උම්මග්ග ජාතකය
උම්මග්ග ජාතකයෙන් හෙළිවන උපහාස රසය
|
කුරුණෑගල යුගයේ රචිත
උම්මග්ග ජාතකය බුදුන්ගේ ප්‍රඥා පාරමිතාව අරභයා රචනා වූවකි. එසේම මෙය බ්‍රාහ්මණ උපහාසය අරමුණු කොටගෙන විකාශනය වී ඇති
නිසාත්, පුද්ගල චරිතයන්හි දුර්වල අවස්ථා ද අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක
වී තිබීම නිසාත් මෙහි විශාල වශයෙන් උපහාස රසය ගැබ්ව පවතී. මේ අනුව උම්මග්ග ජාතකයෙන් පිළිබිඹු වන උපහාස රසය පහත
සඳහන් අවස්ථා යටතේ විග්‍රහ කළ හැකිය.
(1) සිරි-
කාලකණ්ණි ප්‍රශ්නය
උම්මග්ග ජාතකයේ උපහාස රසය පිළිබඳව විමසීමේදී
වැදගත් වන කාරණයක් වන්නේ මෙම යුගය තුළ දැවැන්ත චරිත ලෙස ඉදිරිපත් වූ බ්‍රාහ්මණයන්
පිළිබඳව දැක්වූ උපහාසයයි. බ්‍රාහ්මණයන් මහා ප්‍රාඥයන්
ලෙස සැලකූ යුගයක සිරි කාලකණ්ණි ප්‍රශ්නය මගින් ඔවුන් පොත් ගුල්ලන් බවත් සමාජ
ජීවිතයේ අවබෝධයක් නැති යථාර්ථවාදීන් නොවන බව හෙළි කරයි. මෙය බ්‍රාහ්මණ සමාජයට එල්ල කරන ගැඹුරු උපහාසයකි.
දිසාපාමොක් නම් ආචාර්යවරයා පිංගුත්තර නම්
ශිෂ්‍යයාට තම දියණිය පාවා දුන් පසු ඇයත් සමග යන ඔහු රාත්‍රියෙහි ඇෙඳන් බැස යන
අයුරුත්, දිවුල් කඩා ඉල්ලූ විට ඇය දමා පලා යන අයුරුත් විග්‍රහ කරන්නේ
පිංගුත්තරයා නපුංසකයෙකු බවට පත් කරමිනි. එසේම “පිංගුත්තර” හා “කාලකණ්ණි” යන නාමකරණයෙනුත්, ගැහැණියක් හා නිදා
ගැනීමටවත් ඔහුට ශක්තියක් නොමැති බව දක්වමිනුත් බ්‍රාහ්මණ සමාජයට මරු පහරක් එල්ල
කරයි.
“කුමාරිය අවුත් හැඳට නැගෙන්නා හා මැ, තතනමින්
හැඳින් බැසැ,බිම හෙවැ වැදහොත්තේයැ. ඒ කුමාරිකා ද හැඳින් බැසැ මානවකයා සමීපයට ගියේයැ.ඒ තෙමේ එතැනින් නැගී සිටැ
නැවත හැඳට පැනැ නැංගේයැ. කාලකණ්ණියා නම් ශ්‍රී කාන්තාව හා සමාන අහසට පොළව සේ ළඟ
නොවන්නේය. එසේ හෙයින් කුමාරිකා යහයෙහි මැ සැතපුණි යැ. ඒ කාලකණ්ණියා බිමැ වැදැ හොත්තේය”
(2) මෙණ්ඩක
ප්‍රශ්නය
එළුවෙකු හා බල්ලෙකු අතර පැවති මිත්‍ර සන්ථවය
පිළිබඳ කතා පුවත පාදක කොට ගනිමින් වේදේහ රජුගේ පඬිවරු ලෙසම සිටි සේනක,පුක්කුස, කාවින්ද, දේවින්ද යන පඬිවරු සිව්දෙනාගේ
දුර්වලතාව හා නොහැකියාව ප්‍රදර්ශනය කරමින් උපහාස රසය ජනිත කරවයි.
“පණ්ඩිතයෙනි, මේ පැණය අප විසින්
හවුරුද්දක් හිඳ හිතුවත් දක්නට නොපිළිවන. එසේ හෙයින්
මහෞෂධ පණ්ඩිතයන් විසින් මේ පැණය ශතසහස්‍ර ගුණයෙන් සිතා නිමවනු ලැඛෙයි. ගර්ව වැ ඉඳ උන් සමීපයට යම්හ.”
ඔවුන්ගේ දෙබස්වලින්ම එම නොහැකියාව පෙන්වා
බෝසතුන්ගේ කරුණාබර වචන වලින් එහි උපහාසය දෙගුණ තෙගුණ කරවයි.
“මේ විස කොල්ලන්ගෙන් කාරිය කිම්දැයි මුන් සතරදෙනා රටින් නෙරපන්නාහ. මෙවැණි පණ්ඩිත රුවනක් නැතැයි මට සත් රුවනින් පූජා කරන්නාහ. එසේ වන්නාට
ඒ මාගේ කරුණාවට තරම් නොවෙති. මේ අඥානයෝ මා වැනි පණ්ඩිත කෙනෙකුන් ඇතිව ඉන්දැද්දී
නහමක් නසත්ව”
(3) ස්ත්‍රී
ප්‍රශ්නය
කළගුණ නොදත් බමුණන් සිවුදෙන බෝසතුන් හට
අකටයුත්තක් කිරීමේ චේතනාවෙන් සිදුකළ සොරකම හා එයට ලද ප්‍රතිවිපාකය උම්මග්ග ජාතකයේ
උපහාස රසය හෙළිකරන තවත් අවස්ථාවකි.
“මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගෙනෙමි. පුක්කුසයෙනි තෙපි රන් මාලාව ගෙනෙව. කාවින්දයෙනි
තෙපි රජ්ජුරුවන්ගේ පොරෝනා පලස ගෙනෙව. කාවින්දයෙනි
තෙපි රන් මිරිවැඩි සඟල ගෙනෙවයි කීහ”.
එහෙත් අමරා දේවීන්ගේ උපායෙන් ඔවුන් ගෙන්වා
ලබාදුන් පාඩම එහි උපහාස රසය තවත් තීව්‍ර කරන්නකි.
“අමරා දේවී සේනකාදී සතර දෙනාම යැවූ පත් අතට ගෙන අසුවල් වෙලාවට එන්නේ
යැයි කියා යවා වෙන වෙනම උන් තමන් තමනට අවදි කළ
වේලාවට ආ කල්හි අල්ලාගෙන නොසැලෙන අන්දමට බන්දා ඉසකේ කප්පා පරණ නාන ගෙයක හෙළවා දුකට
පමුණුවා පැදුරු මාලූවලැ හා පැස් මාලූවල හොවා වසා බන්දා රජ්ජුරුවන්ට කියා”
(4) රහස්‍ය
ප්‍රශ්නය
පළමු උපක්‍රමයෙන් නොනැවතුණු බ්‍රාහ්මණයන්
බෝසතුන් නැසීමට අනෙක් උපායක් යොදයි. එම මාරාන්තික උපක්‍රමයෙන්
ගැලවෙන්නට මහෞෂධ පඬිවරයාට හැකිවන්නේ ඔවුන්ගේ චරිතයන්හි දක්නට ලැඛෙන සැඟවුණු රහස්
හෙළිදරව් කිරීමෙනි. ස්ත්‍රී ප්‍රශ්නයේදී අමරා
දේවියගෙන් බැට කෑ පඬිවරු දෙවන අවස්ථාවේදී මාළිගාව මත්තෙහි ඔරුවක් මතට වී කතා කළ
රහස් කතාවලින් චරිත නිරාවරණය කරයි. සේනකයා ස්ත්‍රී දූෂකයෙකු බවත් පුක්කුස ඇඟට යකෂයෙකු
වැහෙන බවත්, දේවින්දයා මැණික් සොරෙකු බවත්, හෙළි කිරීමෙන් පඬිවරුන්ගේ චරිත වල හිස් බව අවධාරණය කරනු ලබයි.
දෙවන වතාවටත් පඬිවරුන් සිය නූගත්කම ප්‍රදර්ශනය
කරමින් දඬුවමට යටත් වෙයි.
“මොහු තුමූ මැ, රාජ ද්‍රෝහි වැ නිරපරාධ වූ
පණ්ඩිතයෝ මට ද්‍රෝහී කරන්නාහ යි කිපී කොල, මේ
කොල්ලන් මර මරා නුවරින් පිටත් කොට වාසල් දොර සමීපයෙහි අගල ඔස්සේ ගෙන ගොස් හුල හෝ
හිඳුවව.”
එහෙත් බෝසතුන්ගේ කරුණාවෙන් දෙවන වතාවටත්
දිවි ගලවා ගනිති.
(5) සතර
කන් මන්ත්‍රණය
ඉන් අනතුරුව බෝසතුන් රාජ්‍ය අනුශාසනා කරන
සමයෙහි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ කේවට්ට නම් බමුණා බ්‍රහ්මදත්ත රජු අගරජු කරවීම
සඳහා සතරකන් මන්ත්‍රණයක් සිදු කරනු ලබයි. එහි අරමුණු වනුයේ
එකසිය එක් රජවරු නුවරට කැඳවා වස පොවා ඝාතනය කරවීමට සිදුකරන මන්ත්‍රණයකි. එහෙත් එය බෝසතුන්ගේ ගිරවා විසින් අසා සිට කටට වර්චස් පිඬක් හෙළා යන
අවස්ථාව සෝපාහාසය දනවන තවත් එක් අවස්ථාවකි.
“ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන්
දෙදෙනා මන්ත්‍රණය කොාට අන්තයෙහි සාල්ලෙක ලා ලා හතට බැන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා
හිස වර්චස් පිඬක් හෙළා කිමෙක්දැයි කට දල්වාගෙන උඩ බැලු තැනැත්තවුන්ගේ මුඛයේ නැවත
වර්චස් පිඬක් හෙළා ක්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොළත්තෙන් උඩ නැඟී, කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය යයි සිතයි ද? දැන් මැ සකන් වැ ගියේය.
(6) ධර්ම
යුද්ධය
රජවරුන් මරා ජය ගන්නට බැරිවූ පලිය ගන්නට
වේදේහ රජුගේ රාජ්‍යයට පහර දීමට පැමිණි චූලනී රජු ඇතුළු සේනාව යළිත් පරාද වූ පසු
කේවට්ට බමුණා පරාජයට පත්වන උම්මග්ග ජාතකයේ උපහාසය දනවන අවස්ථාව ධර්ම යුද්ධයයි. එනම් පඬිවරු දෙදෙනාගෙන් පළමුව වැඳුම් ලබන කෙනා ජය ගන්නා බව දක්වා ඇගේ
ධර්ම යුද්ධයෙන් කේවට්ට බමුණාට සිදුවන අකරතැබ්බය මෙහිලා උපහාසය දනවයි.
“බමුණාණෝත් ලෝභයෙන් මැණික ගනිමි යි බෝධිසත්වයන් වහන්සේ ශ්‍රීපාද මූලයට
නැඹුරු වූහ. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු වූ
තැනැත්තා වූ කර ඔසවාගත නොදී මැ එක් අතකින් පිටි කර හා එක් අතකින් පිටි මුල හා තරයේ
අල්ලාගෙන නැගී සිටුව ආචාරිනී නැගී සිටුව ආචාරිනී මම බාලයෙමි. තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි...”
(7) විවාහ
යෝජනාව
ඉහත පරාජයෙන් ටික කලකට පසු කේවට්ටයා අලූත්ම
උපායයක් යොදන අතර එහිදී වේදේහ රජතුමා හට චූලනී බ්‍රහ්මදත්ත රජු පාවාදීමේ යෝජනාවක්
ගෙනැවිත් අන් සියල්ලන්ම එයට හසුකොටගෙන රවටා සිටි අවස්ථාවේ විවාහ යෝජනාව රැගෙන
වේදේහ රජු වෙතට පැමිණි විට වේදේහ රජු බෝසතුන් හමුවට යැවූ අවස්ථාවේ සිදුවූ සිදුවීම
උම්මග්ග කතුවරයා උපහාසාත්මකව ඉදිරිපත් කරනු ලබයි. දෙදෙනා අතර වාදයක් සිදුවූ බව දැනගත් වේදේහ රජු සමගිවීමට යැවුවද
කේවට්ටයාට දෙනිකඩ රැකවලට සිටින රැකවලූන්ගෙන් අතවර විඳීමටද සිදුවෙයි.
“බමුණා මහත් කොට නොදොඩා අරගල නොකොට බැණැ නො නැගී ගොළුවෙකු සේ කරබාගෙන
නැගී වර, අද අපගේ ස්වාමීහු බෙහෙත් තෙලක් වැළඳු සේක. එබැවින් මහත් කොට දෙඩීම හා අරගල කිරීම් නොකැමැත්තේය.”
යනුවෙන් පවසන අතර කේවට්ටයා බෝසතුන් සමීපයට
ගොස් හැසිරුණ ආකාරය තියුණු ලෙස උපහාසය ජනිත වන අයුරින් ඉදිරිපත් කරයි.
“කේවට්ටයා බෝධිසත්වයන් වහන්සේ සමීපයෙහි හිඳිනා ආසනයක්වත් වැතිරගෙන
සිටිනා ආධාරයක්වත් බෝධිසත්වයන් වහන්සේ ගෙන මිහිරි කථා මාත්‍රයක්වත් නොලදින් වැසි
සමයෙහි ගවර පිරි ගොවුදකට වන් ගොන් මාල්ලකු සේ, ගොම
ඇඟිලි අසු වලින් පලව පලවා චිරි චිරියේ ඒ පයින් ඒ පය
ලලා මිරිකමින් සිටියේය. ඒ සිටියාවූ බමුණා මූණ බලා
එකෙක් තමාගේ නුවණ කසාලීයැ, එකෙක් තමාගේ බැම නඟාලීය.
එකෙක් තමාගේ වැලමිට කසාලීයැ. බමුණු ඔවුන්ගේ මේ ක්‍රියාව දැක ඉඟිකරු වැ ඈත් මෑත්
බලන්නේ පණ්ඩිතයෙනි අපි යම්හ’යි කියා එකෙක් දිවමින් ගොස්
පිටි දෙමැද අතුල් පහරක් ගැසීය.”
(7) උගුලට
හසුවූ වේදේහ රජු ඇතුළු සේනකාදීන්ට කළ උපහාසය
සියලූ දේ විඳ දරා සිට එක් අවස්ථාවකදී
බෝසතුන් සිය දරුණු උපහාසය රජු ඇතුළු මුග්ධ පණ්ඩිතයන් වෙතට එල්ල කරයි. එනම් පඤ්චාලචණ්ඩි කුමාරිකාව රැගෙන ඒමට ගොස් මරණ භයින් තැතිගෙන සිටි
අවස්ථාවේදීය.
“මහරජ නුඹ වහන්සේ කාමයෙන් අන්ධ වූ සේක් මෝහයෙන් මුළා වූ සේක් ගමන් විචාළ
තෙනැ මාගේ ප්‍රඥාවෙන් මතු මේ නිසා මුළා වූ සේක් මාගේ
ප්‍රඥාවෙන් මතු මේ නිසා බයෙක් වෙයි කියව කියවා...”
“ඒ මහා මන්ත්‍රී වූ සේනකාදී පණ්ඩිතවරුන්
සතර දෙනාගේ මසින් සරණ හිඳුවා රජ්ජුරුවන් හා නෑ සම්බන්ධය කළා ඉතා යහපත. නුඹ
වහන්සේගේ සිත භින්නකොට තුමු ඇමත්, ඉණ කඩත් පිඬක්
ලැබැ ගනුම්හ යි ලෝභ චේතනාවෙන් කයිවාරු කොට ගෙනාවෝ, මේ
දුකින් කුමකට ගලවා නොගනිද්ද? වන්නාව, උන් ගලවා ගන්නාත් දකිමි. උන්ගේ බලත්
දක්නෙම් වේද?”
Comments
Post a Comment