බුදු දහමින් පෝෂණය වූ හෙළ සාහිත්‍යය / පාලි හා සිංහල සාහිත්‍යයේ පෝෂණයට බුදු සමයෙන් ලද ආභාෂය අන්තර්ජාල උපුටන
බුදු දහමින් පෝෂණය වූ හෙළ සාහිත්‍යය
මහින්දාගමනයේ දායාදයක් වශයෙන් සිංහල සාහිත්‍ය
හැඳින්විය හැකිය. සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය දෙකක් නොව එකක්‌මය. මේ දෙක
එකින් එක වෙන් කිරීම ඉතා අපහසුය.
මහින්දාගමනයෙන් පසු ගමේ පන්සල අධ්‍යාපන මධ්‍යස්‌ථානය
බවට පත්විය. පැරණි අධ්‍යාපනය හා සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ පන්සල හා භික්‍ෂූන්
වහන්සේලා මුල්කරගෙනය. සිංහල සාහිත්‍යයේ ඉතිහාසය දෙස බලනවිට පෙනී යන දෙයක් නම්
පන්සල ආශ්‍රය කරගෙන උගත් ප්‍රභූ පිරිසක් අනුරාධපුර යුගයේ සිට පහළ වූ බවයි.
පැරණි පොතපත පිළිබඳ විමර්ශනය කරන විට පෙනී යන්නේ
සිංහල සාහිත්‍යයට තේමා වූයේ බෝසත් කවි ඇතුළු බුද්ධ ධර්මය බව පෙනේ. මහින්දාගමනයෙන්
පසුව බිහිවූ මුල්ම සිංහල සාහිත්‍යය කෘති අයත් වන්නේ "හෙළ අටුවා සාහිත්‍යයටය.
හෙළ අටුවා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ බුදුන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයයි.
ලංකාවට බුදු සමය රැගෙන ඒමෙන් පසුව මහා විහාරවාසී භික්‍ෂුන් වහන්සේලා විසින් ත්‍රිපිටක
ග්‍රන්ථවලට සිංහලයෙන් ලියන ලද අටුවා ග්‍රන්ථ හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් වේ. හෙළ
අටුවා සාහිත්‍ය ගොඩනැඟීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ අනුරාධපුර මහා විහාරවාසී උගත්
ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේලාටය. හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් මූලික ග්‍රන්ථ
අතර මහ අටුවාව,
මහා පරිච්චරි අටුවාව, කුරුන්දි අටුවාව, අන්ධක
අටුවාව, සංෙ€ප අටුවාව, යනාදිය හැඳින්විය හැකිය.
හෙළ අටුවා ග්‍රන්ථවලට පසුව වැදගත් ඓතිහාසික ග්‍රන්ථ
වන්නේ දීපවංශය,
මහාවංශය, යන වංශ
කතා දෙකය. මේවායින් කියවෙන්නේ මූලික වශයෙන් ඓතිහාසික ප්‍රවෘත්තින්ය. ඒවා රචනා කරනු
ලැබුවේ පාලි භාෂාවෙනි. මේ මගින් සිංහල මුතුන්මිත්තන්ගේ වගතුග වීරක්‍රියා, ආගමික සංස්‌කෘතික හා සාහිත්‍ය සේවාව පිළිබඳ තොරතුරු
ලබාගත හැකිය.
අනුරාධපුර යුගයේදී පැවැති අපේ භාෂාව සිංහල ප්‍රාකෘතය
නමින් හැඳින්වේ. එම සිංහල ප්‍රාකෘතය පෝෂණය වූයේද බුදු දහමේ ආභාෂයෙනි. මේ නිසා
සිංහල භාෂාවේ පෝෂණයට බුදු සමයත්, බුදු සමයේ පෝෂණයට සහ සිංහල
සාහිත්‍යයේ පෝෂණයට ප්‍රාකෘත සිංහල භාෂාවත් සම්බන්ධ විය. ඒ මගින් භාෂාවේ මෙන්ම
සාහිත්‍යයේ ද පෝෂණය ඇති විය.
අපේ පැරැණි සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරුලිපි, ආදිය ලියවුණේ ද ප්‍රාකෘත සිංහලයෙනි. ඒවාද අපේ
පැරැණි සාහිත්‍ය කෘති ලෙස හැඳින්විය හැකිය. එම සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු
ලිපි ආදියෙන් ඇරැඹුන සිංහල සාහිත්‍යයේ නැගීමක් අනුරාධපුර යුගයේදීම දැකගත හැකිය.
එමෙන්ම සිංහල භාෂාවේ ද දියුණුවක් මේ යුගයේ පැවැති බව පාලි භාෂාවෙන් ලියෑවී තිබූ
බුද්ධ ධර්මය සිංහල භාෂාවෙන් දේශනා කිරීමෙන් පැහැදිලි වේ.
බුදු සමය ලංකාවේ ස්‌ථාපිත වූවායින් පසුව අනුරාධපුර
යුගයේදී රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක් අදටත් දැකගත හැක. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස, හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස, සියබස්‌ලකර, දම්පියා
අටුවා ගැටපදය,
කේශධාතු වංශය, එළු දළදා
වංශය, හෙළ සූත්‍ර එයින් කිහිපයකි.
අනුරපුර මුල් යුගයේ රචනා කරන ලද ග්‍රන්ථ නටබුන් වී
ඇතත් එකල සිටි කවියන් පිළිබඳව ද සඳහන්වේ. සක්‌දාමල, අසක්‌දාමල, දැමිය, බෑබිරිය, දළ බිසෝය, අනුරුද්ධ කුමාරය, දළගොත් කුමාරය, දළසලකුමාරය, කිත්සිරි කුමාරය, පුරවඩු කුමාරය, සූරියබාහුය, කසුප්තොට ඈපාය, යන මේ
දොළොස් මහා කවියන් ගැන සඳහන් වීමෙන් මේ යුගයේ සිංහල සාහිත්‍යයේ සුවිශේෂ වර්ධනයක්
තිබුණ බව කිව හැකිය.
අනුරාධපුර යුගයේ මැද භාගයට පමණ අයත්වන සීගිරි ගී
දෙස බැලීමේදී ද පැහැදිලි වන එක් කරුණක් ඇත. මේ යුගයේ ගී සාහිත්‍යයේ හා සිව්පද
සාහිත්‍යයේ සුවිශේෂී නිර්මාණකරුවන් සිටි බවය. එකල භාෂාවේ ස්‌වරූපය සීගිරි ගී වලින්
ප්‍රකට වේ.
"නිල් කට්‌රොල් මලෙකැ
ඇවුණු වැටි කොල්මල් සෙයි
සැන් දැග සිහි වන්නෙයි
මහ නෙල් මල් අතිනි ගත්
මෙම ගී ලියා ඇත්තේ සීගිරි අප්සරාවන් ගැනය. එයින්
එක් කවියෙකුට සීගිරි අප්සරාවන් පෙනුනේ නිල් කටරොලු මලක අමුණන ලද වැටකොලුමලක්
සේය. මහනෙල් මල් අතින්ගත් ඇය සැන්දැවේ සිහිවන බව ඔහු කියයි.
තවත් කවියකුට සීගිරි අප්සරාවන් පෙනෙන්නේ වඩා
වින්දනාත්මක අංශයෙනි. ඔහුට සීගිරි අප්සරාවන්ගේ දත් පෙනෙන්නේ පලන ලද කොමඩු ගෙඩියක
ඇට සේය. කොමඩු ගෙඩියක වැගිරෙන්නේ පැණිය. එය ඔහුට සීගිරි ලලනාවන්ගේ මිහිරි වදන් ලෙස
පෙනෙයි. ඇයගේ දිගු ඇස් පෙනෙන්නේ කොමඩු පෙත්තක් සේය. ඇයගේ එම මනහර දැක්‌මෙන් සිත්
මුසපත් නොවන්නේද? යන්න ඔහුගේ වින්දනාත්මක අදහසයි.
මෙයින් පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ සිංහල සාහිත්‍යයේ
තවත් ප්‍රබෝධාත්මක කාලපරිච්ඡේදයකි, පොළොන්නරු
යුගය, මේ යුගයේ ලියෑවුණු ග්‍රන්ථ රචනා කොට ඇත්තේ බෝසත්
සිරිත හා බුදුගුණය තේමා කරගෙනය. මුව දෙව්දාවත, සසදාවත, යන ග්‍රන්ථ ගී කාව්‍ය අංශයට ඇතුළත් වේ. ඒ අනුව ගී
කාව්‍ය අංශයේ දියුණුවක් ද තිබී ඇත.
මෙකල සිටි ප්‍රකට පඬිවරයෙකි ගුරුළුගෝමී ආචාර්යවරයා.
බුදුගුණ වර්ණනා කරමින් ග්‍රන්ථ රචනා කොට ඇත. සිංහල සාහිත්‍යයේ එන අසම සම ප්‍රේම
කථාව අන්තර්ගත වන්නේ ධර්ම ප්‍රදීපිකාවේය. එම කතාවෙන් සිංහල භාෂාවේ මෙන්ම සිංහල
සාහිත්‍යයේද සංවර්ධනාත්මක අවස්‌ථාව හා රස වින්දනය ද කාව්‍ය රචනා ස්‌වභාවයද මනාව ප්‍රකට
වේ.
ජානකී හරණ සන්නය, කාව්‍යාදර්ශ සන්නය, මේඝදූත
සන්නය යන ග්‍රන්ථද පොළොන්නරු යුගයේ රචිතය.
දඹදෙණි සාහිත්‍ය යුගයද බුදුසමය පදනම් කර ගනිමින්
සිංහල සාහිත්‍යයේ නැඟීමක් සිදුවූ ආකාරය පැහැදිලිවේ. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව, දඹදෙනි
කතිකාවත, යන මේ ග්‍රන්ථ රචනා කළ අග්‍රගණ්‍ය පඬිවරු දඹදෙණි
යුගයේ ප්‍රකට වෙති.
දඹදෙණි යුගයෙන් පසු කුරුණෑගල යුගයේදී සිංහල බෞද්ධ
සාහිත්‍යයේ එන විශාලතම ග්‍රන්ථය වන පන්සිය පනස් ජාතික පොත ලියෑවිණි. මෙයට තේමා
වූයේ බෝධිසත්ව චරිත කතාවන්ය. මෙය මිනිස් ජීවිත විවරණය කරන මහා සාහිත්‍ය ග්‍රන්ථයක්
විය. එයට අමතරව සිංහල බෝධිවංශය උම්මග්ග ජාතික පොත, දළදා පූජාවලිය, අනාගත වංශය, දළදා සිරිත, දඹදෙණි
අස්‌න, ථුපවංශය, ආදී ග්‍රන්ථ
ද මේ යුගයේදී රචනා කර ඇත.
මේ අනුව බලනවිට අනුරාධපුර යුගයේ සිට කුරුණෑගල යුගය
දක්‌වා සිංහල බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ දියුණුවක් නැගීමක්, ප්‍රබෝධයක් දක්‌නට ඇත. මේ සෑම ග්‍රන්ථයක්‌ම රචනා
කර ඇත්තේ බුදු දහමේ ආභාෂය ලබමින්ය. සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ තුළින් එකල ග්‍රන්ථ
කතුවරු බලාපොරොත්තු වූයේ බුදු දහම පදනම් කරගෙන සාරධර්ම පිරි සමාජයක් ගොඩනැඟීම බව
ඉතා පැහැදිලය.
ගෝනගල සුමංගල හිමි
පාලි හා සිංහල සාහිත්‍යයේ පෝෂණයට බුදු සමයෙන් ලද ආභාෂය
වවුනියාව , මඩුකන්දේ
ශ්‍රී‍්‍ර දළදා විහාරයේ
කුරුඳුගොඩ
පඤ්ඤාසාර හිමි
මිහිඳු
මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ ඇති වූ බෞද්ධ සංස්කෘතියේ ආභාෂය
මෙරට බිහි
වූ සියලු අංශ කෙරෙහිම බලපෑම් කරන්නට විය. එය මනාව ප්‍රකට කරන කරුණක් ලෙස
අක්‍ෂර
කලාවත් ඒ සමඟ බිහිවන පාලි හා සිංහල සාහිත්‍යත් දැක්විය හැකිය. බොහෝ රටවල ඇති
සංස්කෘතිය පිටුපස කිසියම් ආගමක් තිබෙනු දක්නට ලැබෙයි. ඒ අතරින් ද ලාංකික සංස්කෘතිය
වැදගත් වන්නේ එය සම්පූර්යෙන්ම බෞද්ධ සංස්කෘතිය වීම නිසාය. ක්‍රමවත් වූත් විධිමත්
වූත්
භාෂාවක් ඇති වී ලක්වැසියාගේ භාෂණය මෙන්ම ලේඛණය ද මනාව පුබුදු කරවන්නට විය.
මිහිඳු
මාහිමියන් හඳුන්වා දුන් බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් පෝෂණය වූ හෙළ බසින් පාලි ත්‍රිපිටකයට
අටුවා ග්‍රන්ථ
සම්පාදනය විය. පසුකාලීනව බුද්ධඝෝෂ වැනි භික්ෂූන් වහන්සේට පාලි අටුවා
රචනා කිරීමේ දී
අනුබලයක් වූයේ ද එම හෙළ අටුවාවන් ය. එම හෙළ අටුවාවන් නම්,
1.
මහා අට්ඨකතා
2. මහා පච්චරිය අට්ඨකතා
3. කුරුන්දි අට්ඨකතා
4. අන්ධක අට්ඨකතා
5. සංඛේප අට්ඨකතා යි
මෙම
හෙළ අටුවා හදාරා බුද්ධඝෝෂ හිමියන් විසින් විශුද්ධි මාර්ගය නම් වූ සුවිශේෂී ග්‍රන්ථය
රචනා
කරන ලදී. එබඳු කෘති කිහිපයක් මෙලෙස හඳුනාගත හැකිය. එනම් පුරාණ එළුසඳැස් ලකුණ, පැරණි
මියුරු සඳෙස, කෙස්දා කව, සිංහල
දළදා වංශය, පුරාණ සිංහල බෝධි වංශය, අසකදා කව, සිංහල
සූත්‍ර පිටකය ආදියයි.
අනුරාධපුර යුගයට අයත් පැරැණිම සිංහල සාහිත්‍ය ග්‍රන්ථය ලෙස
සැලකෙන්නේ සියබස්ලකරයි.
“පෙදෙන්
බුදු සිරිත බසින් වත් සිරිත්ඈ
පද යුතු බසින් නම් ඈ අනතුරු ලකුණු දක්වමි”
පද්‍යයයෙන්
යමක් රචනා කිරීමේදී බුදු සිරිත ද ගද්‍යයෙන් යමක් රචනා කිරීමේදී වත්පිළිවෙත් ද
ඉදිරිපත් කිරීමට සිංහල සාහිත්‍යකරුවාට අත්වැලක් වූයේ මෙම සියබස්ලකර නම් කෘතියයි.
පාලි
මහාවංශය,
දාඨාවංශය, බෝධිවංශය, කේස ධාතු වංසය ආදි කෘතීන්ට මුල්වී ඇත්තේ ද සිංහල
ග්‍රන්ථයන් ය. පාලි
රසවාහිනිය ලියවෙන්නේද සිංහල රසවාහිනියට අනුවය. දම්පියා අටුවා ගැටපදය,
මුල්සිඛ, සිඛවලද විනිස ආදියද මෙම යුගයට අයත්
ග්‍රන්ථයෝ වෙති.
වලගම්බා
රජ දවස ත්‍රිපිටකය ලේඛනගත වීමත් සමග මෙරට පාලි ත්‍රිපිටක සාහිත්‍යයක් ද බිහිවිය.
පාලි ත්‍රිපිටකයේ උන්නතිය උදෙසා මහා විහාරික භික්‍ෂූන් වහන්සේගේ දායකත්වය ඇතිව
සුවිශේෂි
අටුවා ග්‍රන්ථ සමූහයක් රචනා විය. විසුද්ධි මාර්ගයෙන් ආරම්භ වන එය ඉතා
දියුණු සාහිත්‍යයක්
බවට පත් විය.
1.
දීඝ නිකායට ලියූ සුමංගල විලාසිනි නම් වූ අටුවාව
2. මජ්ඣිම නිකායට ලියූ පපඤ්ච සුදනී නම් වූ අටුවාව
3.සංයුක්ත නිකායට ලියූ සාරත්ථපකාසිනි නම් වූ අටුවාව
4. අංගුත්තර නිකායට ලියූ මනෝරථ පූරනී නම් වූ අටුවාව
පඤ්චපකරණට්ඨ
කථා,
අත්ථසාලිනී, සම්මෝහ විනෝදනි ආදි
අටුවාවන් අභිධර්ම පිටක සඳහා
බුද්ධඝෝෂ හිමියන් අතින් රචනා විය.
මීට
අමතර,
බුද්ධදත්ත, ධම්මපාල යන භික්‍ෂූන් වහන්සේ
විසින් මථුරත්ථ විලාසිනී, විනය විනිච්ඡය,
උත්තර විනිච්ඡය ආදී අටුවා ග්‍රන්ථ රචනා කරන ලදී. ශාසනික මෙන්ම
දේශපාලනික හා සාමාජීක
ආදී තොරතුරු ද ඇතුළත් දීපවංශය ඉතා වැදගත් ඓතිහාසික කෘතියකි.
දීපවංශය, ආශ්‍රයෙන් මහා
වංශය නම් වූ ලාංකික අඛණ්ඩ ඉතිහාස
ග්‍රන්ථය බිහිවීය. සමන්ත පාසාදිකාව ද ඓතිහාසික
තොරතුරු ඇතුළත් එබඳුම ග්‍රන්ථයකි.
මහා බෝධිය ඇසුරු කරගෙන රචනා කළ බෝධි වංශයත්,
දළදා වහන්සේ
වස්තු කොට ගෙන රචනා කළ දාඨා වංශයත්, කේස ධාතුන් වහන්සේ
ඇසුරු කොට
රචනා වූ කේස ධාතු වංශයත් මහා ථූපය ඇසුරින් රචිත ථූප වංශයත්, ථූප වංශ වණ්ණනා යන
කෘතියත්, දෙවැනි මුගලන් රජු
විසින් රචනා කරන ලද දහම් කවි පොත සීගිරි ගී පොතත් ආදී
වශයෙන් වන කෘති බිහිවන්නේ
බුදු සමයේ ආභාෂයෙනි. විශේෂයෙන්ම අනුරාධපුර යුගය, අටුවා
මහත් රාශියක බිහිවීම සිදුවූ නිසා අටුවා යුගය ලෙස ද හැඳින්වීමට වියතුන් පෙළඹී ඇත.
අනුරාධපුර
යුගයේ දී හැරුණු විට බුදු සමය ඇසුරින් සිංහල සාහිත්‍ය පොළොන්නරු, දඹදෙණි
හා
කෝට්ටේ ආදි යුගවලද පෝෂණවූ අයුරු දක්නට ලැබෙයි. සන්න හා ගැටපද බිහිවීම අතින්
පොළොන්නරු යුගයට හිමිවන්නේ විශේෂ ස්ථානය කි. අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය, ජාතක සන්නය,
වෙසතුරු සන්නය, දාඨා වංශ සන්නය, සසඳා සන්නය, බෝධි වංශ ගැටපදය, ජාතක අටුවා
ගැටපදය ආදියෙන් ඒ
බව තහවුරු වේ. ගුරුළු ගෝමීන්ගේ බෝධි වංශයට ලියූ පරිකථාවක් ලෙස
බිහිවන ධර්ම ප්‍රදීපිකාව
ද බුදු ගුණ විදහා දක්වමින් ලියන ලද අමාවතුර ද විද්‍යා චක්‍රවර්තීන්ගේ
බුත්සරණ හා
දහම් සරණ ද දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද කවි සිළුමිණ ද විසුද්ධී
මාර්ග
සන්නය ද මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලිය ද ධර්මසේන හිමියන්ගේ
සද්ධර්මරත්නාවලිය ද අනෝමදස්සී හිමියන්ගේ සිදත් සඟරාව ද භද්‍ර නම් තෙරුන්ගේ
එළුසදෙස්
ලකුණ ද මෙම අවධියේ රචනා වූ ග්‍රන්ථයන්ට උදාහරණ වෙයි.
මීට
අමතරව,
ලක්වැසියා තුළ ආගමික ඥානය ඇතිකිරීමටත්, විවිධ
අවස්ථාවල බුදු දහම
අභියෝගවලට ලක් වූ අවස්ථාව ලද එම අභියෝග මැඩලමින් බුදු දහම ආරක්‍ෂා
කිරීමටත්, ශ්‍රද්ධාව
ජනිත කිරීමටත් ගද්‍ය, පද්‍ය සාහිත්‍ය කෘති රචනා කළ බව දක්නට ලැබේ.
මේ
නිසා ම කවි සිළුමිණ කවියා තම කෘතියෙන් ඒ බව මෙසේ ඉදිරිපත් කරන්නට විය.
කිවි
බවි කිවිදු මේ
කුසුම් සැපැත් එහි විපුල්
පෙළෙ බෝසත් සර
වැනුම් වියත් මුවේ පත්වේවා
කාව්‍ය
නමැති ගසේ,
කවිත්වය වනාහි මල් හට ගැනීමක් ලෙසත් බෝධිසත්ව චරිතය වර්ණනා කිරීම
එහි ගෙඩි හට ගැනීමක් ලෙසත් යනුවෙනි.
කුරුණෑගල
යුගයේ දී මෙන්ම ගම්පොළ යුගයේ දී බිහිවූ මයුර සංදේශය, තිසර සංදේශය,
සද්ධර්මාලංකාරය , එළු අත්තනගලු වංශය සහ නිකාය
සංග්‍රහයද බෞද්ධ චින්තනයෙන් පෝෂණය
වු කෘතීන්ට උදාහරණයෝ වෙති.
කෝට්ටේ
යුගය ද ලාංකික සාහිත්‍යට මහත් මෙහෙවරක් සැපයූ අවධියක් ලෙස සැලකෙයි. මෙම
යුගයේ මහා
කාව්‍ය,
ඛණ්ඩ කාව්‍ය, ගද්‍ය කාව්‍ය, සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, ශතක කාව්‍ය මෙන්ම
කෝෂ ග්‍රන්ථ සහ ඡන්දස් ග්‍රන්ථ රාශියකුත් බිහිවූ
යුගයක් ලෙස සැලකෙයි. ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ
හිමි මෙන්ම
වීදාගම මෛත්‍රී වැනි හිමිවරුන්ගෙන් බිහි වූ සාහිත්‍ය නිර්මාණයන් ට බුදු දහමින්
ලැබුණු
අනුබලය මැනැවින් ප්‍රකට වේ. මේ බව වඩාත් හොඳින් ප්‍රකට කිරීමට සිංහල සාහිත්‍යකරණයේ
නියුතු
කවියා තෝරාගත් වස්තු බීජයන් පැහැදිලි උදාහරණයෝ වෙති. මුවදෙව්දාවත ට මඛාදේව
ජාතකය
ද සසදාවත ට සස ජාතකය ද කවි සිළුමිණ කවියා කුස ජාතකය ද කාව්‍යශේඛර කවියා
සත්තු
භත්ත ජාතකය ද ගුත්තිල කාව්‍යට ගුත්තිල ජාතකය ද සඳකිඳුරුදා වත ට සඳ කිඳුරු
ජාතකය ද
වස්තු බීජයෝ වෙති.
බුද්ධ
කාලීන සිදුවීම් හා බුදු සිරිත වර්ණනා කිරීමේදී බොහී විට සාහිත්‍යකරුවා ගද්‍ය
ආකෘතිය
තෝරාගෙන ඇත. පුරිස දම්ම සාරථී ගුණය වස්තුකොට ලියූ ගුරුළුගෝමින්ගේ අමාවතුර
ත් පාලි
බෝධිවංශයට ලියු පරිකතාවක් වූ ධර්ම ප්‍රදීපිකා වත් බුදුන් හා දහම් සරණ යාමේ
ආනිශංංස
දක්වා විද්‍යා චක්‍රවර්ති ලියූ බුත්සරණත්, ධම්සරණත්, ධම්මපදට්ඨ කතාවේ හා වෙනත් කතාවස්තු
ආශ්‍රයෙන් ධර්මසේන හිමියන් ලියූ
සද්ධර්මරත්නාවලිය ත්, අරහත් යන බුදු ගුණය වස්තුකොට
මයුරපාද හිමියන් ලියූ පූජාවලිය ත් ඊට උදාහරණයි. බුදු සමය ඇසුරු කර ගනිමින් ලියන ලද
මෙම
සාහිත්‍ය කෘතිවලින් පරෝපකාරය සැලසීම මෙන්ම මෙලොව පරලොව යහපත් කර ගැනීමට
ධර්මෝපදේශ ඉදිරිපත් කිරීමත් සාහිත්‍යකරුවාගේ අපේක්‍ෂා අතර විය.
මේ
අනුව හුදී ජනයාගේ පහන් සංවේගය ඇති කිරීම සිංහල සාහිත්‍යකරුවාගේ අභිප්‍රාය වූ බවට
පහත සඳහන් උද්‍රතයන් ද උදාහරණ වෙයි.
බුදු
ගුණ අනන්ත බැවින් නව ගුණ හැම කියත් නො පිළිවන්. එහි පුරුස ධම්ම සාරථී යන පදය
ගෙනැ
අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම් වෙහෙරැ පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව් හි
සැරි
සැර විෂම පුරුසයන් දමා අමා මහා නිවන් පැමිණ වූ හෙයින් නොවියත් හුදී ජනයන්
සඳහා සිය
බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ.” (අමාවතුර)
“සුවයෙහි
මිහිර දන්නා දුක් හී දැඩිකම් දන්නා සදෙව් ලොව් හී සැපැත් අයත්නයෙන් විදුනා කැමති
බුදු පසේ බුදු මහ රහතුන් විදි නිවන් පුර වැද පිදුවන් අමා මහ නිවන් හී ඇය සිටවනු
කැමති
සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි බුත් සරණ යා යුතු” (බුත්සරණ)
“එසේ
හෙයින් යම් කෙනෙක් නුවණ මදත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගය උපදෙස් ලදින් බණ
දැන
පින් කමැ හැසිර නිවන් සාදා ගනිමින් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය
නම් වූ ප්‍රබන්ධයක් කරම්හ . “
(සද්ධර්ම රත්නාවලිය)
ගද්‍ය
කරණයේ දී පමණක් නොව පද්‍ය කරණයේ දීද සාහිත්‍යකරුවාගේ පරමාර්ථය වී ඇත්තේ
පරාර්ථ
සේවයත් සමාජය තුළ යහ ධර්ම ව්‍යාප්ත කිරීමත්ය. ගුත්තිල කාව්‍ය රචනා කළ වෑත්තෑවේ
හිමියන් පාඨකයාට ආරාධනා කරන්නේ මෙලෙසිනි.
ඉන්
මුනිඳු සිරිතින්
රැදි ඔබ සමා සතතින්
නුවණැතියෙනි බැතින්
බිබී තුටුවව් සවන් දෝතින්
මෙයින්
පැහැදිලි වන්නේ පොදු ජන යහපත සැලසීම පිළිබඳ වූ බෞද්ධ පරමාර්ථය ඇතිව කාව්‍ය
ග්‍රන්ථ
ද රචනාකර ඇති බවයි. යහපත් සමාජයක් බිහිකරලීමේ අපේක්‍ෂාව කතු හිමියන් සතුව
පැවැති
බවයි. එසේම දෙලොව යහපත් කරගැනීමට පින් රැස්කරගත යුතුය යන පූර්වාදර්ශය ද
ලබා දී ඇති
බවයි. පරාර්ථ සේවය පරමාර්ථ කරගත් මෙම ග්‍රන්ථවලට උපදේශාත්මක ස්වරූපයක්ද
බුදු දහමේ
ආභාෂය ඇතිව ඍජුව හෝ වක්‍රව ලබා දීමට සාහිත්‍යකරුවන් උත්සාහගෙන තිබේ.
ජාතක පොතේ හා
සද්ධර්මරත්නාවලියේ එන ඇතැම් කතා ඊට උදාහරණ ලෙස දැක්විය
හැකිය.අන්ධභූත ජාතකයේ
දැක්වෙන්නේ වයස්ගත පුරුෂයකු හා තරුණ කාන්තාවක අතර ඇතිවන
විවාහ ජීවිතයේ ඇති
අසාර්ථකත්වයයි. සද්ධර්ම රත්නාවලියේ එන මට්ටකුණ්ඩලී කතා වස්තුවේ
දැක්වෙන්නේ තම එකම
පුතාට වඩා ධනයට ආදරය කරන පියකුගේ පුත්‍ර ස්නේහය යටපත්ව වස්තු
තණ්හාව ඉදිරියට ආ
ආකාරයයි. බුදුගුණඅලංකාරය,
ලෝවැඩ සගරාව, දහම් ගැට මාලය, සුභාෂිතය
ආදිය ඍජුවම පුද්ගලයාට උපදේශනය දෙන ග්‍රන්ථයෝ වෙති.
ජීවිතයේ
නිස්සාරත්වය හෙළි කරමින් යහපත් ජීවිතයක් ගතකිරීමේ හා කුසල් රැස්කිරීමේ ඇති
වැදගත්කම පාඨකයාට අවධාරණය කිරීමට වීදාගම මෛත්‍රි හිමියන් ලෝවැඩ සඟරාවෙන් ලබා දෙන
උපදේශය ඉතා වැදගත්ය.
කරන
කලට පව මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇදින එපව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන් දොර අවකාසේ
උන්වහන්සේ
මෙහිදී පෙන්වා දෙන්නේ අමිහිරි විපාක ගෙනදෙන පව් කම්වලට නැඹුරු වීමට
කිසිවිටකත්
තුන් දොරට ඉඩ නොදිය යුතු බවයි.
භාරතීය
අලංකාරවාදයේ හා සංස්කෘත කාව්‍යයේ බලපෑම නිසා ඇතැම් කවින් ජීවිතය හා සමාජ
තත්ත්වය දැක්වීමේ
දී අද්භූතජනක හා සුබ පක්‍ෂය මෙන්ම සුන්දරත්වය යන කරුණු හුවා දැක්වීමට
නගර, වර්ණනා
ස්ත්‍රී වර්ණනා, ආදිය තම නිර්මාණයෙන් යම් පමණකින්
පෙන්නුම් කළද පුද්ගල
ජීවිතයේ හා සමාජයේ පවත්නා යථා ස්වභාව ද පෙන්වීමට ඔවුන් උත්සාහ
ගෙන ඇති අයුරු
දක්නට ලැබෙයි. ජාතක කතාවල දී ජීවිතයේ ඇති යථා ස්වභාව පෙන්වීමට
උත්සාහගෙන ඇත.
අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, උමංදාව, ගුත්තිලය, බුදුගුණඅලංකාරය , යන නිර්මාණ
වලින් සාහිත්‍යකනරුවාගේ නිර්ව්‍යාජත්වය පෙන්නුම් කරන අවස්ථා
බෙහෙවින් දැකගත හැකිය. එබඳු
තැන්වල ඇති වර්ණනා පොදු ජන ව්‍යවහාරයෙන් ගත් උපමා හා
ප්‍රස්ථා පිරුළු වලින් අලංකාර
කිරීමට උත්සාහ ගෙන ඇත. සද්ධර්මරත්නාවලියේ එන ථුල්ල
තිස්ස තෙරුන්ගේ කතා වස්තුව ආදිය
ඊට උදාහරණයි.
සිංහල
සාහිත්‍යකරුවා බුදු සමය තුළින් ලබා ඇති සංයමය විශිෂ්ටය. පිංගුත්තරයා හා දිසාපාමෝක්
ආචාර්යවරයාගේ දියණිය යන දෙදෙනාගේ මංගල රාත්‍රිය උමන්දාවේ දී සංයමයෙන් ඉදිරිපත්
කරන්නේ එනිසාවෙනි.
බුදු
දහමින් පෝෂණය ලැබූ සාහිත්‍ය අතර සංදේශ සාහිත්‍යට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. උදා
වර්ණනයක යෙදෙන හංස සංදේශ කවියා සදේ බැසයාම කියා ඇත්තේ පාඨකයා තුළ ත්‍රිලක්‍ෂණය
මෙනෙහි කරමිනි.
නොහැර
සසල බව කර දී අවරතට
එතර ඉඳුරු පැහැ පහවූ බැවින් බට
තුසර කිරණ බිගු රඟ ඇති රඟිනි දුට
මිතුර ගැඹුරු තිලකුණු සිහිවේය තට
සැලළිහිණි
සංදේශ කවියා ද කොන්ත ගං තොට ඇසුරින් මවන කාව්‍යමය චිත්‍රයද ප්‍රකට කරන්නේ
බුදු
සමයෙන් ලැබූ පෝෂණයයි.
පෙරව
සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
කොන්ත
ගං තොට පිළිබඳ කරන වර්ණනය ආශ්‍රයෙන් සත්වයාගේ සසර ස්වභාව ධ්වනිත කිරීමට
කවියා සමත්
වී ඇත.
කුමුදු
මල් පිපීමත්,
නෙළුම් මල් පරවීමත් යන කරුණු ආශ්‍රයෙන් සසර අනියත බව මැනැවින්
පෙන්වා
දී ඇත.
සාහිත්‍යකරුවා
බුදු සමය ඇසුරින් පෝෂණය ලැබූ සිංහල සාහිත්‍යයේ දිගහරින කතා පුවත් තුළ
කෙතරම් දුක්ඛ
දායක අවස්ථා දක්නට ලැබුණද ඒ අතරින් බොහෝ සාහිත්‍යාංග සුඛාන්තයක
ස්වරූපයෙන්
නිමාවීම් ද මෙහි ඇති සුවිශේෂි ලක්‍ෂණයක් වෙයි. වෙස්සන්තර ජාතකය අවසන්
වන්නේ දරුවන්, රජු හා
දේවිය සමඟ එක්වීමෙනි. රජුගේ හී පහරින් මියගිය කිඳුරා සක් දෙවි රඳුගේ
පිහිටෙන් යළි
ප්‍රාණය ලැබීමෙන් සඳ කිඳුරුදාව අවසන් වෙයි.
විවිධ
බාධක මධ්‍යයේ වුවද කුස රජ පබාවතිය සමග එක්වීමෙන් කුස ජාතකය නිමාවට පත්වෙයි.
මේ
උදාහරණ හැරුණු විට ජන කවි,
දහම් කවි, තේරවිලි කවි, ඔසු කවි, නැළවිලි කවි, සෙත් කවි,
ආදිය දෙස බැලීමෙන් ද පැහැදිලි වන්නේ
සිංහල හා පාලි සාහිත්‍ය පෝෂණය වීමෙහි ලා බුදු
සමයෙන් ලැබුණු ආලෝකයයි.
ලාංකික
සංස්කෘතියේ අනෙක් අංශවලට මෙන්ම සාහිත්‍ය විෂයෙහි ද එම ආලෝකය නොඅඩුව ලැබී
ඇත.
Comments
Post a Comment