සමාජ විද්‍යාව 4

 

සමාජ විද්‍යාව

4 ශ්‍රේණිය

 සමාජ විද්‍යාව හැඳින්වීම

 

1.      සමාජ ශාස්ත්‍ර වල රැජින සමාජ විද්‍යාවයි.ඒ ලෙස නම් කළේ

                      I.          එල්.ටී.හොබ්හවුස්

                    II.          එලිසබත් ජේ. විල්කින්ස්

                  III.          ඔගස්ට් කොම්ට්

                 IV.          ජෝන් ස්ටුවට්මිල්

2.      සමාජ විද්‍යාව යනු මානව සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීමයි . මෙම මතය ඉදිරිපත් කළේ

                           I.          එල්.ටී.හොබ්හවුස්

                         II.          එලිසබත් ජේ. විල්කින්ස්

                       III.          ඔගස්ට් කොම්ට්

                      IV.          ජෝන් ස්ටුවට්මිල්

3.      සමාජ විද්‍යාව මිනිසාගේ සකල සමාජ ජීවිතය විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නකි .මෙම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ

                           I.          එල්.ටී.හොබ්හවුස්

                         II.          එලිසබත් ජේ. විල්කින්ස්

                       III.          ඔගස්ට්කොම්ට්

                      IV.          ජෝන් ස්ටුවට්මිල්

4.      සමාජ විද්‍යාව මානව සමාජයේ සෑම අංශයක් කෙරෙහිම අධ්‍යයනය කරනු ලබයි. මෙම නිර්වචන ඉදිරිපත් කළේ

                           I.          එල්.ටී.හොබ්හවුස්

                         II.          එලිසබත් ජේ. විල්කින්ස්

                       III.          ඔගස්ට්කොම්ට්

                      IV.          ජෝන් ස්ටුවට්මිල්

5.      සමාජ විද්‍යාව විශාල ලෙස ආරම්භ වූයේ

                           i.          1867

                          ii.          1942

                        iii.          1838

                        iv.          1864

6.      සමාජ විද්‍යාව විෂයක් ලෙස ස්ථාපිත වී වසර කීය ද

                           I.          160කි.

                         II.          140කි.

                       III.          150කි.

                      IV.          130කි.

7.      සමාජ විද්‍යාව මානව චර්යාවන් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන බව අදහස් දැක් වූ පුද්ගලයා කවුද

                           I.          එල්.ටී.හොබ්හවුස්

                         II.          එලිසබත් ජේ. විල්කින්ස්

                       III.          ඔගස්ට්කොම්ට්

                      IV.          ජෝන් ස්ටුවට්මිල්

 

8.      සමාජ විද්‍යාව සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳ ව අධ්‍යයනය කරන විද්‍යාවයි.

                           I.          ඔගස්ට් කොම්ට්

                         II.          එමිල්දුර්කයිම්

                       III.          ජෝන් ස්ටුවට් මිල්

                      IV.          එල්. ටී.හොබ්හවුස්

9.      සමාජයේ විපර්යාසයන්ට පත් වන බව ප්‍රකාශ කළේ

                           I.          ජෝර්ජ් රිට්සර්

                         II.          එමිල්දුර්කයිම්

                       III.          ඔගස්ට්කොම්ට්

                      IV.          ජෝන් ස්ටුවට් මිල්

10.    යුරෝපා සමාජයට නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා වීමට පුරෝගාමීන් වූයේ කවුද

                           I.          මාටින් ලූතර් ජෝන් කැල්වින්

                         II.          මැක්ස් වෙබර්

                       III.          ජෝර්ජ්ර රිට්සර්

                      IV.          ජේම්ස් වොට්

11.   . පොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදයේ හරයඒ නම් කෘතියේ කතුවරයා කවුද

                           I.          මැක්ස් වෙබර්

                         II.          එමිල් දුර්කයිම්

                       III.          කාල් මාක්ස්

                      IV.          මාටින් ලූතර්

12.   ප්‍රංශ විප්ලවයෙන්,

                           I.          බටහිර සමාජයේ ආගමික ප්‍රතිසංස්කරණයක් සිදු විය .

                         II.          නව නගර බිහි වීමට හේතු විය .

                       III.          පුද්ගල නිදහස පදනම් කරගත් දේශපාලන දර්ශනයකට මග පෑදිණි .

                      IV.          යුරෝපා සමාජය තුළ විද්‍යාත්මක පුනරුදය පුනරුදයට හේතු විය

13.   මිනිසා සමාජයෙන් වෙන් කර කර්මාන්ත ශාලාවක සේවකයකු බවට පත් කරන ලද්දේ

                           I.          නාගරීකරණය

                         II.          විද්‍යාත්මක පුනරුදය

                       III.          ආගමික පුනරුදය

                      IV.          ධනවාදී සමාජයක් බිහි වීම

14.   වාෂ්ප බල එන්ජිම කාගේ නිර්මාණයක්ද

                           i.          ජෝන් කැල්වින්

                          ii.          ජෝර්ජ් රිට්සර්

                        iii.          ජේම්ස් වොට්

                        iv.          මාටින් ලූතර්

15.   බටහිර සමාජයේ සමාජ ප්‍රශ්න බිහි වීමට බලපෑ හේතුව වන්නේ

                           I.          ආගමික ප්‍රතිසංස්කරණ

                         II.          විද්‍යාත්මක පුනරුදය

                       III.          නාගරීකරණය

                      IV.          ධනවාදී අර්ථ ක්‍රමය

16.   යුරෝපා සමාජය ධනවාදී සමාජයක් කරා යොමු කිරීමට සමත්වූයේ කවරක්  නිසා ද

                           I.          ප්‍රංශ විප්ලවය නිසාය .

                         II.          විද්‍යාත්මක පුනරුදය නිසා ය .

                       III.          ආගමික ප්‍රතිසංස්කරණ නිසා ය

                      IV.          නාගරීකරණය නිසා ය

17.   පංශ විප්ලවය සම්බන්ධව  පහත කියමන් අතරින් අසත්‍ය වන්නේ කුමක්ද

                           i.          රාජාණ්ඩු පාලනය

                          ii.          පල්ලියේ බලපෑම

                        iii.          පාරිසරික සාධක

                        iv.          පුනරුදය

18.   ප්‍රංශ විප්ලවය ආරම්භ වූ යුගයේ පාලකයා වූයේ

                           I.          දාහතර වෙනි ලුවී රජු

                         II.          පහළොස් වැනි ලුවී රජු

                       III.          දහසය වැනි ලුවී රජු

                      IV.          දාහත් වැනි ලුවී රජුව්

 

1.      සමාජ විද්‍යාව යනු කුමක් දැයි විද්‍යාඥයන් සඳහන් නිර්වචන ඉදිරිපත් කරන්න.

                 I.          සමාජ ශාස්ත්‍ර වල රැජින සමාජ විද්‍යාවයි. ඔගස්ට් කොම්ට්

               II.          සමාජ විද්‍යාව යනු මානව සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීමයි. එලිසබත් ජේ. විල්කින්ස්

             III.          සමාජ විද්‍යාව මිනිසාගේ සකල සමාජ ජීවිතය විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නකි. එල්.ටී.හොබ්හවුස්

            IV.          සමාජ විද්‍යාව මානව සමාජයේ සෑම අංශයක් කෙරෙහිම අධ්‍යයනය කරනු ලබයි. ජෝන් ස්ටුවට්මිල්

              V.          සමාජ විද්‍යාව සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳ ව අධ්‍යයනය කරන විද්‍යාවයි.  එමිල් දුර්කයිම්

2.      සමාජ විද්‍යාව බිහි වීමට බලපෑ සාධක නම් කරන්න.

                           I.          ප්‍රංශ විප්ලවය

                         II.          කාර්මික විප්ලවය

                       III.          නාගරීකරණය

                      IV.          ආගමික ප්‍රතිසංස්කරණ

                        V.          විද්‍යාවේ වර්ධනය

3.      ප්‍රංශ විප්ලවය යනු කුමක් ද?

ක්‍රි.ව. 1789 දී  දහසයන වන ලුවී රජුගේ පාලනයට එරෙහිව ජනතාව කැරලි ගැසීමෙන් පසු රාජාණ්ඩු ක්‍රමය බිඳ දමා ගොඩනගන ලද දේශපාලන ප්‍රතිසංස්කරණය  ප්‍රංශ විප්ලවය නමින් හැඳින්වේ. එමගින් රජුගේ හා කතෝලික පල්ලියේ ආධිපත්‍යයෙන්  ප්‍රංශය මුදවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යොමු කිරීමට හේතු විය.

4.      පහළොස් වන සිය වස යුරෝපයේ ඇති වූ ආගමික ප්‍රතිසංස්කරණ පිළිබඳ විස්තරයක් කරන්න.

සාම්ප්‍රදායික කිතුනු පල්ලියේ  ක්‍රියාකලාපයන්ට එරෙහිව ආගමික ප්‍රතිසංස්කරණ යුරෝපා සමාජයේ එවක ඇතිවිය. මාටින් ලූතර් හා ජෝන් කැල්වින් පූජකවරුන් කිතුනු ආගමට හඳුන්වා දුන් නව ආචාර ධර්ම පද්ධතිය නිසා ප්‍රොතෙස්තන්ත්‍ර නිකාය නමින් නව ආගමික ව්‍යාපාරයක් ආරම්භ විය. එමගින් යුරෝපා සමාජය ධනවාදී සමාජයක් බිහි වීමට බලපෑවේය.

5.      පොතෙස්තන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදයේ හරය නැමැති ග්‍රන්ථයේ කතුවරයා නම් කර එහි සාකච්ඡා කරනුයේ කවරක් ද ?

ජර්මන් ජාතික මැක්ස් වේබර්,

 පොතෙස්තන්ත්‍ර ආගමික  නිකාය මගින් හඳුන්වා දුන් නව ආචාර ධර්ම පද්ධතිය තුළින්  බටහිර සමාජයේ ධනවාදී ආකල්ප ගොඩනැගුණු ආකාරය සාකච්ඡා කරයි.

6.      ආගමික ප්‍රතිසංස්කරණ නිසා බටහිර සමාජයේ උද්ගත වූ ආර්ථික සමාජ ගැටලු නම් කරන්න.

                           I.          සමාජානුයෝජන ක්‍රියාවලිය බිඳ වැටීම

                         II.          ආගමික සාරධර්ම වල බලපෑම අඩු වීම

                       III.          ආගමික සංස්ථා බිඳ වැටීම

7.      නාගරීකරණය යනු කුමක් ද?

 නව නගර බිහිවීමත් පවතින නගර සීමා වඩාත් පුළුල් වෙමින් සංකීර්ණ නගර නිර්මාණය වීම නාගරීකරණය නමින් හැඳින්වේ.

8.      නගර නිර්මාණය නිසා ඇති වූ සමාජ වෙනස්කම් නම් කරන්න. නගර බිහිවීම බිහි වීම තුළින් සාම්පදායික අන්තර් ඉස්සර සම්බන්ධතා සංකීර්ණ වූ සමාජ සම්බන්ධතා දක්වා වෙනස් විය.

9.      නගර බිහි වීම නිසා සමාජයේ ඇති වූ සමාජ ප්‍රශ්න නම් කරන්න.

සෞඛ්‍ය ගැටළු ගැටලු මානසික අසහනය, සියදිවි හානිකර ගැනීම, ගණිකා වෘත්තිය මත්ද්‍රව්‍ය උවදුර

10.   විද්‍යාත්මක පුනරුදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පහළොස්වන හා 16 වන සියවස් වල බටහිර යුරෝපීය සමාජය තුළ  නව සොයාගැනීම් හා තාක්ෂණයේ දියුණුව නිසා  ඇති වූ වෙනස විද්‍යාත්මක පුනරුදය  යනුවෙන් හැඳින්වේ.

11.   බටහිර සමාජයේ සමාජ විද්‍යාව ස්ථාපනය වීමට හේතු වූ කරුණු 2

නම් කරන්න.

එකල ඇති වූ සමාජ ප්‍රශ්න විසදීමට පැවැති විෂයන්ට නොහැකිවීම,

12.   ස්වාභාවික  විද්‍යා විෂයට  ඇතුළත් වන්නේ

                           i.          භූ ගර්භ විද්‍යාව

                          ii.          ආර්ථික විද්‍යාව

                        iii.          මානව විද්‍යාව

                        iv.          දේශපාලන විද්‍යාව

13.   මිනිසාගේ සමස්ත සමාජ චර්යාව විද්‍යාත්මකව අධ්‍යනය කරනු ලබන විෂය

                           i.          මානව විද්‍යාව

                          ii.          ආර්ථික විද්‍යාව

                        iii.          මනෝ විද්‍යාව

                        iv.          සමාජ විද්‍යාව

14.   විද්‍යා විෂයේ ප්‍රධාන බෙදීම් 2 දෙක නම් කරන්න.

ස්වභාවික විද්‍යා

 සමාජීය විද්‍යා

15.   වස්තු ද්‍රව්‍ය ජීවින් ආලෝකය විදුලිය ආදී ස්වාභාවික ලෝකය පිළිබඳ හදාරන විද්‍යාව නම් කරන්න.  ස්වභාවික විද්‍යා

16.   සමාජීය විද්‍යාවන් යනු කුමක් දැයි හඳුන්වා එම විද්‍යා ගණයට අයත් වන විෂයන් නම් කරන්න . මිනිසා හා ඔවුන්ගේ සමාජය පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාවක් සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. සමාජ විද්‍යාව මානව විද්‍යාව මනෝ විද්‍යාව ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ඉතිහාසය

17.    වෛද්‍ය විද්‍යාවට සමාජ විද්‍යා දැනුම අවශ්‍ය වන්නේ ඇයි ?

රෝගීන් හා වෛද්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම, නව පර්යේෂණ සිදු කිරීමට , ප්‍රතිකාර කිරීමට,  ඖෂධ නිෂ්පාදනයට, බෙදා හැරීම, විකිණීම හා ඖෂධ භාවිතය සඳහා සමාජ විද්‍යා දැනුම උපකාරී වේ.

18.   කාර්මික සමාජ විද්‍යාව බිහි වූයේ ඇයි?

කාර්මීකරණය නිසා උද්ගත වන ගැටලු තේරුම් ගැනීමට සමාජ පරිසරයට ගැළපෙන පරිදි කර්මාන්තශාලා නිර්මාණය කර ගැනීමට

19.   සමාජ විද්‍යාව හා සම්බන්ධ උප විෂය ක්ෂේත්‍ර නම් කරන්න.

ඓතිහාසික සමාජ විද්‍යාව, සමාජ මනෝ මනෝවිද්‍යාව, මනෝ විද්‍යාව සමාජ ආර්ථික විද්‍යාව, සමාජ මානව විද්‍යාව, දේශපාලන සමාජ විද්‍යාව

 

 බෞද්ධ සමාජ විද්‍යාත්මක චින්තනය

20.   බුදු දහමේ  සමාජ විද්‍යාත්මක චින්තනය විග්‍රහ කළ ලාංකික සමාජ විද්‍යාඥයෙකි. ඔහු,

                           I.          ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා

                         II.          මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න  මහතා

                       III.          ආචාර්ය නන්දසේන රත්නපාල මහතා

                      IV.          නිව්ටන්  ගුණසිංහ මහතා

21.   බුදුදහමේ සමාජ සම්බන්ධතා  දැක්වෙන  සූත්‍රය වන්නේ

                                               I.          වසල  සුත්‍රය

                                             II.          සිගාලෝවාද සූත්‍රය

                                           III.          පරාභව සූත්‍රය

                                          IV.          ධම්මික සූත්‍රය

22.   සමාජානුයෝජනය බුදු දහමේ වැදගත් සමාජ විද්‍යාත්මක සංකල්පයකි. විවිධ  ආශ්‍රයන් පිළිබඳ සංකල්පය  පහදා දෙන ජාතක කථාවක්  වන්නේ

                                               I.          ඉල්ලීස  ජාතකය

                                             II.          මහා සුපින ජාතකය

                                           III.          යස ජාතකය

                                          IV.           සත්ති කුම්භ ජාතකය

23.    "කරත්ත රෝදයේ කඩ ඇණ  තිබෙන තාක් කරත්තය ගමන් කළ හැක්කේ යම් සේද " යන උපමාවෙන්,

                                               I.          සමාජ සාරධර්ම ගැන කියැවේ.

                                             II.          සමාජ සම්බන්ධතා ගැන කියැවේ.

                                           III.          සමාජානුයෝජනය  ගැන කියැවේ.

                                          IV.          කෘත්‍ය වාදය  ගැන කියැවේ.

24.    ක්‍රියාකාරිකයා නිරතුරුව ම තම ක්‍රියාවට අර්ථය දිය යුත්තේ තමන් හා අනුන් යන සාධකය මුල් කොටගෙන බව සඳහන් සුතුර වන්නේ

                                               I.          රාහුලෝවාද සූත්‍රය

                                             II.          සිගාලෝවාද සූත්‍රය

                                           III.          පරාභව සූත්‍රය

                                          IV.          ධම්මික සූත්‍රය

25.   ප්‍රතිමාන විරහිත වීම නිසා සමාජය බිඳ වැටීමකට හේතුවන බව

                                               I.          වසල  සුත්‍රය

                                             II.          සිගාලෝවාද සූත්‍රය

                                           III.          පරාභව සූත්‍රය

                                          IV.          ධම්මික සූත්‍රය

26.   මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා බුදු දහමේ සමාජ විද්‍යාත්මක චින්තනය විග්‍රහයේ දී අන්තර් ගත සමාජ විද්‍යා මූලධර්ම වෙන වෙනම ලියන්න

( සමාජ විද්‍යාත්මක මූලධර්ම )

·        සූත්‍රපිටකය - සමාජ සම්බන්ධතා සමාජ සංස්ථා සමාජානුයෝජනය  සමාජ ස්ථර සමාජ සමූහ සමාජ ගැටලු සහ සමාජ අධ්‍යයන ක්‍රම

·        විනය පිටකය - නෛතික පාලනය, අපරාධ, දඬුවම්, සාමූහික ජීවිතය  හා සම්බන්ධ  චර්යා ධර්ම

27.   සමාජ විද්‍යාත්මක මූලධර්ම ඇතුලත් සූත්‍ර නම් කරන්න.

මංගල, පරාභව, සිඟාලෝවාද,  වසල,  ධම්මික,  චක්‍කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කූටදත්ත

28.   සමාජ විද්‍යාත්මක මූලධර්ම අන්තර්ගත විනය පිටකයේ කරුණු නම් කරන්න.

පාරාජිකා, සංඝාදිසේස, අනියතනෛතික පාලනය, අපරාධ, දඬුවම්

29.   සිඟාලෝවාද සූත්‍රයේ සමාජ කරුණු පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

බුදු දහමේ සමාජ සම්බන්ධතා දක්වන සූත්‍රයකි. අන්තර් පුද්ගල සම්බන්ධතා හා සමාජ ජීවිතය සමග සම්බන්ධ කොට ඇත. යුතුකම් වගකීම් හා අයිතිවාසිකම් පදනම් කොටගත් සදිසා නමස්කාරය නමින් සමාජ අන්තර් සම්බන්ධතා දක්වා තිබේ.

30.   සමාජ සාරධර්ම ඇතුලත් ඇතුළත් සූත්‍ර නම් කර එහි අන්තර්ගතය සමාජ සාරධර්ම පෙන්වා දෙන්න.

වසල සුත්‍රය , පරාභව සූත්‍රය , මංගල සූත්‍රය - සමානාත්මතාවය, දෙමාපිය වැඩිහිටි ගුරු දෙගුරුන්ට සැලකීම, අපරාධ හා අපචාර කටයුතුවලින් ඉවත් , නිවැරදි රැකියා කිරීම

31.   බෞද්ධ පංචශීල පංචශීල ප්‍රතිපත්තියේ සමාජ විද්‍යාත්මක අගය පැහැදිලි කරන්න.

32.   අනිත්‍යතා සංකල්පය බුදුදහමේ සමාජ විද්‍යාත්මක මූලධර්මයකි. කෙටි සටහනක් ලියන්න.

 

සමාජ පරිණාමය

 

1.      සමාජ පරිණාමය පිළිබඳව ඔගස්ට් කොම්ට් දැක්වූයේ

                 I.          යාන්ත්‍රික ඒකාබද්ධතාව හා ඓන්දීය ඒකාබද්ධතාව යන සංකල්ප ඔස්සේ ය.

               II.          රණකාමි හා කාර්මික අවධි ඔස්සේ ය.

             III.          දේවවාදී, පාරභෞතික, යථානුභූති අවධි ඔස්සේ ය.

            IV.          සාම්ප්‍රදායික, අනුහාසත්මක, නෛතික ආධිපත්‍ය ඔස්සේ ය.

2.      සමාජ පරිණාමය පිළිබඳව මැක්ස් වේබර් දැක්වූවේ

                 I.          යාන්ත්‍රික ඒකාබද්ධතාව හා ඓන්දීය ඒකාබද්ධතාව යන සංකල්ප ඔස්සේ ය.

               II.          රණකාමි හා කාර්මික අවධි ඔස්සේ ය.

             III.          දේවවාදී, පාරභෞතික, යථානුභූති අවධි ඔස්සේ ය.

            IV.          සාම්ප්‍රදායික, අනුහාසත්මක, නෛතික ආධිපත්‍ය ඔස්සේ ය.

3.      සමාජ පරිණාමය පිළිබඳව එමිල් දුර්කයිම් දැක්වූයේ

                 I.          යාන්ත්‍රික ඒකාබද්ධතාව හා ඓන්දීය ඒකාබද්ධතාව යන සංකල්ප ඔස්සේ ය.

               II.          රණකාමි හා කාර්මික අවධි ඔස්සේ ය.

             III.          දේවවාදී, පාරභෞතික, යථානුභූති අවධි ඔස්සේ ය.

            IV.          සාම්ප්‍රදායික, අනුහාසත්මක, නෛතික ආධිපත්‍ය ඔස්සේ ය.

4.      සමාජ පරිණාමය පිළිබඳව ඔගස්ට් කොම්ට්  දැක්වූයේ

                 I.          යාන්ත්‍රික ඒකාබද්ධතාව හා ඓන්දීය ඒකාබද්ධතාව යන සංකල්ප ඔස්සේ ය.

               II.          රණකාමි හා කාර්මික අවධි ඔස්සේ ය.

             III.          දේවවාදී, පාරභෞතික, යථානුභූති අවධි ඔස්සේ ය.

            IV.          සාම්ප්‍රදායික, අනුහාසත්මක, නෛතික ආධිපත්‍ය ඔස්සේ ය.

5.      සමාජ පරිණාමය පිළිබඳව හර්බට් ස්පෙන්සර් දැක්වූයේ

                 I.          යාන්ත්‍රික ඒකාබද්ධතාව හා ඓන්දීය ඒකාබද්ධතාව යන සංකල්ප ඔස්සේ ය.

               II.          රණකාමි හා කාර්මික අවධි ඔස්සේ ය.

             III.          දේවවාදී, පාරභෞතික, යථානුභූති අවධි ඔස්සේ ය.

            IV.          සාම්ප්‍රදායික, අනුහාසත්මක, නෛතික ආධිපත්‍ය ඔස්සේ ය.

6.      කාල් මාක්ස් සමාජ පරිණාමය පිළිබඳව දැක්වූ අදහසේ අනුපිළිවෙල වන්නේ

       I.          වහල්, පූර්ව කොමියුනිස්ට්, වැඩවසම්, සමාජවාදී, ධනවාදී, ලෙසය.

     II.          පූර්ව කොමියුනිස්ට්, වහල්, වැඩවසම්, ධනවාදී, සමාජවාදී ලෙසය.

   III.          වහල්, පූර්ව කොමියුනිස්ට්, ධනවාදී, සමාජවාදී, වැඩවසම්, ලෙසය.

  IV.          පූර්ව කොමියුනිස්ට්, වහල්, වැඩවසම්, ධනවාදී, සමාජවාදී ලෙසය.

7.      මින් බ්‍රිතාන්‍ය ජාතික සමාජ විද්‍යාඥයා කවුද?

                 I.          ඔගස්ට් කොම්ට්

               II.          හර්බට් ස්පෙන්සර්

             III.          එමිල් දුර්කයිම්

            IV.          මැක්ස් වේබර්

8.      මින් ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයන් දෙදෙනා  කවුද?

                 I.          ඔගස්ට් කොම්ට් එමිල් දුර්කයිම්

               II.          ඔගස්ට් කොම්ට් කාල්මාක්ස්

             III.          හර්බට් ස්පෙන්සර් එමිල් දුර්කයිම්

            IV.          මැක්ස් වේබර් කාල්මාක්ස්

 

9.      මින් ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයන් දෙදෙනා  කවුද?

                 I.          ඔගස්ට් කොම්ට් කාල්මාක්ස්

               II.          ඔගස්ට් කොම්ට් එමිල් දුර්කයිම්

             III.          හර්බට් ස්පෙන්සර් එමිල් දුර්කයිම්

            IV.          මැක්ස් වේබර් කාල්මාක්ස්

10.   ආරෝපිත තත්ත්වය හා සාධිත තත්ත්වය සහිත සමාජ ගැන අදහස් ඉදිරිපත් කළ විද්‍යාඥයා වන්නේ

                 I.          එමිල් දුර්කයිම්

               II.          මැක්ස් වේබර්

             III.          හර්බට් ස්පෙන්සර්

            IV.          ඔගස්ට් කොම්ට්

11.   සියල්ල දේව නිර්මාණයක් ය. යන අදහස ඉදිරිපත් කළේ 

                 I.          ඔගස්ට් කොම්ට්

               II.          එමිල් දුර්කයිම්

             III.          කාල්මාක්ස්

            IV.          මැක්ස් වේබර්

12.   අයෝමය පෞරුෂයකින් බැබළෙන නායකයෙකු සිට්න බව අදහස ඉදිරිපත් කළේ

                 I.          ඔගස්ට් කොම්ට්

               II.          එමිල් දුර්කයිම්

             III.          කාල්මාක්ස්

            IV.          මැක්ස් වේබර්

13.   සමාජ පරිණාමය හා ආර්ථික සාධක පදනම් කරගෙන සිදුවන බව ප්‍රකාශ කළේ

                           I.          ඔගස්ට් කොම්ට්

                         II.          එමිල් දුර්කයිම්

                       III.          කාල්මාක්ස්

                      IV.          මැක්ස් වේබර්

14.   සාම්ප්‍රදායික තත්ත්වයක සිට කාර්මික තත්වයක් කරා සමාජය පරිණාමය වූ බව  ප්‍රකාශ කළේ

                           I.          ඔගස්ට් කොම්ට්

                         II.          එමිල් දුර්කයිම්

                       III.          කාල්මාක්ස්

                      IV.          මැක්ස් වේබර්

15.   පීඩාකාරී තත්ත්වන්ගෙන් මිදෙමින්  සමාජය යහපත් තත්ත්වයක් කරා  පරිණාමය වීම අපේක්ෂා කළ සමාජ විද්‍යාඥයා

                           I.           මැක්ස් වේබර්

                         II.          කාල්මාක්ස්

                       III.          එමිල් දුර්කයිම්

                      IV.          හර්බට් ස්පෙන්සර්

16.   සමාජ පරිණාමය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

කාලය පදනම් කරගෙන සමාජය තුළ සිදුවන වෙනස්වීම සමාජ පරිණාමය නමින් හැඳින්වෙයි.

 

17.   සමාජ පරිණාමය  පිළිබඳ අවධානය යොමු කළ සමාජ විද්‍යාඥයන් නම් කරන්න.

                 I.          ඔගස්ට් කොම්ට්

               II.          හර්බට් ස්පෙන්සර්

             III.          එමිල් දුර්කයිම්

            IV.          මැක්ස් වේබර්

              V.          කාල් මාක්ස්

 

18.   ඔහු  දැක්වූ සමාජ  පරිණාම අවධි නම්  කර එම අවධිවල විශේෂ ලක්ෂණ ලියන්න.

                 I.          දේවවාදී අවධිය

               II.          පාරභෞතික අවධිය

             III.          යථානුභූති අවධිය

 

19.   එමිල් දුර්කයිම් කුමන ජාතිකයෙක් ද?

 

20.   ඔහු දැක්වූ සමාජ පරිණාම සංකල්ප දෙක දක්වා එහි විශේෂ ලක්ෂණ නම් කරන්න.

 

පැරැණි සමාජය නූතන සමාජය දක්වා පරිණාමය වූ ආකාරය

 

1.   සමාජ පරිණාමය පිළිබඳ පොදු මතය වන්නේ

                  I.          ශ්‍රම විභජනය පදනම්ව සමාජය සරල වෙනස් වූ බවය.

                II.          ආර්ථික කරුණු පදනම් කරගෙන පන්ති දෙකක් අතර සිදු වූ ගැටුමක ප්‍රතිඵල ලෙස  වෙනස් වූ බවය.

              III.          ආධිපත්‍ය පදනම් කරගෙන සමාජයේ වෙනස් වූ බවය.

              IV.          සමාජය සරල ස්වභාවයේ සිට සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බවය.

2.   පැරැණි සමාජය නූතන නාගරික සමාජය දක්වා පරිණාමය වූ ආකාරය සාකච්ඡා කිරීමේදී

                           I.          ආර්ථික සාධක දේශපාලන සාධක සංස්කෘතිය වෙනස්වීම සමාජ සම්බන්ධතාවල ස්වාභාවය අධ්‍යාපනය වෙනස් වීම ප්‍රවාහනයේ ස්වරූපය වැදගත් වේ.

                         II.          ආර්ථික සාධක දේශපාලන සාධක සංස්කෘතිය වෙනස්වීම සමාජ සම්බන්ධතාවල ස්වාභාවය අධ්‍යාපනය වෙනස් වීම බටහිරකරණය වැදගත් වේ.

                       III.          ආර්ථික සාධක දේශපාලන සාධක සංස්කෘතිය වෙනස්වීම සමාජ සම්බන්ධතාවල ස්වාභාවය අධ්‍යාපනය වෙනස් වීම  නාගරීකරණය  වැදගත් වේ.

                      IV.          ආර්ථික සාධක දේශපාලන සාධක සංස්කෘතිය වෙනස්වීම සමාජ සම්බන්ධතාවල ස්වාභාවය අධ්‍යාපනය වෙනස් වීම කාර්මීකරණය  වැදගත් වේ.

 

3.   පැරැණි සමාජය පැවතියේ පුද්ගලයන්ට හිමි තත්ත්වයන් මත බවත්, නූතන සමාජය පදනම් වී ඇත්තේ ගිවිසුම් මත බව ප්‍රකාශ කළේ

                 I.          කාල් මාක්ස්

               II.          මැක්ස් වේබර්

             III.          ශ්‍රීමත් හෙන්රි  මේන්

            IV.          රැල්ෆ් ලින්ටන්

4.    ශ්‍රී ලාංකික ගොවි සමාජයේ සමාජ සම්බන්ධතා  දැක්වීමේදී

                 I.          නැකත කයිය සිරිත් විරිත්  යන සංකල්ප වැදගත් වේ.

               II.          සිරිත් විරිත්  කයිය පංගුව යන සංකල්ප වැදගත් වේ.

             III.          නැකත සිරිත් විරිත්  පංගුව යන සංකල්ප වැදගත් වේ.

            IV.          නැකත කයිය පංගුව යන සංකල්ප වැදගත් වේ.

 

1.      සමාජ පරිණාමය පිළිබඳ අදහස් දැක්වූ සමාජ විද්‍යාඥයින්ගේ පොදු මතය නම් කරන්න. සමාජය ස්වභාවයේ සිට සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව.

2.      පැරණි සමාජ ලක්ෂණ නම් කරන්න.

a)      ජන සංඛ්‍යාව අඩු වීම

b)     එකම ජන කණ්ඩායමකට අයත් ජනතාවත් සිටීම

c)      සමාජ සම්බන්ධතා සීමා සහිත සමීප සම්බන්ධතා වීම

d)     සිරිත් විරිත් රැකීමට දැඩි උනන්දුවක් තිබීම

e)      අධ්‍යාපනය ඉතා අඩු මට්ටමක පැවතීම

f)      සරල තාක්ෂණයක් යොදා ගැනීම

g)     මට වඩා අපි යන  සංකල්පයෙන් යුක්ත වීම

h)     ශ්‍රම විභජනය අවම වීම

i)       ආරෝපිත  තත්ත්වයක් ඉස්මතු වී තිබීම

3.       පැරණි සමාජය නූතන නාගරික සමාජය දක්වා පරිණාමය වීමේදී බලපෑ සාධක නම් කරන්න.

Ø  ආර්ථික සාධක

Ø  දේශපාලන සාධක

Ø  සංස්කෘතිය වෙනස්වීම

Ø  සමාජ සම්බන්ධතාවල ස්වාභාවය

Ø  අධ්‍යාපනය වෙනස් වීම

Ø  ප්‍රවාහනයේ ස්වරූපය

4.      පැරණි සමාජයේ  ආර්ථිකයේ ස්වරූපය දක්වන්න.

·        කෘෂිකර්මය පදනම් කරගත්  ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් වීම.

·        ගම තුළ ආර්ථික අවශ්‍යතා ඉටුකර ගැනීම.

·        අවම යැපුම් මට්ටමක් සදහා  නිෂ්පාදනය කිරීම.

5.      නූතන සමාජයේ ආර්ථික සාධකයේ ස්වරූපය පහදන්න.

·        ව්‍යාපාරික ආර්ථිකය බවට ආර්ථිකයක් බවට පත්වීම.

·        මහා පරිමාණ කෘෂිකර්මය සඳහා ඉඩම් කොටු කර ගැනීමෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් හිඟයක් ඇතිවීම.

·        කෘෂිකර්මාන්තයෙන් ඈත් වී වෙනත් ජීවනෝපායන් සඳහා නගරවලට සංක්‍රමණය වීම තුළ සේවා, හා කාර්මීකරණ ආර්ථිකයක් ගොඩනැගීම.

 

6.      සමාජ පරිණාමයේ දී දේශපාලන සාධකවල බලපෑම  දක්වන්න.

පැරණි සමාජයේ  රජු නම් පාලකයෙකු යටතේ අසීමිත බලයකින් යුත් සරල පාලන ක්‍රමයක් විය. සමාජ පාලනය ආගමික නීති හා සිරිත් විරිත් මගින් සිදු විය. ජනතා සහභාගීත්වය රාජ්‍ය පාලනය සඳහා ද, පාලකයා හා ජනතාව සමීප සම්බන්ධතාවක් ද නොවීය. මානව අයීතීන්ට මුල් තැන දෙන ප්‍රජාතන්ත්‍රවාදී  පාලන ක්‍රමයක් නූතන සමාජයේ දක්නට ලැබේ. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලයක්  ලෙස ගොඩනැගුණු නව  පාලන ක්‍රමය මහජන පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථනුකූල බලතල බෙදීම  තුළින් ක්‍රියාත්මක වේ.

7.      සමාජ පරිණාමීය සාධකයක් ලෙස සංස්කෘතිය වෙනස්වීම පැරණි හා නූතන සමාජ වල දක්නට  ලැබෙන  ආකාරය  පහදන්න.

පැරණි සමාජයේ  සංස්කෘතික ස්වාභාවය

පුද්ගලයාගේ ආගම කුලය සිරිත් විරිත් සම්ප්‍රදායන් ඔස්සේ සමාජ සම්බන්ධතා තීරණය විය.

පුද්ගලයාට සමාජයෙන් ආරෝපිත තත්ත්වයක් හිමිකර දී ඒ අනුව ඔවුන් ක්‍රියා කළේය.  

පුද්ගලයා සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුය.  

 

නූතන සමාජයේ සංස්කෘතියේ වෙනස්වීම

අධ්‍යාපනයේ හා තාක්ෂණික දැනුමේ වර්ධනය , නව වාණිජවාදී ආර්ථික ක්‍රමය නීතිමය සම්බන්ධතා හේතුවෙන් පුද්ගල සමාජ සම්බන්ධතා වෙනස් විය.

පුද්ගලයාට සාධිත  තත්ත්වයක් තම හැකියාව අනුව උදා කර ගැනීමට හැකිවේ.

සම්ප්‍රදායන් වෙනුවට නීතිමය සම්බන්ධතා ආරක්ෂා කළ යුතුය.

 

සමාජ පරිණාමය කෙරෙහි බලපාන සාධක

1)     සමාජ සංවර්ධනයට හේතු වන නිවැරදි වරණය සහිත පිළිතුර වන්නේ

                 i.          දේශපාලනික, ආර්ථික, සමාජීය, තාක්ෂණික, සංවර්ධනය  

                ii.          ආර්ථික, දේශපාලනික, සමාජීය, තාක්ෂණික, සංවර්ධනය

              iii.          සමාජ, ආර්ථික, දේශපාලනික, තාක්ෂණික, සංවර්ධනය

              iv.          සමාජ, දේශපාලන, සංස්කෘතික, තාක්ෂණික,  සංවර්ධනය

2)     සමාජ සංවර්ධනයේ ප්‍රධාන අවධි දෙක වන්නේ

                   i.          කාර්මික, තාක්ෂණික යුග

                 ii.           පූර්ව කාර්මික , ආගමික යුග

               iii.          කාර්මික ,  ආගමික යුග

                iv.           පූර්ව කාර්මික, කාර්මික යුග

3)      ප්‍රාථමික සරල සමාජය ( පූර්ව කාර්මික )  තුළ දක්නට ලැබුණේ  

                 i.          සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අත් පා ශරීරාංග හෝ ප්‍රාථමික  මට්ටමේ මෙවලම්  භාවිතය

                ii.          සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සතුන් යොදා ගැනීම හා ප්‍රාථමික  මෙවලම් භාවිතය

              iii.          සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා  ශරීරාංග සහ  සතුන් භාවිතයයි.

              iv.          සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා  රජුගෙන් ඇප උපකාර ලබා ලබාගැනීම හා ප්‍රාථමික  මට්ටමේ මෙවලම් භාවිතයයි.

4)     කාර්මික යුගයේ විශේෂ  ලක්ෂණය වන්නේ

                 i.          තාක්ෂණ කරණය

                ii.          මුදල් විශුද්ධිකරණය

              iii.          යාන්ත්‍රිකරණය

              iv.          සේවාකරණය  

5)     පූර්ව කාර්මික යුගයේ සිට කාර්මික යුගය දක්වා සමාජය  පරිණාමය  වීම කෙරෙහි බලපාන සාධක තුන වන්නේ

                 i.          යාන්ත්‍රික කරණය නවීකරණය කාර්මීකකරණය

                ii.          නාගරීකරණය කාර්මීකරණය නවීකරණය

              iii.          කාර්මීකරණය නවීකරණය යාන්ත්‍රික කරණය

              iv.          නවීකරණය කාර්මීකරණය බටහිරකරණය

6)      සමාජය අලුත් තත්ත්වයන්ට හැඩ ගැසීමේ ක්‍රියාවලිය හැඳින්වීමට යෙදිය  හැකි සුදුසු නාමය වන්නේ

                 i.          නාගරීකරණය

                ii.          කාර්මීකරණය

              iii.          නවීකරණය

              iv.          බටහිරකරණය

7)     ආගමික ඉගැන්වීම් මත මානසික වශයෙන් සිරකර තිබුණු සමාජය ආගමික ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් අලුත් තත්ත්වයකට පරිවර්තනය වීමට හේතු වූයේ

                 i.          කාර්මික විප්ලවය

                ii.          ලිබරල්වාදි ධනේශ්වර  පාලන ක්‍රමය

              iii.          මාර්ටින් ලූතර් කිං ජෝන් කැල්වින් ප්‍රොතෙස්තන්ත නිකාය ආරම්භ කිරීම

              iv.          විද්‍යාත්මක  පුනරුදය

8)     කතෝලික  පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව ආගමික ප්‍රතිසංස්කරණ සිදු කළේ

                 i.          මැක්ස් වේබර්

                ii.          මාර්ටින්  ලූතර් කිං හා ජෝන් කැල්වින්

              iii.          එමිල් දුර්කයිම්

              iv.          කාල්මාක්ස්

9)     නව නිපදවීම හා සොයා ගැනීම් සිදු වූයේ

                 i.          ප්‍රංශයේ ය.

                ii.          එංගලන්තයේ ය.

              iii.          ජර්මනියේ ය.

              iv.          ඇමෙරිකාවේ ය.

10)   පුද්ගල ක්‍රියාකාරිත්වය තුළ යාන්ත්‍රික බවක් නිර්මාණය වීමට හා සමාජ චර්යාව වෙනසක්  ඇති වූයේ

                 i.          ලිබරල්වාදි ධනේශ්වර  පාලන ක්‍රමය නිසා

                ii.          කාර්මික විප්ලවය නිසා

              iii.          මාර්ටින් ලූතර් කිං ජෝන් කැල්වින් ප්‍රොතෙස්තන්ත නිකාය ආරම්භ කිරීම නිසා

              iv.          සාම්ප්‍රදායික වැඩවසම් පාලනය බිඳ වැටීම නිසා

11)   සාම්ප්‍රදායික වැඩවසම් පාලනය බිඳ වැටී ලිබරල්වාදි ධනේශ්වර  පාලන ක්‍රමය බිහි වූයේ

                 i.          ප්‍රංශයේ ය.

                ii.          ඇමෙරිකාවේ ය.

              iii.          එංගලන්තයේ ය .

              iv.          රුසියාවේ ය.

12)  ලෝකයේ රටවල් සංවර්ධිත රාජ්‍යයන් බවට පත් වූයේ

                 i.          නාගරීකරණය නිසාය.

                ii.          නවීකරණය නිසාය.

              iii.          කාර්මීකරණය නිසා ය.

              iv.          බටහිරකරණය නිසාය.

13)   නවීකරණයේ අංග ඇතුළත්  පිළිතුර වන්නේ

1)      ආර්ථික සමාජීය දේශපාලනික අධ්‍යාපන ජනමාධ්‍ය ප්‍රවාහන කාර්මික නවීකරණයයි.

2)     ආර්ථික  දේශපාලනික අධ්‍යාපන ජනමාධ්‍ය ප්‍රවාහන කාර්මික නවීකරණයයි.

3)     ආර්ථික  දේශපාලනික අධ්‍යාපන විද්‍යාත්මක ජනමාධ්‍ය ප්‍රවාහන කාර්මික නවීකරණයයි.

4)     ආර්ථික දේශපාලනික අධ්‍යාපන ජනමාධ්‍ය ප්‍රවාහන හරිත විප්ලවය  කාර්මික නවීකරණයයි.

 

14)   දැනුම් පොතට ………..

·        පවතින සමාජය අලුත් තත්වයකට ගොඩනැගීම නවීකරණයයි.

·        බටහිර සමාජය නවීකරණයට  හේතු වූයේ

Ø  මාටින් ලුතර් කිං  හා ජෝන් කැල්වින් පූජකවරුන් කිතුනු ආගමට හදුන්වා දුන් නව ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිසා ප්‍රොතෙස්තන්ත නිකාය ආරම්භ කිරීම

Ø  16  17  සියවස්වල එංගලන්තය මුල් කොට ගෙන නව සොයා ගැනීම් හා නිපදවීම් නිසා ඇති වූ කාර්මික විප්ලවය නිසා

Ø  සාම්ප්‍රදායික වැඩවසම් පාලනය බිඳ වැටී ලිබරල්වාදි ධනේශ්වර  පාලන ක්‍රමය ප්‍රංශයේ  බිහිවීම  නිසා

·        නවීකරණයේ අංග - 

ආර්ථික සමාජීය දේශපාලනික අධ්‍යාපන ජනමාධ්‍ය ප්‍රවාහන කාර්මික නවීකරණය

හරිත විප්ලවය යනු  හරිත විප්ලවය යනු 1960 සිට 1980 දක්වා කාලය තුළ සිදු වූ කෘෂිකාර්මික පරිවර්තනයකි. ආහාර නිෂ්පාදනයේ වේගවත් වැඩිවීම මත පදනම්ව, විශේෂයන් තෝරා බේරා ගැනීම සහ පොහොර, පළිබෝධනාශක සහ නව වාරිමාර්ග ශිල්ප ක්‍රම භාවිතා කිරීම මත පදනම් විය.

එහි නව්‍යතාවය වූයේ වගා බිම් පුළුල් කිරීමකින් තොරව ක්ෂේත්‍රයේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම නොව දැනටමත් සූරාකෑමට ලක්වූ ප්‍රදේශවල උපරිම ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමයි. එසේ කිරීමෙන් සාගතයෙන් පීඩාවට පත් රටවලට උපකාර ලැබුණි.

මෙම විප්ලවයේ වර්ධනය සඳහා ප්‍රධාන ආහාර වූයේ ධාන්ය වර්ග, විශේෂයෙන් සහල්, ඉරිඟු සහ තිරිඟු ය. මෙම විශේෂ වර්ග කිහිපයක් තරණය කිරීමෙන් ශක්තිමත් හා වඩා ලාභදායී වික්‍රියා වර්ධනය වීමට ඉඩ ලබා දෙන ලදී. පොහොර හා පළිබෝධනාශක භාවිතයට අමතරව නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි විය.

අන්තර් ජාලය ඇසුරෙන්

කාර්මිකරණය

15)  කාර්මිකරණය යනු කුමක්ද ?

16)  නිෂ්පාදන හා ප්‍රවාහනයට ඇති වූ නව ප්‍රවණතා දෙකක් නම් කරන්න.

17)  නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට බිහිවූ යන්ත්‍ර තුන දක්වන්න.

18)  දියුණු වෙළෙඳ පොළ ක්‍රමයක් බිහිවීමට කාර්මිකරණය හේතු වූ ආකාරය පහදන්න.

19)  කාර්මීකරණයේ මුලික ලක්ෂණ කවරේද ?

20)  ලුහු කර්මාන්ත හා මහා පරිමාණ කර්මාන්ත අතර වෙනස හඳුන්වන්න.

 

නාගරීකරණය

21)  නාගරීකරණය යනු කුමක්ද ?

22)  නගර බිහිවීමට කාර්මීකරණය හේතු වූ ආකාරය පහදන්න.

23)  නාගරීකරණය නිසා ඇති වූ සමාජ ප්‍රශ්න නම් කරන්න.

24)  නාගරීක සමාජයේ ලක්ෂණ නම් කරන්න.

25)  ඔබ තෝරා ගත් නගරයක් ඇසුරෙන් නාගරික සමාජයේ ලක්ෂණ පිරික්සන්න.

උදා මහනුවර

වෙළෙඳ පොළ ආර්ථිකය - වෙළෙඳ ව්‍යාපාර, බැංකු, රක්ෂණ

උප නගර - කටුගස්තොට පේරාදෙණිය පිළිමතලාව

සංකීර්ණ සමාජ සම්බන්ධතා - නීති වෛද්‍ය ගුරු වෘත්තින්වල සිට කම්කරුවන් දක්වා  විවිධ සමාජ සම්බන්ධතා

පොදු පහසුකම් -විදුලිය ජල ප්‍රවාහන සෞඛ්‍ය සන්නිවේදන ආදී පහසුකම්

ශ්‍රම විභජනය තිබීම - විවිධ රැකියා අවස්ථා අනුව ශ්‍රමය බෙදීයාම

මූල්‍යමය නෛතික සම්බන්ධතා - මුදල් කටයුතු නීතිමය ගිවිසුම් මත සිදුවීම උදා: බැංකුව සමග ගනුදෙනු කිරීමේදී

අඩුපාඩුකම් සහිත නිවාස සහ මුඩුක්කු

රැකියා හිඟය පුහුණු ශ්‍රම හිඟය

ශ්‍රම වෙළෙඳ පොළක් තිබීම

ජනගහනය වැඩිවීම

 

සමාජ පරිණාමය  කෙරෙහි බුදු දහමේ බලපෑම

5)      

26)   ලොව ඇති ජීව අජීව සියලු දේ වෙනස්වීමට පත් වන බව දක්වන්නේ

                 i.          කර්ම විග්‍රහයෙනි.

                ii.          චර්යා විග්‍රහයෙනි.

              iii.          අනිත්‍ය සංකල්පයෙනි.

              iv.          පංචශීල ප්‍රතිපදාවෙනි.

27)   සමාජයේ ප්‍රභවය විකාශනය දියුණුව හා පිරිහීම රාජ්‍ය පහළ වීම සමාජයේ බෙදීම් මිනිසාගේ සමාජ තත්ත්වය ගැන  ඉගැන්වූ  සූත්‍රය

                 i.           වසල සූත්‍රය

                ii.          ධම්මික සූත්‍රය

              iii.          අග්ගඤ්ඤ සූත්‍රය

              iv.          චක්කවත්ති සූත්‍රය

28)   ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පෘථිවියට පැමිණි බඹලෝ වාසීන් පෘථිවි රස අනුභව කොට තණ්හාව  ඇතිකර ගැනීමෙන් පසු කර්කශ ශරීර ඇති වී ස්ත්‍රී පුරුෂ බව ඇතිවූ ආකාරය සඳහන් වන්නේ

                 i.          අග්ගඤ්ඤ සූත්‍රයෙන්

                ii.          වසල සූත්‍රයෙන්

              iii.          පරාභව සූත්‍රයෙන්

              iv.          චක්කවත්ති සීහනාද සූත්‍රයෙන්

29)   බමුණු මතයට අනුව බ්‍රාහ්මණ  ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන කුළ හතරට සමාජය බෙදා ඔවුන් උපන් ස්ථාන දක්වා ඇති නිවැරදි පිළිතුර වන්නේ

                 i.          මුඛය කලවා බාහුව දෙපතුල්

                ii.          බාහුව කලවා මුඛය දෙපතුල්

              iii.          මුඛය බාහුව දෙපතුල් කලවා

              iv.          මුඛය බාහුව කලවා  දෙපතුල්

30)  බමුණු කුල සතර  ප්‍රතික්ෂේප කළ බුදු දහම පුද්ගලයා උත්පත්තියෙන් නොව යහපැවැත්ම මත සමාජ පංතිය  තීරණය විය යුතු බව

                 i.          චතුර්වර්ණ වෙනුවට සිව්වනක් පිරිස ආදේශ  කිරීමෙනි.

                ii.          චතුර්වර්ණ වෙනුවට බුදු පසේ බුදු මහරහත් සංඝයා වහන්සේලා ආදේශ කිරීමෙනි.

              iii.          චතුර් වර්ණ වෙනුවට බුදු මහරහතන් වහන්සේලා හා භික්ෂු භික්ෂුණී ආදේශ කිරීමෙනි.

              iv.          චතුර්වර්ණ වෙනුවට බ්‍රාහ්මණ  ක්ෂත්‍රීය වෛශ්‍ය වසල  යන කුල ආදේශ කිරීමෙනි.

31)  විශාල ධනයක් වැය කොට සිය සතුන් මරා යාග පවත්වනවාට වඩා ශීල ප්‍රතිපත්තියේ පිහිටීම උතුම්ම පූජාව ලෙස දක්වා ඇත්තේ

                             i.          කූටදත්ත සූත්‍රයෙන්

                           ii.          ධම්මික සූත්‍රයෙන්

                         iii.          පරාභව සූත්‍රයෙන්

                          iv.          චක්කවත්ති සීහනාද සුත්‍රයෙන්

32)  පාලකයා සමාජය අවශ්‍යතා හඳුනා ගෙන ඒවාට පිළියම් යෙදිය යුතු  සඳහන් සූත්‍රය වන්නේ

                 i.          පරාභව සූත්‍රයෙන්

                ii.          සිඟාලෝවාද සූත්‍රයෙන්

              iii.          කූටදන්ත සූත්‍රයෙන්

              iv.          චක්කවත්ති සීහනාද සූත්‍රයෙන්

33)  රජු  දෙවියෙකුගේ නියෝජිතයකු නොවන බවත්  මහජන එකගත්වය අනුව බිහිවී ජනතාව වෙනුවෙන් සේවය කීරීම ඔහුගේ වගකීම බව සඳහන් සුතුර

                 i.          කූටදන්ත සූත්‍රය

                ii.          චක්කවත්ති සීහනාද සූත්‍රය

              iii.          අග්ගඤ්ඤ සූත්‍රය

              iv.          සිඟාලෝවාද සූත්‍රය

34)  කෙටි පිළිතුරු සපයන්න

                 i.          අනිත්‍ය ලක්ෂණයට යටත් වන්නේ  කවර දේද?

                ii.          සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳ  වෙන සූත්‍රය කුමක්ද ?

              iii.          චතුර්වර්ණ නම් කරන්න.

              iv.          සිව්වනක් පිරිස කවුද?

                v.          එක් සිල්වතෙකුටත් දන් දීම මහානිසංස සඳහන් සුතුර නම් කරන්න .

              vi.          බුදු දහමේ ඉගැන්වෙන  සමාජ දියුණුවේ ආකාරය දෙක නම් කරන්න .

            vii.          බුදු දහම කාන්තාවට සමතැන ලබාදීමට ගත් පියවර දෙකක් ලියන්න.

           viii.          මෙලොව පරලොව ජීවිතය යහපත් කර ගැනීම සඳහා හේතුවන සූත්‍රය නම් කරන්න

              ix.          උට්ඨාන සම්පදා යන්නෙහි අදහස ලියන්න

                x.          සමජීවිකතා  යන්නෙහි අදහස ලියන්න .

 

සංස්කෘතිය

සංස්කෘතිය යනු  3 වසරේදී උගත් කරුණු සමාලෝචනය ඇසුරෙන්

සංස්කෘතිය සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ හැකි පොදු අදහස් 3 වසර

Ø  සමාජ විද්‍යාව, මානව විද්‍යාවේ  විද්‍යාත්මකව අධ්‍යයනය කරන සංකල්පයකි.

Ø  සමාජය හා සංස්කෘතිය අතර අවියෝජනීය සම්බන්ධයක් පවතී.

Ø  පුද්ගලයා උපතින් පසු තමා උපන්  සංස්කෘතියට අනුගත විය යුතු විය යුතුයි.

පුද්ගල පෞරුෂ වර්ධනයට සංස්කෘතිය බලපායි.

Ø  පුද්ගලයා පාලනය කරන, මෙහෙයවන ප්‍රධාන බලවේගයකි.

Ø  සංස්කෘතිය යනු කුමක් දැයි නිශ්චිතව නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි සංකල්පයකි.

·        මිනිසාගේ සමාජ උරුමය නමින් හඳුන්වයි.

·        සමාජයට අනුවර්තනය වීමේ කියා

සංස්කෘතිය නිර්වචනය මතක තබා ගන්න.

1.      මිනිසා පරපුරෙන් පරපුරට දායාදයක් වශයෙන්  ගෙන යන  ජීවන රටා සමුදාය සංස්කෘතියයි. යන නිර්වචනය ඉදිරිපත් කළේ ( 3 4 5 සමාජ විද්‍යාව )

                 i.          රේමන් විලියම්ස්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          මැලිනොව්ස්කි

              iv.          ඊ.බී. ටයිලර්

2.      යම් කෙනෙකු සමාජයේ සාමාජිකයෙකු වශයෙන්  ලබා ගන්නා දැනුම, විශ්වාස, කලාව, සාරධර්ම, නීතිය,  සිරිත් හා වෙනත් පුරුදු වල එකතුවයි. මතය ප්‍රකාශ කළේ ( 3 4 5 සමාජ විද්‍යාව )

                 i.          රේමන් විලියම්ස්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          මැලිනොව්ස්කි

              iv.          ඊ.බී. ටයිලර්

3.      සංස්කෘතිය  යන වචනය ඉංග්‍රීසි භාෂාවේ  තිබෙන ඉතාම සංකීර්ණ වචන දෙක තුනෙන් එකක් බව කීවේ (3 වසර )

                 i.          රේමන් විලියම්ස්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          මැලිනොව්ස්කි

              iv.          ඊ.බී. ටයිලර්

4.      මිනිසාගේ මනෝ කායික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඇති කර ගත්තේ සංස්කෘතියයි.

අදහස ඉදිරිපත් කළේ ( 3 4 5 සමාජ විද්‍යාව )

                 i.          රේමන් විලියම්ස්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          මැලිනොව්ස්කි

              iv.          ඊ.බී. ටයිලර්

5.      දෙන ලද ජීවන රටාවක් ඇතුළත පුද්ගලයන් සමූහයක් සංවිධානය වී ඇති ආකාරය සංස්කෘතිය බව ප්‍රකාශ කළේ (  4 5 සමාජ විද්‍යාව )

                 i.          රේමන්ඩ් පර්ත්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          මැලිනොව්ස්කි

              iv.          ඊ.බී. ටයිලර්

 

6.      සංස්කෘතිය විග්‍රහ කිරීමේදී යොදා ගන්නා එළඹුම් නිවැරැදිව පෙළ ගැස්සූ පිළිතුර වන්නේ

                 i.          මානව , සමාජ , සෞන්දර්යාත්මක එළඹුම් වශයෙනි .

                ii.          සෞන්දර්යාත්මක,  සමාජ , මානව එළඹුම් වශයෙනි .

              iii.          සමාජ , මානව සෞන්දර්යාත්මක එළඹුම් වශයෙනි .

              iv.          සමාජ , සෞන්දර්යාත්මක ,මානව ,එළඹුම් වශයෙනි .

7.       primitive culture නම් කෘතියේ කතුවරයා වූයේ

                 i.          ඊ.බී. ටයිලර්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          රේමන්  පර්ත්

              iv.          බ්‍රැනිස්ලෝ මැලිනොවුස්කි

8.      බ්‍රිතාන්‍ය  මානව විද්‍යාවේ  පියා කවුද

i.                 රේමන් විලියම්ස්

ii.                රැල්ෆ්ලින්ටන්

iii.              මැලිනොව්ස්කි

iv.              ඊ.බී. ටයිලර්

9.      සංස්කෘතිය විග්‍රහ කිරීමේදී යොදා ගන්නා එළඹුම් පැහැදිලි කරන්න.

                           I.          සමාජ විද්‍යාත්මක එළඹුම

මිනිසාගේ ජීවන රටාව චින්තන ක්‍රමය ආදියෙහි එකතුව ඇසුරින් සංස්කෘතිය අධ්‍යයනය කිරීම

                         II.          මානව විද්‍යාත්මක එළඹුම

යම් සමාජයක ජීවත්වන මිනිසුන්ගේ චර්යා රටා පිළිබඳ හැදෑරීමෙන් ඔවුන්ගේ සංස්කෘතිය අවබෝධ කරගත හැකි බව

                       III.          සෞන්දර්යාත්මක එළඹුම මිනිස් සමාජයේ වින්දනාත්මක පක්ෂය සලකා බැලීමෙන් සංස්කෘතිය අධ්‍යනය කිරීම

10.   භෞතික සංස්කෘතිය යනු කුමක්ද

මිනිසා  විසින් නිර්මාණය කරන ලද්දා වූ විට උපකරණ මෙවලම්  ගොඩනැගිලි සහ වෙනත් නිෂ්පාදන ආදියයි. එය ඉන්ද්‍රිය ගෝචර  වන දෘශ්‍යමාන ව ස්පර්ශ කළ හැකි නිෂ්පාදිතයන් ය.

 

11.   අභෞතික සංස්කෘතිය යනු

ඉන්ද්‍රිය ගෝචර නොවන ඇදහිලි විශ්වාස සිරිත්  වීරිත් රුචි අරුචිකම් ජීවන පිළිවෙත් ධර්මතා ආකල්ප සහ අගනාකම් ආදියයි.

12.   ඊ.බී. ටයිලර් හදුන්වා දුන් සංස්කෘතියේ අංග තුන දක්වන්න.

 

සංස්කෘතියේ දක්නට ඇති උප සංස්කෘති

9. ඕනෑම රටක විවිධ සමාජ ස්ථර අනුව උප සංස්කෘති ගණනාවක් බිහි විය හැකි බව ප්‍රකාශ කළේ.            

                 i.          රේමන් විලියම්ස්

                ii.          රැල්ෆ්ලින්ටන්

              iii.          ඇල්බට් කොහෙන්

              iv.          ඊ.බී. ටයිලර්

13.   ඒක දේව වාදී ආගම් වන්නේ මින් කුමක්ද

                 i.          බෞද්ධ හින්දු

                ii.          හින්දු ක්‍රිස්තියානි

              iii.          හින්දු මුස්ලිම්

              iv.          ක්‍රිස්තියානි මුස්ලිම්

14.   සෑම පොදු  ආගමක ම දැකිය හැකි පොදු ලක්ෂණ වන්නේ

·        විශ්වාස සහ අදහස්

·        පුද පූජා සහ යුතුකම්

15.   ඒ.ආර්. රැඩ්ක්ලිෆ් බ්‍රවුන් දැක්වූ ආගමික කෘත්‍යයන් නම් කරන්න

                   i.          යහපත් සෞඛ්‍යය

                 ii.           දිගු කාලීන ජීවිතය

               iii.          දරුවන් යහමග යැවිම

                iv.          යුද්ධ ජයග්‍රහණය

                 v.          සරුසාර අස්වැන්න

                vi.          යහපත් තත්ත්වයක යළි ඉපදීම

 

 

 

 

 

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය