Posts

Showing posts with the label piriven sinhala5

පියදාස සිරිසේන - වසන්ත කාලය

පියදාස සිරිසේන  වසන්ත කාලය අවුරුදු කාලයේ ස්වභාව දහමේ අසිරියත්,  එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරන දුසිරිත් දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි.     වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීම හා  සුවද හැමීම , පලබරින් යුක්ත වීම, සියොතුන්ගේ නාද  පැවැත්වීම, වැසි විටීම  කවියා විස්තර කරයි. මල් පිපීම හා  සුවද හැමීම  සුරත් පුල් උවන් කොඳ දත් බබ ලන්නී  රැගත් මල් සුවඳ  නල එ සුසුම් ලන්නී   නොහැර පිපෙන තුරුලිය මල් එක තාලේ  වසත් කල දිලේ  තුරුලිය මලින් පිරී  පලබරින් යුක්ත වීම හා  සියොතුන්ගේ නාද  පැවැත්වීම   පේනා අඹ දිවුල් තුරු පල බරිනි   නා නා  සියොත් රඟ දක්වන තුටු රුවිනි   මඳ වැසි වැටීම   නිතර වසින මඳ මඳ වැසි රෑ කාලේ  ස්වභාව දහමේ අසිරිය සමගින් යස ඉසුරින් පිරි ජීවිතයක් හෙළයින්ට උදාවේ. ඔවුන් අවුරුදු සංස්කෘතික මංගල්‍යය පවත්වා සතුටුව කාලය ගත කරන බව පැවසේ.  කවර සැප නැද්ද ලොව මෙ වසත්    කාලේ   හා...