සාගර පලන්සූරිය - ධීවරී ගීතය

සාගර පලන්සූරිය -  ධීවරී ගීතය
කොළඹ දෙවන කවි පරපුරේ කේයස්  යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සාගර පලන්සූරිය කවියා  ගුරුවරයෙකු , ලේඛකයකු, දේශකයෙකු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එපමණක් නො ව හිමි නමක ද විය . පුළුල් දැනුම් සම්භාරයකින් හා හා අත්දැකීම් සමුදායකින් හෙබි  මෙ තුමා සමාජ අසාධාරණයට ලක් වූ ගැමියන්ගේ මානව දයාව ප්‍රේමය කරුණා ගුණය වස්තු විෂය කොට ගනිමින් පද්‍ය රචනයේ යෙදුණු සොඳුරු මිනිසෙකි .  එතුමාගේ මුල් ම පද්‍ය කෘතිය වූයේ සුදෝ සුදු ය . මීට අමතර ව 
• මල්හාමි
• විසිවුණ තරු
• අපේ ඇත්තන්ගේ විත්ති
• කාලකණ්නියා
• කැළණි විත්ති
• කන්දේ ගෙදර
• පිළිරුව
යන කෘති ද සම්පාදනය කළේ ය .  එතුමා විසින් රචිත ධීවරී ගීතය පැදි පෙළට අනුභූතිය වන්නේ ධීවර කර්මාන්තයට ගිය සැමියා පිළිබඳ සන්තාපයට පත් කාන්තාවකගේ සෝක හැඟීම්ය. මෙම පැදිපෙළට වස්තු විෂය වන්නේ පුද්ගල මනෝභාවයක් වන තනිකමයි. 
හිමි ඔබ සයුර මැද රුදු සටනක ය           රැයේ 
පොල් අතු පැලේ මම තනිව ම වෙසෙමි බියේ 
ඇතිමුත් හුරුපුරුදු එඩිතර ගතිය                ළයේ
තරමක සැකයකින් ඔබ අද   සවස            ගියේ 
ඇය තම ස්වාමියාට ආදරයෙන් යුත් තැනැත්තියකි .  තම ස්වාමියා ධීවර කර්මාන්තය ට ගොස් මුහුදේ  මාළු අල්ලා ගැනීමට වෙහෙසක් දරන බව  කවියා  ප්‍රකාශ කරයි . බියෙන් පොල් අතු පැලේ තනියම සිටියත් , ඇය සිතන්නේ තමන්ගේ ස්වාමියා ගැන ය . වෙන දා මෙන් නොව අද දින ස්වාමියා බැහැරව ගියේ තරමක සැකයකින් බව  ඇය ට  පරිසරයේ ඇති වෙනස්කම් තුලින් සනාථ කොට ගෙන ඇත . වැහි   වළාවන් නැග , සුළඟේ හා ගෙරවිලි සහිත විදුලි හඩ හඬ ඇසෙන විට  ඇයගේ  හිතට  වේදනාවක් ගෙන දේ .
පතිභක්තියෙන් යුත්  ඇය  තම ස්වාමියා ගේ ශාරීරික පීඩාවන්  පිළිබඳව  සිතා දුක් වේ .
හබලට ඔබේ සවිබල අත              රිදෙනව ද 
ඔරු කඳ උඩින් දළ රළ පෙළ        නගිනවා ද 
සීතල සුළඟ රළුවට ඇඟ              වැදෙනවා ද 
හිමියෙනි වෙහෙස නිදිමත දෙක      දැනෙනවද 
  හබලට අත්රිදීම, සීත සුළං ඇගේ වැදීම  හා නිදිමත ස්වාමියාට ඇතිවේ යැයි  සිතන ඇය  පසු ව  දුක්මුසු ගීත තෙපලන්නී ය . මුහුදු ගිය ඔරුවක් ගොඩ බිම කරා ඇදෙන විට එළියක් හෝ කිසිවකු ගේ හඬ නැගීම සිදු කරයි . එහිදී ඇයගේ පය නොදැනුවත් ම එස වී ඒ දෙසට  පිය මනින බව කියැවෙයි . තමාගේ ස්වාමියා ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හා අවධානයෙන් සිටින බව  ඉන්  ප්‍රකාශ වේ .
ජනකවි ආරෙන් ලියැවුණු යශෝධරා විලාපය හා මද්‍රී දේවියගේ විලාපය සිහි කැඳවමින්  තම ස්වාමියාට  පාර්ථනා  රැසක්  ඉදිරිපත් කරයි .
වැහිපොද මගේ මගේ  හිමිගෙ හිස මත  නො      වැටේවා 
මේ රුදු සුළං රැළි රැළ පිට  නො                                   ගැටේවා
පැද යන ඔරුව වෙත මසු කැළ                                 දැවටේවා 
ලන ඇම   ගිලින  තරමට       උන්                            රැවටේවා  
හිමියනි ඔබේ හිසට වැහිපොද නොවැටී, රුදුරු සුළං හා රැළි ඇති නො වී , මසුන් රැසක් දැවටෙන ලෙස ඇය  ඇයද සිටී . ස්වාමියා තම නිවසට පැමිණීම  ඇයගේ හිතට අස්වැසිල්ලකි. තමා වෙනුවෙන් ස්වාමියා වෙහෙසන බව දන්නා ඇයට කණගාටුවකුත්   තිබේ .  එනම් ස්වාමියා උදයට පැමිණ සවසට නැවත ධීවර කර්මාන්තයට පිටත් වීමයි . ඇය මෙහි දී ප්‍රශ්න කර සිටින්නේ විවාහ ජීවිතය ජිවිතය මෙ ලෙස ද යන්නයි . නමුත් ඇය පොල් අතු පැලේ තනි ව ම කාලය ගත කළත් මගේ ජීවිතයේ ජීවිතයේ ආලෝකය ඔබ යන්නයි . එමගින් විශඳ වන්නේ ඇය පතිභක්තියෙන් යුත් කාන්තාවක් ලෙස ය .
සාගර පලංසූරිය සිව්පද ආකෘතිය තම කාව්‍ය රචනා සඳහා යොදා ගත් එතුමා ගේ   භාෂාව ඉතාම සරලය . ශබ්ද රසයෙන් හා අර්ථ රසයෙන් අනූන වූ ඔහුගේ නිර්මාණශීලිත්වය  සෑම විටම සමාජ අසාධාරණය වෙනුවෙන් හා විවිධ ජන කොටස් වල දුක්ඛ දෝමනස්සයන් කෙරෙහි මෙත් සිතින් යුතු ව තම කවි සංකල්පනා ඉදිරිපත් කළ කවියෙකි .
 

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය