සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු අන්තර් ජාලයේ උපුටා ගත්තකි.
කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කරන්න] කලාශූරී නාමය ද[තහවුරු කරන්න] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානයද[තහවුරු කරන්න] හිමි කරගෙන ඇත.
අරිසෙන් අහුබුදු
උපත දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ
මාර්තු 18, 1920
කොග්ගල, මලළගම, ශ්‍රී ලංකාව
මරණය මැයි 26, 2011
කොළඹ ශ්‍රී ලංකා
ජාතිකත්වය Sri Lankan
වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්.
රචිත ග්‍රන්ථසංස්කරණය
• අඩුව
• හදිය
• කුමරතුඟු දෑ ඇල්ම
• කුමරතුඟු ඇසුර
• සිංහල වංස කතාව
• රන් කිරුළ
• අරුත නිරුත
• මහා පාවා දීමේ ජාතකය
• එන කපේ බණ කතා
• කලට පිපෙන මල්
• හෙළ දෙරණ වග
• කොග්ගල පවත
• මංගල කිංකිණි
• දම් රස දහර
• අසම්මතය රජ වීම
• අරිසෙන් අහුබුදු හරසරණිය
• සක්විති රාවණ
• ලංකා ගම් නම් වහර
• අතු අග දිලි වන මල්
• නූතන ජාතක
• හෙළ අවුරුදු වග
• සමන අස්න
• ඉර හඳ නැඟි රට [1]
• මනු වස [2]
සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු
fShare
නූතන පද්‍ය සංග්‍රහයේ පද්‍ය පන්තියක රසාස්‌වාදයකි.
උසස් පෙළට - සිංහල
මඟුල් ගීය
මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දලු ලා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී
එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැ ලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත පණවන්නී
ගමේ මැ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙතැනැ වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී
මල් සර හට හී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳැ ලන්නී
දෙක දෙක එක් කැරැ ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී
වෙන් වූවන් සිත කලඹන්නී
පැරණි තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳා ලන්නී
කොල්ලන් කෙල්ලන් පොබයන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී
දස දෙස සුවඳින් බැඳැ ලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී
සිසිර කුමරි පස්‌සට ලන්නී
ගිම් කුමරිට පෙරටු වැ එන්නී
දිනිසුරු කුමරුට අත දෙන්නී
ලොවට මැ මඟුලක් සලසන්නී
අරිසෙන් අහුබුදු
සොබා දහම තරම් රසවත් වූත්, විස්‌මිත වූත් වෙන කිසිවක් නැත. එය සියුම් ව විඳින්නාට එහි රසය හමු වෙයි. එවන් සොබා දහමේ අපූර්ව වූ නිමැවුමකි, වසන්ත කාලය හෙවත් බක් මාසය. බක් මාසය කුමරියක ලෙස ගනිමින් ඇය විසින් ජීව - අජීව ලෝකය සුන්දරත්වයෙන් පිරවෙන ආකාරය 'මඟුල් ගීය' නම් හිසින් යුත් මෙම පැදියෙහි වස්‌තු විෂය වෙයි. සිංහල පද්‍යාවලියෙහි 'හෙළ හවුලේ' ප්‍රතිභාසම්පන්න කවියකු වූ 'අරිසෙන් අහුබුදු' විසින් මෙය පබැඳෙයි. අහුබුදු විසින් 1962 වසරේ දී රචනා කෙරුණු 'පරෙවිය සාමඅස්‌න' කාව්‍ය කෘතියෙන් මෙම නිර්මාණය උපුටාගෙන ඇත.
මඟුල් ගීයෙහි විශේෂත්වය නම්, සොබා දහමේ විචිත්‍රවත් සංසිද්ධීන් ගෙන හැර පාන්නේ ව්‍යංගාර්ථවත් ව හෝ වනිතාර්ථවත් ව වීම ය. මේ, එහි ආරම්භයයි.
''මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී''
වසන්ත කුමරිය හෙවත් බක් මාසයේ කුමරිය විසින් බක් මාසයේ පරිසරය විචිත්‍රවත් කෙරෙන අයුරු මෙසේ කවියා විසින් වනිත කෙරේ. පල බර වූ මේ මාසයේ දී සියලු මල් පිපෙයි. එයින් උත්තේජනය වූ මී මැස්‌සෝ සිය මී වද පැණිවලින් පුරවති. මෙසේ කුරුලු සරින් මිහිරි වූ උද්‍යානයක සිරිය ගෙනෙමින් ලෝකය ලස්‌සන කරවන්නී, වසන්ත කුමරියයි.
බක් මාසයේ නිෂ්පාදනයන් අතර පළතුරුවලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. බක් මහේ කුමරිය විසින් වසත් කල විචිත්‍ර කෙරුමට යොදන ලද උපක්‍රම අප කවියා තවදුරටත් මෙසේ ගෙන හැර දක්‌වයි.
''ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ලා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී
එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැ ලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත පණවන්නී
ගමේ මැ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙතැනැ වවුලූ පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී''
වසත් කල රක්‌ත වර්ණ දඹ පල ඇති වීම 'ජම්බු ගහට රත පෙරවීමක්' ලෙසින් ද, බක් මී ගහේ කසාවත් මල් හට ගැනීම 'කහ ඇන්දීමක්' ලෙසින් ද, ව්‍යංගාර්ථවත් ව භාෂාව පරිහරණය කිරීමකි. එය විචිත්‍ර ය. එරබදු වනාහී බක් මහේ සංකේතයයි. එයින් පරිසරය බබළවයි. එය සිදු කෙරෙන්නේ ද වසත් කුමරිය විසිනි. සැබවින් ම කවියා චිත්තරූප මවමින් පාඨකයා බක් මාසයේ සුන්දරත්වයෙන් පිරෙන ගම්මානයකට කැඳවයි. අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කෙරෙන මේ භාෂා භාවිතය විචිත්‍රය. එසේ ම උචිත ය.
කජු පුහුලන් බක් මහේ පලතුරයි. ඒවා ඉදවන්නී ද වසත් කුමරියයි. කජු පුහුලන් කෑමට රාත්‍රී වවුලන්ගේ පැමිණීම ''සොරුන් බවට වවුලන් ලන්නී'' ලෙසින් යෙදීම කෙතරම් අපූර්ව යෙදුමක් ද? එම සුන්දර සොරකමේ ව්‍යංගාර්ථය නම්, මිහිරි පලතුරෙන් සුසැදි වටපිටාවක් බක් මාසයේ උදා වීමයි. අවුරුදු නිවාඩුවේ ගමේ දරුවන්ගේ සතුට වැඩි වන්නේ මේ හේතුවෙනි. ඔවුනට නිරන්තර ව වැඩ ඇත. සුන්දර ළමා වියේ මිහිරි මතකයට පාඨකයා කැඳවාගෙන යැමට අහුබුදු කවියා මෙහිදී සමත් වී ඇත.
බක් මහේ දී ජීවී පරිසරය ද ප්‍රමුදිත ය. මිනිස් ක්‍රියාකාරකම් ද කවි සිතින් හෙළි කෙරෙන අයුරුයි මේ.
''මල් සර හට හී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳැ ලන්නී
දෙක දෙක එක් කැරැ ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී
වෙන් වූවන් සිත කලඹන්නී
පැරණි තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳා ලන්නී''
බක් මහේ පවතින දේශගුණික තත්ත්වය හේතුවෙන් මිනිසාගේ හිත ද ප්‍රේමණීය බවින් පිරෙයි. එය 'මල්සරාට හී සැපයීමක්'. අප්‍රේල් මාසයේ දී පාරිසරික වෙනස්‌කම් මගින් මිනිසාගේ ගත - සිත ද වෙනස් වන අයුරු ව්‍යංගාර්ථවත් ව කවියා පවසන අයුරු වඩාත් ප්‍රබල ය, ශික්‍ෂණයෙන් හා රසයෙන් ද යුක්‌ත ය. එසේ ම, ලාංකීය සිරිතක් නම්, අවුරුදු කාලයේ දී පැරණි තරහ මරහ අමතක කර, පැරණි බැඳීම් අලුත් කිරීමයි. ඒ මගින් පවුල් අවුල් ද විසඳෙයි. මේ සියල්ල කෙරෙන්නේ පරිසරය විසිනි. එනම්, වසන්ත කුමරිය විසිනි.
ලෝකයේ වෙන කිසිදු ජාතියකට නො මැති ලාංකීය සිංහලයන්ට ම ආවේණික සිරිතක් වෙයි. එනම් එක ම වෙලාවක ආහාර අනුභවයයි. එය ද අප කවියා අමතක කර නැත.
''කොල්ලන් කෙල්ලන් පොබයන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී
දස දෙස සුවඳින් බැඳැ ලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී''
වසත් කල කොලු - කෙලි, තරුණ - තරුණි පක්‍ෂයන්ට පමණක් නො ව, මහල්ලන්ට ද, සිත ජවයෙන්, සතුටින්
පිරවෙන කාලයකි. එබැවින් ලාංකීය සංස්‌කෘතියේ සෑම නිවසක ම බක් මහේ අපූර්ව සිරිය ඇති කෙරෙයි. එහි ප්‍රධානතම කටයුත්තක් නම්, 'අවුරුදු කිරිබත' සැකසීම හා අනුභවයයි. එය ද වසත් කුමරියගේ හපන්කමකි. තව ද, අපේ සංස්‌කෘතියේ 'කුඹුර' ප්‍රධාන ය. අස්‌වැන්න කපා පාගා ගෙන, යළි කුඹුර මඩ කර, වී ඉස ඉස්‌පාසුවක් ගැනීමෙන් පසු බක් මහ සැණකෙළිය ලංකාවාසීහු සමරති. එය ''කුඹුරට ආසිරි සැලසීමක්'' ලෙසින් කවියා දකියි. මේ සියල්ලෙන් ම රට වටේ ට සොම්නස රජයයි. කවියා එය අපූරුවට හෙළි කර ඇත.
උපුටා ගත්තකි . https://divaina.com/sunday/index.php/visheshanga2/9934-2019-05-24-09-23-66
Comments
Post a Comment