කේ. ජයතිලක
කේ. ජයතිලක
Born
in Kannimahara, Sri Lanka
January
01, 1926
Genre
කේ ජයතිලක
(උපත 1926. කලු එක්සිගේ ජයතිලක) සිංහල නවකතා කරුවෙක්
හා සාහිත්‍ය විචාරකයෙකි.ඔහු ශ්‍රි ලංකාවේ කන්නිමහර දී උපත ලද අතර මහගම සේකර සමඟ
එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබු ඔහු ගේ සමකාලීනෙයකි. ඔහු සුමනා ජයතිලක සමග විවාහ
විය.
කෘතීන් ·
පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත
පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත
කේ. ජයතිලක
කිරිඳිවැල කන්නිමහර දී
උපන් ඒ මහතා මිය යන විට 85 (14 September 2011) වන වියේ පසු විය. 1943 වසරේ දී ලේඛනයට
පිවිසි ජයතිලකයන් මිය යන විට ලියා තිබූ නවකතා ගණන 18කි. කෙටි කතා සංග‍්‍රහ 8ක් ද ජයතිලකයන් පළ කර තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්
ශාස්ත‍්‍රවේදී උපාධිය හිමි කරගත් ජයතිලකයන් හත් වතාවක් සාහිත්‍ය සම්මාන හිමිකර
ගෙන තිබේ.
පරාජිතයෝ, චරිත තුනක්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු, අප්‍රසන්න කතාව, අධිෂඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ ප්‍රේම කතාවක්, එකගේ අවුරුද්ද, වජිර පබ්බත ජයතිලකයන් සිංහල සාහිත කෙතට තිළිණ කළ නිර්මාණ කිහිපයකි. 1926 ජූනි 27 වෙනි දින ගම්පහ කන්නිමහර උපන් කළුඅච්චිගමගේ ජයතිලක සමුගන්නා විට 86 වැනි වියේ පසුවිය. 1943 දී ‘වියෝ දසුන’ නම් කාව්‍ය සංග‍්‍රහයකින් සාහිත්‍ය කරළියට පැමිණි ජයතිලක මහතා පසුව මහගම සේකර සමග ලියූ ‘ව්‍යාංගා’ කෘතිය සමග පාඨක විචාරක අවධානය දිනා ගත්තේ ය. ප‍්‍රදීප පොත් ප‍්‍රකාශකයෝ නමින් තමන්ගේ ම ප‍්‍රකාශන ආයතනයක් ආරම්භ කළ කේ. ජයතිලකයන් නවකතා 16ක්ද කෙටි කතා සංග‍්‍රහයන් 8ක්ද විචාර ග‍්‍රන්ථ 9ක් ද සිංහල හා ඉංග‍්‍රීසි ළමා ග‍්‍රන්ථ රැුසක් ද නිර්මාණය කර තිබේ. පරාජිතයෝ, චරිත තුනක්, පුංචි පැළේ ගසවෙනා, පුංචි පැළේ ගස වෙනා පණස් වසරක මතක සටහන්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු, අප‍්‍රසන්න කතාවක්, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ පේ‍්‍රම කතාවක්, එකගෙයි අවුරුද්ද, වජිර පබ්බත, අතීරණය සහ තවත් කතා, පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා, මී අඹ, මතු සම්බන්ධයි, පරාජිතයෝ වැනි කෘති ඔහුගේ නිර්මාණ චාරිකාවේ දී හෙළ සාහිත්‍යයට දායාද කර තිබේ. සිංහල කතා කලාවේ විකාසනය සහ තවත් ලිපි, වර්ණය ඡුන්දය හා මනාපය, කව්සිළුමිණ මහා කාව්‍යය, මයුර සන්දේශය විමර්ශන සාහිත්‍ය වැනි විචාර ග‍්‍රන්ථ ද සිංහලයේ ආරම්භය හා අවසානය, බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට හා දර්ශනවාද අසබඩ නම් දාර්ශනික කෘතීන් ද සේන සහ සීතා, ඉරුණු බළලා, ටොර්න් කැටි, ඔරලෝසුවා ටයිම් පීස්, ඩිංගිරි, ඉස්සරහා බලන්නෝ සිංහල හා ඉංග‍්‍රීසි ළමා සාහිත්‍ය කෘති 12ක් ද ඔහු අතින් රචනා වී තිබේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් පිදුම් ලද ජයතිලක සූරීන්ගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් ‘සාහිත්‍ය රත්න’ රාජ්‍ය සම්මානයද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපාධිය ද පිරිනැමීය.
text/plain k_jayathilaka.txt UTF-8 Unicode text, with very
long lines
කේ. ජයතිලක මහ ගත්කරු
පරපුරේ සිටි අවසන් ප‍්‍රාඥයා ‘ජයතිලක මහත්තයා’
උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස් - http://www.lankaenews.com/Sinhala/
මහ ගත්කරු පරපුරේ සිටි අවසන් ප‍්‍රාඥයා ‘ජයතිලක මහත්තයා’ සමුගනී: අවසන් කටයුතු රාජ්‍ය අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකාවේ මහ ගත්කරු පරපුරේ සිටි අවසන් ප‍්‍රාඥයා ලෙස සැලකූ ‘ජයතිලක මහත්තයා’යි ලෙන්ගතු ආමන්ත‍්‍රනයෙන් හැඳින්වූ කේ.ජයතිලක මහතා ඊයේ සවස අභාවප‍්‍රාප්ත විය. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඔහු අවසන් හුස්ම හෙළීය. ජයතිලක සූරීන්ගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්වෙන බව අවමඟුල් කමිටුව පවසයි. කේ. ජයතිලක සූරීන්ගේ දේහය අද (15* පෙරවරුවේ බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ සිට රදාවාන කන්නිමහර පිහිටි ඒ මහතාගේ මහගෙදර වෙත රිය පෙරහැරකින් රැුගෙන ගියේ ය. දේහයට ගෞරව දැක්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා, හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඒ.වී. සුරවීර මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් විමල් රූබසිංහ මහතා සමග සාහිත්‍යවේදීන් හා කලාකරුවන් ද පොත් ප‍්‍රකාශක සංගමයේ නිලධාරීන් ද ජයතිලක මහතාගේ පවුලේ ඥාති හිතමිත‍්‍රාදීහු ද එක් ව සිටියහ. ජයතිලක මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු ඒ මහතාගේ අවසාන කැමැත්ත පරිදි සිදු කිරීමට නියමිත ය. ඒ අනුව ඒ මහතාගේ මහගෙදර වන රදාවාන, කන්නිමහර පිහිටි ජයතිලක අසපුවෙහි දේහය මහජන ගෞරවය පිණිස තැන්පත් කර තබනු ඇත. වැලිවේරිය හරහා රදාවානට පැමිණ රදාවාන කිරිඳිවැල පාරේ රදාවාන පන්සල අසලින් හැරී ජයතිලක අසපුව කරා ළඟා විය හැකි ය. රදාවානේ සිට නිවස දක්වා ප‍්‍රවාහන පහසුකම් සැලසීමට ද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මගින් කටයුතු යොදන බව පැවසේ. ලබන ඉරිදා (18* පස්වරු 2.00ට ආදාහන උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ. 1926 ජූනි 27 වෙනි දින ගම්පහ කන්නිමහර උපන් කළුඅච්චිගමගේ ජයතිලක සමුගන්නා විට 86 වැනි වියේ පසුවිය. 1943 දී ‘වියෝ දසුන’ නම් කාව්‍ය සංග‍්‍රහයකින් සාහිත්‍ය කරළියට පැමිණි ජයතිලක මහතා පසුව මහගම සේකර සමග ලියූ ‘ව්‍යාංගා’ කෘතිය සමග පාඨක විචාරක අවධානය දිනා ගත්තේ ය. ප‍්‍රදීප පොත් ප‍්‍රකාශකයෝ නමින් තමන්ගේ ම ප‍්‍රකාශන ආයතනයක් ආරම්භ කළ කේ. ජයතිලකයන් නවකතා 16ක්ද කෙටි කතා සංග‍්‍රහයන් 8ක්ද විචාර ග‍්‍රන්ථ 9ක් ද සිංහල හා ඉංග‍්‍රීසි ළමා ග‍්‍රන්ථ රැුසක් ද නිර්මාණය කර තිබේ. පරාජිතයෝ, චරිත තුනක්, පුංචි පැළේ ගසවෙනා, පුංචි පැළේ ගස වෙනා පණස් වසරක මතක සටහන්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු, අප‍්‍රසන්න කතාවක්, අධිෂ්ඨානය, කාලෝ අයන්තේ, මායා මාලිගය, මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක්, මහල්ලකුගේ පේ‍්‍රම කතාවක්, එකගෙයි අවුරුද්ද, වජිර පබ්බත, අතීරණය සහ තවත් කතා, පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා, මී අඹ, මතු සම්බන්ධයි, පරාජිතයෝ වැනි කෘති ඔහුගේ නිර්මාණ චාරිකාවේ දී හෙළ සාහිත්‍යයට දායාද කර තිබේ. සිංහල කතා කලාවේ විකාසනය සහ තවත් ලිපි, වර්ණය ඡුන්දය හා මනාපය, කව්සිළුමිණ මහා කාව්‍යය, මයුර සන්දේශය විමර්ශන සාහිත්‍ය වැනි විචාර ග‍්‍රන්ථ ද සිංහලයේ ආරම්භය හා අවසානය, බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට හා දර්ශනවාද අසබඩ නම් දාර්ශනික කෘතීන් ද සේන සහ සීතා, ඉරුණු බළලා, ටොර්න් කැටි, ඔරලෝසුවා ටයිම් පීස්, ඩිංගිරි, ඉස්සරහා බලන්නෝ සිංහල හා ඉංග‍්‍රීසි ළමා සාහිත්‍ය කෘති 12ක් ද ඔහු අතින් රචනා වී තිබේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් පිදුම් ලද ජයතිලක සූරීන්ගේ භාෂා සාහිත්‍ය සේවාව අගයමින් ‘සාහිත්‍ය රත්න’ රාජ්‍ය සම්මානයද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපාධිය ද පිරිනැමීය. මුදල් දී හෝ රටම විකුණා හෝ ලබා ගන්නා ආචාර්ය උපාධිවලින් සැරසෙන හිස් මිනිසුන් අතර ජයතිලක මහතා තමා වෙත ලැබුණු සාහිත්‍ය ශූරී, ආචාර්ය ආදී නාමයන් කිසිදු මොහොතක භාවිතා නොකළ සැබෑ නිහතමානී ප‍්‍රාඥයෙක් විය. කොග්ගල මහා ප‍්‍රාඥයා ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික‍්‍රමසිංහ ශූරින්ගෙන් පසු එ් පරපුරේ අවසන් ප‍්‍රාඥයා ලෙස කටපුරා හැඳින්විය හැකි කේ.ජයතිලක ශූරීන්ගේ වියෝව ශ‍්‍රී ලංකා සාහිත්‍ය ක්ෂේත‍්‍රයට බලවත් ලෙස දැනෙනු ඇත. කේ. ජයතිලකයන්ගේ බිරිඳ වන්නේ ප‍්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මියයි. ඔහුට දරුවන් සිවුදෙනෙකි. (පොත් නාමාවලිය සහ සේයාරුව ලබා දුන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ස්තූතිය) ලංකා ඊ නිව්ස් -2011.සැප්.15, පෙ.ව.7.10
text/plain k_jayathilaka_maha_gathkaru.txt UTF-8 Unicode
text, with very long lines
කේ. ජයතිලක – “අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු”
උපුටා ගැනීම - 2011 සැප්තැම්බර් මස 18
09:52:47 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
මෙරට සාහිත්‍ය කෙත සරු අස්වැන්නකින් පෝෂණය කිරීමට මුළු දිවිය කැප කළ කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියාණෝ පසුගියදා අප අතුරින් සමුගෙන ගියහ. නවකතාව, කෙටිකතාව ළමා සාහිත්‍යය මතු නොව සාහිත්‍ය විචාර කලාව වෙනුවෙන් කේ. ජයතිලකයන් දැක්වූ ප‍්‍රබල දායකත්වය මෙරට සමාජයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපනය කරන්නකි. 1943 දී ”වියෝ දසුන” නම් කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි කේ. ජයතිලක මහතා එතැන් සිට මේ දක්වා රචනා කළ බොහෝ කෘතිවලින් අපට කියා දුන්නේ ජීවිතයයි. පුංචි රාළගේ මරණය, රාජපක්ෂ වලව්ව, පුංචි රාළ, මායා මාළිගා, පිතා මහ, චරිත තුනක්, පියා සහ පුත්තු, අප‍්‍රසන්න කතාවක්, අර්ධ නවකතාවක්, මහල්ලෙකුගේ පේ‍්‍රමකතාව, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, කාලො අයංතේ, පරාජිතයෝ වැනි නවකතාද නොනිමි සිත්තම, අතීරණය, වජිර පබ්බත, එකගෙයි අවුරුද්ද, කටු සහ මල් වැනි කෙටිකතා සංග‍්‍රහද ඒ අතුරින් මෙරට රසික සාමජයට කිසිදා අමතක නොවනු ඇත. බර අඩි තබා සමාජය ඉදිරියෙන් ගමන් කොට ජනතාවට මඟ සළකුණු කළ දැවැන්ත නිර්මාණ කායක් ප‍්‍රදර්ශනය කළ කේ. ජයතිලක ශූරීන් පවත්නා සමාජ දේශපාලන තත්ත්වය මැනැවින් විමර්ශනය කළ අතර ඔහු සතුව පැවැති සමාජ නිරීක්ෂණය මොනතරම් ඉසියුම් එකක් දැයි පුංචි රාළ චරිත තුනක් වැනි නවකතා කියවන පාඨකයාට මැනැවින් ඒත්තු යනු ඇත. ඔහුගේ දැවැන්ත නිර්මාණ කාය තුළින් ප‍්‍රදර්ශනය වූ අනෙක් සුවිශේෂී කාරණය වූයේ භාෂාව හා සංස්කෘතිය කෙරෙහි ඔහු සතුව පැවැති ඇල්ම බැල්මය. ලේඛණ ව්‍යවහාරය වෙනුවට සංස්කරණයෙන් තොර කටවහර පොත පතට ගලපා ගැනීම හැම විටම කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය. කට වහර නිර්මාණයක් කිරීමට තබා දැන්වීම් පුවරුවක් ලිවීමටවත් ඒ හැටියෙන්ම භාවිත කළ නොහැකි බව ඔහු ප‍්‍රකාශ කළේය. කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණන් විශිෂ්ට නවකතාකරුවකු කෙටිකතාකරුවකු ලෙස ප‍්‍රකට වෙතත් ඒ සියල්ල තුළින් මතුව එන දැවැන්ත ප‍්‍රතිරූපයක් තිබේ. එනම් විශිෂ්ට චින්තකයකුගේ මතුවීමයි. දර්ශනවාද අසබඩින්, බුද්ධ චරිතයෙන්, බුද්ධ චරිතයට, කුදුහොත් රචනා, නිරිබත, සංකල්පන, අත්පසුරු වැනි කෘතිවලින් ඒ බව මනාව කියාපායි. සමාජ මතවාද සියල්ල කිරා මැන ඒවායේ සාධාරණ අසාධාරණකම් ජයතිලක මහතා විමසා බැලූවේත් ඒ සියල්ල මැද තම මතය අදීනව ඉදිරිපත් කොට සිටියේත් මධ්‍යස්ථ පිළිවෙතක පිහිටාය. ඇතැම් ආගමික සංකල්පවලට නූතනයේ ලබාදී ඇති හැඩරුව ඔහු ඉතාමත් පරිස්සමින් ලිහා ජනතාවට අවබෝධ කරදීමට වෙහෙස වූ සැටි අපට සිහිපත් කළ හැකිය. ඔහු වරින් වර ලියා පළ කළ කෙටි ගද්‍ය රචනා නිර්මාණ (මේවා කවියැයි හඳුන්වනවාට ජයතිලක මහතා කැමැත්තක් නොදැක්වීය) බොහොමයකින් අප මුලින් දැක්වූ විශිෂ්ට චින්තකයකුගේ රූප කාය මැනැවින් මතුව එන්නට විය. ඒවා කෙටි ගද්‍ය රචනා වුවත් එයින් මතුවන චින්තන දහරාව සුළු පටු නොවේ. මේ ”සංකල්පන” කෘතියට ඔහු ලියන එවැනි නිර්මාණයකි ”ගිය අවුරුද්දේ වපුරන්නට තිබූ බීජ රාශිය එදා නොවපුලෙමි දැන් මට ඉතා හොඳ පොළොවක් ඉතා හොඳ දේශගුණයක් ලැබී ඇත ඒ බිමෙහි ඉතා හොඳ පොහොර යොදා ඒ බීජ වපුළෙමි නිසි ලෙස ජලය ඉස්සෙමි ඒත් ඒවා පුරෝහණය නොවීය. සම්පත් ඕනෑ තරම් තිබියදී අවස්ථාව අපතේ හැරීමෙන් අප ලබන පරාජය මොනතරම්ද යන වග ඉසියුම්ව පාඨකගත කරන ආකාරයත් මෙහි දැනේ. චින්තනීය වශයෙන් පොහොසත් එවැනි කෙටි ගද්‍ය රචනා සහිත නිර්මාණ කෘති කිහිපයක්ම ජීවිතයේ සැඳෑ සමයේදී පවා රචනා කරමින් ජයතිලක මහතා කියා සිටියේ දීර්ඝ වශයෙන් ලිවීම වෙහෙසකර වූ තැන එවැනි කෙටි නිර්මාණ කළ බවයි. එහෙත් ඒවායින් ධ්වනිතවන චින්තනීය සංකල්ප කිසි විටෙක ලඝු නොවීය. කේ. ජයතිලක මහතා අප අතුරින් වියෝවුවත් ඔහු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවකු බව අවධාරණය කළ හැක්කේ ඔහු මෙරට සාහිත්‍යයේ තීරණාත්මක යුගයක නියෝජනයක් වූ බැවිනි. ස්වෝත්සාහයෙන්ම නැගී සිටිමින් පියවරින් පියවර තම නිර්මාණ කාර්යය පොහොසත් කරගත් ජයතිලක මහතාගෙන් මෙරට වත්මනේ මෙන්ම අනාගත සාහිත්‍යකරුවන්ටත් විචාරකයන්ටත් ලබා ගත හැකි ආදර්ශ බොහොමයකි. ඇතැම් කලාකරුවන් විවිධ වාසි තකා දේශපාලකයන් පසුපස යද්දී, ඔවුන් කියන කරන ඕනෑම දෙයක් අනුමත කරද්දී කේ. ජයතිලක ලේඛකයාණෝ කිසි විටෙකත් දේශපාලකයන් පසුපස නොගියහ. ඒ වෙනුවට ඔහු හැමවිටම පාහේ සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු තදින් විශ්වාස කළ එක් කරුණක් වෙයි. එනම් ලේඛනය, සාහිත්‍ය නිර්මාණකරණය යනු ආශ්චර්යයෙන් කෙටි මාර්ගවලින් පාදාගත හැකි දෙයක් නොවන බවය. ස්ථිර නිවහනක් නොමැතිව පයින් පාරේ ඔබ මොබ යන තැනැත්තා ඊළඟ සතියේ ලොතරැයි දිනුමකින් මෝටර් රථයක සුවිසල් මන්දිරයක හිමිකාරයකු විය හැකි වුවත් හෝ සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණයකින් පසු දේශපාලකයකු වන්නට හැකි වුවත් එවැනි කෙටි මාර්ග කිසිවකින් ලේඛකයකු විය නොහැකි බව ජයතිලක මහතා හැම විටම පාහේ අවධාරණය කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය රත්න, සාහිත්‍යශූරී ආදි සම්මාන හා උපාධි ආදියෙන් එතුමා පිදුම් ලැබුවේ ඔහු තම දිවිය ලේඛනය වෙනුවෙන්ම කැප කිරීමට බුහුමන් පිණිසය. ඒ අතර රසික-පාඨක ජනතාවගෙන් ජයතිලක මහතා ලද ගෞරවය, බුහුමන මේ සියලූ සම්මාන අභිබවා යන බව නොකියාම බැරිය. වී කරල කිරි වදින විට බිමට නැමෙන්නේ යම් සේද තමා ලේඛකයකු, විචාරකයකු, චින්තකයකු ලෙස ජන ගරු බුහුමනට ලක්වන විට ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණෝ සැබැවින්ම නිරහන්කාර වූහ. ඔහු තම නිර්මාණකාය විශාල අතුපතර විහිදුවාලූ කල අක්මුල් සිඳ නොගත්තේය. තම ලේඛනය පෝෂණය වීමට බොහෝ ධෛර්යය සැපයූ කිරිඳිවැල කන්නිමහර අමතක කළේ නැත. ඔහු තම නිවෙස දුවා දරුවන්ට පාඨකයන්ට මහත් අත්වැලක් සපයන පුස්තකාලයකට පිරිනැමුවේ ලේඛකයකුගේ අද්විතීය භූමිකාව නිරූපනය කරමින්ය. ඔහු ගමට කෙතරම් ළෙංගතු මුල අමතක නොවන සොඳුරු මිනිසකුද යන වග ඔහුගේ රචනා කියැවීමෙන් සාධනය වනු ඇත. ජයතිලකයන් පිිළිබඳ මේ අසම්පූර්ණ කෙටි සටහන නිමවීමට පෙර ඔහු ”දින සටහන්” කෘතියට ගම ගැන ලියා ඇති සටහනක් උපුටා දක්වනු කැමැත්තෙමි. ”අද අපි ගමට ගියෙමු. ලංකාවේ කිසිම තැනකදී නොදැනෙන නිදහසක් හා සුවයක් ගෙරදී දැනෙයි. කිඹුල්වත් පුරය දෙසින් හමන සුළඟත් සුවදායක බව බුදුහුද පවසා ඇත. කෙනකුගේ ළමා කාලය කොතෙක් ආස්වාදය කළත් නිමාවට පත් නොවන කොටසකි. එමෙන්ම ඒ පිළිබඳ මතකයද ලේසියෙන් මැකී යන්නක් නොවේ. මා ලියා ඇති බොහෝ නිර්මාණාත්මක කෘතීන්ට ආභාසය ලබා ඇත්තේ බාල කාලයෙනුත් ඒ බාල කාලය ගත කළ ගමෙනුත්ය. ඒවාට ජීව ගුණය සපයන ලද්දේ මේ ගෙදර, මේ වතුපිටි, මේ ඇළ දොළ, කුඹුරු ගහකොළ විසින් නොවේද?” දින සටහන්- කේ. ජයතිලක කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය වේදියාණනි. ඔබට නිවන් සුව!
ජයතිලකයන්ගේ ලෝකයේ චරිත තුනක්
|
ඔබත් මාත් කියවා ඇති
විවිධ කවි, කතන්දර අතර කොතරම් නම්
චරිත ප්‍රමාණයක් අප ඇසුරු කර ඇද්ද? ඒ අතර සිතේ නො මැකෙන චරිත තුනක් ලෙස ඉසාත්, සනාත්, රංජිතුත් ඔබ හොඳින් හඳුනනවා ඇති. ඒ ප්‍රතිභාපූර්ණ ලේඛක කේ. ජයතිලකයන්ගේ ‘චරිත තුනක්’ හි එන ප්‍රධාන චරිත
තුනයි. එක ම පවුලක වූවත්
එකිනෙකට පරස්පර ගතිගුණයන්ගෙන් සමෝපේත මේ චරිත වත්මන් සමාජයට ද නුහුරු යැයි නොසිතේ. අද අර්ධ ශතක වයස් පූරණය කළ පුද්ගලයන්ගේ ළමාවිය අද ළමා වියට සුරංගනා කතාවක්
සේ පෙනෙන තරමට සමාජය වෙනස් වී ඇත.
තමන්ගේ බාල සොයුරු
සොයුරියන් උදෙසා තම අධ්‍යාපනය විවාහය, විනෝදය, නිදහස ආදී සියල්ල කැප කළ
වැඩිමහල් සොයුරු සොයුරියන් වර්තමානයේ විරල චරිත වුවත් අතීත ගැමි සමාජයේ දස දොළොස්
දෙනකුගෙන් යුතු පවුල් පරිසරයන්හි සුලබ දසුනක් විය. වැඩිමහල් සොයුරු
සොයුරියන් පවුලේ ජීවන බර කරට ගෙන සියල්ල කැප කරන විට බාල සොයුරු සොයුරියන් ඒ
සියල්ල දිය කරන අවස්ථාත් අවසානයේ වැඩි මහලුවන් සතු දේ පවා කොල්ල කන ආකාරයත් ඒ
අබිමුවේ වැඩිමහල්ලන් බාලයන් තවමත් දණ බඩගාන ළදරුවන් යැයි සිතා සිටින ආකාරයත් තවදුරටත් ශේෂ ව පවතී. චරිත තුනක් නවකතාව
කියාපාන්නේ අදටත් අප දකින එබඳු සිදුවීමකි.
මෙසේ එකම පවුලක
මෙවැන්නක් සිදුවන්නේ ඇයි? කේ. ජයතිලකයන් පවසන ආකාරයට “වැඩිමලා සෙල්ලක්කාරයකු
නැතහොත් ලෝභියකු වුවහොත් ඉන් තැලෙන්නේ, පොඩිවන්නේ බාලයා ය. එවිට ඔහු බිය ගුල්ලකු
නොවේ නම් විප්ලව කාරයෙක්, එනම් චණ්ඩියෙක් වෙයි. වැඩිමහල් සහෝදරයා
යුතුකම් ඉටු කරන කල්හිත් වැරදි වැටහීම් හේතු කොටගෙන මෙසේ වීමට ඉඩ තිබේ. ප්‍රචණ්ඩභාවය උගත් කමෙන් මර්දනය වුවහොත් විකර්ෂණීය
පැවතුම් ඇත්තකු වීමට අවකාශ ඇත.” කතුවරයා චරිත තුනක්
ලියන්නේ ඒ මත පිහිටා ය.
කළුඅච්චිගමගේ ජයතිලක
හෙවත් කේ. ජයතිලකයන්ගේ චරිත
පිරික්සන බොහෝ දෙනා චරිත තුනක් හි එන ඉසා ඔහුම යයි කියනු ඇත. ඉසා ද,
කේ. ජයතිලකයන් ද අද සැබෑ
ලෝකයේ නැත. එහෙත් ඉසාටත් වඩා කේ.
ජයතිලකයන් අපේ හදවත් තුළ
වසන්නේ ය. ලලිතාට පෙම් බඳින ඉසා අවිවාහකයෙකි. සුමනා නම් තුරුණු යුවතියට පෙම් බඳින කේ. ජයතිලකයන් විවාහකයෙකි. කලක් සුමනා නැන්දා යැයි දරුවන් වූ අපගේ සෙනෙහසට පාත්‍ර
වූ ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය නම් වූ කේ. ජයතිලකයන්ගේ පාද පරිචාරිකාව සොයා ගියෙමි.
1954 සිට ඈ ජයතිලකයන් හා ගෙවූ
දිවියේ දී ඇයට ඉසාත්, සනාත්, රංජිතුත් මුණ ගැසුණි. නවකතාවේ එන පොල්පැළ කපා
දැමීමේ සිද්ධියට සම්බන්ධ පුවතේ නටඹුන් පසුකාලීනව ඈ සියැසින් දැක බලා ගත්තී ය. ඇගේ අත්දැකීම් හා දැනුම්වත් භාවයත් කේ. ජයතිලකයන්ගේ ම ආත්ම ප්‍රකාශනයක් වූ පුංචි පුංචි නුවණිනා
කෘතියත් මේ චරිත ත්‍රිත්වයේ ලෝකයට කේ.
ජයතිලකයන්ගේ ලෝකය
ගැළපීමට ඉවහල් විය.
දරුවන් සත් දෙනකුගෙන්
යුතු (කුඩා කල මිය ගිය දෙදෙනකු
හැර) පවුලක වැඩිමහල් දරුවා වූ කේ. ජයතිලකයන් ගේ ලෝකය වූයේ සිය පවුලයි. පියාගේ ගම වූ කන්නිමහර ග්‍රාමයේ පදිංචි ව සිටි ඔහුගේ
බොහෝ නිර්මාණවලට පාදක වන ස්ථාන හා ග්‍රාම නාමවන්නේ ද මේ ප්‍රදේශයම ය. කහටගහලියද්ද, පින්වත්ත, බතලවත්ත, පුවක්වත්ත, පඹහේන, කිතුල කන්ද, අල්ලිය වත්ත ආදිය ඒ අතර
වේ. එහෙත් චරිත තුනක් හි එන
කෝකිලාන පමණක් එතුමාගේ නිර්මාණාත්මක ග්‍රාම නාමයකියි එතුමා ම පවසා සිටී.
පවුලේ වැඩිමහල් දරුවා වූ
ජයතිලකයන්ට පවුලේ බර කරට ගැනීමට සිදුවීමත් අනෙක් දරුවන්ට මෙන් ආදර කරුණාව
නොලැබීමත් සිදුවූයේ දෛවෝපගතව නොව සමාජගත චාරිත්‍රයක් ලෙස යැයි සිතේ. එයින් ජයතිලකයන් තුළ යම්
සාංකාවක් ඇති වුව ද ඔහු කෙරෙන් වෛරය පළිගැනීම, දාමරිකත්වය හෝ අකර්මණ්‍යතාවය
යන කිසිවක් නොව මතු වී ආවේ රටක් සනහාලන විශිෂ්ට නිර්මාණයෝ ය. ජයතිලකයන්ගේ ආත්ම ප්‍රකාශනයට අනුව “මගේ ලෝකය අපේ ගෙදරටත්,
ගෙදර අයටත් සීමා විය. ලෙඩක් දුකක් ආපදාවක් ඇති
වූ විටෙක විනා මේ ලෝකයෙන් මට එතරම් ආදර කරුණාවක් ලැබුණේ නැත.”
පුංචි පුංචි නුවණිනා
මෙය ඉසාගේ ලෝකයට ද පොදු
බව පෙනේ. “තාත්තා අපට නම් කියා කතා
කරනවා විනා ‘පුතේ’ ‘දුවේ’ කියා ඇමතුවේ නැත.
ඔහුගේ පියාත් ඔහුට එසේ කතා කර නැත. ඒ පරම්පරාගත පුරුද්දලු. අසනීප වී ඒක දිගට කෙඳීරිගාන දිනක “අනේ පුතේ කෙඳිරිගාන්ට
එපා” යැයි මා කරපින්නාගෙන
සිටින අතර ඔහු මට කීය. එවේලේ මගේ දෑසින් සතුටු
කඳුළු ගලා අවුත් ඔහුගේ පිට මැද පතිත විය.
අසනීපය ද අඩක් සුව
වූවාක් මෙන් හැඟී ගියේ ය.”
සැබැවින් ම කේ. ජයතිලකයන්ගේ පියා හා
ඉසාලා ගේ පියා අතර තවත් සමානකම් සුමනා ජයතිලක මහත්මිය ද දැක ඇත.
“කෝ සනා මේ ගෙයි තිබුණ
කුට්ටම?”
ඉසාගේ පියා මේ සොයන්නේ
සෙල්ලම් කාඩ් කුට්ටම ය.
ඉත්ථි ධුත්තෝ සුරා
ධුත්තෝ - අක්ඛ ධුත්තෝච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේනි - තං පරාභවතෝ මුඛං
බුද්ධ දේශනාව අනුව සූදුව,
දූ කෙළිය පරාභවයට
හේතුවකි. එහෙත් නවකතාවේ මේ පියා
පරිහානිගත චරිතයක් නොව එය ඔහුගේ එක් ලුහුඬුතාවක් පමණි. ජයතිලකයන්ගේ පියා ද කාඩ් කුට්ටම් සෙල්ලම ප්‍රිය කළ අයෙකි. එහෙත් ඔහු නිරන්තරයෙන් පොතපත ද ඇසුරු කළ දරුවන් ද පොතපතට
යොමු කළ පියෙක්.
පවුලේ වැඩිමහල් දරුවාට
සියලු කටයුතු කිරීමට සිදු වුව ද නිවසේ වැඩි ආදර කරුණාව බාල දරුවන් කෙරේ යොමු වීම
බොහෝ විට දක්නට ලැබෙන්නකි. ජයතිලකයන්ගේ නිවසේ ද මේ
තත්ත්වය තිබුණි. විටෙක ඔහුට දෙමාපියන් පිළිබඳ කලකිරීම් ඇති වුව ද එයට ඒ
තරම් ආයුෂ තිබුණේ නැත.
ඉසාගේ නිවසේ ද තාත්තා
නිවසින් පිටව යනවිට ඒ ගමනට එක් කරගත්තේ සනා ය. බුලත් වගාව සඳහා බුලත්
දළු ගෙන ඒමට යාමට ඇත. එහි ඇඳගෙන යාමට සනාට සරමකුත් බැනියමකුත් නැත. අපුල්ලන නිවසින් සනාට ඇඳුම් දීමට ද අකමැති වන්නේ ඔහු පෙර
අවස්ථාවල ඇඳුම්වල කහට පැල්ලම් ඇති කරගෙන තිබූ බැවිනි. ඉසාගේ සරම පෙර දින දී
අපුල්ලාගෙන ඇවිත් තිබුණි. ඔහුට මෙවර පියා සමඟ
බුලත් දලු ගෙන ඒමට යා හැකි ය. ඉසාට සනා ගමනක් ගොස්
දුටු දෑ කියන ආකාරයෙන් ගෙදර විත් විස්තර වාර්තා කළ හැකි ය. “මගෙ සරම නම් ඊයෙ අපුල්ලල
ගෙනත් තිබුණා. කමිසයක් විතරක් ඉල්ල
ගත්තොත් මට පුළුවන් එන්න.”
“එහෙනං ඒක සනාට දීපිය. තෝ ගිහින් කොහොමද මෙතන
හරකෙක්වත් බඳින්නෙ?” තාත්තා කීය.
ජයතිලකයන් ම පවසන ආකාරයට
මේ චරිත තුනෙහි පදනම් චරිත ලෙස තෝරාගත්තේ පිරිමි පස් දෙනකුගෙන් යුතු පවුලක
තිදෙනෙකි. එහෙත් ඒ චරිතයන්හි
මදිපාඩු උදෙසා අනෙක් චරිතයන්හි ඇතැම් උපාංගයන් ද උපුටාගෙන ඇත. එමෙන් ම අවට ලෝකයේ චරිතවල ලක්ෂණ ද ඒ අතර මුසු වී ඇත. ඉසාගේ චරිතය පදනම් චරිත තුනකිනුත් රංජිත් පදනම් චරිත
දෙකකිනුත් සමන්විත ය. ජයතිලකයන්ගේ පියාගේ පාර්ශ්වයේ හොඳින් උගත් පාසල් ගුරුවරු
කීප දෙනකු සිටි අතර රංජිත්ගේ ඇතැම් ගුණාංග ඒ ඇසුරින් නිර්මාණය විනැයි සුමනා ජයතිලක පවසන්නීය. තවද සනාගේ චරිතය ද
ජයතිලකයන්ගේ එක් බාප්පා කෙනකුගේ චරිතයකට සමාන යැයි ඇය පැවසුවා ය. විවෘත චරිතයක් වූ සනා සංකීර්ණත්වය තුළ ද විවෘත චරිතයකි. මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන සතුරුකම් කරන අවස්ථාවලදී ද ඔහු
විවෘත ය. දාමරික ය.
බාප්පාගේ චරිතයට තවත් දේ
ඔහු ඇතුළු කළේ ය.
ඉසාට පදනම් වූ චරිතය
විවාහකයෙකියි ජයතිලකයෝ පවසති. ඒ තමන් බව කිසිවිටෙක ඔහු
පවසා නැත. ඒ චරිතය විවාහක බැවින් පවුලේ අන් අයගේ අභිවෘද්ධියට ඉසාට
තරම් කටයුතු කළ නොහැකි බැවින් ඉසා නිර්මාණය කිරීමට ඔහු පවුල් බර කරට ගත්
අවිවාහකයකු වූ දෙවැනි චරිතය පදනම් කරගත්තේ ලු.
එහෙත් අවසානයේ ඉසාගේ
තිබූ නිරාමිසය ඔහු කළ තවත් පරිකල්පනයකි.
ජයතිලකයන්ගේ නිවස පිටුපස
තිබූ අක්කර දෙකක පමණ කැලය එළිපෙහෙළි කර හේනක් බවට පත් කළේ ඉසාට පදනම් වූ චරිතය නොව
රංජිත්ගේ අඩක් ලෙස ගත් චරිතයයි. කතුවරයා එය ඉසාට ආරෝපණය
කිරීමට පියවර ගත්තේ ය.
ඉසා ආදරය කළ ලලිතා සැබෑ
ලෝකයේ ද පිල්ලෑවේ පදිංචි කේ. ජයතිලකයන්ට වඩා වැඩිමහල්
වූ ලලිතාමය. රතී ලලිතාගේ අනෙක් අන්තය ය. ඇය නමට ම ගැළපෙන්නීය.
සනා නිසා ගැබ් ගන්නා ‘රතී ගැමියන් පවසන ආකාරයට
වෙසඟනක ගේ දියණියකි. එහෙත් සනාගේ ආදරණීය
බිරින්දෑ ය. පසුකාලීනව ඉසාට පවා සිත් ගන්නා කඩිසර නෑනණ්ඩිය ය. ලලිතා වෙනත් විවාහයක්
කරගන්නේ ඉසා අවිවාහක ව සිටින බැවිනි.
ඉසා විවාහ වූයේ නම්
රංජිත් ගුරුවරයකු වන්නේ ද නැත. පවුල අගාධයකට යනු ඇත. එහෙත් ලලිතා ඉසාගේ මහලු විය දෙස මාතෘ ස්නේහගත බැල්මක්
බලා ඔහුට ඇතැම් දිනෙක පාතරාසය පුදන්නී ය.
නවකතාවේ සෙසු චරිත වූ
විජයරත්න, ජයමන්, වේලිස්, සියදෝරිස්, කොක් උන්නැහේ, ජේම්ස් මුදලාලි වැනි
චරිත ජයතිලකයන්ගේ ගමේ ඔහුට නිතර හමුවූ සැබෑ චරිත ය.
නිර්මාණකරුවා සිය ජීවිතය
නිර්ලෝභී ව පාඨකයාට දායක කර ඇත. ජයතිලකයන්ගේ නික්ම යාමට
එක්රැස්වූ ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවන්ට ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ද ජනපති
ඇතුළු සියලු ප්‍රභූන්ගේ සිට සියලු ගැමියන්ට ද සුමනා ජයතිලක මහත්මිය තුති
පිරිනැමුවා ය. එවන් ජනකායක් රැස් කකා
එදා ජයතිලකයන්ට බුහුමන් දැක්වූයේ ඔහුගේ නිර්මාණ ඇසුරින් ඔහුගේ ජීවිතය ඔවුන් ද
වින්දනය කළ බැවින් නොවේ ද?
බුද්ධික සමන් ගුණවර්ධන
කේ. ජයතිලක නිර්මාණ විමසුම
|
නූතන සිංහල ලේඛකයන් අතර
මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතැයි නොසිතමි. ඒ නිසා ම ඉදිරිපත් වූ
බාධාවන් මධ්‍යයෙන් මා ගමන් කර ඇත්තේ ම විසින් පවා බලාපොරොත්තු නොවන ලද තරම් දුරකි. ඉතා හෙමින් පැමිණි මේ ගමන නොනවත්වා තවමත් යන්නේ හෙමිහිට ය. නූතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය
දෙස බලන විට සමහරුන් ඔවුන් සිටින තැන්වලට වෙනත් අය විසින් ගෙනවිත් තබන ලද අය වෙති. තවත් සමහර අය එක්කෝ වක්‍ර මාර්ගවලින් නැත්නම් සෘජු
මඟින්ම සැප පහසු වාහනවල පැමිණි අය වෙති.
(පුංචි පැළේ ගස වෙනා - කේ.ජයතිලක)
‘චරිත තුනක්’ ටෙලිනාට්‍ය කිරීමෙන් ලද
සතුට වෙන කිසි නිර්මාණයකින් මට ලැබුණේ නැහැ
තිලක් ගුණවර්ධන
කේ.ජයතිලකයන් ගෙ පොත්පත්
කුඩා කල සිට ම මා කියෙව්ව. විශේෂයෙන් ඔහුගෙ නවකතා
සියල්ලක් නෑරම වගෙ මම කියවල තියෙනව.
ඒ අතරින් මගෙ වැඩි
කැමැත්ත තියෙන්නෙ ‘පුංචිරාල’ නවකතාවට. අසූව දශකයෙ මුල් භාගයේ දී මම සෝමවීර
සේනානායකයන්ට කිව්ව අපිට ඒ කතාවෙන් ටෙලිනාට්‍යයක් කිරීමට හැකියාවක් තියෙනවද?
කියල බලන්න කියල. නමුත් ඔහුගෙ අදහස වුණේ ‘පුංචිරාල’ කෘතිය වඩා යෝග්‍ය වන්නෙ
ටෙලි නාට්‍යයකට නොව චිත්‍රපටයකට බවයි. ඉන්පසු ඔහු යෝජනා කළා ‘චරිත තුනක්’ නවකතාව ඇසුරින් නම් හොඳ ටෙලි
නාට්‍යයක් කරන්න පුළුවන් කියල. එහෙම කිව්වම මට පොඩි
බයකුත් ඇතිවුණා. මොකද ‘චරිත තුනක්’ නවකතාව සිංහල නවකතා කලාව
තුළ සන්ධිස්ථානයක් වගේම එය නොකියවූ සාහිත්‍යයට ළැදි කිසි කෙනෙක් නොසිටිය නිසා. පාඨකයන්වැඩි වශයෙන්
කියවපු පොත් අතර ‘චරිත තුනක්’ ඉදිරියෙන් ම සිටිනවා.
එවැනි කෘතියකට මට
සාධාරණය ඉටු කරන්න පුළුවන් වේවිද? කියන සැකය මට ඇතිවුණා. ඒ වගේම මට තවත්
අභියෝගයකට ද මුහුණ දෙන්න සිදුවුණා.
එහි තිර පිටපත ලියන්නෙ
සෝමවීර සේනානායකයන්. ඔහුත් ජයතිලකයනුත් සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිණත පුද්ගලයින්. ඒ නිසා ඔවුනගෙ ගරුත්වය පවා ආරක්ෂා කිරීමට මට සිදුවුණා. යම් හෙයකින් එය අසාර්ථක
වුවහොත් ඔවුනගෙ කීර්ති නාමයට කැළැලක් වන බව මට දැනුණා. කෙසේ වුණත් ටෙලිනාට්‍යය පිළිබඳ එම යෝජනාව ජයතිලක මහත්තයට
යොමු කළාට පස්සෙ ඔහු ඉතා නිහතමානීව ඒ යෝජනාවට කැමැති වුණා. කිසිම වෙලාවක ඔහුට ඒ සම්බන්ධව කොපමණ මුදලක් ගෙවනවාද? යන්න මතු කළේ නැහැ.
ඔහුට අවශ්‍ය වුණේ ඔහු
විසින් නිර්මාණය කරන ලද චරිත සාර්ථකව ටෙලි නාට්‍යය තුළ නිරූපණය කරන්න පමණයි. සෝමවීර සේනානායක හා කේ. ජයතිලක යන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා දෙපස තියාගෙන මම වැඩේ
ආරම්භ කළා. අපි තිදෙනා ඒ දවස්වල හැම හවසකම වගෙ මුණගැහිල, ෙටලි නාට්‍යය තුළ එම
චරිත ගොඩනඟන ආකාරය පිළිබඳ සාකච්ඡා කරා. එවැනි අවස්ථාවලදී
ජයතිලකයන් ‘චරිත තුනක්’ නවකතාව රචනා කිරීමට පදනම් වූ අත්දැකීම්, එහි සමාජ පරිසරය ගැන අපි සමඟ ප්‍රකාශ කරනව. එම අදහස් තිර නාටකය බිහි
කිරීමට ඉතා විශාල ලෙස ආධාර වුණා. කොහොම වුණත් එහි තිර
නාටකය ලිවීමට සෑහෙන මහන්සියක් දරන්න සිද්ධ වුණා. ජයතිලක මහත්තයගෙ අවසරය
ඇතිව ෙපාතේ තියෙන සමහර චරිත වර්ධනය කරන්න අපිට පුළුවන් වුණා.
උදාහරණයක් වශයෙන්
නවකතාවෙ දැක්වෙන ලලිතගෙ චරිතය. එම චරිතය නවකතාව තුළ
ගලායන්නෙ ඉතා කෙටියෙන්. නමුත් එය ටෙලි නාට්‍යය තුළ වැඩි පරාසයක අපි නිර්මාණය කරා. ඒ වගේම තමයි ඉසාගෙ චරිතය. ඉසාගෙ චරිතය වැනි චරිතයක් රූප මාධ්‍යයට ගෙන එන්න ටිකක්
අමාරුයි. එය නවකතාව තුළ ගලායන්නෙ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. ඉසාගෙ දෘෂ්ටිකෝණයෙන් එයා නිර්මාණය කරන කොට ඒ සම්බන්ධව
අපි විශාල ලෙස පරිස්සම් වුණා. මොකද එම චරිතය අසාර්ථක
වුණොත් සමස්ත ටෙලිනාට්‍යයම
අසාර්ථක වන නිසා. නමුත් එය අවසානෙය
ජයගත්ත. සුමින්ද සිරිසේනෙග ඉතා ප්‍රශස්ත රඟපෑම එහි සාර්ථකත්වයට
ප්‍රධාන හේතුවක්වුණා. ඒ වගේම එම ටෙලි නාට්‍යයේ රඟපාපු අනිත් හැම රංගන
ශිල්පියෙක්ම, කාර්මික ශිල්පියෙක්ම එම ටෙලිනාට්‍යයට සාධාරණය ඉෂ්ට කළා.
‘චරිත තුනක්’ ටෙලි නාට්‍යය රූගත කළේ
කන්නිමහර ප්‍රදේශයේදීමයි. මේ රූපගත කිරීම් කෙරෙන
බොහෝ අවස්ථාවල ජයතිලක මහත්තයත් අපි සමඟ සිටිය.
ඔහු පටිගත කිරිම්, රූගත කිරීම් නරඹල ඉතා
සතුටු වුණා. රූගත කිරීම් අවසන් වෙලා
සෝමවීර සේනානායකයන්, ජයතිලක මහත්තය හා මම
විවිධ දේ පිළිබඳ සාකච්ඡා කරනව. ජයතිලක මහත්තය කන්නිමහර
ඔහුගෙ මහගෙදරට දැඩිව ඇලුම් කළා. එහි පොල් රුප්පාව යට
පැදුරක් එලාගෙන අපි තිදෙන ඉතා රසවත් කාලයක් ගත කළා. එහිදී ජයතිලකයන්, සේකරයන් ගැන කතාකරනවා. අපි ෙනාදන්න ගොඩක් දේ
එහිදී දැනගත්ත. ඒ කාලෙ අපිට වෙන ලෝකයක් තිබුණෙ නැහැ.
අපේ මුළු කාලයම කැප කළේ
නිර්මාණයෙහි ගුණාත්මක බව වැඩි කරගන්න. ඉන් පස්සෙ අපගෙ මෙම
කණ්ඩායමට ‘චරිත තුනක්’ ටෙලිනාට්‍යය සංගීතවත් කළ අමරදේවයන් ද එක්වුණා. අපි ගත කරපු ඒ නිදහස්, සුන්දර කාල පරිච්ඡේදය
මතක් වෙනකොට තවමත් දැනෙන්නෙ ඉතා විශාල සතුටක්. ඒ හැම කටයුත්තකම පිටුපස
සිටි ප්‍රධාන පුද්ගලයා වුණේ
ජයතිලකයන්. නවකතාවකින් හෝ
කෙටිකතාවකින් නිර්මාණය කරන දෘෂ්‍ය රූපයක් හරහා එහි මුල් රචකයව සතුටු කරන්න සාමාන්‍යයෙන්
ඉතා අමාරු කටයුත්තක්. නමුත් ‘චරිත තුනක්’ ටෙලිනාට්‍යය නැරඹුවට
පස්සෙ ජයතිලක මහත්තය ඉතා සතුටට පත්වුණා. ඔහු ඒ ගැන විශාල
තෘප්තියකින් කතා කළා. මා ද මගේ හැම
නිර්මාණයකින් ම තෘප්තියට පත් වුණත් ‘චරිත තුනක්’ තරම් කිසිම නිර්මාණයකින්
ආත්ම තෘප්තියට පත්වුණේ නැහැ.
අනුකාරක චින්තනයට
අභියෝගයක් වූ කේ. ජයතිලක
කැත්ලින් ජයවර්ධන
ඕනෑම ගැටලු සහගත ප්‍රශ්නයක්
ඉතා පහසුවෙන් වටහාගත හැකි සරල සුගම බස් වහරකින් තම අදහස් ඉදිරිපත් කිරීම ලේඛකයකු
සතුවිය යුතු අතිරේක සුදුසුකමක්. ඉතා ගැඹුරු විෂයයන්
ස්පර්ශ කරන අතරේ එක්තරා විදර්ශනාවක් කෙරෙහි ද පාඨකයා යොමු කරවන කේ. ජයතිලකයන් ගේ මෑතකාලීන කෘති කිහිපයකින් අපි මේ සත්‍යය
මනාව අත්දැක තියෙනවා. දර්ශනවාද අසබඩින්, මනස තුළින් නිර්මාණයට,
කුඳුගොත් රචනා, අත්පසුරු, සංකල්පනා, කිරිබත යන කෘතින් කේ. ජයතිලකයන් විසින් ප්‍රකාශයට
පත් කරනු ලැබුවේ අත්දැකීමෙන් මෙන්ම වයසින් ද පරිණතව සිටි අවධියේ. නවකතා හා කෙටිකතා රචකයකු වශයෙන් මේ රටේ බහුතරයකගේ ප්‍රසාදය
දිනා සිටි කේ. ජයතිලකයන් ප්‍රශස්ත මට්ටමේ චින්තකයකු ද වන බව විශද කළේ මේ
පොත් අතළොස්ස බවයි අපේ පෞද්ගලික හැඟීම.
නවකතාවක ආකෘතිය හා
අන්තර්ගතය ගත් කල්හි වඩාත් වැදගත් වන්නේ අන්තර්ගතය ම බවත් එසේ ද වුව ආකෘතිය
සම්බන්ධයෙන් නම් විවිධ අත්හදා බැලීම් සිදු කෙරෙන බවත් පවසන කේ. ජයතිලකයෝ අන්තර්ගත
විෂයයෙහි එවැනි අත්හදාබැලීම් සිදු නොවීම අඩුපාඩුවක්
බවද පෙන්වා දෙනවා. මේ අත්හදා බැලීම කළ හැකි
වන්නේ ලේඛකයාගේ චින්තනයෙහි දිග පළලට අනුව චින්තනය දුප්පත් නම් ලේඛනය ද හිස් ගුරු
මුෂ්ටි නම් වූ කෘතියේ කේ. ජයතිලකයන් මේ පිළිබඳ කදිම උපමාවක් ඉදිරිපත් කරනවා.
‘ගුරු මුෂ්ටි’ යන්න මේ පොතට අපනාමයක්
විය හැකි යැයි ද තමා කිසි දිනක නියම අර්ථයෙන් ගුරුවරයකු නොවූ නිසා අනුනට දීම සඳහා
සඟවාගත් ගුරු මුෂ්ටියක් තමාට නැතැයි ද කේ. ජයතිලක ගුරු මුෂ්ටි ‘පසුවදනින්’ අවධාරණය කරනවා.
කේ. ජයතිලකයන්ගේ ප්‍රධාන
නිර්මාණ අස්වැන්නට අයත් නොවුව ද පසුකාලීනව ඔහු අතින් නිර්මාණය වූ චින්තාවලින් හකුළුවා ඇති මේ
කුඩා පොත් විසින් මනුෂ්‍යත්වය හා සත්‍යය නිරුවත් කරනු ලබන අයුරු පුදුම එළවන සුලුයි. වාච්‍යාර්ථයට යටින්
නොපෙනී පවත්නා ඒ චින්තාවලියේ වර්ණ සංකලනය තෝරා බේරා වෙන්කර ගත හැකිවන්නේ
සුක්ෂ්මාත්මතාවයෙන් යුතු වූවකුට පමණකියි මට සිෙත්. සරල බසින්,
කෙටි වැකියෙන් ලියැවුණ ද
බැලූ බැල්මටම පාඨකයාට හසුවන්නේ ඒවායේ ගැඹුරු ඉසව් නොවේ. ඉතා හොඳින් ඒවා ග්‍රහණය
කරගත හැකි වන්නේ දෙතුන් වරක් කියවා පරිස්සමින් සිතා බැලීමෙන් අනතුරුව ය. ‘සත්‍යය’ යන මාතෘකාවෙන් ලියවුණ
ඔහුගේ පහත සඳහන් අවධාරණය යටපත් කළ නොහැකි සත්‍යයේ ස්වභාවය පාඨකයා ගේ සිත්සතන් තුළ
ප්‍රතිබිම්බගත කරයි.
ලේඛකයකුගේ ප්‍රධාන අමුද්‍රව්‍ය
වන්නේ අත්දැකීම් යැයිද අත්දැකීම් පරණ වන විට ඒවායේ ඡායාව දැනුම ලෙසින් සිතෙහි
තැන්පත් වන ආකාරය ද පෙන්වා දෙන කේ. ජයතිලකයන් තර්කඥානය පහළ
වන්නේ අලුත් අත්දැකීම් ලැබෙන විට ඒවා මුල් අත්දැකීම්වල උපකාරයෙන් විශ්ලේෂණය කිරමේදී යැයිද පෙන්වා දෙයි. නිර්මාණ සාහිත්‍යය සඳහා
ප්‍රතිභාව හෙවත් සහජ කුසලතාව අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරන අතර ම හොඳ ලේඛයකු වීම
සඳහා එය පමණක් නොසෑහෙන බව ද අවධාරණය කරයි.
තමා සතු ප්‍රතිභා බීජය
වර්ධනය කරගැනීමට අවස්ථාවක් නොලැබීම හෝ ඒ වෙනුවෙන් උත්සාහයක් නොදැරීම හේතුවෙන් මහා
කවියන් මහා ගත්කරුවන් සමාජයට අහිමි වූ අවස්ථා පිළිබඳව ද කේ ජයතිලකයෝ ඉඟි සපයති. මේ කෘතහස්ත ලේඛකයා ජීවිත
කාලයක් මුළුල්ලේ ලැබූ අත්දැකීම්වලට අනුව ප්‍රතිභාව වර්ධනය කරගැනීම උදෙසා ගමන් කළ
යුතු එක් මාර්ගයක අතුරු මංපෙත් කිහිපයක් ද තිබේ.
මින් පළමුවැන්න වන්නේ තමන් තෝරාගත් නිර්මාණ හෙවත් ප්‍රකාශන මාධ්‍යයට අයත් උසස්
කෘති වැඩිවැඩියෙන් පරිහරණය කිරීමයි. නැතහොත් නිසි අධ්‍යයනයකින්
ද යුතුව කියවීමයි. නූතන,
පැරණි, දේශීය, විදේශීය සියලු කෘතින්
මීට ඇතුළත් වේ.
ඒ හැරුණු විට ලේඛකයෙක්
ලෝකයෙහි නැත්නම් මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම සහජාත පුත්‍රයකු විය යුතු බවත්,
ලෝක පුරවැසියකු වීමට
කලින් ඔහු තම දේශයෙහි පුරවැසියකු වීමේ වැදගත් කමත් මෙහිදි අවධාරණය කෙරේ.
සිංහලයේ ආරම්භය හා
අවසානය යනු මෙසේ ජාතික උරුමය සොයා කේ. ජයතිලකයන් ගිය ගමනේ මතක
සටහනකි. ‘විශ්ව සාහිත්‍යය ආභාසය
සහ නිර්මාණය’ වූ කලී දුරාතීතයේ සිටම
නිර්මාණාත්මක ලේඛකයන්, අන්තර්ගතය හා ආකෘතිය
අතින් පොතපත පෝෂණය කරන්නට කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵල හකුළුවා දැක්වීමකි. බුද්ධ චරිතයෙන් බුද්ධ
චරිතයට නොයෙකුත් මිථ්‍යා විශ්වාස හා මිථ්‍යා ඇදහිලිවලින් බුදුසිරිත මැදහත් සිතින්
විමසීමකි.
ජයතිලකයන් අපේ සාහිත්‍ය
ලෝකයේ මහා පුරුෂයෙක්
සුනිල් මාධව ප්‍රේමතිලක
මා ප්‍රිය කරන ලේඛකයන්
අතර කේ. ජයතිලක මහත්තයට
හිමිවෙන්නෙ ප්‍රධාන තැනක්. මං කියවන්න පටන් ගත්ත
කාලෙ ඉඳන් ඉතා ආසාවෙන් ඔහුගෙ කෘති පරිහරණය කරා.
ඒ අතරිනුත් විශේෂයෙන් ම
ඔහුගෙ නවකතා, කෙටිකකා, විශේෂයි. මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර වැනි
සාහිත්‍යධරයන් අතර ජී.බී.සේනානායක හා කේ.
ජයතිලක වෙනස් මුහුණුවරක්
ගන්නවා. ජී.බී.සේනානායක හැරුණු විට අනිත් නවකතාකරුවන් තිදෙනාම සාම්ප්‍රදායික
ගම, එහි දේශපාලනික, ආර්ථික තතු, ක්‍රමයෙන් වෙනස්වී යන එහි සම්ප්‍රදායික මුහුණුවර පිළිබඳ ප්‍රබන්ධ රචනා කළත්
ජයතිලකයන් ගේ රචනා විලාසය හා චරිත නිර්මාණය කරන ආකාරය තුළ ඉතා අව්‍යාජ ගතියක්
තියෙනවා.
විශේෂයෙන්ම ‘චරිත තුනක්’, ‘පුංචි රාළ’, ‘රාජපක්ෂ වලව්ව’ මේ සඳහා දැක්විය හැකි ප්‍රබල
උදාහරණ. මේ සෑම කතාවකම කිසියම්
අපූර්වත්වයක් තියෙනව පමණක් නෙවෙයි, ඒ හරහා පාඨක මනසට ඉතා
විශාල ආලෝකයක් ලබා දෙනවා. එය සැබෑ සාහිත්‍යකරුවකු
අතින් ඉටුවිය යුතු වගකීමක්. සැබෑ සාහිත්‍යකරුවා
නිරතුරුවම සමාජ ප්‍රපංචයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් බැඳී සිටිය යුතුයි. ඔහු සමාජය විනිවිද දකින පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම සමාජය නැමැති ප්‍රපංචය නිවැරැදිව අවබෝධ කරගත් පුද්ගලයකු විය යුතුයි. කේ. ජයතිලකයන් එවැනි ලක්ෂණවලින් සන්නද්ධව සිටි පුද්ගලයෙක්. ඒනිසා ඔහුට පුළුවන් වුණා පාඨකයන්ට හිතකර සාහිත්‍යයක්
බිහි කිරීමට. කුල ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන ‘රාජපක්ෂ වලව්ව’ එවැනි ප්‍රස්තුතයක්
පිළිබඳ සාකච්ඡා කරන ලද ප්‍රථම නිර්මාණාත්මක නවකතාව.
ඊට මුලින් බිහිවූ නවකතා
තුළ අතරින් පතර කුලවාදය පිළිබඳ සාකච්ඡා වී තිබුණත් කුල ප්‍රශ්නය ප්‍රධාන ප්‍රස්තුතය
ලෙස ගෙන රචනා වුණේ ‘රාජපක්ෂ වලව්ව’ කියායි මට හිතෙන්නෙ. ඒ වගේම ඔහු රචනා කරන ලද ‘අප්‍රසන්න කථාවක්’,
‘දෙලොවට නැති අය’,
‘පරාජිතයෝ’, ‘මායා මාලිගා’ වැනි කෘති සිංහල නවකතාව
පිළිබඳ හදාරන්නන්හට අනිවාර්යයෙන්ම අධ්‍යනය කළ යුතු කෘති. ‘අප්‍රසන්න කථාවක්’,
‘පරාජිතයෝ’ වැනි කෘති ජයතිලකයන්ගේ
සුපුරුදු කථා වින්‍යාසයෙන් බැහැර වුවත් එම කෘති රචනා කිරීමේ දී ඔහු දක්වා ඇති ලේඛන
ප්‍රතිභාව ඉතා විශිෂ්ටයි. සාහිත්‍ය පිළිබඳ ෙහාඳ පරිචයක් නැති කිසිම ලේඛකයකුට
එවැනි නිර්මාණාත්මක රචනා කරන්න හැකියාවක් නැහැ.
‘මායා මාලිගා’ කෘතිය ද එවැනි
ලක්ෂණවලින් යුත් කෘතියක්. එහෙත් මෙවැනි කෘති වර්තමාන පරපුර පරිශීලනය කරනවාද? යන්න මම දන්නේ නැහැ. මට කියන්න තියෙන්නෙ
මෙවැනි කෘති පරිශීලනයෙන් තොරව නිර්මාණ
ක්ෂේත්‍රයට අවතීර්ණ නොවිය යුතුයි කියන එක. බිහිවන හැම පොතකම
කියවන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ වගේම හැම කෘතියක්ම
ගුණාත්මක ද නැහැ. නමුත් කේ.
ජයතිලකගෙ කෘති කුඩා කල
සිට ම මට බලපෑම් කළා වගේම තරුණ පරම්පරාවටත් එම කෘති හරහා විශාල ආලෝකයක් ලබාගත
හැකියි.
කෙටිකතාකරුවකු වශයෙන් ද
ජයතිලකයන්ගෙ නිර්මාණ භාවිතය ඉතා ඉහළයි. ‘පුනරුත්පත්තිය’,
‘එකගෙයි අවුරුද්ද’,
‘කටු සහ මල්’, ‘නොනිමි සිත්තම’,
‘වජිර පබ්බත’ වගේ කෘති මා ඉතා ආසාවෙන්
කියවපු කෙටිකතා. කෙටි කතාවේ ශිල්පීය
ලක්ෂණ මැනවින් හඳුනාගත් ලේඛකයකු වශයෙන් ඔහු ඉතා ඉහළ ස්ථානයක සිටිනවා. ඔහු කෙටිකතාව කෙටි කතාව
ලෙසත්, නවකතාව, නවකතාව ලෙසත් නිර්මාණය කිරීමට අවශ්‍ය සාහිත්‍ය පරිචයෙන් සන්නද්ධව සිටිය
කෙනෙක්. ඒ නිසා ඒ හැම කෘතියක් ම
යම්කිසි නැවුම් සහගත ශිල්පීය ලක්ෂණ ඉස්මතු වෙනවා.
කේ. ජයතිලක,
මහගමසේකරයන් සමඟ රචනා
කරන ලද ‘ව්‍යාංගා’ කෘතිය ද මා සිත්ගත් තවත්
කෘතියකි. එහි හමුවන රචනා ඉතා
සංක්ෂිප්ත රචනා වුණත් ඒ හරහා ඔහු ඉදිරිපත් කරන දාර්ශනික තලය ඉතා වැදගත්. ඔහුගේ ස්වයං චරිතාපදානය ලෙස සැලකෙන “පුංචි පැළේ ගස වෙනා”
කෘතිය ද අප
අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්.
මහා ලේඛකයකුගේ
චරිතාපදානයකින් අපට ළඟාකර ගත හැකි දේ ඉතා විශාලයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ
“උපන් දා සිට” සරච්චන්ද්‍රයන්ගෙ “පිං ඇති සරසවි වරමක්”
වැනි කෘති වගේම
ජයතිලකයන්ගෙ “පුංචි පැළේ ගස වෙනා”
කෘතිය ද අපට වැදගත්. සාහිත්‍ය විචාර
සම්බන්ධයෙන් ඔහු පළකරන ලද මුල් කාලීන කෘති කියවීමට මට අවස්ථාවක් ලැබුණත් පසු
කාලයේ දී ඔහු රචනා කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ කියවීමට මට පුළුවන් වුණේ නැහැ. ‘දර්ශනවාද අසබඩින්’,
‘බුද්ධ චරිතයෙන් බුද්ධ
චරිතයට’ වැනි කෘති කියවීමට මා
ආසාවෙන් ඉන්නවා. කරුණු කෙසේ වෙතත් කේ. ජයතිලකයන්ගේ නිර්මාණ මා ලේඛන දිවිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්
සිටම මා තුළ යම් උත්තේජනයක් ඇති කළ සාහිත්‍ය කෘති ලෙස මට අවංකව ම
පැවසිය හැකියි. මෙම කෘති කියවීමෙන් මා
ලද වින්දනය වගේ ම ලාබගත් දැනුම් සම්භාරය ද මට ඉතා වටිනවා. කේ. ජයතිලක අපේ සාහිත්‍ය
ලෝකය තුළ මහා පුරුෂයෙක්.
සංලාප - සුලෝචන වික්රමසිංහ
Comments
Post a Comment