Posts

Showing posts with the label piriven sinhala

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

පරාක්‍රම කොඩිතුවක්කු දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්  කොළඹ යුගයේ හැත්තෑව දශකයෙන් පසුව ආරම්භ වන නිදහස් කවියේ දෙවැනි පරම්පරාවට අයත්  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පොඩි මල්ලියෙ පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ජන කවි පන්තියට වස්තුන් වස්තු විෂය වන්නේ පුද්ගලයකුගේ සිත් තුළ  ජනිත මනෝභාවයකි . කාව්‍ය පන්තිය ට අනුභූතිය වන්නේ තමා වෙතින්  වෙන් ව ගිය ආදරවන්තිය පිළිබඳ ආවර්ජනයකි . වර්තමාන සමාජයේ  සමාජ ප්‍රශ්නයක්  සාකච්ඡා කරන පැදි පෙළකි .  අනියම් පෙම නිසා පවුල් ජීවිතය බිඳ වැටෙන අවස්ථා සමාජ පිළිලයක් බවට බඳුන් වී ඇත.  මෙම පැදි පෙළේ දී ද  සාකච්ඡාවට බඳුන් කරන්නේ ආදරයෙන් වෙළී සිටි  ආදර වන්තිය  වෙනකෙකු අත ගැනීම නිසා  වික්ෂේපයට පත්  පුද්ගලයාගේ  ජීවන දෘෂ්ටිය යි.  නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති  පල කිම්ද? ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ  සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්  මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද ? කථනයට බඳුන් වන පුද්ගලයා  ඔබ යන්න වැලප ඇති පල කිම්ද  යන යෙදුම්න් ඔහු තුළ පවත්නා උදාර...