උම්මග්ග ජාතකයේ කතා සාරය· වර්තමාන කතාව


උම්මග්ග ජාතකයේ කතා සාරය

·        වර්තමාන කතාව

බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි එම විහරවාසී භික්ෂූන් වහන්සේලා සැඳෑ කාලයෙහි දම්සභා මණ්ඩපයෙහි රැස්ව බුදුන් වහන්සේ වඩනා පෙර මග බලා වැඩ සිටින අතර සාකච්ඡාවෙහි යෙදී සිටිය හ. එහි මාතෘකාව වූයේ බුදුන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවේ මහිමය කෙතරම් ද යන්නයි. එතැනට වැඩි බුදුහු මෙතෙක් ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ කුමන කරුණක් පිළිබඳ ව දැයි සුපුරුදු පරිදි ඇසූහ. එවිට ප්‍රස්තුත කාරණය ඉදිරිපත් කෙරිණි. තමන් වහන්සේ මතු පමණක් නොව, මෙම සර්වඥතා ඥානය ලබාගැනීම් වස් පාරමී දම් පිරු භවයන්හි දී ද, ප්‍රඥා මහිමයෙන් යුක්ත වූම්හ යි බුදුහු පැවසූහ. මෙහි දී මතු පවතින ප්‍රඥාව පිළිබඳව තමන් දන්නා හෙයින් භවාන්තරයෙන් වැසී තිබෙන්නා වූ ප්‍රඥා මහිමය පිළිබඳ ව වදාරන්නැ යි එම භික්ෂූහු බුදුන් වහන්සේට ඇරයුම් කළහ. එවිට මෙම ප්‍රඥා පාරමිතා පූර්ව වූ උම්මග්ග ජාතකය දේශනා කළ සේක.

උපුටා ගැනීම අන්තර්ජාලය 

1.      බුදුන් වහන්සේ සඳහා යොදාගත් පර්යාය පද

                           i.          ශාක්‍යසිංහ - ශාක්‍යයන්ට සිංහ

                          ii.          සමන්ත භද්‍ර - සියලු අයුරින් උතුම්

                        iii.          අසම සම - බුදුවරුන් හා සම වූ

                        iv.          ත්‍රෛලෝක තිලක - තුන් ලෝ වැස්සන්ට තිලකයක්

                          v.          ත්‍රිභුවන චූඩාමාණික්‍ය - තුන් ලෝ වැස්සන්ට සිළුමිණක්

                        vi.          කරුණා නිධාන - කරුණාව තැන්පත් ව ඇති ස්ථානයක්

                      vii.          මෛත්‍රී නිවාස  - මෛත්‍රීයට ගෙයක්

                     viii.          ප්‍රඥාවට වල්ලභ - නුවණට ස්වාමි

                        ix.          සාගරය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති - මහා සාගරය  නො සිතිය හැකි

                          x.          මහා පොළොව සේ නිශ්චල ගුණ ඇති

                        xi.          මහාමේරුව සේ උස් වූ ගුණ ඇති

                      xii.          දෑ රඟ මිණක් නිර්මල ගුණ ඇති - ඉපදීමෙන් ම දීප්තිමත් මැණිකක්

( ධර්ම රාජන්, ධර්මාධිපති, ධර්මස්වාමි, තිලෝගුරු,

 

සනරාමර (නර අමරයන් - දෙවි මිනිසුන් )  ලොක වුඩා මණි ( ලෝකයාගේ සිළුමිණක් ) මරීච් මඤ්ජරි පුඤ්ජ පූජිත ( මල් කලඹකින් පුදන) චරණාම්බුජ ඇති ( පාද නැමති නෙළුම් මල් ඇති ) ලෝක ස්වාමි වූ  ලෝක නායක වූ ජගදානන්ද ලොවන වූ ලොව සතුටු කරන ඇසක්  )

 

2.      සැවැත්නුවර වර්ණනාව

 

 ක්ෂීර සාගරයෙන් නැඟී තරංග මාලා සේ - කිරි මුහුදින් නැගුණු රළ සේ , සුධා ධවල ප්‍රාකාර වලයයෙන් පරික්ෂිප්ත - සුනු පිරියමින් සුදු වූ පවුරු වළල්ලෙන් යුක්ත . කනකරජතාදීන් සොබනා වූ - රත්තරන් රිදී ආදියෙන් සෝබමාන, විසිතුරු සැදුම්ලත්  මාළිගා ගෙවල් හා දොරටු ආදියෙන් හා යුක්ත වූ, සපු සල් නා පනා අඹ දොඹ  ආදී  ඵල පල්ල වශයෙන්. ගෙඩි වලින් හා කොළ වලින්, සඤ්ජන්න- ගැවසුණු තරුවර  ශතයෙන් හොබනා විසිතුරු උද්‍යානයෙන් හා පස්පියුමෙන් සැදුම් ලද - උතුම් ගස් සිය ගණනින් සෝබමාන විසිතුරු උයන්වලින් හා පස් පියුම් - නෙළුම්. උපුල්, මහනෙල්, කුමුදු, ඕළු යන මේ පස් පියුමෙන් සැදුම් ලද . නිර්මල ජල සම්පූර්ණ පුෂ්කරණි ශතයෙන් හොබනා වූ - පිරුණු නිසල ජල  පොකුණු සිය ගණනින්, නානාභරණ විභූෂිත - නොයෙක් ආභරණයෙන් සැරැසුණු, නරනාරි ගණාකීර්ණ - මිනිස් ගැහැණු සමූහයා ගෙන් ගැවුසුණු සැවැත්නුවර නිසා

3.      ජාතකය දේශනා කිරීමේ අරමුණ

ප්‍රඥා පාරමිතාව අරභයා

4.       දම් සභා මණ්ඩපයේ බුදුන් වහන්සේ ගැන ගුණ වයන භික්ෂූන් -

බුදුන් ගේ නුවණ පැරුම් (ප්‍රඥා පාරමිතාව) වනන (වර්ණනා ) සේක්, ඇවැත්නි, බුදුහු ශීලස්කන්ධාදියෙහි ( සිල් කොටස් ආදියෙහි) පවත්නා මහත් වූ නුවණ ගතියක් (ස්වාභාවයක්) ඇති සේකැ. මුහුදු පිටැ ඉසි සුවඳ තෙලක් මෙන් දත යුතු වූ සියලු ධර්මයන් කෙරෙහි  පැතිරැ පවත්නා වූ නුවණ ගතියක් ඇති සේකැ. සියලු ධර්මයන් කෙරෙහි  තුෂ්ටි (සතුටු) බහුල වැ පවත්නා නුවණ ගතියක් ඇති සේකැ. සියලු ඥෙය මණ්ඩලයෙහි ( ධර්ම මඩුල්ලෙහි) ජවන හංස (දිවිමෙහි ඉතා සමර්ථ හංස) ගතියක් මෙන් දිවෙන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ.  අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභානාදියෙන් (ත්‍රිපිටක බුද්ධ වචනය 'ධර්ම නම්වේ. අර්ථ නම් ඒ ධර්මයෙන් හැගවෙන ද යැ. ඒ ධර්මයෙහි පද සිද්ධි ප්‍රයෝගාදී වූ ව්‍යාකරණ නිරුක්තියි. මේ තුන අවබෝධ කැරැ ගැනීම ප්‍රතිභානයයි ) දිරා සිය පරඬලා පතෙකැ ( පරඬල් පත්‍රයක) නොපැකිළැ යන්නා වූ දවසක් මුළුල්ලෙහි රත් කළ යහුලක් ( යකඩයක්) මෙන් සියුම් වැ දුවන්නා වූ නුවණ ගතියක් ඇති සේක.  ඇතුල් තලයෙහි තුබු දෑ රඟ මිණක් සේ ( ඉපදීමෙන් ම දීප්තිමත් ) සියලු ධර්මයන් සර්වාකාරයෙන් විනිවිද දන්නා වූ නුවණ ගතියක් ඇති සේකැ.  දෘෂ්ටිජාලානුයන (දෘෂ්ටිය (පෙනීම හෙවත් ඇදහීම)  අන්‍ය තීර්ථක ජනයන් ගේ  (මිථ්‍යා දෘෂ්ටි තාපස විශේෂයක්. ) ශාශ්වතොස්ජෙදාදී ( සත්ත්වයා සදාකාලික යැ. නැවැතැ ඉපැදීමේ නැතැ යන ආදී දෘෂ්ටි ) වාද මර්දනය කරනු සේක්.  තමන් වහන්සේගේ අසාධාරණ වූ විදුරු  නුවණින් ( දියමන්ති කුරක් මෙන් කවර තරම් තද දෙයක්  වුව ද විනිවිද යන නුවණින්) කූටදන්ත බ්‍රාහ්මණ වෙරඤ්ජ බ්‍රාහ්මණාදී වූ අනෙක බ්‍රාහ්මණ ශතයන්ද ( සිය ගණනක් ) සහිය පරිබ්‍රාජක බාහිය පරිබ්‍රාජකාදි වු පරිබ්‍රාජක සමූහයන් ද, අංගුලිමාල ආදී වූ චණ්ඩ පරුෂ බොහෝ සොරුන් ද, ආලවකාදී වූ මනුෂ්‍ය මාංසභක්ෂණයෙහි ( මස් අනුභවයෙන් ) දක්ෂ වූ යක්ෂයන් ද, ඉසුරු මදයෙන් ප්‍රමාද වැ තුනුරුවන් කෙරෙහි ජනිත ප්‍රසාද ( උපන්නා වූ පැහැදීම ) විරහිත වූ ( රහිත නොවූ) , ශක්‍ර දෙවේන්ද්‍රයා ආදී වූ දේවතාවන් ද, ශාශ්වත දෘෂ්ටි ජාලානුබද්ධ වැ අමාර්ග ප්‍රතිපන්න ( නොමගට බැස්සා වූ ) බක බ්‍රාහ්මාදී වූ බ්‍රහ්මයන් ද තමන් වහන්සේ ගේ අසාධාරණ වූ සර්වඥ මහිමයෙන් මාන මර්දනය කොටැ පාප නැමති විෂ විනාශ කොට වදාළ සේකැ. තවද බුදු රජාණන් වහන්සේ විසින් කායද්වාරාදියෙහි සම්‍යක් ප්‍රතිපත්තීන් (මනා පිළිවෙත් ) සිද්ධ කොටැ ස්වර්ග මොක්ෂ භාවය ( නිර්වාණ සැපත ) හා ප්‍රව්‍රජ්‍යාව ( පැවිදි බව ) සාදා දී බොහෝ දෙන සතර මඟ සතර ඵලයට (නිවනට පළමු පැමිණෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මහට හා සතර ඵලයට

) පමුණුවන ලදහ .

 

5.      බුදුන් වහන්සේ දම් සභා මණ්ඩපය වැඩම වීම වර්ණනා කිරීම

ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරුත මල් කලබක් හා සමාන වූ අඳනා සිවුර ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන් සංවිධාන කොටැ හැඳැ, සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සිය රැලි විදුලියක් සමාන වූ පටි ධාතූන් වහන්සේ ඊ මන්තේ බැඳැ ඝන  රන් දා ගබක් රත් පලසෙකින් වසන්නාක්හු මෙන් ද, චිත්‍රකූට පර්වතය බඳු වඳ මල් දමෙකින් වට රස වත් කරන්නාහු මෙන් ද, රන් ගල් මුදුනෙහි සුපව ලාක්ෂා කරන්නාක්හු මෙන් ද මෙරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක් ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ සුගත් මහා පාංශුකූල විවරය පෙරෙ වැ, සුප්පතිට්ඨිත පාදතාදි වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් කරණ කොට ගෙනැ පිළිවෙළින් ගොතා තුබූ සුර්ය මණ්ඩලයන් දෙතිස් දෙනෙකුගේ ද ශ්‍රී විභූති අභිභවමින්. අශිත්‍යානුව්‍යජන ඛ්‍යාම ප්‍රභා කෙතුමාලාලංකාරයෙන් විරාජමාන වැ අනන්ත කාලයක් මුළුල්ලෙහි පුරන ලද සුචරිතානු බාවයෙන් තෙමේ තමාට අරන ලද දොර ඇති ගඳකිළි පිරිවෙනින් මේඝ කූටයකින් පිටත් වන හිරු මඬලක් සේද වලා පටලයකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද, රන් ගල් ගුහායෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභීත කෙසර සිංහරාජයකු සේද, නික් මැ, තමන් වහන්සේ ජාති ජාතියෙහි බුද්ධාදී නුවණැත්තන් සමීපයට නුකුසීත වැ එපැයි කුසල මහිමයෙන් පොළොව පළාගෙනැ නැගී සත්බුමු මහ පියුම් මත්තෙහි අටතුරාශියක් මඟුල් ලකුණින් සැදුම් ලද තබ - තබා, විය දඬු පමණෙකැ හෙළන ලද්දා වූ නෙත්‍රයන්තීන් මහී කාන්තාවට අමෘතාභිෂෙක දෙමින් අනන්ත වූ බුද්ධ විලාශයෙන් දම් සභා මණ්ඩපයට වැඩැ,

 

තේරුම්

                           i.          ලාක්ෂා රසයෙන් -  ලාකඩ දියෙන්

                          ii.          ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනයෙන්- මවුලු තුන (තැබ, මද දණ) වැසීමෙන්,

                        iii.          සංවිධාන කොටැ- සකස් පොවැ,

                        iv.          සන්ධ්‍යඝන වලාවෙකැ - සැන්දෑවෙහි ඇති ඝන වලා කුළෙක්.

                          v.          සිය රැලි - සිය ගණන් රැලි ඇති.

                        vi.          ඇගෑවකට - පහන් කුළුණකට චිත්‍රකූට පර්වතය රත් වන් යැයි ගැනෙන පර්වතයෙකි.

                      vii.          බිඳු වද මල් - රත වද මල්

                     viii.          සුප්පතිෂ්ඨිත පාදනාදී- මනා වැ පිහිටි පාද ඇති බව ආදී,

                        ix.           අභිබවමින් - යට කෙරෙමින්

                          x.          අශිත්‍යනුව්‍යඤ්ජන - (දෙ තිස් මහ පුරිස් ලකුණු අනු වැ ගිය) අසුවක් අනු ලකුණු.

                        xi.          බ්‍යාමප්‍රභා කෞතුමාලාලංකාරයෙන් - හිසින් සියලු අතට බඹයක් දුරට විසිදෙන කෙතුවක් (කොඩියක්) මෙන් ඇති රශ්මි සමුහයෙන් ම

                      xii.          නුකූසිත වැ - නො කම්මැලි වැ

                     xiii.          සත් බුමු  - (කට්ටු) සතක් ඇති,

                     xiv.          අටතුරා සියක්- අටක් වැඩි සියක් එක සිය අටක් (108),

                       xv.          මහීකාන්තාව - පොළෝ කත

                     xvi.          අමෘතාභිෂෙක - අමාදියෙන් තෙමීම, දෙවියන් සේ ආහාරය අමෘත' යි

උපමා පද හඳුනා ගනිමු

·        ලාක්ෂා රසයෙන් තෙත් වූ මුරුත මල් කලබක් හා සමාන වූ අඳනා සිවුර

·        සන්ධ්‍යා ඝන වලාවෙකැ ගසන ලද සිය රැලි විදුලියක් සමාන වූ පටි ධාතූන් වහන්සේ ඊ මන්තේ බැඳැ

·        ඝන  රන් දා ගබක් රත් පලසෙකින් වසන්නාක්හු මෙන් ද, චිත්‍රකූට පර්වතය බඳු

·        වඳ මල් දමෙකින් වට ර කරන්නාහු මෙන් ද,

·        රන් ගල් මුදුනෙහි සුපව ලාක්ෂා කරන්නාක්හු මෙන් ද

·        මෙරුමන්දරාදීන් එක පැහැර කම්පා කෙරෙමින් සුපක් ව විලිකුන් නුග ඵලයෙකැ පැහැ බඳු වූ

·         මේඝ කූටයකින්  පිටත් වන හිරු මඬලක් සේද

·        වලා පටලයකින් නිකුත් වූ පුන් සඳ මඬලක් සේ ද,

·        රන් ගල් ගුහායෙකින් කෙසරු සලා විදහා නික්මෙන අභීත කෙසර සිංහරාජයකු සේද, නික් මැ,

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය