දඹදෙණි සාහිත්‍ය යුගය
ඈත අතීතයේදී වට දඹරන් වැස්සකින් සශ්‍රීක වූ හෙයින්, ඒ ප්‍රදේශ දඹදෙණිය වූ බව
ජනප්‍රවාදයේ සඳහන් දඹදෙණිය ක්‍රි.ව. 1232 දී ආරම්භ වූ දඹදෙණි
යුගය දශක 5 කට ආසන්න කාලයක් පුරා
දිවෙයි. මෙම වකවානුව තුළ සිංහල රජ දරුවන් සිව් දෙනකු විසින්
දේශපාලනික,
ආගමික සංස්කෘතික සමාජීය හා සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි දිදුල ආලෝකයෙන් දඹදෙණි
යුගය එකලු කරනු ලැබූහ.
I. තුන්වන විජයබාහු (ක්‍රි.ව. 1232
- 1236)
II. දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 - 1270)
III. සිව්වන විජයබාහු (ක්‍රි.ව. 1270
- 1272)
IV. පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272
- 1284)
ශ්‍රී ලංකා වංශකතාවේ විවිධ යුග අතරින් දඹදෙණි යුගය
විද්වතුන්ගේ වැඩිම අවධානයක් යොමු විය යුතු කාල පරිච්ඡේදයක් බව අපගේ හැඟීමයි. දඹදෙණි යුගය වැඩි
බහුමානයකට බඳුන්වීම නිතැතින් ම සිදුවිය යුතු යැයි අප කියන්නේ, ප්‍රධාන කරුණු දෙකක් පාදක කොට ගෙන ය.
I. කාලිංග මාඝගේ දැඩි ආක්‍රමණයෙන්
බිඳ වැටුණු අනුරපුර, පොළොන්නරු යුගවලින් පසුව
රජ රට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ
දඹදෙණිය කේන්ද්‍රස්ථාන කරගෙන ය.
II. සිංහල සාහිත්‍ය වංශයෙහි
විවිධත්වයෙන් යුතු, විවිධ ශෛලියෙන් යුතු
සාහිත්‍ය කෘති සම්භාරයක් දඹදෙණි යුගයෙහිදී බිහි විය.
බුදුසමය පදනම් කරගෙන අද්විතීය සාහිත්‍ය පුනරුදයක් පැවැති
සමයක් ලෙසින් දඹදෙණි යුගය ඇගයීමට බඳුන් කළ හැකි ය .
I. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වැනි
බණ පොත් නිර්මාණය කිරීම.
II. අලංකාරවාදයේ මුදුන්මල්කඩ
ලෙස සැලකෙන කව්සිළුමිණ මහා කාව්‍ය නිර්මාණය කිරීම.
III. සිදත් සඟරාව වැනි සිංහල
ව්‍යාකරණ බිහිවීම.
IV. එළු සැදැස් ලකුණ වැනි
සිංහල පාලි යන භාෂා ද්වයෙන් ම ඡන්දස් ග්‍රන්ථ ලියැවීම.
V. ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි
සන්න ග්‍රන්ථ සාහිත්‍යයට එක්වීම
VI. ප්‍රයෝගරත්නාවලිය වැනි
වෙද පොත් නිර්මාණය වීම.
VII. හත්ථවනගල්ල විහාර වංශය
වැනි ගද්‍ය පද්‍ය ද්වයෙන් ම සමන්විත චම්පු කාව්‍ය නිර්මාණය වීම.
තුන්වන විජයබාහු රජතුමා
ගෙන් පසු දෙවන පරාක්‍රමබාහු රජ, හතරවන විජයබාහු රජ හා
පළමු බුවනෙකබාහු රජ පිළිවෙළින් එහි රාජ්‍යත්වයට පත් වූහ. දඹදෙනි යුගය සිංහල
සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගයක් සේ සැලකේ.
මාඝ ආක්‍රමණයෙන් පීඩාවට
පත් පොළොන්නරුවේ සියලුම භික්‍ෂුන් වහන්සේලා දඹදෙණියට වැඩමවා ගනු ලැබුහ. තවද බලයට පත් දෙවන පරාක්‍රමබාහු රජතුමා ද විදේශගත වී
සිටි භික්‍ෂුන් ආපසු ගෙන්වා වෙහෙර විහාරස්‌ථාන ඉදි කරමින් විනාශ වූ ඒවා නැවත ප්‍රතිසංස්‌කරණය
කළහ. පිරිවෙන් අධ්‍යාපනය ගොඩනංවමින් ධර්ම ශාස්‌ත්‍රීය මෙහෙවරක
අවශ්‍ය පසුබිම සකස් කරමින් විශාල අනුග්‍රහයක් දැක්‌වූවා. මේ අවදිය සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය සැලකේ ුණය පාදක කොට ගෙන
මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද 'පූජාවලිය' බුදුන් වහන්සේගේ අරහං ග
තවද දේශීය ගැමි
උපමා භාවිත කොට පොදු ජන සමාජයට ඔබින ලෙස ධර්මසේන හිමියන්විසින්රචිත 'සද්ධර්ම රත්නාවලිය'
මෙම යුගයේ සුවිශේෂ
කෘතියක්. ඊට අමතරව විසිරී පැවති
බෞද්ධ කථා රාශියක් එක්‌තැන් කරමින් වේදේහ හිමියන් විසින් රචිත 'රසවාහිනිය'ද වාචීස්සර හිමි
ලීලන්තදීපනය, සච්චසන්කේප සිංහල සන්නස,
පාලි ථූප වංශය, විනිශ්ච්‍ය ටීකාව,
සීමාලංකාර සංග්‍රහය ද
මයුරාපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් යෝගාර්නවය, පූජාවලිය ආනන්ද වනරතන
හිමියන් විසින් පාලි ව්‍යාකරණ සිංහල සන්නස ආදියෙන් සාහිතය පෝෂනය විම වැදගත් වෙනවා.
සිංහල ව්‍යාකරණය පිළිබඳ
අපට හමුවන පැරණිම ග්‍රන්ථය වන වේදේහ හිමියන් විසින් රචිත 'සිදත් සඟරාව
ලියෑවෙන්නෙත් මේ යුගයේදී. පාලි භාෂාවේ දියුණුව
පිළිබඳ සඳහන් කිරීමේදී සංඝරක්‌ත මා හිමි සහ දිඹුලාගල මේධංකර හිමියන් එක්‌ව සම්පාදනය කළ දඹදෙණි කථිකාවත 'ප්‍රයෝග සිද්ධි' නම් පාලි ග්‍රන්ථයත්,
සංස්‌කෘත භාෂාවේ දියුණුව
පිළිබඳ සඳහන් කිරීමේදී අනෝමදස්‌සි හිමියන් විසින් රචිත 'දෛවඥ කාමෙනුව' වැදගත්වේ. ගද්‍ය සාහිත්‍යයේ ස්‌වර්ණමය
යුගය සැලකේ.
කාව්‍ය, ව්‍යාකරණ, ජ්‍යොතිෂ්‍ය, වෛද්‍ය විද්‍යාව,
කාව්‍ය අලංකාර, ආදී විවිධ ලෞකික විෂය ක්‍ෂේත්‍රයන්ට
අදාළ කෘතිද සම්පාදනය වී තිබීම දඹදෙණි සාහිත්‍ය යුගය තුළ කැපී පෙනෙන ලක්‍ෂණයක්.
වර්තමානයේ තුන්වන
විජයබාහු රජතුමා විසින් කරවන ලද විජයසුන්දරාරාමය අද ද දක්නට ඇතත්, දඹදෙණිය රාජධානිය නම්
හඳුනා ගත හැක්කේ නටබුන්වලින් පමනය. ක්‍රිස්තු වර්‍ෂ 1272දී පළමුවන බුවනෙකබාහු
රජතුමා තම රාජධානිය යාපහුවට ගෙන යාම දඹදෙණි යුගයේ අවසානය විය.
Comments
Post a Comment