ප්‍රවාහන සම්මන්ත්‍රණ සම්පූර්ණ සම්ප්‍රයෝග උත්කෘෂ්ට

බහු අර්ථ පද

එක වචනයකින් අර්ථ කීපයක් දැක්වීම සිදු කෙරේ.එවැනි පද බහු අර්ථ පද නම් වේ.

1. දද - සමූහය, කොඩි,බමුණා, දද රෝගය

2. දළ - දළය, දත්, දැඩි

3. දිය-  ජලය, ලෝකය, දෙන්න, ජය

4. වන-  කැලෑව, සිදුවීම

5. වණ-  වර්ණය, තුවාලය

6. පා = පතුල, පාදය, පාත්‍රය

7. පැහැ-  ආලෝකය, වර්ණය

8. ලිය - කාන්තාව, වැල, ලිවීම

9. වත -  කතාව, වස්ත්‍රය, මුහුණ, මුඛය

10. පෙළ - පේළිය, පන්තිය, සමූහය

11. නා-  නාගස, නාගයා, නායක, නාමය, නාදය

12. සක් - හක්ගෙඩිය, ශක්‍රයා, ඇස්

13. වස් - විෂය, වයස, වර්ෂය

14. මුව-  මුවා, මුහුණ, මුඛය

15. සත් -  සත්වයා, සත්‍යය, උතුම්, සමූහය

16. සඳ - චන්ද්‍රයා, කාලය, සඳුන්

17. සතර-  හතර, හතුරා

18. හස් - හංසයා, අශ්වයා

19. හය-  අශ්වයා, ශක්තිය, සය

20. ගත - ශරීරය, පොත

නා- නාගස, නාගයා, නායක, නාමය, නාදය

සඳ - චන්ද්‍රයා, කාලය, සඳුන් 

සත් -  සත්වයා, සත්‍යය, උතුම්, සමූහය  

නා, සඳ, සත් යන පදයන්ගේ අර්ථ ගැන්වෙන පරිදි වාක්‍ය නිර්මාණය කරන්න.

23. පහත සඳහන් පදවලට සමාන පද ලියන්න

සඳ ,මව ,ජලය ,හිරු ,නෙළුම

සයුර ගුරුවරයා නැඟණිය මඟ භික්ෂුව

24. අර්ථයට වෙනස් අරුතක් ගෙන දේ නම් විරුද්ධ පද වේ.

උදා :

2. යනවා - එනවා

3. සතුරා - මිතුරා

4. නගිනවා - බහිනවා

5. පිරිසිදු - අපිරිසිදු

6. උෂ්ණ - සීත

7. උඩ - යට

8. කීකරු - අකීකරු

9. පෙර - පසු

10. පහසු - අපහසු

11. නින්දාව - ප්‍රශංසාව

12. ළඟ - දුර

13. ඔව් - නැත

14. නම්බුව - අවනම්බුව

15. අව්ව - වැස්ස

16. ඉර - හඳ

17. රෑ - දවල්

18. ලොකු - කුඩා

19. ආරෝහණ - අවරෝහණ

20. අඩු - වැඩි

21. එළිය - අඳුර

22. කීර්තිය - අපකීර්තිය

23. පැසසුම - ගැරහුම

24. ගෞරව - අගෞරව

25. ටිකක් - ගොඩක්

26. ඉක්මනින් - සෙමින්

27. ආලෝකය - අන්ධකාරය

28. යන - එන

29. දිව්‍යලෝකය - නරකාදිය

30. අලුත් - පරණ

31. කඩිසර - කම්මැලි

32. උනන්දුව - උදාසීන

33. සුදු - කලු

34. ධාර්මික - අධාර්මික

35. ඉහළ - පහළ

36. යෝග්‍ය - අයෝග්‍ය

37. හික්මුණු - නොහික්මුණු

38. දැහැමි - අදැහැමි

39. නොමනා - මනා

40. ගැළපෙන - නොගැළපෙන

41. ඥානවන්ත - අඥානවන්ත

42. උස - මිටි

43. එගොඩ - මෙගොඩ

44. සුදුසු - නුසුදුසු

45. දිග - කොට

46. බිඳෙන - නොබිඳෙන

47. උණුසුම් - සිසිල්

48. ප්‍රමාද - අප්‍රමාද

49. පමා - නොපමා

50. ප්‍රසිද්ධ - අප්‍රසිද්ධ

51. ආරම්භය - අවසානය

52. මුල - අග

53. නැගෙනහිර - බස්නාහිර

54. එපිට - මෙපිට

55. උතුර - දකුණ

56. පෙරදිග - අපරදිග

57. වම - දකුණ

58. ජය - පරාජය

59. සමත් - අසමත්

60. සසල - නිසල

61. දිනුම - පැරදුම

62. දක්ෂ - අදක්ෂ

63. මෘදු - රළු

64. පෙනී - නොපෙනී

65. ප්‍රකට - අප්‍රකට

66. සහිත - රහිත

67. නවීන - පුරාණ

68. නුවණ - අනුවණ

69. ආගන්තුක - නේවාසික

70. වටිනා - නොවටිනා

71. ලස්සන - අවලස්සන

72. ඇතුල්වීම - පිටවීම

73. ඉදිරිය - පසුපස

74. වර්ණ - අවර්ණ

75. අහංකාර - නිරහංකාර

76. ප්‍රීතිය - ශෝකය

77. සතුට - අසතුට

78. පුහුණු - නුපුහුණු

79. සොම්නස - දොම්නස

80. සැප - දුක

81. ලෝභ - අලෝභ

82. සැපත - විපත

83. පව් - පින්

84. අමාවක - පසළොස්වක

85. උසස් - පහත්

86. සත්‍ය - අසත්‍ය

87. යහපත් - අයහපත්

88. ඇත්ත - බොරුව

89. කුසල් - අකුසල්

90. අවශ්‍ය - අනවශ්‍ය

91. දියුණුව - පිරිහීම

92. ආදායම - වියදම

93. ආත්මාර්ථකාමී - පරාර්ථකාමී

94. අය - වැය

95. ආනයන - අපනයන

96. ස්වදේශික - විදේශික

97. විවෘත - සංවෘත

98. විකසිත - මුකුලිත

99. මිශ්‍ර - අමිශ්‍ර

100. හේතුව - අහේතුව

101. දුප්පත් - පොහොසත්

102. බියසුලු - නිර්භීත

103. ආදරය - අනාදරය

104. සීමිත - අසීමිත

105. භය - නිර්භය

106. සුගඳ - දුගඳ

107. පූර්වභාග - අපරභාග

108. සුලබ - දුලබ

109. බහුල - විරල

110. පෙරවරු - පස්වරු

111. ආඩම්බර - නිහතමානී

112. නිදහස් - යටත්

113. ගඳ - සුවඳ

114. කැමැත්ත - අකමැත්ත

115. විශ්වාසය - අවිශ්වාසය

116. ආගමන - විගමන

117. වංක - අවංක

118. ස්ථීර - අස්ථීර

119. සරු - නිසරු

120. සෞභාග්‍ය - දුර්භාග්‍යය

121. ජනාකීර්ණ - ජනශුන්‍ය

122. සැලෙන - නොසැලෙන

123. බාහිර - අභ්‍යන්තර

124. ව්‍යාජ - අව්‍යාජ

125. නාගරික - ගැමි

126. ගිහි - පැවිදි

127. අවබෝධය - අනවබෝධය

128. දුසිරිත් - සුසිරිත්

129. සිනිඳු - ගොරෝසු

130. කරදිය - මිරිදිය

131. ආධුනික - ප්‍රවීන

132. මඟුල් - අවමඟුල්

133. මිහිරි - අමිහිරි

134. සුදන - දුදන

135. ශිෂ්ට - අශිෂ්ට

136. අවුල් - නිරවුල්

137. පොදු - පෞද්ගලික

138. විනිත - අවිනීත

139. ඉදුණු - අමු

140. උපත - මරණය

141. සමගිය - අසමගිය

142. ප්‍රශ්න - පිළිතුරු

143. ආශ්වාස - ප්‍රශ්වාස

144. සාර්ථක - අසාර්ථක

145. උස් - පහත්

146. ලාභ - අලාභ

147. සනීප - අසනීප

148. රෝගී - නිරෝගී

149. නිතර - ඉඳහිට

150. පවිත්‍ර - අපවිත්‍ර

151. ගම - නගරය

152. අහස - පොළව

153. ඇතුළත - පිටත

154. අවසර - අනවසර

155. උදාගිර - අවරගිර

156. සාධාරණ - අසාධාරණ

157. වහල් - නිවහල්

158. වඩදිය - බාදිය

159. ගැටලුව - විසඳුම

160. හොඳ - නරක

161. බර - සැහැල්ලු

162. රුචි - අරුචි

163. ප්‍රබල - දුබල

164. අසම - සම

165. සිරස් - තිරස්

166. ශුද්ධ - අශුද්ධ

167. ආචාර - අනාචාර

168. දේශීය - විදේශීය

169. වේලාව - අවේලාව

170. උචිත - අනුචිත

171. දිය - ගොඩ

172. තෙත් - වියළි

173. ඔත්තේ - ඉරට්ටේ

174. සජීවී - අජීවී

175. දේශප්‍රේමී - දේශද්‍රෝහී

176. සරල - සංකීර්ණ

177. අල්ප - අනල්ප

178. සම්මත - අසම්මත

179. අධම - උත්තම

180. නිමි - නොනිමි

181. ආකූල - නිරාකූල

182. ආවරණ - අනාවරණ

183. එලොව - මෙලොව

184. නූතන - පැරණි

185. මඳ - නොමඳ

186. උඩුකුරු - යටිකුරු

187. ප්‍රසන්න - අප්‍රසන්න

188. හඬ - නිහඬ

189. ස්වාභාවික - කෘත්‍රිම

190. මෛත්‍රිය - වෛරය

191. යල - මහ

192. අවම - උපරිම

193. යුක්තිය - අයුක්තිය

194. ක්‍රමවත් - අක්‍රමවත්

195. සදාචාරය - දුරාචාරය

196. ප්‍රාණවත් - අප්‍රාණවත්

197. හැකි - නොහැකි

198. ඉක්මනින් - සෙමින්

199. විවේක - අවිවේකී

200. සුබ - අසුබ

201. කැමති - අකමැති

202. ගඳ - සුවඳ

203. ප්‍රිය - අප්‍රිය

204. ජංගම - ස්ථාවර

205. රහිත - සහිත

206. පහසු - අපහසු

207. අලුත් - පරණ

208. මුල - අග

209. ලැබෙන - නොලැබෙන

210. මංගල්‍යය - අවමංගල්‍යය

211. විශාල - කුඩා

212. මනාපය - අමනාපය

213. සතුටින් - දුකින්

214. අවුල් - නිරවුල්

215. වාසනාව - අවාසනාව

216. සැක - නිසැක

217. අලස - කඩිසර

218. සන්තෝෂය - අසන්තෝෂය

219. යන්න - එන්න

220. හිමි - අහිමි

221. රස - නීරස

222. ගොඩ - මඩ

223. අමාරුවෙන් - පහසුවෙන්

224. කාරුණික - අකාරුණික

225. පුංචි - ලොකු

පහත සඳහන් පදවලට විරුද්ධාර්ථ පද ලියා දක්වන්න

අවංක , පිරිසිදු , උස , ලස්සන, දක්ෂ,

අහස, නූතන, දුදන, සුදුසු, ආරම්භය

නරක, අකුසල් , පොහොසත් , කළු, උඩ,

සතුරු, රැය, ඉහළ , හොඳ , ජය,

මිරිදිය , ගුණ, සතුට , දිග, පෙරදිග

25. පහත සඳහන් පද යොදා අදහස පැහැදිලි වන සේ බැගින් ලියන්න

පන්සල සාගරය කුඹුර රෝදය අවසන්

26. උක්ත පද අනුක්ත පද බවට පත් කරන්න.

උක්ත පද අනුක්ත පද

බල්ලෙක් බල්ලෙකු

මිනිසෙක්

වලසෙක්

නරියෙක්

බමුණෙක්

කතුවරියක් කතුවරියක

මිතුරියක් මිතුරියක

ඇතින්නක්

ගුරුතුමියක්

නිළියක්

වෛද්‍යවරියක්

ශිෂ්‍යයාවක්

බහු උක්ත වචන පද බහු වචන අනුක්ත පද

මිනිස්සු මිනිසුන්

ගුරුවරු

 බල්ලෝ

මාළුවෝ

 වෛද්‍යවරු

මව්වරු මව්වරුන්

මිතුරියෝ

යෙහෙළියෝ

නැඟෙණියෝ

ගුරුවරියෝ

උක්ත පද අනුක්ත පද

මම මා

අපි අප

තෝ තා

ඔ ඈ

නුඹ නුඹ

ඔහු ඔහු

ඔවුහු ඔවුන්

හෙතෙම ඔහු

27. උක්ත පදය යොදා හිස්තැන සම්පූර්ණ කරන්න

i. ........................පුස්තකාලයට යයි. (ළමයා / ළමයෙකු )

ii. .......................ගස යට නිදා ගනියි. ( සිංහයෙකු / සිංහයා )

iii. .........................පොතක් කියවයි. ( යෙහෙළියක / යෙහෙළිය )

iv. .......................තරඟයට සහභාගි වුණේ ය. ( ක්‍රීඩකයා / ක්‍රීඩකයෙකු )

v. .......................පලතුරු කෑවෝය. (ඔවුහු / ඔවුන් )

vi. ......................පිරිසිදුව සිටිමි. ( මම/ මා )

vii. ........................සැමදා සතුටින් සිටිමු. ( අපි / අප )

viii. ...........................පෙරහැරේ ගමන් කරයි. ( ඇතින්න/ ඇතින්නක )

ix. .....................දියෙහි පිනු වූවේය. (හංසයෙකු / හංසයා )

x. ............................දක්ෂ ලෙස රඟපෑවා ය. ( නිළියක / නිළිය )

28. සුදුසු අනුක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

රට වැසියන් ගුරුවරුන් නායකයන් රෝගියෙකු පාඨකයන්

සිංහලයන් දරුවන් යහළුවන් පුහුණුකරුවන්

1. ගුරුවරුන්...................පත් කරයි.

2. වෛද්‍යවරයා......... .....අපේක්ෂා කරයි.

3. මිනිසුන්.................හමු වෙති.

4. ළමයි.................. සමග සෙල්ලම් කරයි.

5. ලේඛකයා....................අගය කරයි.

6. සංචාරකයෝ.........................නැරඹුහ.

7. ක්‍රීඩකයෝ..........................හමු වෙති .

8. ශිෂ්‍ය නායකයෝ..................සමග සාකච්ඡා කළෝය.

9. රජතුමා....................ඇමතුවේය.

10. පියවරු......................ආරක්ෂා කළහ.


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය