ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය ගුත්තිල කාව්‍යය සිංහල පද්‍ය සාහිත්‍යයේ උගත් නූගත් , ඇති නැති , ග‍්‍රාමවාසී නගරවාසී , ලොකු කුඩා සියලූ දනන් එක සේ ඇලූම් කරන කෘතියක් වේ නම් එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එදා මෙදා තුර බිහි වූ ලාංකේය මානව සංහතියේ නිතර දෙවේලේ තුඩ ` ග රැුව් දුන් යම් පද්‍යයක් වූවාද එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලයේ කවියක් යැයි කීමද අතිශයෝක්තියක් නොවේ. ‘‘... මුල පටන් අග තෙක් වූ සමාන වෙසෙස් කන්කලූව ඇති පද්‍ය තුනක් දක්නට ලැබේ පළමුවැන්න ගුත්තිලයයි ; ... කෝමල වර්ණයන්ගෙන් මධුරතම ශබ්දයන්ගෙන් සංඝටනායෙන් උපන් ශ‍්‍රැති අනුප‍්‍රාසය ගුත්තීලයෙහි පද මාලාව අතරින් රසයන්ටද වර්ණයන්ටද අනුව නගින බසින ගීත ප‍්‍රවාහයක් වැන්න... ’’ පි.බී සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයට අනුව ගුත්තිල කාව්‍යය කෝට්ටේ යුගයේ (ක‍්‍රි.ව 1450-1460* වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ‘‘( ක‍්‍රි. 1450-1460* ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ තෙරිඳුන් බව ඉතා ප‍්‍රසිද්ධය... රාහුල හිමියන් ළ ` ග උගත් ශිෂ්‍යයෙකු අදහන හෙයින් , ගුත්තිලය ලිය වී ඇති කාලය පැරකුම්බා රාජ්‍යයේ පශ්චිම අවස්ථාව කොට සලකනු මැනවි. ’’ උග...