පී බී අල්විස් පෙරේරා -අන්ධ කවියා
පී බී අල්විස් පෙරේරා අන්ධ කවියා කොළඹ යුගයේ දෙවන කවි පරපුර පරපුර ට අයත් වන පී බී අල්විස් පෙරේරා කවියා විසින් රචිත අන්ධ කවියා නම් කවි පන්තියට අනුභූතිය වන්නේ අන්ධ කවියකුගේ ආත්ම භාෂණය කි .මියගිය සිය බිරිඳ පිළිබඳ අතීත අනුස්මරණයක් සමග ස්වභාව සෞන්දර්යේ චමත්කාරය තමාට දැනෙන හැඟීම් වස්තු විෂය කොට ගනිමින් රචනා කර ඇත . තමාගේ බිරිඳගේ බිරිඳ ගේ විප්‍රයෝගය බිරිඳගේ විප්පයෝගය නිසා හටගන්නා දුකක් තමාගේ අන්ධභාවය නිසා හටගත් අසරණ බව කවි පංතියෙන් ඉස්මතු කරයි . අන්ධ තැනැත්තකුට සුළඟෙන් හමායන සිසිලස මල් වලින් නික්මෙන මී පැණිවල සුවඳ මී මැස්සන්ගේ ගුමු ගුමු නාදේ තුරුපත් එකට වැදීම , වන විට උන්ගේ නාද ආදී පාරිසරික වෙනස්වීම් ඔහුට හොඳින් දැනේ .තම දියණිය එක් දිනයකදී මල් මාලාවක් ගෙන සරසයි .එහි දී තම මියගිය බිරිඳගේ ඇමතීමක් ලෙස කවියා දකියි දියණිය ඔබ මව මට අමතන්නීය සැඟවී හිඳ උණ පඳුර තුළින් අමු හමුවුණා මල්දම් මා ගෙල සරසනු වැළලූ තැන පිපුණු මලින් කවියාගේ කවි සංකල්පනාව මෙලෙස ඉදිරිපත් කරන විටදී සහෘද මනසේ ස...