පියදාස සිරිසේන - වසන්ත කාලය
පියදාස සිරිසේන
වසන්ත කාලය
අවුරුදු කාලයේ ස්වභාව දහමේ අසිරියත්, එකල පවත්වන උත්සවත්, එමගින් වැඩිහිටියන් අනුගමනය කරන දුසිරිත් දැනුවත්කර දේශාභිමානය හා ජාතික හැඟීම් පුබුදුවාලීම කවියාගේ අරමුණයි.
වසන්ත කාලය ස්වභාව සෞන්දර්යේ අපූර්ව නිර්මාණයකි. එහිදී මල් පිපීම හා සුවද හැමීම , පලබරින් යුක්ත වීම, සියොතුන්ගේ නාද පැවැත්වීම, වැසි විටීම කවියා විස්තර කරයි.
මල් පිපීම හා සුවද හැමීම
සුරත් පුල් උවන් කොඳ දත් බබ ලන්නී
රැගත් මල් සුවඳ නල එ සුසුම් ලන්නී
නොහැර පිපෙන තුරුලිය මල් එක තාලේ
වසත් කල දිලේ තුරුලිය මලින් පිරී
පලබරින් යුක්ත වීම හා සියොතුන්ගේ නාද පැවැත්වීම
පේනා අඹ දිවුල් තුරු පල බරිනි
නා නා සියොත් රඟ දක්වන තුටු රුවිනි
මඳ වැසි වැටීම
නිතර වසින මඳ මඳ වැසි රෑ කාලේ
ස්වභාව දහමේ අසිරිය සමගින් යස ඉසුරින් පිරි ජීවිතයක් හෙළයින්ට උදාවේ. ඔවුන් අවුරුදු සංස්කෘතික මංගල්‍යය පවත්වා සතුටුව කාලය ගත කරන බව පැවසේ.
කවර සැප නැද්ද ලොව මෙ වසත් කාලේ
හා නා කුඹුරු තැන තැන ගොවියන් තුටිනී
ලෞකික ජීවිතය සතුටින් සමරා අනතුරුව බෞද්ධ ආගමික කටයුතුවල යෙදී තම ලෝකෝත්තර ජීවිතය සාරවත් කර ගැනීම පරැන්නන්ගේ සිරිත විය.
නැකැත් කෙළි ඉවර වී සතුටුව සිහලූ
මහත් වෙසක් සැණකෙළි සමගින් ළකුණු
සංස්කෘතික මංගල්‍යයන් බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමගින් වෙනස් මගකට යොමු කළ සිහළුන් නිවන් මග වෙනුවට දුසිරිතට හැසිරී ඇත. සුරාපානය ඉන් ප්‍රමුඛස්ථානයක් විය. පියදාස සිරිසේන වැන්නවුන් සුරාපානයේ ආදීනව දක්වමින් සමාජය යහමගට ගැනීමට උත්සාහ කළ කවියෙකි.
වසත් උරා බොති දැන් සිහලු අමිහිරි
වසත් සුර නිවන් මග දුසිරිත හැසිරී
හෙළ විරුවන්ගේ ජාතික හැඟීම් පුබුදුවාලමින් ඔවුන් ගිය මඟ යමින් පෙර පැවති සෞභාග්‍යමත් ජීවිතය නැවත උදා කර ගැනීමේ වැදගත්කම කවියා ඉස්මතු කරයි.
දන්වා සිහල ලේවල උණුසුම පුදුම
ගෙන්වා ගනිව් සිරි ලිය සිහිලුනි වහම
සමාජ සංශෝධනය හා සදූපදේශ වස්තු විෂයක් ලෙස යොදාගනිමින් කාව්‍ය සම්ප්‍රදායේ සිව්පද විරිතේ ආභාසයක් පුරාතන පද්‍ය කාව්‍ය භාෂාවේ වදන් සිහිපත් කරමින් රචිත පැදි පෙළකි. උදා- සුරත් පුල් වුවන් , ළකල් කල් , පෑසර, අනඟ ඔප
මෙකල කවීහු පි%ය කළ ආවේගාත්මක බස් වහර යොදා ගැනීමේ පුරුද්ද මොහුද අනුගමනය කළහ. උදා- ගෙන්වා ගනිව් සිරි ලිය සිහිලුනි වහම
Comments
Post a Comment