ගුත්තිල කාව්‍යය

ගුත්තිල කාව්‍යය

සාහිත්‍ය යුග

අනුරාධපුර යුගය

පොළොන්නරු යුගය

දඹදෙණි යුගය

කුරුණෑගල යුගය

ගම්පොළ යුගය

කෝට්ටේ යුගය

සීතාවක යුගය

මහනුවර යුගය

කෝට්ටේ යුගය පිරිවෙන්

තොටගමුවේ විජයබා පිරිවෙණ

කෑරගල පද්මාවතී පිරිවෙණ

පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙණ

වීදාගම ඝනානන්ද පිරිවෙණ

දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙණ

පඬිවරු

තොටගමුවේ සිරි රහල් හිමි

විදාගම මෛත්‍රිය හිමි

වනරතන හිමි

නන්නූර්තුනයාර් මැතිඳු

ශ්‍රී රාමචන්ද්‍රභාරතී 

ගුත්තිල කාව්‍ය  රචනා කළේ

වෑත්තෑවේ හිමි

වස්තු බීජය - ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පදනම් කරගෙන

කාව්‍ය ආකෘතිය -  සිවුපද ආරින් ලියැවුණු ඛණ්ඩ කාව්‍යකි.

ගී කාව්‍ය - සීගිරි ගී

සංදේශ කාව්‍ය -  මයුර තිසර සැළලිහිණි පරවී කෝකිල හංස සන්දේශ

මහා කාව්‍ය - කවිසිළුමිණ  කාව්‍යශේඛරය

ඛණ්ඩ කාව්‍ය - ගුත්තිල කාව්‍ය

චූල කාව්‍ය

 

රචනා කාලය ගුත්තිල කාව්‍යය රචනා වූයේ

      හය වැනි පරාක‍්‍රමබාහු රජ සමයේ මෙය ලියැවුණු බවය. එය ක්‍රි. ව. 1448 - 1467 හෝ ක්‍රි. ව. 1457 1507 ත් 

අතර කාලයේදී බව මත දෙකක් පවතී.

 

කෘතිය රචනා කිරීමට ආරාධනය

 

හලාවත ජයපාල ඇමතිවරයෙකුගේ ආරාධනයෙන් රචිත කෘතියකි.

මෙත් කුළුණෙන්              දැවටි

යස පින් ගුණෙන්   නො කිලි ටි

හළ රුපු රුදු                      අරි ටි

සියල් සිරිලක අගමැතිව     සි ටි  ( 6 කවිය  )

 

අදිකරණයෙහි                    පසිඳු

රජ නීති දත්                      පිරිසිදු

සදහම් කළ                        පුරුදු

වෙළඳ කුලඹර පුන් සඳක්    බඳු ( 7 කවිය)

 

පිරිසිදු යසස                        දුන්

දිගැතුන් කුඹු අලෙව්           දුන්

දුසිරි සිත නොම                  දුන්

සලාවත ජයපාල         මැතිඳුන් ( 11 කවිය )

 

නිමිත්ත හා අරමුණ

හලාවත ජයපාල ඇමතිවරයා  ලියන්නන් ලවා දහම් පොත්පත් රචනා කරවූයේ

විඳිමි’යි සග                සැපත්
නොවෙමියි අවා        බියපත්
කෙරෙමියි මොක්       සැපත්
පතා ලියැවූ දහම් පොත්  පත් ( 9 කවිය )

 ‘ස්වර්ග මෝක්ෂ සම්පත් විඳිමි’ යි ද ‘අපා බියට පත් නොවේවා’ යි ප්‍රාර්ථනා කරමින් ය.

දෙන සග සැප           තැනක්
සිහිකළවුනට මොහොතක්
මොක්පුර මහ             වතක්
කියමි මුනි රජුගෙ පෙර සිරිතක් ( 13 කවිය )

 මොහොතක් පමණක්වත් සිහි කළවුන්ට ස්වර්ග සම්පත්තිය ගෙන දෙන ආකාරයෙන් බුදුරජුන්ගේ බෝසත් සිරිතක් පද්‍යයෙන් ගෙන හැර දැක්වීම ය.

ගුත්තිල කාව්‍යයේ වර්ණනා

1. උදේනිපුර සැණකෙළිය.

2. වාද මණ්ඩපය

3. බරණැස් රජු වාද මණ්ඩපයට පැමිණීම

4. වීණා වාදනය ඇසීම සඳහා පැමිණීම

5. ගුත්තිල ඇදුරුතුමා වාද මණ්ඩපයට පැමිණීම

6. වීණා වාදනයෙන් සතුන් පවා වශී වීම

7. සුරඟන රැඟුම

8. ගුත්තිල ඇදුරු දෙව්ලොව ගමන

9. දෙව්ලොව විසිතුරු වැනුම

10. ගුත්තිල ඇදුරුතුමා දෙව්ලොව දහම් දෙසීම

ගුත්තිල කතා සාරය

දඹදිව බරණැස් නමින් නගරයක් වූ අතර එහි බ්‍රහ්මදත්ත නම්වූ රජෙක් රාජ්‍යය කරන කාලයෙහි ගාන්ධර්ව කුලයෙහි ඉපදුණු බෝසතුන් ගුත්තිල නම් විය. වීණා ශිල්පය මනාසේ උගත් ගුත්තිල පඬ්වරයා තරුණ වයසේදී බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රධාන වීණා වාදකයා විය.

එකල බරණැස් නගරයේ සිට උදේනි නගරයට ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමේ ගිය වෙළෙන්දන්ට මූසිල නම් වීණා වාදකයෙකු පිළිබඳ අසන්නට ලැබේ. එම වෙළඳුන්ගේ කැඳවීමෙන් පැමිණි මූසිලට ඔවුන් සතුටට පත් කළ නොහැකි වූ විට ඊට හේතුව ලෙස වෙළඳුන් ප්‍රකාශ කළේ බරණැස් නගරයේ සිටින ගුත්තිල පඬ්තුමාගේ වීණා වාදනය ඇසූ කිසිවෙකුට මෙබඳු වීණා වාදනයකින් සෑහීමට පත් නොවිය හැකි බවයි.

එය අඩු මූසිල ආචාර්යවරයා ඔහුගෙන් වීණා ශිල්පය ඉගෙනීමට අදහස් කොට ගුත්තිල පඬ්වරයාගේ නිවසට යයි. එම අවස්ථාවේ ගුත්තිල පඬ්වරයා එහි නොසිටින අතර අන්ධ මවුපිය දෙදෙනා පමණක් සිටින විට පඬ්තුමාගේ වීණාව ගෙන යවන මූසිලගේ වීණා වාදනය වීණාව කෑමට මීයන් පැමිණියාක් වැනි යැයි සිතා මීයන් එලවීමට තැත් කරයි. එයින් ලැජ්ජාවට පත්වූ මූසිල තෙමේ ඔවුන්ගේ දෙපාමුල වැටී තමාගේ පැමිණීමට හේතුව පවසයි.

මේ අතර නිවසට පැමිණි ගුත්තිල පඬ්තුමා මූසිලයාගෙන් තොරතුරු විමසීමෙන් පසු ඔහු සිරුරෙහි වූ නපුරු ලකුණු දැක වීණා ශිල්පය ඔහුට ඉගැන්වීමට නොහැකි බව පැවසුවත් අඳ මවුපියන්ගේ බලවත් ඉල්ලීම නිසා නොකැමැත්තෙන් හෝ වීණා ශිල්පය ඉගැන්වීමට සිදුවෙයි. මෙසේ තමන් දැන සිටි සියලූ ශිල්පයම ඉගැන්වීමෙන් අනතුරුව බරණැස් රජුට හඳුන්වාදී රාජ සේවයට බඳවා ගන්නා ලෙසට ඉල්ලාසිටි පසු ගුත්තිල පඬ්තුමාගේ වේතනයෙන් අඩක් දීමට එකඟ වී බඳවා ගැනෙයි. එහෙත් ගුරුවරයා දන්නා සියලූ ශිල්පයම තමා දන්නා හෙයින් ඔහුගේ වැටුපෙන් අඩක් නොව මුළු වැටුපට සමවන වැටුපක් ලැබිය යුතු බව පවසයි. ඊට අකමැති නම් තරඟ වීණා වාදනයක් පවත්වන ලෙස මූසිලයා කළ ඉල්ලීමට ගුත්තිල පඬ්වරයාගේ අනුමැතිය ලබා ඉන් සත්වෙනි දිනයෙහි තරඟය පවත්වන්නට තීරණය කරයි.

මෙම සිදුවීමෙන් කම්පාවට පත්වන ගුත්තිල ඇදුරුතුමා දුකින් තැවෙමින් සිටින විට සක් දෙවිඳුගේ පඬුපුල් අස්න උණු වෙයි. එවිට බෝසතුන් දැක මූසිලයා හා වීණා වාදනයේදී අනුගමනය කළ යුතු පියවර පවසයි. එනම් ගුත්තිල පඬතුමාගේ වීණාවෙහි තත් පිළිවෙලින් එක දෙක තුන හතර වශයෙන් සිඳිනා බවත් අනතුරුව වීණා නාදය සිය දහස් ගුණයක් වැඩිවන බවත් අනතුරුව තමන් දෙන ගුලි තුන අහසට විසි කරන ලෙසත් එවිට එක් එක් ගුලියට සුරඟනන් තුන්සියයක් බැගින් බිමට බැස රඟ දෙන්නට පටන් ගන්නා බවත්ය.සක් දෙවිඳු පැවසූ පරිදි තරඟ අවස්ථාවේදී ගුත්තිල පඬතුමා වීණාවේ තත් බිඳි අයුරු දැක මූසිලද තත් බින්දද සිදුවූයේ තිබූ හඬද නැතිවී යාමයි. අවසානයේදී මූසිලයා තරඟයෙන් පැරදුණු අතර බෝසතුන්ගේ ජයග්‍රහණය ගුත්තිල කාව්‍යයෙන් සිදුවෙයි.

ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය

ගුත්තිල කවියා ගුත්තිල දෙස මෙන්ම මූසිල ලෙසද හෙළන්නේ එක හා සමාන සානුකම්පිත බැල්මකි. විශේෂයෙන් ම ජාතක ගත්කරුවා විසින් අපහාසයට ලක් කරන මූසිලගේ චරිතය දෙස ගුත්තිල කවියා සංයමයෙන් යුක්තව හෙලන දෘෂ්ටිය ගුත්තිල කාව්‍යය පැරණි සිංහල කාව්‍යාවලියේ වැදගත් තැනක් ලබාදීමට ප්‍රමාණවත් කරුණක් බව කිව හැක.

ගුත්තිල පූර්ණ සුදනෙකු ලෙසත්මූසිල පූර්ණ දුර්ජනයෙකු ලෙසත් සලකා ඔවුන්ගේ චරිත දරදඬු රූකඩයක් බවට ලක්කර නැත.බෝසතෙකු වුවත් ගුත්තිල තුළ කෝපයමානය වැනි දුර්ගුණ තිබුණ බවත්මූසිල ගුරු ද්‍රොහිකම් කළත් අනුකම්පා කටයුතු පුද්ගලයෙකු බවත්සමහර නිහතමානී වැනි සුගුණයන් ඔහු තුළ පිළිබිඹු වන බවත් ගුත්තිල කතුවරයා පැහැදිලි ලෙසම දක්වා ඇත. ජාතක කතාවේ නොඑන සැණකෙළි වර්ණනාව මූසිලගේ තිබුණු නිහතමානී ගතිගුණ දැක්වීමට කදිම නිදසුනකි.

ගුත්තිල චරිතය

ජාතක පොතේ මේ චරිතය නිරූපණය කර ඇත්තේ සර්ව නිර්දෝෂී වූ ත්ගෝලයෙකුගේ ද්‍රෝහිකම් නිසා චිත්ත පීඩාවට භාජනය වන සුදනෙකුගේ චරිතයක් ලෙසයි. ගුත්තිල කාව්‍යයේ මේ චරිතය ඊට ඉඳුරා වෙනස් චරිතයකි. එහි එන ගුත්තිල බෝසතෙකු ලෙස හුවා දැක්වීමට වඩා හණ මිටි යුගයේ සිටි තම ගෝලයාගේ පවා දියුණුව නො තකනඔහුට ඊර්ෂ්‍යා කරන කුඩුකේඩුකම් වලින් පිරීගිය මහළු ගුරුවරයෙකුගේ චරිතයක් ලෙසයි. මෙවැනි චරිතයක් ඇත්තෙකු ලෙස එම චරිතය නිරූපණය කිරීමේදී ඔහු සංයමය ආරක‍ෂා කරමින්ගුත්තිලයේ නුගුණ මෙන් ම ගුණ ද දැකීමට ප්‍රවේශම් වූ බව කිව හැකිය.වීණා ශිල්පය උගැන්මට ගුත්තිල අසලට යන මූසිලට එකවරම එම ශිල්පය උගැන්මට පසුබට නොවෙයි. ඔහු මූසිලගේ ගත ලකුණු බලයි. ඔහු සිත ඇති දුදන ගුණ දැනගනී. එයින් ඔහු ශිල්පය දීමට නොහැකි බව පවසයි. දෙමාපියන්ගේ ඇවිටිලි නිසා පසුව ගුත්තිල පඬ් මූසිලට ශිල්පය උගැන්මට ඉදිරිපත් වේ. කවියා මේ ක්‍රියා මාර්ග වර්ණනා කර ඇත්තේ ගුත්තිල පඬ් සියුම් උපහාසයට ලක් කරවන මහළු ගුරෙකු ලෙසයි.

බලමින් ලකුණු               ගත

දුදන ගුණ දැන ඔහු        සිත

නො වසව තෙපි       මවෙත

ශිල්ප නො දෙමැයි කිවෙන්                                     මහ සත

මෙහි මහසත වැනි වචන කවියා යොදා ඇත්තේ ඔහු උපහාසයට ලක් කරන අටියෙනි. මුහුණ බලා දුදනයෙකු ගරහා පසුව දෙමාපියන්ගේ ඇවිටිලි නිසා ශාස්ත්‍රය හැදෑරීමට ඉදිරිපත් වෙයි.

මෙලෙසින් නොයෙක්      වර

දෙමව්පිය කී       මෙහෙ වර

නො කළ හොත්        අනතුර

වෙති යි ඔහුගේ නුගුණ නොසමර

මේ අනුව ගුත්තිල චරිතය කවියා නිරූපණය කරන්නේ ඔහුගේ මව්පිය භක්තිය මෙන්ම කුහක ගතිගුණ ද එකසේ නිරූපණය කර දක්වන අටියෙනි.

ගුරුවරයා ද මහලූ වියට පත්වන බව දකින මූසිල ගුත්තිලගෙන් රාජසභා සේවයට අවසර ඉල්ලු විට ඔහු ක්‍රියා කරන ආකාරය ද ගුත්තිල සිත තුළ වූ කුහකකම් හෙළිවේ. අවංක ගුරුවරයෙකු කාර්ය නොපෙනේ. ගුත්තිල කතා කරන්නේ මූසිලගේ දක්ෂකම් ගණනකට නොගත්තෙකු ලෙසයි. තමාට වඩා ගෝලයා උසස් තැනක් හිමිවනු දැකීමට ඔහු නොරිස්සේය.

අප අතවැසි                  ඔබට

සේවය කෙරෙයි හැම     විට

රිසියෙන හිමි               ඔබට

වැටුප් දුන මැනවි දිවි                                               රැකුමට

බරණැස් රජ වාදයට මග පෑදුණු කල ගුත්තිල හැසිරෙන්නේ මානයෙන් ඉදිමී ගිය මහළු ඇදුරෙකු ලෙසයි. තමාට තමගෝලයා සමග තරඟ වැදීමට තරම් ශක්තියක් නැති බව ඔහු සිත යටින් දනී.එහෙත් ඒ බව පිටතට නොපෙන්වයි. තමාගේ හැකියාව ගැනම කියාපායි. ගුත්තිල සිය ගෝලයා හා වාද කරන්නට සිදුවීම ගැන කිසිදු කණස්සල්ලකට ලක්වූ බවක් කිසිවිට පිටතට නො පෙන්වයි.

එබසට නොපැකි         ලී

සිතුවිලි ද මෙහි පැකි  ලී

තෙලගින් මනක           ලී

එසඳ බෝසත් මෙසේ තෙප                               ලී

ගුත්තිල චරිතයේ තවත් දුර්වලකමක් හෙළිවේ. ගුත්තිල මානයෙන් දැවී රාජ සභාවේදී මූසිලට අභියෝග කළමුත් පසුව යටි සිතේ තමා නිසැකවම පරදින බැවින් වනගත වන්නට සිතයි. එසේ යාමට පෙර මූසිල තමාට කරන සතුරුකම් පිළිබඳ මෙනෙහි කරමින් තමාගේ හොඳ ගැන සිතා කෝපයෙන් වෙවුලයි. ඔහුගේ මුවින් මේ අවස්ථාවේ පිටවන වචන වෑත්තෑවේ හිමියන් පද්‍යයට නගා ඇත්තේ අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයෙන් එම චරිතය තියුණු උපහාසයට ලක් කරමිනි.

වැඳ ගුරුවර සර              

ඉගෙන වෙණ සිප් අපම 

නො සිතයි කෙළෙහි ගු   

මෙසේ සළකා ඔහුගෙ අවගු                                  

ඔහු සිරුරෙහි නපු      රු

ලකුණු දැන එන උවදු රු

දැන දැන ම අප ගු        රු

බසින් නො කෙළෙමි එදා ඔහු දු                              රු


කිසි සිත් නො දත්ත    හු

දුරු රට සිට පැමිණි     හු

ලෙස සිය විත සුත       හු

හොඳයි ඇති කළ නිසා අප මො                                 හු

වනයේ සිදුවන දෙයින්ද ගුත්තිලයේ චරිතය ආත්ම වංචකයෙකුගේ ලක‍ෂණ පෙනේ. වාදයෙන් තමා පරදින බව සිතමින් පසුතැවිලි වන ගුත්තිලගේ සහායට ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණේ. අවසානයේ ගුත්තිල ජයගනී.

මූසිලගේ චරිතය

පළමුව සැණකෙළි වර්ණනාවේදී මූසිලගේ චරිතය මුණ ගැසේ. එම අවස්ථාවේදී ම දුර්ජනයෙකුගේ චරිතයක් ලෙස කවුරුත් හඳුන්වාදෙන මූසිලගේ චරිතය තුළ වූ එක්තරා සුගුණයක් පිළිබඳ අපට කවියා අවබෝධ කර දෙයි. වීණා වාදනයෙන් වෙළඳුන් තෘප්තිමත් කිරීමට හැකි හැම උත්සාහයක් ම ගනී. නමුත් ඔහු අධෛර්යයට පත් නොවී තව තවත් උත්සාහ ගනී. මෙයින් මූසිලගේ චරිතය දෙස අනුකම්පාවක් නිතැතින්ම ඇදී එයි.

එ යසා තුටු නොව 

වෙළඳ දනන්ගේ ම 

තුටු කරවන සිති 

ලිහිල් සැදුමෙන් වෙණ සාදා ගෙ 

අවසානයේ ඔවුන් ප්‍රීතියට පත් නොවන කාරණය විමසයි.  වදන් වැල මූසිලගේ නිහතමානී ගුණය මෙන්ම ඥාණවන්තකම ද ප්‍රකට කරයි.

නො මිහිරි ද මේ වෙ 

ඇසුව ද මින් වැඩි වෙ 

නැතහොත් නැත නුව 

කියව නොසතුටු වන්ට කාර 

ඔහු තමාගේ දැනුම දුර්වලකම් වෙළඳුන් කී බසින් අවබෝධ කර ගනිමින් එම දුර්වලකම වසා ගන්නට වෑයම් නොකරයි. ආපසු දීමට කැමති බව මූසිල ප්‍රකාශ කරන්නේ ඔහුගේ ඇති නිහතමානී මිනිසකු ලෙසිනි.

එසේ වුවහොත් හි මි

ඔහුට මම අතවැසි වෙ මි

මේ මිල ආපසු දෙ මි

මමත් ඔබ යන කල සමග ය මි

ගුත්තිල නිවසට පැමිණෙන මූසිල හැසිරෙන්නේ ද සානුකම්පිත විලාසයෙනි. ඔහු පැමිණ අසල වීණාව රැගෙන වාදනය කළ විට ඒ බව නොදත් ගුත්තිලගේ අඳ මවුපියන් සූසූ යැයි අත ගැසූ අන්දම කවියා දක්වා ඇත්තේ මූසිල අනුකම්පා කටයුතු පුද්ගලයෙකු යන හැඟීම ඇති කිරීමටය.

එයසා වෙණ තබා

සිතෙහි ගරුමන් නොත බා

උන් පද හිස තබා

නැම ද මෙලෙසින් කීයැ ගජ බා

ගුත්තිල නිවසට පැමිණෙන විට මේ සිද්ධියෙන් පීඩාවට පත් ව ඔහුට ශිල්ප දීමට නොහැකි බව පවසා පන්නා දමයි. එහෙත් මූසිල එයින් අධෛර්යයට පත් නොවී මව්පියන්ට අත්පා මෙහෙවර කොට ඔවුන් ප්‍රීතියට පත් කර වීණා ශිල්පය උගන්වාලන ලෙස ගුත්තිල පඬ්වරයාට කියන්නේ මේ හෙයිනි.

භාෂාව

ගුත්තිල කාව්‍යයේ එන සුරඟන රැඟුම පිළිබඳ වර්ණනාව ඇති සුරඟනන් විසින් දක්වන ලද ලාස්‍ය නාට්‍ය විලාසය ඔහු එම අදහස ඉදිරිපත් කිරීමට උචිත භාෂාවක් මෙන්ම ලයක් හා විරිතක් ද තෝරාගෙන ඇත.

රූ රැසේ අදිනා ලෙ සේ

අත් ලෙල දිදී විදුලිය ප බා

රන් රසේ එක් වන ලෙ සේ

වෙණ නාද නූ පා තබ ත බා

සීඝ්‍රයෙන් කරුණු කියාගෙන යා යුතු තැන්වලදී ගුත්තිල කවියා ඉතාම කෙටි විටිත් යොදා ඇත.

බරණැස් නුවර සි 

උදේනි නම් නුවර 

පුරා බඩු ගැල් පි 

රැගෙන ගියෙ වෙළෙඳු වෙළඳාම ට

මිනිසෙකුගේ හැසිරීමසිතුම් පැතුම් යනාදිය භාෂාව මෙන්ම විරිත වැනි අංගයන් ආශ්‍රයෙන් දැක්වීමට කවියාට ඇත්තේ නොමඳ ශක්තියකි. සැණකෙළි වර්ණනාවේ එන සුරාමතින් මත්වූ අය නටන ආකාරය පද්‍යයට නගා ඇත.

රැගත් සුරා පිරූ විතින්

සුරත් තඹුරු පෙති සෙ නෙතින්

පුවත් නොදැන බමන ගතින්

නටත් අයෙක් සුරා මතින්

පොදු ජනයාගේ භාෂාව පවා යොදා ගනිමින් අවස්ථාවට උචිත රසය ඇති කිරීමට කවියා තැත් දැරූ තැන් එමටය.

ළඟ ළඟවා උනුනට කර වාදය

නො වරදවා වීණා පද වාදය

රඟ රඟවා සුර රඟනා බේදය

සෙද කරවා රජ සබය පබෝදය

ගුත්තිල කවියාගේ එළිසමයයති පිහිටුවීම වැනි අංගයන් පද්‍යයන්ට යොදා ගත්තේ බොහෝ දුරට ආයාසයකින් තොරවය.

සුරඟන රඟ රඟ    හළුවෝ

දුටු දන මන නෙත් වෙළුවෝ

ගුත්තිලයෙන් හෙළිවන සමාජය

කෝට්ටේ යුගයේ පැවති සමාජ පරිසරය ද එක ලෙස බලපා ඇති බව කිව හැක.

පාලනය අතින් බලන කළ රජතුමාට අතිශයින් වැදගත් තැනක් හිමිවූ බවත්එතුමා ඒකාධිපති පාලන ක්‍රමයක් ගෙන ගිය බවත් කිව හැක.

උදා : බ්‍රහ්මදත්ත රජතුමාගේ චරිතය

ඔහුට අනුශාසනා කිරීමට පුරෝහිතයෙකු විය. අමාත්‍ය මණ්ඩලයක්ද,සිටුවරුමහාරැටිසේනාපති වැනි අයද රජුගේ සහායට සිටී. උදා,වාද මණ්ඩලය

සමාජ සංවිධානයන් අතර කුලභේදයට මුල්තැනක් හිමි විය. රජවරු තෝරාගන්නා ලද්දේ සක කුලයෙනි. මේ හැරෙන්නට ගදඹ කුලයක් හා වෙළඳ කුලයක් ගැන ද සඳහන් වේ.

සමාජයේ ස්ත්‍රීපුරුෂ දෙපක්ෂයටම අයත් ඕනෑම අයෙකුට උත්සව අවස්ථාවේ කා බී මත් ව ක්‍රීඩාවෙහි නියැලීමට හැක. සුරා පානයට මුල්තැන හිමිවිය. විවිධ අලංකාර ක්‍රමයන් ගැන දැනුමක් ලබාදීමට වාද මණ්ඩලය සැරසූ අන්දම දැක්විය හැක. කෙසෙල් ගස්මිණි,කිකිණිමල්වැල්සිත්තම්පුන්කලස්අසෙනි මල්රන් පහන් වැනි දේ වැදගත්වේ. උත්සව අවස්ථාවේ සැරසී සිටි අන්දම ගුත්තිල කාව්‍යය මැනවින් හැඳින්වේ. සිව්සැටභරණ රාජකීයයන් සම්බන්ධ විස්තරවලදී දැකිය හැක. මේ හැරෙන්නට සලඹමෙවුල්දම්කසී සළුමුතු මැණික්ආභරණමුතුවැල් ආදිය පිළිබඳ විස්තරද දැකිය හැකිය.

වැසියන්ගේ ප්‍රධාන රක්ෂාව ගොවිතැන ලෙස පෙනී ගියත් වෙළඳාම වැනි ක්‍රම ද තිබුණි. රාජ්‍ය සේවයේ යෙදීම වඩාත් උසස් කොට සලකන්නට ඇත. කලාකරුවන් පවා වැටුපට රාජ්‍ය සේවයේ යෙදී ඇති බව ගුත්තිල හා මූසිල අතර ඇතිවන ආරවුල ප්‍රමාණවත් සාක්ෂිය.

අධ්‍යාපන ක්‍රමයද පැරණි දඹදිව පැවති අධ්‍යාපන ක්‍රමය කෝට්ටේ යුගයේදී මේ රටේද පැවති බැව් වටහා ගත හැක. ගුරුවරයා සමීපයේ වසමින් ඔහුට අතවැසිකම් කරමින් ශාස්ත්‍රය උගත් ශිෂ්‍ය ඔහුගේ මාර්ගයෙන්ම රැකියාවක් ලබාගැනීම සිරිතක් විය. වේදයආයුධ ශිල්පයයුධ ශිල්පපාලන ශාස්ත්‍රයකාව්‍ය නාට්‍ය ශාස්ත්‍රයරාජ නීතිය හා අධිකරණයඅංක විද්‍යාවහස්ත හා අශ්ව විද්‍යාවදුනු ශිල්ප හා කාව්‍ය නිර්මාණ ඒ අතරින් ප්‍රධානය.

උපුටාගන්නා ලද්දේ ඉදුනිල් සිංදු.com

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය