1 පිරිවෙන් සිංහල

 

1.       නූතන සිංහල හෝඩිය ස්වර අකුරු කීයද ඒ මොනවාද?

2.       ව්‍යංජන අකුරු කීයද?  ලියා දක්වන්න.

3.       ට වර්ගයට අයත් අකුරු ලියන්න.

4.       සඤ්ඤක අකුරු  ලියා දක්වන්න.

5.       පහත සඳහන් පිල්ලම් ලියා දක්වන්න.

දීර්ඝ පාපිල්ල ඇලපිල්ල ගැටය සහිත ඇලපිල්ල  කොම්බුව සහ හල් කිරීම

6.       ස්වර එක් වීමෙන් සෑදෙන ව්‍යංජන අකුරු ලියන්න.

ක් + =

ය් + =

හ් + =

ණ් + =

ෂ් + =

ඣ් + =

ජ් + =

ත් + =

ර් + =

ට් + =

7.       අකුරු යොදා වචන තුනක් ලියන්න.

රැ        ...........................................        ..............................................       ..........................................

රෑ        ...........................................        ..............................................       ..........................................

රු       ...........................................        ..............................................       ..........................................

රූ       ...........................................        ..............................................       ..........................................

ලු        ...........................................        ..............................................       ..........................................

ලූ        ...........................................        ..............................................       ..........................................

ළු        ...........................................        ..............................................       ..........................................

ළූ       ...........................................        ..............................................       ..........................................

       ...........................................        ..............................................       ..........................................

       ...........................................        ..............................................       ..........................................

8.       අදාළ අකුරට අයත් මහාප්‍රාණ  ලියන්න.

අල්පප්‍රාණ

මහාප්‍රාණ

 

 

 

 

 

 

 

 

 

 

9.       පහක් සඳහන් පද අකාරාදි පිළිවෙළට  ලියන්න.  

                    i.            පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු කාවන්තිස්ස සද්ධාතිස්ස වසභ අග්බෝ ධාතුසේන මහාතිස්ස

                  ii.            ඉන්දියාව ඇමරිකාව ජපානය චීනය මාලදිවයින නේපාලය ලංකාව රුසියාව කැනඩාව එංගලන්තය

                 iii.            මාතර ගාල්ල  අනුරාධපුර පොළොන්නරුව මහනුවර කෑගල්ල රත්නපුර පුත්තලම අම්පාර යාපනය

10.   පහත සඳහන් ඒකවචන නාම පදවල බහුවචන පද ලියන්න.

මිනිසා ,ගිරවා ,බෝලය ,ගොවියා ,පොත ,

බයිසිකලය ,ගුරුවරයා , කුරුල්ලා , බසය , මේසය ,

11.    පහත සඳහන් බහු වචන පද වල ඒක වචනය ලියන්න.

ළමයි ,  ඔටුවෝ , අශ්වයෝ , හිවල්ලු , මව්වරු, 

නළුවෝ,  ශිෂ්‍යාවෝ, වෛද්‍යවරු, පියවරු

12.   පහත සදහන්   පද වලට ස්ත්‍රී ලිංග පද ලියා දක්වන්න.

අලියා , නයා , බල්ලා , කුකුළා , සීයා ,

මිනිසා , බකමූණා , වඳුරා , කුරුල්ලා ,

බමුණා , ඇතා, අශ්වයා , සිංහයා, මොණරා

සතුරා, රජ, මාමා, කොකා,  පියා ,

13.    පහත වචන වල සචේතනික අචේතනික නාම  පද තෝරන්න

බල්ලා        බමුණා       ගෙදර        රජතුමා       පාසල         කඳු           කුමරිය      පැන්සල   

ගිරවා      නංගි

සීගිරිය        පුටුව          පන්සල      පුද්ගලයා       බසය     ගස   කුමරා         පූසා       ගුරුවරයා   මල

සචේතනික පද

අචේතනික පද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

15.   සුදුසු ඒකවචන  නාම පදය යොදා  වාක්‍ය සම්පූර්ණ කරන්න .

    ළමයා           ගුරුවරයෙක්           ඔටුවා              අශ්වයා       පියෙක්

    නළුවා            ශිෂ්‍යයාවක්            වෛද්‍යවරයා    මව          

                 i.          ........................................  උදෑසනින් අවදි වී පාසල් යයි.

                ii.          ........................................  රසවත් ආහාරයක් පිළියෙල කරයි .

              iii.          ........................................   ඉතා වේගයෙන් දුවයි .

              iv.          ........................................   පහසුවෙන් කාන්තාරය තරණය කරයි.

                v.          .........................................   දිය බීමට එයි.

              vi.          ................................ ......   ගීත  ගායනා තරගයට සහභාගි වූවාය.

            vii.          ........................................   බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවේය.

           viii.          .......................................     කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවේය.

              ix.          .......................................    රෝග පරික්ෂා කළේය

                x.          .......................................    දක්ෂ ලෙස  රඟපෑවේ ය.

16.   හිස්තැනට සුදුසු ඒකවචන  නාම පදය යොදා  වාක්‍ය සම්පූර්ණ කරන්න .

    ළමයි         ගුරුවරු        ඔටුවෝ              අශ්වයෝ      පියවරු

    නළුවෝ           ශිෂ්‍යයාවෝ            වෛද්‍යවරු     මව්වරු           

                 i.          ........................................  උදෑසනින් අවදි වී පාසල් යති.

                ii.          ........................................  රසවත් ආහාරයක් පිළියෙල  කරති  .

              iii.          ........................................   ඉතා වේගයෙන් දුවති .

              iv.          ........................................   පහසුවෙන් කාන්තාරය තරණය කරති.

                v.          .........................................   දිය බීමට එති.

              vi.          ................................ ......   ගීත  ගායනා තරගයට සහභාගි වූවෝය.

            vii.          ........................................   බොහෝ මහන්සියෙන් මුදල් ඉපයූවෝය.

           viii.          .......................................     කැපවීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවෝය.

              ix.          .......................................    රෝග පරික්ෂා කළෝය

                x.          .......................................    දක්ෂ ලෙස  රඟපෑවෝ ය.

17.   වරහන් තුළ ඇති වචන අතුරින් සුදුසු වචනය යොදා  පුරවන්න.

                 i.          ඔහු ගමට ................ ( යයි/යති )

                ii.          .................පෙරහැර බැලීමට ගියහ. ( ඔවුහු /ඔවුන්)

              iii.          ..................පාසල වෙත පිය නැගුවාය. (ගුරුවරයා /  ගුරුවරිය)

              iv.          .....................වන්දනා ගමනක් ගියෙමු  (මම / අපි )

                v.          නුඹ පොත් ................... (කියවහු /කියවහු )

              vi.          කුහුඹුවා  වේගයෙන් ගමන් ...................... (කරයි / කරති)

            vii.          නුඹ වතුර .....................  (ගෙනෙහු/ ගෙනෙහි)

           viii.          කුරුල්ලෝ අහසේ පියාසර ...................... (කරයි /කරති)

              ix.          අපි රචනාවක් ......................... (ලියමි/ ලියමු. )

                x.          තොපි පොළට ........................  (  ගියෙහි /ගියෙහු.)

18.   සර්ව නාම පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

මම  අපි තෝ නුඹ ඔබ නුඹලා තොපි ඔහු එය  ඇය හෙතෙම ඔව්හු ඒවා

                 i.          ............................ මෙත් වඩමු.

                ii.          ............................ සතුටින් ජීවත් වෙහු.

              iii.          පවනී සැමදා පාසල් එන්නීය. ................... පන්තියේ දක්ෂතම සිසුවිය විය.

              iv.          .................... පොත් කියවහි.

                v.          .....................  ගමට යති.

              vi.          ............... හොඳ ළමයෙකි.

            vii.          ................ නිතිපතා බුදුන් වඳිමි.

           viii.          .................. වතුර බොහි.

              ix.          සඳුන් ගුණ ගරුක දරුවෙකි. ................ නිතරම සතුන්ට කෑම දෙයි.

                x.          රත්නපුරය මැණික් වලට ප්‍රසිද්ධිය. ................ විකිණීමෙන් රටට විදේශ විනිමය ලැබේ.

              xi.          ................. යහමගට යහි.

            xii.          ................... ගුණ දහම් වඩහු.

           xiii.          පිහිය  උපකරණයකි. .............. නිසි තැන ආරක්ෂිතව තැබීමට පුරුදු විය යුතුය.

           xiv.          ............... දෙගුරුන් නමදිමු.

             xv.          .....................  රංගනයේ යෙදිණ.

19.   පහත සඳහන් පදවලට සමාන පද ලියන්න

සඳ ,මව ,ජලය ,හිරු ,නෙළුම

සයුර ගුරුවරයා නැඟණිය මඟ භික්ෂුව

20.   පහත සඳහන් පදවලට විරුද්ධාර්ථ පද ලියා දක්වන්න

අවංක , පිරිසිදු , උස , ලස්සන, දක්ෂ,

අහස, නූතන, දුදන, සුදුසු, ආරම්භය

නරක, අකුසල් , පොහොසත් , කළු, උඩ,

සතුරු, රැය, ඉහළ , හොඳ , ජය,

මිරිදිය , ගුණ, සතුට , දිග, පෙරදිග

 

21.   හිස්තැන් පුරවා පහත සඳහන් වචන සම්පූර්ණ කරන්න

                 i.          ...........ගම

                ii.          වි............වල

              iii.          දි.............

              iv.          වල්...........ස...........

                v.          ද...........................

              vi.          අම්............ළු...........

            vii.          මො...........පා..........

           viii.          ව.................

              ix.          අත්ත..............ගල්ල

                x.          ය............ව...........

              xi.          ..... රා ......

            xii.          ....... ප්පා  ........

           xiii.          ...... ස්  ......

           xiv.          ...... ගමු ...... වි ...... .......

             xv.          කා ..... ......

22.   පහත සඳහන් පද යොදා අදහස පැහැදිලි වන සේ බැගින් ලියන්න

පන්සල       සාගරය        කුඹුර           රෝදය         අවසන්

23.    උක්ත පද  අනුක්ත පද  බවට පත් කරන්න.

 

උක්ත පද

අනුක්ත පද

බල්ලෙක්

බල්ලෙකු

මිනිසෙක්

 

වලසෙක්

 

නරියෙක්

 

බමුණෙක්

 

කතුවරියක්

කතුවරියක

මිතුරියක්

මිතුරියක

ඇතින්නක්

 

ගුරුතුමියක්

 

නිළියක්

 

වෛද්‍යවරියක්

 

ශිෂ්‍යයාවක්

 

 

බහු උක්ත වචන පද

බහු වචන අනුක්ත පද

මිනිස්සු

මිනිසුන්

ගුරුවරු

 

 බල්ලෝ

 

මාළුවෝ

 

 වෛද්‍යවරු

 

මව්වරු

මව්වරුන්

මිතුරියෝ

 

යෙහෙළියෝ

 

නැඟෙණියෝ

 

ගුරුවරියෝ

 

 

24.   පහත සඳහන්  හිස්තැන්  වලට උක්ත පදය යොදා හිස්තැන සම්පූර්ණ කරන්න

         i.          ........................පුස්තකාලයට  යයි. (ළමයා  / ළමයෙකු )

       ii.           .......................ගස  යට නිදා ගනියි.     ( සිංහයෙකු / සිංහයා )

     iii.          .........................පොතක් කියවයි.   (  යෙහෙළියක යෙහෙළිය )

      iv.           .......................තරඟයට සහභාගි වුණේ ය.  ( ක්‍රීඩකයා /  ක්‍රීඩකයෙකු  )

       v.          .......................පලතුරු කෑවෝය.   (ඔවුහු   / ඔවුන්  )

      vi.           ......................පිරිසිදුව සිටිමි.  (  මම/ මා   )

    vii.          ........................සැමදා සතුටින් සිටිමු.  ( අපි / අප )

  viii.           ...........................පෙරහැරේ ගමන්  කරයි.  (  ඇතින්න/ ඇතින්නක  )

      ix.           ..................... දියෙහි පිනු වූවේය.  (හංසයෙකු  /  හංසයා )

       x.          ............................ දක්ෂ ලෙස රඟපෑවා ය.  (  නිළියක නිළිය 

25.   සුදුසු අනුක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

රට වැසියන්        ගුරුවරුන්           නායකයන්                         රෝගියෙකු              පාඨකයන්

සිංහලයන්           දරුවන්                යහළුවන්            පුහුණුකරුවන්

1.      ගුරුවරුන්...................පත් කරයි.

2.      වෛද්‍යවරයා......... .....අපේක්ෂා කරයි.

3.      මිනිසුන්.................හමු වෙති.

4.      ළමයි.................. සමග සෙල්ලම් කරයි.

5.      ලේඛකයා....................අගය කරයි.

6.      සංචාරකයෝ.........................නැරඹුහ.

7.      ක්‍රීඩකයෝ..........................හමු වෙති .

8.      ශිෂ්‍ය  නායකයෝ..................සමග සාකච්ඡා කළෝය.

9.      රජතුමා....................ඇමතුවේය.

10.   පියවරු......................ආරක්ෂා කළහ.

 

26.   අයදුම්පත්‍ර පුරවන්න

 

Text Box: පිරිවෙන් පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය

සම්පූර්ණ නම : ..............................................................................
.......................................................................................................
පෞද්ගලික ලිපිනය : .......................................................................................................
.......................................................................................................උපන් දිනය   : වර්ෂය ....................   මාසය .............    දිනය ............
ඉගෙනුම ලබන පන්තිය : .......................................................
මව / පියා / භාරකරුගේ නම : .........................................................
.......................................................................................................
පන්තිභාර ගුරුතුමාගේ අවසරය : .....................................................

.....................................                 ................................................
      දිනය                                                           අත්සන

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය